කලින් කොටසට
මම හඬන්නට මෙන් හුස්ම ඉහල පහලට කරමින් අර ඇද්දේ ගිගුරුම් දෙන අහසක් මෙනි. නමුත් අකුණු පිපිරූ තරමට වැහිවලාකුළු කිසිවක් අහසට පැමිණියේ නැත. හඬන්නට අවශ්‍ය බව මිසක් හඬන්නේ කෙලෙසකදැයි නොදැන මම විනාඩි කිහිපයක් අසාර්ථක උත්සාහයක නිරතවුනෙමි.
මුළු ගෙදර පුරාම තිබුනේ පාලු මූසල බවකි. එලෙස දිස්වන්නේ හැන්දෑ අහසෙන් පෙරී එන රාස්සිගේ අව්වෙන් විසිත්ත කාමරයේ ජනෙල් තෙමී ඇති නිසාදැයි මම නොදනිමි. නමුදු මට දැනෙන්නේ මේ සියල්ලම මට මහා දුකක් ඇතිකර ඇති බවකි.
සුපුන් පිටවී දැන් හෝරාවකට ආසන්නය. හෝරාවකට ප්‍රථම අප අතර ඇතිවූ බහින්බස්වීම නිවසේ සෑම අස්සක් මුල්ලක් පුරාම පැතිරී ඇත්තා සේය.
සුපුන් හා මම අතර අද උදෑසන ඇතිවූ කතාබහ සැබෑලෙසම ඇරඹි තිබුනේ අවාචික රාත්‍රී සිද්ධියකින් බව මට දැන් පැහැදිලි වෙන්නට පටන්ගෙන තිබේ. මම තදින් කිපුණ බව සත්‍යක් නමුත් සුපුන්ගේ මේ අහඹු ගමන මා අඩපණකොට දැමුවා වැනිය.

වැකි තුන හතරක් වැය නොකොට මම ඉල්ලුයේ එක දෙයක් පමණක්මය. සමහර විටෙක එය සුපුන්ට එක දෙයකට වඩා වනවාද?