Tuesday, October 3, 2017

146. දැන් ඇති | get prepared





හිනා උනා ඇති !
දැන් දත් මැදිය යුතුය..
හිස පවා පීරා
කොණ්ඩය ගෙතිය යුතුය..
අළුතෙන්ම සිතිය යුතුය

ඔබට ආදරය කළ යුතුය


38 comments:

  1. කළ යුතු නිසාද ආදරය කරන්නෙ? නැතුව නිකන්ම ආදරය කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔයත් එක්ක බැහැ... හරියටම දුර්වල තැනම හොයලා කියනවා..
      එතැන තමයි මගේ ප්‍රස්තුතය !

      Delete
    2. //එතැන තමයි මගේ ප්‍රස්තුතය//

      ඒක අපෙත් ප්‍රස්තුතය...මම හිතන්නෙ වැඩි දෙනෙකුගෙ!

      Delete
    3. බහුතරය කොහොමත් වෙනස්

      Delete
  2. ලිඛී ඔයා ප්‍රපෝසල් නේද මැරි කලේ...
    කරන්න දෙයක් නෑ... දැන් ඉතින් ආදරය කරන්න බැරි උනොත් රගන්න...

    ReplyDelete
    Replies
    1. හි හි හි....
      නැවත කියවන්න.... අසාර්ථක කවි!

      Delete
    2. කවියා ලිව්ව අර්ථයම අදහස් වෙන්න ඕන නෑ පාඨකයට... ඒක තම කවියගේ දක්ෂතාව.. එකම කවියකින් හුඟක් තේරුම්... එහෙම වුනා කියලා කවිය අසාර්ථක වෙන්නේ නැහැ..ඔයාගේ කවියේ ගැඹුරින් මං කිව්ව අදහස මට ආවා... ඊට උඩින් හැමෝටම පේන තේරුමට වඩා මං ඒකට ආස වුනා...

      Delete
    3. එහෙමයි මිසිනෝනා

      Delete
    4. මෙහෙවර මිසිනෝනා,
      ගාපං බැලඩෝනා....

      Delete
    5. @Ravi: ඈ රවියෝ... ඇස් ගෙඩි දෙකට මොනවා වෙලාද හැබෑටම.. කවිය තියෙන්නේ උඩහින්.. වගක්වත් නැතුව කොමෙන්ටු වලට උත්තර බැඳලා යන හැටි???

      හරි හරි ඉතින්.... ඔබටුමා කියපු ජාතියේ බ්‍රබුද්ධ කවියක් කියමුකෝ.. ඔහොමත් ඒ උනාට කරනවද ඒයි ඈ ??

      Delete
  3. හා... ඔයා කියනවනම් කොරමු ඔන්න ඔහෙ

    ReplyDelete
    Replies
    1. එන්න නංගි බන්ට් එක දිගේ

      Delete
  4. කථා.... කලත්,
    අපි,
    රෑ.... වෙනකං,
    කිසී... වැඩක් නෑ...
    🙈🔨

    ReplyDelete
    Replies
    1. මගේ හිතට වැදුණු ගීතයක්...

      සමහර වෙලාවට ඇත්ත හරි කටුකයි නේද?

      සිත නෑ කියන්නේ නෑ
      ගත බෑ කියන්නේ නෑ
      අය හාදු දෙන්නෙ නෑ
      ඈට තේරෙන්නෑ ???

      Delete
    2. එහෙම නම් වෙන කෙනෙක්ට හාදු දුන්නානම්...

      Delete
    3. දුන්නොත් නොගෙනම ඉඳියි !

      Delete
    4. මේ ලිඛිතා. බලාගෙන යනකොට අපි දෙන්නගෙම අදහස් ගැලපෙන එකේ අපි කසාද කෙසේ වෙතත් බඳිමු ද..??

      Delete
    5. දිවිනහගන්නකොට ටික්කෝ සාක්කි එහෙම තියන්න හිතාගෙනද ඉන්නේ? මම නම් හිතාගෙන ඉන්නේ

      Delete
    6. ඔයා මුලින්ම දිවිනහගන්නකො. මම ඊට පස්සෙ මරෙන්නම්. මොකද ලිඛිතා බොරු කලොත් මට පව් නේ. හැබැයි ඔය සාක්කි නම් තියන්නෙ නැහැ. මොකද?
      ඒ මොනවා උනත්,
      ඔබ දුන් හැම දේ...
      යලී..,
      දෙන්නෙ නෑ...😂😂😂

      Delete
  5. දැන් ඉතිම් වෙන කුමක් කරන්නද.. ආදරේ කරනු මිස..

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දෙයක් ඇත්තෙම නැතිකොට?? අතුල අධිකාරිගේ නම් කේශනාලිකාවක් පිපිරිලානේ එහෙම උනේ.

      Delete
  6. Replies
    1. ෂුවර් නැහැ නේද? මටත් ෂුවර් නැහැ

      Delete
  7. දැන් පරක්කු වැඩියි මෙයා! හිතේ තියාගෙන ඉන්නේ නැතුව කලින් කියන්න එපැයි

    ReplyDelete
    Replies
    1. කොයි ඉතින් ලංකාවට ආවත් හරි සද්දය අඩු උනානේ. ගියාද අර තඩි, නරක වෘකයා බලන්න?

      Delete
    2. ගියා. එක පොතක් වත් ගත්තේ නෑ..

      Delete
  8. කථාකරන නිර්මාණයක්. නියමයි

    ReplyDelete
  9. දසන් පෙල නොමැද්දද
    සිනහව දක්වා ඇතුළු හද...
    ඔබ හිස අවුල් වූවද
    මනස නිරවුල් විය යුතුය..
    අළුතින්ම නොසිතුවද
    පැරණි සිත තවම ඇත....

    ආදරය කරණ්නට....!

    ReplyDelete
    Replies
    1. පැරණි සිත
      දිනපතා සෝදා
      - වේලිය යුතුය
      වේලුනු පසුවද
      රැලි දිගාකර
      - ඉස්තිරික්ක කල යුතු

      ආදරය එය නොවන බැව්
      ඔහු දිනෙක දත යුතු

      Delete
    2. ආදරය නොහැකිද
      තබාගන්නට පිවිතුරුව...
      නොපිවිතුරුබව නිසාමැයි
      කරණ්නට වන්නේ
      සොදා හරින්නට
      බොහෝවිට වන්නෙ
      තම දෙපා ඇති මඩ
      පොලොවෙ ගෑවෙනු නොවේ.
      පොලොවෙ ඇති මඩය
      පිවිතුරු දෙපා
      අපිරිසිදු කරණ්න්නේ!

      Delete
    3. සිත - මනස - ආදරය
      එක හුයෙන් අමුණා
      ගත නොහැකිවූ,
      ආබාධ සහිත
      ඈ !

      Delete
  10. දත් තියනකල් මැද ගනිං නෝනේ
    කොන්ඩෙත් තෙල් ටිකක් ගාලා පීරපන්
    ඒ කාලේ තරං දිගට නැති උනාට
    තියන කෙටියවත් ....
    ඕකත් තව කී දොහක්ද..?
    සුදු වෙලා... ගැලවිලා....
    නැත්තටම නැති වෙලා යාවි නේ?
    හැබැයි මේ
    වල පයයි ගොඩ පයයි
    තියාන
    උඹේ හිතේ
    මට තියන ලෙන්ගතුකම
    නැති නොවී තියන බව
    මං හොඳට දන්නවා.....!!

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...