Monday, February 13, 2017

62. කතාවට කතාවක්



සමහර ප්‍රබන්ධ සත්‍යට වඩා ගොඩක්ම සත්‍යයි. සමහර සත්‍ය ප්‍රබන්ධ වලට වඩා විශ්මය දනවන සුළුයි. සත්‍යත් ප්‍රබන්ධත් අතරමැදි දේවල් මායාකාරී විදියට හිත රවටනවා.

නවකතාවක් කියන්නේ කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට නවකතා තුල අපිට අපිවම මුණගැහෙනවා. සමහර නවකතා තුල අතුරු කතා අතරේ අපේ මහා කතාවේ අක්මුල් විහිදිලා ගිහින් අපිව ඒ කතාවට බද්ද වෙනවා. කියවන්නා විතරක් නෙවෙයි... සමහරවිට ලියන්නී වන ලිඛිතාත් එහෙම මගේම කතාවල හිරවෙලා පැටලෙනවා.

සමහර වෙලාවට මමම මගේ කතා කියෝලා බලලා පුදුම වෙනවා. ඒ මගේ හැකියාව නිසා නෙවෙයි 'නරුම කෙල්ල! උඹ ඇයි ඒ විදියට ලිව්වේ' කියලා මටම දොස් කියාගන්න! ඉතින් ඒකෙන් කෙනිත්තිලා වරුවක් විතර ආයෙමත් ඒ කතාව ඇතුලේ මගේ කොටස් පෙරලා වෙන් කරන්න උත්සහ කරනවා, මම දන්නවා ඒ කතාවේ බාගෙට බාගයක් තියෙන්නේ මම මාව හොයපු වෙලාවල් කියල.



ඉතින් මට අනන්‍යතාවයක් කොහෙද?

මීට අවුරුදු ගණනාවකට කලින්, මම ලියපු කතාවක් මේ බ්ලොග් එකේ පලකරන්න කියලා හිතුණා. මේ කතාව ඇත්තටම ලියනකොට මට වයස අවුරුදු 18යි.  ඒ කතාව ගැන මම බිම සකස් කිරීමක් විදියටයි මේ සටහන තියන්නේ. ඒ අතරතුරේ මේ ගැන මෙහෙම ලියල තියෙන්න කියල හිතුනා.

මේ කතාවේ එන සමහර චරිත මනංකල්පිතයි. සමහර ඒවා අමුම අමුයි. කවදා හරි, කොතනකදී හරි මේ චරිත ඔබට මුනහැගෙන්න ඉඩක් ලැබුනොත්, මම පතනවා මේ කතාවෙන් ගත්ත දේවල් වලින් ඔවුන්ව ප්‍රශ්නෙකට ඇදලා නොදාවී කියල. මේ කිසි චරිතයක් මේ බ්ලොග් එක පැත්ත පළාතේ නොඑන බව නම් සහතිකයි.

ඉදිරියට ලියන්නම්....

(සුබපැතුම්පත් සහ රෝසමල් බාරදීමට කවුන්ටරයට වාර්තා කරන්න)

මෙන්න කතාව.

11 comments:

  1. සුබ පැතුම්!! කියවන්න බලාගෙන ඉන්නවා. ලියල මකන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.....

      හි හි හි හි එව්වා කියන්න බැරිය. අවිස්වාසබල් ය
      ( නෑ නෑ මේ පාර නම් යුද්දෙට ගිය ඇතා වගේ කාගෙන ලියනවා)

      Delete
  2. හැක් , බඩම පලයං. ලියපංකො බලන්න දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. මේ මොකාද බං මේ......කොහෙද යකෝ හිටියේ

      Delete
    2. මේ මළවුන්ගේ මාසෙද?
      සාස්තර කියනවා.... ගියපු අයව ගෙන්නලා දෙනවා, ඉන්න උන් එලෝනවා...... පොල් කඩනවා.. තැඹිලි බානවා... ආ සොලී!

      Delete
  3. හැක් , බඩම පලයං. ලියපංකො බලන්න දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. දුහුප් කිව්වේ... ආව මෙතැන !

      Delete
  4. බිම සකස් කරානම් ඇට ඉසින්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි.... එහෙම කරන්න වෙයි වගේ....

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...