Monday, November 5, 2018

193. කොණ්ඩ කැවුම | beauty and the beast




කොණ්ඩ කැවුමකි පබවතට කී  - කුස කුමට කරවීද මල්කම්
චණ්ඩ ඈ කිකලක පැවැත්ති  - ඉස මුදාලු විටෙක මෙවුලම්
වන්ඩ ඇතුපිට වැඩමවන්නී - මිස කවර පෙම්දමක සුරුවම්
කෙන්ඩ පැණියෙන් සතපවන්නි  - දොස ඇතොත් සිතුවේද දුරුවෙම්

උනා වරලස මලින් හැඩකල  - සමන් මල් යහනත සොඳින්
සිනා උරමින රොනට මුසුකල - 'යමන්' තනුවක තත ලෙදින්
දනා නොදකින සිලිටි සරසුල - සෙමෙන් සිළුවේ ලෙලදෙමින්
පිනා හැරදා පියා දුරුවෙල  - තරුල් නොවැ සොමි උවනතින්



~~~මන්ජි

6 comments:

  1. සෝක් කවියක් ලියන්ට තිබ්බ. ඒත් අර සට්ටඹියගෙ මූණ දැක්කම කවිසිත එහෙම්මම නිෂ්ක්‍රීය වෙලා ගියා නෙව බොල..:)

    ReplyDelete
    Replies
    1. ඕකට හින්දි නළුවෙක් නිලියෙක් දැම්මට දැනෙන එකක් නැහැ කියල හිතාගෙන ඕක පීරලා තෝරලා ගත්තේ. අනේ නළුකම මිසක් එන මොකක්වත් හිතන්න එපා රවී. එහෙම බැලුවාම ගන්න කියල එහෙමටම කලාකාරයෙක් ඇත්තෙම නැති එකේ..

      Delete
  2. පබවතට කුස එකළුවූදා ඇයට අමතකවිය කැවුම්
    සියලු රස වත පුරා තවරා ගෙනා අමරස විය නැවුම්
    කුසට පබවත නතුව ගියදා ඇයට අමතක විය රැවුම්
    පිරිමි කම තුල දියවගිය ඇගෙ හැඟුම් විය වස්දඬු ගැයුම්

    ReplyDelete
    Replies
    1. අපූරු කවියක්! ස්තුතියි...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...