දිනකට පෙර...
කල්පනාවට වැටී සිටින රශිඳු දෙස මද වේලාවක් බලා සිටි රංග ඔහු වෙත දුම්වැටියක් පෑවේය. රෂිඳු එය අතට ගෙන අපහසුවෙන් සිනාවක් නගාගන්නට උත්සහ කළේය. අනතුරුව රංගගේ අත තිබුනු ලයිටරයෙන් දෙදෙනාම දල්වාගත් දුම්වැටි අතැතිව ඈත පෙනෙන ඉමක දෑස රඳවාගෙන නිහඬව මොහොතක් ගතකළහ.
දුම්වැටියෙන් එක උගුරක් ඉහලට ගත් රශිඳු හිඳගෙන සිටි ගල් බංකුවෙන් නැඟිට ගොස් අසළ වූ කණුවට අතක් තබා බරවී බිම බලාගත්තේය.
'කොෆී බීන්'හි ඒ මොහොතේ සිටියේ වැඩිහිටි මිනිසුන් කිහිප දෙනෙක් පමණක් නිසා රශිඳු හඳුනාගත්තේ අඩු පිරිසකි. ප්රසිද්ධ ස්ථානයන්හිදී දුම්බීම නොකරන ලෙස දිමුත් පැවසූවද පීඩනය පිට කරගන්නට මේ මොහොතේ අන් මගක් රශිඳුට නොවීය.
නිර්මලීගේ සිනාසෙන වත මොහොතකට ඔහුගේ දෑස් ඉදිරියේ මැකී ඒ සැනින් මැකී ගොස් ඇගේ දුක්බර මුහුණ මතුවිය.
".. මචං.. එච්චරද උනේ? "
" ඔව්. හැමදේම සිද්ද උනේ හරි වේගෙන් මචං.. "