Thursday, October 12, 2017

148. ගිමන | sinking





නුඹ නොමැති මොහොත
අවකාශයම හිස්වන,

මගේ අතැඟිලි වෙව්ලා
ඔබේ මහපට ඇඟිල්ලම - සොයන

පුළුල් උරහිස් දකින හැමවිට
ඔබේ උණුහුම සිහිවන

ආදර - උණුහුම් - සරාගී
ඔබම මිස
වෙන කෙනෙකුට අයත් - නොමවන


මට

දැන්

හොඳටම

වෙහෙසය !


~~~මන්ජි

22 comments:

  1. සැක් හෙලා දකිනවා මේ දවසට පෝස්ට් දෙකක් දැමීම. ඇයි වදේ කලින් එක බලල කවි උත්තර ලියලා දාන්න එනකොට වෙන එකක් දාලා

    ReplyDelete
    Replies
    1. දැක්කනේ එහෙනම් - හෙලා? අනේ වාසනාවන්!!

      බනින්ටෙපා.. පොඩි දෝණිට
      ගහන්ටෙපා............

      Delete
  2. වයසට ගියාම ඔහොම තමයි. Walker එකක් එවන්නද?

    ReplyDelete
    Replies
    1. සිරාවට? ඉයන්ට මේ කාලේ පහුවෙලා දැන් විසි වසරක් විතර නේද? ෂරි ෂරි.. අපි ඉතින් වැඩිහිටියෝ කියන එව්වා එපැයි !!

      හැබෑටම Walker මොකටද?

      Delete
  3. Replies
    1. ඇත්තද? තඩියා කියනවා නම් ඉතින් ඇත්තම වෙන්න ඇති

      Delete
  4. වසන්තේ උදාවෙනව සත්තයි ... :-)

    ReplyDelete
    Replies
    1. මේ වසන්තය නෑවිදින් සිටියානම්..
      මේ තරම් දුක නෑ සඳවතී.....!

      Delete
  5. මේ ඒක නෙමෙයි. දන්නවද ඇයි වාහන වල ස්පෙයා වීල් එකක් තියෙන්නෙ කියල? හදිස්සියට ප්‍රයෝජනයට ගන්න හලෝ.
    අනේ මන්ද ඔහෙල මේ දේවල් කවද තේරුම් ගනීද කියල හිටං 🤔

    ReplyDelete
    Replies
    1. හැබෑට? වාහනවල එතකොට ජම්පර් කේබල් තියෙන්නෙත් ඒ හින්දනේ. තේරෙන්නේ නැහැ නේන්නම්, හිටගෙන.

      Delete
    2. හනේ අම්මප. ඔහේට තේරෙන්නෙ නැති තොත්ත බබා. මම බේබි. තේරෙන්නෙ නැත්නම් අහල බලන්න ඔය වයෝවුද්‍ර මචුවර් බ්ලොගර් ලගෙන්. හැබැයි ගොඩක් පරිස්සං වෙන්න. නෑ මම මේ නිකං කිව්වෙ..

      Delete
  6. අනේ මන්ද බං... අන්න අර කතාව ලිව්වනම් මොකද ?

    ReplyDelete
    Replies
    1. මොන කතාවද පැතුමා ? ( හත්වලාමයි දැනටම කතා දෙකක් තුනක් විතර මග නේද?)

      Delete
  7. මේ ෆොටෝ එක වැනි කුඩා දරුවන්ට දැකීමට නුසුදුසු අසභ්‍ය ගනයේ එකකි. කවිය ඊට එහාය. ඒ නිසා නොබැලුවෙමි.

    ReplyDelete
    Replies
    1. හැබෑට?

      දැන් ඔය පොඩි ළමයා ලොකුවෙච්ච දවසක එන්න ඈ. (පව් දැනේ.. හරි හැදිච්ච ළමයෙක්, කාගේ උනත්)

      Delete
  8. වෙහෙස පසුපස ඇත්තේ සරතැසය

    ReplyDelete
    Replies
    1. සරතැස කියන්නේ වෙහෙසට නේද?

      Delete
  9. පුළුල් උරහිස් දකින හැමවිට
    ඔබේ උණුහුම සිහිවන

    මේක භයානක නැදද ලිඛියෝ.... මෙන්න මේ ලිඛියගේ ඇස්දෙක බදින්ටෝ.. බලධාරියාට කිව්වේ

    ලස්සනයි ලිඛී

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි....
      භයානකයි නේන්නම්!! හි හි හි

      Delete
  10. නුඹ වෙතම පැමිණෙන
    පුළුල් තල මත සුව යහන කැන්දන
    මොහොත අප වෙත එලඹෙන
    දිනය කවදද ඇඟිළි ගනිමින

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ......

      කවි වලට කවි වලින් උත්තර දුන්නහම බැහැ අප්පා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...