Tuesday, September 17, 2019

228. ආදර සිපිරිගෙය තුල



ඝන අහස කලුවර
වසා ඇති බොහෝ 
නිම්න කදු මාරක අනතුර...
තරු එලිය පවා රවටන
පාවෙන කැට කැබිලිති
අත පොවන සැනෙක බාඳුර...

දුක් දොම්නසින් පෙරවුන
එකම පොඩි කෙම්බිම 
නුඹ මා පෙමින් සිරකල...
අතැර කොයි යම්ද තනිකර
මියෙමි ඔබ දෙපා පාමුල
අවසන් සුසුම සිරකර....



~~~මන්ජි 

13 comments:

  1. දිවිය සොයමින් යන'තර
    දිය බිඳක් වත් නැතිව
    මැදිවී කතර

    දිනය අවසන වැතිර
    ඉන්න ඉඳිනට නැතිය
    අතු පතර

    දිගය තව සසර
    මියෙන්නටවත්
    නොමැත නිසි අවසර

    දිගැසි රත් අදර
    දෙතොල මත
    තැවරුවේ අමයුර

    ReplyDelete
    Replies
    1. ලස්සන පිළිතුරක්... රිද්මයක් තියෙනවා.. ස්තුතියි

      Delete
  2. මේහ්, අර සුහදිනී එහෙම කෝ දැං? උන් දෙන්නා තාම වලිකිස් ද? :P

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නට මනාප විදියට ඔන්න ඔහේ ටිකක් හිටියාවේ.....

      නැතුව මම ලියපුවා දාගන්න වෙලාවක් නැතුව එහෙම නෙවෙයි ඈ

      Delete
  3. ලස්සනයි. කවුද මේ මන්ජි?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      මන්ජි තමයි ඒ ආදරේ විඳින්නේ.....;-)

      Delete
  4. Ane lickitho mta dan ara kathawe vranga, theekshna,madulika kyna nam tka vtrai mathka onna hodada,

    ReplyDelete
    Replies
    1. ඒ කවුද ඒ?
      අලුත් චන්ද පදනමක් තියෙන පක්ෂයක උන්ද? මට මතක නෑනේ අප්පා

      Delete
  5. මැට්ටියෙ කෝ කතාව... තීක්ෂණටයි, මධූටයි මොනව වෙලාද දන්නෙ නැහැ...

    කවිය ලස්සනයි හරි ය...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි...

      එකනේ අප්පා... සිපිරි ගෙයක වැටිලා පේන්නේ නැද්ද.. උන් දෙන්නාට මොනා වෙලාද දන්නේ නැහැ...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...