Sunday, November 18, 2018
198. සෙක්කුව
මේ...
ඔබ දන්නවාද හිත ;
අකීකරුකම කියන්නෙම
ව්‍යාධියක් බව
ඔසුවක් කිසිදාක
පත්තියන් නොවන?
අරෙහෙට මෙහෙට
හිත
හිත
හිත
හිත .... හිත
ගැස්මක් නැතුවම ඉන්නකොට
මට හිතෙන්නෙම,
හිතක් නැති උඹ
සෙක්කුවක තියාගෙන මම
කොට
කොට
කොට
කොට
එකතැනම කැරකෙන එක!
Subscribe to:
Post Comments (Atom)
සිත වඩා සියුම්වූ තැන
ReplyDeleteරිදෙයි ගැටුනද හමන මද නළ වුවද.
මකුළු හුයෙකින් පවා
කැපී වෙන්වී ගලයි රතු ලේ දසත.
සියුම් බව වරදක්ද ?
දිවි හිමියෙන්ම එයයි උරුමය.
මිහිරි තම ස්වර මැවෙන්නේ
වෙණෙහි තත් සියුම් වූ තරමට මය . . .!
“Time, the moon, arguments, and, most of all, coins. All good things are circular.”
ReplyDelete― Kiersten White
Thanks
Deleteanna arun denna kellek pannala gedarin guti kala ispirithale. oya mehe balan innda.
ReplyDeleteකෝ.. කෝ... කවුද කවුද...
Deleteබලන්ඩ නේ?
මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com
ReplyDeleteThanks
Deleteමම මේ කල්පනා කලේ සෙක්කුව කියන්නේ මොකටද කියල...
ReplyDeleteඒකත් ඔය හුචක්කුව වගේ එකක් තමයි.
Deleteදැන් කවුද කොට??
ReplyDeleteඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි!
Delete