Monday, November 13, 2017

159. මැහුම් | saw through




බුමුතුරුණු වල,
මල්කම් කල සයන වල,
කුඩා - ලොකු මැස්මෙන්
මසමි ඉරුණු තැන්
එකින් එක....


ඒ මැහුම් අතර
සමහර තැන්වල
නොමැසෙන දාරවල
පැටලී වැටෙනු ඇත
ආදරය....




17 comments:

  1. ඊට නරකද.. ගන වාටියකට අල්ලා මසා දැමුවොත්.. ආදරය.. ආයේ නොපෙනෙන්නම?

    ReplyDelete
    Replies
    1. ඔය කියන ආදරේ නෙමෙයි යකෝ මේ කියන්නේ.. ඇද ඇතිරිල්ලේ ඇතිල්ලෙන ආදරේ ගැන.. හැක්

      Delete
    2. @කල්‍යාණ මිත්‍ර: වාටි මැසීමේදී සුමට වක්‍ර ඇතිවිය හැකිය. නමුත් ඒවා ඉස්තිරික්ක වලට බාධා කරයි.

      @දේශක යා : :-)

      Delete
  2. වසනු නොහැකි....මකනු නොහැකි ආදරය,,,,,

    ReplyDelete
    Replies
    1. මැකී මැකී ගියද වැසි නොයනා

      Delete
  3. හ්ම්ම් එහෙමත් වෙනෝ ආදරේට

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ඉතින් මොනවා වෙන්නද?

      Delete
  4. මොනවද හලෝ.. මටත් වඩා අන්තයි ඔයා..

    ReplyDelete
  5. කොහොමද ඉරුනේ ලඟදි ගෙනා පර්සියානු බුමුතුරුන?
    පෙරේදා ගෙට ගෙනා අලුත්ම අලුත් මල්කම් කල සයනය?
    ආදරේ බර වැඩිකමටද?
    දැනන් හිටියනං බෙර ගන්න තිබුනා මේ තුනම ....!!!
    දැන්
    සයනයත්
    බුමුතුරුනත්
    ආදරයත්
    ඉරුණු නැති උනු දේය!!!

    ReplyDelete
    Replies
    1. ඉරී , කිලුටුව ගිය දේ අහුලමින් ; සෝදමින් සොයන්නේ කවර අවසානයක්ද?

      Delete
  6. හරිම අපුරුයි ලිකිතා. ඉරුණු තැන වලට දමමුද මලකින් අණ්ඩයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..
      මල් අණ්ඩ තව දුකක් ගෙන එයිද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...