Thursday, June 6, 2019

216. ලාබයක් නැති ආදරේ | pure love?



හොඳටෝම වෙහෙසවී
එයා එනකොට ගෙදර,
ජනේලෙන් බලාගෙන
ඉන්නවා දුකෙන් මම...

කකුල උඩ - නිකට
ඇස්දෙක ඔහුගේ - ඇස්වල
හොයනවා මම
'කෝ දැන් ඇතිය' කියනතුරු
(පොඩ්ඩක් තරහ ගත්තද.)

එලෙව්වට වතාවක්
දන්නවා ආයේ හැරී බලනවග ,
ඉතින් මම පස්සෙන්
එනව ඇඳ ගාවටම...

'අද දවස කොහොමද?
ඔයා උන්නම හදවතේ
මට නම් නෑ කිසිම පාළු...
දැක්ක එක ලොකු දෙයක්
මාත් එක්කම නේද යාළු ?'

කමක් නෑ හෙට උදේ
බත්ම කනවා ඔන්න..
මට බෑනේ කන්න දැන්
එයාටත් ඇති බඩගින්න..

මොකක් තිබුනත් ඉතින්
ඔයා මගෙනේ ඉතින්!



~~~ බල්ලෙකුගේය මේ හදවත





පසුව ලියමි : තදේටම උණ. මම කිව්වේ බල්ලෙකු නැති එකට සාංකාව.... උන් කොච්චර ලෙන්ගතුද...? ආදරේ උතුරා යන පොට්ටනි වගේ බල්ලෝ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම මම පැලෙන්න ඉරිසියයි! ඉරිසියයි කිව්වම පුදුම ඉරිසියයි......

12 comments:

  1. ඉක්මණින් සුවපත් වේවා! ඉතින් හදාගන්නකො බලු පැට්ටෙක්...

    ReplyDelete
    Replies
    1. හදාගන්න බැරි එකනේ වැඩේ. හදනවා නම් පන ඇරලා බලාගන්න ඕනේ. නැතිනම් උන්ට අසාධාරණයක් නොකර නොහදා ඉන්න ඕනේ. ඌ බල්ලෙක් නොවී මනුස්සයෙක් වෙනවා මට. ඒකයි දුක. ඒ ඔක්කොටම වඩා ඉරිසියා කරන එක හරි ලේසියි

      Delete
  2. මේ වගෙ හිතන මිනිස්සුත් ඉඳලා හිටලා ඉන්නවා බල්ලන් වගේම යහපත්!

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් වගේ උනාට 'බල්ලෙක් වගේ' වෙන්න බෑ !

      Delete
  3. 'බලු වැඩ' හරිම ආදරනියයි සමහර වෙලාවට.. :) :D ඒත් මමත් බල්ලෝ හදන්නේ නෑ.. :/

    ReplyDelete
    Replies
    1. ආදරේට බලු වැඩ කරන්නේ නෑනේ!
      බැරි වැඩ නොකරන එක තමයි හොඳ... මම ඒ උනාට ඉරිසියා කරනවා

      Delete
  4. මටත් බව් පැට්ටෙක් තමයි ඕන. ඒ ආසාව ඉෂ්ට වෙන්නේ නැති නිසා මා ගාව දැන් ඉන්නේ පූස් පැට්ටෝ ටිකක්. ටිකක් විතර උණ අමතක කරගන්න පුළුවන් ඒ නිසා. ඒත් ඉතින් උණ නිට්ටාවට සනීප වෙන්න නම් බව්වෙක්ම තමා ඕන. :(

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.... බව්වෙක් නැති ගෙදරක් බව්වෙක් නැති ගෙදරක් වගේ! වැඩක් තියේද?

      සනීප කරගන්න එහෙම එපා ඔය ලෙඩේ... කවදාහරි දවසක ලොකුවෙලා මමත් හදනවා බල්ලෙක්...

      Delete
  5. මට අපේ බලුසන් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මට ඉරිසියයි!
      එහෙම මතක් කරන්නවත් එකෙක් ඉන්නවනේ....

      Delete
  6. පෙරදා ඔබ වෙත ලියන ලද කොමෙන්ටුවක්/ කොමෙන්ටු; මා මගේ බ්ලොගයේ "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිලි . .4" හි දක්වා ඇත ! පිවිස බලන්න!

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...