Thursday, November 25, 2021

281: උන්මාද චිත්‍රාදෝ මා 14



නිර්මලී ගල් ගැසුනාක් මෙන් එකතැනම නතර වුවාය.  ඇසුණු ඒ වචන වලට එකවරම දියයුතු පිළිතුර නිර්මලිට සිතාගත නොහැකි නිසා නොසිතාම ඒ මුහුණ දෙස දෑස විසල් කරගෙන ඈ සිටියේ පිළිමයක් සේය. මීට වසර ගණනාවකට පෙර දුටුවාට වඩා ඒ රුව කෙට්ටුව වැහැර ගොස් සිටියේය.

හදවත් දඩි බිඩියේ ගැහෙන්නට පටන් ගත්තද හුස්ම සිරවුවා සේ දැනුන නිසා ඈගේ හුස්ම කෙටි සහ වේගවත් වුයේ නිතැතිනි.

ඇසුන වචන නිසා දැනුන පිළිකුල අතිමහත් බැවින් වචනයක් නොකීවද, යන්තම් දෙපා වලට පණ ලැබුණු මොහොතටම , ඈ වේගයෙන් ආපසු හැරී කවුන්ටරය වෙත ඇවිද ගියේ, අනුජ එහි සිටගෙන සිටින බව හෝ නොදැනය. දුරකතනයේ යමක් ඔබමින් සිටි අනුජ නිර්මලී එකවරම දුටුවේ නැත. 

"කෝ ගත්තද?"

අනුජ තමන් පසුකොට වේගයෙන් දුවන නිර්මලී දෙස බලා ඇසුවේ මදක් විමතියෙනි. නිර්මලී අනුජගේ කටහඬ ඇසීමෙන් ඉද්ද ගැසුවා සේ නතර වුවාය.

"න්.. නෑ.. ඕනේ නැතිවෙයි වගේ.. අපි යමු පරක්කු වෙනවා "

"නෑ නෑ පරක්කු නෑ.. ගන්නකො.. එහෙ ගිහිල්ල අව්වට පිච්චෙයි මගේ මේ චුටි බබා.."

Monday, November 22, 2021

280: උන්මාද චිත්‍රාදෝ මා 13



අමුත්තා පිටවී ගිය පසුව මහා හඬින් දොර වසා දැමු අනුජ, මහා කලබලයකින් මේසයේ යටම කොටසක තිබී දුම්වැටි පැකට්ටුව සොයාගත් අතර, දල්වාගත් දුම්වැටියට පසුව තවත් දුම්වැටියක් උරමින් , ඒ මේ අත ඇවිදිමින් සිටියදී තුෂාරා දොරට තට්ටු කළාය.

"කම් ඉන්"

"සර්...මේ ඉන්වොඉස් එක...."

 තුෂාරා කියන්නට ගිය දෙය එකවරම නවතා අනුජගේ පරණ පුරුද්ද දෙස තත්පර දෙකක් බලාසිට , අතෙහි තිබුණු ජායා පිටපත් සහිත කොලය මේසය මත තැබුවාය. අනුජගේ වෙනස්ව ගිය මුහුණත්, වෙව්ලන දෑතත් කියූ කතාව තුෂාරා කහ්ස්නයෙන් හැඳින්නාය.

ඒ සැනින් අනුජට නිර්මලිගේ දෑස පෙනී නොපෙනී ගිය නිසා, අඩක් නිමවූ දුම්වැටිය එකවරම මේසය මත තබා පොඩිකර දැම්මේය.

Wednesday, November 17, 2021

279 : උන්මාද චිත්‍රාදෝ මා 12



නිර්මලිගේ දෑස තිබුනේ නලළේය. දේශන ශාලාවට පිවිසෙන ස්ථානයේ පසෙක , අනුජ ඈට පිටුපා , ඇගේ සිමා පන්තියට අලුතෙන් එක්වූ අසලංක සමඟ සංවාදයක සිටි අතර, අසලංක සිටියේ බෙරි වූ මුහුණෙනි. දෙදෙනාටම එකවරම තමන්ව නොපෙනෙන නිසා නිර්මලී මදක් නතර වුවාය. 

'මෙයා මොකද මෙතන කරන්නේ?'

කතාව අවසානයේ අසලංකගේ උරහිසට තට්ටුවක් දැමු අනුජ ඔහු වෙතින් ඉවත්ව ඇවිද යන්නට සැරසෙනු දුටු නිර්මලී වහා අසල තිබුණු කබඩ් එකකට මුවා වුවාය.

පෙරදා රාත්‍රියේ පංතියේ සිසුන් සමඟින් ලබාගත් ජායාරුප දෙස බලමින් දෙදෙනාම පෙම් මුල්ලේ ගතකලේ විනාඩි තිහක් පමණක් වුවද, සමුහ ජායාරුපයේ තමන්ට ඉහලින් සිටගෙන සිටි අසලංක ක්ෂණයෙන් අනුජගේ ඇස රැඳවූ හැටි සිහිවී නිර්මලී පුදුම වුවාය.

"උගේ බැල්ම මට අල්ලන්නේ නැහැ... "

ඒ වනවිටත් අසලංක තමන් ගැන උනන්දු වන බව නේහා සමඟ කියා තිබුණු නමුත් නිර්මලී සිය අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා ඔහු සිටියේ තරමක් වෙනස් හැසිරීමකිනි. අනුජට එය එක බැල්මෙන් හසුවූ හැටි! මේ ගමන නම් එහි ප්‍රතිපලයකි..

'මෙහෙමත් ඉවක්!'

ඇමතුම පැමිණියේ අනුජගෙනි. නිර්මලී එයට පිළිතුරු දුන්නාය.

 "බබා මම ඉන්නේ ලොබි එකේ.. එතැනට එන්න"

නිර්මලිට නැගුනේ සිනාවකි. ඒ සමඟම දොරෙන් ඇතුළුවන ඈ දකින අනුජ ඔහුගේ සුපුරුදු සිනාවෙන් ඈ පිළිගන්නා අතර, ඔවුන්ට නොපෙනන දෙනෙතක් ශාලාව කොනේ දැල්වී තිබිණ.

Tuesday, November 9, 2021

278. කොප්පක් වත් ගහමු....




සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින්  ආත්මේ  බල බල හිටපු ඒවා පවා තිබ්බ.

ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.

Related Posts Plugin for WordPress, Blogger...