Friday, July 29, 2016

17. නූතන අශෝකමාලා





මගෙ කුඩා පැල්පත
නුඹ විසල් පතුලට
පෑගුන .....

එකම එක පුටුකබල
නුඹ සුවඳ
තැවරුණ...

සාලියත් නොවේ නුඹ
මා සොයා
පැමිණෙන...


Sunday, July 24, 2016

16. තරාදිය

'දඩාස්'!!
ඉස්සරහ දොර සද්දෙන් වැසෙන හඬට බෝඩිමේ සියල්ලෝම උඩගිහින් වහලේ වැදෙද්දී, ඊට වඩා සද්දෙන් චාරුනිගේ හැඬුම් හඬ ඇසුණු මාලිකා කාමරයෙන් එලියට දුවගෙන ආවා.

"චාරුනී.... මොකද ළමයෝ.... මොකද මේ අඬන්නේ... අනේ කියන්නකෝ.. මොකද්ද කරදරේ... කවුරුවත් පස්සෙන් පැන්නුවද ? කෝ කවුරුත් නැහැනේ පේනතෙක් මානෙක.. කෝ ඉතින් කියන්නකෝ ළමයෝ ඔය ඇඩිල්ල නතර කරලා....චාරුනි... මොකද නංගෝ...?"

"ඇයි ඇයි අක්කේ. මොකද්ද ප්‍රශ්නේ?"

"නෑ මේ බලන්නකෝ රුෂිකා, එකපාරටම අඬාගෙන ආව. මම බය උනා.. කෝ ඉතින් අඬනවා මිසක් වචනයක් තාම කිව්වේ නැහැනේ. මොකද ළමයෝ... කතාකරන්නකෝ"

"ටිකක් ඉන්න දෙන්න පාඩුවේ"

"ඔව් ඔව්... කට්ටිය යන්න.. මම ඉන්නම්. රුෂිකා  පාරට යනවනම් මටත් එක්ක කොත්තුවක් ගේන්න හරිද?"

"හරි හරි....  තව ටිකකින් යන්නේ"

මාලිකා ඇඳේ පෙරලි හඬන චාරුණි දෙස මදවේලාවක් බලාගෙන හිඳ , සෙමෙන් විට්ටමට ආසන්නයේ වාඩිවුනා. චරුනිගේ උරහිස් ගැස්ම මදක් අඩුවූ බව ටික වෙලාවක් ඇයට දැනෙද්දී, දුම් දමන කිරිතේ කෝප්පයක සුවඳක් එක්ක මාලිකා ඈ අසලම සිටගෙන සිටිනු චාරුනිට දැනුනා.

15. අකරදාරුව



ලේ කැටි බිලිඳුන්
පලා කුස,
ගත්බවට නොඇදහුවෙමි...
එසේ ගෙන
බිම ගසා
මා මරා දමනතුරු
නුඹ!

Tuesday, July 19, 2016

14. සොඳුරු ; මුග්ධ




කවි හිතක්
මොන තරම් මුග්ධද?

කියා දුන් නුඹ
කොයිතරම් සොඳුරුද??

Wednesday, July 13, 2016

13. පොල්සම්බෝලෙන් කරන්ට්

මේක මේ ජෝක් කතාවක්ද කියල හරියටම කියන්න බැරි උනත් ඔෆිස් කතාවක්.



මගේ අතිජාත මිත්‍රයෙක් එක්ක මම කාලයක්  ගාලු පාරේ තිබ්බ කොම්පැනියක වැඩකලා. ඒ කොම්පැනිය ඒ දවස්වල තිබ්බේ කොල්ලුපිටිය හරියට වෙන්න, දැන් නම් පතරංග, අලුත්ම අලුත්, කිරිටොය්යා බිල්ඩිමකට අරගෙන ගිහිල්ල තියෙන්නේ. මම මේ කියන දවස්වල රෙන්ට් එකට තමයි හිටියේ. ඉඩපාඩු හොඳටම මදි උනත් ඉතින් වැඩේ කරගෙන ගියා.

මේ බිල්ඩින් එක උනත් තරමක් ලොකුයි.  තිබ්බ බිල්ඩින් උනත් අහස උසට හදල තිබ්බේ ඉඩපාඩු නැති නිසාමයි. ඒ ඔක්කොම අස්සේ අර ලබ්බේ තොවිලේ වගේ මුඩුක්කු ටිකකුත් තිබ්බා. කොටිම්ම පුංචි දොරක් වගේ එකකින් ගාලු පාරට ආවට ඇතුලට ගියාම බලන්න එපැයි , අර ලෝක ගොලේ මැද්දේ තියෙනවය කියන ජාතියේ වෙනස්ම ලෝකයක් වගේ එකක්. ඒ ලෝකේ සාලේ බඩු ඔක්කොම තියෙන්නේ පාරේ. ළමයි කන්නේ, පාඩම් කරන්නේ තවත් එකී, නොකී සියල්ල කරන්නේ පාරේ. අපේ බිල්ඩිමේ උඩ තට්ටුවට ඒ ගෙවල්වල සිද්දවෙන ගොඩක් දේවල් පේනවා.

12. (අ) සමමිතික





මන්දිර බද්ද
නුඹ ගෙවන,
මගෙන් අයකරන!

11. වටකුරු මේසය





මේ වටකුරු මේසය
ඔබ-මා දෙදෙන
හිඳින..

යාබද ලෙසට පෙනෙන
මුත්
සම්මුඛව සිටින,

සම්මුඛව දකින මුත්
යාබද ලෙස
සිතෙන ..

මේ වටකුරු මේසය

Sunday, July 10, 2016

10. ආස දේවල් එක්ක



මම ආස කරන දේවල් ගොඩක් නැහැ. ඒ උනාට ආස දේවල් වලට ආසයි කියන්නේ කිසිම කන්ඩිෂන් එකක් නැතුව. ඉතින් ඒවා වෙනස් උනත් මම ආස කරන එක වෙනස් කරන්නේ බොහොමත්ම අඩුවෙන්.
මේ අතරින් මම ආස කරන එක මල්ලක් තමයි පලතුරු කියන්නේ.

පලතුරු අතරින් මම කැමති මොනවටද කියනවට වඩා අකමැති ඒවා මොනවද අහන එක සාධාරණ කතාවක් වෙයි.  මොකද ලිස්ට් එක එතරම්ම දිගයි. මේ තියෙන්නේ එහෙම ඒවා වලින් කීපයක්.



මෙතන නැති උනත් මේ දවස්වල පාරවල් ගානේ තියෙන දේවල් වලින් ආසම දෙයක් තමයි මේ!

පින්තුරේ ගත්තේ මම නෙවෙයි (ක්‍රෙඩිට් එක වෙන කෙනෙක්ට යා යුතුය )

ගෝනියක් උනත් තනියෙන් කන්න පුළුවන් කියන්නේ කතාවට එහෙම නෙවෙයි. දීල බලන්නකෝ ඇත්තද කියල!!

ඒ ඔක්කොමත් එක්ක, කලින් මම පෙන්නපුව නම් දැන් මම ගන්නේ සල්ලි වලට තමයි, ඒ තමයි මගේ දුගී දුප්පත්කම. මෑතක් වෙනකල් රඹුටන් උනත් සල්ලි වලට අරගෙනම නැති තරම්. මට සල්ලිවලට ගන්න ඒවා කන්න හිත හදාගන්නම බැහැ. ඒ පොඩි කාලේ ඉඳන්ම ෆ්‍රෙෂ් පිට කෑව නිසා වෙන්න ඇති. ඒත් කවදාවත් මම එක ගෙඩියක් ලැබුනත් බෙදාගන්නේ නැතුව කාලත් නැහැ, ඒ වගේම 'තියෙනවා ඒ උනාට ඔයාට දෙන්නේ නැහැ' කියල කාගේවත් හිතක් තලලත් නැහැ.
මේ තියෙන්නේ තව ඒ වගේ ජාති.


පින්තුරේ ගත්තේ මම නෙවෙයි (ක්‍රෙඩිට් එක වෙන කෙනෙක්ට යා යුතුය )

පින්තුරේ ගත්තේ මම නෙවෙයි (ක්‍රෙඩිට් එක වෙන කෙනෙක්ට යා යුතුය )

මේවා නම් අනුන්ගේ. දෙන්න බැහැ කියනවා නම් ඉතින් මක් කරන්නද. විකුනන්නේ නැහැ කියල නම් දන්නවා, පිනට නොදුන්නට තරහකුත් නැහැ මගේ කවදාවත්.


ඒ උනාට මගේ දුර්වලකම, ඇහුවනේ!!



මේ සිංදුව අහල නැත්තම්... විඳලා බලන්නකෝ






Monday, July 4, 2016

09. උයනකලා



කලාව කියන්නේ කුමක්ද?

මේක මට අනුව නම්, දර්ශීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි හැමෝටම එක එක උත්තර තිබ්බත් මේ ගැන ලොකුවට හදාරන උදවියට සියල්ල එකමිටකට ගන්නට පුළුවන් උත්තරයක්/ අර්ථකතනයක් හදාගන්න පුළුවන් සහ එහෙම සම්මත උත්තරයක් /අර්ථකතනයක් තියෙනවා. ඉතින් මම වගේ එකියක්  මොනවා අඩුපාඩුවට එකතු කරන්නද?

අපි මොන තර්ක කිව්වත්, මගේ නම් අදහස උයනවා කියන්නෙම කලාවක්.

ඒ ඔක්කොම මගේ ඔලුවේ තිබ්බ මිසක් කාටවත් කියන්න ගියෙත් නැහැ මිට කලින් ලියලත් නැහැ. මම දන්නවා  පළවෙනියත් , අන්තිමයත් , එකම එකිත් මම නෙවෙයි  කියල.නමුත් මෙහෙම ලියන එකම එක්කෙනා වෙන්න ඉඩ තියෙනවා.

ඔය කුකිං කියන එක වෘතියක් විදියට තෝරාගන්න නම් මට හිතෙන්නෙම අනිත් ජොබ්ස් වලට වඩා තමන්ගේ ජොබ් එක ආසාවෙන් කරන කෙනෙක් වෙන්නම ඕනේ. මම මේ කියන්නේ සයිවර් කඩේ තෝසේ දාන එකා ගැන හරි හන්දියේ නයිට් කඩේ කොත්තු බාස් ගැන හරි නොවෙන්න පුළුවන්.

08. උපුල් පුසුඹක්




අඳුරක් නොමැති කුටියක
සිඹිමින් සෙමෙන් නළලත
ඉඳුරන් තදින් සැරසෙත
වෙලෙමින් නෙතින් බැල්මෙක

සිහිල් නාදළු සැලී
දුහුල් වටතිර ගැලී
කොපුල් මත දියසුළි
උපුල් පුසුඹක් වෙලි


Related Posts Plugin for WordPress, Blogger...