Thursday, September 7, 2023

කාලෙකට පස්සේ...

 


කාලෙකට පස්සේ...


'උන්මාද චිත්‍රාදෝ මා' කතාවට සම්බන්ධ තව කතාවක් ලියමින් පවතිනවා. කියවමුද?


-ලිඛිතා 

Sunday, July 2, 2023

දැන් මං mk?

 සමහර කතා...


ලියාගන්න කාලය හරස් වෙනවා. ඒත් එයාලා මට කරදර කරනවා


' මංජියෝ.. මං ගැන ලියන්නෙ කවදාද?'


' ලියන්නම් මචෝ.. දැන් ලියන එක ඉවර වෙලා?'


ඉතින් උන් දින වකවානු, දේශගුණය ගැන එහෙම අහනවා. මං කටට ආපු එකක් කියලා ගැලවෙනවා. මගේ කරුමේ කියන්නේ උන් ඒවා පොත්වල ලියාගන්නව. 


ආයෙත් ඩෙඩ් ලයින් මතක් කරනවා..

මං හෙමීට ලිස්සල යනව..

මොකද, කීප දෙනෙක් තරවටු කරල ගුටියක් දෙකක් එහෙම දීල තියෙනවා එහෙං මෙහෙං කෑලි ලියනවා කියලා. 


ඔහොම ගිහින් ඔන්න මං දවල් වෙලා ඇහැරලා කබ කඩ කඩ සාලෙට එනකොට මෙන්න කවුද ටීවී බලනව..


ඈහ්! අඩෝ මේ උඹ කවුද?


කවුද අහන්නෙ පේන්නෙ නෑද? මං අර 'අහවල්' එකා.. දැන්ද ඇහැරුනේ.. තේ හදපිය මට තිබහයි.


තේ? උදේට තේ බොන්නෑ මං.. මොකද කියන්නේ කේක් එකක් ඕඩර් කරලා ඉඟුරු ප්ලේන්ටියක් දාමුද?


දෙන්නම සෙට්!


එදා පටන් උන් එකා දෙන්නා තව එකා දෙන්නා බැගින් ගෙදර සාලෙට ප්‍රාණිභූර්ථ වෙනවා. 


බුදු අම්මෝ සෙනඟ!


උන් එක්ක සංවාද හරිම මාන්දමිකයි. ඒත් මාර ජොලි. මගේ මූඩ් එක දන්න හින්දා ගොඩක් පහසුයි.


ලයිෆ් එක රොම්බ මාවලස් වෙනවා..


කතා ලිවීමට වඩා ඒක ආතල්!


😳


නොලිව්ව කතා එක්ක වැඩට යන, කන බොන , ජෝක්ස් දාන මට වෙලාව කොඤ්ඤම් කොඤ්ඤම් මදි..


මේකට මං mk?


- ලිඛිතා 🤓

Thursday, March 2, 2023

NOTICE

 'මට ඇහෙන සරින්' කතාව බ්ලොග් අවකාශයෙන් සමුගන්නවා.. ගොඩක් ස්තුතියි කියෙව්වාට 

Thursday, February 2, 2023

Announcement : උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව (E book )


 



මේ Blog එකේ මීට මාස ගණනකට පෙර පලවූ මගේ 'උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව E book එකක් වශයෙන් නිකුත් කරන්නට ලැබුණා.




පිටු 1240 කට වඩා දිග නවකතාවක් එය.



ගොඩාරියක් ස්තූතියි ඒ පොත මගෙන් මිලට ගත්ත හැමෝටම. තවත් කිප දෙනෙක්ම මගෙන් විස්තර අහලා තිබුණ නිසා මම මේ සටහන තබන්නේ ඒ හැමෝම වෙනුවෙන්.
ඔබට එයින් පොතක් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
1. මගේ inbox එකට message එකක් දාලා ගිණුමේ විස්තර ඉල්ලා ගන්න ( Direct bank transfer හෝ paypal වලින් ගෙවන්න පුලුවන් )
2. එම ගෙවීමේ සහතිකයේ පින්තූරයක් සමඟ ඔබේ email address එක මට message කරන්න.
3. දිනක් ඇතුලත ( පැය 24 ක්) ඔබේ email එකට අවශ්‍ය තොරතුරු සියල්ල ලැබෙනු ඇති.
එපමණයි!
- වෙනත් ඇප් එකක් හෝ මෘදුකාංගයක් අවශ්‍ය නොවේ
- ඩේටා වැඩිපුර කැපෙන්නේ නැත. සරලයි.
- E book එක expire ( කල් ඉකුත්වීමක්) නොවන නිසා පොත සැමදාම ඔබට තබාගත හැකිය.
- ඕනෑම තැනක සිට දුරකතනයෙන් පවා කියවිය හැකිය.
- ISBN සහිත කතාවක්.






ලිඛිතා මංජරී
Related Posts Plugin for WordPress, Blogger...