Monday, September 2, 2019
227. ගැයෙත මේ ගී
මන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ
බැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ
අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ
සින්ද සළුවෙක වහංවී ඉඳ සිතර තිසරුන් මුලාවේ
නෙළුම පෙතිමත තුෂර ඉසිලන සුරත් බැඳ බඳ වෙලෙන්නේ
පෙළුම නොපෙලෙත ගැයුම අමයුරු තරුත් විඳ වැද දිලෙන්නේ
සැළුම මී පැණි තුඩ'ග බඹරිදු විලත් සොඳ සඳ පිරෙන්නේ
කැළුම තබමින පෙමක මතකය පෙලත් රතු රත ලෙසින්නේ
~~~ මන්ජි
Subscribe to:
Post Comments (Atom)
සරල ගී තිරය ඉවර කරලා ආයේ කතාවට යමු නේද... :)
ReplyDeleteහි හි හි... පැතුම් කවි කියෝනව හොරයි නේද?
Deleteඉන්ට අප්පා දැන් පරිස්සමෙන් එපැයි ලියන්න එහෙම. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොතින් එහෙම කට්ටිය වට්ටි පෙට්ටි උස්සගෙන එන්නේ... එහෙන් විරංග... මෙහෙන් මධුලිකා....
නියමයි.
ReplyDeleteස්තුතියි
Deleteමන්ද අඳුරට ගිතෙල් පහනක් මංද ඈ මුව හිනාවේ..
ReplyDeleteබැන්ද අහසට සරා සඳ මෙන් මහත් හසරැල් ගෙනාවේ..
කන්ද සිඳ මිදුලටම කැන්දූ එලිය මැද සඳ තලාවේ..
වින්ද සෙනෙහස තාම මතකයි සඳේ සොඳුරුම කලාවේ..
නෙලුම් පෙති පරවීද එකිනෙක සඳ අවරගිර හඬන්නේ..
වෙළුම් දින දින ලෙහී හදවත් දුරින් හිඳ පිරි මදින්නේ..
කැලුම් දුන් සඳ රාහු අභිමුව දණින් වැද බිම හොවන්නේ..
තැලුම් පිරිමැද වසා ගමි නෙත් කොහොම යලි සඳ දකින්නේ..
- ක.මි.
ස්තුතියි.
Deleteලස්සන පිළිතුරක්.
එහෙමද? හා.. තැන්කියු. :/
Delete