Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, November 22, 2020

244. රස රහස


 

 

 

දිලි දිලී දිලෙමි මම , නුබ ගැබක එක්තරා
සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා
වෙලි වෙලී දැවෙන පෙම , බලා උන් ගත නුරා
බැලි බැලී රසය කිම , මිහිරි මී පැණි උරා  

මේඝයක ඉමක වූ බලා සිටිනා වැස්ස
වේදයක ලියා නැත වෙලා සිටිනා පවස
නාදයක පාව ආ මුලා කරනා පිණිස
පාදයක තවම ඇත සලිත කරනා රහස

Monday, September 30, 2019

230. සුපෙම් කොත මත











හමන මදනල අතර බිහිවුන සුසුම් නිම්නය විසිරුවා
බිඳෙන ඉපදෙන වලාකුළු ඇත නුබ පුරා සිතුවම් මවා
මැවෙන මිරිඟුව ඈත සිට ඇත මා නමින් කෙම්බිම දවා
යදින අයදින දෝත ගෙන මම සිඹිමි තොල්පෙති වෙව්ලවා

පියුම් නොපිපෙත රැළිති විල'දර කුමුදු මල්පෙති කලතමින්
සිතුම් කිසිදින නොහැර යනු ඇත සුසුම් මෙන් මා ප්‍රාණයෙන්
රිදුම් තවරන ඔබේ රුවමයි මැවෙන්නේ සිත කකියමින්
සුපෙම් නොලබා සොහොන්කොත මත තබා යන්නෙමි ප්‍රේමයෙන්




Inspired by:https://dumimda.blogspot.com/2019/04/116.html

229. කරදරකාර සුළඟ ~~








අනේ පලයන් යන්න සුළඟ!
ඇහුවෙත් නෑ මම උඹෙන් වගතුග,
නලව නලවා අතන පොඩි සීනුව
දුකෙන් වග ඈ , මට කියන්නේ කුමට?

ජර්බරාස් මල් ; මම අදත් දුටුව
මොකට ගෙනියන්නේද උඹ ඒ සුවඳ?
නිකන් හිටපන් විකාර නොකර!
ඈ උනත් කැමති ඇති දැන් - මේ නුහුර

 වැඩක් නම් තියෙනවා මිතුර
උඹ කරනවා නම් ඉතින් නියම!
වෙලාවක පුළුවන් උනොතින් එහෙම
ඈ යවන සරුංගල
ගෙනත් දෙනවද හොරකම්කර??



----

Tuesday, September 17, 2019

228. ආදර සිපිරිගෙය තුල



ඝන අහස කලුවර
වසා ඇති බොහෝ 
නිම්න කදු මාරක අනතුර...
තරු එලිය පවා රවටන
පාවෙන කැට කැබිලිති
අත පොවන සැනෙක බාඳුර...

දුක් දොම්නසින් පෙරවුන
එකම පොඩි කෙම්බිම 
නුඹ මා පෙමින් සිරකල...
අතැර කොයි යම්ද තනිකර
මියෙමි ඔබ දෙපා පාමුල
අවසන් සුසුම සිරකර....



~~~මන්ජි 

Monday, September 2, 2019

227. ගැයෙත මේ ගී




මන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ
බැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ
අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ
සින්ද සළුවෙක වහංවී ඉඳ සිතර තිසරුන් මුලාවේ

නෙළුම පෙතිමත තුෂර ඉසිලන සුරත් බැඳ බඳ වෙලෙන්නේ
පෙළුම නොපෙලෙත ගැයුම අමයුරු තරුත් විඳ වැද දිලෙන්නේ
සැළුම මී පැණි තුඩ'ග බඹරිදු විලත් සොඳ සඳ පිරෙන්නේ
කැළුම තබමින පෙමක මතකය පෙලත් රතු රත ලෙසින්නේ




~~~ මන්ජි

Thursday, August 15, 2019

225. තොටියෙකුට බිරිඳව





කෑල තුරු අග මුමුණ මුමුණා - රහස් කියනා බඹරුනේ
දෑල ගඟ ; ගං දෙපස රඳනා - පහස් සොයනා විලසිනේ
සේල මුදමින කොඳුර කොඳුරා - දෑස් පෙළනා කිඳුරණේ
ආල තෙදිනා වරණ වරණා - දුරස් වී හිඳ ඉනු මැනේ

සලිත ගත මත ඉසෙන දියවර - නොවේ මා සිහි කරන්නේ
කලත ගඟ දිය ගැයෙන අමයුර - මැවේ පෙම් ගී ඉතින්නේ
මලිත ගිරවුනි ගයන සුමධුර - ගැයුම මා ගැන කරන්නේ
සුරත මා තුරුලටම ඉඳුවර - කියුම වෙද නොව වටින්නේ?



~~~ මන්ජි

Thursday, June 6, 2019

216. ලාබයක් නැති ආදරේ | pure love?



හොඳටෝම වෙහෙසවී
එයා එනකොට ගෙදර,
ජනේලෙන් බලාගෙන
ඉන්නවා දුකෙන් මම...

කකුල උඩ - නිකට
ඇස්දෙක ඔහුගේ - ඇස්වල
හොයනවා මම
'කෝ දැන් ඇතිය' කියනතුරු
(පොඩ්ඩක් තරහ ගත්තද.)

එලෙව්වට වතාවක්
දන්නවා ආයේ හැරී බලනවග ,
ඉතින් මම පස්සෙන්
එනව ඇඳ ගාවටම...

'අද දවස කොහොමද?
ඔයා උන්නම හදවතේ
මට නම් නෑ කිසිම පාළු...
දැක්ක එක ලොකු දෙයක්
මාත් එක්කම නේද යාළු ?'

කමක් නෑ හෙට උදේ
බත්ම කනවා ඔන්න..
මට බෑනේ කන්න දැන්
එයාටත් ඇති බඩගින්න..

මොකක් තිබුනත් ඉතින්
ඔයා මගෙනේ ඉතින්!



~~~ බල්ලෙකුගේය මේ හදවත





පසුව ලියමි : තදේටම උණ. මම කිව්වේ බල්ලෙකු නැති එකට සාංකාව.... උන් කොච්චර ලෙන්ගතුද...? ආදරේ උතුරා යන පොට්ටනි වගේ බල්ලෝ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම මම පැලෙන්න ඉරිසියයි! ඉරිසියයි කිව්වම පුදුම ඉරිසියයි......

Wednesday, June 5, 2019

215. ගිණුම | Lovemoney



ගණකාධිකාර තුමණි,
සත්තමයි මේ කියන්නේ..

කිසිම ගණුදෙනුවක්
කෙරුන්නෑ - මාස ගානකට.

ගනු කියා සැරසුනත් - අබග්ගය
දෙනු කියා කිව්වමුත් - අනතුරුය

මේ ගිණුම පෙරදිනේ
දවසකට විසි තිස් පාර,
නෑ! සමහර වෙලාවට
පැයකටම හත් අට පාර..
එහාටයි මෙහාටයි
ගණුදෙනුම කලානේ!
ඕන් ලයින් - ඔෆ් ලයින්
හර - බැරම කීයක්ද?

ඔබතුමාත් වතාවක්
අනතුරු ඇඟව්වත් එක්ක!

ගිණුම් දෙක තුනක් නෑ
එකම ගිණුමයි ඇත්තේ,
සන්තකේ මම දැම්මේ
මේ ගිණුමේ තමයි මයි!

පොඩ්ඩකට පුළුවන්ද
ලිපියකින් වගේ මට ,
ඔබතුමා ඉල්ලලා
යවන්නට...
දරුවන්ගේ තාත්තට
ගිණුම ගැන මතක්කොට!

- ආදර ගිණුම - හදවතේ ශාඛාව




Wednesday, March 13, 2019

206. අමල්බිසෝ || sailing





දළ රල පෙළ මැදින
ඔබ හසුරවයි ඔරුව,
පෙරලෙන්න නොදෙන වග
උදා ඉර ලෙස නිසැක..
සගයින්ට නැත ඉඩක්
වන්ට කිසි බිය කරුණ,
උන්ට ඇත සෙල්මුවා
රැකවරණ....

ලපටි පොඩි උන් එක්ක
වහල ඉගිලෙන පැලක,
කන්ට පිරියක් නැතත්
බැත උයා පිරිමසමි...

හසුවේද රනින් කල
මසෙක් - මා නැති දොහට?
රන් පොරව පිරික්සුම
නිසැක දිනනා උඹට,
මවාවිද කාසිපොදි ,
දෙවියන්ට හිතු ලෙසට ?

ගින්දරයි
මගේ පපුව!

මාළු ඇඹුලෙන් හදා
සම්බෝල ඔතාදෙමි,
ඒ උනත් මම උඹට...



~~මන්ජි

Monday, March 11, 2019

205. අළු මත මල් | recover




දළඹුවකු විලසින
නේක කපුටන්
- තුඩට හසුවී
ඇනී ; ගැළුවාය රුධිරය...

කෝෂක සුරැකිව
වෙළුමෙන් ඔසුව - ලදිනි - ඈ
සරන්නේ
නෙක පාට පියාපත් විදාගෙන!

~~~මන්ජි


ප.ලි:
අපි ජිවත් වෙන්නේ ළමා දිනයේදී බවුන්සර් දාගෙන පාටි දාන, අනිත් දවස් වලට කිරි දත් පෙන්න පෙන්නා , වැඩිහිටි සින්දු කියනකොට SMS ගහලා ඒ ළමයින්ගේ ළමා කාලය කෙලෙසන සමාජයක. සමාජයක සුරක්ෂිතභාවය පෙන්වන සාධක වලින් එකක් තමයි ඒ සමාජය තුල ගැහැණුන්ට සහ දරුවන්ට ඇති සුරක්ෂිතභාවය කියන කාරණාව. මම හිතන්නේ ලාංකික සමාජයේ ඒ කාරණාව දරුණු අන්දමින් පහලට වැටීගෙන යනවා කියන එක. එක පැත්තකින් බාලවයස්කාර මිනීමරුවන් සහ එවන් තත්වයකට පත්වෙච්ච දරුවෙක්ට සමාජය විසින් දක්වන අධි ප්‍රතිරෝධය හමුවේ ; කවදාවත් හැදෙන්න බැරි තත්වයට වැටෙන ගැහැනුන් සහ දරුවන්ගෙන් මේ සමාජය පිරිලා.

එහෙමත් කෙනෙක් තමයි අළු අතරින් නැගිටලා එන්නේ. ඒකත් මනුසත්බව ලබනවා වගේ දුර්ලභ කාරණාවක්. සමහර වෙලාවට අහම්බයක් වෙලා.

අහන්නත් දෙයක්ද, මිනිස්සු කවුරුත් දැන් මිරකල්ස් විශ්වාස කරන්නේ නැහැ !


Wednesday, March 6, 2019

204. ඇලෙනසුළු || sticky





පෙළන තරමට
 - තමයි
පාන් ගෙඩියක් රස!

කිම ඔරවන්නෙ මට??



Tuesday, February 5, 2019

199. පරණ පෙම්වතියට ලියමි... | over and out






කරුණාවන්ත මිනිස්දුවණිය

අඳේ ඉවරව බෝම කල්වෙයි !
පුරන්වූ ඒ බිම්කඩ
සින්නක්කර අයිති මටමයි!
ඇති දෙයක් වවාගෙන,
දෙන දේක වෙන දෙයක් බලාගෙන
ඉන්ට හැකිනම් හොඳයි!

බෝම පිං අයිතිවෙයි,
කුරුළු කොටහත් ඉවරයි...
නුඹට නම්
කොහොමත්ම තහංචියි...



~~~ මන්ජි 

Sunday, November 18, 2018

198. සෙක්කුව






මේ...
ඔබ දන්නවාද හිත ;
අකීකරුකම කියන්නෙම
ව්‍යාධියක් බව
ඔසුවක් කිසිදාක
පත්තියන් නොවන?

අරෙහෙට මෙහෙට
හිත
        හිත
   හිත
     හිත .... හිත
ගැස්මක් නැතුවම ඉන්නකොට
මට හිතෙන්නෙම,
හිතක් නැති උඹ
සෙක්කුවක තියාගෙන මම
කොට
      කොට
              කොට
                     කොට
එකතැනම කැරකෙන එක!




Thursday, November 8, 2018

195. සොඳුරු වැස්සට - දැවෙන කතරක්




හිමකිරම ලෙද සැලෙන පවනත  - හිරිගඩුව ගත සලිත කරවයි
වැහිබිරුම ඉල්මහට හිනැහෙත - කිරිගරුඬ ඉඟි පවා සලවයි
විලිබරව මුව නමන හිසමත - පෙම්බරව සිලිලාර පතුරයි
කල්මැරුව හිත සොඳුරු මුනිවත - පැහැබරව ගිනියමේ ඇවිලෙයි



~~~මන්ජි 

Tuesday, November 6, 2018

194. පුදුමයි | How come?



ඉතින් හරි පුදුමයි...
කාලය ගෙවුන හැටි ;
අපි හමුවුණු හැටි ;
මල් පිපුණු හැටි ;
ගින්දර පුළුන් ඇවිලුණු හැටි!


~~~මන්ජි

Monday, November 5, 2018

193. කොණ්ඩ කැවුම | beauty and the beast




කොණ්ඩ කැවුමකි පබවතට කී  - කුස කුමට කරවීද මල්කම්
චණ්ඩ ඈ කිකලක පැවැත්ති  - ඉස මුදාලු විටෙක මෙවුලම්
වන්ඩ ඇතුපිට වැඩමවන්නී - මිස කවර පෙම්දමක සුරුවම්
කෙන්ඩ පැණියෙන් සතපවන්නි  - දොස ඇතොත් සිතුවේද දුරුවෙම්

උනා වරලස මලින් හැඩකල  - සමන් මල් යහනත සොඳින්
සිනා උරමින රොනට මුසුකල - 'යමන්' තනුවක තත ලෙදින්
දනා නොදකින සිලිටි සරසුල - සෙමෙන් සිළුවේ ලෙලදෙමින්
පිනා හැරදා පියා දුරුවෙල  - තරුල් නොවැ සොමි උවනතින්



~~~මන්ජි

Thursday, October 18, 2018

192. සරළුවකට වඩා || nothing more in life than a spoon






විටෙක මා සිත කියයි
හැන්දක් පමණක්ය අවැසි මට ජිවිතයට...
හැකිය මට බුදින්නට අහර,
නැතිනම් බොන්නට මට නියමිත බෙහෙත.
තැලිය හැක නිදන මැස්සන් සැනින්,
නැතිනම් ගන්නට අවධානය මේසයට තට්ටුකල මොහොතින්.
පුලුවනිය දිගුකර චෝදනා කරනට දෙවියන්ට,
එලෙසම අනින්නට ඇතිතරම් හිස් අවකාශයට.
බැලියහැක හැන්දෙහි කැටපතින් මගේ කුඩා මුහුණ
දිදුලන අයුරු එහි මුහුණතින්,
නැතිනම් වසා දැමුමට එකැසක්
ලොවෙන් අඩකුත් අතුරුදන් වනතුරු.
හැන්දකින් හැකිය මට
නිදහසට ඇති බිංගෙය කණින්නට,
හැන්දක් පුරා කසළද
සඳ එලිය එකතුකළ ජිවිතයද
කෑලි කපන අඳුරට
දමාගැසිය හැකිය මට!


Oroginal Poem:
Richard Jones | The Spoon

Some days I think I need nothing
more in life than a spoon.
With a spoon I can eat oatmeal,
or take the medicine doctors prescribe.
I can swat a fly sleeping on the sill
or pound the table to get attention.
I can point accusingly at God
or stab the empty air repeatedly.
Looking into the spoon's mirror,
I can study my small face in its shiny bowl,
or cover one eye to make half the world
disappear. With a spoon
I can dig a tunnel to freedom,
spoonful by spoonful of dirt,
or waste life catching moonlight
and flinging it into the blackest night

 



Inspired by:
https://hotchocolatedays.blogspot.com/2018/10/blog-post_17.html

Wednesday, October 17, 2018

191. හිරවරණ || Umbrella







තණපත් අතර රැඳී
පිණිබිඳු සදිසි - පෙම
හිරු දකින සැනෙකින්
අතුරුදන් උන.....

මියයන්න පතාගෙන
වීසිකල කියා හිතෙන
දැව කොටය මත,

දිදුල දිදුලා
මා වෙනුවෙන්ම
ඒ දිය බිංදු රකින
හිරවරණ ලෙද!


~~~~මන්ජි

සුබපැතුම් !

Tuesday, August 7, 2018

188. නෑ || disconnected





දුරබනුව උඹ
ගොළුය ; බිහිරිය; අන්ධය...
මේ මහා කලබල
දවාලද , රෑක මෙන් නිසලය...
හිස පොවන හැම අතම
අළුය ; දුඹුරුය ; වියළිය...
ඒ පාර,
මල් වැටුනාට
හොඳටෝම අඳුරුය...

මේ කවි අතර
හිරකර නුඹ
තබාගන්නේ හේතු ඇතුවය...



~~මන්ජි

Tuesday, July 24, 2018

187. ඉදිබු || fraud




පුංචි රෙදි මල්ලකි

අතරින් පතර
මැහුම් දෙක - තුනකි ;

පතුලේ
කාසි දෙක - තුනකි ;

කොන්දොස්තර ඇසෙන්
සැඟවෙන - ලපටි දෙනෙතකි !



Related Posts Plugin for WordPress, Blogger...