Sunday, March 26, 2017

86. ඔබ ඇවිත් යන්න එන්න... - 22

22
------------------------------------------------------------------------

මුළු ගෙදරම අමු සොහොන් පිටියක් වගෙයි. මම වැඩ ඇරලා එන ගමන් වෙන ගමනක් යන්න පුරුදු උනේ ඒ නිසා. බස් එකෙන් බැහැපු ගමන්, පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බේ බාර් එකක් ඇතුලේ තිබ්බ රෙස්ටෝරන්ට් එකක්.

මම කෙලින්ම කොහෙවත් බලන්නේ නැතුවට ඇතුලටම ගිහින් එතන තියෙන අඳුරු මුල්ලක වාඩිවෙනවා. මුල දවස් දෙක තුනේ පොඩි චකිතයක් තිබ්බත්, මට දැන් මොකක් උනත් එකයි, ගෙදර ගියාම කබරයා දැම්මට චලන ඒ දවස් දෙක තුනේ නැන්දලාගේ ගෙදර ගිහින් හින්දා අවුලක් උනේ නැහැ.

සැනසීමක් නැති උනත් මට නිදහසේ බොන්න පුළුවනි. අරක්කු බොන්න බැරි මම ඔහේ උඩ බලාගෙන කොහොමහරි බියර් පොඩි බෝතලයක් බොන්න පුරුදු උනා. අරමුණක් ඇතුව නෙවෙයි, ඔහේ පාවෙන්න, ඔක්කොම අමතක වෙන්න මට තිබ්බ එකම විකල්පේ එච්චරයි. වෙරි වෙනකල් බිගන්න බැරි උනත් අමතක වෙන්න , මලා වගේ නින්ද යන්න ගානට බිගන්න පුළුවන් උනා.

චලන නැන්දලාගේ ගෙදර ගියපු නිසා මට කියාගන්න කෙනෙක් හිටියෙත් නැහැ. නිකිණි ගැන මෙහෙම දෙයක් මට කියාගන්න බැරි උනත්... ඌ විතරයි මට කියන්න ඉන්නෙත්. ඌ හිටිය නැති එකත් හොඳයි. නැත්තම් උගෙන් මට බේරෙන්න බැහැ , ඔක්කොම කියන්න වෙනවා. මේ විදිය හොඳයි.

මම හිටියේ ඇවිදින මළමිනියක් වගේ. අරෙහෙන් අල්විස් කාරයා මාව නොමරා මරනවා. ඌ මගෙන් ආතල් ගන්නවද කොහෙද. තුවාලේ පාර පාර ආයෙමත් කියෝනවා. අස්වෙනවද කියලත් මට තීරණේකට එන්න විදියක් තිබ්බේ නැහැ.



අද නම් ඒ ටිකවත් බොන්න බැහැ. ඒ උනාට මාව අඳුනගත්ත වේටර් සල්ලිත් අරන් ඇතුලට ගියේ 'හරි සර්' කියාගෙන. ටිකකින් ආපු බෝතලේ කඩලා කෙලිම්ම මම අතේ තියාගෙන උගුරු දෙක තුනක්  බිව්වා. ඔක්කොරේට එන්න වගේ.

මම ඇස්දෙක පියාගෙන පුටුවට හේත්තුවෙලා ටිකකින් ඇස්දෙක අරිනකොටම... මගේ ඉස්සරහ අත්දෙකත් ඉනට ගහගෙන බලාගෙන හිටියේ චලනයා. මට තරු පෙනුනා. ඌ එකපාරටම පැනලා මගේ කොලර් එකෙන් අල්ලාගෙන මාව බිත්තියට හේත්තු කරගත්තා.

"උඹ මොනවද %%$^%^& මේ කරන්නේ?"

"උඹට මොකටද මම මොනවා කලාම?"

මමත් ඒකටම හරියන ස්වරයෙන් කිව්වා. මාව පරඩෑලක් වගේ වැනෙනවා. මට වෙරිද?

"සර් මේ! මෙතන වැලි බැහැ හරිද? කරන එකක් එළියේ"

එතනට ආපු හැඩි දැඩි පොරක් කිව්වේ මරුමුස් මුනෙන්. චලනයා මගේ කොලර් එකෙන් ඇදගෙන එලියට ගෙනාවා. මාව නිකම්ම ඇදිලා ගියේ මෙලෝ පණක් නැති නිසා.

"කලණ..."

චලන මගේ දිහා බැලුවේ කම්පනයෙන් වගේ. උගේ ඇස්වල කඳුළු.

"...........මොකද යකෝ උඹට වෙලා තියෙන්නේ?"

"....."

මම බිම බලාගෙන හිටියේ මොකක් කියන්නද කියල හිතාගන්න බැරුව. චලන අදද නැන්දලාගේ ගෙදර ඉඳල ආවේ? තව සතියක් ඉන්නනෙ ගියේ?

"..කියපන්... මට කියපන් මොකද වෙලා තියෙන්නේ කියල &&%&^&%!! මම හිතුවා මේක ඉවරයි කියල. සතියක්.. දෙකක්... ඒත් නෑ ! උඹ දැන් බොන්නත් පටන් අරගෙන... උඹට බියර් බොන්න පුලුවන්ද යකෝ!!!"

චලන මාව තාප්පෙට තද කරලා අල්ලාගත්තේ මේ දැන් දඬු කඳේ ගහන්න වගේ. උගේ අත්දෙක වෙව්ලනවා. මම පැනපු ගමන් චලනව බදාගත්තා. වේල්ලක් කඩාගෙන ගියා වගේ හිතේ තිබ්බ දුක ගලාගෙන යන්න ගත්තා.

"අනේ චලන.. නිකිණි මාව රැවට්ටුවා.."

මම කෑගහලා අඬන්න ඇති.

"කියපන්.. කියපන්... මොකද උනේ?"

මට කතාකරගන්න බැහැ. චලනයා ත්‍රීවිලර් එකක් නතර කළා. මාවත් වත්තන් කරගෙන වගේ ඌ ඒකට නැගලා අන්තිමට බැස්සේ මහවැලි ගඟ හොඳට පේන පොල්ගොල්ල හරියක වෙන්න ඕනේ. ත්‍රීවීලරය ගියාට පස්සේ ඌ මගේ කරට අත දාල මාව අල්ලගත්තා. මම අස්සයා මැරුණු ජොකියා වගේ ඔහේ බලාන උන්නා.

"කියපන්.. ඔක්කොම කියපන් මට දැන්"

කොහෙන් පටන් ගන්නද දන්නේ නැහැ. ඔලුව පහලට හරවාගෙන කොහොම හරි, කිසි පිළිවෙලක් නැතුව උනත් මම වෙච්ච දේවල් කිව්වා. නිකිණි බැඳලා කියලා දැනගත්ත ගමන් ඌට 'මොනවා?' කියා උනා.

ඒ උනාට බාධාවක් නැතුව අහගෙන හිටියා. පැය කීයක් ගියාද දන්නේ නැහැ. දැන් අපි දෙන්නට එකිනෙකා පේන්නේ නැති තරමට කළුවරයි. ඒක එක අතකට පහසුවක්.

අන්තිම කොටස වෙනකොට චලන සක්මන් කරමින් අහගෙන හිටියේ. ඔක්කොම ඉවර වෙලා මම ලොකු හුස්මක් ගත්තම චලන මගෙත් එක්කම ගං ඉවුරේ වාඩි උනා.

"මචං...."

"...."

"උඹ මට බොරු කරපු එක ගැන මම දොසක් කියන්නේ නැහැ. උඹ බොක්කෙන් නිකිනිට ආදරේ කළා කියලා මම දන්නවා. මට තේරෙනවා බන් උඹ ඉන්න තත්වේ... මොකක් හරි කොස්සක් තියෙනවා බන් මේ කතාවේ... මේකේ ඇත්ත නැත්ත අපි හොයාගම්මු.. උඹ කාන්තිට කතාකලාද?"

"කෝල් කළා... නිකිණි ගත්තේ.. ආයේ ගත්තේ නැහැ මම. මට නිකිනිට කතාකරන්නවත් හිත හදාගන්න බැහැ බං "

"මම දන්නවා.. මට නිකිණි කතා කළා"

"කතා කළා! කවදද?"

"ඊයේ රෑ ,උඹ නිදි. වෙලාවට මම ඊයේ රෑ ගෙදර ආවා නංගි පණිවිඩයක් එවල තිබ්බ නිසා. උඹ දන්නේ නැහැ මම ගෙදර ඉන්නවා කියල නේ? මට විස්තරයක් කිව්වා නිකිණි. කවුද ඇත්ත කියන්නේ කියලා අපි හොයාගම්මු"

"නිකිණි ඔයාට මොනවද කිව්වේ?"

"එයා දන්නේ නැහැ මම හිතන්නේ උඹ අර මිනිහට මාට්ටු උනා කියලා. උඹ කතාකරන්නේ නැහැ කියලා පොලවේ පස් කෑවා......."
".............."
"...........ගැටේ කාගේ උනත්.. ගහපු එකා ලව්වම ලෙහවන්න ඕනේ. මම හිතන්නේ.. ඒකිගේ මිනිහා  ලෝක අන්ඩයෙක්!"

"ඒත් අර ෆොටෝස්?"

"අපි ඒවායේ ඇත්ත හොයාගම්මු."

චලනයි  මමයි ලොකු ප්ලෑන් එකක් ගැහුවා.

මගේ හිතට දැන් ටිකක් සැනසීමයි. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව මම අතරමන් වෙලා හිටියේ. බොරු කියන්නේ කවුද? මෙතන ගැටේ කාගේද කියලා හොයාගන්නකල් මට ඉවසුමක් නැහැ.

බලමු.....


-----------------------

සැලසුමේ හැටියට මමයි චලනයි එක විදියට ඇඳගෙන ගාමන්ට් එකට ගියේ වෙන වෙන වෙලාවල් බලලා. චලන ගියා ඔෆිස් එකට. මම ගියේ නිකිණි ඉන්න බිල්ඩින් එකට.

"කාව මුණගැහෙන්නද ?"

"නිකිණි මැඩම්ව "

"කවුරු කියලද කියන්නේ? අපොයින්මන්ට් එකක් දාලද?"

"මම චලන.. චලන ඇල්කඩුව කිව්වහම දන්නවා. මම අපොයින්මන්ට් එකක් දැම්මා"

"ආ.. හරි හරි... ඕකේ සර්.. සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියෙන කොරිඩෝවෙන් ඇතුලට ගියාම , අන්තිම රූම් එක"

මම ලිෆ්ට් එකෙන් දෙවැනි තට්ටුවට ගියා. පපුව 'ඩක් ඩක් ' ගගා ගැහෙනවා. බය වෙලා බැහැ. හොඳට රඟපෑවේ නැත්තන් ඔක්කොම වතුරේ.

මම දොරට තට්ටුවක් දානකොටම 'කම් ඉන්' කියලා ඇහුනා.

වෙව්ලන අතින් දොර ඇතුලට යනකොට මම දැක්කේ වාඩිවෙලා හිටපු නිකිණි ඉබේටම නැගිට්ටෙන හැටි. මුළු කාමරේම තිබ්බේ එයාගේ අර සුවඳ. මාව හිරි වැටිලා ගියා. නිකිණි මාව දැක්ක ගමන් මුණ හොඳටම වෙනස් උනා. අඳුරගත්තද ?

"ආ.. මම රැවටුනා.. අනේ.. කලණ කියලා.. රැවටුනා"

නිකිණි අමාරුවෙන් හිනාවක් නගාගන්නකොට මම හිරිවටිච්ච හිත පුළුවන් වේගෙන් පන ගන්න හැදුවා.

".. ඔය දොර ලොක් කරන්න චලන"

නිකිණි ටෙලිෆෝන් එකේ රිසීවර් එක අතට ගත්තා.

"ටාන්යා... මම ඉම්පොර්ටන්ට් මීටින් එකක. හදිස්සි කෝල් ආවොත් පණිවිඩේ තියාගන්න. "

නිකිනිගේ ඇඳුම් කිසිම පිළිවෙලක් තිබ්බේ නැහැ. කොන්ඩේ හොඳටම අවුල් වෙලා වගේ. මම මිට කලින් මෙහෙම නිකිනිව දැක්කේ මාධවී අක්කා එක්ක බැංකුවේ කැන්ටිමේ දකිනකොට විතරයි.

මට බලාගෙන ඉන්න බෑ. මම බිම බලාගෙන හිතට පුළුවන් හය්ය ගත්තා. මේ හැම දෙයක්ම යටකරගෙන වතුරේ ඔබපු රබර් බෝලයක් වගේ නිකිනිගේ ගැන තියෙන ආදරේ මතු වෙනවා වගේ. මම හිත තද කරගත්තා.

"අනේ චලන... කලණ අද වැඩට ආවද? කෝල් කලාට ආන්සර් කරන්නෙත් නැහැ"

"හ්ම්ම්.. ඔව්"

"මම ඊයේ ඔයාට කෝල් කරපු එක කිව්වද?"

"ඔව්"

"ඉතින් මොකද කිව්වේ?"

අනේ ඒ ඇස්දෙකේ පුදුම දුකක් තිබ්බේ. ෂික් ! මගේ හිත කඩාගෙන වැටෙන්න වගේ. ඒත් මම රඟපෑවා.

"ගණන් ගත්තේ නැහැ. මිනිහට තදවෙලා ඉන්නේ "

"තදවෙලා? අනේ ඇයි ? මම මොකද්ද කරපු වැරැද්ද?"

නිකිණි මේසයේ ඔලුව ගහගත්තා. උරහිස් ගැහෙනවා; ඒ කියන්නේ අඬනවා. දැන් මගේ පපුව පැලෙන්න වගේ. ඒ උනාට කරන්න දෙයක් නැහැ. මම ගලක් වෙන්න ඕනේ මේ වෙලාවේ.

".. අනේ චලන... එයාට මොකද උනේ? මම එයාට මොකක් කලාටද මට මෙහෙම කරන්නේ? අඩුමාගානේ මොකද මේ වෙනසට හේතුව කියලවත් කියන්න ආවේ වත් නැහැ. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නැහැ. කරූ ව බැනලා පන්නගෙන. අනේ දෙය්යනේ.. මම කොහොමද මෙහෙම ඉන්නේ... මට හිටියේ කලණ විතරයි..."

නිකිනිගේ ඇස්වලින් කඳුළු උතුරනවා. මගේ උගුර දැන් හිරවෙනවා. මට මේ කෙහෙල්මල් ප්ලෑන් එක බල්ලට දාල කෙලිම්ම කතාකරන්න හිතෙනවා. බෑ බෑ.. එහෙම බැහැ.. මාව ආයෙමත් මෝඩයා කරන්න දෙන්න බැහැ.

"කලණ.. මේක.. නතර කරයි"

නිකිණි තද කරලා එයාගේ යටිතොල හපාගත්තේ වේදනාවට වෙන්න ඇති. ඊට පස්සේ තද කරලා  ඇස්දෙක පියාගත්තා. ඇස්පියන් වැහෙනකොට කඳුළු උතුරලා ගියා.

"කලණට.. කියන්න.. තව එක වතාවක්... ඒකම එක වතාවක් මාව මුණගැහෙන්න කියලා"

"ආයෙමත් එයා එන එකක් නැහැ නිකිණි"

මම බිම බලාගෙන කිව්වා.

ඒ එක්කම සුලිසුලඟක් වගේ ලොකු සුසුමක් නිකිණි පිටකරලා ඔහේ බලාගෙන හිටියා. විනාඩි කිහිපයක නිහඬතාවක් අපි දෙන්නා අතරේ. නිකිණි තොල්පට තදකරගෙන අහක බලාගෙන ඉන්න ගමන් අතේ තිබ්බ යමක් මේසේ උඩින් තිබ්බා.

"එහෙනම්.. මේක දෙන්න...."

මාව හෙල්ලිලා යන්න ඇති. ඒ හින්දා මම වෙනත් පැත්තකට හැරුනේ වෙනසක් නොපෙනෙන්න.

"... එයාට... මාව එපා නම්.. මම තරහ නැහැ... කලණ තරම් මම ආදරේ කරපු කෙනෙක් මේ ලෝකෙවත් නෑ. අසරණ මට අඩුම තරමේ අනුකම්පා කලේ වත් කලණ විතරයි. මගේම දෙමවුපියන් උනත් අහකට දාල හිටපු මාව තමන්ගේම කරගත්තේ එයා විතරයි. මම ඒ මතක එක්කම මැරිලා යන්නම්. මේ මුද්ද  මට දුන්නේ එයාගේ පළවෙනි බෝනස් එකෙන්. මේ තමයි මට මුළු ලෝකෙන්ම වටිනාම තෑග්ග. මට මේක අයිති නැහැ දැන්. මම ඒකට පින් කරලා නැහැ. මගේ හිතේ තරහක් නැහැ චලන. එයා කවදාහරි තීරණයක් ගන්න ඕනේ. ඒත් චලන.. මට තව දෙයක් කියන්න තියෙනවා.."

"මෝ.. මොකද්ද?"

"මට බයයි කලණ ගැන.. චානක  මට තර්ජනය කළා. කොහෙන්දෝ හොයාගත්ත ෆොටෝ වගයකට මගේ මුණ දාල හදවලා... ඒවා මගේ පාර්ට්නර්ස් ලට පෙන්නනවා කියලා තර්ජනය කළා. අනේ මට බයයි කලණට මොකක් හරි කරදරයක් කරයින්ද කියලා.. මම ඔයාගෙන වැඳලා ඉල්ලන්නම්... කලණව චානකගෙන්  බේරගන්න... බේරිලා යන්න කියන්න.. අනේ මට හරි බයයි.. චානක මහා නරක මනුස්සයෙක්.. අනේ... ඔයාට කියන්න බැහැ සමහර දේවල්... මේ ගාමන්ට් එක ගන්න පිස්සුවෙන් වගේ මෙහෙම කරන්නේ. මට මේවා වැඩක් නැහැ චලන.. මට මේවා වැඩක් නැහැ..... මට දැන් නැතිවෙන්න දෙයක් නැහැ.. ජිව්තෙට කිසිම ආසාවක් නැහැ.. කලණ තමයි මට ජීවත්වෙන්න තිබ්බ එකම අරමුණ.. එයාව බේරගන්න චලන... මම වැඳලා ඉල්ලන්නේ එච්චරයි"

නිකිණි එක හුස්මට කියාගෙන ගියා.
මේ කියන්නේ ඇත්තද? මට ඒ පින්තුර ආයෙමත් මතක් උනා. නිකිණි කවදාවත් කළුපාට අඳින්නේ නැහැ. එහෙම කර කපපු බ්ලවුස් එකක් වත් අඳින්නේ නැහැ. ඒ හැම ඇඳුමක්ම කලුයි, කරවල් පළල්.

"චානක මොකටද පින්තුර හදවන්නේ?"

මම අන්තිම තුරුම්පුවත් ගැහුවා.

"චානක.. හරි අමුතු.. අමුතු.. හරි වලත්ත මිනිහෙක් චලන. මට මේවා ඔයාට කියන්න බැහැ... අඩුමගානේ මට කලණට වත් කියලා නැහැ.. මට ඒවා කියන්න බැහැ... ඒවා... ඒවා හරි තුප්පහි වැඩ.... මට ඒවා කියන්න බෑ දෙය්යනේ... ඉඳල හිටලා ෆ්ලැට් එකට කඩාගෙන පනිනවා... මේපාරත් ඇවිත් මට හොඳටම ගහලා ගියා..."

මම හොඳට නිකිනිගේ මුණ දිහා බැලුවා.. ඔව්නේ දෙය්යනේ.. එක කම්මුලක් ඉදිමිලානේ.. අත්දෙක දිගට ඇඳලා තිබ්බ නිසා අතේ වෙළුම පෙනෙන්නේ නැහැ. මට දැන් මාර අප්සෙට්. ඒ උනාට මේකත් බොරුද?

".. කලණට මේ මොකවත් කියන්න එපා. එයා දුක් වෙයි. මේවා කියලා එයාගේ තීරණේ වෙනස් කරවගන්න ඕනේ නැහැ. එයා තීරණයක් ගත්ත නම්.. හිතලානේ ගන්න ඇත්තේ. මම ආයෙමත් කරදර කරන්නේ නැහැ කියන්න.. "

නිකිණි ගොත ගහමින් කිව්වේ බිම බලාගෙන. නිකිණි වෙන්න බැහැ.. එයා බොරු කියන්නේ නැහැ.. මගේ හිත මට කෑගහලා කිව්වා.

"නිකිණි...."

නිකිණි එකපාරටම ඒ ඇමතුමට ගැස්සුනා. මම මේසේ උඩ දිග ඇරිලා තිබ්බ අත උඩින් යන්තමට අත තිබ්බා. නිකිණි පුටුවත් පෙරලාගෙන නැගිට්ටා.

"චලන.. ඔයාට මොකෙක් වැහිලද?"

මම ගැස්සුනා. ඔව් මම කලණ නෙවෙයි..

"මට ඔයාව විස්වාසයි"

"ක.. කරුණා කරලා යන්න. මගෙත් එක්ක තරහ වෙන්න එපා.."

මගේ රඟපෑම මට මතක් උනේ එතකොටයි. නිකිණි ඇස්ගෙඩි ලොකු කරගෙන , බිරන්තට්ටුවෙලා බලාගෙන ඉන්නවා. නිකිණි කියන්නේ අර අල්විසයා කියන ජාතියේ කෙනෙක් නම් මෙහෙම හැසිරෙනවද? මගෙත් එක්ක කවදාවත් නිකිණි මාව පොළඹවන්න හැසිරිලා නැහැ නේද?

මම ඉක්මනට නිකිනිගේ කාමරෙන් එලියට ආවේ හිත හොඳටම සනීප උනා වගේ දැනුන නිසා.

මම ගෙදර ගියේ නොඉවසිල්ලෙන්. ගෙදර යනකොට චලනයා ඇවිත්. අපි දෙන්නම මංකොල්ලකාරයෝ දෙන්නා වගේ කාමරේට වැදිලා දොර ලොක් කරගත්තා. 

"මචංමොකද උනේ?"

"උඹ අවුල් කරගත්තේ නෑනේ?"

"මොකද උනේ කියහං?"
"ඉස්සෙල්ලා උඹ කියපං"

" කියපං හු$#@$#$"

චලනයාට හිනා ගියා. 

"මේ බලපං"
"චලන ලියුම්කවරයක් අරගෙන ඒකෙ තිබ්බ ඔක්කොම ඇදට හැලුවා. ස්ටුඩියෝ එකක ලියුම්කවරයක්. ඒ තිබ්බේ අර පින්තූර ටික. මට හම්බානක අවුල්. චලනත් දැක්කද ඒවා.  

"මේන් බලපං වැරදිලා ඇවිත්"
එතන තිබ්බ පින්තූර වලින් එකක් අරගෙන චලන මගේ ඉස්සරහට අතඇරියා. මම ඒක අතට ගත්තා. ඒකෙ හිටියේ නිකිනි නෙවෙයි. මම පින්තූරගොඩ අවුස්සලා ඒ වගේම අනිත් පින්තූරේ හොයා ගත්තා. දෙයියනේ මේ පින්තූරේ හදවලා බොහොම  ලස්සනට. මගේ ඇගේ මාලු නැටුවා. 

"වනචර බල්ලා! $##%%$^%"

"මම හිතුවා ඌ ඕක තමයි කරන්න ඇතිතේ කියලා."
"කියපං ඌ මොනාද කිව්වෙ? කොහොමද මේක ගත්තෙ? "
"අතේ ප්ලාස්ටරේට පින්සිද්ද වෙන්න උඹේ ඉලව් ඔෆිස් වැඩ ටික නම් ⁣මගෑරගත්තා. උඹ මහ තකතිරුවෙක්නේ යකෝ. මම කරුණාරත්නගෙන් අහගත්තා ඔක්කොම. "

"මොන?"

"අර පියන්!"
"ඈ.. මට එකෙක්වත් විස්වාස කරන්න බෑ බං ඒ මගුල් ඔෆිස් එකේ. අර පරයා මාවත් ගොනාට ඇන්දුවේ කරැණාරත්නවත් පාවිච්චි කරලා."
"නෑ බං.  මුල් දවසෙම ඌ කියලා උගේ නම තිලකරත්න කියන්න කියලා. තිලකරත්න කියන එකා කාගෙත් හිතවතා වගේ එකෙක්ලු. නුවරඑළියේ බ්‍රාන්ච් එකට මිනිහව මාරැ කරලා තියෙන්න ඊට දවසකට කලින්. කරෑ අල්විසාට කැමති නෑ. "

මම අහගෙන හිටියේ වේදනාවෙන්. 

".... වැඩේ මේකයි මචෝ.  කරූ දන්නවා උඹල දෙන්නගෙ සීන් එක. ඌ ඒකට සපෝට්. ඒ උනාට මචං උගේ කටින් පැනපු වචනෙකින් තමයි උඹව මාට්⁣ටු වෙලා තියෙන්නෙ. ඌට මාර අවුල්. එදා උඹව නුවරඑළියේ ගෙනියනකොට උදේ තමයි වෙලා තියෙන්නේ, ඇවිල්ලත් තියෙනවා ඒ ගැන කියන්න. බැරි වෙලා. ආයෙමත් කියන්න හදපු හැමවෙලේමත් උඹ එලවගෙන. ඌ හොටු පෙරාගෙන අඩ අඩ මම උඹය කියලා හිතාගෙන සමාවත් ඉල්ලුවා මචං. මමත් උඹ වගේම රගපෑවා පෑවිල්ලක්!
මට දැන් ටික ටික පැහැදිලි වෙනවා වගේ. කරැණාරත්න එදා මම යන්න හදනකෙටෙ පස්සෙන් ආවා තමයි. පලවෙනි දවසේ එහෙනම් ඔච්චර ගොතගැහුවේ අල්විස්ගේ නම වහපු නිසාද? ඔව් මම එනකල් රැකගෙන හිටපු එකත් අමුතුයි තමයි.

"තව තව දේවල් තියනවා"
"මොනවද"

"ඌ අර අල්විසා උඹට දැල එලපු හැටි. එදා ගියපු නුවරඑළි මීටිම බොරූ  එකක් ඌ කියන හැටියට. ඩයිවර් කියලා එතනට ආවෙත් එහෙ බාන්ච් එකේ උන්ලු. අල්විස්ව කාටවත් පේන්න බැරිලු"
මට මහා වෙහෙසක් දැනුනා. 

".......ඌ උඹට ඇමක් දුන්නෙ. ඉදපං මමත් ඌට රජ ඇමක් දුන්නා. "

"මොකක්ද?"
"ඌ දැන් හිතාගෙන ඉන්නෙ උඹත් ඌ වගේ නොම්බර එකේ වලත්තයෙක් කියලා. ඌට ඕන සල්ලි. තව දෙයක්...."
"මොකක්ද?"
"උඹ අප්සට් ගහන්න එහෙම එපා. පිස්සෙක් වගේ දගලන්නත් එපා. එක්කො ඔන්න ඔහේ.."
"කියපං දැන් මගේ යකා අවුස්සන්නෙ නැතුව"

"මේකා කීප සැරයක්ම නි-කි-නි-ව.... මි..නිස්සුන්ට.. වී-කු-ණලා තියෙනවා"


මගේ ඔලුව කලු ගලක වැදුනා වගේ තරු විසි උනා. 

"වි.. වි විකුණලා ? ඒ කියන්නේ බං ?"

"උගේ බිස්නස් වාසි වලට මිනිස්සුන්ට බලෙන් දීලා.... පොලිටික්කොන්ට... ඉන්වෙස්ටර්ස් ලට..."

මගේ ඇස්දෙක නිලංකාර වෙලා ගියා. මොනවද මම මේ අහන්නේ? ඇත්ත වෙන්න පුලුවන්ද? අරූ සල්ලි නැති මිනිහෙක්ද?

".....ඌ හිතාගෙන ඉන්නෙ උඹටත් විකුනන්න පුලුවන් වෙයි කියලා"

මම අත්දෙක ඹලුවෙ ගහගෙන ඇද උඩට කඩාගෙන වැටුනේ ඉබේටමයි. 
නිකිනිගේ අතපය වල සමහර තැන්වල තිබ්බ කැලැල් මට මතක් උනා.  දෙයියනේ මූ ට හෙන ගහන්න එපැයි.

සල්ලි වලට තමන්ගෙ ගෑණි විකුණනවද සිහියක් තියෙන මිනිහෙක්? ඊටත් කන්න බොන්න නැතිකමටද? ඌ නිකිණි ගෙන් පලි ගන්නවද? දෙයියනේ එහෙම කරන්නෙ කොහොමද ඒ වගේ කෙනෙක්ට? මට දැන් පුලුවන් අල්විසාට පිහියෙන් ඇනලා උනත් මරලා දාන්න. ඒ තරම් දුකක්, ආවේගයක් ආවේ.
"...... උඹ හෙටම අස්වීමේ ලිපිය යවපං.  මම කිව්වා වැඩේ කෙරෙන්නෙ ඒ විදියට කියලා."

"..............."

"උඹේ ඔය ඉමෝෂනල් මුණ හදාගනින් හු#$#! වලත්තයෙක් වගේ හැසිරියන්. මම ඌව ඒකට කොහොමහරි නම්ම ගත්තා. ඊට පස්සෙ ඉතිරි ටික බලාගම්මු"
මම සාක්කුවේ තිබ්බ නිකිනි ආපහු දුන්න මුද්ද අතට ගත්තා. මට නිකිණි කිව්වෙ ඇත්ත. ඒ මිනිහා තිරිසනෙක්. නිකිණි ඉන්නෙ අපායක.

මම කවදහරි මේ අපායෙන් නිකිනිව එලියට ගන්නවාමයි.

*****************************


10 comments:

  1. එහෙම කියලා බෑ.... උදේම ඇවිල්ලා බලන්නේ ඔයා කතාව දාලද කියලා .......

    ReplyDelete
    Replies
    1. දවසම මෙව්වා උනාය කියලා චෝදනා කරන්න එහෙම ඔට්ටු නැහැ හරිද? අම්මෝ අර කලණයා රිමාන්ඩ් කළා කියලා මට බැන්න තරමක්!

      anyway thanks

      Delete
  2. හැමදාම ලියපන් හොඳේ , හැමදාම කමෙන්ට් නොකලට හැමදාම කියෝනවා , හොම්බ තලා ගන්න වැඩ කරන්න හදන්න එපා අරී

    ReplyDelete
    Replies
    1. මෙන්න මළගිය පරාන කාරයෙක් ඇවිත්!
      කියෙව්වට කෝ ඉතින් මම දන්නේ කොහොමද? හරි හරි.. කොමෙන්ටු හිගාකන්න බෑනේ.. දාන්න බැරිනම් නිකා ඉන්න. ඒ උනාට හොම්බට අනින්න ආවොත් නම්.. චලනට කියලා ගස්සවන්නේ හරිද?

      Delete
  3. උඹ පලයන් මල්ලි.. අවුලක් උනොත් මාත් ඉන්නවා මරාගෙන මැරෙන්න හරි.. :))))

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින්.... කලණගෙන් මැරුම් කන්න තමයි දැන් ඔය...

      Delete
  4. දැන් නම් වැඩේ යන්නෙ හරිම දරුණු තාලෙට නේ...

    ReplyDelete
    Replies
    1. ගනු කඩුව.. එනු සටනට!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...