Sunday, November 22, 2020

244. රස රහස


 

 

 

දිලි දිලී දිලෙමි මම , නුබ ගැබක එක්තරා
සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා
වෙලි වෙලී දැවෙන පෙම , බලා උන් ගත නුරා
බැලි බැලී රසය කිම , මිහිරි මී පැණි උරා  

මේඝයක ඉමක වූ බලා සිටිනා වැස්ස
වේදයක ලියා නැත වෙලා සිටිනා පවස
නාදයක පාව ආ මුලා කරනා පිණිස
පාදයක තවම ඇත සලිත කරනා රහස

15 comments:

  1. ඒකනම් රස රහසක්ම තමයි.. <3 <3 කවි පිළිතුරක් ලියම්ද.. නොලියම්ද? ලියම්ද.. නොලියම්ද? :))))

    ReplyDelete
    Replies
    1. ලියන්ට ලියන්ට..... බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා පිළිතුරක් එනකල්

      Delete
    2. රසම රස රහසක්. (වෙන කාටවත් කියන්න එපා) :)

      බලන රස මී බඳුන මිහිරිය දිනා ලොව දස දෙස සරා..
      වෙලෙන බඳ වට නුරා අසෙනිය වනා සිරි මුළු රැය පුරා..
      සැලෙන සිත් ඉම රඟන මියැසිය උනා හල සළු පිලි ඉරා..
      දිලෙන ඇස අග කඳුල අනිසිය සිනා මල් මිස මුව පුරා..

      ගිහින් එන්නං ඈ!

      Delete
    3. ආ මේ තියෙන්නේ... මල් හතයි ඈ

      Delete
  2. සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා. හරිම ලස්සනයි.

    ReplyDelete
  3. ඇයි නොලියන්නේ?

    ReplyDelete
    Replies
    1. ලිව්වා.. දැම්ම...
      පරක්කුයි නේන්නම්

      Delete
  4. ඔබේ නිර්මාණත් ලන්ඩන් කවියට සහ සිසිලට යවන්න.
    https://londonkavi.com/contact/

    නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය

    sisila.sangarawa@gmail.com

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...