මම ආසම කරන දේවල් මොනවද කියල ඇහුවොත් ඇත්තටමට මම 'ආසම නැති' ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එහෙම එකක් දෙකක් නැහැ....
උදාහරනෙකට ගත්තොත්...
කන්න ආස මොනවද කිව්වහම..
ඔන්න ඉතින් අඹ, අන්නාසි, මැන්ගුස් , වරකා, නාරං , අමු සියඹලා, ඇඹරල්ලා, ජම්බු, දොඩම්, ජම්බෝල, කොට්ටම්බා මදේ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට මදේ පවා ඉඳලා, පැලපි දක්වාම ගිහින්... ආ.. ඒ පලතුරු සෙට් එක විතරයිනේ!
තව ඉතින් කඩචෝරු කිව්වහම බිත්තර රොටියේ ඉඳන්, කොත්තු රොටි, ඇරබික් රොටි විතරක්ද.. බුරියානි, නාසුගුරාන් වගේ විකාර කෑමත් එක්ක සැලඩ් ජාති, බර්ගර්, සබ්මැරින් ( නෑ නෑ .. වෙලාවට ඒවා මුහුදේ යන ඒවා නෙවෙයි.. ඒවත් ළඟදීම කන තරමට තත්වේ උග්‍ර වෙලා) , ශවර්මා , තොසේ, වඩේ , පරෝටා, ඉඩ්ලි ( කතා කරන්න බෑ , කෙල උනනවා) එක්කම ඔක්කොම ඉන්දියන් කෑම ජාති එක පේලියට එන්නේ හරියට අර හත්පෙති මලේ පෙත්තක් කඩලා ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු ඉල්ලුවාම ඒවා ගඟක් වගේ ගලාගෙන එන විදියට! ඇයි අනේ ලිට්ල් ලයන් චොක්ලට් රෝල්!! ( ආ සොරි වෙන්න ඕනේ.. ලිස්ට් එක කියලා ඉවර උනා කියලත් අමතක උනා)
ඔන්න ඉතින් බලන්නකෝ ආස දේවල් කියන්න ගියාම වෙන නස්පැත්තිය! ඉතින් 'ඊයා... ඕනෙම දෙයක් ප්‍රමානෙට කරන්න' කියලා පිළිකුල් කලාට මම එහෙම්මම නරක ළමයෙක් නෙවෙයි...!
ඇති නේද මගේ බඩජහරි වරුණාව ? වැඩේ කියන්නේ මම ලියන්න ආවේ කෑම ගැන නෙවෙයිනේ!
මම ලියන්න ආවේ මගේ 'සරුංගල් අතීතේ' ගැන!
(දැක්කා නේද? සයිටම් ගැන කියන්න ගියාම අප්පොච්චි ගැන ලියනවා වගේ, දැක්ක නේද ගැලපුම?)
මම දන්නවා, මේ සරුංගල් කාලේ නෙවෙයි කියලා. අවුරුදු කාලේ හිතාගෙන හිටියා අවුරුදු ගැන ලියන්න.. කෝ කොහෙද මේ අවුරුද්දේ මට අවුරුදුත් නැති උන නිසා කිසිම මුඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙසක් කාලේ ගැනත් තිබ්බා රස වෑහෙන අතීත කතා පොට්ටනියක් දිගාරින්න. ඒකටත් ඉස්පාසුවක් නැති උනානේ. ඒ නිසා මම හිතුවා සීසන් එක එන්න කලින්ම පොස්ට් එක කොටලා දානවා කියල.