05.
---------------------------------------------------------------------------------------------
"හරි හරි... මාත් එනව"
මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.
"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "
මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු හොරයක්, කිචියක් වගේ දෙයක්.
"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"
මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.
"හ්ම්ම්... නම.. හ්ම්ම්.. නි-කි-ණි"
මගේ උගුර යන්තමට පැටලෙන්න ගත්ත.
"හ්ම්ම්?? තව මොනවද?"
"හරි අහිංසකයි බං . පව් කියල හිතෙනවා"
"මොකද පව්?"
"දන්නේ නැහැ"
ඇත්තටම මම දන්නේ නැහැ.
Tuesday, February 28, 2017
67. ඔබ ඇවිත් යන්න එන්න... - 05
Monday, February 27, 2017
66. ඔබ ඇවිත් යන්න එන්න... - 04
04
-----------------------------------------------------------------------------------
ඕනෑම වෙච්ච කොටසක් විතරක් කියල ජාඩියාව පොලිසියට යන්න එන්න කැමති කරවා ගත්තා. ඇයි දෙය්යනේ ක්ලාස් යන්න විදියක් නෑ කාඩ් නැතුව. ටික්කගේ පුස් රැස් බලනවට වඩා හොඳයි හොරෙන් රිංගන එක. එහෙම ගියොත් ටියුට් නෑ. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නෙක. අපි දෙබාන හැම ටික්කටම නෝට් නිසා ඒ වැඩේ කරන්නත් බෑ.
පොලීසියේ දොරකඩ හිටපු පොලිස් රාලහාමි අපි දෙන්නගෙම උඩ ඉඳල පහලටම බැලුවා. දැක්ක ගමන් කූඩුවට දාන මුණක්ද අපි දෙන්නට තියෙන්නේ?
"දවස් තුනකට කලින්?"
හරියට ඌ අහන්නේ උගේ දෙයක් මම දැක්කද වගේ.
"ඔව්"
මම පුළුවන් තරම් සප්ත ස්වරයන් එකතු කරලා කිව්වා.
"ආ.. අර මහයියාවේ වෙච්ච ඇක්සිඩන්ට් එකද? ඉතින් මොකද? ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ඒ මැඩම් වරද පිළිගත්තා; නඩු නෑ වැඩේ ගොඩ"
"එතැනදී මගේ පර්ස් එක නැති උනා"
"ඉතින් මම මොනවා කරන්ඩද? ඈ ?"
අනින්ඩ හිතෙනවා මුගේ හොම්බට.

Sunday, February 26, 2017
65. ඔබ ඇවිත් යන්න එන්න... - 03
03
-----------------------------------------------------------------------------------------------
" කෝ බන් චිරනි?"
මම හෝල්ට් එකේ බාර් එක උඩට නගින ගමන් ඇහුවා. චලන මගේ දිහා බැලුවා. මම අහක බලා ගත්තා.
".. උඹ එදා ලියුම වෙලාවට දුන්න නං මේ මුකුත් නෑ. උඹ නම් ගැලපෙන්නේ බකින්හැම් මාළිගාවේ වැඩට"
මම පාර දිහාවට බෙල්ල දික් කරන ගමන් දෙහි කැපුවා. පන්තිය ඇරිලා හෝ ගාල කට්ටිය ගලාගෙන එනවා. චිරනි තාම පේන්න නැහැ.
"හලෝ චලන.. මොකද්ද මෙතන කරන්නේ?"
කවුදෝ කෙල්ලෙක් සිරික්කියක් දාගෙන ආව. මම උඩ ගියා. අප්පටහුඩු ! මේ 'මූන් ලයිට්' නේද? මම ඇස්දෙක ලොකු කරලා ජාඩියා දිහා බැලුවා.

Tuesday, February 21, 2017
64. ඔබ ඇවිත් යන්න එන්න... - 02
02
------------------------------------------------------
"කලනයෝ.. උඹ ටවුමටද යන්නේ?"
"ඔහ.. ඔව්.. ඇයි ?"
මම කලිසමට බහින ගමන් උත්තර දුන්නා.
"හිටපන් මමත් එනවා"
මට හීන්දාඩිය දැම්ම.
"මම ටෙරන්ස් ලාගේ ගෙදර ළඟින් බහිනවා"
"කමක් නෑ "
මුව හලන්න විදියක් නෑ. කොහොල්ලෑ ගුලියක් වගේ. ඇත්ත.. ඌ නැතුව මටත් , මම නැතුව ඌටත් ගමනක් නැති තරම්.
"ආ.. අද දෙබානම හාන්න යන්න වගෙයි"
අපි දෙන්නා සාලෙට එනකොට අතුගගා හිටපු නංගි කිව්වා.
"ඇයි තමුසේ වගේ කොසු නැටුම් දදා ඉන්න කියලද අපිට කියන්නේ මේ සොඳුරුබර ඉරිදා දවසේ? රටේ ලෝකේ කොතරන් නම් රාජකාරි වැඩ තියෙනවද අපිට?"
"මම නොදන්නවය. ඔන්න අපේ පන්තියේ කෙල්ලන්ට නම් පැණි පෙරලා අහුවෙන්න එපා හරිද. මට ලැජ්ජාවේ බෑ "
"අනේ තමුසෙලගෙ පන්තියේ ඉන්නවනේ මහා ලොකු බඩු ? ඕවටද ඕයි බඩු කියන්නේ"
මම නංගි එක්ක කොක්කක් දාගන්න අතරේ චලනයා ගිහින් අම්මගෙන් ගානක් කඩාගෙන ආවා.
"මේ.. ඉක්මනට එනවා හරිද? අද වැට කපලා සුද්ද කරලා මිදුල ටිකක් හදන්න ඕනේ හවසට"
නංගිගේ ඕඩර්ස් රැසයි.
"ඕව කරගන්නවා තමුසෙට මිනිහෙක් ගෙනාපු දාකට"
කොස්ස ඉස්සෙන්න කලින් අපි දෙන්නම පැන්නා පාරට. නුවර පැත්තට අද්ද අද්ද තිබ්බ බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අද නම් දෙන්නටම එක සීසන් එකයි.

Sunday, February 19, 2017
63. ඔබ ඇවිත් යන්න එන්න... - 01
01
එකපාරටම හෙනයක් වැදිලා වගේ ගැස්සුන මම ඇහැරුනේ උතුර දකුණ හොයාගන්න බැරුව. ඇස්දෙක පොල්ගෙඩි සයිස් එකට ඇරලා වටපිට බැලුවමයි මට සිහිය ආවේ, මම තාමත් සිලෝන් ටකරන් බස් එකේ! බ්රේක් පාරට බෙල්ල කඩාගෙන නින්දේ හිටපු මගේ හොක්ක සමතලා නොවුනේ නූලෙන්..
බස් එක ඇතුලේ මහා කලබලයක්. ඔක්කොමල්ල දොර දිහාට පොරකන්නේ එකම කසුකුසුවක් එක්ක.
".. හැප්පිලා හැප්පිලා.... කවුද හැප්පුනා...."
ඔක්කොමල්ල දුවන්නේ හරියට මේ දැන් මතුවෙච්ච රත්තරන් ඉල්ලමක් බලන්න යනවා වගේ. මමත් අතඇරියේ නැහැ. පොරකාගෙන සිද්දිය වෙච්ච තැනට ලං කරා. අපොයි... මම ආපු බස් එකටයි; ඉස්සරහ තිබ්බ වෑන් එකටයි මැද්දේ කවුදෝ යටවෙලා ගුලියක් වගේ ඉන්නවා. මට පෙනුනේ අත්දෙකක් විතරයි. එක අතක වලලක් තිබ්බා යන්තමට දැක්කා.
"වැඩක් නෑ.. මැරිලද කොහෙද"
චමින්ද කෙනෙක් තොල් පෙරලුව. මම පුරුෂ දහිරිය අරගෙන ඇතුලට එබිලා බැලුව. මිනිස්සු සිද්ධිය විග්රහ කරගෙන වටවෙලා ඉන්නවා විතරයි. ඒ අස්සේ බස් කාරයාට බනින්නත්, ගුටි අනින්නත් කට්ටිය ඕසෙට. මම පැත්තකින් දුවගෙන ගිහින් ඉඩ තියෙන තැනකින් ඇතුලට එබුනා. කොහෙවත් යන හැමදේටම හොට නොදා ඉන්න එක මටත් ඉතින් ඇඟට අමාරුයි වගේනේ.
".... කහ ඉර පෙනී පෙනී මේ ගෑනුන්ට අම්මප තියෙන හදිස්සියක්. බලනවකො අයිසේ.... මගේ ජොබ් එකත් ගහල යන මලදානයක් තමයි මේක. මගේ අතින් නම් කවදාවත්... මේ කවමදාකවත් බල්ලෙක් වත් හැප්පිලා නෑ අම්මප..."
බස් එකේ ඩ්‍රයිවර් තුන් මුන්නෙන් දාඩිය දාගෙන බෙරිහන් දෙන්නේ බයටද; තරහටද; දෙකටමද කියලා මට හිතුනා.
මම යටට නැවිලා, ඇතුලට රිංගලා මැරිච්ච කෙනා දිහා බැලුවා. එකපාරටම ඒ පොදිය යන්තමට හුස්ම ගන්නවා වගේ පෙනුනා. හෑ ! ආයෙත් එබිලා බැලුවා. ඒක ඇත්ත.. පපුව යන්තමට උස පහත වෙනවා.
"මැරිලා නැහැ... මෙයාට පන තියෙනවා..."

Monday, February 13, 2017
62. කතාවට කතාවක්
සමහර ප්‍රබන්ධ සත්‍යට වඩා ගොඩක්ම සත්‍යයි. සමහර සත්‍ය ප්‍රබන්ධ වලට වඩා විශ්මය දනවන සුළුයි. සත්‍යත් ප්‍රබන්ධත් අතරමැදි දේවල් මායාකාරී විදියට හිත රවටනවා.
නවකතාවක් කියන්නේ කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට නවකතා තුල අපිට අපිවම මුණගැහෙනවා. සමහර නවකතා තුල අතුරු කතා අතරේ අපේ මහා කතාවේ අක්මුල් විහිදිලා ගිහින් අපිව ඒ කතාවට බද්ද වෙනවා. කියවන්නා විතරක් නෙවෙයි... සමහරවිට ලියන්නී වන ලිඛිතාත් එහෙම මගේම කතාවල හිරවෙලා පැටලෙනවා.
සමහර වෙලාවට මමම මගේ කතා කියෝලා බලලා පුදුම වෙනවා. ඒ මගේ හැකියාව නිසා නෙවෙයි 'නරුම කෙල්ල! උඹ ඇයි ඒ විදියට ලිව්වේ' කියලා මටම දොස් කියාගන්න! ඉතින් ඒකෙන් කෙනිත්තිලා වරුවක් විතර ආයෙමත් ඒ කතාව ඇතුලේ මගේ කොටස් පෙරලා වෙන් කරන්න උත්සහ කරනවා, මම දන්නවා ඒ කතාවේ බාගෙට බාගයක් තියෙන්නේ මම මාව හොයපු වෙලාවල් කියල.
Tuesday, February 7, 2017
61. පරිනත
වොඩ්කා පුරුදු සුරතට
රා කටුවක්ව කුමකට
දම්පාටින්ම සඳවට
තරුවක් නොවෙමි අහසට
Sunday, February 5, 2017
Subscribe to:
Posts (Atom)