Wednesday, June 5, 2019
215. ගිණුම | Lovemoney
ගණකාධිකාර තුමණි,
සත්තමයි මේ කියන්නේ..
කිසිම ගණුදෙනුවක්
කෙරුන්නෑ - මාස ගානකට.
ගනු කියා සැරසුනත් - අබග්ගය
දෙනු කියා කිව්වමුත් - අනතුරුය
මේ ගිණුම පෙරදිනේ
දවසකට විසි තිස් පාර,
නෑ! සමහර වෙලාවට
පැයකටම හත් අට පාර..
එහාටයි මෙහාටයි
ගණුදෙනුම කලානේ!
ඕන් ලයින් - ඔෆ් ලයින්
හර - බැරම කීයක්ද?
ඔබතුමාත් වතාවක්
අනතුරු ඇඟව්වත් එක්ක!
ගිණුම් දෙක තුනක් නෑ
එකම ගිණුමයි ඇත්තේ,
සන්තකේ මම දැම්මේ
මේ ගිණුමේ තමයි මයි!
පොඩ්ඩකට පුළුවන්ද
ලිපියකින් වගේ මට ,
ඔබතුමා ඉල්ලලා
යවන්නට...
දරුවන්ගේ තාත්තට
ගිණුම ගැන මතක්කොට!
- ආදර ගිණුම - හදවතේ ශාඛාව
Subscribe to:
Post Comments (Atom)
ගණු නැහැ දෙනු විතරක් නම් හොඳා... දුකක් නෑනේ...
ReplyDeleteපව් නැද්ද?
Delete