Wednesday, November 13, 2019

231. වැළඳගනු මැනවි මා..

වැළඳගනු පැමිණ මා
නොඑනු ඇත මේ රාත්‍රිය ,
යලිදු කිසි දිනයෙක
මුණ නොගැසෙනු ඇත
අප මේ දිවිය තුල...

දෛවයේ අපුර්වත්වයකට
ලැබුවෙමු මේ මොහොත,
හදවතින්ම වඩා ලංව
බලනු මැන මා දෙස,
නොලබනු ඇතිය නැවතත්
මෙවන් මොහොතක්
නැවත මේ දිවිය තුල...

ලංව සිටිනු මැන මට
යලි යලිත් නොඑනු ඇති මා
මින් පසුව ,
ප්‍රේමයේ මියුරු කඳුළැල්
නොගලනු ඇතිය නැවතත්
මේ දෙඇසින් යලි..

වැළඳගනු මැනවි මා..





18 comments:

  1. අතිශයින්ම සතුටක් ඔබ ලියනවා යැයි දැකීම. (මාගේ බ්ලොගයට ගොඩ නොවුනත්)
    කුරුල්ලන් ජීවත් වනවා යැයි දැනෙන්නේ ඔවුන්ගේ හඬ ඇසීමෙන් මෙන් ඔබ ජීවත් වන බව මාහට හැඟෙන්නේ ඔබ ලියනවා දැකීමෙන්.

    ඔබගේ පෝස්ටුවට යටින් රඳවාන් ඇති ලින්කුව ඔස්සේ ඇවිද ලතාගේ මෙම ගීතය රසවිඳිමි. පෞද්ගලිකව මා හින්දි ගීත ලෝලියෙකු නොව කෑදරයෙක්මි. එහෙත් මා ලතාගේ බොන්ස්ලේගේ කොටින්ම ගයිකාවන්ගේ ගීත රස විඳින්නේ ඉතා කලා තුරකින්ය. මා රස විඳින්නේ රාෆි ගේ, මහේන්ද්‍ර කපූර්ගේ, කිෂෝර්ගේ ගීතය.

    ඒ බොහෝ ගිත විඳිද්දි මා ගීතය තුල ජීවත් වන්නෙමි. සමහර ගීත අසා අවසන් වන විට, නරඹා අවසන් වන විට ඇයි එහෙම අවසන් උනේ කියා සිතී සිත අඬා වැටේ. ඒක් හරියට සුන්දර සිහිණයකින් අවදි වූ විට දැනෙන දුක වැනි එකක්ද?

    ඔබ අසා තිබේද "කබී කබී" කියා ගීතයක්. එයත් මෙවන්ම වූ ඉතා සෞන්දර්යාත්මකවූ දුකක් සිත ඇතුලට කාන්දු කරවන්නක්. සත්තකින්ම මේ ගීතය මීට පෙර මා කිහිප වරක් මෙම ගිතය රසවිඳ ඇති මුත් ඒ එහි තේරුම පිළිබඳව වැටහීමකින් තොරවයි. ඒත් අදයි එහි සැබෑ අදහස කියෙව්වේ. දෙයියනේ ඒ කියන්නේ මේ ගැයෙන්නේ වියෝව පිළිබඳවද?

    මා විශ්වාස කරණ දෙයක් වේ. ඇය කුමක් කියා වෙන් වෙන්නට උත්සාහ කලද; ඔහුට තම දැඩි ආදරය තුලින්; නැවත ජය ගැනිමට ඉඩක් ලැබෙනු ඇතැයි කියා? මීට කලකට පෙර සමහර සමහර සැන්දෑවන් වලදි මා හින්දී ගි ඇසූ සුන්දර මතකයක් විය. දැන් බොහෝ කලකින් ඇසූ ගිතයක් නොමැත!

    මේ ගිතයට අනුව ලියැවුණු සිංහල ගිතයක් නෑ නේද? මෙන්න ඊට අව්ස්ථාව. ලියන්නකෝ ගීතයක්!

    මට මේ ළඟදි බොරැල්ලේ නෝන වාට්ටුව ළඟදි මධුළිකාව හමු උනා දෙවැනි ළමයාට බෙහෙත් ගන්න ඇවිත්! තීක්ෂණ නුගේගොඩ ත්‍රීවීල් එකක් හයර් කරණවා කීවා. ඔයා එයාලව අතරමං කලා එතරම් හොඳ හිතකින් නොවෙයි කතා කලේ!

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන්න දිග පිලිතුරක් නේ!
      බ්ලොග් කියෝනවා තියා මේ ගෙදර මිදුල්වත් අතුගාගන්න වෙලාවක් නෑ, බලමුකෝ
      ආශා බෝස්ලේට වඩා ලතා ජී ගෙ හඩ මට මෘදුයි. ඊටත් වඩා මධුබාලාට හොදට කැපෙනවානේ ! මධුබාලා කියන්නේ තාම මගේ ආසම නිලිය. රාෆිගේ ගීත හරි ප්‍රේමණීයයි තමයි. අනේ මගේ නම් එහෙම අවුලක් නෑ. කෝකත් විදිනවා!
      තාලේ කොපි කරලා හදන සිංහල ගීත එක්ක මට පොඩි ඇරියස් එකක් තියෙනවා. ලියන්න වෙලාවක් නෑනෙ! පස්සේ බලමු

      මේ සින්දුව මම හිතුවේ රොමෑන්ටික් එකක් කියලා, තේරුම හොයන්න ගිහින් නේ මමත් උඩගියේ! අහන්න කියන්න, හින්දි ගීත නම් මේ අපිත් පිස්සො වගේන අහන්නේ.
      කවුරු හම්බුනා කිව්වා? අනේ අප්පේ මෙහෙමත් කතන්දර හැදිල්ලක්

      Delete
  2. "අතරමං කලා කියා"

    ReplyDelete
  3. [මට මේ ළඟදි බොරැල්ලේ නෝන වාට්ටුව ළඟදි මධුළිකාව හමු උනා දෙවැනි ළමයාට බෙහෙත් ගන්න ඇවිත්! තීක්ෂණ නුගේගොඩ ත්‍රීවීල් එකක් හයර් කරණවා කීවා]

    හෙහ් හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. උඹටනං හිනා! පව් බං උං!

      Delete
    2. මේ දෙන්නගෙ මල කෝලම්!

      Delete
  4. කතාව ගැන අහන්න හදල තටටයගේ කොළම දැකල යන්තම හිත හදා ගත්තා. අලුත් ආණ්ඩුවක් ආවම උන්දලට හොද කලක් යාවි...

    ReplyDelete
    Replies
    1. මධුළිකා හිටියෑන් බගයයි!

      Delete
    2. ලබන සතියේ අපේ ආණ්ඩුව ආවම ඔක්කොම හරි යනවා... අච්චර කට්ටක් කාපු එකේ ඔය ටික අල්ලන් ඉන්න කියන්න

      Delete
    3. අනේ ඔව්! අඩුවක් පාඩුවක් නෑ ඒක්ව්න් නම්!

      මාත් මේ ඉන්නේ ආණ්ඩුව පෙරලෙනකල් තමයි , අර තීක්ෂණගෙ තාත්තගෙ ඇමතිතුමාට ගේමක් දෙන්න

      Delete
  5. මෙන්න මෙයා ඉන්නවා.......අනේ වාසනාවයි.

    ReplyDelete
    Replies
    1. සිටිමි, ආවෙමි, නොලියමි

      Delete
  6. මේ ඕකෙ මගෙ ට්රාන්ස්ලේෂන් එක....

    වැළඳගන්න මාව තදින්
    කවුද දන්නේ
    මේ වගේ රාත්‍රියක් ආයෙත්
    උදාවෙන එකක් නෑ මුළු ජීව්ත කාලෙටම..

    සමහර විට
    ආයෙත් අපි හමුනොවේවි
    මුළු ජීවිත කාලෙටම..

    දෛවය අපිව මුණගස්සල තියනව
    මට තියෙන්නෙ මේ මොහොත විතරයි
    ඔයාගේ හදවතට ළං වෙන්න..
    කවුද දන්නෙ
    ආයෙත් මේ වගේ මොහොතක් ලැබේවි ද..

    වැළඳගන්න මාව තදින්
    ඉඩ දෙන්න මට කඳුළු හලන්න
    කවුද දන්නෙ
    ආයෙත් අපේ ඇස් මුණ නොගැහේවිද.

    වැළඳගන්න මාව තදින්
    කවුද දන්නේ
    මේ වගේ රාත්‍රියක් ආයෙත්
    උදාවෙන එකක් නෑ මුළු ජීව්ත කාලෙටම..

    ReplyDelete
    Replies
    1. ශා නියමයි !

      අනේ මන්දා මට ලියන්න බෑනෙ මෙතරම් ලස්සනට ! බොහොම ස්තූතියි !!

      Delete
    2. ලිඛිතා... මේකෙ සනම් පූරි ගේ කවර් එක අහල නැත්නම් අහන්න...ඒකත් ලස්සනයි.. බොහොම මෑතක මේක මුලින්ම ඇහුනෙ මට .. අහපු මුල් දවසෙ ඉදන් කැමතිම හින්දිි සින්දු අතරෙ ඉහළම තැනක තියනව මේක...

      Delete
    3. ඔව්... මම ඇහුවා.. ඇත්තටම මම කැමති පරණ වර්ෂන් එකට. ඒක ලස්සන නිසාම නෙවෙයි, ඔරිමජිනල් නිසා.

      මම වතාවක් ලියලා ඇති සමහර වෙලාවට ඔරිජිනල් එකට වඩා ඩුප්ලිකේට් එක නියමෙට එනවා කියලා. අපේ අවාසනාවකටද මන්ද ලංකාවේ මම දැකලම නැති තරම් හොඳ රි-මේක් සින්දු. එක්කෝ බඩේ අමාරුවක් හැදිලා වගේ කෑගහනවා මිසක්

      ස්තුතියි රසවත් කලාට

      Delete
    4. ඔය ලෙඩේ මටත් තියනව.. විශේෂයෙන් 80, 90 කාලෙ ආව සින්දු වල යූටිටුබ් පීරල හරි ඔරිජිනල් එක හොයන් අහන්නෙ... රීමේක් කරන එක හොදනෑ කියනව නෙමේ සමහර රීමේක් නං රී..මේක් ම තමා... අහන්න හිතෙන්නෙ නෑ.. මුල් සින්දුම හොයන් අහන එකේ අමුතු ගතියක් තියනව හරියට නොස්ටැල්ජියාවක් වගේ අපි පුංචි කාලෙ යන්තම් ඇහුණ ඒව දැන් ආයේ ඒ ස්වරෑපෙන්ම හොයන් අහද්දි මාර හැගීමක් දැනෙනව..

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...