Monday, September 30, 2019
230. සුපෙම් කොත මත
හමන මදනල අතර බිහිවුන සුසුම් නිම්නය විසිරුවා
බිඳෙන ඉපදෙන වලාකුළු ඇත නුබ පුරා සිතුවම් මවා
මැවෙන මිරිඟුව ඈත සිට ඇත මා නමින් කෙම්බිම දවා
යදින අයදින දෝත ගෙන මම සිඹිමි තොල්පෙති වෙව්ලවා
පියුම් නොපිපෙත රැළිති විල'දර කුමුදු මල්පෙති කලතමින්
සිතුම් කිසිදින නොහැර යනු ඇත සුසුම් මෙන් මා ප්‍රාණයෙන්
රිදුම් තවරන ඔබේ රුවමයි මැවෙන්නේ සිත කකියමින්
සුපෙම් නොලබා සොහොන්කොත මත තබා යන්නෙමි ප්‍රේමයෙන්
Inspired by:https://dumimda.blogspot.com/2019/04/116.html
Subscribe to:
Post Comments (Atom)
හරිම හරිම හරිම ලස්සනයි. නියමයි.
ReplyDeleteබොහොම බොහොම බොහොම ස්තුතියි
Deleteලස්සන කවියක්..
ReplyDeleteස්තුතියි !
Deleteලස්සනයි, මේ ඒක නෙවෙයි කෝ අර රහස්පරීක්ෂක ආදර අන්දරේ
ReplyDeleteස්තුතියි
Deleteඒක කෝ කියලා බලන්න රහස් පරීක්ෂකයෙක් හොයන්න ගියා. ගඟට උඩින් කොක්කු ගියා
මේක මේ "මන්ජි" ලියපු එකක් නොවෙයිද? මොකක්ද ඒ "හලාල්" සහතිකය වගේ එක; විස්කෝතු පෙට්ටියේ තියෙන ගිණි පෙට්ටියේ නැති? අපිත් මෙහෙම හිටියට රහස් පරීක්ෂකයෝ අරිද?
ReplyDeleteආ.. ඒක මේ පොඩි මෙව්වා එකක්. ඒවා ලේසි නැහැ එහෙම. හදිස්සි නම් උඩින් යන්න
Deleteඔව් වොව්... දන්නවා පරීක්ෂකයෝ කියල. රහස් කෙසේ වෙතත්
අනේ නැන්දේ අර කතාව ආයේ ලියන්නකෝ ....
ReplyDeleteආ පුතේ වලන් ටික හෝදලාද ආවේ?
Delete