මම හිටියේ කලබලෙන්....
මහා කාලගෝට්ටියක් එක්ක , ගංවතුරට අහුවෙච්ච කොටයක් වගේ වෙහෙස වෙලා , හෝරා එකහමාරක් කිසිම කතාවක් නැතුව අධිවේගී මාර්ගයේ ආව උනත් මම හිටියේ මහා කලබලෙන්.
කිලෝ ගාන හරියටම හරිදැයි පස් හය වතාවක් කිරලා, අලුතෙන්ම ගෙනාපු ඉබ්බා තදකරපු මගේ ගමන් මල්ල හැල්මේ තල්ලු කරගෙන මම ඇතුල්වීමේ පර්යන්තයේ තිබ්බ දොරෙන් ඇතුලට පැන්නේ මේ දැන් පොලිසියෙන් පන්නනකොට දුවන කසිප්පු මුදලාලි කෙනෙක් වගේ වෙන්න ඕනේ.
"..... මන්ජි?"
දොරටුව ගාවදි එකපාරටම මතක් වෙලා, දාපු දිහාවක් මතකයක් නැතුව ගුවන් ගමන් බලපත්‍රය එක්ක දාපු ටිකට්පත් හොයන්නට අතේ තිබ්බ අත්බෑගයේ ඇතුලට ඔලුව ඔබාගත්ත මම ඒ ඇමතුමෙන් ඇත්තටම ගැස්සිලා ගියා.
විදුලි දුම්රියකින් එකපාරටම එලියට විසි උනා වගේ ඒ ඇමතුම මාව අවුරුදු විස්සකට එහාට තල්ලු කළා. මට තේරුනා.... ඔව්... ඒ නිසයි මට ඔලුව උස්සගන්න බැරි උනේ...
ඒත් මම දැක්කා සපත්තු දෙකක්.... හැමදාමත් වගේ ඒ සපත්තු 'අඩිඩාස්' තමයි!
දෙය්යනේ!!
"... ම.. මන්ජි... සමාවෙන්න.. ඔයා... මන්ජරි නේද?"
චතුර ඉංග්‍රීසිය මම සිංහලේට හරවගත්තා, නොදැනීම.
මේ දැන් වතුරට අහුවෙලා පෙඟිච්ච කඩදාසියක් දිග අරිනවා වගේ, මම ඔලුව ඉස්සුවේ පුදුමාකාර පරිස්සමෙන්. කකුල් දෙක.. ඊට පස්සේ ඩෙනිම් කලිසම... කළුපාට ජැකට්ටුවෙන් වැහුණු කමිසය.... කොයි වෙලෙත් ගැස්සෙන උරහිස්... කැපිපෙනෙන කෙට්ටු බෙල්ල.... මාව එකපාරටම සහරාවට වැටුණු එස්කිමොවරියක් වගේ දාඩියෙන් පෙඟිලා ගියා...
ඔව්... අවුරුදු විසි තුනකුත් , සති විසි දෙකක වෙන්වීමක, හමුවක්!
"අහ් "
මම පුදුම උනේ බොරුවටත් නෙවෙයි. ඇත්තටත් නෙවෙයි.
ඔහු.... කූරූ කූරූ කොණ්ඩය, පැත්තකට බෙදලා පීරලා උනත් වහන්න බැරි ඒ කඩවසම් පෙනුම දරාගෙන මාව කීතු කරන ඒ බැල්ම ඇතුලට විශ්මය; ප්‍රීතිය; දුක සම්මිශ්‍ර පැහැදිලි බැල්මකින් බලාගෙන හිටියා.
එකපාරටම පැනලා මගේ අත්දෙක එකතු කරලා තද කරලා බදාගෙන උන්නු ඔහු, ඒ අත් දෙකේ පිටි අල්ල ඒ මොහොතෙන් සිපගන්නකල් මම මොන කෙහෙල්මලක් කලාද කියන්න මම දන්නේ නැහැ!
"දෙය්යනේ ඔයා..... පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ"
ඒ ටික ඔහුගෙන් කිය උනේ සෑහෙන වෙලාවක් අරගෙන. ඉංග්‍රීසි උරුව විසින් ඔහුගේ සිංහල උච්චාරණය සෑහෙන බලපෑමකට ලක්වෙලා කියලා මට ඒ විකල් මොහොතේ පවා හිතුනා.
මගේ සරුවාන්ගෙම පන නැති වෙලා ගිහින්, මේ දැන් බිමට කඩාගෙන වැටෙන ගුවන්යානයක් වගේ බිමට වැටෙන්න යනකොට මට තේරුනා, ඔහු මාව තාමත් වාරුකරගෙන කියලා. මාව වෙව්ලනවා... මම දැක්කේ ඔහුගේ ඇස්වල තිබ්බ ගැඹුරු පෙනුම.
'මොකද්ද ඒ කලේ?'
මට එහෙම අහගන්න බැරි උනා. ඒ වෙනුවට මම ආයෙමත් උගුර ඇතුලෙන් සද්දයක් කලේ සංඤාක 'ද'යන්නක් හිර උනාම වගේ.
"....මන්ජි... මාව අඳුරගන්න බැරිද? මම..."
මුලින්ම සිහිය එලව ගත්තෙත් ඔහුමයි. මාව හෙමින් නිදහස් කරලා යන්තමින් කකුල් දෙකින් හිටෙව්වේ අපහසුතාවයට කන්දෙක රතුම රතු කරගෙන.
ඒත් මොන අරුමයකටද මන්දා යන්තමට ගෑවිලා තිබ්බ ඒ පපුවෙන් ආපු ඒ උණුහුම් සුවඳ මාව තලලා; පොඩි කරලා ; ඔද්දල් කරලා දාලා තිබ්බේ. ඉතින් කතාකරන්න බැහැ !
මගේ අත්දෙක වෙව්ලනවා තමයි, නමුත් කලබලේට දාගෙන හිටපු කබායෙන් මට ඒ තත්වය වහගන්න පුළුවන් උනා. සුදුපාට ලිනන් කමිසයේ උඩු සාක්කුවේ සියදිවි නසාගන්න තනන අවුකණ්නාඩියක් බොහොම අසීරුවෙන් අන්තිම මොහොත ගතකරනවා. ඔහුගේ හැමදාම තිබ්බ විනිවිද යන බැල්ම තවදුරටත් දරාගන්න බැරුව උනත් මම උන්නේ ඒ ඇස්වල ඇලිලාම තමයි, ඉතින් මම ගොළු වෙලා.
"... සමාවෙන්න... "
ගෝනුසු විසකින් අඩපන වෙලා, පපුවේ මැද්දට වෙන්න තදවෙලා හිටපු මාව හෙමින් නිදහස් කරපු ඔහුගේ කාපට් කරපු මහපාරවල් දෙකක් වගේ තිබ්බ ඇහිබැමි වලින් එකක් එසවුනේ ඉබේටම.
දෙකට බෙදිලා තිබ්බ නිකට යටිතොල තදින් හපාගත්ත නිසා තවත් තදින් පෙනුනා.
"ගුවන්යානයට යන්න පරක්කු වෙනවා"
පපුවේ අහුමුලු ඔක්කොම අතගාලා , හුරලා අරගෙන මම එහෙම කිව්වේ පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති තානයකින්.
අවුරුදු විස්සකට පස්සේ මම ඇත්තටම කිව්වේ එහෙම වාක්‍යයක්ද ?
ගල්ගෙඩියකින් ගහලා වීදුරුවක් කඩනවා වගේ කිසිම ගැලපීමක් නැති උත්තරයක් උනත් (ඒ මදිවට මගේ මොට්ට ඉංග්‍රීසියෙන්), ඉස්සර වගේම කන්දෙක රතු කරගෙන , බිම බලාගෙන ඔහු පැත්තක උනේ හරියට මග අහුරගෙන හිටියට වගේ .
ඔහු හිටපු පැත්ත ඇරෙන්න අනෙක් පැත්තම තිබ්බේ විවෘතව. මගේ අත්දෙකේ වෙව්ලිල්ල ඒ වෙනකොට කකුල්දෙක දක්වාම ගිහින්. කකුල්දෙක මට මාරු කරගන්න බැරි උනත්, මම මීට අවුරුදු විස්සකට කලින් කරපු රඟපෑමෙන් පටන් ගත්ත; ආයෙමත් මොනවහරි හොයන්නා වගේ අත්බෑගය අදින්න ගත්තා.
"ත-නි-යමද?"
උගුරෙන් වගේ හිරවෙලා ඒ වචන ආවේ සෙනග පිරුණු බස් එකකින් පීරාගෙන එන කෙනෙකුගේ වගේ .
මම ගැස්සිලා ඔහු දිහා බැලුවා නෙවෙයි, ඉබේම බැලුනා. ආයෙමත් ඕනේ කලේ රඟපාන්න. ඒ උනාට මට බැරි උනා ගින්දර වගේ බැල්මකින් ඔහුව පුළුස්සලා දමන්න.
මම ඉතින් ඒක ඇහුනේ නැහැ වගේ යන්න ගත්තා.
".. මන්ජි.. ඔයාගේ බෑග් එක?"
මම හැරිලා බැලුවා. මාව ගල්ගැහෙන්න ඇති ඒ පෙනුමට. මෙතෙක් මම දැකපු කඩවසම්ම පුද්ගලයා ඉදිරියේ ඉඳගෙන මෙහෙම පත්තු වෙන එක මම විස්තර කරන්නේ කෙලෙසකද? එදා හිරිමල් කෙල්ලක ලෙස සසලවුනු ඒ හිත එක්කාසු කරගන්නට බැරි මම උන්නේ ඇත්තටම සේලයින් අවශ්‍ය තරම් අසාධ්‍යව.
මගේ ගමන් මල්ල ඇදගෙන මගේ ළඟට එනවිටමයි මම දැක්කේ ඔහුගේ අතේ තිබ්බ බෑගය. එය තරමක් ලොකු, මිල අධික , සන්නාමයක් සහිත බෑගයක්. ඔහු.. ඔහු හැමදාම ගත්තේ සන්නාම සහිත දේවල් තමයි ; එකක් හැර!
මට මහා වේදනාවක් දැනුනේ ඇයි ?
බෑගය මගේ අසලින් කෙලින් කොට නතරකර, දෙනෝදාහක් අතරේ මගේ දිහා ඔහු බලා උන්නේ කුමන හිතුවිල්ලකින්දයි කියන්නට මට තේරුමක් නැතත්, අවුරුදු විසිදෙකක අතීතයකට මාව තල්ලු වෙලා ගියේ ඇසිපිය ගසන සැනින්.
නිල්පාට ඩෙනිමකට , පීච් පාට ටී කමිසයක් ඇඳගෙන උන්නු කෙල්ලක් ඉස්සරහින් 'අඩිඩාස්' සපත්තු දාගත්ත අවුරුදු දහනවයක දඟකාර කොල්ලෙකුගේ සුවඳක් එකවරම මගේ නහය වසාගෙන පැතිරිලා ගියා.
"මේ මොකද්ද?"
"බෑග් එකක්!"
"බෑග් එකක් කියලා මට පේනවා.. මම අහන්නේ මොකටද කියල.."
"ඉස්සෙල්ල ඇහුවේ මොකද්ද කියලනේ.... දැන් අහන්නේ මොකටද කියලනේ"
"මොකක් උනත්... "
"..........."
"මට එපා"
"දන්නවා.."
"මොනවද?"
"ඔයාට එපා කියලා..."
"එහෙනම් ඉතින් උස්සගෙන ආවේ?"
"ඔයාට දෙන්න"
"මට එපා කියල දැනගෙනත්?"
"ඒක නෙවෙයි.... දැන් මේ බෑග් එක වගේම.. හැම දේමත් මෙහෙම පෙන්න පෙන්න 'මේක මොකද්ද.. මේක මොකද්ද' කිය කියා අහනවද?"
මම රවුම් කරගත් ඇස්වලින් බලාසිටින්නේ මේ ටියුබ් ලයිට් ගතිය නිසා බව ඔහු හොඳින්ම දන්නා නිසා, ඔහුම රතුකරගත් මුහුණෙන් හිනාවෙනවා... ඔන්න ඉතින් මගේ යක්ෂයා වැහෙන වෙලාව!
"අනේ මෙහ්... මාව විහිළුවකට ගත්තද?"
මම එහෙම කලේ ඇඟිල්ලත් උලුක් කරන ගමන්.
"තරහ ගියාම හරි ලස්සනයි... පොප් කෝන් එකක් වගේ"
ඔහු මගේ ළඟට ලංවෙනකොට මහාමේරු පරුවතේ කඩන් වැටෙන්න යනවා වගේ හැඟීමක් ආවා මට හොඳට මතකයි. ඒ උනාට එහෙම කඩන් වැටෙනවා නම් දුවන්න එපැයි ? කෝ ඉතින් මම එතනමනේ!
"එහෙම්.... එහෙම්...."
උගුර පාදාගෙන උඩුමහලේ පඩිය නැගගෙන ආවේ ඔහුගේ යාළුවෙක්. ඒ මොහොතේ මම ඒ දිහා බලන්න ඔලුව හැරෙව්වා වමට, මගේ දකුණු කණේ ඇතුලට ගියේ මෘදු, උණුහුම් හුස්මක්... මාව සීතල වෙලා ගියා වගේම මොකද්දෝ විදුලියකින් මාව ක්ෂණයෙන් තල්ලු කර දැමුවා.
ඒ ඇස්වල තිබ්බේ ආදරේ කියලා මට නොදැනෙන්න තරම් මම බබෙක් නෙවෙයි උනත් මට ඕනේ කලේ බබෙක් වෙන්න. මම ඉතින් බිම බලාගත්තා.
ඉතින් දැන් ඒ බබා කවුන්ටරේ ගාව බිම බලාගෙන , පපුව 'දඩි - බිඩි' ගාද්දී හොරෙන් හොරෙන් වටපිට බලනවා.
ඔලුව උස්සන්නේ නැතුව එහෙම බලනකොට පේන මානයේ කොතනකවත් ඒ සපත්තු දෙකවත් අහු උනේ නැහැ. ඔලුව උස්සන්නත් බැහැ , මොකද මම මේවා ඔක්කොම කලේ රහසෙන්, ඉස්සර වගේමයි!
ටිකට් කවුන්ටරෙන් මගේ අලිම අලි ගමන් බෑගය , පිටිපස්සේ හිටගෙන හිටපු මහත මනුස්සයාගේ උදව්වෙන් බෙල්ට් එකට දානකොට බැලුවත්, ඔහුගේ එක සලකුණක්වත් පෙනෙන්නට තිබ්බේ නැහැ. එකපාරටම වගේ සෙනඟ වැඩි උන නිසා කොහොමත් හොයාගන්නත් බැහැ. මගේ හිත තැලුනා තමයි, ඒත් මොනවා කරන්නද කියලා මම මගේ හිතේ 'ඔලුව' අතගෑවා.
ටිකට් කවුන්ටරේ පෝලිමට එකතු වෙලා ඒ වැඩේ ඉවර කරගත්ත ගමන්ම මට ඕනේ කලේ වටපිට බලන්න. ඒ උනාට මාව පාගාගෙන හිටපු ඇතුලත එකෙක් ආයෙමත් මගේ බෙල්ල අල්ලාගෙන හිටපු නිසා මම වටපිට බැලුවේ නැහැ. ඒත් ඉතින් දෛවය කියන්නේ කොයිවගේ දෙයක්ද කියලා මට තාමත් පුදුමයි..
ගුවන්යානයට බලාසිටින සෙනඟ අතරේ ඇස්දෙක කොහේටවත් නොයවන්න තීරණේ කරලා, බිම්බෝම්බ මැදින් ඇවිදගෙන යන මහළු සොල්දාදුවෙක් වගේ මම හිස්වෙච්ච පුටුවක් හොයාගෙන ගිහින් වාඩි උනේ ගැහෙන හදවතින්.
මේ දැන් විනාඩි විස්සකට කලින් මාව හොලවලා හොලවලා බිමට අතෑරපු පුද්ගලයා විසින් මගේ ඔලුව සම්පුර්ණයෙන් අවුල් කරලාද? අලුතෙන් අවුල් කරගන්න යමක් තිබ්බේ නැහැ වෙන්නත් පුළුවන්.
ඇත්තටම මේක දෛවෝපගත හමුවිමක්ද?
කොහොමටත් වෙන්න බැහැ ! ඔහු තවදුරටත් මගේ වපසරියේ ඇත්තේද නැහැ. සමහරවිට ඔහුගේ අලුත් පවුලත් සමඟ හිඳ නිවාඩුවට ආවා විය හැකියි. ආපසු යන ඔහුගේ හිත පහුරුගාන්නට මට ඇති අයිතිය කුමක්ද? මගේ තිබුණු කලබලයට නොබැලුවාට ඔහුටත් මංගල මුද්දක් තිබෙන්නට ඇති.
හිත මහා කන්දක් සේ නායයනු මට දැනුණි...
ඊට පස්සේ??
to be cont...
reading.........
ReplyDeletewriting...
Deleteමේං බලාපල්ලාකො ඉතිං! :P
ReplyDeleteහැයි ? මුකද ප්‍රෂ්න ????
Delete:-D
හැයි ගාන්නෙ! හිටුකො, කියවන්නෑ මේකත් අර රෝස මල ලියලා ඉවරයක් කොරනකල්! :P
Deleteඔන්න කිව්වා... ඕන්න කිව්වා...... ඔය කිව්වේ!!!
Deleteඒ පාර මෙයත් මෙතන හර්තාල් කරන්න ගත්තා. ඈ බොලව්නේ මම මේ කරන්නේ සමාජ සත්කාරයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි..... කොහොමද? මෙන්න මෙහෙම....! ආ ඇත්තනේ.. පේන්නේ නැහැනේ.. පස්සේ දවසක විස්තර ඇතුව කියන්නම්කො
මෙයත් ඒ පාර රතුපාට මල් ඉල්ලනවා.. ළමයෝ ඔය ඔක්කොමත් හරි.. ඔයාකාර හිතුවක්කාර වෙන්ට එපා
හී.... අළුත්ම එකක්... ඒත් ඉතින් ඔක්කොම මතක තියාගන්න එක එක තමා පුස්නේ...ටැපලෙනවා බං...
ReplyDeleteලස්සනයි ලිඛියෝ...
draft එකෙන් ඇදලා ගත්තේ.... කමක් නෑනේ නේ?
Deleteඅනික්වා ඉවරද... මගේ අඹ කතාව වගේ ඉවර නැතුව නේද අලුතින් පටන් ගත්තේ
ReplyDeleteෂ්... කෑගහන්න එපා හරිද.... ඔහොම කලාම මිනිස්සු පෝස්ට් ලිය ලිය බනිනබව මම දැකල, අහල තියෙනවා.. ඊට පස්සේ ඉතින් පාඩුවේ කවියක් දෙකක් ලියාගෙන..... පරණ පෝස්ට් එකක් ආපහු එහෙම පබිලිස් කරගෙන ( නෑ නෑ අර සඳවතී එහෙම ඒකට සම්බන්ධ නැහැ) ඉන්නයි තියෙන්නේ...
Deleteහත්වලාමේ මට මතක නැති උනානේ මුන් සීනිගම ගිහින් මිරිස් අඹරයිද ?
අන්න දැක්කද බොලා එහෙම මතක් කලා නිසාම මට බඩ්ඩක් මතක් උනා ඉතින් ඔන්න ආයෙත් පබ්ලිශ් කොලා.සැක් ඇයි මට අමතක වෙලා තිබ්බ මගේ කැත පුරුදු මතක් කලේ ආ...
Deleteඅලේ... ඉතින්... පරණ එකක් ආයෙමත් පොස්ට් කොරල නේද??? මේ මේ මේ.... ඒවා ඔට්ටු නැහැ හරිද.. වහාම අකුලාගනු!
DeleteGrrrrrrrrrrr
ඉක්මනින් කතාව ඉවර කරව්...
Deleteලිඛිත ලස්සනට ලියනවා ඒත් වෙලාවකට ෆ්ලෑෂ් වෙනවා වගේ මංඤං ම වෙලා යනවා
ReplyDeleteඉස්කෝතුයි !
Deleteමොකක් කිව්වා??? ආ.. ඒ මගේ බ්‍රෑන්ඩ් එකනේ... ගණන් ගන්න එපා අනේ.. මැණුෆැක්චරින් ඩිෆෙක්ට්ස්
කියෙව්වේ නෑ.. උඹේ මේ කතන්දර ඔක්කොම ටික ලියල ඉවර උනාම කියහන් වෙනම නිවාඩුවක් දාල එක පිළිවෙලකට කියවන්න.. හුහ්..
ReplyDeleteකියන හැටි විතරක්!
Deleteඅනේ යන්න නිකන්.... බොරු කියන්නේ නැතුව
අනෙ දෙයියනේ ලිඛිතෝ මේ දවස්වල ඔයාට රවියා වදවැහිල ඉන්නෙ. අපි මෙව්වා සේරම මතක තියාගන්නේ කෝමද අප්පා.
ReplyDeleteහලේ... මේ මොන අපහාසයක්ද බොලේ... ඊට වඩා හොඳයි ඔඩ්ඩි මස්සිනා වැහුනය කිව්වා නම්..... මේවා මේ ඇන්ටික් ගොඩෙන් ගත්තේ. විශේෂ හේතුවක් නිසා දැම්මේ.. කෙටිකතාවක් අනේ... තව එක කොටසයි! සහතිකයි... අත්දුටුවයි.. සත්තයි
Deleteනැතුව ඉතින් වෙන මොකාද මේ බ්ලොග් ලෝකෙ ඉන්නෙ සමාන කොරන්ටමෙහෙව් එකියෙක්ට. මම දැන් කොච්චර කාලෙක ඉදන් බලන් ඉන්නවද අර අනන්නගෙ හුටපටේ කියවන්න කෝ ඉතින් මේ ටිකේම පුවත් එශැනින්. සික් විතරක් මනම් කියවලා එනවා හොරා වගේ කමෙන්ට් කොරන්නෙත් නෑ තරාට
Deleteසොඳුරු සහ ලිබිතා,
Deleteයකෝ උඹලට මෙතන ඇවිල්ලත් මාව පතුරු අරින්නෙ නැතුව ඉන්ට බැරි හැටියක්..
දෙයියම්පල්ල ඔය කේන්දර වල තියෙන්නෙ බොරුමත් නෙවෙයි නේද? කියල මට හිතෙන්නෙ මෙන්න මේ වගෙ වෙලාවට තමයි.
මට ඔන්නං අවුරුදු දොළහක් විතර ඇති...එක දිගටම අසනීප වෙන හින්ද අපෙ අත්තම්ම මගෙ කේන්දරේ ඇරගෙන ගියා ඉසුරුමුණියෙ පොඩි හාමුදුරුවො ලඟට. ඒ කාලෙ සුප්‍රසිද්ධ නක්ෂත්‍රඥයෙක්.
මොනවද දන්නවද අත්තම්ම ඇවිල්ල කිව්වෙ?....
"සුට්ටි පුතේ ඔය අසනීපගතිය නම් හෙට අනිද්ද වෙනකොට ඇරිල යයි කියල කිව. ඒක මේ උඹට ලබාපු පොඩි නරක කාලයක් හින්දලු එහෙම වෙලා තියෙන්නෙ. ඒක වැඩක් නෑ. අහපංකො ඊලඟට කිව්ව එක.උඹට පුතේ ස්ත්‍රී පක්සයෙන් නම් බොහොම අපලයි කිව්ව.කරන කියන කිසිම දේක හොඳක් නං අහන්ට වෙන්නෙ නෑ කිව වනිතාවියංගෙං.කොච්චර හොඳ කලත් කටු අතු වගෙ එල්ලෙන්ටමලු බලන්නෙ.ඒක මේ ආත්මෙ ගෙවල ඉවර කරන්ට බැරි පවක්ය කියලත් කිව්ව. ඒකට හේතුවත් හාමුදුරුවොම කිව්ව. උඹ ආත්ම ගානකට ඉස්සෙල්ල බුදු හාමුදුරුවන්ගෙ කාලෙ අවන්තී නුවර වෙලඳ කුලේක ඉපදිලා...."
අත්තම්ම මගේ ඒ පෙර ආත්මබාවයෙ කතාව ඔක්කොම කිව්ව. ආය දවසක බ්ලොග් පෝස්ට් එකකින්ම ඒ කතාව කියඤ්ඤංකො හොඳේ ළමායි?
ඔය කියන්නේ නිධාන කතාව...
Deleteමට ෂුවර් ඒ වෙළඳ කුලේ ඉඳල කඩයට එන ස්ත්‍රියාවොන්ට හොරට බඩු කිරල දීල අහුවෙන්ට ඇති... ( ඒකද දන්නේ නැහැ ඒ දවස්වල අර නර්ස් නෝනලා ටිකකට කඩේ යන්න තියාගත්තේ.. ඔව් ඔව්.. අපිට එව්වා හොඳට මතකයි.... අර හිරැසගල පැත්තේ ඉන්න කාලේ!)
කතාව ඉතින් නොලිව්ව්ට අපි දන්නවා... පරණ වරහන් වැසීම මැනවි...
:D :D :D
Deleteඅනේ අර ෆේස්බුක් එකේ වගේ කට්ටියව ටැග් කරන්ඩ බැරි හැටි මේකෙ. එහෙනං තව කට්ටිය මෙතනට අඬගහගන්ඩ තිබුණා. :D :D :D
"වහන්න බැරි ඒ කඩවසම් පෙනුම දරාගෙන මාව කීතු කරන ඒ බැල්ම" //
ReplyDeleteඅම්බෝ... ලිඛිතා ඔච්චර ලස්සන කරන්න එපා කොල්ලව.. මට දොලදුක් එනවා කොල්ලව බලන්න....
ඇත්තනේ ඉතින්... කඩවසම් පෙනුම දරන්න බැරිනම් මොකක් කරන්නද? ;-)
Delete"මට මහා වේදනාවක් දැනුනේ ඇයි ?" කතාවේ ඉතුරු ටික කියවන්ඩ කොච්චර කල් යාවිද නොදන්නා නිසාය. කතාව දිගට ඇදී ගොස් ඉවර වෙන තෙක් මා ජීවත් වේ දැයි නොදන්නා නිසාය.....ඒ ඔක්කොටම කලින් මෙහෙම හිත හිතා ඉන්ඩ ගිහින් ප්ලේන් එක මිස් වෙනද පුළුවන් හින්දාය.
ReplyDeleteඔන්න ඕකනේ ඉතින්... ඉන්ට ටිකක් ඉවසලා...
Deleteඅනං මනං කියන්න එපා.. ළිඳ ළඟ හොල්මනට කියනවා ටිකකට ඇවිත් යන්නය කියල
ලියන්න ලියන්න ආයෙම ආවා කියවන්න එක දිගට
ReplyDeleteෂරි ෂරි නෝනා... මේ ලියනවා.. මේ ලියනවා
Deleteදකුණු මායිමේ කියවන්නෙ මේ දවස්වල...මට මේක පේන්නෙ ඒකත් එක්ක සමපාත වෙලා දැන්.. ටිකක් මීට සමාන සිද්ධීයක් තියනව ඒකෙත්....පොඩ්ඩක් විසිරිච්ච ගතියක් තියනව..මොකක්ද මේ සිද්දවෙන්නෙ කියන කුතුහලයක් එක්කම...ලියන්න දිගටම....
ReplyDeleteඒ මොකද්ද ඒ? මම ඉතින් පොත්ආබාධිත නිසා කියන්න විස්තරේ
Deleteවිසිරිච්ච ගතියක් ඇති... හේතුව මම නොකියමි. ඔබට එය තේරෙන්න ඇති.... කොහෙද ඉතින් ඔයත් එක්ක බැහැනේ!!
කොටස් තුනක් තියෙනවා.. කියෝලා බලන්න
2
3