Showing posts with label නවකතා. Show all posts

Thursday, February 2, 2023
Announcement : උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව (E book )
මේ Blog එකේ මීට මාස ගණනකට පෙර පලවූ මගේ 'උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව E book එකක් වශයෙන් නිකුත් කරන්නට ලැබුණා.
පිටු 1240 කට වඩා දිග නවකතාවක් එය.
ගොඩාරියක් ස්තූතියි ඒ පොත මගෙන් මිලට ගත්ත හැමෝටම. තවත් කිප දෙනෙක්ම මගෙන් විස්තර අහලා තිබුණ නිසා මම මේ සටහන තබන්නේ ඒ හැමෝම වෙනුවෙන්.
ඔබට එයින් පොතක් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
1. මගේ inbox එකට message එකක් දාලා ගිණුමේ විස්තර ඉල්ලා ගන්න ( Direct bank transfer හෝ paypal වලින් ගෙවන්න පුලුවන් )
2. එම ගෙවීමේ සහතිකයේ පින්තූරයක් සමඟ ඔබේ email address එක මට message කරන්න.
3. දිනක් ඇතුලත ( පැය 24 ක්) ඔබේ email එකට අවශ්‍ය තොරතුරු සියල්ල ලැබෙනු ඇති.
එපමණයි!
- වෙනත් ඇප් එකක් හෝ මෘදුකාංගයක් අවශ්‍ය නොවේ
- ඩේටා වැඩිපුර කැපෙන්නේ නැත. සරලයි.
- E book එක expire ( කල් ඉකුත්වීමක්) නොවන නිසා පොත සැමදාම ඔබට තබාගත හැකිය.
- ඕනෑම තැනක සිට දුරකතනයෙන් පවා කියවිය හැකිය.
- ISBN සහිත කතාවක්.
ලිඛිතා මංජරී
මේවා ඒ වගේ :
උන්මාද චිත්‍රාදෝ මා,
නවකතා,
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා
Monday, March 27, 2017
87. ඔබ ඇවිත් යන්න එන්න... - 23
23
---------------------------------------------------------------------
මගේ කරුමෙකටද මන්දා අල්විස් කාරයා ඔෆිස් එකේ නැහැ. දැන් මේ අස්වීම දෙන්නෙ කාටද?
"කරැණාරත්න. කෝ මිස්ටර් අල්විස්?"
"සර් හොස්පිට්ල් එකේ"
"මොකක්?"
මම වටපිට බැලුවා
"....මෝචරියෙද?"
කරුණාරත්නත් වටපිට බලන ගමන් හොදටම හිනා උනා.
"...මොකක්ද අමාරැව?"
"ලිවර් එකේ මොකක්ද අමාරුවක් තියෙනවනේ. බීලම හදාගන්න කරැමක්කාර ලෙඩනෙ සර්"
මගෙ බඩ දාලා ගියා. යකෝ මමත් බිව්වා. මටත් හැදෙයිද?
මම තවත් හිතන්නෙ නැතුව දෙවෙනි තට්ටුවට යන්න ලිෆ්ට් එකට නැග්ගා. කෙලින්ම නතර උනේ නිකිනිගෙ ඔෆිස් එකේ දොර ගාව. නිකිනිව බලන්න පුදුම ආසාවකින් හිටියේ. බය නැතුව මම දොරට තට්ටු කරලා තත්පර තිහකින් විතර ' කම් ඉන්' කියලා ඇහුනා.
මම දොර ඇරගෙන ඇතුලට යනකොට මොකක්දෝ කල්පනාවකින් වගේ හිටපු නිකිනි හොදටම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. මම දොර වහලා කෙලින්ම එයා දිහා බැලුවට නිකිනි මගේ මූණ බලන්න බැරුව එහෙ මෙහෙ බලනවා.
"මට මේක සයින් කරලා දෙන්න. "
මට දැනුනේ මහා දුකක්. මම කොච්චර ගින්දර දුන්නද මේ අහිංසක කෙල්ලට? මම ඈ දිහා බලාගෙන ඉන්නකොට කෙල්ල හොඳටම බයෙන් ගැහෙන්න ගත්තා. වෙව්ලන බව පෙනුනේ නිකිණි අතට ගත්ත ලියුමත් වෙව්ලනවා පෙනුන නිසා. අපි දෙන්නට දෙන්නා කතාකරගන්න බැරුව. මම කරපු තකතීරු වැඩේ ගැන මටම හරි අප්සට්. නිකිණි දැන් හිතන්නේ මම ඉන්නේ තරහින් කියලා වෙන්න ඇති.
නිකිණි අහක බලාගෙන ගොලුවෙක් වගේ මට පුටුව පෙන්නුවේ මහා දුකකින් වගේ. මම වාඩි උනේ ඇස්දෙක අයින් කරන්නෙම නැතුව. අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දේ එකිනෙකාට ඇහෙන තරම් ලොකු නිහඬ බවක් තමයි මට දැනුනේ.
'මේ ඉන්නේ මගේ මුළු ජිවිතේ නේද? පිස්සුවෙන් වගේ මම ආදරේ කරන නිකිණි නේද?'

කරුණාරත්න මාව දැකලා හිනාවේගන ආවා. ඒ කියන්නෙ චලන ඒ තරං කරූ ෂේප් කරගෙන.
"සර් හොස්පිට්ල් එකේ"
"මොකක්?"
මම වටපිට බැලුවා
"....මෝචරියෙද?"
කරුණාරත්නත් වටපිට බලන ගමන් හොදටම හිනා උනා.
"...මොකක්ද අමාරැව?"
"ලිවර් එකේ මොකක්ද අමාරුවක් තියෙනවනේ. බීලම හදාගන්න කරැමක්කාර ලෙඩනෙ සර්"
මගෙ බඩ දාලා ගියා. යකෝ මමත් බිව්වා. මටත් හැදෙයිද?
මම ආපහු ඔෆිස් එකට ගියා. ප්ලෑන් එකේ හැටියට මම අස්වෙන්න ඕන. දැං කොහොමද ඒක කරන්නෙ?
මම තවත් හිතන්නෙ නැතුව දෙවෙනි තට්ටුවට යන්න ලිෆ්ට් එකට නැග්ගා. කෙලින්ම නතර උනේ නිකිනිගෙ ඔෆිස් එකේ දොර ගාව. නිකිනිව බලන්න පුදුම ආසාවකින් හිටියේ. බය නැතුව මම දොරට තට්ටු කරලා තත්පර තිහකින් විතර ' කම් ඉන්' කියලා ඇහුනා.
මම දොර ඇරගෙන ඇතුලට යනකොට මොකක්දෝ කල්පනාවකින් වගේ හිටපු නිකිනි හොදටම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. මම දොර වහලා කෙලින්ම එයා දිහා බැලුවට නිකිනි මගේ මූණ බලන්න බැරුව එහෙ මෙහෙ බලනවා.
"මට මේක සයින් කරලා දෙන්න. "
මම
ලියුම නිකිනිගේ මේසෙ උඩින් තිබ්බේ එයා දිහා බලාගෙනමයි. නිකිනිගේ ඇස්දෙක
මගේ ඇස් එක්ක පැටලුනා. මට මේ කෙල්ලව මේ දැන් අරගෙන යන්න හිතයි.
මට දැනුනේ මහා දුකක්. මම කොච්චර ගින්දර දුන්නද මේ අහිංසක කෙල්ලට? මම ඈ දිහා බලාගෙන ඉන්නකොට කෙල්ල හොඳටම බයෙන් ගැහෙන්න ගත්තා. වෙව්ලන බව පෙනුනේ නිකිණි අතට ගත්ත ලියුමත් වෙව්ලනවා පෙනුන නිසා. අපි දෙන්නට දෙන්නා කතාකරගන්න බැරුව. මම කරපු තකතීරු වැඩේ ගැන මටම හරි අප්සට්. නිකිණි දැන් හිතන්නේ මම ඉන්නේ තරහින් කියලා වෙන්න ඇති.
නිකිණි අහක බලාගෙන ගොලුවෙක් වගේ මට පුටුව පෙන්නුවේ මහා දුකකින් වගේ. මම වාඩි උනේ ඇස්දෙක අයින් කරන්නෙම නැතුව. අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දේ එකිනෙකාට ඇහෙන තරම් ලොකු නිහඬ බවක් තමයි මට දැනුනේ.
'මේ ඉන්නේ මගේ මුළු ජිවිතේ නේද? පිස්සුවෙන් වගේ මම ආදරේ කරන නිකිණි නේද?'
Sunday, March 26, 2017
86. ඔබ ඇවිත් යන්න එන්න... - 22
22
------------------------------------------------------------------------
මුළු ගෙදරම අමු සොහොන් පිටියක් වගෙයි. මම වැඩ ඇරලා එන ගමන් වෙන ගමනක් යන්න පුරුදු උනේ ඒ නිසා. බස් එකෙන් බැහැපු ගමන්, පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බේ බාර් එකක් ඇතුලේ තිබ්බ රෙස්ටෝරන්ට් එකක්.
මම කෙලින්ම කොහෙවත් බලන්නේ නැතුවට ඇතුලටම ගිහින් එතන තියෙන අඳුරු මුල්ලක වාඩිවෙනවා. මුල දවස් දෙක තුනේ පොඩි චකිතයක් තිබ්බත්, මට දැන් මොකක් උනත් එකයි, ගෙදර ගියාම කබරයා දැම්මට චලන ඒ දවස් දෙක තුනේ නැන්දලාගේ ගෙදර ගිහින් හින්දා අවුලක් උනේ නැහැ.
සැනසීමක් නැති උනත් මට නිදහසේ බොන්න පුළුවනි. අරක්කු බොන්න බැරි මම ඔහේ උඩ බලාගෙන කොහොමහරි බියර් පොඩි බෝතලයක් බොන්න පුරුදු උනා. අරමුණක් ඇතුව නෙවෙයි, ඔහේ පාවෙන්න, ඔක්කොම අමතක වෙන්න මට තිබ්බ එකම විකල්පේ එච්චරයි. වෙරි වෙනකල් බිගන්න බැරි උනත් අමතක වෙන්න , මලා වගේ නින්ද යන්න ගානට බිගන්න පුළුවන් උනා.
චලන නැන්දලාගේ ගෙදර ගියපු නිසා මට කියාගන්න කෙනෙක් හිටියෙත් නැහැ. නිකිණි ගැන මෙහෙම දෙයක් මට කියාගන්න බැරි උනත්... ඌ විතරයි මට කියන්න ඉන්නෙත්. ඌ හිටිය නැති එකත් හොඳයි. නැත්තම් උගෙන් මට බේරෙන්න බැහැ , ඔක්කොම කියන්න වෙනවා. මේ විදිය හොඳයි.
මම හිටියේ ඇවිදින මළමිනියක් වගේ. අරෙහෙන් අල්විස් කාරයා මාව නොමරා මරනවා. ඌ මගෙන් ආතල් ගන්නවද කොහෙද. තුවාලේ පාර පාර ආයෙමත් කියෝනවා. අස්වෙනවද කියලත් මට තීරණේකට එන්න විදියක් තිබ්බේ නැහැ.

Monday, March 13, 2017
76. ඔබ ඇවිත් යන්න එන්න... - 13
13
--------------------------------------------------
'මොකද බාන්..... උඹගේ නරක තැනක්වත් කොහේ හරි වැදුනද.. හදිස්සියේම මාළිගාවේ දුවන්නේ?"
චලනයා මට පල් එක දානවා. අනේ අපොයි.. මගේ හිත 'ගිඩි-ගිඩි' ගානවා.
මම හිටියේ කලබලෙන්, ඒ වගේම සතුටෙන්. මට මේක චලනට කියන්න ඕනේ. කොහොමද කියන්නේ? ඌ මගේ ඔලුව කයි! ඌමනේ දවසක් හොඳවයින් මට කිව්වේ ආයෙමත් නිකිණි ගැන කතාකරන්නවත් එපා කියලා. ඉතින් මම මොන හිතකින් මූට කියන්නද? ටෙරන්ස්ව වත් සෙට් කරගන්න ඕනේ? එක්කෝ තනියෙමම යනවද?
"අප්පේ.... මොකද මේ වවුලා වගේ රෑට යන්න ලෑස්ති ගමන? ආදෙන්කෝ තාත්තා.. මම කියන්ඩ"
නංගිත් පටන් ගත්තා. චඃ.. සුපර්මෑන් වගේ උඩින්වත් යන්න තියෙනවා නම්?
"මොකද ලොකු මෑන් මේ හවස්වෙලා කොහේ යන්නද? දැන් තාත්තත් එයි. ඔන්න මට නම් බෑ උත්තර දෙන්න"
අම්මත් කියපි. දැන් ඉතින් කාපන්කෝ කේක් !
"චලන.. වරෙන්කො බන් මාත් එක්ක යන්න"
මම කරකියාගන්න දෙයක් නැති වෙච්ච නිසා කිව්වා. චලනයා බෑ කිව්වා.
"වරෙන්කො බන්"
චලනයා මගේ මුණ දිහා බැලුවේ 'තෝ මට දැන් කියපන් විස්තරේ' වගේ.
".. හරි හරි... මම යන ගමන් කියන්නම්"

Tuesday, March 7, 2017
72. ඔබ ඇවිත් යන්න එන්න... - 09
09.
------------------------------------------------------------
ඒ ලෙවල් ඇඩ්මිෂන් ඇවිත්. ඇඩ්මිෂන් අරගත්තට විභාගේ ලියන්නේ පොලිසියෙන්ද? වැඩ හතරම ලෙසටම එරිලා. මගේ ඔලුව නම් කම්මල වගේ. ඔක්කොම හිටියේ විභාගේ ගැනම හිත හිත; මම විතරක් හෝන්දු මාන්දු වෙලා. චලන හැම වෙලේම මාව උනන්දු කළා. වෙලාවකට මහා කරදරයක් වගේ දැනුනත් ඌ මාව තේරුම් අරගෙන හිටියේ.
"කෝ චිරනි"
"ආ..... එයා ලොකු අම්මලත් එක්ක කතරගම ට්‍රිප් එකක් ගියානේ. ඔයාට කිව්වේ නැද්ද?"
අදිතිගේ උත්තරේට මම මෝල්ගහ ගිල්ලා වගේ නිරුත්තර උනා. මම හිතුවා චිරනි මගේ ගාව ඉඳියි කියලා. මම වැටෙනකොට මාව නැගිට්ටුවයි කියලා.
මම පෙගිච්ච පොල්කිච්චෙක් වගේ හෝල්ට් එකේ බාර් එකට බරවෙලා බිම බලාගත්තා. මුන් ලයිට් එක්ක කතාවක් දාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ මගේ වෙනස දැකලා.
"... උඹ වරෙන් මම යන්නං "
මම චලනට එහෙම කියලා හෙමින් හෙමින් බස් එක තියෙන තැනට ආවා. ටෙරන්සුයි, බුරියයි, ගොමයයි ඉන්නවා.
"මොකද බන්... පලාලි ඉඳල එන පුකාරා ප්ලේන් එකක් වගේ. මොකද කෙල්ල වලිද?"
"මොන පිස්සුද බන්... ගෑනියි මිනිහයි වගේනේ මුන් දෙන්නා.."
ටෙරන්ස් කිව්වා. මම ඔරලෝසුව දිහා බැලුවා. පහටත් ළඟයි. බස් එකකුත් නැහැ.
"ටෙරන්ස් , උඹ පයින්ද යන්නේ?"
"යනවා නං යමු"

Monday, February 27, 2017
66. ඔබ ඇවිත් යන්න එන්න... - 04
04
-----------------------------------------------------------------------------------
ඕනෑම වෙච්ච කොටසක් විතරක් කියල ජාඩියාව පොලිසියට යන්න එන්න කැමති කරවා ගත්තා. ඇයි දෙය්යනේ ක්ලාස් යන්න විදියක් නෑ කාඩ් නැතුව. ටික්කගේ පුස් රැස් බලනවට වඩා හොඳයි හොරෙන් රිංගන එක. එහෙම ගියොත් ටියුට් නෑ. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නෙක. අපි දෙබාන හැම ටික්කටම නෝට් නිසා ඒ වැඩේ කරන්නත් බෑ.
පොලීසියේ දොරකඩ හිටපු පොලිස් රාලහාමි අපි දෙන්නගෙම උඩ ඉඳල පහලටම බැලුවා. දැක්ක ගමන් කූඩුවට දාන මුණක්ද අපි දෙන්නට තියෙන්නේ?
"දවස් තුනකට කලින්?"
හරියට ඌ අහන්නේ උගේ දෙයක් මම දැක්කද වගේ.
"ඔව්"
මම පුළුවන් තරම් සප්ත ස්වරයන් එකතු කරලා කිව්වා.
"ආ.. අර මහයියාවේ වෙච්ච ඇක්සිඩන්ට් එකද? ඉතින් මොකද? ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ඒ මැඩම් වරද පිළිගත්තා; නඩු නෑ වැඩේ ගොඩ"
"එතැනදී මගේ පර්ස් එක නැති උනා"
"ඉතින් මම මොනවා කරන්ඩද? ඈ ?"
අනින්ඩ හිතෙනවා මුගේ හොම්බට.

Tuesday, February 21, 2017
64. ඔබ ඇවිත් යන්න එන්න... - 02
02
------------------------------------------------------
"කලනයෝ.. උඹ ටවුමටද යන්නේ?"
"ඔහ.. ඔව්.. ඇයි ?"
මම කලිසමට බහින ගමන් උත්තර දුන්නා.
"හිටපන් මමත් එනවා"
මට හීන්දාඩිය දැම්ම.
"මම ටෙරන්ස් ලාගේ ගෙදර ළඟින් බහිනවා"
"කමක් නෑ "
මුව හලන්න විදියක් නෑ. කොහොල්ලෑ ගුලියක් වගේ. ඇත්ත.. ඌ නැතුව මටත් , මම නැතුව ඌටත් ගමනක් නැති තරම්.
"ආ.. අද දෙබානම හාන්න යන්න වගෙයි"
අපි දෙන්නා සාලෙට එනකොට අතුගගා හිටපු නංගි කිව්වා.
"ඇයි තමුසේ වගේ කොසු නැටුම් දදා ඉන්න කියලද අපිට කියන්නේ මේ සොඳුරුබර ඉරිදා දවසේ? රටේ ලෝකේ කොතරන් නම් රාජකාරි වැඩ තියෙනවද අපිට?"
"මම නොදන්නවය. ඔන්න අපේ පන්තියේ කෙල්ලන්ට නම් පැණි පෙරලා අහුවෙන්න එපා හරිද. මට ලැජ්ජාවේ බෑ "
"අනේ තමුසෙලගෙ පන්තියේ ඉන්නවනේ මහා ලොකු බඩු ? ඕවටද ඕයි බඩු කියන්නේ"
මම නංගි එක්ක කොක්කක් දාගන්න අතරේ චලනයා ගිහින් අම්මගෙන් ගානක් කඩාගෙන ආවා.
"මේ.. ඉක්මනට එනවා හරිද? අද වැට කපලා සුද්ද කරලා මිදුල ටිකක් හදන්න ඕනේ හවසට"
නංගිගේ ඕඩර්ස් රැසයි.
"ඕව කරගන්නවා තමුසෙට මිනිහෙක් ගෙනාපු දාකට"
කොස්ස ඉස්සෙන්න කලින් අපි දෙන්නම පැන්නා පාරට. නුවර පැත්තට අද්ද අද්ද තිබ්බ බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අද නම් දෙන්නටම එක සීසන් එකයි.

Monday, February 13, 2017
62. කතාවට කතාවක්
සමහර ප්‍රබන්ධ සත්‍යට වඩා ගොඩක්ම සත්‍යයි. සමහර සත්‍ය ප්‍රබන්ධ වලට වඩා විශ්මය දනවන සුළුයි. සත්‍යත් ප්‍රබන්ධත් අතරමැදි දේවල් මායාකාරී විදියට හිත රවටනවා.
නවකතාවක් කියන්නේ කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට නවකතා තුල අපිට අපිවම මුණගැහෙනවා. සමහර නවකතා තුල අතුරු කතා අතරේ අපේ මහා කතාවේ අක්මුල් විහිදිලා ගිහින් අපිව ඒ කතාවට බද්ද වෙනවා. කියවන්නා විතරක් නෙවෙයි... සමහරවිට ලියන්නී වන ලිඛිතාත් එහෙම මගේම කතාවල හිරවෙලා පැටලෙනවා.
සමහර වෙලාවට මමම මගේ කතා කියෝලා බලලා පුදුම වෙනවා. ඒ මගේ හැකියාව නිසා නෙවෙයි 'නරුම කෙල්ල! උඹ ඇයි ඒ විදියට ලිව්වේ' කියලා මටම දොස් කියාගන්න! ඉතින් ඒකෙන් කෙනිත්තිලා වරුවක් විතර ආයෙමත් ඒ කතාව ඇතුලේ මගේ කොටස් පෙරලා වෙන් කරන්න උත්සහ කරනවා, මම දන්නවා ඒ කතාවේ බාගෙට බාගයක් තියෙන්නේ මම මාව හොයපු වෙලාවල් කියල.
Subscribe to:
Posts (Atom)