වසා ඇති බොහෝ
නිම්න කදු මාරක අනතුර...
තරු එලිය පවා රවටන
පාවෙන කැට කැබිලිති
අත පොවන සැනෙක බාඳුර...
දුක් දොම්නසින් පෙරවුන
එකම පොඩි කෙම්බිම
නුඹ මා පෙමින් සිරකල...
අතැර කොයි යම්ද තනිකර
මියෙමි ඔබ දෙපා පාමුල
අවසන් සුසුම සිරකර....
~~~මන්ජි
~~~මන්ජි
දිවිය සොයමින් යන'තර
ReplyDeleteදිය බිඳක් වත් නැතිව
මැදිවී කතර
දිනය අවසන වැතිර
ඉන්න ඉඳිනට නැතිය
අතු පතර
දිගය තව සසර
මියෙන්නටවත්
නොමැත නිසි අවසර
දිගැසි රත් අදර
දෙතොල මත
තැවරුවේ අමයුර
ලස්සන පිළිතුරක්... රිද්මයක් තියෙනවා.. ස්තුතියි
Deleteමේහ්, අර සුහදිනී එහෙම කෝ දැං? උන් දෙන්නා තාම වලිකිස් ද? :P
ReplyDeleteඋන් දෙන්නට මනාප විදියට ඔන්න ඔහේ ටිකක් හිටියාවේ.....
Deleteනැතුව මම ලියපුවා දාගන්න වෙලාවක් නැතුව එහෙම නෙවෙයි ඈ
ලස්සනයි. කවුද මේ මන්ජි?
ReplyDeleteස්තුතියි
Deleteමන්ජි තමයි ඒ ආදරේ විඳින්නේ.....;-)
ලස්සන කවියක්.
ReplyDeleteස්තුතියි
DeleteAne lickitho mta dan ara kathawe vranga, theekshna,madulika kyna nam tka vtrai mathka onna hodada,
ReplyDeleteඒ කවුද ඒ?
Deleteඅලුත් චන්ද පදනමක් තියෙන පක්ෂයක උන්ද? මට මතක නෑනේ අප්පා
Grrrrrrrrrr
Deleteමැට්ටියෙ කෝ කතාව... තීක්ෂණටයි, මධූටයි මොනව වෙලාද දන්නෙ නැහැ...
ReplyDeleteකවිය ලස්සනයි හරි ය...
බෝම ස්තුතියි...
Deleteඑකනේ අප්පා... සිපිරි ගෙයක වැටිලා පේන්නේ නැද්ද.. උන් දෙන්නාට මොනා වෙලාද දන්නේ නැහැ...