Sunday, June 25, 2017

113. නිරුදක





රතුපාට කමිසයට වැහුණු
සුදුපාට උණුහුම් හදවත
පුරා ඉතිරී නොගිය,
නුරා ගින්නකට
පෙරුම් පෙරුවෙමි
නිරුදක කතරක් බව නොදැන...

ඇඳී දිය මත
අතින්කළ උරුවමක් විලසට
නෙලුම් පතකය
රඳන්නට කැපකලේ
ආලය...

'දුන්යා' ය එදා මම
උඹේ එක රෝමයක
පවා ජිවත්වන....

ප්‍රස්තුතය  : චන්දො ගේ කතාවක් - සඳ කළුවරයි

ප.ලි: චන්දො නොදන්නා අය සිටීද? ආ... එහෙනම් ඔය දන්නා අයගෙන් නොදන්නා අය අහගන්න එකයි



14 comments:

  1. දන්න අයෙක් ආපු ගමං කොමෙන්ටෙකක් දාන්ඩලා.. :))

    ReplyDelete
    Replies
    1. පොතේ නම තමයි දැම්මේ... සඳ කළුවරයි
      :-p

      Delete
  2. ලස්සනයි .....
    //දුන්යා' ය එදා මම
    උඹේ එක රෝමයක
    පවා ජිවත්වන....//
    මේ කොටසට වඩා කැමතියි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      ඈ වෙනුවෙන් ඊට වඩා ලියාගන්න බැරි උනා

      Delete
  3. බොරු නොකියමි.. මමද නොදනිමි.. නමුත් කවිය නම් අගෙයි හොඳටම.. ලස්සනට ලියලා.. හොයලා බලන්නම්කෝ චන්දෝ ගැන..

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙය්යාගෙන් ඇහුවේ නැද්ද? ඉස්සර දිවයින පත්තරේ කොටස් විදියට යන නවකතා ලිව්වා... දැන්වත් මතක් උනේ නැද්ද?

      Delete
  4. කියෙව්වා ...මතකය ඇවිස්සුනා

    ReplyDelete
    Replies
    1. ඒකෙ හිටපු නිරුදක වෙනුවෙන් මම සති ගානක් මුඩ් ගහල හිටිය. කෝ ඉතින් කිව්වට එකෙක්වත් ගානකට ගන්න එකක්යැ.. සිස්සත්වේ පන්තියේ උන්ට විභාගෙමයි ඒ දවස්වල.. මම මේ නිරුදක ගැන විස්සෝපෙන්!!

      Thanks for the comment

      Delete
  5. පේනවද මැස්සො ඇහිරෙනවා කියලා මට ගනන් ඉස්සුවා. දන්න කියන සේරම මෙහෙ.. මේ තියෙන්නෙ නියමෙට

    ReplyDelete
  6. කවිය කියෙව්වම පොත කියවන්න ආස හිතුනා

    ReplyDelete
    Replies
    1. ඔව්. මම චන්දෝ ලියන විදියට ආසයි. බොළඳ වගේ පෙනෙන ඒ කතා අස්සේ මට ලස්සන දේවල් මැවෙනවා. ඒ විඳීම වෙනස්. කියෝලා බලන්නකෝ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...