tag:blogger.com,1999:blog-46321973884520937152024-03-05T19:32:48.585-10:00කඩදාසි කොලේ සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comBlogger222125tag:blogger.com,1999:blog-4632197388452093715.post-35620790567486050632023-09-07T05:06:00.004-10:002023-09-07T05:06:19.343-10:00කාලෙකට පස්සේ...

කාලෙකට පස්සේ...

'උන්මාද චිත්‍රාදෝ මා' කතාවට සම්බන්ධ තව කතාවක් ලියමින් පවතිනවා. කියවමුද?

-ලිඛිතා
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com5tag:blogger.com,1999:blog-4632197388452093715.post-9818276559196444762023-07-02T07:18:00.001-10:002023-07-02T07:18:28.450-10:00දැන් මං mk?
සමහර කතා...

ලියාගන්න කාලය හරස් වෙනවා. ඒත් එයාලා මට කරදර කරනවා

' මංජියෝ.. මං ගැන ලියන්නෙ කවදාද?'

' ලියන්නම් මචෝ.. දැන් ලියන එක ඉවර වෙලා?'

ඉතින් උන් දින වකවානු, දේශගුණය ගැන එහෙම අහනවා. මං කටට ආපු එකක් කියලා ගැලවෙනවා. මගේ කරුමේ කියන්නේ උන් ඒවා පොත්වල ලියාගන්නව.

ආයෙත් ඩෙඩ් ලයින් මතක් කරනවා..

මං හෙමීට ලිස්සල යනව..

මොකද, කීප දෙනෙක් තරවටු කරල ගුටියක් දෙකක් එහෙම දීල තියෙනවා එහෙං මෙහෙං කෑලි ලියනවා කියලා.

ඔහොම ගිහින් ඔන්න මං දවල් වෙලා ඇහැරලා කබ කඩ කඩ සාලෙට එනකොට මෙන්න කවුද ටීවී බලනව..

ඈහ්! අඩෝ මේ උඹ කවුද?

කවුද අහන්නෙ පේන්නෙ නෑද? මං අර 'අහවල්' එකා.. දැන්ද ඇහැරුනේ.. තේ හදපිය මට තිබහයි.

තේ? උදේට තේ බොන්නෑ මං.. මොකද කියන්නේ කේක් එකක් ඕඩර් කරලා ඉඟුරු ප්ලේන්ටියක් දාමුද?

දෙන්නම සෙට්!

එදා පටන් උන් එකා දෙන්නා තව එකා දෙන්නා බැගින් ගෙදර සාලෙට ප්රාණිභූර්ථ වෙනවා.

බුදු අම්මෝ සෙනඟ!

උන් එක්ක සංවාද හරිම මාන්දමිකයි. ඒත් මාර ජොලි. මගේ මූඩ් එක දන්න හින්දා ගොඩක් පහසුයි.

ලයිෆ් එක රොම්බ මාවලස් වෙනවා..

කතා ලිවීමට වඩා ඒක ආතල්!

නොලිව්ව කතා එක්ක වැඩට යන, කන බොන , ජෝක්ස් දාන මට වෙලාව කොඤ්ඤම් කොඤ්ඤම් මදි..

මේකට මං mk?

- ලිඛිතා 🤓
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com5tag:blogger.com,1999:blog-4632197388452093715.post-49110827203255457762023-03-02T17:58:00.002-10:002023-03-02T18:01:55.810-10:00NOTICE
'මට ඇහෙන සරින්' කතාව බ්ලොග් අවකාශයෙන් සමුගන්නවා.. ගොඩක් ස්තුතියි කියෙව්වාට
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com3tag:blogger.com,1999:blog-4632197388452093715.post-68054145293581621702023-02-02T23:42:00.008-10:002023-02-02T23:44:55.150-10:00Announcement : උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව (E book )

මේ Blog එකේ මීට මාස ගණනකට පෙර පලවූ මගේ 'උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව E book එකක් වශයෙන් නිකුත් කරන්නට ලැබුණා.

පිටු 1240 කට වඩා දිග නවකතාවක් එය.

ගොඩාරියක් ස්තූතියි ඒ පොත මගෙන් මිලට ගත්ත හැමෝටම. තවත් කිප දෙනෙක්ම මගෙන් විස්තර අහලා තිබුණ නිසා මම මේ සටහන තබන්නේ ඒ හැමෝම වෙනුවෙන්.
ඔබට එයින් පොතක් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
1. මගේ inbox එකට message එකක් දාලා ගිණුමේ විස්තර ඉල්ලා ගන්න ( Direct bank transfer හෝ paypal වලින් ගෙවන්න පුලුවන් )
2. එම ගෙවීමේ සහතිකයේ පින්තූරයක් සමඟ ඔබේ email address එක මට message කරන්න.
3. දිනක් ඇතුලත ( පැය 24 ක්) ඔබේ email එකට අවශ්‍ය තොරතුරු සියල්ල ලැබෙනු ඇති.
එපමණයි!
- වෙනත් ඇප් එකක් හෝ මෘදුකාංගයක් අවශ්‍ය නොවේ
- ඩේටා වැඩිපුර කැපෙන්නේ නැත. සරලයි.
- E book එක expire ( කල් ඉකුත්වීමක්) නොවන නිසා පොත සැමදාම ඔබට තබාගත හැකිය.
- ඕනෑම තැනක සිට දුරකතනයෙන් පවා කියවිය හැකිය.
- ISBN සහිත කතාවක්.

ලිඛිතා මංජරීලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com8tag:blogger.com,1999:blog-4632197388452093715.post-87014237421738354682022-09-06T09:48:00.001-10:002022-09-06T09:48:22.376-10:00360: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන - Blog

කතාව ලියන එක ගැන කතාව-

උන්මාද චිත්‍රාදෝ මා කියන කතාවේ පොඩිම වස්තුබීජය මගේ හිතේ පැලවෙන්නේ මම සාමාන්‍යපෙළ කරන කාලේ.

නමුත් මට එතරම් ධෛර්යමත් කමක් සහ පරිචයක් තිබ්බෙ නෑ මේ වගේ තීම් එකක කතාවක් ගොඩනගන්න. මොකද ප්රස්තූතය උනේ තමන් මෑතකදී විවාහපත් උන සැමියා ඉක්මනින්ම මිය ගිහින් වසර විස්සකට පස්සේ හොයාගෙන එන එක. ඉතින් ඒ අදහස එහෙම්ම යට ගියා. කාලයත් එක්ක මම මගේ ලිවීම අත්හදා බලමින් ඉන්නකොට හදිස්සියේ මට එක්තරා චරිතයක් හමුවෙනවා.

ඔන්න මගේ අදහස පිස්සුවක් වෙනවා..

මේ වෙනකොට මම තවත් සීරියස් කතාවක ( Blog එකේ ) තරමක් ඉදිරියට ගිහින් දිවා රෑ නැතුව ඒ කතාව ලියන්න කියලා එන තර්ජන එක්ක තටම තටමා ඒක ලියන කාලෙ. මොකද ඒ කතාව ටිකක් පර්යේෂණ කරලා ලියන්න ඕන එකක් නිසා ඔලුව නිදහස් වෙන්න ඕනෙ. ඉතින් කොහෙද මේ කතාව කුණු කාණුවක හිරවෙච්ච ශොපින් බෑග් එක වගේ මගේ හිතේ හිරවෙලා කොහොමටවත් වෙන දෙයක් කරන්නම බෑ. මොකක් කරන්නද, හැමදාම මම කරන්නේ ඔය වගේ වැඩ කියලා හිත හදාගෙන ; ඔක්කොම තියෙද්දී මම උන්මාද චිත්‍රාදෝ මා කියන කතාව ලියන්න ගන්නවා.

කොටසින් කොටස මම ලියන්නේ මගේ එක රචනා ශෛලියකින්. මම සුහදිනියේ ලිව්වේ වෙනස්ම ශානරයක. මේක රොමෑන්ස් එකක් වනබව දන්නා නිසා පුලුවන් උපරිමේට ඒක තනුක කරන්න මගේ හිතට තරවටු කරමින් තමයි කතාව ලියන හැම දවසක්ම ගතවෙන්නේ.

කතාවේ කොටස් 16 ක් විතර ඉවර උනාට පස්සේ මට අදහසක් එනවා මේ කතාව FB එකට මුදාහරින්න. මොකද මම ඒ වෙනකොට FB එකේ කතා කීපයක් පුරුද්දක් විදියට කියවමින් හිටියේ. ඉතින් පාළු සොහොන් පිට්ටනියක් වගේ පේජ් එකක් හදාගෙන ඕක මම පේජ් එකට දානවා.

ඊට අමතරව මම එක්කෙනෙක්ගෙ උපදෙස් මත තව සමූහ දෙකකට පමණ පෝස්ට් කරනවා. එතනත් කීප දෙනෙක් කියෝනවා කියලා දැනලා මම පුංචිම පුංචි සතුටක් ලබනවා. කොටින්ම ලයික් එකක් ආපු ගමන් මමම ආයෙත් ඒක කියෝනවා. ඒක වෙනමම ආතල් එකක්.

ඒ අස්සේ මගේ අතින් මිනීමැරුමක් වෙලා කලින් කතාව කියෝපු උදවිය මගේ කතාව කියෝන එක නතර කරනවා.. ඔන්න මට තරු පේනවා. ඒත් ඉතින් දුකෙන් දුකෙන් ලියාගෙන යනකොට අසලංකට නිර්මලීව දෙන්න කියලා කියපු දේ අහන්නෙ නැති එකටත් ආයෙ උන් තරහ වෙනවා. එතන මගේ readers දෙන්නෙක්ට බහිනවා. ඒත් FB එකේ මගේ කියවන්නන් නිර්මලී එක්ක පැටලෙන්න එන අළුත් පිස්සා ආදරයෙන් වැළඳ ගන්නවා.

ඒත් මම දිගටම මගේ හිතේ තියෙන ප්ලොට් එක ලියනවා. ඇත්තටම කිව්වොත් කොටස් 30 දී මම ප්ලෑන් කරපු ටික ලියලා ඉවරයි. ඒත් මට ආයෙ හෙනයක් පාත් වෙනවා. මගේ කතාව FB එකේ කියවන කෙනෙක් එක්තරා මගේ යාළුවෙක්ට screen shot එකක් යවනවා එයාගෙ වාසගම මම විසින් abuse කරනවා කියලා.

ඉතින් ඒ යාළුවා කෙලින්ම මට ගේම ඉල්ලනවා එයාගෙ වාසගම ප්‍රධාන චරිතයෙන් ඉවත් කරපිය කියලා. මම ඒ වෙනකොට කොටස් හැට ගානක් ලියලා ඉවරයි. ඉතින් මම පරාජය බාරගෙන කොටස් හැට ගානෙම හිටපු ප්‍රධාන චරිතයේ වාසගම එක්කම අනිත් ප්‍රධාන චරිතෙත් නම වෙනස් කරනවා අනාගත ප්‍රශ්න වලක්වන්න. අනේ මම සෑහෙන්න ආදරය කරපු නමක් මම ඒ විදියට මගේ කතාවෙන් ඉවත් කරනවා.. ඇත්තටම දරුවෙක් හදාගන්න දුන්න වගේ ඒ වේදනාව. මුල සිට කියවපු අය දන්නවා ඒ නමට තිබ්බ attachment එක! මටම ආයෙත් ලියවෙනවා ඒ නම!

ඒ එක්කම මම මගේ 1-60 දක්වා ඔක්කොම අයින් කලා නම් ටික හදන්න කියලා. ඒක ලේසි වැඩක් උනේ නෑ මොකද it was not just find and replace. ඒවා ලියලා තිබ්බ ක්‍රමේට ඒක එහෙම කරන එක මට අමතර පීඩනයක් වගේම වේදනාවක් උනා.

නමුත් මගේ readers ලා මාව තේරුම්ගත් හින්දා මට ඒක ඉක්මනින් පසුකරගෙන යන්න පුලුවන් උනා. 1-60 ඉවත් වෙන්න හේතුව ඒකයි. ඒ අස්සේ එක්කෙනෙක් දෙන්නෙක් මට කරදර කලා මේක පොතකට දාපිය කියලා.

මැරෙන්න කලින් කරන්න ආස බකට් ලිස්ට් එකේ තියෙන පොතක් කිරීමේ ආසාව ඔන්න හිස එසෙව්වා. ඉතින් මම මටම පොරොන්දුවක් දුන්නා පොතක් කරනවා කියලා. හැත්තෑ ගනන් වලදී මම මේ කතාවේ සම්පත් දායකයෝ දෙන්නෙක්ට යැව්වා කතාව. මෙන්න එකෙක් හැරෙන තැපෑලෙන් මට බැනලා එවලා තිබ්බා මම රොමෑන්ස් ලියන්න දන්නේ නෑය.. මම ලියන ඒවායින් එයාගෙ රොමෑන්ස් අඩු තක්සේරුවකට දාන්ඩ එපාය කියලා.

සැලුනේ නෑ මිත්රහොරුනි. මම ඌ එක්ක දිගටම රණ්ඩු කලා. මොනවාහරි කිව්වොත් ඌ ගැන කුප්ප කතා කියලා ෆෑන්ස් ලා නැතිකරනවා කියලා තර්ජනය කලා. [ සල්ලි ඉල්ලුවා. ඌ දෙන්නෙම නෑ කිව්ව ] මම මැව්වේ ඌට FB ලක්ෂයක් විතර ෆෑන් බේස් එකක් තියෙනවා කියලා. ඒ වෙනකොට එක එපියක් 100 ක් වත් ලයික් දාලා නැති උනාට මම ඌව ඇන්දුවා..

ඔහොම ගිහින් ඔන්න අසූ ගානක් වෙනකල්ම මම ලියනවා. ලියනවා.. ලියනවා හති වැටෙනකල්. මේක ඉවර වෙන්නෙ නෑ. අන්තිමට තීන්දුවක් ගත්තා බලන උන් බලපුවාවේ.. පොත ඕනෙ බක්කක් උනාවේ කියලා.. මුළ සිට ඔක්කොම කොටස් ටික FB ඇල්බම් කරලා විලිසංගේ නැතුව ලින්ක් ශෙයා කලා මෙන්න මේකත් කියෝලා බලන්ඩ කියලා.

ඔන්න දැන් එකා දෙන්නා පේජ් එකට ලයික් කරනවා. 70 තිබ්බ කවුන්ට් එක 100 උනා. මම හවස රෝස් පාන් ගෙනත් ප්ලේන්ටි බිව්ව. ඔහොම ඉන්න අතරේ කීප දෙනෙක් කතාව ගැන කියලා කට්ටිය එකතු උනා. එක්කෙනෙක් FB පෝස්ට් එකක් දාලා සපෝට් එකක් දුන්නා.

නමුත් මගේ බ්ලොග් readers ලා 3 හෝ 4 තමයි. ඉතිරි ඔක්කොම හැර ගිහින්...... මොකක් කරන්නද... වෙලාව වෙන්න ඇති

ඔයාලා දන්නෙ නෑ.. පැයකට කී පාරක් මම ලයික්, කමෙන්ට් , FB followers ලා ගැන්නද කියලා. පිස්සුද මන්දා..

80 කොටසේදී මම මේක ඉක්මනින් අවසාන කොටස් දානවා කියලා නිවේදනයක් නිකුත් කලා. මම පුදුම උනා ආපු ප්‍රතිචාර වලට!!! බොරුවට නෙවෙයි , එදා නම් කෑවේ බටර් කේක් කෑල්ලක්..

85 න් නවත්තගන්න බැරි උනා මොකද කියන්නම ඕන කොටස් ටිකක් තිබ්බ. ඔහොම ගිහින් 90 න් ඔන්න ඊයේ දවස වෙනකොට මම hand break ඇදගත්තා...

දැන් සනීපද??

තාම නෑ..

පොතේ පිස්සුව තාම තියෙනවා. මේක ලියලා ලියලා අන්තිමට බලනකොට පන්සිය පනස් ජාතකේ වගේ. කවදාවත් පොතක් කරලා නැති මම මේවා නොදන්නා හින්දා ඉව කරලා බැලුවාම වැඩේ බරපතලයි. මේකත් කොහොමහරි කරනවාමයි..

ඒ තමයි මගේ මේ කතාවේ තිරෙන් පසුපස කතාව. මේ ඔක්කොම විකාර කියෙව්වේ මම නිදහසේ ඉන්න කෙනෙක් කියලා හිතනවා නම්.. හි හි මම පැය 10 ක් වැඩ කරනවට පඩි ගෙවන තැනක වැඩ කරන ගමන් තමයි මේ ජල්ලි ඔක්කොම කලේ. ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ කොහොමත්ම සිංහල ලියන්න බලන්න විදියක් නෑ ඕක මාට්ටු උනොත් මැරෙන්න වෙන්නේ ලැජ්ජාවේ. මගේ මේ ලිවීම් ගැන හාංකවිස්සියක් උන් දන්නෙ නෑ. [ අහු උනත් යාන්තමින් ශේප් උනා බයිට් නොවී ]

මේ ගමන ගැන මට දැනෙන්නේ සතුටක්. මම වීරයෙක් නෙවෙයි. නමුත් මේ අත්දැකීම් මාව ශක්තිමත් කරනවා. සමහර දවස්වල එක අකුරක් ලියාගන්න බැරුව මම පැය ගණන් struggle කරලා තියෙනවා. ආයෙත් දවස්වල මම එකම එපිය මක මකා හතර පාරකට වඩා ලියලාත් තියෙනවා. මොකද කතාව ගැන බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියලා ඔලුවේ වැඩකරනවානෙ. ඒවා ලස්සන මතක.

ගොඩක් ස්තූතියි මේ කතාව කියෙව්වට. අඩුපාඩු කිව්වට සහ යාළුවන්ට කියලා එයාලවත් මේක කියවන්න පෙළඹෙව්වට. හැමෝටම මම ගොඩක් ආදරෙයි..

කතාවේ පසුවදන සමඟ හමුවෙමු..

ස්තූතියි

- ලිඛිතා මංජරී
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com7tag:blogger.com,1999:blog-4632197388452093715.post-62723808960197739112022-07-22T07:37:00.000-10:002022-07-22T07:37:26.553-10:00346: නිවේදන කීපයක්

පුංචි නිවේදන කීපයක් දෙන්න තමයි මේ කුඩා සටහන තබන්නෙ.

1. උන්මාද චිත්‍රාදෝ මා - කතාව නවල් එකක් විදියට මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ගන්න අදහසක් තියෙන නිසා, බ්ලොග් එකෙන් 1-60 දක්වා කොටස් ඉවත් කරනවා.

2. රතුපාට මල් - කතාව වෙනත් මාධ්‍යක පල කරන්න හිතන නිසා දැනට පලවී ඇති සියල්ලම අවකාශයෙන් ඉවත් කරනවා.

ප.ලි : උන්මාද චිත්‍රාදෝ මා නවකතාව අවශ්‍ය නම් මිලට ගන්න ඕනෙ නම් සටහනක් තියන්න. ඔබේ කොපිය අරන් තියන්නම්

ප.ප.ලි : රතුපාට මල් පලවෙන්නේ storyflix කියලා Android app එකක. දැන්ම නෙවෙයි තව ටික කාලෙකින්. තව විස්තර ඕනේ අය කියන්න.

ස්තූතියි

- ලිඛිතා
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com6tag:blogger.com,1999:blog-4632197388452093715.post-27447901219198619592022-05-27T18:24:00.004-10:002022-05-27T18:24:26.303-10:00උන්මාද චිත්‍රාදෝ මා

කතාවේ ඇතුලත යොදාගත්ත නමක් ඉවත් කරන්න කියලා කරපු ඉල්ලීමක් නිසා මෙතෙක් ලියා තිබුනු කොටස් සියල්ලෙන් ඒ නම ඉවත්කරන්නට සිදුවන නිසා, කතාව ටිකක් ප්‍රමාද වෙයි.

සිදුවූ අපහසුතාවයට සමාව අයැදිමි.

- ලිඛිතා
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com4tag:blogger.com,1999:blog-4632197388452093715.post-51691400424755574412021-11-09T22:18:00.008-10:002021-11-09T22:58:15.195-10:00278. කොප්පක් වත් ගහමු....

සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින් ආත්මේ බල බල හිටපු ඒවා පවා තිබ්බ.

ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.

ඔන්න ඔහොම ගිහින් ගිහින් මම බලනවා මාතලන් කියලා ෆිල්ම් එකක්. මම මෙතෙක් බලලා තියෙන සිංහල සංගීතමය ෆිල්ම් අතරින් උපරිමේට තිබ්බ ෆිල්ම් එකක් ඒක. මම පස්සේ කාලෙක දැනගන්නවා ඒක කලින්ම ඉන්දියාවෙන් සෙට් එකක් මෙහෙ බැහැලා උන්ට ඕනේ විදියට කරපු එකක්ය කියල. ඒ නිසා වෙන්න ඇති ඒ ඇඳුම් ඔක්කොම තනිකරම දෙමළ ටච් එක තිබ්බේ. ඒ උනාට සින්දු ටික නම් මල් මසුරන්වට තිබ්බ.

තවත් මම බලනවා අල්ලපු ගෙදර කියලා ෆිල්ම් එකක්. ඒකට වහ වැටෙන්නේ සින්දු ටික නිසා කිව්වොත් හරි. නමුත් ජෝ කියන නළුවා මගේ හොඳම විකට නළුවා වෙන්නේ ඒ නිසා. ඒකත් පස්සේ දැනගන්නවා පදෝසන් කියන හින්දි එකේ කොපියක් කියලා. ඒ උනත් සින්දු ටික නම් මරේ මරු!

ඔන්න දැන් ඉතින් යමක් කමක් තේරෙනවා. ඒ කියන්නේ මගේ සිංදුවකට ඇති බර කියන එක ටිකක් වැඩියි කියලා මට තේරෙනවා. ඒ අස්සේ මම මදර් ඉන්ඩියා බලනවා. 'ජිවන්මේ හමාරේ' සින්දුව පපුව කඩාගෙන යනවා අප්පා.. දන්නා හින්දි ටික ගැටගහලා බැලුවම ඒ සින්දුවේ තියෙන වියෝව මට නම් අපේ වැලපුම් ගීයකවත් මම අහලා නැහැ. ඒ තරම්ම ඒක සංවේදී. බලාගෙන ගියාම ඒ ටච් එක එන්නේ තනුවෙන් සහ වොයිස් එකෙන් මිසක්, පදමාලාවෙන් නෙවෙයි නේද කියලා ඇත්තටම මට හිතෙනවා.

මේක අහලා බලලාම කියන්නකෝ.

ඔන්න ඊට පස්සේ මට 'නොකියාම එදා' කියලා සිංදුවක් අහන්නත් හම්බෙනවා. ඔන්න ඔන්න එතන තමයි කේස් එක එන්නේ... මොකද නොකියාම එදා කියන ගීතය හදන්නේ තනිකරම හින්දි කොපියකට. මම ඒක කොපියක් කියලා කියන්නේ වචන ටික විතරක් මැද්දට දාලා , සොසේජ් දැම්මහම සොසේජ් ඩෝග් වෙලා, බිත්තර දැම්මහම එග් බන් උනා වගේ... ඉකේය්ය ඒ මොන විකාරයක්ද?

හේතුව මේකයි... ඒ සින්දුවම ගම්මුකො.. ඒ සින්දුවේ පන්චින් ලයින් එක තමයි ඒ මියුසික් එක. අනික පිච් එක. ඔය තාලෙට වෙහෙර හේන ව්හාරයේ උඩ මළුවට යන්නම්.... ගෑවහම අපිට ඊයා වගේ දැනුනාට, වෙන බාසාවක එකෙක්ට ඒක ගානක් නැහැ. මොකද පන්චින් ලයින් එක එන්නේ පදවැලෙන් නෙවෙයි!

තවත් උදාහරණයක් ගම්මු, 'අපි දෙන්නා පියුමි පොකුණයි විලසින් උන්නේ..' සින්දුවම බලන්නකෝ. ඒකෙ හින්දි තනුව එක්ක යන සිංදුවේ තියෙන ආතල් ඔක්කොම කඩලා, සිංහල තේරෙන අපිට කියනකොට මහා දවාලේ 'සුභ සැන්දෑවක් වේවා' කියලා කිව්වහම! එහෙම සින්දුව මරන්න උනේ ඒ කියන පිච් එකට හරියන වචනයක් එතනට ඔබන්න ඕනේ හින්දානේ.. ඈක්කා ! ඒ මොන දුප්පත්කමක්ද?

මමත් පිලිගන්නවා, සංගීතය කියන්නේ විශ්වීය භාෂාවක්, ඒකට සිංහල, හින්දි, ඉංග්‍රීසි කියලා ඉරක් ඇඳලා වෙන් කරන්න බැරිකමක් තියෙනවා කියලා. සමහර සිංහල සිංදු වලට එක එක රාග වලින් එන අලංකාර, කොටස්, අනුපාන එහෙම දාල තියෙනවා කියලා. ඒක ඉතින් පොල්සම්බෝල හදනකොට අජිනොමොටෝ දානවා වගේ දෙයක්. ඒ උනාට එහෙම කියලා අපි, අරලිය සහල් මල්ල කඩලා අරගෙන, පින් එක වෙනස් කරලා වෙන හාල් ජාතියක් කියලා විකිණුවාම ඒකෙන් වෙන්නේ මොකක්ද? ( ඔව් ඉතින් අලුත් පින් එක කරන්නත් උන්ට වෙහෙසක් ගන්න වෙනවා තමයි.) නමුත් ඒක අසාධාරණ වෙන්නේ හාල් වලටනේ!

සිංදු කියන්නේ ආප්ප බානවා වගේ කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මට මතකයි දඬුබස්නාමානය කරද්දී , ඒකෙ තේමා ගීතය හදනකොට , තේමා ගීතය පදනම් වෙලා තිබ්බේ අප්‍රකට, ගොඩක්ම රහසේ ජපකරපු ස්තෝත්ර වගයක් කියලා. ඒ උනත් ඒක අපිට නොදැනෙන්නේ එතැන කේසින් එක විතරක් නෙවෙයි, මියුසික් කියන අනුපානේ ඇවිත් නිර්මාණයක් වෙලා මිසක් හොරකමක් වෙලා නැහැ..

තවත් කිව්වොත් උදාහරණ එමටයි. කම්මැලි ලියන්න!

මේක පටන් ගන්නේ මෙන්න මෙයා ඔන්න....

https://thattayagekolama.blogspot.com/2021/11/222-1.html

තට්ටයා මහත්තයාගේ තර්කය නම්, එහෙම කලින් තියෙන තනුවකට ගීතයකට පදවැලක් ලියන එක 'හම්බානක' අමාරු වැඩක්ය. ඒ හින්දා ඒ ලියන සිංදුවත් මාරය කියලා නම්.. අනේ මට නම් එකඟ වෙන්නම බැහැ. මොකද අපිට සෙට් වෙන බීට් එකක් නම්, වචන වටින්නේ අඩුවෙන්.

ඒකනේ 'රම්බරි' , 'මැණිකේ මගේ හිතේ' වගේ සින්දු හිට් වෙන්නේ! මොකද ඉන්දියාවේ උන් හිතලා තියෙන්නේ ඔය මාලි මාලි ගානකොට ඒ කියන්නේ මාලිංග ගැන කියල.. ඔන්න මියුසික්! ඒ සින්දුව ගැනම කිව්වොත් ඒකෙ වචන නැහැ, තියෙන්නේ මියුසික්.. එතන මොනවා මොන බාසාවෙන් කිව්වත් ඒ බීට් එක තමයි යුනික්, එතන තමයි වටිනාකම..

හින්දි තනු වලට කියපු ලස්සන සින්දු තියෙනවා. ඒවා අතරින් ලස්සනට ලියාගන්න පදවැල් තියෙනවා. මම නම් කියන්නේ ඒවා එතරම් ලොකුවට සිරා නොවෙන්නේ, තාලේ තිබේ නම්, පද මවන්න පුළුවන් ( ඒක සින්දු ලියන එකා දන්නවා) නමුත් පදයක් විතරක් තියෙන එකක් ගීතයක් කරන්න සෑහෙන වෙහෙසක් දරන්න ඕනේ.

තව කිව්වොත්... අමරදේව මහත්මයා ගයන 'සඳ හොරෙන් බලා' පදවැල ගත්තහම මෙන්න පදවැල (ඔරිජිනල්)

සඳ හොරෙන් බලා - වලාරොදක තැවරිලා

අපේ මියුරු පෙම් කතා - අසා සිටිනවා

ඉතින් කියපන්කො මේක සින්දුවක් විදියට ! ඔන්න එතකොට මියුසික් කරන ඔස්තාර් බහිනවා වැඩේට (කේමදාස මාස්ටර්) එතකොට තමයි කියන්නේ සඳ හොරෙන් බලා කියන්ඩ එපාය.. හොරෙන් හොරෙන් හොරෙන් බලා කියන්ඩය කියල. අන්න එතකොට අපිට ලස්සන සින්දුවක් එනවා.

එහෙම කියනවා නම් 'මම බයිසිලකලේ ගත්තා - මම බයිසිකලේ පැද්දා - මම බයිසිකලෙන් වැටුනා.....' කියලා උනත් ලස්සන සින්දුවක් හැදෙනවා ( බම්බයිසි ගයි පූනා - සින්දුව) එතනත් තියෙන්නේ හොඳ ටැලන්ට් එකක්.

තවත් හොඳම උදාහරණයක් කිව්වොත්, 'මිස් මේරි' කියන චිත්‍රපටය සිංහලයට හරෝනව අහිංසක ප්‍රයෝගය කියලා. හැරවිල්ල කොච්චරද කියනවා නම්, කොටින්ම සින්දු ටිකත් ලෙසටම හරවලා තියෙනවා. හැබැයි ඒ සිංදුත් ලස්සනයි. ඒ උනාට මෙලඩි එක තමයි ප්‍රභල! ඒ හින්දා ඒ හරෝපු සින්දු වලට ඇත්තටම වටිනාකම එන්නේ මෙලඩි එකෙන් මිසක් වෙන කොහෙන්ද?

මේ ඔක්කොම කියලා මම තව එකක් දෙයක් කියන්නම්... ෆිල්ම් එකක් තිබුනා සුර් [ස්වරය] කියලා. [https://en.wikipedia.org/wiki/Sur_%E2%80%93_The_Melody_of_Life] ඒකෙ ලකී අලී කියන ගායකයා රඟපාන්නේ ප්‍රසිද්ධ ; ටැලන්ටඩ් සංගීතවේදියෙක් විදියට. නමුත් එයා එයාගෙම ශිෂ්‍යාවක ගේ මෙලඩි එකක් හොරෙන් අහගෙන ඉඳලා කොපියක් ගහලා සිරාවට ප්‍රසිද්ධ වෙනවා. අර ගෑනු ළමයා ඔක්කොම එපාවෙලා යනවා යන්න.

අන්න එහෙමයි ස්වතන්ත්‍ර කියන්නේ.. එතැනදී ප්රවීනත්වය අදාලම නැහැ. කොප්පක් නම් කොප්පක්ම තමයි.

තව මට මතක් වෙනවා funcky dirt ලා සින්දු කියලා කියලා බැරිම තැන, කොප්පක් වත් ගහමු කියලා සිංදුවක් කිව්වා.. අනේ ඒක හිට් උනා!

ඒ වගේ තමයි. හිත වෙච්ච සිංදුවක් අරගෙන ඕකට මොන වැකි දැම්මත් ලස්සන වෙනවා. හොද වචන ටිකක් දාගත්තා නම් ඒක බෝනස් එකක් මිසක්, ටැලන්ට් එකක් නෙවෙයි ආයුබෝවන්ඩ!

අනිත් එක තමයි මෙලඩි එකේ ඩ්‍රම් බීට් එකකට වැලපුම් ගීත කියන උනුත් ඉන්නවා. කොටිම්ම 'මගේ දරුපැටව්' කියන විලාප ගීතයට සහ 'කිරුල මුතු ලෙහි සර සර හඬින් වැගිරෙනා' කියද්දී අත්දෙක උස්සගෙන හොඳට නටන්න පුළුවන්නේ!! හත්වලාමේ ඒ කියන්නේ දුකක් ගැන කියලා මෙලෝ ගානක් එන්නෙම නෑනේ... පදමාලාවේ අවුලක් ඇත්තෙම නෑ.. කියන්ඩ බලන්ඩ හේතුව!

ඔන්න මගේ සත දෙක... දැන් ඉතින් කා කොටා ගම්මු..

තට්ටයා මහත්තයාගේ කමෙන්ට් එකක් ඉතින් මෙච්චරකින් කෙලවර වෙන එකත් එක අතකට ප්රාතිහාර්යයක් තමයි.
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com62tag:blogger.com,1999:blog-4632197388452093715.post-42433755548683418542021-07-25T17:30:00.278-10:002021-09-09T22:25:40.421-10:00265: සුහදිනියේ - 56 | අවසාන කොටස
කලින් කොටසට

ඇතුලතින් පිච්චෙමින් උන් මම, දුරකථන ඇමතුමෙන් පසුව උන්මන්තකව ගියාක් මෙනි.

මම කල මෝඩකමක මහත !

මධුලිකා එසේ ගුවන්තොටුපොළේ දමා ඒම මම කල වරදයි. රේගු නිලධාරිනිය මා අමතා පැවසුවේ මධුලිකා මිට සුළු මොහොතකට පෙර ගුවන් තොටුපළෙන් එළියට පැමිණි බවයි.

වහා මධුලිකාගේ අංකය ඇමතුවද, කිසිදු ප්‍රතිචාරක් නොමැත. කුමක් කරන්නදැයි මට සිතාගත නොහැකිව මම වාකිෂ්ඨ මහතා ඇමතුවේ උමතුවෙන් මෙනි.

"අංකල්... අනේ අන්කල්.... මධු එනවා කිව්වද?"

"මිසිස් මධු.............? ඇයි මොකද වෙලා තියෙන්නේ? මට එයාපෝට් එකේ ඉඳල පැයකට විතර කලින්නේ මට කෝල් කලේ? මෙහෙ කොහේ එන්නද?"

"අනේ අන්කල්.. මම මධුව ඩ්‍රොප් කරලා ආපහු ආවා.. එයා එතනින් ඇවිල්ල... අනේ අන්කල් කෝල් කලොත් ඉන්න තැනක් මට කියන්න... "

"පුතා මේ අර...."

ඔහු කියන්නට ආ කුමක් හෝ කරුණ මම නොතකා ඇමතුම විසන්ධි කලෙමි.

'මේ පිස්සි මොකක් කරන්න හදනවද?'

මම කාමරයෙන් එලියට පැමිණ බැල්කනියට වැදුනේ පිස්සෙකු මෙනි. කොතරම් ඇමතුම් ගත්තද මධුලිකාගේ දුරකථනය පිළිතුරු නොදෙයි. ඇය මේ යන්නේ කොහිද?

'මධු... මගෙත් එක්ක තියෙන තරහට මෝඩ වැඩක් කරන්න එපා.. මම ඔයාව ඔච්චර ආරක්ෂා කළා... අනේ මධු.... ෆෝන් එකට ආන්සර් කරන්න..'

මම වොයිස් පණිවිඩයක් යැව්වෙමි. එය යැවු සැනින් 'seen' ලෙස සටහන් වුනි. මම වහා whatsapp ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැත. මධුලිකා කුමන අනතුරකද?

'කොහෙද ඉන්නේ මධු?'

'මධු....! බබා... ඔයා කොහෙද කියන්න.. ඉන්න තැනක් කියන්න '

'මධු.. කොහෙද යන්නේ? ඔයාගේ ෆ්ලයිට් එක මිස් වෙයි ළමයෝ.. '

'කියන දේ අහලා ආපහු එයාපෝට් එකට යන්න'

'ඔයාට ආරක්ෂාවක් නැහැ ළමයෝ කොහෙවත් යන්න එපා'

'මම ඕනේ තැනකට එක්කගෙන යන්නම්. කොහෙද කියන්න මම එන්නම්. තනියෙන් යන්න එපා මධූ '

'මගෙන් වැරද්දක් උනේ නැහැ පැටියෝ.. මම ඔයාට එහෙම වැරැද්දක් කලේ නැහැ.. ඒකද ඔයා මේ අප්සෙට් එකේ පිස්සි වගේ නටන්නේ.. '

'අනේ එහෙම මුකුත් උනේ නැහැනේ.. පිස්සු නැතුව ඔයා ආපහු යන්න'

'ෆෝන් එක ආන්සර් කරන්න මධු'

'ඔයා කරදරේක වැටිලාද? මාව පිස්සෙක් නොකර කියපන් මෝඩියේ '

'උඹව කවුරුහරි අල්ලගෙනද? '

'උඹට කරදරයක් උනොත් මම ඌව මරනවා! '

හෝරාවක පමණ සිට මම කොතරම් වොයිස් පණිවිඩ යැව්වාද? කෙමෙන් ආවේගය තීව්ර වන බවක් ඒවායේ තිබුනේ මම නොදැනුවත්වම වන්නට ඇත. මම නොකඩවා ඇමතුවද යවන පණිවිඩ 'seen' ලෙස සටහන් වනවා මිස පිළිතුරක් නැත.

අවසානයේ සිදුවුයේ මගේ දුරකතනයේ බැටරිය බැසගොස් එය ක්‍රියා විරහිත වීම පමණකි . මම කාමරයට පැන්නේ එය ආරෝපණය කරන්නටය.

එකෙනෙහිම ගේට්ටුව අසල වාහනයක් නතර කරනු ඇසුනි. එය කුඩා කාර් රථයක් බව හඬේ ස්වභාවයෙන් වැටහුණු අතර දොරක් විවරව දොරක් වැසි යන ශබ්දය ඇසුනේ පරිසරයේ නිහඬබව නිසා වන්නට ඇත.

මම වහාම පහල මාලයට දිව්වෙමි. ඒ වනවිටත් අම්මා ගේට්ටුවෙන් එන පණිවිඩය බොත්තම ඔබා අසමිනි. ආරක්ෂිත පියවරක් ලෙස මම මෙය සවිකළේ තාත්තා රැගෙන ඒමට ප්‍රථමය.

"මොන? කවුද නීල් ?"

අම්මා ගේට්ටුවෙන් ආ ඇමතුමට පිළිතුරු දෙමිනි.

"මිස් කෙනෙක් ඇවිත් ඉන්නවා... තීක්ෂණ මහත්තයව හම්බෙන්න"

මම අම්මා පෙරලාගෙන පිළිතුරු දුන්නෙමි.

"ඔහොම ඉන්න කියන්න මම එනවා!"

ක්ෂණයක් වත් නොනැවතී මම නිවසේ දොරෙන් පැන ගේට්ටුව වෙත දිව්වේ අවසිහියෙන් මෙනි. කොටින්ම මට සෙරෙප්පු පවා අමතකව තිබිණ. කුඩා ගේට්ටුව විවර කල මට මධුලිකා සිටගෙන සිටිනු පෙනුනි.

"මධු!"

තත්පරයක් හුස්මක් නොගෙන අප එකිනෙකා දෙස බලාගෙනය. මධුලිකා ඉදිරියට පැන තදින් මා වැළඳ ගත්තාය. ඈ වැලහින්නියක සේ හඬයි. මම ඈ මගේ නිකටටත් , පපුවටත් වූ හිඩැසේ තබාගෙන හිස් මුදුණ සිම්බෙමි.

"... කෝ... කොහොමද ආවේ? පාරේ ඉන්න එපා එන්න ඇතුලට"

මම ඈ වත්තන් කොට ගේට්ටුවෙන් ඇතුලට පැමිණ අඩ අඳුරු ගස පාමුල නතරවීමි. මිදුලේ පහන් ආලෝකයක් දැල්වුණි. මධුලිකා වෙනුවෙන් වදවූ සිත ඈ දැකීමෙන් ලැබුණු සැනසීම විඳිමිනි.

".. ඇයි මේ.....? You should be at the airport "

තදවන පපුවෙන් මම කියද්දී මධුලිකා හඬමින් තදින් මා වැළඳ ගත්තාය.

"තීක්ෂණ....... මට ඔයාව ඕනේ! "

මගේ හුස්ම මට අහිමිව ගිය මොහොතයි ඒ! තදින් ඔසවා පොලවේ ගැසුවාක් මෙන් මම වෙව්ලා ගියෙමි. දෙසවන් 'කූන්' හඬක් නගන්නා සේ නෑසී ගියේ මොහොතකටය.

"...... ඇයි මාව දාලා ආවේ....? ඇයි මාව දාලා ආවේ....?? මට යන්න බෑ....මට යන්න එපා කියන්නකෝ................"

මධුලිකා මගේ සිරුර දිගේ රූටා ගොස් බිම වැටි අවසානයේ මගේ දෙපාමුල කකුලක් තදින් බදාගෙනය. මේ කුමන අරුමයක්ද?

"පි.. පි. පිස්සුද.. මධු!! කෝ නැඟිටින්න "

මම වහා ඈ වත්තන් කොට බුහුටි කම්මුල් දෝතින්ම ගෙන ඇගේ ඒ මුහුණ දෙස බැලුවෙමි. හැඩිමෙන් ඉදිමි , කඳුලින් තෙත්ව තිබුණු ඒ මුහුණ දෙස මම මොහොතක් බලා සිටියෙමි.

".. මට යන්න එපා කියන්නකෝ...."

කඳුළු වැගිරෙන දෙනෙත ! මම ගොළුව ගොසිනි. මධුලිකා මගේ පණ !!

"ඔයා මට ඇයි යන්න එපා කිව්වේ නැත්තේ... ? ඇයි මාව නතර නොකළේ.....?? මට ආදරේ නැති නිසානේ... "

තවදුරටත් ඉවසාගත නොහී මම ඒ නළල මත දීර්ඝ හාදුවක් තබා ඈ මගේ පපුවට තදකර ගත්තෙමි.

"යන්න දෙන්න බෑ මට.... යන්න එපා මැණික , මම ආදරෙයි මධු.... ගොඩක්... !"

අප දෙදෙනාගේ දෑස එකිනෙක පැටලී තිබුනේ ප්‍රේමයෙනි! ඔව්.. එය සියලු නහරවැල් හරහා ගොස් පුරාම ගින්නක් සේ පැතිර ගියේය.

".....යන්න දීගන්න බැරුව මම වින්ද දුකක්! "

මම මධුලිකාගේ කොපුලක් සෙමෙන් පිරිමදිමින් පැවසුවේ දෑසට එබීගෙනමය.

"තික්ෂ....ණ... මට..."

"ෂ්.. ෂ්... කමක් නැහැ මැණික. ඔයා ආවනේ... That says everything.... හ්ම්ම්.... අඬන්න එපා.. මම ඉන්නවනේ දැන්..."

මගේ පාලනය මා තුල මහා අරගලයක් කරද්දී , මම පහත්වී ඇගේ දොතොල් මත මෘදු හාදුවක් තැබුවෙමි.

"දැනට ඇති.. හ්ම්ම්ම්ම්ම්.."

මම හිස අතගාන විටදී ඈ ඇගේ ඒ විදුලිය වැනි බැල්ම මා වෙත හෙළමින් සාවියක සේ මට තුරුලුව උන්නාය.

එකවරම මිදුලේ විදුලි බල්බ දැල්වීමෙන් මේ වනවිට මේ නාට්‍යයේ හොඳම කොටස නිවසේ බව මට තේරුම් ගිය බැවින්, සිත පාලනය කරගත් මම සුසුමක් හෙලා මධුලිකා මදක් ඈතට කලෙමි. අප සිටින්නේ මගේ නිවසේ මිදුලේය! දැන් මම මුහුණදිය යුතු සත්‍යක් තිබේ!!

"....එන්න...ඇතුලට යන්න...මම කතාකරන්නම්... ! කවුරු මොනවා කිව්වත් ඔයා මුකුත් කියන්න එපා බබා.. හොඳද?"

එලෙස කියා මම ඇගේ කඳුළු පිසදැමුවෙමි. මධුලිකාගේ අත මම අල්ලා ගත්තේ අප දෙදෙනාගේ අත්ලවල් එකිනෙක තදවනසේ ඇඟිලි පටලවාගනිමිනි.

"නීල්... මේ බෑග් එක ජීප් එක ලඟින් දාන්න"

මුරකරු කලබලයෙන් හිස දෙපසට සැලුවේය.

අම්මා දොර අසල සිටගන සිටි අතර සුදම් මා එන මග වෙත ආවේ කලබලයෙනි. මැණිකා මා දැක පැන ගියාය. මම මධුලිකා සමඟ නිවසට ඇවිද එද්දී , අම්මා දුටු සැනින් ඈ නොකැමැත්තෙන් මෙන් අත අදිනු දැනී , මම සන්සුන් වන්නට ඇසෙන් පැවසුවෙමි.

සුදම් පසුකොට අම්මා අසලට ලංවූ මම බිමට යොමුවූ මගේ මුහුණ කෙලින්කොට ඈ දෙස බැලුවෙමි. අම්මා මහා විශ්මයෙන් වුවද නළල හකුලවා නොපහන් ලෙස මා දෙස බලාගෙනය.

"මේ.. අර..."

"ඔව් අම්මා... මේ මගේ වයිෆ්... මම මෙයාව බැඳලා ඉන්නේ"

සුදම් 'හෑ' ගානු මට ඇසුනි. එසැනින් අකුණක් පිපිරුවාක් මෙන් අම්මා මට අතුල් පහරක් එල්ල කළාය. මධුලිකා පැන මා බදාගත්තාය.

"අම්මා... අනේ තීක්ෂණ පව්!"

"ලොකූ ........... උඹ හිතුවද අපි මැරිලා කියල?"

අම්මාගේ කෝපයෙන් , විශ්මයෙන් ඇලලිගිය මුහුණ දුක්බරය. එහෙත් මම ඈ දෙස නැවත බැලුවෙමි. මගේ බැල්ම අම්මා හඳුනන්නිය. තත්පර කිහිපයක් ගතවුයේ කිසිදු හැලහොල්මනක් නොමැතිවය.

මගේ බැල්ම දරාගත නොහැකිව ඈ හඬමින් මගේ උරහිසට වාරු වුවාය. මම මධුලිකා මගේ අනෙක් උරහිසට තදකරගත්තෙමි. අම්මා ඉකිබිඳිනු දැනුනද මම එය දාරාගත්තේ මිදෙන්නට දඟලන මධුලිකා තවත් තදින් අල්ලාගෙනය.

"අම්මා... අම්මලාට බොරුවක් කලේ නැහැ මම. හිත රිදුනා නම් සමාවෙන්න. "

".... මධුලිකාට මම ආදරෙයි..!"

"ඩඩාට..."

අම්මා වහා හිස ඔසවා මා දෙස බැලුවාය.

"ලොකූ හදන්නේ ඒ මනුස්සයව මරාගන්නද මේක කියල?"

"මේ... ඉන්නේ ජයවර්ධන ගෘප් එකේ , ඩඩාගේ රෝල් මොඩ්ල් එක, මිස්ටර් සන්ජිවී ජයවර්ධනගේ එකම දුව... මධුලිකා ජයවර්ධන..... ඩඩා ඒක තේරුම් ගනී"

අම්මාගේ මුව විවරවී ගියේය.

"මොකක්? සන්ජිවී......"

මගේ උරයට ගුලිවී සිටින මධුලිකා දෙස විශ්මයෙන් බැලු අම්මා මා දෙස බැලුවේ කම්පනයෙනි.

".... සන්ජිවී.... මැරුනනේ.... දරුවා..."

"ඔව්.. ඒ උනාට මධුලිකා ඉන්නවා.. දිග කතාවක් අම්මා... මධුට දැන් ඉන්නේ මම විතරයි."

මම මධුලිකා ඇඹරෙද්දී , අල්ලා තුරල් කරගෙන ඇගේ හිස් මුදුන සිම්බෙමි. අම්මා දුටුවාට කමක් නැත! සුදම් බියවී මා දෙස බලාසිටී.

"...දැන් මේක විස්තර කරන්න වෙලාව නෙවෙයි... ඊට කලින් මට පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. මම දැන් චුට්ටක් එළියට ගිහින් ඉක්මනින් එන්නම් "

මම සුදම් දෙස බැලුවෙමි.

".. මට ජීප් එකේ යතුර ගෙනත් දියන්"

මල් මල් සිනාවකින් මුව සරසාගත් සුදම් ඒ සැනින් ගොස් රථයේ යතුර ගෙනැවිත් මා අත තැබුවේ මධුලිකා දෙස යොමුවූ සිනාවෙනි.

"ලොකූ...."

මම අම්මා දෙස එක එල්ලේ බැලුවෙමි. අපහසුවෙන් මගෙන් මිදෙන්නට දඟලන මධුලිකා මම තවත් උරයට තදකරගත් මම මද සිනාවක් පෑවෙමි.

"අම්ම දන්නවනේ මේ ලොකූගේ හැටි? බයවෙන්න එපා, ඉන්නකෝ මට සෝට් අවුට් කරන්න තියෙනවා. මම ඉක්මනින් එනවා "

"පරිස්සමෙන් ලොකූ "

මොහොතින් මමත් මධුලිකාත් ජීප් රථය සමඟ මාර්ගයට අවතීර්ණ වූයෙමු.

"තීක්ෂණ... අනේ ඔයාට අම්මා ගැහුවා"

"ඒකට කමක් නැහැ... I will handle it "

"අනේ මම ඔයාට...."

මම ජීප් රථය පසෙකට කර තිරිංග යෙදුවෙමි. මධුලිකාගේ දකුණත මගේ අත හා බැඳී තිබිණ.

"ආදරෙයි කියන්න මධුලිකා.!"

මම මධුලිකා දෙස බලද්දී ඈ ලැජ්ජාවෙන් සිනාසුනාය. මම දකුණතේ පිටි අල්ලට තෙත හාදුවක් තැබුවෙමි.

"ආදරෙයි... ගොඩක් ආදරෙයි.... "

ඒ ඇස් දිලිසෙයි. මම නැමී මගේ නළල ඇගේ නළලෙහි තබා බරට සුසුමක් හෙළුවේ දෑසද වසාගෙනය. මගේ සිත පාවෙනවාක් වැනිය. පිටවුයේ ඉබේටමය.

"මම මැරුණේ නැති ටික විතරයි"

මධුලිකාගේ කොපුලක් පිරිමදිමින් මම පැවසුවේ හදවතින්මය.

"මට සමාවෙන්න තීක්ෂණ....... මම ඔයාට දුන්න දුකක්!"

"පිස්සි! ආදරෙයි ඒ උනාට මම!.. මහ පාරෙ මැද්දේනේ .... අපි යමු දැන් "

මම නැවත රථය පාරට ගත්තේ මධුලිකා දෙස හොර බැල්මක් දමමිනි. හම්මෝ අර බැල්ම!

".....අපි මේ කොහෙද යන්නේ?"

"යන්නේ....? එයාපෝට් එකට!"

මධුලිකා මා දෙස විශ්මයෙන් බැලුවාය.

"නවත්තන්න වාහනේ..... මාව බස්සන්න!"

"බෑ!"

මම රථය පැදවූයේ වේගයෙනි. නමුත් මම බලෙන් මෙන් මධුලිකාගේ දකුණු අත මගේ අතින් අල්ලාගත්තෙමි.

"... මගේ ඩ්‍රාමා ක්වීන් ! "

මධුලිකා මා මත්වන බැල්මක් හෙළුවාය.

"ඔහොම බලන්න එපා දැන් වාහනේ හැප්පෙනවා..! "

"අනේ යන්න.. හරි නරකයි..."

"ඇයි දැන් එයාපෝට් යන්න බැරිද "

"තීක්ෂණ........ වාහනේ පොඩ්ඩක් නතර කරන්නකෝ... අපි යන්නේ කොහෙද?"

වේගයෙන් පැදවූ මම කෙටිපාරෙන් දමා වාහනය නතර කලේ මහල් නිවාසයේ රථ ගාලේය. හිතාමතාම මම වෙනදා නතර කරන තැන නොමැතිව, අඳුරු අන්තයක නතර කලෙමි. මධුලිකා මා දෙස බැලුවේ පුදුමයෙනි. මම දෑස සිහින්කොට මධුලිකා දෙස බලද්දී ඈ සිය විදුලික් වන සිනහව මා වෙත පාකර හරියේ කිසිදු ලෝබකමකින් නොවේ.

"මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා"

"මට?"

"ඊට කලින් අමතක උනා....."

මම ඉදිරි ආසනයේ උන් මධුලිකා දෝතින්ම ඇද මා වෙත ගෙන තදින් ඇගේ තොල් සිපගත්තෙමි. මධුලිකා මගේ දෝතෙහි ගුලිවී, මට තෙරපී , මෘදු වෙල්වට් කොට්ටයක්ව සුනම්‍යව ගියේ මොහොතිනි. දීර්ඝව උමතුවෙන් මෙන් ඇදීගිය සිපගැනීම මම නතර කරගත්තේ පුදුමයෙනි. දෙදෙනාම හුස්ම අල්ලමිනි.

'ඈ එතරම් දක්ෂ සිපගන්නියක්ද?'

මට නැගුනේ ඒ මනමාල සිනාව වන්නට ඇත. දෑස අඩවන්ව මධුලිකා තවත් තත්පර කිහිපයක් උන්නාය. ඈ සිටියේ මගේ ඔඩොක්කුවේ තව තවත් ගුලිවෙමිනි. ඈ වෙතින් හමන සුවඳ.......

මට සිහිවුයේ ඈ මංගල ඇඳුමින් සිටි මොහොතේ මගේ මෘදු සිපගැන්ම දරාගෙන ඈ සිටි ඉරියව්වයි.

"....ගේට්ටුව ගාවදී දුන්න මදි..."

මධුලිකා තවමත් ලැජ්ජාවට දෑස පියාගත්වනමය.

".. තාම මොකද මේ ඇස්දෙක වහගෙන..? ඇති ඔය..."

මධුලිකා දෑස නෑරම දෝතින් මුහුණ වසාගන්නට උත්සහ කලද, මම ඒ අත අල්ලා ගත්තෙමි.

"... පිස්සි, මාව දාල ගිය හැටි... "

මධුලිකා ඇස හැර, මුව උල් කොට බොරු අමනාපයක් පෑවාය.

"එහෙනම් මට ඉන්න කිව්වේ නැත්තේ?"

"එහෙනම් ඇයි යන්න බෑ නොකිව්වේ?"

අප දෙදෙනා එකිනෙකා දෙස බලාගෙනය. කවරදාකටත් වඩා මම උමතුවෙන් මෙනි.

"එපා අල්ලන්න.. නපුරා!"

මට සිනා නැගුණි.

"එදත් බැන්නේ ඔහොම තමයි.. බීල බීලා ...වෙරිවෙලා..."

මධුලිකා කට උල් කොට, දෙබැම හකුලා බොරුවට අමනාප වුවාය. හම්මෝ මෙහෙම සරාගී කෙල්ලක්!

"..... ඊට පස්සේ ඇඳුම් ගලවලා..."

"ආ.... මම? බොරු කියන්න එපා"

"මට හිතුන කවදාහරි කියයි කියලත්... ඒ හින්දම ඔන්න ඇති CCTV footage ටික මම අරගෙන තියල . , හොටෙල් ලොබි එකෙත් මම උස්සගෙන ආවේ... නැතිනම් කියයි... මම දන්නවනේ මෙයාගේ සැර !"

"අනේ බොරු බොරු...."

මධුලිකා දෝතින්ම මුහුණ වසාගෙනය.

"බොරු නෙවෙයි.... ඊට පස්සේ මගෙත් බලෙන් ඇඳුම් ගැලෙව්වේ...මොනවද බලන්න ඕනේ කිව්වත් එක්ක... අන්තිමේ මමනේ වැරදිකාරයා උනෙත්! කෝ මට මුණ බලන්න ඕනේ... කෝ"

මධුලිකා ලැජ්ජාවෙන් මුහුණ වසාගෙනම මට මට තුරුල් වුවාය. ඒ දැඟලිල්ලට වාහනයේ නලාව මහා හඬින් නාදවිය. මධුලිකා බියවී මා දෙස බැලුවාය. මට මහා හඬින් සිනාවක් නැගුණි.

"...ඔය! දඟලන්න එපා මැට්ටි ! "

"එපා එපා.. අල්ලන්න එපා මාව"

"අල්ලන්න එපා? ඒවා කොහෙද මගෙත් එක්ක!"

"අනේ.... ඔය.. එපා මට කිචි"

"මෙහෙම තවත් ඉන්න බැහැ කෙල්ල.. කෝ එන්න පිටිපස්සේ සිට් එකට... "

"බෑ බෑ "

"එහෙනම් යං උඩට , මට බඩ්ඩක් පෙන්නන්න තියෙනවා.. ඊට කලින් මට කියන්න.. ඔයාගේ අර කොල්ලට එතකොට මොකද වෙන්නේ?"

මම අපහසුවෙන් හෝ මෙතෙක් වෙලා මගේ සිතට වදදුන් ප්රශ්නය ඇසුවෙමි.

"මොන කොල්ලද?"

"අර මා-රියාට ඔයා නි-ත-ර කියන්නේ"

"අඃ ඔයා කොහොමද.... දන් ?

තරමක් බැරෑරුම් වූ මගේ මුහුණ දෙස මධුලිකා ඇස් කරකවමින් බැලුවාය. අනතුරුව එකවරම සිනාවක් නැගුණි.

".. හ්ම්ම්ම්.... ඒ කොල්ලා.. හ්ම්ම්ම් . ඕනේ නැහ්...."

මගේ මුහුණ වෙනස් වී ඉරිසියාවෙන් මා කොලපාට වන්නට ඇත. ඊටත් මා ඇසු කතාවන් සියල්ල මා වෙත විලිස්සා පැන්නාක් වැනිය. එතරම් පහසුවෙන් අමතක කරන පෙම්වතෙක්? එවර ඈ මා තෝරාගෙන ඒ තරුණයාට පයින් ගැසුවාද ? මගේ සිත පෑරිනි.

"..... ඉන්නකෝ"

එකවරම ඈ දුරකතනයෙන් whatsapp ඇමතුමක් ගත්තේ වීඩියෝ සමඟිනි. ඒ මාරියා නම් තරුණියටයි. දෙවරක් නාදවෙද්දී එයට පිළිතුරු ලැබුනේ බලා සිටියාක් මෙනි. මම මධුලිකාගේ පිට මගේ පපුවට හේත්තු කරගත්තේ ඇගේ බඳ දෙපසින් දෑත් යවමිනි.

"හලෝ... මධූ... කෙල්ල ඔයා..."

මාරියා එකෙනෙහිම මධුලිකාට ඉහලින් සිටින මගේ මුහුණ දුටුවනම කියන්නට ආ දේ ගිලගෙන මහා හය්යෙන් හූ කියමින් කෑගැසුවාය.

"මාරි..... මම එන්නේ නැහැ... මගේ පෙම්වතාට කියන්න පණිවිඩේ..හරිද?"

සුදු ජාතික තරුණිය මුව අයාගෙන මදක් කල් ගත්තාය.

"මගේ දෙවියනේ..... පෙම්වතා? අන්තිමට උඹ එයාට කිව්වද ?? මෝඩි ! අනේ හරිම ලස්සන ජෝඩුව.... තව ඩින්ගෙන් උඹේ ජීවිතේම ඉවර වෙනවා! "

මම පුදුමයෙන් මධුලිකා දෙස බැලුවෙමි.

".... හලෝ මිස්ටර්.. මට ඔයාගේ නම නම් උච්චාරණය අමාරුයි... මධු ඔයාට කියන්නේ එනී කියල.. ඉතින් මමත් කියන්නේ එනී කියල....මම මාරියා..."

එනී ? ඒ මොන නමක්ද? ආ? එනී ????

"එන්රිකේ ..හින්දා."

මධුලිකා හිස ඔසවා මගේ කනට රහසින් මිමිණුවාය. මට සිනාව පුපුරා ගියේය.

"හලෝ මාරියා..මේ කෙල්ල මට මාර බොරුවක්නේ කලේ"

මම රැවුල්කොට මධුලිකාගේ කම්මුලට තදකොට එහා මෙහා කරමින් කියා මධුලිකාගේ කනක් සෙමෙන් දත් වලට තදකලෙමි. දැඟලිල්ලට නැවතත් වාහනයේ නලාව ශබ්ද විය. මට සිනා ගියේය.

"... ආව් ආව්.. කොහෙද ඔය ඉන්නේ දෙන්නා ?"

"අනේ ඇති ඇති.... දැන් ඇති මාරි.... මම ඔයාට පස්සේ කතා කරන්නම්... මෙයාට මේ මගේ පෙම්වතාට පණිවිඩයක් දෙන්න ඕනේ කිව්වානේ ඒකයි ගත්තේ...."

"...අම්මෝ එනී.... ඔයා තමයි ඒ පෙම්වතා... මට මේ කනක් ඇහිලා ඉන්න නෑ.. ආදරේ නෑලු... නපුරු උනාලු.. වෙන කෙනෙක් බඳිනවාලු... එයාව එපා කිව්වලු..... බැන්නලු.. අරකලු මේකලු...බ්ලා බ්ලා බ්ලා ...."

"ඇති ඇති..."

"ආ.. තව කිව්වා වෙන කෙල්ලෝ කිස් කරනවා වගේ එයාව කිස් කරන්නේ නැහැ කියලත්... ආ අන්තිමට කිව්වා....."

"පස්සේ කතාකරන්න මම දැන් තියනවා"

මධුලිකා වහා ඇමතුම විසන්ධි කලාය. රථ ගාලේ ආරක්ෂක නිලධාරියෙක් අප වෙත විමසිල්ලෙන් මෙන් ඇවිද එනු පෙනුන නිසා මධුලිකා වහා හිස සඟවා ගත්තේ මගේ ඔඩොක්කුවේය. දෙදෙනාටම සිනාය.

නලා ශබ්දය ඇසී පැමිණි ඔහු මම ඈතදීම හඳුනාගෙන අත වැනුවෙමි. ඔහු සිනාසී මා හඳුනාගෙන ආපසු හැරුණි.

"හරි මිනිහා ගියා. මොනාද ඒ මාරි කිව්වේ ආහ් ??"

"අනේ නැහැ.. ඒකිට පිස්සු!"

මම දෑස සිහින්කොට මධුලිකා දෙස බැලුවේ සිනාසෙමිනි. මධුලිකා ලැජ්ජාවෙන් එරෙව්වාය.

"..... මෙතන ඉන්න බෑ දැන් ,අපි යමු උඩට..."

"හම්මේ.... බෑ තමයි.... මටත් නම් තව ඉන්න බෑ "

මධුලිකා මගේ අත් ගොබය මිරිකා මා තල්ලුකොට දැමුවාය.

අප දෙදෙනා සෝපානයට යද්දී එතැන උන් කිහිපදෙනා අතර පෙර දිනයක හමුවූ තරුණයෙක්ද සිටි අතර මම මධුලිකා මගේ ඇඟට තෙරපවාගෙන ඔහුට රවා බැලුවෙමි. මධුලිකා සිනාසෙයි.

"මොකද හිකි හිකි ගන්නේ වෙන කොල්ලෝ දිහා බලල... මරනවා මම!"

මම ඇගේ කනටකර දත්මිටිකන හඬින් මිමිණුවෙමි. මධුලිකා හිකි හිකි ගායි.

ඉන්පසුව අප දෙදෙනා අපගේ මහල් නිවාසයේ දොර අසලය. මම මධුලිකාගේ කම්මුල් වසා මගේ දෑතේ අල්ල වැසී යන පරිද්දෙන් තැබු මම , මහත් ආදරයෙන් ඈ දෙස බැලුවෙමි.

"මට සමාවෙන්න තීක්ෂණ..... ඔයාට අම්මා ගැහුවා.... නොකියා ඉන්න තිබ්බේ"

"ඒකට කමක් නැහැ"

මධුලිකා සිය ගෝනියක් වන ඇඳුමේ සාක්කුවක තිබී යමක් එලියට ගත්තාය. එය පසුගිය දිනෙක සාප්පු සවාරියේදී මිලට ගත්අත් ඔරලෝසුවයි. මම විමතියෙන් ඈ දෙස බැලුවෙමි. ඈ එය මගේ අතේ පැලඳුවේ ඒ මොහොතේමය.

"මේක ගත්තේ ඇත්තටම ඔයාට... මාව එයාපෝට් එකේදී දාල ආවහම විසික් කරන්න එලියට ගත්ත... මට ... මට මැරෙන්න හිතුනා මාව දාලා ආවහම "

මම නැවතත් මධුලිකා සිපගත්තේ බිත්තියට ඈ තදකරගෙනය. ඒ සිපුම් අතිශය වර්ණවත්ය. මම ඇගේ ගෙල මෘදුව අතගෑවෙමි, ඈ ලා දල්ලක් සේ සැලේ.

"මම දැන් ඔයා නැතුව ජිවත් වෙන්න දන්නේ නැහැ"

එය වැදුනේ මගේ පපුවේ ගැඹුරුම තැනටය. මම ඈ තදින් වැළඳ ගත්තෙමි.

"මම කීයටවත් හිතුවේ නැහැ ඒ ගිය ගමන ආයෙත් ඔයා හැරිලා එයි කියල. ඇයි බබා මට කිව්වේ නැත්තේ?"

"ඇයි ආයේ කතාකරන්න එපා කියලා ලියල එවල තිබ්බේ... පුන්චිවත් මතකයක් තියාගන්න එපා කිව්වේ.... "

"මැටි අලේ !"

මද වෙලාවක් ලෝබකමින් ඈ දෙස බලා උන් මම දොර විවර කොට මධුලිකා උරහිසට තදකොටගෙන මහල් නිවාසය තුලට පිවිසියෙමි.

".... එවපු මැසේජ් එකේ ඉතිරි ටික කියෙව්වේ නැද්ද? හ්ම්ම්? ගන්නවා ෆෝන් එක... කෝ ඕපන් කරනවා ඒක ! හැම එකම ඇන ඇන කියන්න ඕනේ.... "

මම එලෙස කියා සෝෆාවේ හිඳගත්තේ මධුලිකා මා වෙත ඇදගනිමිනි.

"එපා.. එපා... මට ලැජ්ජයි.. මම මෙහෙම ඉන්නම්"

"දැන් ඒවා හරියන්නේ නැහැ... ඉන්නවා ඔහොම"

මම ඈ ඔඩොක්කුවේ තදකොට ගත්තෙමි. මධුලිකා මදකින් සන්සුන් වුයේ මගේ ග්‍රහණය බුරුල් නොවූ බැවින් අන් විසඳුමක් නොතිබුණ බැවිනි.

".... කෝ ෆෝන් එක ගන්නවා.... මම එවපු මැසේජ් එක.... මේ මොනාද මේ යවල තියෙන්නේ.... මාරියාට නේද?

"අනේ.. ඒවා බලන්න එපා.. අනේ.. එපා...."

එහි තිබුනේ එකම දුක් වැලකි.

'එනී මගේ පණ' , ' එනී නැතුව මම මැරෙයි' , 'එනී දාල යන්න බෑ' ..

එනී එනී එනී එනී!

දුසිම් ගණනක් ඒවාට මාරියාගේ පිළිතුරු... අනේ මේ පිස්සි!

"හරි හරි.. දැන් මම එවපු එක බලමුකෝ... කෝ ඒක මැකුවද?"

මධුලිකා මගේ කෙටි පණිවිඩය විවෘත කොට දුන්නාය. ඇගේ දකුණු කොපුල මගේ පපුවට තදවී තිබිණ.

".. මේ බලන්න... මම ලිව්වේ... සොරි කියල.... මුකුත් උනේ නෑ කියලත් ලිව්වනේ...."

"ඒ උනාට...."

"ඔව් ඉතින් කිස් කළා තමයි මම.... ඒකටනේ සොරි කියල ලිව්වේ.."

මම මධුලිකාගේ කොපුලක සෙමෙන් රැවුල්කොට අතුල්ලමින් කිව්වෙමි.

".... මගේ ඇඟට පැනල මාව මොකද්ද කලානේ... "

"අනේ.... බොරු!"

මම ඇගේ මුහුණ මා වෙතම හරවාගත්තෙමි.

"බොරු? බොරු නෙවෙයි... ඇඳුමකුත් අන්දලා ඇඳට දැම්මා මම පව් කියලා... එච්චර එහෙම කරනකොට මම නිකන් ඉන්න පිස්සුද? "

මධුලිකා යටිතොල සපමින් මගේ මුහුණෙන් බැල්ම ඉවත්කර ඒ මේ අත බලමිනි.

"අර.... බෙඩ්ෂීට් වල... බ්.."

"අනේ මැට්ටි... ජින් බෝතලේ බිඳිලා මගේ අත කැපුන! ඒක වෙන්නැති... අනේ අනේ... මහලොකුවට කට විතරයි.. වෙච්ච දෙයක්වත් දන්නේ නැහැ... "

ඉවත බලන්නට ගිය මධුලිකා මම මගේ නෙත්සරින් අල්ලාගතිමි.

".... මට වෙන ලෙඩක් තිබ්බේ නෑනෙ ඉතින් අහක බලාගෙනම ඉන්න... සොරි කිව්වේ ඒකට! ඒ උනාට අවසිහියෙන් ඉන්න කෙල්ලෙක්ට කොහොමද මම කරදර කරන්නේ..? ඔයා හිතන්නේ ලේසි වැඩක් කියලද ,එහෙම කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක? හ්ම්ම් "

මධුලිකාගේ දෙතොල් වෙව්ලනු මට පෙනුනි.

"... ක්ලබ් එකේ සුද්දීත් එක්ක ඩාන්ස් කලාට, ඒකි මගේ ඇඟට ආවට... එක්ස් මගේ පස්සෙන් ආවට... මගේ හිතේ ඔයා තියාගෙන කවදාවත් වෙන කෙල්ලෙක් ගාවට යන්නේ නෑ මධු....කවදාවත් නෑ! "

"තීක්ෂණ..."

මගේ සිනාව කට කොනටය. දෑස අඩවන්ව ගොස් සියල්ලම නොපෙනී ඇගේ දෙතොල් පමණක් පෙනෙන්නා සේය.

"ඔහොම තමයි ඊයෙත් කෙඳිරි ගෑවේ... අහුවෙච්ච අහුවෙච්ච තැන හැපුවා දත් එන බලු පැටියා වගේ.... මේ... පේනවද? හ්ම්ම්... ඇඟ පුරාම පැචස්!"

මධුලිකා මුහුණ මගේ පපුවෙහි ඔබාගත්තාය. පව් ලැජ්ජාව!

".... අන්තිමේ ඉතින් බොහොම අමාරුවෙන් තදකරලා අල්ලලා තුරුල් කරගෙන ඉඳල නිදිකෙරෙව්වා... අම්මෝ මාව කෑවා! "

"අනේ යන්න අනේ ඔයා හොඳ නැහැ"

"මම හොඳ නැහැ....?? දැන් දැක්කනේ ඔන්න පණ්ඩිත ආච්චිගේ කෙරුවාව. දැන් කියන්න බලන්න මොකටද මට අර තරම් බැන්නේ , එරෙව්වේ, තරහ ගියේ ?

මම සිනාසෙමින් කිව්වද මධුලිකා හිස එසවූයේ නැත.

"තරහ ගියේද? තරහ ඔයාට විතරක් සිහියක් තිබ්බ නිසා"

"ආ...!? Say that again "

මට ආවේ මහා නොහොබිනා සිනාවක් වන්නට ඇත.

" නෑ නෑ ආයේ කියන්නේ නැහැ.. එකපාරයි.. ඌයි එපා මට රිදුන "

"එහෙනම් ආයෙත් කියන්න ඒක! කෝ මට මුණ බලන්න ඕනේ..."

මම බලෙන් ඇගේ මුහුණ මා දෙසට හරවාගත්තේ කම්මුල් දෙකම දෝතට ගනිමිනි.

"අනේ ඔහොම බලන්න එපා....."

මම යටිතොල විකාගත්තේ සිනාව වළකන්නට වඩා හැඟීම් වලකාගන්නට මෙනි.

"කියන්න.."

"මට තරහ ගියා ඉතින් ඔයා විතරක් සිහියෙන් හිටියා කිව්වම"

"අම්මෝ මේ කෙල්ල නම්!"

මධුලිකා හිකිස් ගා සිනාසී දෝතින්ම දෑස වසාගත්තාය. එවිටම ඇගේ දුරකථනය නාදවිය.

"... මොන හතුරෙක්ද මේ වෙලාවේ?"

මධුලිකා මගේ ඔඩොක්කුවෙන් නැගිට පිළිතුරු දෙන්නට ගියද මම ඈට යන්නට නොදී, සෝෆාවේ පසෙකට බරව, ඈගේ පිට මගේ පපුවට හේත්තු වනසේ තබාගත්තෙමි.

"ඔය ඉතින්...."

"යන්නේ නෑ , දැන් ඉන්න ඕනේ ඔහොම.. චඃ ! මොකක්ද මේ ඇඳගෙන ඉන්න ගෝනිය?"

"ආ... මේ මිස්ටර් දුනුවිල නේද?"

"තාරුකයා මොකටද ඔයාට කතාකරන්නේ ..? කතාකරන්න එපා ... ඔය ඩිවෝස් එක ගැන වෙන්න ඇති."

මම නොමනාපයෙන් කිව්වේ මධුලිකාගේ දෙවුර හරහා අත ගෙනගොස් ඈ මා වෙත තද කරගනිමිනි.

".. අම්මටසිරි... මගේ ෆෝන් එක ඔෆ් නේ! කෝ දෙන්න"

මම දුරකතනය ගෙන වහා කනේ තබාගත්තෙමි.

"කියන්න මචන්.. මේ මම"

තාරුක අයියා එක හුස්මට නොසරුප් වචන වැලක් කියාගෙන ගියේය. එහි සමස්ථය වුයේ මගේ දුරකතනයට මම පිළිතුරු නොදීමයි.

"ඔයා කන්දෙක වහගන්න කෙල්ල..."

මම මධුලිකාගේ වම් කනට කොඳුරා කියද්දී ඈ සිනාසී එසේ කලාය.

"... තෝ කොහෙද ඉන්නේ %$#%$^ දැන්? මම එයාපෝට් එකේ දැන් පැයක් තිස්සේ උඹව හොයනවා. උඹ මේ කෙල්ල එක්ක ඇතුලට ආව කිව්වා.... මෙන්න ඊට පස්සේ උඹ ගෙදර කියල සුදම් කෝල් කළා.. යකෝ.... උඹට පිස්සුද?"

එකවරම කුමක් කියන්නදැයි මට තෝරාගත නොහැකිය.

"හරි.. හරි.. මචන් මම ආන්සර් නොකළේ පොඩ්ඩක් අවුලෙන් හිටපු නිසා.. උඹ එයාපෝට්?"

"පිටත් වෙච්ච වෙලේ ඉඳන් උඹට ගත්ත. දැන් උඹ ඉන්නේ කොහෙද කියපන්"

"හ්ම්ම්... මේකයි මචන්.... මධූව.... මම එයාපෝට් එකෙන් දාල ආවට.. මධූ ආපහු ආව... දැන් අපි ඉන්නේ අපාර්ට්මන්ට් එකේ"

තත්පරයක නිහැඬියාවකි. මට අමුත්තක් දැනුනි.

"... මොකක්හරි අවුලක්ද මචන්...?"

"ෆෝන් එක මධුට දීපන්"

මම මදක් වික්ෂිප්තව ගියෙමි. දුරකථනය මධුලිකාට දුන් මම ඈ තදින් තුරුළු කරගත්තෙමි. දුරකතනයේ තාරුක අයියාගේ හඬ මට ඇසේ.

"නංගි... ෆ්ලයිට් එක තිබ්බේ කීයටද? අටයි හතලිහට නේද?"

"ඔව් මිස්ටර් දුනුවිල... මේ...."

"දැන් වෙලාව තාමත් හතයි කාලයි. නංගි ඔයා ඉක්මනට එන්න එයාපෝට් එකට. ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික තියෙනවා නේද? දැන්ම ආවොත් වෙලාව තියෙනවා, ඔතන ඉඳල පැයක් නෑනේ . බයවෙන්න එපා.. පොඩ්ඩක් තීක්ෂණට දෙන්නකෝ"

"හ්ම්ම්ම්"

මධුලිකා කැළඹුණු මුවින් මට දුරකතනය දුන්නේ මා දෙස බලමිනි. මම ඇගේ නළල මත හාදුවක් තබා කලබල නොවන ලෙස ඇසින් පැවසුවෙමි.

"කියපන් මචන්...."

"මධුට ඇහෙන්නේ නැති තැනකට පලයන්.."

මම අඩියට දෙකට සෝෆාවෙන් නැගිට පැන්ට්‍රි කොටසට යද්දී මධුලිකා මා දෙස බලාගෙනම සිටිනු දුටිමි. පැන්ට්‍රි කොටසට ගොස් එයට පිටදී, මම ඈ වෙත මුව උල්කොට හාදුවක් පාකර හැරියේ කලබලයක් නොමැති පරිද්දෙනි.

"කියපන්"

"උඹල හොටෙල් එකක හිටියද නිගම්බෝ? "

"හ්ම්ම්"

"කවුද තව හිටියේ...? මට මතකයි අර උඹේ එන්ගේජ් වෙනකොට එතන හිටපු නංගි... ඒකිත් ගියාද?"

"ඔව්... මොකද්ද බන් වෙලා තියෙන්නේ?"

"මචන්.. මධුට කියන්න එපා.... ඒ කෙල්ලව රේල් ගේට් එක ගාවදි බයික් එකකින් ආපු දෙන්නෙක් වෙඩි තියල මරල. කෙල්ලත් එක්ක හිටපු කොල්ලත් ඉවරයි. දෙන්නම එතැනම!"

"දෙය්යනේ..."

මම පුළුවන් උපරිමේ කටහඬ පාලනය කලෙමි.

"ටැක්සි කාරයා විතරයි ඉතුරු. ඌ තමයි කිව්වේ වාහනේට ඒ දෙන්නව ගත්තේ නිගම්බෝ හොටෙල් එකෙන් කියල. වෙඩිතියපු උන් අඳුනගන්න බෑ , උන් මාස්ක් දාලා... අනිවාර්යයෙන් මේක දුලිප්ගේ වැඩක්. උන් මධුලිකාව ට්‍රේස් කරලා... "

"ශික්!"

"ඔය මගුලේ ඉන්න එපා... උඹල දෙන්න ටැක්සියක් දාගෙන එයාපෝට් වරෙන්... උන් මධුව හොයන්නේ. සමහරවිට උඹවත් හොයනවා වෙන්න ඇති. උඹත් ඇඳුම් ටික ඔහොම්මම අරගෙන වරෙන්"

මගේ හිස ගිනි ගත්තේය. මධුලිකා අනතුරේ!

'අනේ අහිංසක උදානි!'

නමුත් ශෝක වන්නට හෝ කලබල වන්නට කාලය නොවේ.

"හරි මචන්... මම මධු එක්ක යන්නම්.... "

"වරෙන් ඉක්මනට. ෆ්ලයිට් එකට වෙලාව තියනවා. මොන ජගතා උනත් එයාපෝට් එක ඇතුලේ අපි සේෆ්. මධුට කියන්න එපා ෂොක් වෙයි"

"හරි... මගේ ෆෝන් එක ඕෆ් වෙලා.. මේක ඕන් එකේ තියෙනවා. මේකත් මම ටිකකින් සිම් එක මාරු කරනවා මගේ එක ඔන් කරගත්තම. බලමු ඔය කැ# බ$$ ඌට ඕනේ දේ කරයිද කියල!"

දුරකථනය විසන්ධි කල මම වහා මධුලිකා වෙත ආවෙමි.

"මධු... අපි එයාපෝට් යන්න ඕනේ!"

"තීක්ෂණ........... අනේ!"

මධුලිකා මා තරයේ වැළඳගෙන කෑගැසුවාය.

"පැටියෝ.... මම කියන දේ අහල යමුකෝ... කෝ ගන්න පර්ස් එක.. වාහනේ නේද ලගේජ් එක? කෝ නැගිටින්න.. අපි පැයකින් එහෙ යන්න ඕනේ.."

මම එසේ කියමින් කැබ්රථ සේවාවන් සෙව්වෙමි. ඒ අතරතුර මගේ දුරකථනය ආරෝපණයට දැම්මෙමි. කෙතරම් උත්සහ කලද ,ඉක්මනින් ලබාගතහැකි රථයක් තිබුනේ නැත. තවත් ප්‍රමාද වුවහොත් ගුවන්යානය මගහැරෙනු ඇත.

"කමක් නැහැ.. යමු ජීප් එකේ!"

මම සිතට දිරි ගත්තෙමි. ඔවුන් මගේ ජීප් රථය මේ වනවිට හඳුනාගෙන ඇතිද? කරන්නට යමක් නැත. කෙසේ හෝ මධුලිකාගේ ජීවිතය බේරාගත යුතුය.

දොර විවර කරන්නට ප්‍රථම මධුලිකාගේ නළල මත උණුසුම් හාදුවක් තැබූ මම ඈ මගේ පපුවට තදින් තරපා ගත්තෙමි.

"මගේ පණ ඔයා.... ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ මධු.... "

"අනේ තීක්ෂණ..... මට ඔයා නැතුව බැහැ.. ඇයි අපි එයාපෝට් යන්නේ? අනේ ඇයි මොකද වෙලා තියෙන්නේ ?"

"ඔයාට මාව කවදාවත් නැතිවෙන්නේ නැහැ පණ.. මාව විස්වාස කරලා යමු දැන්.."

"අනේ තීක්ෂණ මට යන්න බෑ "

මධුලිකා මගේ කමිසය තුලින් අතදමා පිට පුරා අත ඒ මේ අත ගෙනගියේ උමතුවෙන් මෙන් මගේ පපුව සිඹිමිනි. මම ඇගේ දෑතම අල්ලා ගත්තෙමි.

"... එපා පණ.... අපිට වෙලාව යනවා.. නැතුව අකමැත්තට නෙවෙයි.... මොනදේ උනත් ඔයාට මාව නැතිවෙන්නේ නැහැ. අනේ දැන් අඬන්න එපා පැටියා"

මිට පෙර භාවිතා කල බොරු කොණ්ඩා අප දෙදෙනාම පැළඳ, මධුලිකාගේ කඳුළු අතරින් , තදකරගත් සිතින් යුතුව මමත් මධුලිකාත් ජීප් රථයට නැගුනෙමු.

"පරක්කුයි මචන්.. මොකද්ද මෙච්චර වෙලා කලේ.... ?"

"කැබ් තිබ්බේ නැහැ.. ජීප් එකේ ආවේ.."

මම තාරුක අයියා දෙස බලද්දී ඔහු මධුලිකාව රථයෙන් බිමට ගත්තේය.

"ජීප් එක මට දීල උඹ බැහැපන්... "

මදක් කලබල වුවද මම එලෙස කලෙමි. යතුර මා අතින් ගත් තාරුක අයියා පසුපස දොර හැර මධුලිකාගේ බෑගය බිමට ගත්තේ වටපිට බලමිනි.

".. කෝ උඹ හොටෙල් එකේ ඉඳල ආව නම් උඹේ බෑග් එක?"

"ආ.. ඒක ගෙදර බෑවේ නැහැ මම හිතන්නේ... ආ... අර තියෙන්නේ..."

ඔහු වහා එය බිමට බෑවේය.

"තීක්ෂණ අනේ.... "

මධුලිකා මා බදාගෙන හඬයි. මම තාරුක අයියාට අසරණ මුහුණක් දැම්මෙමි. ඔහු සිනාසෙයි. 'මේ මොන එකක්ද?'

"....අනේ..... තීක්ෂණ මට බෑ !"
ඒ මධුලිකාය. එවර තාරුක අයියා සිය අත තිබුණු විනිවිද පෙනෙන කවරයක්ගෙන මා අත තැබුවේ සිනාසෙමිනි.
"මචන්... මෙතන තියෙනවා උඹේ පාස්පෝට් එකයි , ඔක්කොම.... උඹට වීසා ගහල ටිකට් අරගෙන තියෙන්නේ... දෙන්නටම එකම ෆ්ලයිට් එකේ... "

මට එය ඇසුනේ සිහිනයක් මෙනි.

"....මේ සිටුවේෂන් එක නොවුනත් මමයි මිස්ටර් වාකිෂ්ඨයි ඒක කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ... උඹල දෙන්නට ඩිවෝස් වෙන්න දෙන්නේ නැහැ මේ අපි! "

"මචන්... මේ...එහෙම?"

මගේ කිසිම අනුදැනුමක් හෝ නොමැතිව මෙවන් යුරෝපිය රටකට වීසා ගත්තේ කෙසේද?

"උඹ හිතන දේ මම දන්නවා. මේක ලංකාව... රටේ හිරගෙදර ඉන්න චොකා මල්ලිලා එයාපෝට් එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව පනින්නේ උඹ හිතන්නේ කොහොම කියලද? උඹ දන්නේ නැහැ වාකිෂ්ඨ කියන්නේ මොනවගේ පවර් එකක් තියෙන කෙනෙක්ද කියල.. බයවෙන්න එපා බන්... රටේ සාමාන්‍ය නිතිය තියෙන්නේ එක ලෙවල් එකක මිනිස්සුන්ට විතරයි... වාකිෂ්ඨට උඹේ වීසා ගේමක් නෙවෙයි "

තාරුක අයියා සිනාසී කිව්වේය. මම ඔහුගේ උරහිසට තට්ටුවක් දැම්මෙමි.

".... පලයන් දැන් මේ කෙල්ල එක්කම.. මෙතන වැඩිය ඉන්න එපා නෝට් වෙන්න"

මමත් මධුලිකාත් එකිනෙකා දෙස බලාගත්වනමය.

"... මම ජීප් එක ගෙනියන්නම්... පරෙස්සමෙන් පලයන් දැන්.. "

"මට පුළුවන් උඹේ ගෙදර බැලන්ස් කරගන්න මාසයක්. මාසෙකට ඇත්තේ උඹට වීසා. උඹේ රිසල්ට් වලට ස්කොල් එක දාල තියෙන්නේ දැනටමත්. කෙල්ල එක්ක පැනපන් මචෝ... කෙල්ලට උඹ නැතුව කොහේ හිටියත් ආරක්ෂාවක් නැහැ"

මම තාරුක අයියා බදාගත්තෙමි. මධුලිකා මා බදාගෙන උඩ පැන්නේ කුඩා දරුවෙක් පරිද්දෙනි.

"උඹ.. උඹ නම් දෙවියෙක්!"

"අයියා... ඔයාට ගොඩක් ස්තුතියි !"

"මචං... උඹ තරම් හිත හොඳ එකෙක් මම දැකල නැහැ... මධු... මේ මූ වගේ ලවර් කෙනෙකුත් දැකල නැහැ.... මම ඔයාට බැන්නට තරහවෙන්න එපා.. ඒ ඔක්කොම මුගේ ඒ දුක බලාගෙන ඉන්න බැරුව. ඔයා නැතුව මු මැරුනේ නැති ටික විතරයි.... ඒ හින්දා මූවත් ඔයත් එක්කම යවන්න ඔක්කොම ප්ලෑන් කලේ... කොහෙද උඹල දෙන්න හනිමුන් ගිහින් , ඊටත් එහා වරුවකට කලින් එයාපෝට් ඇවිත් ඔක්කොම අවුල් කලානේ.. උඹට මම කොච්චර කෝල් කලාද %$%^$! "

"අඩෝ..වයිෆ් ඉස්සරහ කුණුහරප කියන්ඩ එපා බන්"

මධුලිකා මා කෙනිත්තුවාය. මට සිනාවක් නැගුනේ මේ කියන දේවල් වල ඇති පුදුමය නිසාය.

".... මාව දැන් අඬවන්නේ නැතුව ඉක්මනින් පල.. ෆ්ලයිට් එකට වෙලාව නැහැ.. ටර්මිනල් එක වහයි %$^%%^"

මම තාරුක අයියා දෙස හෙලු බැල්මෙන් එය උදානි ගැන බව දැනුනු ඔහු මගේ කනට කර මිමිනුවේය.

"කියන්න එපා තාම... මම ඔක්කොම බලාගන්නම්"

ඔහු එයට පිළිතුරු බැන්දේ එසැනිනි.

".. දැන් යන්න ඉක්මනට..."

මම මධුලිකාගේ අතින් අල්ලාගෙන බෑග දෙක තනි අතින් ගෙන යුහුසුළුව ඇතුල්වීමේ පර්යන්තයට පිවිසුනෙමි.

අවසාන ගේට්ටුව අසලදී ආපසු හැරුණු මම දුටුවේ සතුටු කඳුලින් බලා සිටින තාරුක අයියාය. මම ඔහුට අත වනා ඉක්මනින් ගේට්ටුවෙන් ඇතුලට ගියෙමි.

සිනායන කාරණය නම් මම උන්නේ කොටකලිසමට අත් නැති ආම්කට් කමිසයක් හැඳ , සැහැල්ලු සපත්තු යුවලක් දමාගෙන වීමයි.

ප්‍රමාදවී පැමිණියද , ටිකට් ලබාදීමේ කවුන්ටර වලින් යුහුසුළුව අපට ලැබුණු උපකාර නිසා මමත් මධුලිකාත් මහත් කලබලයෙන් වුවද ගුවන්යානයට පිවිසුනෙමු.

අපගේ ආසන පිහිටියේ එකිනෙකට පමණකට සමාන්තරව ඈතිනි. මධුලිකාගේ ආසනයට ඈ හැරලවා මම මගේ ආසනයට එද්දී ඈ මා අසලය. පව් අනේ!

"අනේ.... මට බැහැ තනියෙන්"

මම කට ඒ මේ අත හරවමින් සිනාසුනෙමි. මොහොතකුදු පමා නොවී, මධුලිකා මට මෑතින් තිබුණු ආසන අතරින් මා අසලට පැමිණ මගේ ඔඩොක්කුවේ හිඳගත්තාය.

"දැන් ටේක් ඕෆ් කරයි... අර... අතන ඉන්න ලස්සන එයාහොස්ට්‍රස් අක්කත් බලනවා.."

මම බොරුවට සිනාසුනෙමි.

"මට බෑ තනියෙන් එතන ඉන්න !"

"ටේක් ඕෆ් කරනකල් ඉන්න එහෙනම්.... ඔය.. මෙතන ඉඩත් නැහැ"

"නෑ මම යන්නේ නැහැ... "

මා අසලම උන් මැදිවියේ මිනිසා බියට පත්වී මෙන් බැලූ අතර ඔහුගේ මුවට පසුව සිනාවක් නැගුණි.

"ඔන්න මම දන්නේ නැහැ බනිවී. අන්න අර ලස්සන සුද්දීත් බලල හිනාවෙනවා "

"බලන්නේ නැහැ එක සුද්දීයෙක්වත් දිහා... මෙහෙ බලනවා!"

"අවුස්සගත්තොත් ඉවරයි ඉතින්.... පුදුම විසයක් තියෙන්නේ..චඃ.. මොකද්ද මේ ඇඳගෙන ඉන්න ගෝනිය... ඉරනවා මම දැන් මේ කෙහෙල්මල !"

විදේශික මිනිසාට එය ඇසුනද ඔහුට නොතේරුනි. මධුලිකා හිකි හිකි ගාමින් සිනාසෙයි.මිනිසා අප දෙස බලා සිනාවක් පා කළේය.

"මම ආසනය මාරු කරන්නද , මේ කුරුළු ජෝඩුවට මෙතන දීලා ?"

"හා!"

අප දෙදෙනාටම කියැවුණි. ඔහු සිනාසෙමින් ආසනයෙන් නැගිට ගියේය. ඔහුට ස්තුති කර , හිස්වූ ආසනයේ මධුලිකා තැබූ මම ඒ සමඟම සිනාවෙන් උතුරාගිය ඈ වෙත නැඹුරුව මම තොල් මත හාදුවක් තැබුවෙමි.

"බොරුවට මට ඉස්සර ගණන් උස්සල... දැන් බලන්නකෝ මට තියෙන වදේ !"

"හ්ම්ම් හරි වැඩේ.... හොඳ වැඩේ.. දැන් මගෙන් ගැලවෙන්න බෑ ! මේහ් මොනාද මට අර පෙන්නනවා කිව්වේ? අපාර්ට්මන්ට් එකේ?"

මට පැන්නේ සිනාවකි. මධුලිකා මගේ වම් බාහුව දෝතින්ම ඇගේ ළයට තදකරගෙනය.

"ආ.... ඒකද... හික් හික්..."

"ඇයි ?"

"ඒක මෙතැන උනත් පෙන්නන්න පුළුවන් දෙයක්..."

"කපටියා! මාව රැවට්ටුව නේද?"

මම ඈ චප්ප වී යන ලෙස ආසනයේ ඈ දෙසට බරවීමි. ඒ බැල්ම තිබුනේ මා වෙතය. මගේ නොසන්ඩාල සිත ගැන ඈ දන්නා බව මම දනිමි.

".. එන්නෙපා ඔය හිනාව දාගෙන..."

"පිස්සු කෙල්ල..... ලෑන්ඩ් කරනකල් ඉම්මු... ඊට පස්සේ බලාගමු මට දීපු වද වලට පොලියත් එක්කම!"

මධුලිකා අඩවන් දෑසින් මට තුරුළු වුවාය.

ගුවන් යානය පිටත්වීම සඳහා නිවේදනය නිකුත්කළ නිසා අප ආසන පටි පැළඳ ගත්තෙමු. ඉන් මිනිත්තු කිහිපයකට පසුව , අනේක විධ හැලහැප්පීම්, සිත් රිදවීම්, තර්ජන, සිනහවන් හා එක්ව ගිය මගක අවසානයේ මමත් මධුලිකාත් අපගේ ඊළඟ ගමනාන්තය කරා පියාසර කරමින් සිටියෙමු.

අනුරාගයේ ඉසිබුවන් තුලින් හැඩවුණු අපගේ ප්‍රේමයට බාධක සියල්ල ඉවත්වී නැතත්, මධුලිකාත් මමත් එකිනෙකා කෙරෙහි වූ අචල ප්‍රේමයෙන් වෙලී උන්නේ මරණයෙන් පවා කිසිදා කෙලවර නොවන්නට මෙනි.

ඈ තුලින් මම දුටු පෙම්වතිය, වගකිවයුතු තරුණිය හා නොසැලෙන පෞර්ෂය පරයා මගේ සම් මස් නහර ඔස්සේ ජීවිතය පුරාම මා ජිවත් කරනු ඇත. ප්‍රේමයෙන් සුහදව, මගේ ජීවිතය එකළු කරන්නට ඈ මහා සිළුවක්ව දැල්වී ඇති බවත්, ඒ උණුසුම සැමදා මගේ හදවත් මන්දිරය තුල ලැගුම්ගෙන ඇති බවත් මට සපථ වී ඇත්තේය.

ජිවිතයේ ඕනෑම කලකදී, ප්‍රේමයේ හෙවනැල්ලක් අප වෙත වැටුණු වහා, මෙතෙක් අප වටා ඇති සියලු ග්‍රීෂ්මයන් නොගිනිය හැකි තරම් කුඩාවනු මම අත් ටුවේ මධුලිකාගෙනි. අන් කවර රුමතියකටත් වඩා මධුලිකා වෙත වූ ඒ රසායනය ප්‍රේමයේ බන්ධනය විය හැකිය. එකිනෙකාගෙන් තොරව ජිවත්වන ක්‍රමයක් අපට නොවුනේ එබැවිනි.

ඇගේ ඒ ප්‍රේමනීය හදවත, දුටුමතින්ම මා වෙව්ලවා යන ඒ ලතාවන් විසින් මා ගෙනගියේ වෙනස්ම ඉරණමක් වෙතය.

සුහදිනිය.... නුඹ මා දමනය කළෙහිය!

******************** සමාප්තයි *****************************

සුහදිනියේ සඟවන් - ඍජු බැල්මේ ඇරැයුම්

දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා

සඳ මිණියේ ඔබ නම් - සැණකෙළියයි මගෙ නම්

කවියන් ගේ දෑසේ රස සීමා පණිනා

සිහිනෙන් රෑ අවුදින් - සුවඳක් සේ ළඟ හුන්

සංවරියේ රන් තිත කෝ මා පිනනා

වාත්තු කර ඇති දේහ තලාවට - හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්

කාන්ති විහිදෙන නයන ඉනාවට - සාන්තුවර සිත හීදැල්වෙයි

හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ

දඟ මෙනෙවිය ඔබ මා - වල්මත් කළ අරුමැසියයි මෙලොවේ

වීණා බද වට කැරකෙන වරලස - අණ දෙන හෘද ස්පන්දනයෙන්

සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ - මගේ පෘථග්ජන සිතුවිල්ලේ

හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ

රතු නළඟන මගෙ හිත - අවතැන් කළ එකම ළඳයි මෙලොවේ

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com30tag:blogger.com,1999:blog-4632197388452093715.post-12142891697534710862021-07-19T18:52:00.004-10:002021-09-09T09:20:10.192-10:00264: සුහදිනියේ - 55 | සිල්ලම සිදුවෙමින් - විසඳෙමින් ලින් කොටසට

මද වෙලාවකින් පසුව නානකාමරයට යන්තම් එබුනු මම දුටුවේ දෙපා දිගුකොට බිම වාඩිවී උන් මධුලිකාය. ඇඟ සොදාගන්නට කියා නානකාමරයට තල්ලු කලද ඇය තාමත් මෙතනය.මට ආවේ කේන්තිය මුසු සිනාවකි.

"වොෂ් එකක් දාගන්නවා අයිසේ.... ! "

"මට ඉන්න දීපන් නපුරා...හ් "

මෙතෙක් ඈතින් සිටියද, මම වේගයෙන් අඩි තබා නාන කාමරයට පැමිණ ඈ කෙලින්කොට අල්ලා එලෙසම නාන කැබින් එකෙහි වතුර මල ඇරියෙමි.

".. අල්ලන්න එපාහහ් මාව........ අම්මොහ්.. සීතලයි....!"

එහෙත් මම ඈට සෙලවෙන්නට නොහැකි වන ලෙස තදකොට අල්ලාගෙන ජලයේ උෂ්ණත්වය වැඩිකලෙමි. මධුලිකා මා තදින් වැළඳගත්තාය. මා සිටියේ තදින් පාලනය වෙමිනි.

"ඈක්කා... මගේ ඇඟේ ඉඳල වමනේ... පුදුම වදයක්නෙ දෙන්නේ! ඔහොම ඉන්නවා දඟලන්නේ නැතුව! "

වතුර මලෙන් සේදී ගිය පසුව මමත් යන්තමට ඇඟ තිබුණු ඇඳුම් පිටින්ම සෝදා ගත්තේ යහමින් ෂැම්පු සහ බොඩි වොෂ් දමමිනි. ජලයෙන් පෙඟී තිබුණු මධුලිකාගේ සිරුර මගේ දෑසේ රැඳුනේ වුවද , එය නොදැක ඉන්නට ගොස් මම සෑහෙන්නට කලබල වී සිටියෙමි. අතපය වැඩකරන්නේ නැති තරමකි. කොයි මොහොතේ හෝ උදානි මෙහි එනු ඇත.

"මෙන්න මේකෙන් පිහාගෙන එනවා, මම ඇඳුමක් දෙන්නම්"

නාන කාමරයේ තිබුණු තුවායක් ඈ වෙත දමා ගසා , තවත් තුවායක් අතැතිව නාන කාමරයෙන් එලියට පැමිණියෙමි.

මධුලිකා නානකාමරයට යැවු මොහොතේ ඇඳ මත තිබුණු සියලු ඇතිරිලි අකුලා පසෙකට කර කෙතරම් උත්සහ කලද ඇඳ පුරාම විසිරි ගොස් තිබුණු වමනය නිසා කාමරය මහා දුර්ගන්ධයකින් පිරී තිබිණ. මේ මැදියමේ හෝටල් පිරිසිඳු කරන්නන් ඇමතිය නොහැකිය.

මධුලිකාගේ ඇඳුම් තිබෙනවා යයි සිතිය හැකි බෑගයේ කලබලයට මට කිසිවක් සොයාගත හැකිවුයේ නැත. ඇඳුම් අතර තිබී පෙරදා මිලට ගත් අත් ඔරලෝසුව පමණක් හසුවී මම වේදනාවට පත්වූයෙමි.

එය ඇය විසින් ගෙනයන්නට සුදානම්කොටය. පෙම්වතාට වන්නට ඇත!

මගේ ඇඳුම් උනා දමා මම තුවාය ඉන දවටාගෙන මේසය මත තැබූ මගේ දුරකථනය, යතුර සහ මුදල් පසුම්බිය ආදී අනෙකුත් භාණ්ඩ අතැතිව දොර අසලට ගියෙමි. මෙහි සිටීම අතිශය භයානකය.

නානකාමරයෙන් ඈ පිටතට එනවා මෙන් දැනුනද මම හැරුනේ නැත.

"..... බෑග් එකෙන් ඇඳුමක් අරගෙන ඇඳගන්න"

මධුලිකා කාමරය හරහා යනු දැනි දැනී මම දොරට අත තැබුවෙමි. සැකයට මෙන් ආපසු බලද්දී මධුලිකා තුවාය එක අතකින් අල්ලාගෙන නැවි ඇඳුමක් සොයන්නට තැත්කර එය අතහැර බිම හිඳගත්තාය.

".....කොන්ඩේ තෙතට නිදාගන්න එපා..."

ඈ සීතල බිම වැතිරුනාය. මට සුසුමක් හෙලුනි. ඒ කෙසේ වෙතත් මෙහි රැඳීම කෙසේවත් කල නොහැක. මම කෝකටත් කියා ඇගේ කාමරයේ යතුර ගෙන දොර වසා මගේ කාමරයට ගියෙමි.

කාමරයට ගිය මගේ හිස යකාගේ කම්මල වැනිය. නැවත හොඳින් ස්නානය කොට, කොට කලිසමක් හැඳගත් මම නැවත උදානි ඇමතුවෙමි. දැන් වෙලාව දොළහට ආසන්නය. පිළිතුරක් නැත. ඇමතුම සම්බන්ධ නොවූ නිසා නිකමට මෙන් බැලු විට ඇගෙන් කෙටි පණිවිඩයක් තිබුණු බව මම දුටුවේ දැන්ය.

'මම පරක්ක්කු වෙනවා. උදේශ් එක්ක එන්නම්'

මම නොසන්සුන් වුයේ එය එවා ඇත්තේ මීට මිනිත්තු දොහලහකට ප්‍රථම නිසාය. මධුලිකා කාමරයේ තනිවමය. මම බැල්කනියට ගොස් අනෙක්පස බැල්කනිය බලන්නට උත්සහ කලද මන්ද ආලෝකය නිසා කිසිවක් නොපෙනේ.

එකවරම තරමක හඬින් කුමක් හෝ බර යමක් බිමට වැටෙනු මට ඇසුනෙන් මම අඩියට දෙකට මධුලිකාගේ කාමරයට ගියේ අවසිහියෙන් මෙනි. එයට පිවිසෙත්ම කාමරය පුරා ඇති දුර්ගන්ධයෙන් මගේ නාසය හැකිලී ගිය අතර, මධුලිකා ඇඳ අසලබිම වාඩිවී උන්නාය. මට මහා දුකක් දැනුනි.

"මොනාද පෙරලුනේ..?"

කතා පෙට්ටිය වැසී මධුලිකා සිටියේ බිමට යොමාගත් මුහුණිනි. කොණ්ඩය විසිරි , අවුල්වී ගොස්ය. අසලට ගිය මට වැටහුනේ තවමත් ඈ සිටින්නේ තුවාය සමඟින් බවයි. කොණ්ඩය තවමත් තෙතය. වායුසමිකරණයෙන් තවත් ඈ සිසිල් වී වෙව්ලමින් උන්නාය.

ඇය මෙලෙස තව අඩ පැයක් සිටියෝතින් කෙලවර වන්නේ රෝහලෙනි.

තවත් නොසිතු මම ඇගේ දුරකථනය තිබුණු කුඩා බෑගය සමඟ ඈ දෝතින්ම ගෙන මගේ කාමරයට රැගෙන ගියෙමි.

කාමරයේ තිබුණු සෝෆාවේ තබා, තුවායට උඩින් මගේ බොත්තම් පියවන කමිසයක් අන්දවා , තුවාය ඉවත්කර, මම ඇගේ කොණ්ඩය 'හෙයා ඩ්‍රයර්' එකට අල්ලා වියලද්දී මධුලිකා කිසිදු කතාවක් හෝ විරෝධයක් නොමැතිව අඩ නින්දෙන් මෙන් උන්නාය. වරින්වර 'හ්ම්ම්ම් හ්ම්ම්ම් ' ගෑමෙන් පපුව ගැහුනේ මගේය.

"මොකද කතා පෙට්ටිය වැහිලද? වෙරි බැහැලද?"

මම සාමාන්‍ය වන්නට උත්සහ කරමින්, අපහසුවෙන් නගාගත් මද සිනහවකින් කියා මධුලිකා දෙස බැලුවෙමි. හිස උඩ යකුන් නටන්නාක් මෙනි. ඇගේ මෘදු ස්පර්ශය මා උමතු කරවයි.

බීමත් ඈ ගිරවියක සේ කියවීම සුරතල් ලෙස මට දැනී නිරායාසයෙන් සිනහවක් නැගුණි. ඈ පැවසුවේ මම පෙර දිනයකදී වෙරි මරගාතේ ඈට ආදරේ ප්‍රකාශ කල බවයි. දැන් ඇය කියන්නෙත් එයමද? ඇත්තටම දැන් වෙරිමත සිඳී ගොස්ද?

කොණ්ඩය වියළීමෙන් පසුව මම එතැනින් නැගිට ආවේ මගේ තත්වය එතරම් යහපත් නොවූ නිසාය. මධුලිකා එවිට එහි දිගාවී ඇගේ එක අතක් කන අසලින් පිටිපසට එන ලෙස ඉහලට ඔසවා ,ඇගේ හිසට පසුපසින් වැටී යන සේ පහසුවෙන් උන්නාය. කමිසය තිබුනේ දණහිසට සෑහෙන්න ඉහළිනි. මම හැමදාමත් අවුලවන ඇගේ ඒ දෙපා තිබුනේ වහා ගිනි ඇවිලෙනසුළු මගේ ඉවසීම බලමිනි.

අවසිහියෙන් සිටින තරුණියක් බැවින් මම පුළුවන් උපරිමයෙන් සිත පාලනය කරගත්තෙමි. කෙතරම් වේගයෙන් මගේ සිත වැඩකලාදැයි පුදුම සිතෙන තරමකි.

'තීක්ෂණ මේකි උඹව හේට් කරනවා'

'ඔහොම බලන්ඩ එපා බල්ලෝ... කෙල්ලට සිහියක් නෑනේ'

'උඹට පුලුවන්ද මේ කෙල්ලව යන්න අරින්න?'

'ටාෂා එක්ක වගේ වරද්දගන්න එපා බූරුවා'

ඉවසිය යුත්තේ මේ මොහොතේය. ඊටත් ඈ මා හැරයන්නට තව ඇත්තේ හෝරා කිහිපයකි.

"...හ්ම්ම්ම්.... මට ඔ-ල්ලුව රිදෙනවා... හ්ම්ම්ම්"

මධුලිකා කෙඳිරි ගෑවාය.

"මොනාද බිව්වේ? පිස්සුද හලෝ බැරි ගාතේ බොන්නේ...?"

මම මේසයේ සිට ඈ දෙස යන්තමින් බලා සිනාසුනේ ඈ කෝප කරවන්නටය.

"මෙන්න.. මෙතන රිදෙන්නේ... මෙන්න මෙහ්.... "

මධුලිකා සිය ලයේ වම්පස මිරිකමින් කෙඳිරි ගෑවාය.

".... මට යන්න ඕනේ.... මේ ඔක්කොම දාලා යන්න ඕනේ.... ඉහි ඉහි.... ඔක්කොම දාලා..."

ඇය දැන් කියවන්නේ ශෝකයෙනි. මගේ සිතට දැනුනේද මහා ශෝකයකි. ඇය මගෙන් නිදහස් වීමට කෙතරම් පතනවාද?

"නිදාගන්න මධු.... ඉන්න මම උදව් කරන්න"

මම එලෙස කියමින් මධුලිකා වෙත ගොස් ඈ වාරුකරගෙන රැගෙන විත් ඇඳේ එක පසෙක වාඩිකර , බ්ලැන්කට් මෑත්කොට දුන්නෙමි. ආපසු හැරුණු මම දුටුවේ ඈ එතැනම බිම බලාගෙන නොසෙල්වී සිටින අයුරුය.

මම හැරුනේ නිදාගැනීම සඳහා සෝෆාව වෙත යන්නටය.

ඇසිපිය ගසන වේගයෙන් සයිඩ් මේසය මත තිබුණු මගේ ජින් බෝතලය ගෙන මධුලිකා කෙලින්ම කට තබා උගුරට හලාගත්තේ ඒ නිමේශයේය.

"පිස්සුද අයිසේ!?"

මුවට ගත් උගුර ඈට ඉස්මොල්ලේ ගිය අතර මම බෝතලය වෙත පැන්න වේගයට එය බිත්තියේ වැදීමෙන් බිඳී, මගේ අත කැපී ගියේය.

කැපිම නිසා ඇතිවූ දැවිල්ලට මට ඉබේම අත ගැස්සෙද්දී අවට ලේ බින්දු වැස්සක් මෙන් විසිරි යන්නට ඇත.

"පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ... ! දෙන්ඩ හිතෙනවා!!"

මම ඈ ඇඳ මතට තල්ලු කලේ බිඳුණු විදුරු කටු වලට තුවාල වනු ඇතැයි සිතුනු සිතුවිල්ලෙනි. මධුලිකාට මගේ කමිසය හසුවූ නිසා ඈ වැටෙද්දී ඒ වේගය දරාගත නොහැකිව අසමතුලිතව, ඊට ඉහලින් මමත් ලෙස අපි දෙදෙනාම ඇඳේ පෙරලි ගියෙමු.

ඒ ක්ෂණයෙන් අනපේක්ෂිත ලෙස මධුලිකා මා දෝතින්ම මගේ හිස තදකොට අතිශය සරාගී ලෙස තදින් මගේ දෙතොල් අල්ලා සිපගත්තාය. ඇගේ දෙපා මගේ සිරුර වටා තදින් වෙලී තිබුනා වගේ මතකය. මගේ ඇඟ කිලිපොලා ගොස් මුළු ගතම අප්‍රාණිකව ගියාක් මෙන් විය.

සිදුවුයේ කුමක්දැයි මට නිනව්වක් නොවුනි. ගෙල පාමුලින් ඇරඹි ඒ රිදුම සිරුරම වෙලාගත්තේ ඒ දීර්ඝ හාදුව අවසානයේය. හුස්ම වටුනාද කියාවත් මට මතකයක් තිබුනේ නැත. නිරායාසයෙන් මම ක්ෂණයෙන් ඒ දෙතොල් වල යලි එල්ලී ගියෙමි. කමිසය තුලින් ගිය මගේ අත් මධුලිකාගේ සිරුරේ ඒ මේ අත අකීකරුව සැරුවේ උමතුවෙන් මෙනි. මගේ සිහිය එපමණකි.

"තීක්ෂණ......"

මධුලිකා සෑහෙන වතාවක් මගේ නම කෙඳිරිල්ලක් සේ මිමිණුවේ අතරින් පතර මට සිහියක් ලැබෙන විටදී වන්නට ඇත.

"මධු..."

මම ඇගේ කනට කෙඳිරුවේ දෑසම අඩවන් කරගනිමිනි.

මගේ ඇස් විවර වුයේ තිගැස්මක් සමඟය. සයනයේ මම සිටියේ සම්පුර්ණයෙන්ම මධුලිකා වසාගෙන මෙන් වූ අතර මගේ අත මධුලිකාගේ බඳ වටා තදින් තදවී තිබිණ. මෘදු වෙල්වට් පහසක වෙලී මම හුස්මක් ඉහලට අදිද්දී ඇගේ කොණ්ඩයෙන් පැමිණි සරාගී සුවඳ මුළු පෙනහළු පුරා පැතිරී ගියේය.
හිස ඔසවා බැලු විට ඈ මගේ නිරුවත් පපුවට පිටදීගෙන ගුලිවී තද නින්දේ පසුවන්නීය. නිදා සිටින ඇගේ ගෙල පාමුල මෘදුව සිපගෙන, අපෙන් ගිලිහි ගිය ඇඳ ඇතිරිල්ල ඉහලට ඇද මම මධුලිකාගේ සිරුර වසා දමා දෑතට වාරුවී ඇඳේ සිහිය එලවා ගනිමින් හිඳගත්තෙමි.
මොහොතක් කල්පනා කරමින් මම මගේ නළල තෙරපවාගත්තේ මම සිටින්නේ සිහිනයකද කියා සැකහැර දැනගන්නටය.

නැත, මෙය සිහිනයක් නොවේ!

බාහුවත් පපුවත් පුරා සියුම් දැවිල්ලක් දැනේ. මම සයනයෙන් නැගිට තවමත් නින්දේ සිටින මධුලිකා දෙස බැලුවෙමි. ඉහලට එසවුණු ඇගේ බුහුටි මුහුණ ගුලිවී නිදන ඇගේ සුවපහසුව පෙන්වන කැටපතක් වැන්න. ඒ මුහුණ බලා ඉන්න නොහැකි තරමටම සරාගී ය. දෙතොල් වෙනදාට වඩා රතුවී ඇත්තාක් මෙන් පෙනී මට මනමාල සිනාවක් නැගෙන්නට ඇත.

පැති කබඩ් එක මත තිබුණු මගේ ඔරලෝසුවේ උදෑසන අටට ආසන්නව තිබිණ.

මම නානකාමරයට වැද සිවුරුහම් බාමින් උණු වතුරින් හොඳහැටි නාගත්තෙමි. බාහුවෙත්, පපුවේ ඉහල කෙළවරත් දත් පහරවල් නිසා රතුවී තිබුණු අතර ගෙල පාමුල නිය පහරින් සිරී තිබුණු නිසා දැවිල්ලක් හටගෙන තිබුණි.

මට නැගුනේ මධුලිකා වෙනදා කියූ කුපාඩි සිනහව වන්නට ඇත. ඉබේම මහත් හුස්මක් ගෙන මම එම සිනහව එසේම තිබෙන්නට හැරියෙමි.

"පිස්සි!"

ඒ සැනින් මගේ සිනහව දියවී ගියේය.

තව මොහොතකින් අවදිවන මධුලිකා ඉදිරියේ පෙම්වතාට වඩා පරණ තීක්ෂණ ආරක්ෂාකාරීය. මම වහා ඇඳුමක් දමාගෙන එලියට විත් බිඳුණු බෝතල් කටු අස්කර දමා කාමරය යම් පිළිවෙලක් කර දැමුවෙමි. හෝටල් සේවා කතාකරන්නට යාම නොහොබිනා යයි මට ඒ මොහොතේ සිතුනි. එය මධුලිකාට මදිකමක් වනු ඇත.

මම වහා සේවා කොටසට ඇමතුමක් දී උදැසන ආහාරය මගේ කාමරයට එවන ලෙස ඉල්ලුවේ තව ටිකකින් මෙතැන ඈ කුමන ඩ්‍රාම එකක් කරනු ඇතිදැයි විශ්වාස නොමැති නිසාය.

සන්සුන් වන්නට උත්සහ කරමින්, සෝෆාවේ හිඳගෙන, දෑත් වැලමිට දණහිසට බර කරගනිමින්, මම මගේ දුරකථනය පරික්ෂා කරද්දී මගහැරී ගිය උදානිගේ ඇමතුම දුටුවෙමි. වෙලාව උදෑසන නවයට ආසන්නය.

'එයා හොඳින්ද?'

උදානි එවා තිබුනේ සිනාවන මුහුණක්ද සහිතවයි. මට සිනා නැගුණි. බියක් මතක් වුයේ නැත.

එවිටම මට නුහුරු තානයකින් දුරකතනයක් නාදවන ශබ්දයට බෝම්බයක් පුපුරනවා සේ ගැස්සී, උඩ විසිවී මධුලිකා කාටුනයක් මෙන් සයනයේ කෙලින් වුවාය. මගේ උගුරකට වියලි ගියේ මේ මොහොතට මා සුදානම් වියයුතු බැවිනි.

"අඃ "

මහත් ශබ්දයකින් මධුලිකාට හුස්ම හිරවනවා සේ ඉහලට ඇදුණු අතර ඈ පළමුව ඇතිරිල්ල තුලට හිස යොමා , දෙවනුව මුළු කාමරය පුරාම බැල්ම ගෙනගොස්, පසුව සිය දෙතොල් යන්තමට අතගාමින් මා අසල නතරවද්දී මම මවාගත් සොඳුරු සිනාවක් පා දුරකතනයට දෑස ඔබාගෙන ඉන්නාක් මෙන් රඟපෑවෙමි.

දැන් දැන් විධාරණය වන්නට ආසන්න ගිනි කන්දකි. මධුලිකාගේ දුරකථනය තවමත් නාදවෙන්නේ මට ආසන්නයේ බිම වැටී තිබුණු ඇගේ පසුම්බියෙනි.

බිමට යොමාගත් මුහුණින් වුවද ඇසේ අගින් මධුලිකා සයනයේ ඒ මේ අත මහත් කලබලයෙන් කෙඳිරි ගාමින් මෙන් දඟලනු මට පෙනුනද, නොපෙනුනා සේ මම උන්නෙමි.

මම මධුලිකාගේ දුරකථනය අතටගෙන සයනයට විසිකරද්දී දුටුවේ ඇමතුම ඇගේ මිතුරිය මාරියාගෙන් බවයි. එය වැටුණු සැනින් මධුලිකා තිගැස්සී ගියද මා දෙස බැලුවේ නැත.

"breakfast වලට පහලට යන්න "

හැකි උපරිමයෙන් සන්සුන්ව එසේ කියමින් නැගී සිටි මම , බිඳුණු විදුරු කටු සහිත බෑගය හඬක් නොනැගෙන පරිදි කුණු කුඩයට දමුවෙමි.

නාදවන දුරකථනය ගැන වගක් හෝ නොමැතිව මධුලිකා දෝතින්ම මුහුණ පිස දමමින් හුස්ම අල්ලන බව මට ඇසුණු නිසා මම කෙලින්ම ඇගේ මුහුණ බැලුවෙමි. අපගේ ඇස් එකට ගැටුණි. මට කියන්නට යමක් තිබිණ,

දෑස විසල්වී, බිරන්තට්ටු වී සිටි මධුලිකා වෙත වචනයෙන් දියයුතු පිළිතුර මගේ මුවට එකවරම පැමිණියේ නැත. ඇය දෝතින්ම ඇතිරිල්ල බදාගෙනය.

"ම..... ම... මොකක්ද උනේ? මේ කොහෙද? කෝ උදානි?"

මම තත්පර කිහිපයක් ඈ දෙස බලා සිට අඩි කිහිපයකින් ඈ වෙත එද්දී මධුලිකා සිය දබර ඇඟිල්ල මා වෙත ලෙලවා කතාකලාය.

".. ළගට එන්න එපා තමුසේ...!"

මම ඇහිබැම ඔසවා නළල වමතින් තෙරපුවෙමි.

"ඔයාට ඊයේ වෙරි... ව.."

මධුලිකා මහා හඬින් හඬන්නට වුවාය. කියන්නට ආ දෙය මගේ උගුරේ සිරවී ගියේය. මෙවන් අපහසුතාවක් මම කිසිදින විඳ නොමැත.

".. මධු..."

මම කැළඹීමෙන් උඩුතොල සපන්නට වීමි. පළමුව කිව යුත්තේ කුමක්ද?

"..එහෙම..."

"තමුසේ..... යනවා යන්න මගේ ඇස්දෙකට පේන්න ඉන්නේ නැතුව! මෝඩ කුපාඩියා!!"

මගේ යකා ඇවිස්සුනි. අඩියට දෙකට මධුලිකා අසලට ගිය මම මගේ දබර ඇඟිල්ල ඇගේ නළලට කෙලින්ම එල්ල කලේ ඈ දෙස රුදුරු බැල්මක් හෙළමිනි.

"බොන්න කලින් එපැයි ඔය ටෝක් දෙන්න!"

මධුලිකා එකවරම හැරී මේසය මත තිබුණු විදුරු බරුවකින් මට දමා ගැසුවාය. මගේ වාසනාවට එය මට වැදුනේ නැත.

".... තමුන් දැන් මේ ඉන්නේ මගේ කාමරේ... කෑම එක එයි කාමරේට! පිස්සෙක් වගේ දඟලන්නේ නැතුව ඒක කාලා මම එනකොට ඇඳුම් ටිකත් අරගෙන තමුන්ගේ රූම් එකට ගිහිල්ල හිටියොත් හොඳයි!!"

මම එලෙස කියා වහා කාමරයෙන් පිටව භෝජනාගාරයට ගියෙමි. වරදකාරී බවක් තිබුනද මට ඒ වෙලාවේ යකා නැග්ගේය.

ඒ දෙසට ඇවිද යද්දී උදානි ලොබි කොටසේ සිට මා වෙත දිව ආවාය.

"අනේ තීක්ෂණ.... ! සොරි හොඳේ... ඊයේ මෙයාගේ යාළුවො වගයක් හම්බෙලා එයාලා එක්ක හොටෙල් එකේ කෑම්ප් ෆයර් එකක් බලන්න ගියානේ! අනේ මගේ ෆෝන් එකත් සයිලන්ට් දාලා තිබ්බේ... ඔයා ඉතින් මධුගේ ආරක්ෂකයානේ... මොකට බයවෙන්නද..."

"ඔව් ඔව්... මොකක් හරි ෆයර් එකක් කියල හිතුන!"

පසුපසින් උන් උදේශ් දෙස බලමින් මම ඉගී කරද්දී උදානි ජම්බු ගෙඩියක් සේ රතුව ගියාය.

"ආ.... එහෙමත් එකක් නම් නැත්තේම නෑ තමයි... "

"එතකොට මචන් උඹේ ඔය බෙල්ල මුලට සර්පයෙක් ගැහුවද?... ආ මෙන්න අතත් හපලා ! මල කෙලියයි!!"

උදානි ඇස් විසල් කොට මොහොතක් මා දෙස බලා මහා හඬින් සිනාසුනේ උදේශ් වෙත තුරුල් වෙමිනි. මම තොල්පට පෙරලා , ඇස්බැමි ඔසවා හිස ඒ මේ අත වැනුවෙමි. ඇත්තටම මම අනපේක්ෂිතව රතු වන්නට ඇත.

මධුලිකාට ලබාදුන් මගේ කමිසය නිසා මට අඳින්නට ඉතිරි වුයේ ගැඹුරින් අත් කැපුණු ආම්ස් කට් බැනියමක් පමණි. එයට මේ සියලු සලකුණු හොඳින් පෙනෙන්නේ මගේ පැහැපත් සම පරදවාය.

'මුන් දෙන්නා මාව බයිට් එකට ගත්තා ඒ පාර'

"අපිට යතුරත් නෑ.... ආයේ ඉතින් ඩිස්ටර්බ් කරන්නත් බැරි හින්ද.."

උදේශ් කීවේ උදානි සමඟින් හඬනගා සිනාසෙමිනි. වෙරි මරගාත මධුලිකා සමඟ මම කෑ කටුව දන්නේ මම පමණය. නමුත් සම්පුර්ණ කතාව කියන්නට නොහැකිය.

"පිස්සු... එහෙම එකක් නැහැ!"

මම එලෙස කිව්වේ ඇයි ?

"මෙන්න මෙන්න.. කෝල් කරනවා!"

උදානි මධුලිකාගෙන් එන ඇමතුම කනෙහි තබාගත්තේ උඩපනිමිනි. ඇයට අනතුරු අඟවන්නට මට අවකාශයක් ලැබුනේ නැත. නමුත් ඒ ක්ෂණයෙන් ඇගේ සිනහව වියැකී ගියේ මධුලිකා ගේ මේඝ ඝර්ජනාව නිසාය.

"ගොන් ඊරි ! තමුසේ කොහෙද ගියේ මේ වලත්තයට මාව බාරදීලා!"

දුරකතනයට ඈතට තෙක්ම ඇසුණු කන්දෙක බිහිරි කරවන තරමට වූ වචන සමඟම උදානි ඇමතුම විසන්ධි කරනවිටත් මට ඒ කොටස හොඳට ඇසී හමාරය. මම වදනකුදු නොදොඩා කෑම කන්නට යන දෙසට හැරුනෙමි.

".. අම්මා... පොඩ්ඩක් ඉන්න මම තව ටිකකින් ගන්නම්!"

මම එසේ කියා ඇමතුම විසන්ධි කොට ශබ්දය ඇසෙන දොර අසලට ගොස් සීනුව නාද කලෙමි. ඈතින් තිබුණු සෝෆාවේ සඟරාවක් වැනි යමක් බලමින් උදේශ් හිඳගෙන සිට මට අත වැනුවේය.

"Who is it ?"

කතාකිරීමත් ශබ්දත් එකවර නතරව කාමරයෙන් ඇසුනේ උදානිගේ හඬයි.

"It is me !"

කාමරයේ නැවතත් බඩු පෙරලෙන හඬකි.

"එපා... ! Don't you dare open it!"

ඒ මධුලිකා බව මට හඳුනාගත හැකිය.

"Shut up Madhu..!"

තවත් ශබ්ද කිහිපයකට පසුව දොර විවරව උදානි සිටගෙන සිටියාය.

"Don't !"

"ඔයා එන්න තීක්ෂණ..."

උදානි මට අවසර දුන්නාය. මෙයට මම පිළිතුරු සැපයිය යුතුය. මම පියවරක් ඉදිරියට තැබූ අතර එයට පසුපසින් උදානි කාමරයේ දොර වැසුවාය.

කාමරයේ එහා අන්තයේ ජනේලය අද්දර මධුලිකා දෑතම බැඳගෙන මා දෙසවත් නොබලා ඔරවාගෙන සිටියේ කෝපයෙන් වෙව්ලමිනි. උදෑසන මම යැවු පණිවිඩයේ ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ කාමරයේ ගඳ ගසන ඇතිරිලි මාරුකර තිබුනද, කාමරය එකම අවුලකි.

උදානි මා අසලම සිටගෙන උන්නේ මධුලිකා දෙස අමනාපයෙන් බලමිනි.

"මොකද මෙතන වෙන්නේ?"

කිසිවකු පිළිතුරක් දුන්නේ නැත.

".. මොකද මේ බඩු පෙරලන්නේ..? හොටෙල් එකේ මිනිස්සු බලයි"

"මධුට එයාපෝට් යන්න ඕනෙලු..."

උදානි නඩුවක් ලෙස පැවසුවාය.

"හවසට කොහොමත් පුළුවන්"

මම සැරෙන් මෙන් කිව්වෙමි.

"නෑ මෙයා දැන්ම යන්න ඕනේ කියනවා!"

ඒ උදානිය. ස්වරය චෝදනාවකි.

"මට කාගෙන්වත් ඒකට අවසරයක් ඕනේ නැහැ!"

මධුලිකා පැවසුවේ පොල්ලෙන් ගහන්නාක් මෙනි.මම මධුලිකා දෙස තත්පර දෙකක් පමණ බලා සිටියෙමි.

"Can we talk ?"

"alone? "

"No !"

මධුලිකා ජනේලය හැර බැල්කනියට ගියාය. උදානි කාමරයෙන් පිටතට ගියේ මගේ දෙස ආයාචනාත්මක බැල්මක් දමමිනි.

මම වෙලාව බැලුවෙමි. දහවල් දෙකට ආසන්නය. උදේ ආහාරයෙන් පසුව මම නැවත කාමරයට ආ මොහොතේ සිට මේ කාමරයෙන් ඇසුනේ මහා කාලගෝට්ටියකි. එයට හේතුපාදක වන කරුණක් ගැන මමත් යමක් දන්නා නිසා මම පැමිණියේ මධුලිකාට කතාකරන අටියෙන් මුන්, ඈ මා හා කතාකරන්නට අකමැතිය.

මම මධුලිකා උන් බැල්කනිය දෙසට යද්දී ඈ මට සම්පුර්ණයෙන් පිටුපා දෝතින්ම මුහුණ වසාගෙන ඉකිබින්ඳාය. මම ඉන් සසල නොවුවා නම් නොවේ.

"මධු...."

"මට මගේ පාඩුවේ ඉන්න දීලා යන දේවාලෙක යනවා යන්න..මට කතාකරන්න ඕනේ නැහැ..."

"Send me the signed papers!!"

එය විධානයකි. ඇය කියන්නේ දික්කසාද අත්සන ගැන බව මම දනිමි. මම හුස්මක් අල්ලුවෙමි.

"ෆ්ලයිට් එක කීයටද?"

මම ඇසුවේ මදක් සන්සුන්වය. පිළිතුර ප්‍රමාදය. නමුත් තියුණු හඬකි.

"අටයි හතලිහට... මට යන්න පුළුවන් කැබ් එකක් දාගෙන"

"මෙතන ඉඳල පැය බාගයක් නෑ... පහට හයට ගියාම ඇති"

" තමුසෙගෙ උපදෙස් මට ඕනේ නැහැ. මට මෙහෙ ඉන්න බෑ ! මට යන්න ඕනේ..."

"මධූ... ඊයේ.... එහෙම මුකුත්....."

මධුලිකා ක්ෂණයෙන් ආපසු හැරුණාය. ඇගේ ඇස්වලින් ගලා ආ කඳුලින් මුළු මුහුණම පෙඟී, දෑස් ඉදිමි තිබිණ.

"මට මොනවත් අහන්ඩ ඕනේ නැහැ... !! එක වචනයක්වත් කිව්වොත් පනිනවා මේ බැල්කනියෙන්!!"

ඈ සිටියේ ඒ වචන කරනා තරමක ආවේගයෙන් බැවින් මම මගේ අදහස වෙනස් කරගත්තෙමි. ඇගේ වෙව්ලන දෙතොල් දෙස මොහොතක් බලා සිටි මම ආපසු හැරුනෙමි.

"දවල්ට කාලා ලෑස්තිවෙන්න , මම එයාපෝට් එකට බස්සන්නම්.. ඒක තමයි මගේ අන්තිම වැඩේ!"

"හුහ්... අන්තිම වැඩේ! ඕනෙම වැඩෙත් කෙරිලානේ... you bastard !"

ඈ කියන්නේ කෝපයේ උච්චම ස්වරයෙන් බැවින් එහි අන්තර්ගතය ගැන මට පැහැදිලි කරන්නට අවස්තාවක් නොමැතිය.

"කාල ඉන්න"

මම එලෙස කියා දොර අරින්නට ගොස් නැවතත් මධුලිකා දෙස බැලුවෙමි. මධුලිකා ඈත සිට මා දෙස ලේසර් කිරණ බැල්මෙන් එක එල්ලේ බලාසිටියාය.

වත්තේ සහ තාත්තාගේ අනෙකුත් සුළු ව්‍යාපාර වල ඇමතුම් අතර අතරමංවී උන් මට වැටහුනේ ඒ කිසිවක රඳවන්නට තරම් මානසික එකාග්‍රතාවයක් මට නොමැති බවයි. මම සියල්ලම අවුල් කර නොගන්නට උත්සහ කරමින් සිටියේ මහා බැම්මකින් සැඩ රළක් වලකමින් මෙනි. හිස අවුල්ව ගොසිනි.

ඇත්තෙන්ම මම උන්නේ මහා පල්ලමකින් බිමට වැටෙමිනි. කොයි මොහොතක හෝ එහි පතුලේ වැදී මගේ හිස සුනුවිසුනු වනු ඇත.

"ලොකූ ..... මේ ඔක්කොම පිළිවෙලක් වෙන්න ඕනේ.... ඩඩා එක්ක මම කතාකලා. ඔයා මේවා බාරගන්න ලොකූ.. මම අර වෙරෝනිකා එක්කත්..."

අම්මා එන්නේ පොල්පැලේට බව දන්නා මම වහා කතාව වෙනස් කලෙමි. මෙය දුරකතනයෙන් කතාකරන්නට ගියහොත් තවත් දරුණු වනු ඇත.

"අම්මා... මම හවස එනවා.. ඇවිත් කතා කරමුකෝ"

"ලොකූ ....මට හංගන්නේ මොනාද කියන්න? ඇයි කට්ටි පනින්නේ?"

"එහෙම එකක් නෙවෙයි.. අම්මා... පොඩ්ඩක් ඉන්න මම තව ටිකකින් ගන්නම්!"

මධුලිකාගේ දබරයට පෙර මම පසෙක තැබූ සංවාදය එලෙස විය. මේ එන්නේ ටාෂාගේ තොණ්ඩුවට බව මට දැන් පැහැදිලිව උපකල්පනය කලෙමි. ටාෂා සිය තීරණය වෙනස්කොට ඇත්තේ මධුලිකා මා හැරයන බව දැනිමෙන්ද ? නැතිනම් මට පිටුපාන්නට ඈ වෙනස්ව ගියාද?.

අද රාත්‍රිය වනවිට මධුලිකා තුනී මිදුමක්ව මේ සියලු කඳු අතර මැකී වියැකී යන්නට නියමිතය.

මම හෝටල් කළමනාකාර වරයා හමුවී යම් කාර්යයක් කරගෙන, අනතුරුව හෝටල් බිල ගෙවා දැමීමට ගියද, එය සම්පුර්ණයෙන් මධුලිකා විසින් ගෙවා තිබිණ.

එතැනදී තාත්තාගේ ව්‍යාපාරික මිතුරු පවුල හමුවූ නිසා ඔවුන්ට කතා කරන්නට මදක් ප්‍රමාද විය. ඈතින් පෙනෙන ලොබියේ මධුලිකා සහ උදානි බහින්බස් වන බව දුටු මම එම පවුලෙන් ආචාරශිලිව සමුගෙන ඉක්මනින් ඒ දෙසට දිව ආවෙමි.

"....I am done Madhu! you are such a cruel girl. you are completely insane!!"

උදානි දත්මිටි කමින් සිටි අතර උදේශ් ඈ සනසමිනි.

"පිස්සුද මෙතන මේ හොටෙල් ලොබි එකේ රණ්ඩු වෙන්නේ? හැබෑටම ඔල්මොරෝන්දම්ද?"

මම දෙදෙනාටම කීවේ පාලනය කරගත් කෝපයෙන් දත්මිටිකමිනි.

".. මෙතැන ඇඩ් දෙන්නේ නැතුව ගිහින් අර ඇතුලේ ගාඩ්න් එකට වෙලා ඉන්නවා මගේ යකා අවුස්සන්නේ නැතුව"

මම පැවසුවේ මධුලිකාට වුවත් ඉවත බලාගෙනය.

"තීක්ෂණ.... මොකද මෙයාට වෙලා තියෙන්නේ? යකෙක් වැහිලා වගේ , කියන කිසි දෙයක් අහන්නේ නැහැ... ඔයාවත් පොඩ්ඩක් කියලා බලන්න.. "

මම නිශ්ශබ්දව උන්නෙමි. මධුලිකා නාසයෙන් ගිනි පිඹින මකරියක් මෙනි.

".... මම යනවා යන්න උදේශ් එක්ක ගෙදර.... මෙයා ගියාවේ එයාපෝට් එකට කැබ් එකක ඔච්චර කුලප්පු නම්"

උදානිගේ ඒ වදන් සමඟ මධුලිකාගේ මුහුණ බැලිය නොහැකි තරමට සෝචනීය විය. ඒ පෙනුම මගේ හදවත කඩා දැමුවාක් මෙනි. මම ඈ දෙස බලා ඉවත බලාගත්තා විනා කිසිවක් නොකිව්වෙමි. මධුලිකා සිටින්නේ බිඳීගිය සිතින් බව මම දනිමි. ඇගේ ස්වභාවය දන්නා මම ඈ කලබල කරන්නේ ඒ වේදනාවට විය හැකි බව අනුමාන කලෙමි. ඈ මා හා කතාකරන්නට අකමැතිය!

"තීක්ෂණ ඇයි මෙච්චර මධු නපුරු වෙලා? කවදාවත් නැති තරමට!"

ඊළඟ මොහොතේ නැවතත් උදානි මට මධුලිකා ගැන ගතු කියමින් දොස් කියද්දී මම කලේ පසෙකට කැඳවා ඈ සනසා උදේශ් සමඟ පිටත්කොට හැරීමයි.

"ගණන් ගන්න එපා උදානි. එයා ඊයේ ආවේ ඩෝප් වෙලානේ"

මම අපහසුවෙන් සිනාසුනෙමි.

උදානි පිටව ගියේ මධුලිකා සමඟ අමනාපයෙන් වීම මගේ සිත අපහසුවට පත් කළේය. මේ මොහොතේ උදානි මට කරුණාවන්ත වීමද විශ්මයකි.

ඔවුන් ගිය පසුව අපහසුවෙන් ඒ මේ අත බැලු මධුලිකාගේ බෑගය අතට ගත් මම ඇය ඇතුල් කොටසක තිබුණු Waiting area කොටසකට ගෙනගියේ ලොබියේ කිහිප දෙනෙකු ඈ දෙස බලමින් උන් නිසාය.

"මම වාහනේ අරගෙන එන්නම්"

ඉන් විනාඩි විස්සක ඇවෑමෙන් මමත් මධුලිකාත් ජීප් රථයේ නැග ගුවන්තොටුපල බලා යමිනි.

වෙලාව හතර පසුවී ඇති සිකුරාදා සවසක නිසා පමණක වාහන තදබදයක් තිබිණ. මධුලිකා දුඹුරු පැහැ ,ලොකු බොත්තම් සහිත ගවුමක් හැඳ කොණ්ඩය ඉහලට කොට සිටියේ සඟරාවක සිටිනා නිලියක් මෙනි. ඈ පිළිවෙලකට නොසිටීම පුදුමයකි! ඇගේ දෑසේ කාන්තිය සියල්ලම මැකී ගොසිනි.

ගතවූ දින කිහිපයේ ඈ කෙතරම් සන්තෝසයෙන් උදානි සමඟ නිදහසේ උන්නා නොවේද? ඔවුන්ගේ කාමරයෙන් ඇසෙන සිනාහඬ මට පුරුදු කරදරයක් විය. ඈ මෙතරම් දුකට පත්කළේ මම නොවේද?

'හැමදාම වගේ, මම තමයි එයාගේ රිද්දුවේ!'

අප අතර කිසිදු කතාබහක් නොමැති නිසා මම ගුවන්විදුලිය සුසර කලද, එය එතරම්ම පැහැදිලි හඬක් නිකුත් නොකළේය. මම එය ඉබේ සුසර වන්නට දැමුවෙමි. තාරුක අයියා අමතයි. මදක් කල්පනා කල මම ගුවන් විදුලිය නවතා දමා එයට පිළිතුරු දුන්නේ වයර් සම්බන්ධ කිරීමෙනි.

"මචන්.. උඹ කොහෙද?"

"කොහෙද වැඩක් නැහැ.. කියපන්"

"අද නේද මධුගේ ෆ්ලයිට් එක?"

මම ජනේලයෙන් පිටත බලා සිටින මධුලිකා දෙස ඇස අගින් බැලුවෙමි.

"හ්ම්ම්"

"උඹ නේද ගෙනිහින් ඇරලන්නේ ?"

"හ්ම්ම්"

"මොකද උඹ කෙඳිරි ගාන්නේ... හතිත් දානවද මන්ද"

"පිස්සු කෙලින්න එපා බන්... මම උඹට පස්සේ ගන්නම්"

පැවතුනු තත්වය යටතේ නැගුනු අපහසුතාවය නිසා මම ඇමතුම විසන්ධි කලද ඔහු නැවතත් අමතයි. මධුලිකා ඒ ඇමතුම දුටු බව මම දුටුවෙමි. ඇගේ බුහුටි මුහුණ...... පෙරදින සුසුමින් සහ හාදුවෙන් උනුසුම්වූ ඒ දෙතොල් සහ කොපුල් මා කළඹවා ලන බව මටම දැනේ.

පපුව තුල අධි බලැති බෝම්බයක් 'ටික් ටික්' ගානවාක් වැනිය. මධුලිකාට කිවයුතු යමක් තිබේ!

"තීක්ෂණ.... "

මම එයට තිගැස්සී බැලුවේ සිටි අව සිහිය නිසාය. ඇත්තටම ඈ මා ඇමතුවාද ? නැතිනම් හිතළුවක්ද ? ඉබේටම මධුලිකාගේ මුව මත දෑස සිරවුනි.

"... හෝන් ගහනව මිනිස්සු.. වාහනේ ගන්න"

මධුලිකා කීවාය. ඇත්තකි මම විදුලි එලි සංඥා අසල නවතාගෙන අවසිහියෙනි. මම එයින් වහා වමට හරවා ගුවන්තොටුපල මාර්ගයට ආවෙමි. ගමනට ගියේ පැය බාගයකට වඩා අඩුවෙන්ද? මම වෙලාව බැලුවෙමි. පහට ආසන්නය. කාලය අධි වේගයෙන් යනවා මෙන් මට දැනේ.

මම වාහනය ආරක්ෂක අංශ වලට පරික්ෂාවට නතර කලෙමි.

"රට යනවද? ගන්න ආවද?"

"යනවා"

"දෙන්නම? "

"නෑ එක්කෙනයි..."

ආරක්ෂක අංශයේ උන්නේ තරුණයෙකි. ඔහු මගෙන් එසේ ඇසුවේ විහිලුවට බව පෙනෙන්නට මගේ උරහිසට තට්ටුවක් දැම්මේය.

"නංගි නම් නෙවෙයි වගේ නේද? ගර්ල් නේද සර්?"

තරුණ නිලධාරියා මධුලිකාගේ ගුවන් ගමන් බලපත්‍රයත්, මගේ රියදුරු බලපත්‍රයත් බලා ආපසු මගේ අතට දෙන ගමන් කිව්වේ සිනාවෙමින්. මම මෝඩ සිනාවක් පෑවෙමි.

"දුකයි වගේ නේ....... හි හි... එයි එයි ඉක්මනට බයවෙන්න එපා"

එයට එකතු වෙමින් අනෙක් තලතුනා නිලධාරියා කියූ දේ මධුලිකාට ඇසුනේ නැත. එයින් රිදුනේ මමයි. ඇය යන්නේ එන්නට නොවේ. මෙය ඇගේ හැරයාමයි !

අනතුරුව මම රථය ගොස් පිවිසුම් පර්යන්තයේ නතර කලෙමි. මධුලිකා ඉදිරිය බලාගෙන සිටිද්දී මම පසුපස තිබුණු ඇගේ බෑගය ගෙන බිමින් තැබුවෙමි. ඉන්පසුව හූරගෙන යන සිතින් යුතුව මගේ බෑගයේ පිටත පොකට්ටුවේ තිබුණු ෆයිල් කවරය අතට ගෙන, ආපසු හැරෙද්දී මධුලිකා මා පිටුපසිනි.

"මෙන්න ඔයාගේ පේපර්ස් ටික, සයින් කරලා ඇත්තේ "

මම කෘතීම ලෙස සිනාසුනෙමි. ඈ කිසිවක් නොකියා එය අතට ගන්නාවිට වෙව්ලන දෙතොලින් යුතු මුහුණේ ඇඳුනු හැඟීම මම කියවාගත නොහැකිය.

නමුත් අපි හුස්ම අල්ලාගෙන එකිනෙකා දෙස බලාගෙන උන්නෙමු. වහා ඈ තුරුලට ගෙන අතොරක් නැතිව සිපගන්නට සිතෙයි. එසේනම් මධුලිකා..... මේ තමයි අපගේ ගමනාන්තය!

වෙනත් වාහනයක දොරක් වැසෙන හඬින් දෙදෙනාගේම දැහැන බිඳිණි.

".. ම... ම... ඔයාව ඇරලව-න්න ඇතු-ල-ට එ-න්න-ද?"

මගේ වචන පිටවුයේ කඩින් කඩය.

"හ්ම්ම්"

"මම වාහනේ දාලා එන්නම්... ඉන්නවද?"

"හ්ම්ම්ම්"

මම ජීප් රථයට නැගුනෙමි. පපුව මහත් වේදනාවකිනි. හදවත පැලී ලේ වහනය වන්නාක් මෙන් දැනෙන මට මෙයට මුහුණදිය නොහැකිය. වාහනය රථගාලට ගෙනගියේ කෙලෙසදැයි මම නොදනිමි. එහි වූ කණුවකට රිවස් කොට වාහන බඳේ කොටසක් සීරි ගියේය. මට එය දැනුනේ නැත. හී පහරක් කෑ පරෙවියෙකු සේ , තත්පර කිහිපයක් සුක්කානම මත හිස හොවාගෙන සිට මම වැර වෑයමින් බිමට බැස්සෙමි.

'මට එකපාරක්වත් ආදරේ කලේ නැද්ද මධු?'

මට එය අසන්නට අවැසිය. එයට පිළිතුර 'නෑ ' වනවාට මම දැන් කැමතිය. රථගාලේ සිට එනවිට මධුලිකා සිටියේ දුරකතනයට පිළිතුරු දෙමිනි. මා දුටුවනම ඈ ඇමතුම විසන්ධි කළාය.

"... මිස්ටර් වාකිෂ්ඨ"

මධුලිකා මහත් අපහසුවෙන් සිනාසෙමින් ඇගේ ඇමතුම පැහැදිලි කරද්දී මම තවත් රිදුනෙමි. මගේ අණසක තුලින් මිදෙන්නට ඈ දැරූ අරගලයක්! අදින් පසුව මට එලෙස පිළිතුරු දීමට අවශ්‍ය නැත.

මම ඇතුළුවීමේ පර්යන්තයට යන්නට ලැබෙන තාවකාලික ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා තුරු මධුලිකා එතැන රැඳුනාය. තාරුක අයියා මා අමතයි. මම එය විසන්ධි කලෙමි. ඔහුට පිළිතුරු දෙන්නට තරම් මම ශක්තිමත් නොවේ.

සෙමෙන් ඇදගෙන යන ඇගේ බෑගය මම මගේ අතට ගත්තෙමි. මධුලිකා මා දෙස මෘදු බැල්මක් හෙළුවාය. ඇගේ මුහුණ ඔපවත් වී ඇතිද? ඈ යන්නේ ඇගේ පෙම්වතා සොයාගෙනය. මගෙන් සිදුවූ අතවරය ගැන ඈ එතරම් වේදනාවට පත්වන්නේ එහෙයින් බව මගේ හැඟීමයි.

ඇතුලට ගොස් මගීන් රැඳී සිටින කොටසට යනතුරුම අප දෙදෙනා ගමන් කලේ එකිනෙකාට සමාන්තරවය. එසේ ගොස් මධුලිකා ආසන පේළියක පිටුපසම කොනේ හිඳගත්තාය. මම ඈ අසල මගේ අත තිබුණු ඇගේ බෑගය නතරකොට, එහි අල්ලාගෙන ආ කොටස හකුලා දැමුවෙමි.

මම සිටියේ සිටගෙන දෑතම සාක්කුවල රුවාගෙනය.

"මධු...."

"හ්ම්ම්ම්"

"මගේ අන්තිම ප්‍රශ්නේ...?"

මධුලිකා තොල් මුව තුලට දමාගෙන තදින් පියාගත්තාය. ඇගේ මුහුණ බිමට බරවිය.

".... ඒ ප්‍රශ්නේ මම ඉල්ලලා අස්කර ගන්නවා..මොනවා උනත්, පොඩියටවත් මාව මතක තියාගන්න එපා "

මම ඇගේ මුහුණ නිකටින් අල්ලා එසවුයෙමි. මගේ හදවත ගැලවෙන්නට ආසන්නයේය. හිස යකාගේ කම්මලකි. මට අවශ්‍ය වුයේ ඈ නිදහස්කොට යවන්නටයි. ඊටත් වඩා පලා යන්නටයි.

'මට සමාවෙන්න මධු...!'

මගේ සිත කීවද එය මුවින් පිටවුයේ නැත. මම ඇගේ ඇසින් රූරා හැලෙන කඳුළු පිසදැම්මේ මහපට ඇඟිල්ලෙනි. කම්මුල සෙමෙන් පිරිමදින්නට වුයේ නිරායාසයෙනි. ඇගේ වෙල්වට් බඳු ස්පර්ශය!

".. ඔයා සතුටින් ඉන්න ඕනේ ළමයෙක්.. මම වගේ ..... "

මට ඉතිරි කොටස කියවුනේ නැත. මධුලිකා මා දෙසම නෙත රඳවාගෙන සිටියාය. කෝපයක් නොතිබුණු ඒ දෑස් කුමක් හෝ කතාවක් කියුවද, එය මට අයිති නැති බව මට සිතුනි. මේ සියල්ලම යුතුකම්ය !

බරැති සුසුමක් මගෙන් පිටවූ අතර මම දුරකතනයෙන් මගේ මිතුරා ඇමතුවෙමි.

"මචං... ?"

"ඔව් කියපන්.... කොහොමද? අද නේද ෆ්ලයිට් එක කිව්වේ.. මම බැලුව... උඹල එනකොට හතට විතර ආවහම..."

"නෑ මචන්.. මට වෙන ගමනක් වැටුන නිසා කලින්ම ඩ්‍රොප් කළා.. පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මම කිව්වා වගේ ලේඩි ඔෆිසර් කෙනෙක් නේද?"

"ආ.. මෙච්චර කලින්? ඒ මොකද බන්...? ඔව් මචන්...... මම ඔක්කොම ලැස්ති කළා... ආ.. හරි.. අවුලක් නැහැ... මම එන්න කියන්නම්.. කොහෙද උඹ ඉන්නේ?"

"වේටින් ඒරියා එකේ ඉන්නේ"

"හරි මම එන්න කියන්නම් එයාට... මම උඹේ නම්බර් එක දෙන්නම් එයාට"

"හරි"

මම ඇමතුම විසන්ධි කලෙමි. මධුලිකා දල්වාගත් දෑසින් මා දෙස බලා සිටිනවා දැක දැකම මම ඈට පිටුපා දුරකතනයට හිස ඔබාගෙන උන්නෙමි. මට මෙයට මුහුණ දෙන්නට නොහැකිය.

විනාඩි කිහිපයකින් නොදන්නා අංකයකින් ඇමතුමක් පැමිණියේය.

"හෙලෝ?"

"මිස්ටර් තීක්ෂණ. මම මේ අර මිස්ටර් වෙත්තසිංහ කිව්වා අර ගෑනු ළමයෙක්ව.."

"ආ ඔව්.. අපි දැන් ඉන්නේ වේටින් ඒරියා එකේ. කවුන්ටර් එක ගාව "

එවිටම ඈතින් නිල ඇඳුම් හැඳගත් තරුණියක් මට අත වනනු පෙනුනේ ගුවන් තොටුපලේ සෙනග අඩු නිසාය. ඈ ඉක්මනින් ඇවිද ආවාය.

"මේ මිස් තමයි ෆ්ලයිට් එකේ යන්නේ... මධු.. මේ මිස් කස්ටම් එකේ වැඩකරන්නේ. ඔයා ප්ලේන් එකට නගිනකල් බලාගනී. බයවෙන්න දෙයක් නැහැ"

"ෆ්ලයිට් එක තියෙන්නේ රෑ අටයි ගානකටනේ.. කලින් වැඩිනේ සර්! ඒත් ඉතින් කමක් නැහැ මෙයාව මම මගේ ඔෆිස් එකේ තියාගන්නම්.. මම ඔෆ් වෙලා යන්නේ නැතුවම හිටියා සර් මට කලින් කියල තිබ්බ නිසා. යමු මිස්"

මධුලිකා වික්ෂිප්තව මා දෙස බැලු අතර මම ඈට කලබල නොවන්නට කි බැවින් ඈ සන්සුන් වුවාය.

"මට ඔයාව දාල යන්න බැහැනේ ඔච්චර වෙලාවක් එයාපෝට් එකේ. හ්ම්ම්.. මේකේ කස්ටම් ඔෆිස් එකේ ඉන්න මේ ගෑනුලමයා මම දන්නවා.. බයවෙන්න එපා... ඔයා එහෙ මෙහෙ ඇවිදිනවට වඩා ඒක සේෆ්! හොඳද.."

මධුලිකා හඬන්නට මෙනි. ලය වේගයෙන් උස්පහත් වෙයි. ඇයගෙන් එවන් සමුගැන්මක් අවශ්‍ය නැති නිසා මම බොරුවට සිනාසී වහා ආපසු හැරුනෙමි.

මධුලිකා ගල්භිතව මෙන් බලා උන්නාය.

"......හිනාවෙලා ඉන්න... අඬන්න ඕනේ නැහැනේ දැන්... ඔයාව තරහ ගස්සන්න මමත් නෑනේ... ඔයාගේ තාත්තා වෙනුවෙන් ඔයා ශක්තිමත් වෙන්න ඕනේ! හ්ම්ම්ම් හොඳද... ? දැන් යන්න.. තව වෙලාව තියෙන හින්දා ඕනේ නම් පොඩි නැප් එකක් දාන්න"

මම ඒ ඇස් මගහැර කිව්වෙමි. මම කතාකලා වැඩිය.

හිස මුදුනට තට්ටුවක් දැමු මම ආපසු හැරුනේ ස්ථිරසාරවය. හදවත පුපුරා යන්නට පෙර නැවත වතාවක් හෝ මම හැරී නොබලා ඉක්මනින් දුවගොස් මම නැවතුනේ රථ ගාලේය. මගේ නහරයක් පුපුරනවා නියතය.

'Sorry about the night, but I did not do anything to you baby. Nothing without your consciousness. Have a safe flight. Have a grate life. Do not call this number again'

විස්වාස කරන්න, මම එසේ ලියා යැව්වෙමි.

සුක්කානමේ හිස ගසාගෙන මම හැඬුවේ මගේ ආත්මයම පුපුරා හැලෙමින් යන බව දැනුන නිසාය. මහත් වැර වෑයමෙන් ඒ කැබලි එක්කාසු කරගෙන රථය පනගන්වා ගන්නට මට තවත් වෙලාවක් යන්නට ඇත.

එතැන් සිට නිවස දක්වා මම රථය පදවාගෙන ආවේ කොයි ලෙසකටද කියා මට කිසිම සිහියක් නොවුනි. පාරේ කිහිප වරක් අනතුරු වන්නට ගිය බවත් දෙතුන් දෙනා මට බැනවැදුණු බවත් පමණක් යන්තමට මතකය.

ලෝකය ගිලාබසින මොහොතකදී එයින් පලායන්නාක් මෙන් මම මරු විකලෙන් පැමිණ නිවසේ රථගාලේ නතර කරනවිට , පයින් ආවාක් තරමට මම හති හලමින් උන්නෙමි. එන අතරමග තාරුක අයියා මට නොනවත්වා ඇමතුවද , කිසිදු කතාවකට මානසිකව සුදානම් නොවූ මම එයට පිළිතුරු දුන්නේ නැත.

වාහනයේ දොර මහා හඬින් වසමින් රථයෙන් බැස වේගයෙන් නිවසට ඇතුළු වූ මගේ පෙනුමෙන් සාලයේ උන් සුදම් සහ මැණිකා බියට පත්වූ බව පෙනුණද , ඒ වගක් නොමැතිව මම කෙලින්ම ඉහල මාලයට ගියෙමි.

මගේ කාමරයේ දොර විවර කරන විටම සුදම් මා පසුපසිනි.

"තිකා?! මොකද්ද අවුල??"

"පාඩුවේ ඉන්න දීපන්.. !දොර ඇරියොත් උඹ මගෙන් මැරුම් කනවා !!"

මම දඩාස් ගා මට පසුපසින් දොර වසා දැමුවෙමි.

************************* මතු සම්බන්ධයි *********************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com6tag:blogger.com,1999:blog-4632197388452093715.post-26640979671331901212021-07-18T17:30:00.017-10:002021-09-09T02:41:39.467-10:00263: සුහදිනියේ - 54 | සිත් රිදවීමක් සහ දබරයක්
කලින් කොටසට

මට දෙන්නට පිළිතුරක් නොවුනි. නමුත් යම් පිළිතුරක් ලබාදිය යුතු නිසා ඊට සුසුදු පිළිතුරක් සොයන අතරතුර නැන්දා සුසුම්ලනු මට දැනේ.

මේ මහත්තයල කැමති නම් මගේ අකමැත්තක් නැහැ මහත්තය. මේ ඔක්කොම මට හරි
කරුණාවයි. යන්න කලින් පුංචි නෝනගේ මුණ බලන්න තිබ්බනම්..."

මහා බර
සුසුමක් දුරකථනය ඔස්සේ හෙලුනි. මධුලිකාගේ තනියට කියා මම ගෙනා සේවිකාව මේ
වනවිටත් සිටියේ තුවාන් අය්යාගේ ඩිස්පෙන්සරියේය.

ඇගේ සේවය තවදුරටත් අවශ්‍ය
නොවුනද මෙතෙක් ; විශේෂයෙන්ම මට; විස්වාසවන්තව කටයුතුකළ ඇය පිළිබඳව
සාධාරණයක් කිරීම මගේ යුතුකමකි. මධුලිකා තබා යන්නට විශ්වාසවන්ත අයෙක් නොමැති මොහොතකදී ඇය වරක් හෝ නොදුටු මගේ පිහිටට පැමිණියේ පුදුම ආකාරයටය.

තුවාන් අය්යාට කතාකල මට දැනගන්නට
ලැබුනේ ඇයව සිය නිවසට ගන්නට ඔහු කැමති බවයි. එය මට පහසුවක් විය. නමුත්
මධුලිකා නැවත විදෙස්ගත වනවා කියූ සැනින් නැන්දා කම්පනයට පත්වුවාය. අපගේ
සැබෑ තත්වය කිව නොහැකිව මම ඇයට පැවසුවේ අප දෙදෙනාම එසේ යන බවයි.

පර්ල් නෝනා මගේ ඇහැක් වගේ මම හැදුවේ... මේ අත්දෙකින් ! පුංචි නෝනා ඉපදුනාම
වෙනිවැල්ගැට තම්බලා නෑව්වේත් මම.... අනේ මල් කුමාරියක් වගේ පිං කඳක්.. මගේ
නෝනට රත්නත්තරේ සරණයි "

ගැහැණියගේ අවිහිංසක ලැදියාව ගැන මට මහා දුකක් දැනුනි.

"බයවෙන්න දෙයක් නැහැ නැන්දා... එයා හොඳින්"

"අනේ පිං ! පර්ල් නෝනට වාසනාවක් තිබ්බේ නැහැනේ ඒ වගේ රත්තරන් කඳක් එක්ක ජිවත් වෙන්ඩ. අනේ ඒකටත් එක්ක අපේ පුංචි නෝනාව , මහත්තයා ඉතින් ඇහැක් වගේ පරිස්සම් කරනවානේ ඉතින්... දෙවියන්ගේ පිහිටයි මහත්තයට කවදාවත් වරදින්නේ නැහැ... "

පපුව මතින් ඩෝසරයක් තලාගෙන යන්නාක් මෙනි.

"එහෙනම් නැන්දා මම පුලුවන් වෙලාවක කවුරුහරි එවන්නම් නැන්දාව බලලා යන්න. සල්ලි ටිකකුත් දැම්මා පොතට ඕනේ දෙයක් තියෙනවා නම් අරගෙන්න. එහෙනම් තියන්නම්.."

කතාබහෙන් රිදී හම්බත්ව සිටි මම ඇමතුම විසන්ධි කරනවිටත් ඈ පිං දෙමින් සිටියාය.

මම සුසුමක් හෙලා නැවතත් වත්තේ වැඩ වල ඉතිරිය සම්පුර්ණ කරන්නට වීමි.

දින දෙකකට පෙර අප සාප්පු සවාරි ගොස් එන විටදී රාත්‍රියේ මාලන් ඇතුළු කණ්ඩායම වාහනයට සිය බඩු පටවනවා දුටු මම ඔවුන් පිටත් වන්නට ඇතැයි උපකල්පනය කලෙමි. මධුලිකා ඔවුන් කිසිවෙකුත් ගණනකට නොගන්නා බව දැනී මට කුරිරු සතුටක් දැනුනේ ඇයි ? ඇගේ සිතේ සිටින පෙම්වතා විසින් මෙතරම් ඈ කෙරෙහි වදවන මා පවා විස්තාපනය වී ඇති අයුරු?

ඉන්පසුව එහෙන් මෙහෙන් බලන තරුණයෙකු දෙන්නෙක් හැරුණුවිට මධුලිකාට තර්ජනයක් නොවූ නිසා දින දෙකම නිවිසැනසිල්ලේ ගතවිය. මධුලිකා බොහෝ සැහැල්ලුවෙන් උදානි සමඟ සිටිනු දැක මම යම් සතුටක් ලැබුවෙමි. ඈතින් සිටිමින් ඈ ඒ විඳින නිදහස ගැන සතුටක් මෙන්ම, තව දිනකින් මගෙන් මිදී යන ඈ ගැන මගේ සිත මොහොතින් මොහොත හුස්ම සිරකරවමිනි.

'ඇත්තටම මධුලිකා ඔබ මා හැර යනවාද?'

කෙතෙක් මා ඇසුරුකළ තරුණියන් සිය නව පෙම්වතුන් හා මා ඉදිරියට පැමිණ ඇතිද? ඒ කිසි දිනෙක නොදනෙන මගේ මේ ඉරිසියාව ගැන මටම දැනුනේ පුදුමයකි.

මොහොතින් මොහොත දැනෙන පීඩනය මා නොදනෙම මහා වේල්ලක මෙන් සිත තුල එක්රැස්ව තිබුණු බව මට ඒ මොහොතේ දැනුනේ නැත.

තෙවන දින පාන්දර සිටම, කුමක් හෝ දෙයක් නිසා උදෑසන සිටම මගේ සිත තුවාල වී ඇත්තාක්මෙන් දැනෙන්නට විය. කුමක්හෝ කියාගත නොහැකි දුකක් සිතතුළ මහා අරගලයක් කරමින් මා උමතු කරවන්නට මෙන් හැසිරෙයි.

අද දින ලැබුණු තාරුක අයියාගේ කෙටි පණිවිඩ කිසිවකට මම පිළිතුරු නොයවා සිටියෙමි. වැඩියෙන්ම තිබුනේ මට බනින පණිවිඩය. මේ ආ දින ටිකට , ටාෂාගේ ඇමතුම් වලට මම පිළිතුරු දුන්නේ ඉඳහිටය. ඈ දිනකට වතාවක් පමණ මා ගැන සුවදුක් විමසන්නේ, විශේෂත්වයක් නොමැතිව වන අතර ඒ කිසිවිටෙක මධුලිකා ගැන විමසුවේ නැත. ඇමතුමට පිළිතුරු සපයන්නට සැමවිටම කාමරයේ සිටින මොහොතක් වන්නට මම ප්‍රවේශම් වුයේ ඈ කතාවට වඩා වටපිටාවේ ශබ්ද අසන බවක් මට ඉව වැටුන බැවිනි.

ඇගේ මේ අමුතු හැසිරීම කුමක්ද? මට මධුලිකා පැවසු දෙය මතක්විය. ටාෂා මගේ හොඳම කියනවා යයි කීම මා එතරම් ගණන් ගත්තේ නැත.

සැමදිනකම සෑහෙන වරක් නිවසට අමතා තාත්තාගේ තොරතුරුත් , අම්මාගේ සනිපයත් ගැන සෙවීමට මම අමතක නොකළ නමුත් මගේ සිත අම්මාගේද යම් වෙනසක් ඇති බවක් කියමින් සිටී. සුදම් කියූ ආකාරයට නම් ටාෂා සහ වෙරෝනිකා ආන්ටි අප නිවසට නිතර පැමිණෙන බවක් අම්මා මට කිසිවිටෙක සඳහන් කලේ නැත. එය මට පුදුමයක් සේ දැනුනි.

මේ අතර මගේ අනෙක් වඩවන කාරනාව වුයේ වාසුලගේ සිද්ධිය නිසා මධුලිකාගේ ආරක්ෂාවට ඇති තර්ජනයයි. කුමක් හෝ හේතුවකට ,මේ දින දෙක තුනට රුපවාහිනියේ මාතෘකාවක්ව පුවත් මවමින් උන් අනුලා ගැන ගොසිප් අඩවි වල පලවූ කාරනා අතර එක්තරා තැනක පමණක් මධුලිකා ගැන යම් සඳහනක් වුවද, ඇගේ නම කියවී තිබුනේ නැත.

සුන්දර් අත , වාසුල විසින් රවටාගත් තේජානි වෙත මම රැකියාවේ තොරතුරු යැවු අතර ඇය ඒ රැකියාව සමඟ රත්නපුරයට ගිය බව සඳහන්කොට කෙටි පණිවිඩයක් ඒවා තිබුනේ ස්තුතියක්ද සමඟිනි.

මම මධුලිකා සම්බන්ධ මගේ ඉදිරි සැලසුම් වලට අවසානය සුදානම් විය යුතුය. මධුලිකා සම්බන්ධයෙන් මගෙන් සිදුවිය යුතු සියල්ලම මම එකින් එක ඉටු කරමින් සිටියේ තවදුරටත් ඈට වදවෙන්නට යමක් ඉතිරි නොකරන අදිටන සිතේ තිබුණු බැවිනි.

ඉන් පසුව....

හෙට මධ්‍යම රාත්‍රියේ මධුලිකාගේ ගුවන්යානය ඈ රැගෙන යනු ඇත.

සිදුවූ සියල්ල නපුරු හීනයක් මෙන් නුදුරු අනාගතයේදී වාතලයට මුසුව යනු ඇත.

මධුලිකාගේ ඉදිරි ජීවිතය ලංකාවෙන් පිටත මනරම්ව ගෙවී යනු ඇත.

සැලසුම් කල පරිදි අධ්‍යාපනය නිමකොට ඈ නැවත මෙහි එනු ඇත.

ඒ වනවිට වසර තුන හතරකින් , මේ සියල්ල වෙනස්ව ගොස් තිබෙනු ඇත. බොහෝවිට ඇගේ පෙම්වතා ; බොහෝවිට ඇගේ සැමියා සමඟ ඔවුන් දෙදෙනා ලංකාවේ ආන්දෝලනාත්මක චරිත වනු ඇත.

ඒ තමයි මේ කතාවේ ලියැවු අවසානය. මට අහිමි මධුලිකා....

මධුලිකාට ඇත්තේ කවුරුත් ආකර්ෂණය වන , ආඩම්බරකාර පෙනුමකි. ව්‍යාපාර ක්ෂත්රයේ එවැනි පෞර්ෂයක් ලැබෙන්නේ එහෙමත් කෙනෙකුටය, විශේෂයෙන් තරුණියක්! මම ඈගේ ඒ සාර්ථක බවට අකුල් හෙලන්නට අවැසි නැත. ඈ තවදුරටත් මට අයිති නැත. මාලන්ගෙන් නොපෙනෙන්නට කියා මම හැසිරුණු ආකාරයට ගැන මටම ලැජ්ජා සිතුනි.

නමුත්.... මධුලිකා අතහැර ගත නොහැකිව මම කෙතරම් අසරණ වී ඇතිදැයි මේ තර්කනයට හසුවන ලෝකයට තේරුම්කල නොහැකිය. තරුණියක් විෂයෙහි ලා මා තුල වූ නොහික්මුණු බව ඉක්මවා සිය රැස් වළල්ල ඈ විහිදා සිටියාය. ප්‍රේමය බව දැන දැනම වුව සමනළ පියාපතක් තුරුළු කරගන්නා ලෙසට මහා පරිස්සමකින් මෙන් මම ඈ විෂයෙහි දමනය වී උන්නෙමි. එය විශ්වාස කල හැකිද?

නමුත් දැන් ඈ මා හැර යාමට සිත හදාගෙනය. ඇගේ අහිමි පෙම්වතා සොයා සත්සමුදුරෙන් එහාට යනු ඇත. මට ලය පැලී උර කුහරය පුරා ලේ පිරෙන්නා සේ දැනෙන්නේ ඇයි? මා කෙරෙහි ප්‍රේමයෙන් සිටි බවක් කියා මා මුලා කලේ ඇයි මධුලිකා? එය මට දුන් දඬුවමක් ද? ඇත්තටම ඈ මට තිබුනේ ආකර්ෂණයක් පමණක්ද?

මම වහා ඉන්ටකොම් දුරකතනයෙන් සේවා කොටස ඇමතුවෙමි.

බීම ඇනවුම කාමරයටම ලබාගත්තේ ඒ වනවිට කළමනාකාර වරයා මා සමඟ යම් සුහදත්වයක් ඇතිකරගෙන සිටි නිසාය. කිසිවක් මතක් නොවන නින්දක් මට අවශ්‍යව තිබිණ.

ජින් මත නින්දට රුකුල් සැපයු නිසා, මගේ නින්ද අවසන්ව මම හිස ඔසවනවිට හොඳටම රාත්‍රිය උදාවී තිබිණ. මගේ අවදිවීම ඉබේටම සිදුවූවක් නොවන බව වැටහුනේ ඒ වනවිටත් දොරට කවුරුන් හෝ නොනවත්වා මහා හඬින් තඩිබානු ඇසුණු නිසාය.

මම ඇඟ මැලි කඩමින් හීනෙන් මෙන් දොර විවර කරද්දී එහි ඉදිරිපිට සිටගෙන සිටියේ හෝටලයේ කළමනාකරුත්, සේවා සපයන තරුණයෙකුත් සහ උදානිත්ය. ඊටත් පිටුපසින් මධුලිකා උන්නාය. ඔවුන් සියල්ලෝම මා දැක බියට පත්වුවා සේ විය.

"මොකෝ කලබලේ?"

"සර්... ෆෝන් එක ආන්සර් කලෙත් නැහැ... අපි ලෑන්ඩ් ලයින් එකටත් ගත්ත. මේ මිස්ලා බයවෙලා හින්දා අපි දැන් සෑහෙන වෙලාවක ඉඳල මේ දොරට ගැහුවේ"

දකුණත දොරේ ඉහලට තබා ඒ පසට හිස ඇලකොට, සිහි එලවාගත් මම ඇස්ගෙඩි ලොකු කර කළමනාකරු දෙසත්, ඉන්පසුව උදානි දෙසත්, අවසානයේ ඔවුන්ට පිටුපසින් උන් මධුලිකා දෙසත් බැලුවෙමි.

"ආ.... මට මේ නින්ද ගියා මහන්සියට..."

කළමනාකරුට සිනාවක් ගිය අතර, උදානි සිය සිනහව අතින් වසා වලක්වා ගත්තාය. මධුලිකා පමණක් අස්බැමි හකුලවා , කට ඒ මේ අත හරවමින්, සිය කෝපය පලකරනු දුටු මටද සිනාවක් නැගුණි.

"අ... හරි සර් එහෙනම්... අපි ගිහින් එන්නම්"

ඔවුන් ආපසු හැරුනහ.

එකෙනෙහිම මධුලිකා දුන්නෙන් ගිලිහුණු ඊතලයක් මෙන් කාමරය තුලට ආවේ මගේ දොරට ඉහලින් තිබුණු අත යටිනි. ඒ ගිය වේගයට සුළං පහරක් 'රුං' ගා මධුලිකාගේ සුවඳ විහිදුවාගෙන මා අසලින් හමා ගියේය. මම කලබලයෙන් මධුලිකා ගිය අත ආපසු හැරී බැලුවෙමි.

ජින් බෝතලය අතට ගත් වේගයට, සැනින් මම ඈ අසලට පැන්නේ අඩියට දෙකටය.

"ඒයි.. ඒයි.. ඕක තියනවා!"

මධුලිකා අතට ගන්නවාත් සමඟම ඇයට වඩා උසින් වැඩි මම ඉස්සර වී ජින් බෝතලය වහා උදුරා ඉහලට කොට ඇල්ලිමි. මධුලිකා ගහක බඩගානවාක් වැනිව මගේ පපුව බදාගෙන බෝතලයට පොරකෑවාය.

"මෙහෙ.. දෙනවා.. තමුසෙගෙ.. ඔය.. කෙහෙල්මල්... බෝතලේ....."

මධුලිකා මගේ කකුල පාගමින් , කමිසයේ එල්ලී ඇඟේ නගිමින් බෝතලයට පොරකන්නේ ළදරියක් මෙනි.

"පි.. පිස්සුද හලෝ.. මේක බිඳින්නේ එහෙම නැහැ... අතාරිනවා!"

පොරය උත්සන්නව ගොස් අසමතුලිතව ගිය අප දෙදෙනා පෙරලුනේ ඇඳ මත වුවද , එයත් හරිහැටි නොවූ නිසා මධුලිකාගේ කකුල් ඉහලට එසවී ඇඳේ අනෙක්පසට පෙරලි, වම්පස කොටසින්ද බිමට පෙරලි ගියාය. දඩස් ගා බරැති යමක් වදිනුත් උදානි 'බක බක' ගාමින් සිනාසෙනුත් මට ඇසුනි.

"... පිස්සුද අයිසේ... ?"

පෙරලිගිය මම මධුලිකා කොහිදැයි සෙව්වේ ඒ වනවිට විදුලි පහන් නොදල්වා තිබුණු කාමරය අඳුරේ ගිලි තිබුණු බැවිනි. උදානි තවමත් සිනාසෙයි. මම නැගිට විදුලි පහන දැල්වුයෙමි. මධුලිකා ඇඳ පාමුල උන්නේ වේදනාත්මක මුහුණෙනි. මගේ ඇඳුම් බෑගය පෙරලී , ගිටාරය සමඟ බිම තිබිණ. ඇගේ හිස වැදුනාද?

"මධු.... ආ යූ ඕකේ ?"

උදානිගේ සිනහව නවතා ඇය මධුලිකා අසලට පැන්නාය. මම ඊට ඉස්සර වී මධුලිකා බිම වැටි සිටි තැනින් ඈ දෑතටම ඔසවා ගත්තමි.

"තියනවා මාව බිමින්! මට කිසි අමාරුවක් නෑ "

මධුලිකා මගේ උරහිස සැපුවාය. වම් උරහිස හිරිවැටී ගියාක් මෙනි. 'හම්මටසිරි! කොටි දෙනක් වගේ!'

එහෙත් මම ඈ බිමට අත නොහැර සෙමෙන් ඇඳ මත තබා පසෙකට වීමි.

"මොකක්ද මධු ඔයාට වෙලා තියෙන්නේ.... ? මෙන්න මෙහෙ එන්න මෙතන තව පිස්සෙක් වගේ නටන්න තියාගත්තේ.... "

උදානි මධුලිකාට කඩා පැන්නේ ක්ෂනයෙනි.

"..... ඇත්තමයි මධු මට තමුසෙව දැන් එපා වෙලා තියෙන්නේ... මේ කොල්ලව මරාගෙන කන්න හදන්නේ කොයි වෙලේ බැලුවත්! හැබෑටම මධු ඔයාට හිතක් පපුවක් නැද්ද?"

උදානි මධුලිකාට රවා සිටි අතර මධුලිකා මුහුණ පුම්බාගෙන බිම බලාගෙන උන්නාය. කෝපයක් නොව එහි තිබුනේ වෙනත් යමකි. මම මේ රණ්ඩුව දෙස බලා සිටියේ විශ්මයෙනි.

".... ඩිවෝස් එක නෙවෙයි දෙන්න වටින්නේ, අල්ලලා මුහුදට අතාරින්න!"

උදානි එතරම් දෙයක් පවසනු ඇතැයි නොසිතු මම ගල්ගැසී බලා සිටියේ මහත් වේගයෙන් කියවාගෙන ගිය ඒ වචන අසා සිටියේ බිරන්තට්ටු වෙමිනි.

"බයවෙන්න එපා.. මම යනවනේ!"

මධුලිකා හඬමින්ම එතැනින් එළියට දිවගෙන ගියාය. උදානි මා දෙස අසරණ බැල්මක් හෙළුවාය.

"තීක්ෂණ.... අනේ සොරි"

අප දෙදෙනා අතර වුයේ තත්පර කිහිපයක නිහඬ බවකි.

"....ඔයා අර අල්ලපු ඔට්ටුව..."

"හ්ම්ම්ම්... "

මට ඒ ගැන කතාකරන්නට උවමනා නැත.

".. මට මධු කිව්වා.... ඒකටත් වඩා අර ටාෂා...."

"දැන් ඒවා කතාකරලා වැඩක් නැහැ උදානි..."

"ඒ උනාට ඔයාගේ හිත මාරම හොඳයි... මම කවදාවත් හිතුවේ වත් නැති ගතිගුණ ඔයාට තියෙන්නේ"

මම කිසිවක් නොකීවෙමි.

මට මේ සංවාදය මහා හිරිහැරයක් බව දැනුනි. මධුට මම කෙතරම් ආදරේද යන්න දැන් කීමෙන් හෝ ඔප්පුකර පෙන්වීමෙන් වන වෙනසක් නැත. දහසකුත් එකක් වරදට වරදකරු වූ මගේ ආදරය මධුලිකාට පයට පෑගෙන දුහුවිල්ලකි. සුසුමක් ලයෙන් පිටව ගියේ ඉබේටමය.

"උදානි ගිහින් පොඩ්ඩක් බලන්න අරයව... මොකක් හරි කරගනී මෝඩ වැඩක්"

මම උදානිගෙන් මුහුණ ඉවතට හරවාගෙන කියා අවුල්වී ගිය ඇඳ පොරවන සහ ඇතිරිලි සකස් කලෙමි.

"එයාමයි මෙතන මහා අඩව්වක් ඇල්ලුවේ ඔයාට කරදරයක්ද දන්නේ නැහැ කියල... දැන් මෙහෙම... අනේ මන්දා මධු ඉස්සර ඔහොම නැහැ"

මම දකුණත දබර ඇඟිල්ලෙන් නළල තෙරපවා ගනිමින් තොල්පට විකාගත්තේ කිවයුත්තට වඩා නොකිවයුත්ත කියවේවි කියාය.

"එයා මාව හේට් කරනවා.. "

මම හුස්මක් ඇල්ලුවෙමි.

".... එයාව කටුනායකින් ප්ලේන් එකට නගිනකල්ම මම පරිස්සම් කරනවා. මට දැන් කරන්න පුළුවන් එච්චරයි.."

මම උදානි බලෙන් මෙන් දොර අසලට රැගෙන ගියේ උරහිසින් අල්ලාගෙනය.

".. ඔයා එයාට හොඳ යාලුවෙක්..."

උදානි හුස්මක් ඉහලට ඇද්දාය.

"අනේ..... සොරි තීක්ෂණ... මම තමයි... මම... ම.. ම.."

ඈට කතාකරගන්නට නොහැකිවූ හේතුව මම දනිමි.

"ඒවා මගේ අතීතය. ඔයා වැරදි නැහැ උදානි. මම මධුලිකා වගේ කෙනෙක් නෙවෙයි. මම කැමති නැහැ මේ වෙන්වීම වෛරයකින් කරන්න. අපි මේ කතාව හොඳම විදියට ඉවර කරමු"

මගේ කෘතීම සිනහව දෙස බලන්නට මෙන් උදානි එකවරම මගේ මුහුණ දෙසට හැරුණාය.

"මම තමයි මධුට ඔයාට කැමති වෙන්න එපා කිව්වේ.. මම ඔයාගේ නරකම තමයි කිව්වේ... මට සමාවෙන්න තීක්ෂණ!"

"හ්ම්ම්"

"ඔයා... එදා.. මධුව බලන්න හොස්පිටල් ආපු වෙලාවේ.... මිස්ටර් දුනුවිල එක්ක ෆෝන් එකෙන් කියපුවා මම අහගෙන... "

"ඔයා මධුගේ රූම් එකෙන් බෙහෙත් තියල ආපහු ආවහම ... මම ආවේ ඔයාට බනින්න.. ඔයා මාව දැක්කේ නැහැ... ෆෝන් එකෙන් කියපුව ඔක්කොම මට ඇහුන. මම ඒ වෙලාවේ තමයි හරියටම තේරුම් ගත්තේ, ඔයා මධුට කොච්චර ආදරේද කියල.. තීක්ෂණ... මධුට යන්න දෙන්න එපා "

උදානිගේ මේ හැසිරීම එනම් එබැවිනි. මට කාගේවත් අනුකම්පාව අවශ්‍ය නැත. මධුලිකා මගේ රුධිරය පුරා සරණ බව ඈට පැවසිය හැක්කේ කෙසේද? ඒ කුමක් වුවත් මධුලිකා ඇගේ අනාගතය සොයා යා යුතුය. ඇගේ පෙම්වතා ළඟ මිස මා සමඟ ඈට සතුටක් නොවේ. මම උදානිට රිසිසේ හඬන්නට හැර සුසුමකින් ලය සැහැල්ලු කරගත්තෙමි.

"ඒ වෙලාවේ වෙන්න තියන හොඳම දේ තමයි ඒ... මේ වෙලාවේ වෙන්න ඕනේ හොඳම දේ තමයි මේ වෙන්නේ.. වඩාත්ම වැදගත් දේ... මධුට කිසි කරදරයක් නොවී මේ හැම දෙයක්ම විසඳුන එක... "

උදානි සුසුම්ලන බව මට දැනුනි. දැන් කළහැකි යමක් නොවේ, සියල්ලම වන්නේ සුදුසු ලෙසය.

"..... දැන් දෙන්නම යන්න කාමරේට.. මධූ එක්කම ඉන්න. අර ඩිජේ එක තියෙන්නේ අනිත් හොටෙල් එකේ.. අපිට එහෙට යන්න වෙනවා.. ඒ හින්දා හත වෙනකොට කෑම කාලා ලොබි එකේ ඉන්න..."

උදානි මා වෙතින් ඉවත්ව යන්නට ගොස් ආපසු හැරුණාය.

"ඔයා හරි හොඳ කෙනෙක් තීක්ෂණ... ම.."

මම වේදනාත්මක සිනාවක් පෑවෙමි.

"උදේශ් එනවද? එයාටත් අපි එක්කම යන්න පුළුවන්"

උදානිට සිනහවක් නැගුණි.

රාත්‍රී ආහාරය ගන්නා මොහොතේ මධුලිකා සාමාන්‍ය තත්වයට පත්ව සිටි බවක් පෙනුනද, මම ඈ මගහැර කෑම ගත්තෙමි. කෑම ගැන උනන්දුවක් මට නොතිබිණ. භෝජනාගාරයට එන තරමගදී වත්තේ හිතවත් ව්‍යාපාරිකයෙකු ඔහුගේ පවුලේ උදවිය සමඟ හමුවූ බැවින් මම ඔවුනට මධුලිකා ගැන පෙනෙන්නට මම වෙනම ඉන්නට සිතුනා වන්නට හැකිය.

පපුවේ කොටසක් හිරිවැටි, හැඟීම් දැනීම් නොමැති ලෙසක් දැනේ. කෑම අතගාමින් මෙන් උන් මම සුප් දීසිය පමණක් නිමකලෙමි.

නාදුනන ඇමතුමක් පැමිණියේ ඒ අතරය.

"හෙලොව්?"

"තීක්ෂණ?"

"...ඔව්.?"

"තාම මේ නම්බර් එකද පාවිච්චි කරන්නේ?"

තරුණියකගේ කටහඩකි. මට හඳුනාගත නොහැකිය.

"මම..... උෂාධි... මතකද මන්ද...."

මම මතකය ඇවිස්සුවෙමි. නම මතක් වුයේ එවිටයි. මගේ සිතට අමුත්තක් දැනුනි.

"ආ... උෂාධි... කොහොමද? මොකටද මේ මාව මතක් උනේ?"

"ඔන්න බලන්න තීක්ෂණ.. ඔයා තාමත් කතාකරන්නේ ගහගන්න වගේ නේ.... මම මේ ඔයාව දැකල කතාකලේ... කෙලින්ම ඉස්සරහ බලන්න"

මම දුරකථනය කනෙහි රඳවාගෙනම හිස ඔසවා බැලුවෙමි. උෂාධි මට ඈතින් වූ මේසයක සිට මට අත වැනුවාය. උෂාධි යනු. දුරින් තාරුක අයියාට නෑකමක් ඇතිව සිට මා හා සම්බන්ධතාවයකින් පසුව අතහැරි එකල උසස්පෙළ සිටි සිසුවියකි. ඈ මට අවුරුදු දෙකක් වැඩිමහළුය.

තද දම්පාට ඇඟටම තදවූ කෙටි ගවුමකින් සැරසී උන් උෂාධි පෙරදා දකිනවාට වඩා පැහැපත්ව උන්නාය. මම අත නොවනා හිස නවා ආචාර කලෙමි.

"තනියමද ඉන්නේ? එන්න මෙතනට !"

පෙර සේම තවමත් ඈ පාලනය කරන්නට තැත් කරයි. දැන් සිටින්නේ ඒ තීක්ෂණ නොවුවද, මගේ පාලනය ඇත්තේ ඈ වෙත නොවේ. මම සිනාසී විතිතව එය ප්‍රතික්ෂේප කරන බවක් හිසින් දැක්වුයෙමි.

"මම දැන් කාලා ඉවරයි.... ලොබියට යන්න ඕනේ"

මම එසේ කියා , දුරකථනය විසන්ධි කොට ඇයට සන් කරමින් හෝටලයේ පිවිසුම වෙත යද්දී එහි හිඳගෙන සිටින උදේශ් දක්නට ලැබුණි.

"හලෝ මචන්... උඹ දැන්ද ආවේ... ආ.. තාම හතට ලං උනා විතරනේ.. ඒ දෙන්නා තාම කනවා මම හිතන්නේ"

මම උදෙෂ් වැළඳගනිමින් කිව්වෙමි. ඔහු ප්‍රියමනාප තරුණයෙකි. උදානි මදක් තරබාරු වුවද ප්‍රියමනාප බැවින් ඔවුන් දෙදෙනා ගැලපෙන ජෝඩුවක් යයි මම සිතුවෙමි.

"ආ.. නෑ මම මේ දැන් ආව විතරයි මචන්... මම කෝල් එකක් දුන්න.. මේ දැන් එනවා ..කිව්වා... ෆුල් අවුලෙන් ඉන්නේ.. එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් යන නිසා"

එය අලුතින් දැනගත්තාක් මෙන් මගේ සිතද රිදුණි.

"ආ... මම ඇඳුමක් දාගෙන එන්නම්.. ශෝටෙන් යන්න දෙන්නේ නැහැනේ බන් ක්ලබ් එකට"

මම ආපසු එන විටදී මගදී මට උෂාධි හමුවිය.

"කොහෙද අනේ .. යන්නේ... මම මේ ඔයාට කතාකරන්න යන්න ආවේ... මෙයා බලන්නකෝ ලස්සන වෙලා තියෙන තරම..."

"ආ.. මම මේ එළියට යන්න හදන්නේ..."

එලෙස කියන විටම මධුලිකාත් උදානිත් භෝජනාගාරය දෙස සිට ඇවිද එනු පෙනුනි. මධුලිකා මා දැක මා දෙසම බලාගෙන සිටියේ ඇයි ? ඇගේ මුහුණේ හැඟීමක් කියවාගත නොහැකි බවකි. එසේ නමුත් කෝපය නම් තිබුනේම නැත.

ගෙල දක්වා වැසුන, බොත්තම් පේලියක් සහිත කළු පැහැති කෙටි ගවුමක් ඇඳ සිටි ඇගේ සිරුර වාත්තුකල ප්‍රතිමාවක් වැනියයි මට එකවරම සිතුනි. අවුල් ලෙස සකසා ඇගේ මනරම් කෙස්කළඹ හිසට ඉහලින් ගැටගසා තිබිණ. කිසිදු ආලේපනයක් ගලවා නොතිබුණද ඇගේ තරුණ බුහුටි මුහුණ වඩා තියුණු ලක්ෂණ වලින් යුතුය.

'ගින්දර වගේ මධුලිකා '

සැනින් ඈ ඉවත බලාගත්තාය. උදානි මට අත වනමින් ගියාය. උෂාධි එය දකින්නට ඇත.

"හෝ.. හෝ......හ්ම්ම්ම්... තනියෙන් නෙවෙයි වගේ ඇවිත් තියෙන්නේ... ඒ උනාට එතනින් අර කළු කෙල්ල නම් වෙන්න බැහැ ඔයාගේ ගර්ල්... අනිත් එක්කෙනා නම් මහතයිනේ. .. නොට් යුවර් ටේස්ට්! "

උෂාධි තොල පෙරලා කියුවේ ඉරිසියාවට බව මට නොතේරුනා නොවේ. සැමදාම කිරිපාට කෙල්ලන් අතර උන් තීක්ෂණගේ හදවත සොරාගත්තේ කළු කෙල්ලක බව කවුරුන් විස්වාස කරන්නේද?

මට සිනා නැගුණි.

"නෑ.. කළු කෙල්ල තමයි...! එයා තමයි මගේ ගර්ල්..."

'කළු කෙල්ල' යන්නම උලුප්පා මම එලෙස කිව්වේ ඇයිදැයි මම නොදනිමි. උෂාධි ආපසු හැරී මධුලිකා උදේශ් සමඟ සංවාදයේ යෙදෙන අයුරු බැලුවාය. කුමක් හෝ කියමින් සිනාසෙන මධුලිකා මොහොතකට හෝ අප දෙස බැලුවේ නැත.

"බොරු! ඔයා කවදාවත් කළු කෙල්ලෙක්ට කැමති වෙන්නේ නැහැනේ තීක්ෂණ..."

ඊර්ෂ්‍යාකාර ඒ වචන වලට මට සිනාවක් නැගුණි.

"... ඔය දැක්කද.. ඒ කාලේ වගේමයි හිනාව.. බැල්ම.."

"පරක්කු වෙනවා මට.. ඉක්මනින් යන්න තියෙනවා"

මම ආපසු හැරුනෙමි. උෂාධි මා පසුපස එන බව මට වැටහුනේ අඩි ශබ්දය නිසා වුවද මම එය ගණනකට නොගෙන කාමරයට ගියෙමි. කාමරයට පිවිසෙත්ම සුදම්ගෙන් ඇමතුමක් ආවේය.

"කියපං"

"ආ.... අර අලුතෙන් ගත්ත සෙකියුරිටි එකේ ලොක්කා ඇහුවා අපේ වත්තටත් ඕනෙද කියල කට්ටිය. මොකද මම කියන්නේ?"

"මට කෝල් එකක් දෙන්න කියපන්.. මම කොහොමත් හෙට රෑ එනවා.... "

"කොහෙද බන් ඇත්තටම උඹ ඉන්නේ?"

"ඒකෙන් වැඩක් නැහැනේ... මම හෙට රෑ එනවා.. කොහොමත් ඩඩා ගේ ඩොක්ටර් appointment අන්දිද්දා උදේනේ.. එතකොට මම ගෙදර"

"තිකා... උඹ කෙල්ල එක්කද ඉන්නේ?"

මම එකවරම පිළිතුරක් නොදුන්නෙමි.

".... මට ටාෂාගේ අම්මාගේ එන පොට නම් හොඳ නැහැ කියල හිතුන තිකෝ.... උඹ මධු අක්කා ගැන කියපන්කො"

මගේ පපුව දැවිල්ලක් මෙන් දැනුනි. සුදම්ට මට පැවසිය නොහැක.

"මම ඒවා විසඳලා එන්නේ මචන්... එතකොට ඔක්කොම හරි"

මධුලිකා හෙට රාත්‍රියේ පිටවීමෙන් පසුව මේ සියල්ලම මම එකලාසයක් කල යුතුය.ටාෂාගේ ප්‍රශ්නයට මට කෙලින්ම පිළිතුරක් දීමක් කලයුතුය. තව දුරටත් හැංගිමුත්තම් කරන්නට ඕනෑකමක් නැත.

ඇමතුමෙන් පසුව මම ඉක්මනින් ඇඟ සෝදාගෙන , කලුපාට ලිනන් කමිසයට, ඉදිරියෙන් බොත්තම් පියවන කළුපාට කමිසය හැඳ කැටපත තුලින් බලමින් කමිසයේ දිගු දෑත් වැලමිට දක්වා නැමුවෙමි.

දර්පණයෙන් පෙනෙන මම දෙස බලාගෙන මම විමසුවේ... මධුලිකා අකමැති වන්නට තරම් මම සල්ලාලයෙක්ද? පෙම්වතියන් රැසක් සිටි බව සැබෑය. නමුත් මධුලිකා විෂයෙහි මගේ ප්‍රේමය ඒ සියල්ලටම වඩා වෙනස් බව ඈ දනී. ඇය සැබෑවටම එය දන්නවාද ?

මින් පෙර ඇසුරුකළ තරුණියන් මම රවටා නැත්තෙමි. ඔවුන් හා මා පැවැත්වූ සම්බන්ධතා සියල්ලම ඔවුන්ගේ අනුමැතියකින් තොරව මම කායික සම්බන්ධතාවයක් දක්වා ගෙනගොස් නැත. මම වරදක් කරන්නට ඇත, නමුත් එය මගේ වරදක් පමණක්ද?

නමුත් මධුලිකා ? ඇගේ ඒ ප්‍රේමය හුදෙක් ආරක්ෂාව පතා නම් ,එයින් ඔබ්බට මගේ වගකීමක් හැරුණුවිට සීමාවක් නැති බව ඈ මට ඔප්පුකොට හමාරය. ආරක්ෂාව හැරුණුවිට අය මගෙන් පෙරලා බලාපොරොත්තු වූ ප්‍රේමයක් නොමැත්තේද?

නිර්වින්දන එන්නතක් හදවතේ ඇනී ඇත්තාක් මෙනි.

මම පහලට එනතුරුම දෙවතාවක්ම උදානි මා ඇමතුවේ පරක්කු වන බව කියමිනි. අවසාන ඇමතුම දෙද්දී මම උන්නේ ඒ අසලමය. ඈතින් එනවිට නොදක, අසලට එනවිටම මධුලිකා මා දෙස බැලුවේ අමුතුම බැල්මකි.

"වෝව්...! අද නම් ඒ වගේම තමයි "

උදානිගේ කටින් පිටවද්දී මධුලිකා බොරුවට ඈට රවා , කොනිත්තා දෙදෙනාම එක්ව සිනාසුනහ. ඈ මගේ වේදනාවට සිනාවෙනවා කියා මට සිතුනත්, වෙඩි වැදුණු කුරුල්ලෙකු කෙඳිරි ගාන්නා සේ සෙමෙන් හඩක් පිටකර ගත්තෙමි.

"ඒ කවුද?"

"කවුද ඉතින් අර Enrique තමයි"

ඔවුන් කියන්නේ මගේ අන්වර්ථ නාමය පැමිණි ලෝකප්‍රසිද්ධ පොප් ගායකයා ගැනයි. මධුලිකා උදානිට වැලමිටෙන් අනින අතර මම කට කොනකට සිනාසී ඉස්සර වුයෙමි.

"Oh yes DJ තනුජිකා.!... here we cooooome!!"

තිදෙනාම කෙළිලොල්ව එකවර කෑගසුවෝය. මමද අග කොටසට එකතු වුයෙමි. අද දිනය ශෝකයෙන් බරව සිටීමෙන් ඇති පලක් නැත. එය කිසිවක් වෙනස් නොකරනු ඇත.

ජීප් රථය ගෙන ආ පසුව සුපුරුදු පරිදි උදානි සිය පෙම්වතා සමඟ පිටිපස ආසනයේ ගුලි වූ අතර මධුලිකා ඉදිරි ආසනයට ගොඩවුවාය.

විනාඩි හතලිහක පමණ ගමනක් නිසා මම වාහනය පාරට ගන්නට පෙරම රේඩියෝ චැනලය සුසර කලෙමි.

මධුලිකා සිනාසුනාය. මම ඇස්බැමි ඔසවා ඇයිදැයි ඇසුවෙමි.

"පිටිපස්සේ සද්දේ බාධාවක් නෙවෙයි නේ"

මටද සිනාවක් නැගුණි. මධුලිකා එවන් කවටකමක් කරනු ඇතැයි නොසිතු මම ඉන් පුදුම වීමි.

"ආව් ආව් ඈ.. ෆුල් හැපී එකේ නේද ඉන්නේ අද නම්"

මධුලිකා සෙමෙන් කිව්වාය. මම අන්දමන්දව ඈ දෙස බැලුවෙමි. අහස සේ ඈ වෙනස්වන තරම!

"මොකක්?"

"පරණ කැච් එකක් නේද අර පස්සෙන් ආවේ?"

මම නොසන්සුන් වුයෙමි. ගෑනුන්ගේ ඉව!

"ආහ්.... kind of"

මම බෙල්ල පිටුපස කසමින් කිව්වේ මවාගත් සිනහවෙනි. මධුලිකාගේ ඇස කෙලින්ම මා වෙත යොමුව තිබිණ.

"එයා අපිට රැව්ව රැවිල්ලට මට හිතුන "

මට ඇස අගින් ඇගේ බැරෑරුම් මුහුණ පෙනේ. මම ගානක් නොමැතිවාක් මෙන් රඟපෑවෙමි.

"....... මොකද කාමරේ ඉඳල එන්න ඔච්චර වෙලා ගියේ ? එයාට යන්න දෙන්න බෑ හිතුනද?"

'හම්මෝ මේ කෙල්ල හිතුවේ ඒ ටිකට මට උශාධි එක්ක පෙම්කලා කියාද? ඔහොම ඉරිසියාව තිබ්බම ඇති!'

මම නොපහන් බැල්මෙන් මධුලිකා දෙස බැලුවෙමි. 'කලින් සුද්දියෙක් අල්ලාගෙන හිටිය, මේ පාර මගේ පරණ එක්ස් කෙල්ලෙක්!' මධුලිකා සුසුමක් හෙළනවා ඇසුනි.

"... කමක් නැහැ... ඔයාට හොඳක් වෙන්න ඕනේ තීක්ෂණ"

සෙමෙන් මධුලිකා කීවේ එයමයි කියා විශ්වාසයක් නොවුනද මට ඇසුනේ එයයි.

ඉන් පසුව අප අතර කිසිම කතාබහක් ඇති නොවිය. මධුලිකා නොකඩවා whatsapp පණිවිඩ යවනු මම ඇස අගින් දුටුවද තනිවම සිනාසෙමින් සිටින ඇගෙන් එය විමසන්නට නොගියෙමි.

ඈ ලියන්නේ ඈ එනතුරු නොඉවසිල්ලෙන් සිටින පෙම්වතාට විය හැකිය.

'හෙට හවස වෙනකල් ඉවසගෙන ඉන්න බැරි පෙම්වතෙක්'

විශාල ශාලාව තරුණ තරුණියන් සංගීත රිද්මයට නටමින් සිටියහ. ඇත්තටම ඒ DJ එක ඉතා මනරම්ය. ශාලාවට ඇතුල් වූ පසුව උදානි උදේශ් සමඟ කොහේ හෝ මාරු වී ගියද මධුලිකා මා අසල තාවර වෙමින් සිටියාය.

මධුලිකා සමඟ ඇවිද ආ මට දැනුනේ මහා ප්‍රේමනීය හැඟීමකි. එය කෙතරම් විකාරද? පහනක් වුවද නිවියන ආසන්නයේ මහත් ආලෝකයෙන් දිදුලනවා සේ, නිවියන ඇගේ ප්‍රේමය මට විඳින්නට අවශ්‍යව තිබිණ , ඔව්.. ඒ රෝමාන්තික පෙම්වතාගේ අවසාන හෝරා කිහිපය.

"can I offer you a drink?"

"sure !"

මධුලිකා ක්ෂණයෙන් කීවාය.

"මම දෙන්නේ සෝඩා විතරයි හොඳද මැඩම් ?"

මධුලිකා දසන් දක්වා සිනාසුනේ කුඩා දරුවෙකු මෙනි. මම ඇයට ලයිම් සෝඩා මොජෙටෝ ඇනවුම් කලෙමි.

"ආ.. ඇයි අද බොන්නේ නැද්ද?"

මධුලිකා උසැති පුටුවට නගින්නට උත්සහ කරමින් අසද්දී මට සිනා නැගුණි.

'කොට මොඩල්' මධුලිකා බුහුටි බැවින් පුටුවට නගින්නට නොහැකිය.

"නෑ.. ඩ්‍රයිව් කරන්න තියෙනවනේ"

"ආ...."

"එතකොට..."

මධුලිකා කියන්නට ආ දේ සිරකර ගත්තාය.

"කියන්න.. මොකද්ද කියන්න ගියේ?"

"නෑ මුකුත් නෑ !"

මම මධුලිකා දෙස හිස හරවා බැලුවෙමි. අප දෙදෙනාම තත්පර දෙකක් පමණ එකිනෙකා දෙස බලාගෙන උන්නෙමු. මගේ ඇස ඇගේ ඇසත් දෙතොලත් අතර මහා වේගයෙන් ඒ මේ අත ගියේ සරාගී බවකින් මගේ සිත උණුසුම් වෙද්දීය. එය බිඳුනේ අප දෙදෙනාගේ බීම ලැබුණු බැවිනි.

මධුලිකා කට දෙපසට ඇද සිනාසුනාය., දෑස වේගයෙන් ඇසිපිය සලයි.

" හැමදාම සතුටින් ඉන්න මධූ ඔයා"

මට එලෙස කියැවුණි. මධුලිකා බිරාන්ත වී මා දෙස බැලුවාය.

".. මම ඔයාව තරහ ගස්සනව. ඔයා අකමැති දේ කරනව. මට තරහ යනවා.. ඔයාගේ නිදහස මගේ ගාව නෑ... ඔයා එහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි"

මම පැවසුවේ ඈ අතට බිම වීදුරුව දෙන අතර ඈ දෙස එක එල්ලේ බලාගෙනය. මධුලිකා සිය විදුලිය විසිවන දෑස නොපියවා මා දෙස බලා සිටියාය. ඇත්තටම මට ඈ මේ මොහොතේ පිස්සුවෙන් මෙන් සිපගන්නට සිතුනි. නමුත්....

"අනේ දෙවියනේ.... මේ මධූ නේද?"

විදේශික තරුණියක් මර දුතිකාවක් මෙන් එකවරම කෑගසාගෙන අප අතරට පැන්නාය. මධුලිකා ඈ දෙසට හැරී විස්මයෙන් ඇළලී ගොස් ඈ වැළඳ ගත්තේ මහා හඬින් කෑගසමිනි.

'මේ කෙල්ලෝ නම් හොරනෑ වගේ!'

තවත් සුද්දියක් ඇයට එකතු වුවාය.

" ඔයාලා කොහෙද මෙහෙ...... මට කිව්වෙත් නෑනේ ලංකාවට එනවා කියල"

"ආ... ඒක හදිස්සියේ උනේ ළමයෝ... අපි ආවේ ගිම්හාන නිවාඩුවට.. "

"මරේ මරු ... මම හරිම ආසයි ලංකාවට.... ලස්සන රටක්.. උම්මා...."

ඔවුන් දෙදෙනා මධුලිකා බදාගෙන වැනෙන්නට වුහ.මම මදක් පසෙකට වීමි.

"එතකොට මේ කවුද මේ.......... අප්පා.... අපි මේ වැඩේ කෑවාද?? සමාවෙන්න සමාවෙන්න... මධු ඔයා මේ ඉන්නේ ඩේට් එකක නේද?"

තරුණියන් දෙදෙනාම ඉන්නේ බීමතින් බව මට වැටහුණි.

"න... න් නෑ නෑ එහෙම එකක් නැහැ.... මේ මගේ ඉස්කෝලේ යාලුවෙක්"

මධුලිකා ඔවුනට මා හඳුන්වා දුන්නේ ඒ ක්ෂණයෙන්. 'ඉස්කෝලේ යාලුවෙක්? එහෙනම් එහෙමද?'

"තීක්ෂණ.. මේ මගේ එංගලන්තයේ ඉස්කෝලේ යාලුවෝ... "

"ආයුබෝවන් "

මම ඔවුනට සිනාසී හිස ඇලකොට වීදුරුව ඔසවා ආචාර කලෙමි. දෙදෙනාම මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ එකිනෙකාට තුරුළු වෙමිනි.

"පොඩ්.........................ඩක් ඉන්න... මධු............................. මේ උඹේ හයිස්කුල් මස්කට් එක නේද?"

එකියක් මා දෙස බලා බෙරිහන් දුන්නාය. මධුලිකා බොහෝ කලබලව ඒ තරුණිය ආවරණය කොට සිටගත්තාය.

"හ.. න.. නෑ නෑ.. උඹලට වැරදිලා... ඒ එයා නෙවෙයි"

"...අඩේ... උඹ අපිට බොරු කියන්ඩ එපා.... ඇයි අපිට පින්තුරත් එව්වේ... ඇත්තටම උඹල දෙන්නා මේ ඩේට් එකක් නේද?"

මට සිනාව වලක්වාගත නොහැකි තරමකි. මධුලිකාගේ මුහුණ හොඳටම බෙරි වී ගොසිනි. ඈ තරුණියන් දෙදෙනා තල්ලු කරගෙන යන්නට සැරසෙද්දී තවත් තරුණියක් ඒ අසලට ආවාය.

"මේ බලපන් ජුලි.... මේ අර මධු එවපු හයිස්කුල් මස්කට් එක නේද? අර Enrique වගේ... මෙයා දැන් නෑ කියනවනේ..."

"ඔව් නේන්නම්... අපි..."

මම කවුළුවට බරවෙමින් සිනාසුනේ මධුලිකා පත්ව ඇති අපහසුතාවය දැකීමෙනි. මධුලිකා මුහුණ දෙක කරගෙනය.

"හරි ඔය ගෑනුලමයි ටික ටිකකට යන්නකෝ... මට මෙයත් එක්ක නටන්න තියෙනවානේ"

එසේ කියමින් මම බීම වීදුරුව එකවර හිස් කොට මධුලිකාගේ අතගෙන නර්තනය යෙදෙන බිමට පසෙකින් පිවිසියෙමි. මට සිනාව නවත්වාගන්නට නොහැකිය. මධුලිකා මුහුණ රකුසු ලෙසටමය.

"ඩාන්ස් කලාම ඔක්කොම හිතේ අමාරු නැතිවෙයි"

මම මධුලිකාගේ කනට කොට පැවසුවේ ශාලාවේ පිරුණු සංගීතයට නෑසෙන බැවිනි. අප දෙදෙනාගේ දෑස් අහේතුකව පැටලී ගියේය. රවන සැමවිටම මම සිනාසුනේ ඈ දෙසම බලාගෙනය.

තත්පර කිහිපයකට පසුව මධුලිකා ඉවත බලාගත්තේ යටිතොල සපාගනිමිනි.

ඉන්පසුව කිසිදු කතාවක් නොමැතිව මමත් මධුලිකාත් එකිනෙකාට ආසන්නයේ නර්තනයේ යෙදුනෙමු. මට ඒ මොහොතේ දැනුනේ කුමක්දැයි තවමත් මතකයක් නැත. කොපමණ වෙලාවක් මම ඇගේ ලෙලදෙන රටාවන් බලා සිටියාද කියා මට කෙසේවත් මතක නැත. වනදෙයක් වෙද්දෙන් කියා සිතෙන්නට ඇත.

ඈ වරෙක මා දෙස බලමින් මා අසලම නැටුවද , දෑසින් සහ අතින් මිස ගතින් අල්ලා නොගන්නට මම වැර වෑයම් කලෙමි. එකම වතාවකදී මම ඇගේ පිටට අත තබා තරමක් අසමතුලිතව වැටෙන්නට ගිය ඈ වාරු කරගත්තා යන්තමට මතකය. එලෙසම තුරුළු කරගන්නට ආ ආවේගය මම මහත් වෑයමෙන් වලක්වා ගත්තෙමි.

මම සිටියේ සිහිනයක පාවෙමින්ය. අවසන් සිහිනයක....

සෑහෙන වෙලාවකින් පසුව පිරිස අතරින් උදානි උදේශ් සමඟ මතුව ආ නිසා මම මධුලිකා ඔවුනට භාරකොට බීම ලබාදෙන කවුන්ටරය වෙත ගියෙමි. සිතට දැනෙන්නේ මහා පාලු මුසල බවක් වුවද කොහේ හෝ තිබෙන මෘදු මන්දහාසයක් මගේ මුවේ තිබෙන්නට ඇත. ඈ මා අසල රඟන විට දැනෙන්නේ ලෝකය අමතකව යන්නා සේය!

සීතල සෝඩා උගුර සිසිල්කොට ගලායද්දී මට මත්වන්නට අවශ්‍ය බව දැනුනද, එසේ කල නොහැකි බව මතකයට නැගුණි.

මධුලිකාගේ වෙන්වීම මට දැනෙන්නට පටන්ගෙන වන්නට ඇත. ඇගේත් මගෙත් අතීත සැමරුම් මා ඉදිරිපිට මැවෙන්නට වුයේ නිරායාසයෙනි.

මධුලිකා පාසල් කාලයේ මට ප්‍රේමයෙන් උන් බව ඈ මට පවසද්දී මම එදින පුදුම වූ තරමක්! ඇය එය ඇගේ එංගලන්ත මිතුරියන්ට කියූ බව ඇසීමෙන් ලැජ්ජාවට පත්වීම ගැන මම දුක් වුයෙමි. මා ගැන පැවසුවා නම්, ඔවුන් ඇගේ සැබෑ පෙම්වතාද හඳුනනවා ඇත. එබැවින් ඇගේ මා පිලිබඳ මතකය ඔවුන් විසින් ඔහු ඉදිරියේද මේ ලෙස පවසනු ඇති නිසා බිය වුවා වන්නට ඇත.

මම පසෙක වූ පුටුවකට හිඳගෙන හිස පිටුපස කොටසට බරකලෙමි. දෑස පියාගෙන සිටින මට මධුලිකාගේ මතකය මා අවුලට පත්කරන්නාක් මෙන් දැනුනි. ඇය නොමැතිව සිටීමක් තබා මොහොතක් නොදැක , දිනයක් හෝ වෙන්වයාමක් යනු කුමක්දැයි මම දැන් නොදනිමි. මේ උමතුවක්ද? මධුලිකාගේ වියෝව මට දරාගත නොහැකිද? ඒ අතින් මධුලිකා මට වඩා ශක්තිමත්ය.

සංගීතය මනරම් ගීත මවයි. මදින් මද මගේ සිතට අඳුරු දුකක් කාන්දුවනු දැනේ. ලය පුපුරා යන්නට මෙන් දැනෙන්නේ ඇයි ?

දෑස විවර කරද්දී මම දුටුවේ මධුලිකා පෙරකී විදේශීය තරුණියන් සමඟ කවයක් ලෙස සැදී මහා හඬින් සිනාසෙමින් ඉන්නා අයුරුය. ඇගේ සතුට එයයි.. මා අසළ කූඩුවේ තටු කපා දමන්නට යුතු කිරිල්ලියක නොවේ ඈ!

ඇයට මම ආදරය කරන තරම්!

මම පුටුවෙන් කෙලින්ව , දනිස් වලට බරදී දෝතින්ම හිස බදාගත්තෙමි. පරණ තීක්ෂණ මට අවශ්‍යව පවතී. කිසිදු තරුණියකට නොබැඳි, තමන්ගේ ගමන යන තීක්ෂණ කෙනෙකුට මිස තවදුරටත් ගැලවුමක් නැත්තා සේය. සිත තදකර ගතයුතුය. සෑහෙන වෙලාවක් මම එලෙස සිටියේ නොනවත්වා සිතට තරවටු කරමිනි.

දෝතින්ම මුහුණ පිසදාගෙන මම හිස ඔසවද්දී මධුලිකා , ඔවුන් සිටි මේසය මත හිස ගසාගෙන ඒ මේ අත පෙරලනු දුටු මට ඉබේටම නැගිට්ටුනි. අඩියට දෙකට එහි ගිය මට පෙනුනේ මධුලිකා අත ඇත්තේ මත්පැන් දැමු වීදුරුවක් බවයි. මම වහා එය උදුරා ගත්තෙමි.

"මධු......මධු..... මොකද ඔයාට.....? මොනවද මෙයා බිව්වේ....?"

වටකොට උන් තරුණියන් කිසිවකුත් ඇගේ මිතුරියන් නොවේ. මට තරු පෙනුනි.

".. මධු..... මධු..... මොනාද ඔයා බිව්වේ...?"

"ආඅ....... මමද.... මම මෙහ් එහෙම මුකුත් බිව්වේ නෑහ්..."

මධුලිකා හිස එසවූයේ වැනෙමිනි. ඈ අත තිබුනේ ජින් බව වහනය වන සුවඳින් කිවහැකිය. ජින් සමඟ වෙනත් දෙයක් බිව්වාද ?

මගේ යකා ඇවිස්සුනි. වටපිට බැලුවද ඇගේ මිතුරු තරුණියන් පෙනෙන්නට නොවීය. මම මධුලිකා මට වාරු කරගෙන පුටුවේ කෙලින්කොට ගත්තෙමි. ඈ ජෙලි පිඩක් මෙන් වැනේ.

"අප්පා..... මෙතන හරි දාඩිය..... මට දෙන්ඩකෝ කන්ඩ දෙයක්....."

මධුලිකා එතැන කවුන්ටරයේ කවුරුන් හෝ දමාගිය අලපෙති බැදුමකින් පෙත්තක් අතට ගත්තේ ක්ෂණයෙන්.

"ඊ.... දානවා ඕක බිම... මොන ජරාවද මේ කන්නේ?"

කටට දමාගන්නට ගිය එයට මම වහා අතින් ගැසූ නිසා එය බිම වැටුනද, මධුලිකා එය කනවාක් මෙන් සිය මුවට ඇඟිලි රුවාගත්තාය.

"මෙහ් මේ කෑම මෙලෝ රහක් නැහැ.. නෙහ්.."

මධුලිකා හිස ඔසවා මා දෙස බැලුවාය.

"....ආ...හ් මේ ඔයාද? අම්මටසිරි තව ඩින්ගෙන් මම බනිනවා මේක බුක් කරපු එකට.... සොරි ඈ... ඒම නෝටි නෑ මම හරිද?"

මට කියන්නට දෙයක් නොවුනි.

"... සුශ්.. මෙතන රස්නේයිනේ අප්පා..... දාන්ඩකො ඒසී... ශුස්"

මධුලිකා සිය වමතින් ගවුමේ ඉදිරි බොත්තම් පට පට ගාමින් ගලවන්නට වුවාය.

"පිස්සුද?"

මම වහා ඇගේ දෑත් පසුපසට කොට අල්ලා ගත්තෙමි. එකා දෙන්නා දැන් අප දෙස බලමිනි. කෙසේ හෝ වදෙන් මෙන් ගැලවූ බොත්තම් කිහිපයක් දමාගන්නට හැකි වුවත්, සියල්ල දමන්නට නොහැකි වුයේ මධුලිකා පරඬලක් මෙන් වැනිමත් , අත දමා නැවතත් බොත්තම් ගලවන්නට උත්සහ කිරීමත් නිසාය.

"... අනේ මට ඉන්න දෙන්නකෝ.... කෝ මගේ ග්ලාෂ් එක?"

දෑත් දෙපසට විසි කරමින් මධුලිකා නැගිටින්නට උත්සහ කරද්දී එතැන පුටුවක් පෙරලාගෙන ගියද, මම වහා ඈ වැටෙන්නට නොදී අල්ලා ගත්තෙමි. තත්වය අනුව ඈ මෙහි තබා ගැනීම එතරම් හොඳ නොවේ. මම එක අතකින් මධුලිකා මට වාරු කරගෙන උදානි ඇමතුවේ ශාලාව සිසාරා බලමිනි. දෙදෙනාගේම කිසිදු සලකුණක් නැත.

"... ආ.. මට කන්න දෙන්නකෝ මොනවහරි..... මට බඩගිනි... නේ..."

මම ඉක්මනින් ඇයට අලුතෙන් බදින ලද අල පෙති පිරිසියක් දුන්නෙමි. එයින් බාගයක්ම බිමට හැලෙන ලෙස පෙත්තක් ගත් ඈ කුඩා දරුවෙකු කන්නා සේ මුවට රුවා ගත්තාය.

".. එකපාරටම මේක රස උනානේ... අම්මෝ... මගේ කට දනවා... කෝ මගේ ග්ලාස් එක..."

"කට වහගන්නවකෝ.."

" අනේ මට ඉන්ඩ දෙන්ඩකෝ ඒයි "

එතනින් යන සියලු දෙනා දැන් මධුලිකාත් මාත් දෙස බලමිනි. මම වහා මධුලිකා ඉනෙන් අල්ලා මට වාරු කරගෙන ශාලාවෙන් එළියට ආවේ ඇදගෙන මෙනි. ඒ එන අතරතුර නැවතත් උදානි ඇමතුවද දුරකථනය ප්‍රතිචාර නොදැක්විය.

".. මෙහෙත්. රස්නේ අප්පා...."

මධුලිකා නැවතත් බොත්තම් ගලවන්නට සැරසේ.

" ගුටි කන්නේ මගෙන් ! පිස්සුද?.... මරනවා මම දැන්! "

ඒසේ කීවද මධුලිකා ඉන්නේ සිහියෙන් නොවන නිසා මගේ තරවටුව වලංගු නොවේ. මම මධුලිකාගේ දෑත් මා වටා දමාගත්තේ බොත්තම් වලට දෑත් යාම වැලැක්වීමටයි. ලොබියේ ඈතක සිට සේවකයෙක් මගේ අසරණ කම දැක මා වෙත හැල්මේ දිව ආවේය. මම මධුලිකා මා වෙතම වාරුකොට , සාක්කුවෙන් කාඩ්පත ගෙන ඔහු අත තැබුවෙමි.

"රැලේ පාකින් දැම්මේ... වාහනේ මෙතනට පොඩ්ඩක් ගෙනත් දෙනවද?"

"හරි සර්!"

සේවකයා වහා පිටත්ව ගියේය.

"තී.....ක්ෂ....ණ ඇයි මේ එයාපෝට් එකේ සෙනඟ නැත්තේ? අප්පා.... ප්ලේන් පේන්නෙත් නැහැනේ..."

මම සිටියේ නොනවත්වා උදානිගේ දුරකතනයට අමතමිනි. එය ක්රියාවිරහිතකොටය. මේ තත්වයෙන් මධුලිකා මෙහි තබාගත නොහැකිය. ඈ මිට පෙර මත්පැන් පානය කර තිබුනාද කියා පවා මම නොදනිමි.

ඊටත් ජින්!

අප සමඟ ආ උදානි දමා යන්නටද නොහැකිය. මධුලිකා දෝතින්ම මා බදාගෙන වැනෙමින් උන්නේ අඩවන් දෙනෙතිනි. ඈ ජින් කොපමණ බිව්වාදැයි මම නොදනිමි.

"මොන එකකට බිව්වද මන්ද... මීට කලින් බීල තියෙනවද?"

"ඈ... මොකක්ද... ආ... මීට කලින් මධුලිකා බීල නෑ.. මම දැනුත් බිව්වේ නෑ... මම බිව්වත් බිව්වේ මෙන්න මේච්චරයි.. චුට්ටම චුට්ටයි... වෙරි නෑ.."

" පිස්සු හෝන්තුවක් !"

"හරි වැඩක්නේ... ඔවාට පුළුවන් ජින් බෝතල් තියාගෙන බොන්ඩ... අපිට බෑහ්... ඒ මොකද ඒ... අපි ඉන්නේ equal rights තියෙන රටක.... සෑ සෑ... ඕව තමයි ෆෙමිනිසම් හොඳ.... ඕ .යේස්... මේ මධුලිකා බය නැහැ..."

එවිටම වාහනය හෝටලයේ පසෙක දොරටුව අසලට පැමිණියේය. ඒ වනතුරුත් මම උදානි අමතමිනි. වෙන විකල්පයක් නැත. මේ පිස්සුව ගෙනගොස් ඇරලිය යුතුය.

'මධුලිකාව අරගෙන මම හෝටලයට යනවා. මෙහෙ හොටෙල් එකෙන් කැබ් එකක් දාගෙන එන්න'

එසේ කෙටි පණිවිඩයක් උදානිට ලියු මම, මධුලිකා වත්තන් කරගෙන වාහනය වෙත ඇවිද ගියද එය පහසුවක් නොවූ නිසා මම ඈ හරහට ගත්තෙමි. ඈ සිටියේ වෙරිපිට බව කියන්නට මට සිහි නොවීම අවාසනාවකි.

"ෆ්ලයි...ට් එකේ තියෙන ඩ්‍රි........ර් න්ක් එකකුත් ඕනේ මට.... දැන් කීය වෙයිද අපි එහෙ ලෑ..............න්ඩ් කරනකොට?"

මධුලිකා දොඩවද්දී මම වාහනය වෙත ගිය අතර සේවකයා මට ඉදිරිපස දොර හැර දී, මධුලිකා ආසනයෙන් තබන්නට උපකාර කළේය. විවර වූ බොත්තම් තුලින්ද, කෙටි ඇඳුමේ එහෙ මෙහෙ වූ තැන් වලින්ද පෙනුණු මධුලිකා දෙස ඔහුගේ ඇස යොමුවනු දුටු මම වහා ඔහුව එලවනවා මෙන් දමා දොර වැසුවෙමි.

"හරි ඔය ඇති !"

රියදුරු අසුනට නැගුනු මම නැවත මධුලිකාගේ ආසනය කඩා ඈ වැතිරෙන ලෙස සකස්කොට ආසන පටි තද කලෙමි.

ඈ සිටියේ ඇස් වසාගෙන, කටින් හුස්ම අල්ලමිනි.

"මේ.. ෆ්ලයිට් වල හුස්ම ගන්ඩ බෑනේ..... තී.................ක්ෂණ... ඔයාහ් මොකද මේහ් ෆ්ලයිට් එකේ ඈහ් ?"

මම වාහනයේ වායුසමීකරණය ක්‍රියාත්මක කලෙමි.

".. හම්මා.... සනීපෙ...... ඇති යා......න්තම් තව ඩින්ගෙන් මම මැරෙනවාහ් ......."

මට සිනා නැගුණි. සෙමෙන් වාහනය පාරට ගන්නා විට , මධුලිකා කෙලින් වන්නට උත්සහ කලද ආසනපටි නිසා ඈ නැවතත් ආසනයට වැටුණි. සිය දෑතින්ම එවර ඈ ගෙලතෙක් තිබුණු බොත්තම් පේලියේ සෑහෙන කොටසක් පට පට ගාමින් ගලවා දැමුවද වාහනය පදවමින් සිටි මම ඈට රිස්සක් කරන්නට ඉඩහැරියේ වෙනත් කිසිවකුත් නොසිටි බැවිනි. බොත්තම් වලින් විවරව ගිය ඇගේ ළය , රතුපාට යටි ඇඳුම දුටු වහා මම පාර දෙසට නෙත යොමාගත්තෙමි.

පපුව පිටතට එන්නට තරමට ගැහෙයි.

".. නපුරා.... මෝඩ ආඩම්බරකාර නපුරාඅ..........."

මධුලිකා දොඩවයි. නෑසෙන තරම් දේවල් කියමින් දොඩවයි. කකුල් දෙක ඔසවා ඩෑෂ් බෝඩ් එක උඩ තැබුවත් සැනකින් ඒවා බිමට කඩාගෙන වැටුනේ කකුල් එතරම් දිග නොවූ නිසාත්, ඈ සිටියේත් අවසිහියෙන් නිසාත්ය.

".... මාව එපා කිව්වාහ්.... මාව අතෑ රියාහ් ..... !"

මධුලිකා අතොරක් නැතිව බනින්නේ කාටදැයි මට නිශ්චය කරගත නොහැක. මටද? නැතිනම් ඈ අතහැරි පෙම්වතාටද?

රාත්‍රිය නිසා පාරේ වාහන අඩුකමත් , මගේ නොසන්සුන් කමත් එක්ව විනාඩි දහයක් යන්නට මත්තෙන් අප සිටියේ නවාතැන් ගත් හෝටලයේ පිවිසුම අභියසයි.

"... තමුසේ... තමුසේ..... තමුසේහ් එහෙම කලේහ් ...... නැතිනම්... මෙහෙම වෙනවද මෝඩයෝ.....you son of the b*tch "

වාහනයෙන් බැස මධුලිකා වත්තන් කරගන්නට දොර හරිනවිට මධුලිකා හෝටලය දෙක වන්නට කෑගැසුවාය.

"ඒයි ! ඔල්මාදෙද කුණුහරප කියන්නේ? කට වහගෙන ඉන්නවා!"

කලබලය දුටු සේවකයෙක් පැමිණ මා අසල සිටගත් නිසා මම මෝඩ සිනාවක් දුන්නෙමි. ඒ පෙර මගේ කාමරයට ආ සේවකයාය. ඔහුගේ මුහුණ වික්ෂිප්තව ගොස්ය.

"මිස්ට... වෙරි නේද?"

"මේක රැලේ පාකින් දානවද..?. මට පොඩ්ඩක් කාමරේ , මිස්ලගේ කාමරේ යතුර අරගෙන දෙන්න... මෙයා ගාව නෑ යතුරක්"

"ඕකේ සර්..."

සේවකයා යුහුසුවුව අයෙකුත් වාහනය දුන් අතර කවුන්ටරයෙන් ඔවුන්ගේ අමතර යතුර ගෙන මා සමඟ හරි හරියට මධුලිකාගේ කාමරය වෙත ඇවිද ගියේය. වත්තන් කරගෙන එන්නට නොහැකි වූ නිසා මම මධුලිකා දෝතින්ම ගෙන ආවෙමි. ඈ මගේ බෙල්ල බදාගෙන කියවයි.

".. හම්මේහ්.... සුවඳ.... මේ ප්ලේන් එකෙන් යන්න බැරිද මෙයාහ්...."

සේවකයා කාමරයේ දොර විවර කොට දුන් පසුව ඈ පුටුවේ හාන්සි කර මම ඔහුට ස්තුති කොට පිටත් කලෙමි. ඔහුගේ මුහුණේ තිබුණු සිනහව මා ලැජ්ජාවට පත්කළේය.

දොර වසා දැමු මම කාමරයේ තිබුණු කුඩා ශීතකරණය විවර කොට මේ හෝන්තුවට වෙරි බස්සනට යමක් සෙව්වෙමි. ශීතකරණය හිස්ය.

'යකෝ මුන් දෙන්න පුදුමයි ෆ්‍රිජ් එක ඉතුරු කළා!'

කාමරය සිසාරා බැලු මට තවමත් දොඩවමින් සිටින මධුලිකා පෙනුනි.

"අන්නේහ්....... මෙහෙට එන්නකෝ ඉතින්..... මට මේ කෙහෙල්මල ඇඳගෙන ඉඳල ඇතිවෙලාහ්... රස්න්නේ....."

එසේ කියමින් දෑතින්ම මධුලිකා ගවුමේ ඉතිරි බොත්තම් ගලවන්නට වුවාය. වහාම කාමරයේ වයුසමිකරණයේ උෂ්ණත්වය වෙනස්කල මම දෑතම ඉනේ තබාගෙන කල්පනා කලේ කුමක් කරන්නද කියාය.

".. නපුරෝ... මෙහ් ! මට තිබහනේ ඉතින්..... බොන්න මොනාහරි දෙන්ඩකෝ අප්පාහ් "

පුටුවෙන් කෙලින් වන්නට ගිය මධුලිකා එතනම බිමට වැටුණි. මම ඈ අහුලාගත්තේ දෑතම ඇගේ බඳ වටා යවමිනි.

"...හ්ම්ම්ම්ම්. හ්ම්ම්ම්ම්"

මධුලිකා පුසෙකු මෙන් ගුලි වෙමින් , දෑත මගේ පිට පුරා යවමින් ,මට තදින් තුරුළු වෙද්දී මම කැළඹුනේ උගුර වියලි ගිය බැවිනි. ඇගේ වෙල්වට් වැනි ස්පර්ශය තරම් මා මත් කරවන්ට ජින් වලට නොහැකිය.

'මොනවා කරනවද මන්දා මේ පිස්සු හොල්මන'

මගේ දෑස ඈ වෙතින් ඉවත්ව කාමරයේ ඈත රැඳුනු අතර වේගයෙන් දෑස සැලෙනවා දැනුනි. මධුලිකා මා දෝතින්ම වැළඳගෙන අඩවන් දෑසින් මා දෙස බලා සිටිනු මට දැනුනි. සිත වේගයෙන් ඒ මේ අත දඟලයි.

"... කතාකරන්නකෝ ඉතින්.... බනින්ඩකෝ ඩිංගක්...."

".... නපුරෝ.... සුවඳයි ඒ උනාට.... හ්ම්ම්ම්.. හ්ම්ම්... අර ආසම සුවඳ... හ්ම්ම්.... එදා වගේ පිස්සුවෙන් කතාකරන්නකෝ.... මාව චුට්ටක් හුරතල් කරන්නඩකෝ...."

මධුලිකා කතාකරන්නේ කට උල් කරමිනි. සරාගී දෙතොල්!

"ක.. කවදද?"

"හුහ්... කවදද.....? අර කන සාක්කුවේ වැටෙන්ඩ බීල ආවේ... අන්න එදා....! මගේ පන කිව්වා.... ආදරෙයි කියලත් කිව්වාහ්.... මේම.. මේම ඉම්බත් එක්ක!"

මධුලිකා මගේ මුව දෝතින්ම තදකොට අල්ලා දෙතුන් වරක් මා සිපගත්තාය. අනපේක්ෂිත වූ ඒ ක්‍රියාවෙන් මම හොල්මන් වී ගියෙමි.

"ඔවෑක්කා ඒ උම්මා වල තිබ්බ ගඳ! "

මධුලිකා දෑතම නහයෙන් වසාගෙන පිටුපසට නැමුන නිසා මම නැවතත් දතකොට අල්ලා ගත්තෙමි. ඇගේ විවර වී තිබුණු ගවුම නිසා වාත්තු කල පරිද්දෙන් වූ සිරුර දැක දැකම මම ඉවසිල්ලෙන් තොල් විකාගත්තෙමි.

"... ඒ උනාට හරි නෑනේ! මම ඉතින් මේම මේම..... තුරුල් වෙලා හිටියා.... හ්ම්ම්.. හ්ම්ම්... ලෝබයිනේ ඉතින්.. හ්ම්ම්.... කෝ ඉතින් මට ආයෙත් පෙන්නන්ඩකෝ ඔය ෂර්ට් එක ගලෝලා.."

මදුලිකා මගේ කමිසයේ බොත්තම් වල එල්ලුන වේගයට බොත්තම් කිහිපයක් කැඩී ගියේය. මම වහා ඒ අත තව පහලට යන්නට නොදී තදකොට අල්ලා ගත්තෙමි.

"පිස්සූ කෙලින්න එපා මධු....!."

".....හ්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්... පිස්...සු...."

"දැන් ඔයා නිදාගන්න.... කෝ ඇඳට යන්න. අපි හෙට කතාකරමු "

මම මධුලිකා හරහට ඔසවා ඇඳ මතින් තබා කෙලින් වන විටම මධුලිකා මගේ කමිස කොලරයේ එල්ලුනාය.

".... තමුසේ... නපුරාහ් ...! මමහ් දැන දැනම ත......මයි තමුසෙව බැන්දේ... you son of the b*tch ! තමුසේ.... ලෝකේ.... කෙල්ලෝ ඔක්කොම එක්ක බුදියගත්තත් මට මොකෝ. මට යන්න දීපන් "

අතුල් පහරක් වැනි ඒ වචන වලට මට රිදුනේ උපරිම තාරතාවයෙනි. 'කවුද අල්ලාගෙන ඉන්නේ! යන එකනේ ඇත්තේ!!'

මම මධුලිකා දෑතින්ම කොලරයෙන් ගලවා දමා , ඇඳට තල්ලු කලෙමි. මධුලිකා පරඬලක් මෙන් ගොස් විසිවී ගොස් ඇඳ විට්ටමෙහි හිස වැදුනි. මධුලිකා වෙතින් සිහින් කෑගැසීමක් එද්දී, අනිච්චානුගව මට ඈ වෙත පැනුනේ ඉබේටමය.

"මධු! .... are you ok ?"

මධුලිකාට සිහිය තිබුනද ඈ වේදනාවෙන් ඒ මේ අත ඇඹරුනාය. ඇඳෙන් නැගිටින්නට වෙරදරන ඈ කෙලින්කොට මම තදින් තුරුල් කරගත්තෙමි.

"අයි ඈම් සොරි මධු...."

මධුලිකා මෑත්කර ඇගේ මුහුණ දෙස බැලු මගේ සිත මහා වේදනාවකින් මිරිකී ගිය නමුදු එක මොහොතින් දෑස විසල්කල ඈ මාවත් නැහැවී යන පරිද්දෙන් වමනය කළාය.

*********************** මතු සම්බන්ධයි *********************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com0tag:blogger.com,1999:blog-4632197388452093715.post-60212297528973499892021-07-15T18:00:00.002-10:002021-09-08T09:09:13.372-10:00262: සුහදිනියේ - 53 | තීක්ෂණ සිතුවිලි අතර සරමින්
මෙතෙක් කතාව

නොනවත්වා නාදවෙන දුරකථනය සිහිනයෙන් ඇසී මම අපහසුවෙන් දෑස හැරියෙමි. කතාකරන්නේ කවුද නොබලා එය ඉබේම මට පිළිතුරු සැපයීමට ගත්තෙමි.

"හෙලෝව් ?"

"මොකද අනේ වෙලා තියෙන්නේ.. තව ඩින්ගෙන් අපි පොලිසියට කියනවා"

මහා හෙනයක් වැටුනාක් මෙන් මම උඩගොස් බිම වැටුනෙමි. දුරකථනය කනෙන් මෑත්කොට මම බැලුවේ මේ මකර කට කාගේද කියාය. ඒ මධුලිකාය.

"ම.. අම.."

"කීයද වෙලාව? උදේට කන්න එන්නේ නැද්ද? දැන් බුෆේ එකත් වහනව.. අපි මේ බයවෙලා මරල හංගලද කියල!"

දඩාන් ගා ඇමතුම විසන්ධි වී ගියේය. මම සිහියක් ආවේ එවිටයි. පාන්දර ඇඳට වන් මට නින්ද ගොස් තිබුනේ මලාක් මෙනි. බඩගින්නට බඩ පණුවන් මොරදෙනු ඇසේ.

මම ඉක්මනින් පිරිසිඳු වී, කෑම ගන්නා කොටසට ගියේ වේගයෙන් මෙන් දුවමිනි. මම එහි යද්දී උදානි අතුරුපස බන්දේසියක් අතැතිව උන්නාය.

"ආහ්..මේ මොකද.. අපි මේ තව ටිකෙන් යනවා පොලිසි.. ඇත්තම කියනවා නම් මධුලිකා තව ඩින්ගෙන් අර සුද්දිගේ කෙහෙ වල්ලත් අල්ලගන්නවා!"

අවසන් කොටස උදානි පැවසුවේ සිනාසෙමින් හඬ බාල කරමිනි.

"ඈ ? කාගේ? මොන සුද්දීද?"

මම ශාලාව සිසාරා බලද්දී පෙර දිනයේ උන් මේසයේ සිට සිය ලේසර් කිරණ වැනි බැල්මෙන් මධුලිකා මා දෙස බලා සිට වහා ඉවත බලාගත්තාය.

"මොන සුද්දීද අහන්නේ?ඇයි ඊයේ අර නැටුවේ තුරුල් වෙලා"

උදානි මෙලෙස මට විහිළු කරන්නට පෙරදී පුරුදුවී සිටියේ නැත. මට තරු විසිවිය.

"ඈ ? පිස්සුද? ඒ කෙල්ල මොකක් කලාටද?"

"වෙලාවට එතකොටම සුද්දී ආවේ තනියෙන්... මම යන්තම් අර කවුන්ටරෙන් ඇදගෙන ආවේ සුද්දිගේ රූම් එකේ විස්තර අහල එතන රණ්ඩු වෙනකොට.. එතකොට................... ඔයා හිටියේ කොහෙද?"

උදානි කියන්නේ කුමක්ද කියා නොතේරෙන්නට තරම් මම බබෙක් නොවේ. මධුලිකා සහ උදානි සිතන්නට ඇත්තේ මම ඒ විදේශික තරුණිය සමඟ රාත්‍රිය ගතකලා කියාය. මගේ හිසට යකා වැහුනි.

උදානි බය වූ බව පෙනෙන්නට තිබිණ. මම ඔරවාගෙන මධුලිකා දෙස බැලුවද ඇය ඉවත බලාගෙනය.

'මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ?'

මම පිඟාන ගත්තේ එය සමඟ අමානාපයෙන් මෙනි. දඩස් බඩස් ගාමින් , හැඳි ගෑරුප්පු සද්ද කරමින් මම කෑම බෙදනු ඇසුණු කිහිප දෙනෙක්ම මා දෙස බලනු දැනෙද්දී මටම ලැජ්ජා සිතුනි.

උදානි මා දෙස බියෙන් මෙන් බලා සෙමෙන් මාරුවී ගියාය. කෑම බෙදාගත් මම මධුලිකා සිටින ඉසව්වක්වත් නොපෙනෙන දෙසකට හැරුනෙමි. ඒ පස සිට කලින් දිනයේ සිටි විදෙස් තරුණිය සිය සුන්දර සිනාවක් පෑවාය. උදානිගේ කතාව සිහිවී ඇතිවූ කෝපය වෙනුවට මම ප්‍රති උත්තර ලෙස සිනාසී ඈ පසුකොට ගියෙමි.

"අඩෝ.. තිකා!"

ආපසු හැරී බැලු මට ඒ අසලම මේසයක උන් තරුණයින් පිරිසක් ඇස ගැටුණි.

"ආ... කොහොමද මචං !"

මා දුටුවනම මාලන් පැන මා වැළඳ ගත්තේය.මම පිගාන පසෙකට කොට සහෝදර වැළඳගැනීමක් කලේ වම් උරහිස පසෙකිනි. මාලන් මගේ වාහන මිතුරු කවයෙන් මම හඳුනාගත් මිතුරෙකි. මට වඩා වසර පහ හයකට වැඩිමහල් වූ ඔහුට දියුණු කාගෝ ව්‍යාපාරයක් තිබුණු අතර ඉඳහිට මමත් විරංගත් ඔහු සමඟ සෆාරි ගොස් ඇත්තෙමු.

" අඩෝ උඹ කොහෙද මෙහෙ..?කෝ උඹේ යාළුවා.."

"මම මේ ආව... පොඩි නිවාඩුවකට .. වගේ.. ඌ වෙන වැඩකට කොටුවෙලා..."

"ආ... ඉතින් ඉතින්.... වරෙන් අපේ ටේබල් .. එකට... අඩේ උඹ කාත් එක්කද ආවේ.... අවුලක් නෑනේ... කවුද? එන්න කියපන් මෙතනට"

"නෑ නෑ මම තනියෙන් ආවේ.... කිසි අවුලක් නෑ "

මම එලෙස කියමින් පිඟාන මේසය මත තියා වාඩිවන්නට ලෑස්ති වුයෙමි.

"අනේ අනේ.. අඩෝ ඔතන වාඩිවෙන්න එපා ඩෝ . .මෙන්න මෙතනට වරෙන් රත්තරනේ... සරල රේඛාව කැපෙනවා ඔතන වාඩි උනොත්"

මාලන් මා පසෙකට ඇද වෙනත් පුටුවක් ඇද දුන්නේය. මේසයේ උන් කොල්ලන්ද ඒ සමඟම කෑගසන්නට වුහ. මට සිනා නැගී ලබාදුන් පුටුවේ හිඳගත්තෙමි.

"මොන සරල රේඛාවද බං ?"

"මෙන්න මේක .යකොව්..."

මාලන් මා ඉදිරියෙන් අත ගෙනගොස් පසුපසට ඉරක් මෙන් හැඳ පෙන්වද්දී මම ආපසු හරි රේඛාව ඇඳෙන්නේ කොහිදැයි බැලුවෙමි.

"අර ඉන්නේ මුගේ සුටී......."

රේඛාව කෙලින්ම එල්ලවූයේ මධුලිකාත් උදානිත් හිඳ උන් මේසය වෙතයි. මම වහා ඊට මෙහා තිබුණු මේස දෙස බැලුවෙමි. එහි සිටියේ වයසක පිරිමි දෙදෙනෙක් සහ ඊට එහායින් සිටියේ කුඩා පිරිමි ළමයින් දෙදෙනෙකු සමඟ මහලු ගැහැනියකි.

කකුල් දෙක වෙව්ලා ගියද මම දරාගෙන උන්නෙමි. මොවුන්ගේ බැල්ම ගැන වගක්වත් නොමැතිව මධුලිකාත් උදානිත් කතා කරමින් ආහාර අනුභව කරති.

"ආ... අර කොලපාට ගවුමද?"

මම ගණනක් නොමැතිව ඇසුවේ ඉස්සෙකු මුවේ රුවාගන්නා ගමන්මය. පපුව රිදෙන්නාක් මෙනි.

"ඈ ඊ මොකිද... බලපන් අර ගින්දර වගේ කෑල්ල.... අර කහපාට එකක් ඇඳගෙන ඉන්නේ කහ කිරිල්ලි වගේ... හරියටම පොලොස් කොට්ටෝරුවාගේ ඉස්සරහින්.... කොහොමද ගින්දර නෙහ්.... උම්මාආඅහ් "

මාලන් පාකර හැරි හාදුව සමඟ මිතුරන් සියල්ලෝම එක හඬින් සිනාසුනහ.මගේ කන් දෙකෙන් දුම් පිටවෙන්නාක් වැනිය. එහෙත් මට සිනාවක් නැගුණි.

මම සිටියේ ඔවුන්ට පිටුපා වූ අතර මාලන් ඔවුන්ට මුහුණලා එක එල්ලේ වූ පුටුවේ හිඳ වරින්වර හිස ඔසවමින් බලන අතර යහළුවන් සමඟ සිනාසෙයි.

"ඉතින් කොහොමද බන් ? මොනාද මේ දවස්වල කරන්නේ? "

"ඩඩාගේ බිස්නස් තමයි මචන්... අවුලක් නැහැ ඔහේ ඉන්නවා... "

මාලන් කතා කරනවාට වඩා සිය මිතුරාගේ උරහිසට බරවෙමින් මධුලිකා දෙස ගිලින්නට මෙන් බලාගෙන සිටිනවාය. මට දැන් දැන් කෝපය ඇවිස්සිගෙන එන්නාක් මෙනි. වහා ගෑරුප්පුවත් , හැන්දත් පිඟාන අතහැරි මම ආපසු හැරී බලද්දී මධුලිකාද එකවරම අප දෙස බැලුවේ ඔවුන්ගේ කතාවක සිනාවක් අතරය.

"අම්මටසිරි... අන්න බැලුවා ! බැලුවා... බැලුවා... බැලුව...... හිනත් උනා.... අම්බෝ.... පපුව...... මචන් වැඩේ ගොඩ වැඩේ ගොඩ..!"

"කොහොමද මචෝ දාපු බැල්ම? ගින්දර නේහ් !?"

ඔවුන්ගේ මිතුරෙකු මාලන්ගේ උරහිසට තට්ටු කරමින් කියද්දී මම ආපසු හැරුනේ පුළුටු කරගත් මුහුණෙනි. මාලන් යනු කවුරුන්දැයි මම හඳුනමි.

වහා දුරකථනය අතට ගත් මම විදුලි වේගයෙන් පණිවිඩයක් ලියා යැව්වෙමි.

'කෑවනම් යනවා යන්න කාමරේට.. ඔතන සිරික්කිය දාන්නේ නැතුව'

ඒ අගට රතුවූ නපුරු මුහුණක්ද දමා පණිවිඩය උදානිටත් මධුලිකාටත් යන දෙදෙනාටම යැව්වෙමි.

මට මුන්ගේ හොම්බට අනින්නට සිතුන මුත් නොදන්නා පරිද්දෙන් ඉන්නට සිදුවිය.

" හම්මේ මචන් ඇරෙහම හිනා උනා කියන්නේ හරිනේ... "

"ඒකනේ බොසා.... ඊයෙත් මගෑරලා ගියානේ. "

"උස්සන්න ඕනේ මචන් අද නම්..."

මගේ කකුල් නොසන්සුන් කමින් වෙව්ලයි. ඉබේම තොල්පට විකුනේ ආවේගයට මෙනි. මම ආපසු හැරෙද්දී මධුලිකාත් උදානිත් තවමත් කතාවේ සිටින බව පෙනී යකා හිස මත අවුලවා දැම්මාක් මෙනි. වහාම උදානිට ඇමතුමක් ගත්තෙමි

"හෙලොව්?"

"යන්න නේද කිව්වේ තමුසෙලට?"

"තීක්ෂණ?"

මම දුරකථනය ගෙන මේසයෙන් නැගිට ඇවිද ගියේ මධුලිකා සිටින ඉසව්වට පිටුපාමිනි.

"මම - ආයේ - ආයේ- කියනකල් - ඉන්න නෑ - තේ රුනාද? දුවනවා දෙන්නම රූම් එකට!"

මම කිව්වේ අතරින් පතර වචන වල හිඩැස් තබා දත්මිටි කමිනි.

දුරකතනයට මුහුණ ඔබාගෙන මගේ කාමරයට එමින් සිටි මම හිටිවනම නතර වුයේ සිය කාමරයෙන් එළියට එමින් සිටි උදානිත් මධුලිකාත් නිසාය. මම මාර්ගය වෙනස් කර එතැන තිබුණු සෝෆාවට බරවී එක කකුලක් නවා අනෙක් කකුලේ දණහිස මත තබාගෙන ගණන් නොගෙන මෙන් සිටියෙමි. මගේ කාමරය ඒ අසල බව මොවුන් දෙන්නා දැනගතහොත් අඩව්වක් අල්ලනු ඇත.

උදෑසන සිද්ධියෙන් පසුව මට ඔවුන් සවස් වනතුරුම දක්නට නොලැබුණි. එබැවින් මම ඒ ගැන විපරමකටත් සමඟ ආ බවක් හැඟවීමට මම අකමැති වීමි.

මා දුටුවනම විශ්මය සමඟ දෙබැම හකුලවා ඔරවාගත් මධුලිකා කට කොනක් ඇදකොට දක්වා සිටිනු දුටු මට සිනාවක් නැගුණි. 'කාටුන් එකක් වගේ!'

උදානි මා අසල නතර වුවාය.

"කොහෙද යන්නේ?"

මම ඔවුන් දෙස නොබලාම උදානිගෙන් ඇසුවෙමි.

"ස්වීම් එකක් දාන්න යන්නේ... අව්වත් නැහැ... "

මම හිස නොඋස්සා බැලු කොටසේ මධුලිකාගේ ඉඟ තෙක් පමණක් පෙනුනි.

"ඔය බඩකඩිත්තුව අඳින්නේ එහෙම නැහැ මෙතැන !"

නවාගත් හිස යන්තමට ඔසවා මම මධුලිකාගේ කොට කලිසම දෙස වරක් රවා බලා උදානිට කිව්වේ ක්ෂනයෙනි. රතුපාට කොට කලිසම මධුලිකාගේ ඒ සරාගී දෙපා තවත් උලුප්පා පෙන්වයි. ඒවා මම මිලට ගත් ඒවාද නොවේ. මගේ කෝපය ඒ නිසාද? උදානිට සිනාවක් පැන්නද එය සඟවා ගත්තාය.

"මේ බලන්නකෝ මේ විකාරේ.... මම කිව්වේ උදානි ඔයාට, ආයෙත් ඇවිල්ල මෙතන දොඩවන්න තියයි කියල... "

මධුලිකා ඒ ක්ෂණයෙන් කිව්වාය. උදානි එක අතකින් මුව වසාගෙන සිනාසුනේ මධුලිකාටය. ඇගේ මුහුණ චප්පවී ගියේය.

".... මට පූල් යන්න කියන්නෙත් දිය රෙද්දක් ඇඳගෙනද? මේ මොන කරදරයක්ද?"

මධුලිකා දඩිස් බිඩිස් ගා අඩි තබමින් ගියාය. මටද සිනා නැගුණි.

"ආ... දියරෙද්ද හොඳයි"

ඈ තවත් කෝපකරවන්නට මම කිව්වෙමි. උදානි සිනාසී මා දෙස බැලුවාය.

"මොනාද තීක්ෂණ එයාව අවුස්සන්න එපා.. පව් කෙල්ල... තව දවස් කීයද ඉන්නේ? ඔය දෙන්නා නම් හැබෑටම විකාරයක්... "

'තව දවස් කීයද ? මගේ පපුවේ කටුවක් ඇනුනාක් මෙන් රිදුනද මම කට කොනකට සිනාවක් නගා ගත්තෙමි.

"... ඇත්තටම තීක්ෂණ... ඇයි ඔය දෙන්න..."

මගේ දුරකථනය නාද විය. සුන්දර් ඇමතු බැවින් ඒ ඇමතුම මගහැරීමට නොහැකි නිසා එයට පිළිතුරු දුන්නෙන් උදානිගේ පැනය එලෙසම නතරවිය.

"මම පස්සේ කතාකරන්නද උදානි?"

"හරි"

උදානි මධුලිකා පසුපසින් වැටුණාය. අලුතෙන් ලැබුණු ඇනවුමක ගැටළුවක් සම්බන්ධයෙන් සුන්දර් මා අමතා තිබුණු නිසා මම වහා ඒ සඳහා වූ අනෙකුත් ඇමතුම් ලබාගත් අතර ඉන්පසුව කාමරයට වැද ලැප්ටොප් පරිඝනකයේ අනෙකුත් ගණන් හිලව් සහ ලියකියවිලි වල තරමක වෙලාවක් ඇලී සිටියෙමි.

මගේ වැඩ නිමවන්නට හෝරාවක් පමණ ගතවූ නිසා , නිමවූ සැනින් එකවරම සිහියට පත්ව මධුලිකා ගිය නාන තටාකය දෙසට ගියේ මාලන් සහ මිතුරන් සිහිවීමෙනි.

සවස නිසා තටාකයේ වටා උන් පිරිස අතර වැඩිමනත්ම සිටියේ තරුණ පිරිසයි. කුඩා දරුවන් කිහිප දෙනෙකු ඔවුන් සඳහා වූ නාන තටාකයේ සෙල්ලම් කරමින් උන් අතර මන්ද ආලෝකය නිසා හාත්පස කහපැහැති විදුලි බල්බ වලින් ආලෝකමත් කර තිබිණ. මගේ දෑස මධුලිකා සොයමින් නොඉවසිල්ලේ දිව ගියේය.

මධුලිකා පෙනෙන්නට නොවූ අතර තටාකයේ ජලයට බැස, මට පිටුපාගෙන උදානි උන්නේ පසෙක තිබෙන බිත්තියේ එල්ලෙමින් පාවෙමින්ය.

මම ඈ වෙත අඩියට දෙකට යද්දී ජලය දෙබෑ කරගෙන ඒ අසලින්ම මධුලිකා මතු වුයේ දියකිඳුරියක් මෙන් ඉහලට එසවෙමිනි. මම මොහොතකට ගොලුවී ගියෙමි.

මධුලිකා උදානි වැළඳගෙන සිනාසෙන්නට වුයේ කුඩා දරුවෙකු පරිද්දෙනි. ඒ මේ අත බැලුවේ මාලන් හෝ ඔවුන්ගේ මිතුරන් ඇතිදැයි කියාය. මගේ සිත ඊර්ෂ්‍යාවෙන් ආතුරව ගොස්ද?

"ඇති දැන් ඔය... එනවා යන්න ගමනක් තියෙනවා දැන් යන්න"

මම දෑතම පපුව ඉදිරියෙන් ගැටගසාගෙන ඔවුන්ගේ ඉස්මත්තේ සිටගත්තෙන් දෙදෙනාගේම සිනාව මදකට වියැකී ගියේය. මධුලිකා එරෙව්වාය. ඔරවන තරමට මගේ සිත තවත් පිබිදෙන්නේ ඇයි ? මම ඇගෙන් පලිගන්නවද?

ආපසු හැරෙන විටම අප සිටිනා දෙසට පැමිණෙමින් සිටියේ මාලන් සහ ඔවුන්ගේ මිතුරු කැලයි. ඔවුන් පිහිනුම් ඇඳුම් ඇදගෙන උන්හ. මගේ සර්වාංගයම දවා ගියාක් මෙන් විය. මාලන්ගේ දෑස තිබුනේ මධුලිකා සමඟමය.

"අඩෝ මචං.. කොහොමද... ? වරෙන් පොඩි ස්වීම් එකකට.... "

මම මෝඩ පහේ සිනාවක් පෑවෙමි.

"දැන් බෑ බන්... රූම් එකට යනවා, මහන්සි"

"...ආඃ..... මටත් හිතෙනවා බන් රූම් එකට යන්න.. මේ නංගිත් එක්කම!"

එසේ කියාගෙනම මාලන් ඒ අසලින්ම දියට පැන්නේ යහළුවන්ගේ සිනාහඬ මැද්දේය. මගේ දෑසින් ගිනි පිටවෙන්නට ඇත. නමුත් එය දකින්නට මාලන්ට නොහැකි වුයේ කෑදර දෑස තිබුනේ ඒ සමඟම දියෙන් එළියට එන මධුලිකා දෙස ඇලිගෙන නිසාය. මම මදක් ආපස්සට හැරී බැලුවේ මධුලිකා දෙසයි.

'හත්වලාමේ මේ මොන ජව්සමක්ද මේ ඇඳගෙන ඉන්නේ?'

මධුලිකාගේ කහපාට බිකිණිය දුටු මම ගුවන්ගත වන්නට ආසන්න රොකට්ටුවක් මෙන් පිච්චි යමින් සිටියෙමි. කහපාට බිකිනියෙන් ඇගේ බුහුටි සිරුරේ වූ සියලු නාරි රටාවන් නොසඟවා සිටියේය. තුරුණු ඇගේ පෙනුමින් වශීකෘත නොවුනේ නම් හේ රෝගියෙකි. ජලයෙන් පිටතට ආ සැනින්, මාලන් හෝ අනෙක් පිරිමි ළමුන් දෙස එකදු බැල්මක් හෝ නොදමා ඔවුන් අතරින් මධුලිකා අඩියට දෙකට ඇවිද ගියේ තුවාය ගත දවටමිනි.

කිසිවෙකුත් ගානකට නොගන්නා මගේ මධුලිකා!

මම ඒ දෙසට නැතත්, තටාකයෙන් පිටතට ඇවිද ආවේ මහා හඬින් අඩිය හප්පමිනි. ලොබියට ප්‍රථම අපගේ කාමර වලට හැරෙන කොටසේදී මට ඔවුන් දෙදෙනා පසෙකින් හමුවිය.

" උස්සල ගහන්න හිතෙනවා පොලවේ!"

මම කුටු කුටු හඬින් දත්කුරු කෑවෙමි.

"මොකක්? මොනාද දැන් කියන්නේ?"

මධුලිකාට මා කියූ දෙය හරිහැටි ඇසෙන්නට නැත. ඇය සිටියේ පිහිනුම් ඇඳුමට උඩින් අඳිනා රෙද්දක් හැඳ තුවාය හිස වටා ඔතමිනි.

මම ඒ මේ අත යමින් , හිසකේ අතර ඇඟිලි යවා සන්සුන් වන්නට උත්සහ කලෙමි.

"අපි දැන් එලියට යනවා, "

මම කට ඇදකොට , ගෙරවීමක් මෙන් කිව්වෙමි. මධුලිකා දෙබැම අකුලවා උදානි දෙස බැලුවාය. මම වරක් ඈ දෙස බලා ඉවත බලාගත්තෙමි.

"...දැන් ගිහිල්ල ලැස්ති වෙනවා"

මාලන්ගේ කණ්ඩායම වෙන ඈ දැක්වූ නොසැලකිලිමත්කම මා පමණක් පාලනය කොට තිබිණ.

'හොඳ වැඩේ උන්ට... උස්සන්න හිතාගෙන ? බම්බුව තමයි'

කිසිවෙකුත් සෙලවුනේ හෝ කතාකලේ නැත. මගේ කතාවේ අමුත්තක් දැනෙන්නට ඇත. මම උදානි දෙස බැලුවේ විධානයක් දෙන්නට මෙනි.

"තීක්ෂණ.. මේ...... මගේ...."

උදානි පමණක ගොතගසමින් කිව්වේ කුමක් හෝ හොරයකි.

"ඇයි මොකද? "

උදානි මා දෙස බලාගෙනම සිටියාය. මම නිවෙන්නට උත්සහ කරමිනි.

".... මෙහෙම හොටෙල් එක අස්සෙම ඉන්න බැහැ.. අපි ටිකක් එලියට යමු"

මම සාමාන්‍ය ස්වරයට පැමිණියෙමි.

".....ෂොපින් යන්න පුළුවන් මෝල් එකේ..... "

ඇස කොනෙන් දෙදෙනාගේම ප්‍රීතිය මට පෙනුනි.

"...හ්ම්ම් දැන් ඇඳුමක් දාගෙන එන්න"

මම ස්වරය බාලකොට එලෙස පැවසුවේ මාලන්ගේ දෑස මානයෙන් මධුලිකා ඉවත්කොට තැබීම නුවණට හුරුයැයි සිතුනු නිසාය.

ඔහුගේ හැසිරීම මා උමතු කරවීමට තරම්ය. සල්ලිකාර මාලන් සිය මිත්රයින් සමඟ මෙහි එන්නට ඇත්තේ කුමකටද කියා මට සිතාගත හැකිය. නමුත් , මට ඔහු සමඟ දබරයක් කොට අනවශ්‍ය අවධානයක් ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම අනුවණකමක් සිතුනු නිසාය. හෝටල්වල දබර මාධ්‍යවල පළවීම මධුලිකා අනවශ්‍ය අනතුරකට අත වැනීමකි.

"මේ.. අර... මගේ යාළුවා... මේ... උදේශ් එනවා කිව්වා... මේ.. අපි එයත් එක්ක යමුද?"

උදානි ඇඹරෙමින් ඇසුවාය.

"හරි හරි.. කිසි අවුලක් නැහැ.."

මම සිනාවෙමින් කියද්දී උදානිගේ මුහුණ මහත් ආලෝකයකින් පිරින.

උදේශ් යහළුවෙක් නොවන බව නොතේරෙන්නට තරම් මම බබෙක් නොවූ නිසා ඔවුන් දෙදෙනාට පසුපස ආසනය ලබාදී මධුලිකා ඉදිරිපස ආසනයට ආවද, ගමන ආරම්භයේදීම දෙබැම හකුලා එරවූ ඇය ඉන්පසුව වීදුරුවෙන් පිටත බලාගෙන සිටියාය.

මිගමුව මාර්ගයේ නගරයට දිවෙන පසට රථය ධාවනය කරමින් මම මගේ පාඩුවේ ගමන් කලෙමි.

පසුපස ආසනයෙන් ඇසෙන්නේ වරින්වර උස්ව නැගෙන මුකුළුවකි. අතරින් පතර නොයෙකුත් ශබ්දය. ඉබේටම ආ ශබ්දයට අනිච්චානුගව බැලුණු හිස ඉදිරියට හැරවූ මොහොතේ මධුලිකාට මා දෙස බැලුණු අතර අප දෙදෙනාටද සිනාවක් නැගුණි.

මධුලිකා කට ඒ මේ අත හරවා ඔරවා සිටියාය. පසුපස කණ්නාඩිය බලා ඔවුන් අපහසුතාවයට පත්කරන්නට තරම් මම අවලමෙකු නොවේ. මම වාහනයේ මෘදු සංගීතයක් දැමුවෙමි.

මම ඔවුන් රැගෙන ගියේ ප්‍රසිද්ධ වෙළඳ සංකිර්නයකටය. එහි ගිය වහාම උදානි උදේශ් සමඟ අතුරුදහන්ව ගියේ පැයකින් පමණ භෝජන අංගනයට එන්නේමැයි කියමිනි. මම මධුලිකා සමඟ දෙවන මහලට යන පඩිපෙළ අසල වූ විවේක කොටසේ හිඳගත්තෙමි.

ඒ වනවිට මධුලිකාට මම මිලටගෙන දුන් Frozen yourgut එක නිමවී තිබිණ. එහි හිස් බඳුන කුණු කුඩයට දමා ආ මා දෙස එකවරම මධුලිකා හිස හරවා බැලුවාය.

"තීක්ෂණ...."

මධුලිකා මෘදුව කතාකරන විට මගේ හදවතට අයිස් මෙන් දැනේ.

මමද හිස හරවා බැලුවෙමි. මගේ බැල්ම එක එල්ලේ ඇගේ දෙතොල් වෙනුවෙනි. අරුමය නම් ඒ දෙතොල් මා චංචල කරන තරමය.

"... මම .... ඔයාට පුලුවන්ද මට ජෙන්ට්ස් රිස්ට් වොච් එකක් තෝරලා දෙන්න?"

කුමක් හෝ අකුණක් ඒ මොහොතේ අසලට කඩාපාත්වී මා තිගස්සා දැමුවේය. මම කුමක් කියන්නද කියා ඇත්තටම කල්පනා කලෙමි.

ඒ ක්ෂණයෙන් මධුලිකා මගේ අතින් ඇදගෙන අප සිටි ආසනයට ඉඳුරාම ඉදිරියෙන් වූ සන්නාම සහිත ඔරලෝසු කඩයකට වැදුනාය.

මම කිසිවක් නොකියද්දී මගේ අත මත නොයෙකුත් පැහැයෙන් , හැඩයෙන් සහ මෝස්තරයෙන් යුතු අත් ඔරලෝසු තබමින් හැඩ බැලුවාය. අවසානයේ ඈ විසින් තොරාගත්තේ මගේ ආසාම සන්නාමයෙන් යුතු රිදිපැහැ ඔරලෝසුවයි.

"මේක දෙන්න"

මධුලිකා දෑස සිහින්කොට කියා සිය කුඩා පැති බෑගයෙන් ණයවර කාඩ්පතක් ගෙන අලෙවිකාර තරුණයා අත තැබුවාය.

අලෙවි සහායක තරුණයා මා දෙස සිනාසී බැලුවේය.

"මිස් තෝරපු එක සර්ගේ අතට නියමෙට මැච් වෙනවා. ගුඩ් චොයිස් "

"හ්ම්ම්.. ඒක ඇත්ත.. මිස් තෝරලා දෙනවා තමයි හොඳ හොඳ ඒවා"

මගේ වචන මහා අඳුරක් ඒ මුහුණට එකතු කළේය. ඒ මොහොතේ මට මොන යකා වැහුනාද කියා මම නොදනිමි.

මම කිසිවක්ම නොකියා සාප්පුවෙන් එලියට ආවෙමි. මගේ කට ගැන මටම කෝපයක් නැගුණි. ඒ සතුට මම එක මොහොතින් චප්පකොට දැමුවෙමි. එයින් මම ලබනා සැනසීම කීම?

මට පසුපසින් සාප්පුවෙන් මධුලිකා එනු මට දැනුනි. ඇය කෙලින්ම ගොස් සාප්පු සංකීර්ණයේ වෙනත් සාප්පුවකට වැදුනාය. යන්තමට් මම දුටුවේ ඇය අත ඔරලෝසු සාප්පුවේ බෑගයක් තිබුණු බවයි.

'ඇගේ පෙම්වතාට එය ගන්නට ඇත්තේ'

මගේ ඉරිසියාව කොතෙක්ද කිවහොත් මේ දැන් එය ඇගෙන් උදුරා බිම දමා පාගා පොඩිකරන්නට තරම් ආවේගයක් පැමිණියද, මම ගිනිගන්නා සිතින් එය නොපෙන්වා සිටිමි.

අනතුරුව සාප්පුවෙන් සාප්පුවට යමින් මධුලිකා පොඩි පොඩි සුකුරුත්තම් මිලට ගන්නාතුරු මම ඈ පෙනෙන ඉසව්වකට වී දුරකථනය ඔබමින් උන්නෙමි.

'උඹල හනිමුන් ගියාද දික්කසාද වෙන්න කලින්?'

තාරුක අයියා සිනහවක් සමඟ ලියා ඒවා තිබේ. මට දැනුනේ නිර්වින්දිත අමුතු හැඟීමකි. වහා සෙල්ෆි ජායාරුවක් ගත් මම එය ඔහුට යැව්වෙමි.

'මීගමුවේ'

වහා පිළිතුරු ලැබුණි.

'තනියෙන්?'

'ඔව්'

මම නොසිතාම ලිව්වෙමි.

'ගොන් වස්සා.. උඹ දැන් මටත් බොරු කියනව '

' බොරු නෙවෙයි. එයාගේ ගමන එයා යන්න ඕනේ අය්යා'

මම දුරකථනය නිවා දැමුවෙමි.

තවත් පැයක් පමණ ඇවෑමෙන් අප ඉන් පිටවුයේ භොජනාගාරයෙන් කෙටි කෑමක් රැගෙනය. මධුලිකා උන්නේ පුම්බාගෙන මෙනි. මම සිටියේ මගේ අතට තබා තෝරාගත් ඇගේ පෙම්වතාගේ ඔරලෝසුව ගැන ඊර්ෂ්‍යාවෙන් පුපුරමිනි.

ආපසු එනතුරුම මමත් මධුලිකාත් එකිනෙකා මගහරිමින් උන්නෙමු.

************************ මතු සම්බන්ධයි ********************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com4tag:blogger.com,1999:blog-4632197388452093715.post-23015809605477857772021-07-13T18:30:00.114-10:002021-09-08T07:01:16.654-10:00261: සුහදිනියේ - 52 | එක දිනෙක නිමාව සනිටුහන් කරමින්
කලින් කොටසට

අපගේ කතාබහ ඇසුණු සැනින් මධුලිකා එකවරම තිගැස්සී ගියද කිසිවක් නොකියා මුව තදින් පියාගන්නවා පෙනුනි. මම ඔවුන්ට කාමරවල යතුරු ගන්නට ඉඩදී , ලොබියේ වූ පුටුවකට බරවිමි. මේ මොහොතේ තීක්ෂණ නම් තරුණයාට වී ඇත්තේ කුමක්ද කියා මටද වැටහීමක් නැත්තාක් මෙනි.

'මධුලිකාව නිරුපද්‍රිතව ලංකාවෙන් පිටත්වෙනකල්, එයාගේ වගකීම තියෙන්නේ මගේ අතේ'

මා තුල උන් තීක්ෂණ කියයි.

'ඒ උනාට උඹෙන් ඩිවෝස් වෙන්න ඕනේ කියන කෙල්ලගේ වගකීමක් මොකටද යකෝ උඹ ගන්නේ?'

මා තුල සිටින වෙනත් කෙනෙක් අසයි. මම ඔහුගේ කටට ප්ලාස්ටරයක් අලවා විසිකොට දැමුවෙමි.

උදානි මා දෙස හොරැහින් බලමින් සිනාසෙනු දැකීම මගේ අභිමානයට එතරම් ප්‍රිය නොවූ බැවින් මම බොරු කාර්යබහුලත්වයකින් දුරකතනයට එබී කිසිම වැදගැම්මකට නොමැති දෙයක් සොයමින් මුහුනුපොතේ සැරිසරමින් උන්නෙමි.

මධුලිකාත් උදානිත් සිය කාමරයේ යතුර ගෙන ලොබි එකෙන් පිටව හෝටලය තුලට ඇවිද ගියහ. මම තවත් විනාඩි දහයක් පමණ බොරුවට කල්මැරීමෙන් පසුව සුදම් ඇමතුවෙමි.

"මචන් කිසි අවුලක් නැහැ නේද?"

"නෑ... ඩඩාව බලාගන්න නර්ස් ආයෙත් හෙට එනවා කියල ගියා. එයා ගොඩක් හොඳයි. කිසි අවුලක් නැහැ.. උඹ කොහෙද ඉන්නේ?"

මම පිළිතුරක් නොදී මාතෘකාව වෙනස් කලෙමි.

"වත්තේ ඉඳල සුන්දර් කතාකලොත් ඩඩාට කරදර කරන්න එපා. සෙකියුරිටි එකට කියන්න ඇලර්ට් එකේ ඉන්න කියලා. මොනවාහරි නම් කෝල් කැරැල්ල, ආන්සර් නොකලොත් මට මැසේජ් එකක් දාන්න. මම එහෙනම් තියනවා "

සුදම්ට කිසිවක් කියන්නට ඉඩ නොතබා එක හුස්මට කියවාගෙන ගිය මම ඇමතුම විසන්ධි කලෙමි. තාරුක අයියා පණිවිඩයක් ඒවා ඇත.

'අඩෝ... උඹ කොහෙද ගියේ?'

පිළිතුරක් යවන්නට පෙර මම කල්පනා කලෙමි.

ඒ සමඟම ටාෂා මා අමතන බවට දුරකථනය මට දන්වයි. මගේ සිත දඩි - බිඩි ගාමින් ගැහෙන්නට විය. කුමක් හෝ හේතුවකට එයට පිළිතුරු දීම මේ මොහොතේ භයානක බව සිතුනි. මධුලිකා සහ උදානි සමඟ මම ඒ නිවසින් පිටවෙද්දී , ඒ ගැන කිසිම වැඩිදුර තොරතුරක් මම කිසිවෙකුට පැවසුවේ නැත. ඒ ඇයිදැයි මම නොදනිමි. ටාෂාගේ නිවැසියන් මම ඔවුන් ඇරලවන්නට ගිය බවක් පමණක් දන්නවා ඇත. ඇඳුම් බෑගය දුටුවේ සුදම් පමණකි.

මමඇමතුම මගහැර, මගේ කුඩා ඇඳුම් බෑගයද බිම දිගේ ඇදගෙන යමින් ලොබියේ කෙලවර වෙත ඇවිද ගියේ කාමරයේ යතුර ලබාගැනීමෙන් අනතුරුවයි.

මධුලිකා සමඟ මේ හෝටලයේ නතරවන්නට මම ගත් තීරණය , මම ඔවුන් ඇරලවන්නට පැමිණෙනවාට දැක්වූ විරෝධයට වඩා වෙනස්ව ගෙන , නිහඬව සිටින්නට මධුලිකා තීරණය කොට තිබුණාය. කාමරවල වෙන්කිරීම් ගැන කියද්දී ඇගේ ඇසිපිය වේගයෙන් සැලුනා මට හොඳටම පෙනුනි. ඇය අනාරක්ෂිතව නිදැල්ලේ සිටීම මගේ සිත නොසන්සුන් කරන බව ඈට වැටහෙන්නට ඇත.

දුලිප සතරසිංහ විසින් ඉවකරනා පසුබිමක , ඔහු වැනි අයෙකුට මධුලිකා යනු පිදුරු ගොඩක වැටුණු ඉඳිකට්ටක් නොවන බව මම දනිමි. ඈ ගුවන් යානයෙන් මේ රටෙන් පිටවන මොහොත වනතුරු ඇගේ ආරක්ෂාව මම සැලසිය යුතුය.

එසේ නොවුවහොත්, මෙතෙක් කලක් මා කල කිසිවකින් වැඩක් නොවනු ඇත.

යාබද කාමර දෙකක් මම වෙන්කරවා ගත්තේ මධුලිකා සහ උදානිගේ ආරක්ෂාව පතා වුවත් එය මධුලිකාගේ වැරදි අවබෝධයක් වනු දැකීම මට අවශ්‍ය නොවිය. එබැවින් මම ඔවුනට යන්නට හැර, පසුව කාමරයට ගියෙමි. ඔවුන්ගේ කාමරය පසුකරද්දී එතුලින් මහා ශබ්දයෙන් මධුලිකා සිනාසෙනු ඇසී මටද යම් සිනහවක් නැගුණි.

ඈ තුල වූ ඒ කෙළිලොල් තරුණිය මා නිසා අතුරුදහන්ව ගොස් මගේ ග්රහණයෙන් මිදෙද්දී නැවත ඉස්මතු වනවාද? පාසලේදී අනේක වාරයක් ඈ දෙස මම දුරින් සිට නිරීක්ෂණය කර ඇත්තෙමි. ඈට තිබුනේ දඟකාර, ජීවී හැසිරීමකි. තරුණයින්ගේ අවධානය ඈ වෙත යොමුවන්නට එයත් හේතුවක් වන්නට ඇති මුත් කිසිවකුට අවසරයක් ලබානොදෙන ආරක්ෂක රැස්වළල්ලක් ඈ වටා තිබුනේ ඇගේ ඒ නොදැමෙන පෞර්ෂය නිසා බව මට දැන් වැටහේ. මම ඈ දඩයම් කරන්නටත් එය හේතුවක් වුවා නොවේද?

බිම වැටි උන් ඈ වාහනයට දමාගෙන ,අසිහියෙන් සිටි ඈ බලෙන් සිපගත් මා හට එදින කරන ලද 'කන පලන' තර්ජනය සිහිවී මට තනිවම සිනාවක් නැගුණි.

ඒ මතක සැමදා මා සිත තුල තිබෙනු ඇත. මෙතෙක් කාලයකට ඇසුරු කල කිසිම තරුණියක් කෙරෙහි එවන් මෘදු මතකයන් මා තුල ඉතිරිව තිබුනාද කියා මටම මතකයක් නැත. ඔවුන් සියල්ලන්ගේම ඇත්තේ මා වෙත බැඳුනු ආකර්ෂණයකි. හඹා ගොස් ලබා නොගත් හිමිකමකි.

මධුලිකාව මා හඹා ගියෙමි. තරකොට අල්වා තබාගන්නට වෙරදැරුවෙමි. ඇගේ ප්‍රේමය, එක බැල්මක් වෙනුවෙන් සති ගණන් දුක් වී ඇත්තෙමි. එදා මෙන්ම ඒ බැල්මේ ඇත්තේ මා පසාරු කරන රශ්මියකි. රැවීමෙන් පවා මා කුල්මත්ව ගියා නොවේද? ඒවා සිහිවන මේ මොහොතේද මට නැගුනේ සිනාවක් නොවේද?

මට අහිමි මධුලිකා....! මගේ ලය සුසුමකින් පිරී ගියේය.

'අඩෝ... තෝ කොහෙද කියපිය.'

තාරුක අයියා නැවතත් කෙටි පණිවිඩයක් ඒවා තිබිණ.

'කරදරයක් නැහැ. පොඩ්ඩක් බිසී'

මම එසැනින් ලියා යැව්වෙමි. තාරුක අයියාට මට මෙය කියන්නට නොසිතෙන්නේ මධුලිකා මා පාවිච්චි කරනවා යයි නිතර ඔහුගෙන් එන අවලාද නිසාය.

'මොකක්හරි ඕනේ නැති ගමනක් කියලා නම් තේරෙනවා කොල්ලා'

පිළිතුර ආවේ සිනාසෙන පින්තුරයක්ද සමඟය.

ඔහු මට දොස් පවරන බව මම දනිමි. මධුලිකා සම්බන්ධයෙන් මම දක්වන ලිහිල්භාවය සහ අනුකම්පාව පෙර දිනයේදී ඔහුගේ කෝපය අවුස්සා තිබිණ.

'තව දවස් හතරනේ'

මගේ සිත කිව්වේය. සුසුමක් වැටුනේ ඉබේටමය.

'අපි කන්න යනවා..'

මධුලිකා කෙටි පණිවිඩයක් එවා තිබිණ. ඈ එවා තිබුණු පණිවිඩය සමඟ මම ඇගේ whatsapp පින්තුරය දෙස බැලුවෙමි. එය කුමක්දැයි මට හරිහැටි නොතේරෙන පින්තුරයකි. ගිටාරයක්?

මම ඒ සමඟින් මගේ දුරකතනයේ පින්තුර ගැලරියට වැද නැවත වතාවක් මධුලිකාගේත් මගෙත් මංගල ජායාරුපය දෙසත්, සුන්දර මනාලියක් වූ මධුලිකාගේ ජායාරුපයත් දෙස නැවත වතාවක් බැලුවෙමි. විශාල කරමින් එහි වූ ප්‍රේමනීය බව වින්දෙමි.

එය මකා දමන්නට මට ලෝබය. නමුත් උගුර සිරවෙද්දී, පින්තුර දෙකම සලකුණු කොට මකන්න විධානය දෙන බොත්තම එබුවේ සිත තදින් මිරිකාගෙනය.

'Are you sure , you want to delete ?'

දුරකථනය මගෙන් අසයි. හුස්ම අල්ලාගෙන තත්පර දෙකක් තාවර වීමෙන් පසුව මම 'no' තෝරාගත්තෙමි. මධුලිකා ගුවන්යානයට නැගි මොහොතේ, පළමු කාර්ය ලෙස එය 'yes' කරන්නට සිතට ගත්තෙමි.

සුසුමක් හෙලා, දුරකථනය ඇඳ මත අතහැර, නානකාමරයට වැදී මම උණුසුම් ජලයෙන් ස්නානය කරගත්තේ ගතෙත් සිතේත් තෙහෙට්ටුව යාමටය.

ඉන්පසුව කාමරයෙන් පිටව රාත්‍රී ආහාරයට සුදානම්කොට තිබුණු කොටසට ඇවිද යද්දී මුහුදු සුළඟ සහ අඩ අඳුර අතරින් මෘදු සංගීතයක් ඇසුනේ සිතද සනසවාලමිනි. හාත්පස බැලු මට මුල්ලක හිඳගෙන උන් උදානි අත වනනු පෙනුනෙන් , මම හිස සලා එයට ප්‍රතිචාර ලබාදුන්නෙමි. සුදුපාට ගවුමක් හැඳගෙන උන් මධුලිකා මදෙස බැලුවේ වත් නැත. ඈ සිටියේ සිය දුරකථනය වෙතට එබීගෙනය. කුඩා පටි සහිත ගවුමෙන් නිරාවරණය වූ ඇගේ දෙවුර සැමවිටම මෙන් මා කළඹවයි. මම හිතාමතාම ඉවත බලාගත්තෙමි.

මම කෑම රැගෙන ආපසු හැරෙද්දී උදානි මා අසලම උන්නාය.

"මොකද අනේ පරක්කු උනේ...? අපි නම් සුප් එකත් බිව්වා... ඒක මාර රසයි නේද මධු?"

ඈට පිටුපසින් උන් මධුලිකා උදානිට කට කොනකින් සිනාසී මා දෙස නොසැලකිලිමත් ලෙස බැලුවාය. සුදුපාට ගවුම ඇගේ තලෙළු සිරුරේ හැඩරටා මවා ඇත්තාක් මෙනි.

'අල්ලලා මිරිකන්නමයි හිතෙන්නේ'

".. අනේ මාර වැඩේනේ.. මෙතන හුළඟ නේ... අන්න මධුගේ තොප්පිය හුළගේ ගියානේ!"

උදානි මහා හඬින් සිනාසුනාය. මටද සිනාවක් නැගුණි. මධුලිකා උදානිට ඔරවා සිටියාය. එය මට මාහ හුරතලයට පෙනුණි.

".. කෙලින්ම ගිහින් කලපුවට වැටුන... ගන්න හැදුවට ඈතට ගහගෙන ගියා හුළඟ ඒ තරමට!"

උදානි කොක් හඬලා සිනාසෙන්නිය. මධුලිකා කට උල්කොට තවත් කෝප ගත්තාය. ඇගේ සරාගී දෙතොල්...

"මම හොඳ තොප්පියක් ගන්නවා ආයෙත්.. ඉන්නවකෝ"

"ඔව්.. ඔව්.. ඔයා ඉතින් හොඳ හොඳ තොප්පි තමයි ඉතින් ගන්නේ.. අපි එපැයි පරිප්පු කන්න.. නේද තීක්ෂණ...."

මම සිනාව වළක්වාගෙන ඈ දෙස බැලුවෙමි. ඈ සිය සරාගී දෙතොල් උල්කොට බොරු අමනාපයක් පෑවාය.

'අල්ලලා ඉඹින්න හිතෙන්නේ'

"... තීක්ෂණ යමු අපේ ටේබල් එකට..."

ඔවුන් එසේ සිටියදී, මම දමනය කරන සිත සමඟින් වැඩිමනත් යමක් නොකියා උදානි සහ මධුලිකා සිටි මේසය දෙසට ගියෙමි.

".. අපි මේ සැලඩ් අරගෙන එන්නම්.. ඔයා යන්න"

සතියේ දවසක් නිසා හෝටලයේ වැඩි සෙනඟක් පෙනෙන්නට නොවුනි. වැඩිදෙනා විදේශිකයින් වූ අතර හනිමුන් කපල් යයි සිතිය හැකි යුවලවල් කිහිපයක් තැන තැන පෙනෙන්නට වුයේ අඳුරු මුළු ආශ්‍රිතවය. මම කෑම පිරුණු පිඟාන එක අතකින්ද, තවත් අතකින් සැලඩ් දිසියද ගෙන,සෙමෙන් මිනිසුන් අතරින් ඇවිද ගොස් ඔවුන්ගේ මේසය වටා තිබුණු පුටු හතරෙන් එකක හිඳගත්තෙමි.

පිඟාන මේසය මත තබන්නට බලද්දී මධුලිකාගේ දුරකථනය මේසය මත තිබෙනු දුටු නිසා එය පසෙකට කරන්නට උත්සහ කරද්දී කුමන හෝ හේතුවක් නිසා එහි තිරය ආලෝකමත් වුයේය. තිරය මත whatsapp පණිවිඩයක මුල් කොටස විය.

'Dats funny , I will assume you both had se....'

ඉතිරිය පෙනුනේ නැත.

එකවරම ආ අතකින් දුරකථනය ක්ෂණයෙන් මේසයෙන් උදුරාගන්නවා දැනී ගැස්සී ගියෙමි. මගේ කන් දෙකෙන් දුම් පනින්නට ඇත. මට ඉබේටම එලෙස ආ මධුලිකාගේ මුහුණ බැලුණු අතර ඈගේ මුහුණ හොල්මනක් දුටුවා සේ විරූපී වී තිබින. අප දෙදෙනාම වේගයෙන් හුස්ම අල්ලමිනි.

උදානි ඒ මොහොතේම වාගේ අප වෙත ඇවිද ආයෙන් මධුලිකා වහා ප්‍රකෘතියට පත්වුවාක් මෙන් උදානි දෙස බැලුවේ දුරකථනය සිය කුඩා සයිඩ් පසුම්බියේ හුවාගනිමිනි.

"මොකද තීක්ෂණ මේ ගල්වෙලා ? ඒ මදිවට කන් දෙකම රතුවෙලා... හි හි. මම එන්න කලින් මෙතන මුකුත් උනේ නෑනේ?"

"නෑ.. මුකුත් නෑ !"

මධුලිකා පිළිතුරු බැන්දාය. මම තවමත් ගල්භීත වෙමිනි.

දෙදෙනාම පුටු ඇද වාඩි වූ අතර මධුලිකා මගෙන් මුහුණ සඟවාගෙන බිම බලාගෙන ආහාර බුදිමින් උන්නාය.

ඒ පණිවිඩයේ සඳහන් වුයේ කවර දෙයක් ගැනද? පණිවිඩය එවා තිබුනේ මාරියා හෝ මාරි නම් තරුණියයි. නොපෙනී තිබුණු කොටස සම්පුර්ණ කරන්නට වචනයක් මම දනිමි. මගේ සිත පණපිටින් ගිනිගන්නාක් මෙනි. කෑම ගැනීම මට එපාවී ඇත්තාක් මෙනි.

"කෑම රසයි නේද? තැන්ක්ස් තීක්ෂණ මේ ඔක්කොම බුක් කරලා ලෑස්ති කලාට. "

"හ්ම්ම්"

"මම කොහොමත් කිව්වා මෙයාට කොළඹ ක්ලබ් ගානේ නම් ඔයා යන්න දෙන එකක් නැහැ කියල.. මට නිකමට හිතුනේ නැහැනේ නිගම්බෝ වල ප්ලේ කරන එකක්..."

මම කට දෙපැත්තට ඇද මෙන් කෘතීම සිනාවක් පෑවෙමි. මම සිටියේ ඊර්ශ්‍යාව හෝ ඒ හා සමාන ගින්නකින් පණපිටින් පිලිස්සෙමිනි.

"..... මට ඉවසිල්ලක් නැහැ යනකල්... එයා මාරයි නේද මධු..."

මධුලිකා හිස ඔසවා උදානි දෙස බලා කට ඇදකොට මෙන් සිනාසුනාය.

"මොකද අනේ ඔය දෙන්නට වෙලා තියෙන්නේ.... එක්කෝ රණ්ඩු , නැතිනම් නෝ කතා"

උදානි අමනාපයෙන් මෙන් කීවාය.

"හරි හරි... මම ඉන්නකොටනේ බුම්මගෙන ඉන්නේ... ඔයාල ඩිජේ ගිහින් සන්තෝසෙන් ඉන්නකෝ.. මටත් හැබැයි මගේ පාඩුවේ ඉන්න ඕනේ.."

මම කෑම මේසයෙන් නැගී සිටියේ කිසිදු තරහක් නොපෙන්වමිනි. නමුත් පිඟාන පොලවේ ගහන තරමක ආවේගයෙනි.

මධුලිකාගේ මුහුණ බලා සිටියදී වෙනස්ව ගියේය.

"...මම ආවේ ඔයාලට කරදරයක් වෙයි කියලා මිසක් ඔයාලගේ එන්ජෝය් කරන ඒවා අල කරන්න නෙවෙයි. ඒ හින්දා බයවෙන්න එපා"

ඇත්තටම මගේ සිතේ තරහක් තිබුනේ නැත. තිබුනේ කැළඹීල්ලකි.

ශාලාවට ඇතුල්වන විටම මට දැනුනේ මහත් ජීවී පෙනුමකි. නියෝන් ආලෝකයෙන් දැල්වෙමින් නිවෙන ශාලාවේ වැයෙමින් පැවතියේ ජීවයෙන් පිරුණු සංගිතයෙකි.

හෝටලය එතරම් ජනාකිර්නව නොපැවතියද, මම එහි නොදුටු තරුණ පිරිසක් පිරි සිටියෝය. ශාලාව පුරා දිවෙන නියෝන් එළි මතින් මත්වූ තරුණ පිරිස වේග රිද්මයට නර්තනයේ යෙදෙමින් සිටියහ. ශාලාව පුරාම අස්සක් මුල්ලක් නෑර යොමුවූ මගේ ඇසට මට විනාඩි කිහිපයකට ප්‍රථම ආ උදානි හා සිනාසෙමින් නර්තනයේ යෙදෙන මධුලිකා හසුවන්නට වැඩි කාලයක් ගතවුයේ නැත.

අවුල්වූ හිසකේ ඉහලට කොට ගැටගසා , උදානි අසලින් ගීතයේ වචන ප්රතිරාව කරමින් ඈ සතුටින් උඩපනිමින් උන්නාය.

'අඃ මධුලිකා.... මගේ සරාගී කෙල්ල'

මම ආ බවක් ඔවුන් නොදකින්නට ඇත. මම බීම ලබාදෙන කොටසට ගොස් සෝඩා ලෙමන් වීදුරුවක් ඇනවුම් කලෙමි. මට දෙදෙනෙකුට එපිටින් සිටි සිහින් සිරුරක් ඇති විදේශික තරුණියක් මා දෙස මද සිනාවක් පෑ අතර මම එයට සුහදශීලි ප්‍රති සිනාවක් පා , වීදුරුව අතට ගෙන පුටුවෙන් කැරකී නැවතත් නර්තනයේ යෙදෙන පිරිස අතර උන් මධුලිකා සෙව්වෙමි. ඈ එතන නැත!

කලබලයෙන් ඈ සෙවූ මට ඈ තවත් තරුණියක හා සිනාසෙමින් මොනවාදෝ පානය කරනවා පෙනුනි. උදානි තවත් අයෙකු හා කතාබහකය. සුදුපාට ගවුම මධුලිකාගේ බුහුටි පෙනුමට වඩාත් ලාලිත්‍යයක් එක්කර ඇති බවකි. මම උගුරු දෙකක් පානය කර අයිස් දමා ගැනීමට කවුන්ටර් මේසය වෙත හැරුනෙමි.

"තීක්ෂණ ?"

මම හැරී බැලුවෙමි. ඈ හඳුනා ගන්නට මට තත්පර කිහිපයක් ගියේය. මම ඇගේ නම නොදන්නවා වුවද , මගේ ක්‍රීඩා සංගමයේ අප සමඟ ටෙනිස් සෙල්ලම් කරන තරුණිය බව හඳුනා ගත්තෙමි.

"ආ..."

"ඔයා මොකද මෙහෙ කරන්නේ...? "

මම හිස ඒ මේ අත හරවමින් කුමක් කියන්නද කියා සිතුවෙමි.

".... හනිමුන් ආව නෙවෙයි නෙහ් ?"

තරුණිය ඈ සමඟ සිටි අනෙක් තරුණියට කියා මහා හඬින් සිනාසුනාය. මමද සිනාසුනෙමි.

"නෑ.. නෑ.. පිස්සුද?"

"අප්පෝ.. හිටපු තීක්ෂණම තමයි එහෙනම් තාමත්! "

ඈ දෑස කරකවමින් කියා සිනාසුනාය.

".... ඔයා දන්නවද ජීවා... මෙයා තමයි අපේ ටෙනිස් පාලු මකන එක්කෙනා... අර කෝච් අපිව මරෝනවානේ.. මෙයා තමයි අපිව බේරගන්න එන්නේ, කෝච් එක්ක කතාවක් එහෙම දාලා ......"

තරුණියන් දෙදෙනා කැකිරි පලයි. එහි හිනාවෙන්නට ඇත්තේ කුමක්ද?

".....මෙයත් එක්ක තමයි මම ටෙනිස් ගහන්නේ.."

"ආ..."

"ටෙනිස් විතරයි නෙහ් ?"

ජීවා කියන තරුණිය කියූ සැනින් දෙදෙනාම නැවතත් මහා හඬින් සිනාසුනහ.

"ඔව්.. ඔව්.. ටෙනිස් විතරයි.. ස්පෝට්ස් ක්ලබ් එකක්නේ"

මම නොසැලී කිව්වෙමි. ඔවුන් දෙදෙනා ඇස් රෝල් කරමින් සිනාසෙද්දී මම අයිස්කැට කිහිපයක් පුරවාගෙන ආපසු හැරුනෙමි.

".. සි..යු එහෙනම්... "

මම එලෙස කියාගෙන බීම විදුරුවද අතැතිව, අනෙක් අත සාක්කුවේ දමාගනිමින් ශාලාව පසෙකින් වූ හිඳගෙන සිටින කොටසට ගියෙමි.

එම තරුණිය මට එතරම් ප්‍රියමනාප නොවේ. ටෙනිස් පුහුණුකරු මගේ මිතුරෙකු වන නිසා මම එහි ගොස් ඉඳහිට ටෙනිස් ගැසූ අතර ඉඳහිට මේ තරුණිය දුටුවා යන්තමට මතකයක් තිබේ. චාපා මා හඳුනා ගන්නේ එම මිතුරාගේ මාර්ගයෙනි.

මම මධුලිකාත් උදානිත් සොයමින් ශාලාව පුරා බලමිනි. නැවතත් නර්තන බිමෙහි ඔවුන් දෙදෙනා ප්‍රීතියෙන් නර්තනයේ යෙදෙති. මධුලිකාගේ කුඩා සිරුර මනරම් ලෙස නර්තන ඉරියව් වලට පෑහෙයි. ඇයට මනබඳින ආකාරයට නටන්නට හැකිය. උදානි එසැනින් මා දුටුවාය.

ඈ එන්නට කියා අත වැනුවද මට ඔවුන්ගේ සතුට නැතිකරන්නට අවශ්‍ය නොවුනි. මම සිනාසී එය ප්‍රතික්ෂේප කලෙමි. මධුලිකා වරක් දෙවරක් බලා ඉවත බලාගෙන ඇගේ නර්තනයේ යෙදුනේ අවසන් නැටුම නටනවාක් මෙනි.

'මගේ කෙල්ල... '

"ඒ ඔයාගේ පෙම්වතියද?"

මම ගැස්සී හඬ ආ දෙස බැලුවෙමි.

විදෙස් තරුණිය මා අසලම සිට මට සිනාසුනාය. මම ඇයට ආචාර කලෙන් ඇය මට ඉදිරියෙන් වූ පුටුවකට බර වී අත වූ බීම බඳුන ඔසවා. සව්දිය පිරුවාය. මම ආචාරශිලිව ප්‍රතිචාර දැක්වීමි.

මනාව නඩත්තු කල සිහින් ආකර්ශනීය සිරුරක් හිමි ඇය , තදපාට ඇඟටම සිරවූ ගවුමක් හැඳ සිටියාය. පිදුරු පැහැති ඇගේ කෙස් මුදු කැරලි ලෙස ඒ මේ අත වැනුනි. ඈට ඇත්තේ අළුපාට විදුරු ඇස්ය.

"නෑ.. යාලුවෝ"

"අර ගෑනු ළමයා නම් ගැලපෙනවා"

තරුණිය මධුලිකාට එපිටින් සිටි සරාගී උස තරුණියක් පෙන්වා සිනාසුනාය. මම මද සිනාවක් පෑවෙමි.

".. හා.. හා.... ඒ උනාට ඔයාගේ ඇස් තියෙන්නේ නම් අන්න අර ගෑනුලමයා ගාව!"

විදෙස් තරුණිය බීම උගුරක් බොමින් දැක්වුයේ මධුලිකාය. මට මහා සිනාවක් නැගුණි.

"නටනවද?"

එකවරම ආ අදහසකින් මම බීම බඳුන එතැන තිබුණු මේසයක් මත තබා, විදෙස් තරුණිය වෙත වමත පෑවෙමි.

"අනිවාර්යයෙන්! ඔයා වගේ කඩවසම් කොල්ලෙක් කතාකලාම එන්නේ නැතුව කොහොමද?"

ඇය වහා මගේ අත ගත්තාය. මම සිනාසෙමින් ඈ සමඟ නර්තනය යෙදෙන පිරිස අතරට එකතු වුයෙමි. ඈ සිනාසෙමින් මා හා නටන්නට වුවාය. ඇයට හිමි , දීප්තිමත්, ලා අළු ජිල් බෝල වන් ප්‍රීතිමත් දෑස සිනාසෙමින් මට නොයෙකුත් ඉඟි බිඟි කරමිනි. තඹ පැහැ වරලස ලෙලවමින් ඈ මා හා රිද්මයට නටන්නට වුයේ අතිශය ප්‍රිතියෙනි.

සංගීතය වෙනස් වුයේ මගේ ප්‍රියතම ඩාන්සින්බීට් එකකටය. එය Enrique නම් ගායකයාගේ Tonight නමින් හැඳින්වෙන ගීතයකි. ශාලාව එකලු වෙමින් සියල්ලෝම ප්‍රීතියෙන් 'හූ' කියන්නට වුහ. ඒ අතරට මමත් එකතු වෙද්දී තරුණියද එලෙසම කල නිසා අප දෙදෙනා සිනාසෙමින් එකිනෙකා වැළඳගත්තෙමු.

I know you want me
I made it obvious that I want you too
So put it on me
Let's remove the space between me and you

Now rock your body...

Damn, I like the way that you move
So give it to me
'Cause I already know what you wanna do

And here's the situation been to every nation

Nobody's ever made me feel the way that you do
You know my motivation, given my reputation
Please, excuse me I don't mean to be rude

"ඔයා නියම නැට්ටුවෙක්නේ!"

තරුණිය මගේ කනට කර පැවසුවේ නර්තනයේ යෙදෙන ගමන්ය.

"ස්තුතියි!"

මගෙත් ඇගෙත් නර්තනය මනාව ගැලපී ගියේය. අප දෙදෙනා සිනාසෙමින් නැටුවේ මුළු ලෝකයම අමතක වුවාසේය. ගීතය අවසාන වනවිට මමත් ඇයත් හති දමමිනි.

"අනේ මට තිබහයි... යමු මොනවාහරි බොන්න!"

ඈ මා ඇදගෙන බීම සාදන තැනට ගියේ පිරිස අතරිනි. මම වටපිට බැලුවේ මධුලිකා කොහිදැයි බැලීමටය. පිරිස අතරින් මිදී මා පෙර සිටි පුටුවට වී මා දෙස මිනීමරන දෑසින් බලා සිටියේ මධුලිකාය. මා දුටුවනම ඈ වහා සිය බැල්ම දුරකතනයට යොමුකලාය.

ඇත්තටම මම තිගැස්සී ගියෙමි. එහෙත් මවාගත් සිනහවකින් මම තරුණිය සමඟ බීම නිකුත් කරන තැන පුටුවට බරවිමි.

"මොනාද බොන්නේ?"

"ටිඛිලා දාන්න.. ඊයේ වගේ.... ඊයේ ඩීජේ එක මෙච්චරම හොඳට තිබ්බේ නැහැනේ"

තරුණිය අවසන් කොටස පැවසුවේ මටය.

"ඔව්.. මෙයා ලංකාවේ ටොප් එක්කෙනෙක්... අපි මෙහෙ ආවෙත් ඒ හින්දා"

මම උස් මේසයට පිටදී බරවී හිස යන්තමට එහි බර කරමින් කිව්වෙමි. ඇස කොනෙන් මධුලිකා වරින්වර ම දෙස බලනු පෙනුනි.

"ඔයාටත් ටිඛිලා?"

"හ්ම්ම්ම්... කමක් නැහැ... "

මම මහන්සිය නිසා හිස පසෙකට ඇල කරද්දී තරුණිය එලෙසම හිස තබාගෙන මා වෙත නැමී උන්නාය. අප දෙදෙනාගේ සුසුම් එකට වැදුනේ ඒ මොහොතේය.

"මොකද කඩවසම් කොල්ලෝ?"

තරුණිය සිය වීදුරු බෝල වන් නෙතු විසල්කොට මා වෙත බැල්මක් හෙළුවාය. මම වහා කෙලින් වී පුටුවේ හිඳගත්තෙමි.

"... අන්න අන්න ඔයාගේ ඇපල් මල ඔයාගේ දිහා බලාගෙනම ඉන්නවා.. "

තරුණිය මට කීවේ රහසින් මෙනි. මට සිනහවක් නැගිණි. පිළියෙළ වූ මගේ වීදුරුව මා අතට දුන් තරුණිය එලෙසම විදුරු එකට වද්දා ප්‍රීතිය පලකලාය.

"... ලංකාවට මම හරි ආසයි. ලස්සන රට. මිනිස්සුත් ලස්සනයි. කොල්ලොත් කඩවසම්"

අවසාන කොටස ඈ මට පැවසුවේ සංගීතය පරයා යමින් මගේ කනට මුරගාමිනි. මට සිනාව පුපුරා ගියේය.

මධුලිකා රවමින් ඉන්නා තැනට තරුණයෙක් පැමිණ කතා කරනු දුටු මම ඉබේම කලබල වුවද මොහොතින් උදානි එනු මට පෙනුනි. දෙදෙනාම නැවතත් නර්තනයට පිවිසියේ ඒ මොහොතිනි. මගේ කට ඇදවී සිනහවක් එද්දී, මම ඇය දෙස බලා සවුදිය පිරුවෙමි. මධුලිකා මට රවා සිටියාය.

"යමුද ආයේ නටන්න?"

"බෑ මට මහන්සි.."

එවිටම ඇගේ මිතුරියන් යයි කිවහැකි තරුණියන් කිහිප දෙනෙක් ඈ වටකොටගත්හ. මම ඉක්මනින් එතනින් ගැලවී ගත්තෙමි.

විදුරුවද අතැතිව අනෙක්පසින් ගමන්ගත් මම මධුලිකා පෙනෙන ඉසව්වකට වී බීම තොලගෑවේ දෙහි පෙත්තද අතැතිවය.

ටිඛිලා වලට පින්සිද්ද වන්නට, මගේ මතකය අපගේ පාසල් සාදය තෙක් යාම නවත්වනු නොහැකි විය. අප දෙදෙනා ප්‍රේමයෙන් උන් ඒ සොඳුරු මොහොත මට ඇතුලතින් එන වේදනාවක් ගෙන ආවක් වැනිය. මධුලිකා මා වෙත හෙලු පෙම්වත් බැල්මකින් පවා මා නිවී සැනසී ගියා නොවේද?

පාසලේ පිරිමි ළමුන්ගේ ඒ වචන ටික නොවන්නට, අදත් ඒ ප්‍රේමය මා වෙත තිබෙන්නට ඇත. එසේ වේද? ඇය වෙන්වී යන්නට හේතුවක් සොයමින් සිටියා වන්නට නොහැකිද? ඇගේ හිතගත් සැබෑ පෙම්වතා සොයා ඉගිලෙන්නට ; මගෙන් ගැලවී යන්නට සිතා; එය සිතාමතාම ගැටළුවක් කරගත්තාද?

ඒ සිදුවීමෙන් පසුව මධුලිකා නැවත මා සමඟ කතාබහ කළාය. ටාෂාගේ විවාහ පටලැවිල්ල එතරම්ම පටලවිල්ලක්ද? තාරුක අයියා පැවසු පරිදි, වඩා කලබල වියයුතුව තිබුනේ ටාෂා නොවේද? අප දෙදෙනා විවාහකය! එතැන අලුතෙන් ඇතිවන විවාහයකට නෛතික හෝ අයිතියක් තිබෙනවාද?

මධුලිකා.. ඔබගේ සිත මට කියවන්නට හැකිව තිබුනා නම්! ඔබ කොතරම් ඩ්‍රාම කරන්නේ ඇයි ?

බැඳීමක් ඇත්තේ කඩදාසියක නම්, මේ වනවිට මධුලිකා මේ කඩදාසිය වෙත එතරම්ම වැදගම්මක් ඇති බවක් නොසලකනු ඇත. දැන් ඈ ඉල්ලන්නේ ඒ කඩදාසිය කටුගා දමන්නටය. බැඳීමක් එසේ කටුගා දැමිය හැකිද?

මා තුල සිටින තීක්ෂණ වේදනාවෙන් පපුව අල්ලාගෙන බිම හිඳගන්නවාක් මෙන් දැනුනි. පපුව තුලින් එන වේදනාවට හුස්ම සිරවන්නට ආසන්නය.

මධුලිකා මා දෙස නොබලා ඉන්නට තැත්කරන බැවින් ඇගේ සතුටට බාධා නොවන්නට මම සෙමෙන් ඈට නොපෙනෙන පසෙක තිබුණු පුටුවකට බරවීමි. ඈ යලිත් ඇගේ සැබෑ ප්‍රේමය සොයා යන්නේ නම්, ඇයට මගේ මතකය හිරිහැරයක් නොවනු ඇත.

අප සමාජ ශාලාවෙන් පිටතට එද්දී පාන්දර වී තිබිණ. මධුලිකාත් උදානිත් බොහෝ සතුටින් උඩපනිමින් ජායාරුප ගනු මම නිහඬව බලා සිටියෙමි.

කාමර වලට බෙදීයන සෝපාව මත නිදිමතේ සිටි මට, මා සමඟ නර්තනයේ යෙදුනු තරුණිය සුහදව සිනාසී සුබ රාත්‍රියක් පතමින් පිටව ගියාය. පමණක මත් ගතියක් මා තුලද වී නමුත් මම සිතුවිලි දමනය කරගනිමින් උන්නෙමි.

මධුලිකාත් උදානිත් , ඔවුන්ගේ කාමරයට යන්නට ඉඩහැර මම ප්‍රමාදව සිට ඊට යාබද මගේ කාමරයට වැද දොර වසාගත්තේ වෙහෙසකර සිතකිනි. නමුත් මධුලිකාගේ සිනාවෙන් සහ ප්‍රීතියෙන් පිරුණු මුහුණ මට මැවී පෙනෙන්නා සේය.

උණුසුම් ජලයෙන් ලද සේදීම නිසා මත් ගතිය පහව ගියෙන් මට දැනුනේ පහසුවකි. වෙලාව පාන්දර තුනට පමණ වන බව අඩ අඳුරේ මට පෙනුනි.

කාමර තිබුනේ කලපුවට මුහුණලා, බැවින් තෙවන මහලේ තිබුණු කාමරයේ සඳළුතලය ඔස්සේ පෙඟී එන ලුණු රස රැඳුනු මුහුදු සුළඟ , අලුයම් වෙරළ මනරම් දසුනක් මවමිනි. මම කාමරයේ වීදුරුව විවෘත කර සඳලුතලයට පිවිසෙද්දී යාබද සඳලු තලය අඩ අඳුරේ කවුරුන් හෝ මුවාවනු පෙනී තිගැස්සී ගියෙමි.

*************************** මතු සම්බන්ධයි ***************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com0tag:blogger.com,1999:blog-4632197388452093715.post-22012863480735026822021-07-11T18:41:00.001-10:002021-09-02T10:01:22.342-10:00260: සුහදිනියේ - 51 | අවිනිශ්චිත අනාගතයක් කරා

කලින් කොටසට

වැටෙන්නට ගිය සුසුම මම පපු කුහරය තුල රඳවා ගත්තෙමි. මගේ වම් අත මිට මෙලවන්නට ඇත්තේ එබැවින් වන්නට ඇත.

මධුලිකාගේ ගුවන් ටිකට්පත සුදානම්ය. ඇත්තේ මගේ දික්කසාදය පිළිබඳ කඩදාසියේ අත්සන පමණි!

තාරුක අයියාට හෝ මධුලිකා ගැන පෙරදින දැනගත් කාරනා මම නොපැවසුවේ ඒ වනවිටත් ඔහු මධුලිකා ගැන නොපහන් බවක් තිබුණු බැවිනි. ඇය ගැන අනවශ්‍ය තරහක් මේ වෙන්වයාමෙන් තැබීමේ පලක් නැත.

ඒ ආරංචියෙන් මද වෙලාවකට පසුව මම තාරුක අයියා අතින් , වාකිෂ්ඨ මහතා විසින් එවනලද ලියවිලි සහිත ෆයිල් කරවයද අතැතිව ජීප් රථයට නැගුනෙමි. හදවත සෝදාපාළුවට ලක්වූ ඉඩමක් පරිද්දෙන් මුසල බවක් උසුලයි. තාරුක අයියා හමුවන්නට පෙර මධුලිකා සතු මහල් නිවාසයේ භාණ්ඩ ඇයට බාරදීමට කියා අස්කරන්නට ගියද, තත්පරයක් පාසා මතුව එන වේදනාව ඉවසාගත නොහී මම එය පසෙක තබා මධුලිකාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

'මහල් නිවාසයේ තියෙන ඔයාගේ බඩු ටික ඇවිත් ගන්න'

මොහොතින් ඒ පණිවිඩය කියවා ඇති බවට සලකුණු වුවද, පිළිතුරක් පැමිණියේ ඉන් හෝරාවකට පමණ පසුව තාරුක අයියාගේ කාර්යාලයෙන් පිටත්වූ මොහොතේය.

'ඒවා මොකවත් මට එපා'

දහවල් වනවිට මම අතිශය කාර්යබහුල වුයෙමි. තාරුක අයියා වෙතින් පිටත්ව , වත්තට ගොස් එහි අලුත් ඇනවුම්
සියල්ල පරික්ෂාකොට, ඒවායේ ගණුදෙනු පියවූ මට වාකිෂ්ඨ මහතා දෙවතාවක්ම හමුවිය.
ඒ හැම විටකම ඔහු මා දෙස නිහඬවම ආදරයෙන් මෙන් බලා සිටිනු මට දැනුනි. නමුත් මම ඔහු සමඟ
කතාකරන්නට රැඳුනේ නැත.

නැවත නිවසට එනවිට සෑහෙන්න සවස්වී තිබුණු අතර තාත්තා නිවසට රැගෙන යාමට ඇති නිසා අම්මා මම රියදුරු අත රෝහලට පිටත්කලෙමි. අම්මා පැවසුවේ විරංග මවත් එතනට පැමිණ සිටින බවයි. විරංග එතන සිටින්නටද පුළුවන.

කුමක් සිදුවුවද මම විරංගට අනුකම්පා කරමි. අමිහිරි ළමාකාලයක් හිමි ඔහු මට හිතෙයිෂි මිත්රයෙකි. සිදුවූ සියල්ල සිහිකළ විට මධුලිකා සම්බන්ධයෙන් ප්‍රේමයෙන් සිටීම විනා ඔහු මට කල විශාල වරදක් නොවිය. මධුලිකා වෙත ප්‍රේමය නොදක්වා සිටිය නොහැකිය.

මා වෙත ඇති අභියෝග සියල්ල අතරින් මගේ පාලනයෙන් ගිලිහි ගිය සහ කිසිදා ළඟාවිය නොහැකි ඉමකට මධුලිකා තල්ලුවී යනු අපහසුවෙන් උවත් මම තේරුම්ගෙන සිටියෙමි. වේදනාව කවරක් වුවද ඒ සත්‍යට අභියෝග කරන්නට මට දැන් ආයුධයක් නොමැත. සිතාමතා හෝ නොසිතා මා අතින් සිදුවූ දේවල් නිවැරදි කරන්නට හෝ හරවන්නට හැකි නොවේ.

එදා මධුලිකා එලෙස බේරා නොගත්තා නම්, අද මේ වනවිට මිට වඩා වෙනස් කෝණයක සමිකරණයේ ඉත්තෙක් ලෙස සිටින්නට ඉඩ තිබිණ. මධුලිකා මෙසේ මා වෙත ලඟා නොවී වාසුලගේ ගොදුරක්ව හෝ සිය ජිවිතයෙන් වන්දි ගෙවන්නට ඉඩ තිබෙන්නට ඇත.

මධුලිකා ගැන ම සිත තුල රාගය පරයා ප්‍රේමයක් ඇති නොඋනානම්, මේ සියල්ලම මිට වඩා විසඳෙන්නට තිබුණු බව පමණක් මට කිව හැකිය. ඒවා සියල්ලම සම්භාවිතාවයක් මිස එකහෙලා ලියා තබන්නට හැකිද?

එබැවින් මගේ ප්‍රේමය මහා වේල්ලක් නොකොට, මේ ගංගාව එය අයිති පෙම්වත් සයුර කරා යන්නට ඉඩහැරිය යුතුය. යුද්ධයකින් තුවාල ලද සොල්දාදුවෙකු සේ මම අඩපණව ගොස්ය.

තාත්තා නිවසට රැගෙන යාමෙන් පසුව අපද මේ නිවසෙන් පිටවීමට කාලය එළඹ ඇති නිසා, මම කාමරයේ සිට මගේ ඇඳුම් බෑගයට ඔබමින් උන්නේ දොරට පිටුපා බිමට නැමිගෙනය.

'ටක් ටක්'

මට ඉබේමට හැරී බැලුණි. ඒ මධුලිකාය. මට ඉබේටම කෙලින්ව ගොස් අපහසුවෙන් සිනාවක් නගා ගත්තෙමි. සාමාන්‍ය ලෙස හැසිරෙන්නට මම මගේ සිතට තරවටු කරගත්තෙමි.

". පො.ද...ද..ඩ් ඩ් ඩක් කතාකරන්න?"

කලින් දවසේ මිතුරිය සමඟ ගිරවියක ලෙස කියවූ ඇයට දැන් වචන නොඑන්නේ ඇයි ? ඒ මොහොතේ තිබුණු දුක්බර ,අසරණ බවක සේයාවක් හෝ ඒ මුහුණේ කොතැනකවත් තිබුනේ නැත. මා මෙන් කැඩී බිඳී ගිය බවක්වත් නොමැත්තේ මගෙන් මිදීමට ටිකට්පත ලැබීමේ ප්‍රීතියද?

මම හිස දෙපසට සෙලවුයේ අවිනිශ්චිත බවකිනි. බෑගයට දමන්නට ගත් අත තිබුණු කමිසය එසේම ගුලිකරගෙන මම කාමරයෙන් එළියට පැමිණියේ මධුලිකා දොරෙන් පසෙකට වන විටයි.

"හ්ම්ම්?"

"කියන්න"

මධුලිකා බිම බලාගෙන යටිතොල තදින් විකාගෙන උන්නාය.

'ඔය කෙහෙල්මල් හැපිල්ල නතර කරනවා!'

මගේ සිත විසිරෙන්නේ ඒ සරාගී දෙතොල් වලින් කරනා විනම්බෑසිය නිසාය.මම නොසන්සුන්ව ඉවත බලාගත්තෙමි. දැන් නම් ඉවසුවා හොඳටම ඇතිය!

"මැඩම්......., ගෑනුලමයි ඔය ලිප්ස් ඔහොම හපන්නේ සෙක්ස් කරන්න ඕනේ නම්. මම හිතන්නේ නැහැ මැඩම් ආවේ ඒකට කියල... ඉක්මනට කියන්න ආපු දේ"

මධුලිකා ගල් ගැසී මා දෙස බැලුවේ හොල්මනක් දුටු පරිද්දෙනි. මම සැහැල්ලු ලෙස සිනාසී ඇහිබැම ඔසවා බැලුවෙමි. සිතේ සිරකර තබාගෙන සිටිය යුතු නැති දේවල් තීක්ෂණ දැන් සීමාව වෙනස්කොට ඇත.

'වෙන දෙයක් උනාවේ'

'ඒ පාර අර ඇස් ලොකු කරලා බැලිල්ල'

මධුලිකාට බොරුවට මෙන් ඔරවා නළල රැලි කළාය. අනතුරුව මුව පියා ඒ මේ අත හරවමින් සිට ඉවත බලාගත්තාය.

'ඇති යන්තම් ගිනිපෙල්ල වගේ නැතුව '

මම කිසිවක් නොකීවා සේ සැහැල්ලුවෙන් සිනාසුනේ මහා සහනයක් සිතට දැනුනාක් මෙනි. එය එසේ නොවුනි.

"මොකක් උනත්.. අපි තරහවෙන්න හොඳ නැහැ තීක්ෂණ..."

මේ එන්නේ නම් හොඳ පොටකට නොවන බව මට සිතුනි.

"හ්ම්ම්.. ඒක හොඳ අදහසක්"

මම හිස ඒ මේ අත හරවමින් කිව්වෙමි. ඈ මාතරම් නිරෝගීව සිටිනම්, මම වේදනාවක් පෙන්විය යුතු නොවේ!

"මම... ම.. ම..."

"මට ආරංචියි වීසා එකයි, ටිකට් එකයි හරි කියල"

මට අවැසි ඇගේ වේදනාත්මක මුහුණේ තිව්‍රතාවය මදිවාක් මෙන් මගේ වියරු සිත මුරගානු ඇසුනි. රිදුනු බවට සලකුණු ඒ මුහුණේය.

"..... ඔයාට පුළුවන් ඒ ටික දවස මෙහෙ ඉඳල යන්න"

සුපුරුදු හිතක් පපුවක් නැති තීක්ෂණ හදවත පාගා ගනිමින් නිනව්වක් නැතිවා සේ කතාකරයි.

මධුලිකා ටයිල් පොලවේ කකුලේ මහපටඟිල්ලෙන් මොනවාදෝ බලිගාන්නට වුවාය.

".. ටාෂි ඔයාව ෆ්ලයිට් එකටත් දාන්නම් කිව්වා"

බොරුවක් වුවත් එය යසට ගැලපී ගියේය.

"ම.. ම.."

මම දෑතම පපුව ඉදිරියේ ගැට ගහගෙන මධුලිකා දෙස එක එල්ලේ බැලුවෙමි.

"තවත් මොනවද?"

මධුලිකා හිසේ පැත්තක් ඇලකොට පමණක් මා දෙස බැලුවාය. මුහුණේ තිබුනේ රිදුමක් කැටිවූ අමුතුම පෙනුමකි.

'අන්න ආයිත් අර කෙහෙල්මල් බැල්ම'

මම සන්සුන් වීමට පොරකමිනි. ඒ ක්ෂණයෙන් මා කිසිදා නොදුටු ඇගේ පෙම්වතා ගැන නැගුනු භයානක ඉරිසියාවකින් දැවී පිච්චි යමින් තිබිණ. ඔහු දෙසද මේ ලෙසම, නැත මිට වඩා පොළඹවන ලෙස බලනවා ඇති! කිසිදා නොදුටු ඔහුට මම සිතින් බිම පෙරලාගෙන පහරදෙමින් උන්නෙමි.

"මේ.... මමයි උදානියි..... මේ.... පොඩි ගමනක්... යන්න ඕනේ ඊට කලින්"

මම ඇහිබැම අකුලවා බැලුවෙමි.

"මොන ගමනක්ද?"

"මේ... මට උදානි එක්ක යන්න පුළුවන්.."

මම කේන්තිය අපහසුවෙන් වළක්වාගෙන පැවසුවෙමි.

"මම අහන්නේ මොන ගමනක්ද?"

"පොඩි ගමනක්... ඒක ගර්ල් ගමනක්"

මධුලිකා සුරතල් ලෙස ඇස කරකවමින් කියන විට මගේ සිත විසිරෙයි.

"මධු මගේ යකා අවුස්සන්න එපා දැන්... රවුම් ගහන්න තරම් සිටුවේෂන් එකක් නෑනේ.. "

"අනේ මගේ එග්සෑම් රිසල්ට් හොඳ උනා කියලාවත් නැද්ද සහනයක්.. තෑග්ගක් !"

"ඒකටනේ ඉතින් මේ මගෙන් ඩිවෝස් එකත් හම්බෙන්නේ.. තෑග්ගක්!"

එය නම් මධුලිකාට නිලයටම වැදුණු පහරක් බව සර්වාන්ගයේම සලකුණු වලින් දැනුනි. මගේ කට! පැරණි තීක්ෂණ ඇතුලාන්තයේ වියරු සිනාවක් පාමිනි. ඒ උනත් සිතට දුකක් කාන්දු වීමට ගතවුයේ ක්ෂණයකි.

".. හරි හරි... දැන් මොනාද ඕනේ? ෂොපින් ද? ඒවා ඔන්ලයින් ඕඩර් කරන්න. කොහෙවත් යන්න එපා දුලිප්ට ඉව වැටුනොත් ඉවරයි "

අනුලාගේ අන්තරාව මම සඳහන් නොකලෙමි.

"අනේ ෂොපින් නෙවෙයි... මම ෂොපින් කරන්නේ නැහැ.. එහෙම මුකුත් ගෙනියන්න දෙයක් නැහැ"

'එතකොට අර ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට ගෙනියන්නේ මොනාද?'

මම දෙතොල තරකොට සපාගත්තේ ඒ වැකිය පිටට පනිවි යයි බියෙන් මෙනි.

"එහෙනම් මොනාද? ට්‍රිප් යන්න බෑ ඔය දෙන්නට!"

මධුලිකා නෝක්කාඩුවට මෙන් මුහුණ අකුලවා ගත්තාය. ඈ වෙත ඇති ඒ ජීවී බවට මම ආශා කරන තරමක්! ඔක්කොම ඩ්‍රාම !

"නෑ ට්‍රිප් නෙවෙයි.. අපි ඉන්නේ ඇතුලේ..."

"මොන හරුපයක් කියනවද මන්ද.. එළියට යන්න ඕනෙලු.. ඇතුලේ ඉන්නේලු.."

"මම .. මේ කිව්වේ... ඩීජේ තනුජිකා ප්ලේ කරනවා වයිට් වෝට ක්ලබ් එකේ දවස් දෙකක්... ලංකාවෙන් යන්න කලින් එකම එක පාරක්...."

සිනාසෙන්නද හඬන්නද කියා මට නොතේරේ.

"මට දැන් කියන්නේ ඔයාලට ඩීජේ එකට ක්ලබ් එකට යන්න ඕනේ කියලද? අන්දකයිප්පු කැවිලද?"

"අන්දකයිප්පු කියන්නේ මොනවද?"

කෝපය ඉක්මවා මට 'බකස්' ගා සිනහවක් නැගුණි.

"ක්ලබ් යන්න බැහැ පිස්සුද?"

"අනේ... ඩීජේ තනුජිකා ප්ලේ කරනවා මට ආය බලන්න වෙන්නේ නැහැ... අනේ තීක්ෂණ... ප්ලීස්..."

"ඔව් තමයි... ආයේ එන්නෙත් නෑනේ"

මධුලිකාගේ මුහුණ අඳුරු වුවද කිසිවක් නොකීවාය. සියුම් වචනයෙන් මම ඈ රිදවිමිනි. ඈද විඳවිය යුතු නොවේද? ඈ සිය පෙම්වතා සොයා යන්නේ නම් මට මෙන් වේදනාවක් දැනෙන්නට හැකියාවක් නැත.

"එහෙ ගියාම පුළුවන්නේ.."

"උදානි එක්ක මට කොහෙවත් යන්නවත් බැරි උනා... පව් එයා මට සෑහෙන්න උදව් කළා"

මට පමණක අනුකම්පාවක් මධුලිකා කෙරෙහි ඉපදුනු බව සැබෑය. උදානි නොව ඈ සිටියේ මගේ නිවාස අඩස්සියේය. මා තුල වූ ඒ ආරක්ෂක අධිමාත්‍රාවෙන් ඈ කොතරම් බැටකෑවාද?

"මධු... ක්ලබ් වලට යන එක සේෆ් නෑනේ... කොළඹ ක්ලබ් කොහොමත් දුලිප් ලා ඉව කරන තැන්"

කඩාපැනීමක් වෙනුවට මගේ හඬ වෙනමම ස්වරයක් ගත්තේය. මධුලිකා හඬන්නට මෙන් මුහුණ සාදාගෙනය.

"අනේ තීක්ෂණ... එකපාරයි... උදානි එක්කනේ"

"ආපෝ.. මේ..කොහොමත් ඔය දෙන්නව තනියෙන් යවන්න බෑ "

මම මගේ සුපුරුදු බල අධිකාරිය දක්වා සිටියෙමි. ඒ පැරණි තීක්ෂණයි.

"කොහොමහරි මට යන්න කලින් දවස් දෙකක්වත් ඩීජේ යන්න ඕනේ!"

සුපුරුදු හිතුවක්කාර මධුලිකා දෙපා බිම ගසමින් කියද්දී මගේ සිත මෘදු වුයේ සිනාවක් සමඟිනි.

"හරි මම බලන්නම්... උඩපනින්නේ නැතුව ඉන්න"

"හ්ම්ම්ම්..."

මධුලිකා ආපසු හැරුනේ පෝනියෙක් මෙන් උඩපනිමිනි. ජීවයෙන් පිරුණු මධුලිකා! මගේ ග්රහණයෙන් මිදෙන ප්‍රීතිය නිසා සැහැල්ලු වී ඇති හැඩයකි. සිය ප්‍රේමය සොයා යන අපූරුව ! යමින් සිටි ඈ අකුණක් මෙන් ආපසු හැරී සිටියාය.

"අර... අන්තිම ප්‍රශ්නේ තාම ඉතුරුයි හරිද?"

මගේ හදවත බරුගසා , මැරෙන්නට පන අදිද්දී ඒ මත උඩ පනිමින් දුවන මගේ ජීවිතය වන් මධුලිකා!

අනුලා නැවත රෝහලට පැමිණි බවට හෝඩුවාවක් නොතිබිණ. ඈ පසුබැස්සා .විය හැකිය. එය කොතරම් කාලයකටද කියා නොදනිමි.

පෙරදා සිදුවීමෙන් පසුව වරින්වර අප අතර කතාබහ සිදුවුවත්, තාත්තාත් මාත් අතර අනුලාගේ ආගමනය සිදුවූ අවස්තාව ගැන කතාබහකට අවකාශයක් නොවුනි. එය එසේ වුයේ මම එය හිතාමතා එවන් අවස්ථා මගහැරී නිසා වන්නට ඇත.

තාත්තා නිවසට ගෙනයනවාත් සමඟ මම අපගේ පවුලේ අයත් සමඟ ටාෂාගේ නිවැසියන්ට සමුදී නැවත නිවසට ආවේ සැලසුමක් සිත දරාගෙනය.

සාත්තුව සඳහා හෙද සේවාවක්ද , ආරක්ෂක ආයතනයකින් ආරක්ෂකයින් දෙදෙනෙක්ද මම ලබාගත්තේ ඕනෑම දෙයකට සුදානම් වීමටය.පුදුමයකට වාගේ ටාෂාගේ මවත් මගේ අම්මාත් අමුතුම ලෙසකට හැසිරෙන්නට පටන්ගෙන තිබිණ.

"මධුව බලාගන්න "

පිටත් වන්නට ප්‍රථම ටාෂාට මම එලෙස පවසද්දී ටාෂා පවා පෑවේ නුහුරු අභිනයකි. එබැවින් මධුලිකා එහි තබා නිවසට ගිය මොහොතේ පටන් මම සිටියේ නොසන්සුන් මනසකිනි. මේ තත්වය මට නුහුරුය. මධුලිකා නොමැතිව නුහුරුය. ඈ මෙහි ගෙන එන්නට මට කියන්නට හේතුවක් තිබුනේ නැත!

'මොකද වෙන්නේ?'

මම ලියා යැවු පහළොස්වන කෙටි පණිවිඩය මධුලිකා බැලු බවක් නොපෙනේ. නිවසේ අනිත් සියල්ලෝම තාත්තා ගැන සිතමින් ඉද්දි මම නොසන්සුන් මනසින් ඒ මේ අත යමින් හිඳ කෙටි පණිවිඩ කිහිපයක් යැව්වද ඒ කිසිවකට මධුලිකාගෙන් ප්‍රතිචාරයක් නොමැත. ටාෂාට මධුලිකා ගැන විමසමින් යැවු පණිවිඩ ඈ කියවා ඇති බවක් පෙනුනද පිළිතුරක් හෝ ලැබුනේ නැත.

සවස් වනවිට මම නොසන්සුන් කමේ අන්තයට ගොස් සිටියෙමි.

"අම්මා මම ටිකක් එලියට ගිහිල්ල එන්නං "

එලෙස කියාගෙන මම ජීප් රථයට නැගුනද කොහි යන්නද කියා අදහසක් නොවිණි. සුක්කානම කැරකි අවසානයේ මම ටාෂාගේ නිවසේ මිදුලේ උන්නෙමි.

වාහනයෙන් බිමට බසිද්දී සිනාසිගෙන ටාෂා ගේ මව ; වෙරොනිකා ආන්ටි; පැමිණියාය.

"අනේ.. පුතා ආපු එකේ කොච්චර දෙයක්ද? ඔයාලා ඔක්කොම ගියාට පස්සේ ඉන්න බෑ හරි පාළුයිනේ ! ටාෂිත් නහයෙන් අඬ අඬ මේ හිටියේ"

"ආ..."

මම උගුරෙන් මෙන් පැවසුවේ කෙඳිරිල්ලක් මෙන් අපහසු සිනහවක්ද සමඟිනි. මගේ ඇස නිවසේ ආලින්දයෙන් යන මධුලිකාගේ කාමරය තෙක් ඒ මේ අත යන්නට ඇත.

"වාඩිවෙන්න පුතා.. ඉන්න මට ටාෂිට කියන්නම්... "

වෙරෝනිකා ආන්ටි ආඩම්බරයෙන් මෙන් කියා ගෙතුළ තුලට ගියාය. සාලයේ පසෙකින් තේ කරත්තය තල්ලු කරගෙන පැමිණියේ මගේ හිතවත් සේවිකාවයි.

"කොහොමද නීලා ? "

"මුළු ගේම පාලුයි මහත්තයල නැතුව. ආපු එක කොච්චර දෙයක්ද?"

පිටත්වන්නට පෙර ඈ අත මම ගුලිකල රුපියල් පන්දහසට වඩා ඒ හිතවත්කම පිරිසිඳු බව මම දනිමි.

"සුදු නෝනා උඩ පූල් එකේ.."

".... තේ හදන්නද මහත්තය? නැතිනම් කූල් මොනවාහරි?"

මගේ බැල්මේ ව්‍යාකුල බව ඇයට වැටහෙන්නට ඇත.

"අර... අනිත් නෝනා කෝ? සුදු නෝනගේ යාළුවා?"

සේවිකාවට දිලිසෙන සිනාවක් නැගුණි. තේ කෝප්පයක් ගෙන ඈ මගේ පමණට කිරි වත් කරමිනි.

"ඒ නෝනත් එක්ක තමයි ඔය පූල් එකේ"

"හ්ම්ම්"

මම මදක් තාවර වෙමින් කල්පනා කලෙමි. ඈ බලන්නට යන්නට කියා සිත කියයි. නීලා සිනාසෙමින් මට තේ කෝප්පයක් සාදමිනි.

"දාල ගියාට ඉන්න බෑ නේද මහත්තය?"

මම ඩිම් වී ගියෙමි. මොහොතින් වෙරෝනිකා ආන්ටි මතුවූ නිසා ගැස්සුණු සිත එලෙසම පසෙක තබා සේවිකාව දුන් තේ කෝප්පය අතට ගත්තෙමි. ඒ කීවේ මධුලිකා ගැනද? ටාෂා ගැනද?

"ටාෂි උඩ පුල් එකේ.. පුතා යනවද?"

සේවිකාව පිටවනතුරු මම පිළිතුරක් දීම පමා කලෙමි. එලෙස යාමෙන් ඈ තවත් මේ ගින්දරට පිදුරු දමනු ඇත.

"නෑ ආන්ටි මම ඉන්නම්"

මම එලෙස කියා ඉක්මනින් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තේ ක්ෂණික තීරණයක් ගැනීමෙනි.

පැයක් පමණ තිස්සේ මම උන් දුරකථන සංවාදයන් වලින් පසුව මම සාලයේ පසෙකින් කවුරුන් හෝ ඇතුල්වන බවක් දැනුනෙන් හිස යන්තමට හැරවුණේ ඉබේටම මෙනි.

මධුලිකා කොට කලිසමක් සමඟ ඇගේ අර සරාගී බඳ ලෙලවමින් , කේශ කලාපය විදහා සාලය හරහා යමින් සිට මා දැක ඉද්දගැසුවා සේ නතර වුවාය. ඇගේ විලවුන් වල සුවඳ මගේ සර්වාංගයම සලිතකොට දැමීය. මගේ දෑස ඈ වෙතම ඇලි ගොසිනි.

"ආ..."

මට එකවරම උගුර ක්‍රියාවිරහිතව ගියාක් මෙනි. නැවත උගුර පාදා මම කෙල පිඬක් ගිල්ලෙමි.

".... මේ අර ඩීජේ..."

කරෙහි දමාගෙන උන් සාළුවක් වැනි දෙය අතට ගත් මධුලිකා ඇස් රවුම්කොට බැලුවාය. දැන් මේ සියල්ලටම මම නිර්වින්දනය විය යුතුය.

"... මෙහෙමයි... කොළඹ ක්ලබ් වලට යන්න බැහැ.. ඒක සේෆ් මදි. නිගම්බෝ තියෙනවා ජෙට්වින් හොටෙල් එකක්.. ඒකෙ දවස් දෙකක්......... එක ළඟ නම් නෙවෙයි, ප්ලේ කරනවා. මම බුක් කළා එතැන "

මධුලිකා කට බලියාගෙන උන්නාය.

"... ඇහුනද මම කියපු එක? ඇයි දැන් එපාද?"

මධුලිකා සිහි එලවා ගත්තාක් මෙන් මා දෙසට අඩි කිහිපයක් ඇවිද ආවාය.

"ආ... නෑ නෑ ඒක හොඳයි... කවදද ඔය?"

මම දුරකතනයෙන් පැමිණි කෙටි පණිවිඩ පිරික්සුවෙමි. මධුලිකා මා අසලටම පැමිණ ඇති බව ඇගේ විලවුන්වල විසිරිමෙන් කියාපෑවේය.

"දහයයි, දාහතරයි .."

"ඈ ! හෙටද දහය කිව්වේ?"

"ආ.. ඔව් තමයි.. හෙට තමයි. මට අද නමය කියලා අමතක උනානේ... ඔව් තමයි"

මධුලිකා මා දෙස බැලුවේ කට කොනක් සිනාසෙමිනි.

" මහලොකුවට වත්තක් පාලනය කරනවා කියල කියන්නේ, දවස දන්නෙත් නැහැ"

මටද සිනාවක් නැගුණි.

"ආ.. එහෙමද? ඩෙනිම් අඳිනකොට මිට පස්සේ සිහි කල්පනාවෙන් ෂිප් එකත් දාන්නකෝ එහෙනම් මෑම් !"

මධුලිකාගේ අත විදුලි වේගයෙන් කලිසමේ සිපරය වෙත යද්දී මම තොල්පටවල් දෙකම තදින් මුව තුලට දමා සපාගත්තෙමි. එසැනින්ම මම අසුනෙන් නැගී සිටි අතර ටාෂා සිනාසිගෙන සාලයට පැමිණියාය.

"ආනේ තිකූ... ගොඩක් වෙලාද ඇවිත්? මමාට මම කිව්වනේ පූල් එකට එන්න කියන්න කියලත්. මොනාද බොන්නේ?"

තේ කෝප්පය තිබු ලෙසම කෝපි මේසය මත ටාෂා දකින්නට ඇත.

"ආ.... නෑ අවුලක් නැහැ. මම මේ ළඟට ආපු ගමන්. නිකන් ඇවිත් යන්න ආවා ටාශි"

මධුලිකා අඩියට දෙකට එතැනින් පැනගියේ සිදුවූ අපහසුතාවය නිසා බව මට වැටහුණි. මගේ කෙළිලොල් සිත තදින් සිනාසෙමිනි.

"අනේ තිකු අද රූෆ් ටොප් එකේ දාමු පොඩියට සින්දු පාටියක්"

අවාසනාවට මෙන් වෙරෝනිකා ආන්ටි ඒ අසලට පාත්වුයේ කොහි සිටදැයි නොදනිමි.

"බෑ ටාශි... අද මට වැඩක් තියෙනවා. පස්සේ බලමු... එහෙනම් මම යන්නද?"

"ආ.. අපු පයින්ම?"

වෙරෝනිකා ආන්ටි සැබෑ හැඟීමෙන් කියන්නට ඇත.

"මම මේ ඩඩාට බෙහෙත් වගයක් ගන්න ආවේ... ඉක්මනින් යන්න ඕනේ.. තරහ වෙන්න එපා ආන්ටි.. යන්නම් එහෙනම්"

මම ආපසු හැරෙද්දී ටාෂා මගේ පසුපසින්ම එනු මට දැනුනි. මම යන්තමට හිස හරවා බැලුවෙමි. මධුලිකා කොහිද?

"ඇයි ෆෝන් එකට උත්තර නොදුන්නේ?"

මට දැනගත යුතුව තිබුනේ මධුලිකා ගැන කිසි තොරතුරක් ඇය නොදෙන්නේ මන්ද කියාය.

"ආ.... මම දවල් පොඩ්ඩක් බිසී වෙලා හිටියා, මධූ එක්ක ඔන්ලයින් ෂොපින් කලානේ"

" එයාට අඳින්න ඇඳුම් වගයක් ගත්තා. "

අහේතුකව මෙන් එයින් මට රිදුණි. මධුලිකා පැවසුවේ ගන්නට කිසිවක් නොමැති බව නොවේද? ඇය මට බොරු කියන්නේ ඇයි ? මම වාහනයට නැගුනේ නිහඬවමය.

"හරි මම ෆෝන් එක ඔන් එකේ තියෙන්නේ, ඕනේ වෙලාවක කතාකරන්න"

මම අපහසුවෙන් මෙන් හිස සලා වාහනය පිටතට ගත්තෙමි. මධුලිකා තවත් වරක් දකින්නට ඇතිනම්! කෙටි පණිවිඩයක් පැමිණියේය. තිරයේ සඳහන් වුයේ මධුලිකා ලෙස නිසා වහා එය කියවීමි.

'ගොඩක් ස්තුතියි සර්. හෙට යන්න පුළුවන්. මට විස්තර එවන්න'

මම පිළිතුරක් නොබැඳ වාහනය පදවාගෙන ගියෙමි.

මධුලිකා මා දෙස ඔරවාගෙන බලාසිටියාය.

"ඒ මොකක්ද ඒ?"

උදානි ඒ කිසිවක් නොසිතා වහාම ජීප් රථයේ පසුපස ආසනයට පැන්නාය.

"මෙන්න මෙහෙ නගිනවා හලෝ ඒ පාර හතර මායිම් හොයන්න තියාගත්තේ"

"එහෙනම් ඉතින් ගමන කැන්සල් කරමු.. කෝ ඉන්න මම කෝල් එකක් දෙන්න"

මම වහා දුරකථනය ගෙන හෝටලයේ අංකය ඇමතීමි. දුරකථන ක්‍රියාකරවන්නිය මගේ අවශ්‍යතාවය් අසා අදාළ අංශයට එය යොමු කළාය.

"කැන්සල් කරන්න එපා , අපිට යන්න පුළුවන් කැබ් එකක් තිබ්බනම්"

මම ඇමතුම විසන්ධි කලෙමි.

"දැන් මට මොකක්ද කරන්න කියන්නේ?"

මම ඔරවමින් ගෙරවුයෙමි.

"අනේ ඇත්තමයි මධුලිකා මට එන කේන්තිය කොච්චරද කියලා දන්නවා නම්! නගින්න අනේ.... "

උදානි තරහින් කීවාය. මධුලිකා පුප්පාගෙන , මටත් ඔරවාගෙන පිටුපස ආසනයට නැග්ගේ බෑගය මහ හඬින් අතහරිමිනි. ඈ මේ පුප්පන්නේ ගමනට මම පැමිණි නිසාය.

"මේ.... නෝනලා මතක තියාගන්නවා නම් හොඳයි, මම ඩ්‍රයිවර් නෙවෙයි. කවුරුහරි ඉස්සරහ සීට් එකට ආවොත් හොඳයි"

පොරකෑමක් සහ පමණක දබරයකින් පසුව මධුලිකා පසුපස දොරෙන් බැස , ඉදිරි අසුනට පැමිණ 'දඩාස්' ගා දොර වසාගත්තාය.

'පුදුම කේන්තියක් යන්නේ!'

මම කට කොනකින් සිනාසී ආසන පටි පෙන්නුවෙමි. මධුලිකා මහා තරහින් මෙන් ඒවා දමාගත්තේ කවුළුවෙන් ඉවත බලාගෙනය.

මම අවුකණ්නාඩි යුවල දමාගෙන මද සිනහවෙන්ම වාහනය පාරට ගත්තෙමි.

ඇස කොනෙන් මධුලිකාගේ එරවිල්ල මට පෙනේ. අවුකණ්නාඩි නිසා මම බලන දිශාව නොපෙනීම වාසියකි.

දනිස්ස තරමක මදක් කෙටි, තද රතු පැහැති සැහැල්ලු ගවුමක් හැඳ , ඊටම කැපෙන තොප්පියක් පැළඳ , සැහැල්ලු රතුපාටම සෙරෙප්පු යුවලක් පැළඳ සිටි මධුලිකා වඩා හුරුබුහුටියට මට පෙනුනි. මධුලිකාගේ තොප්පි පිස්සුව මම දනිමි.

"ඔය මල්ටි බිලියන් ඩොලර් වලින් කරන බිස්නස් තියෙනවා වගේ නෙවෙයි, මේක මගේ දුප්පත් ජීප් එක! ඊටත් ඒකත් ඩඩාගේ..."

උදානි හිකිස් ගා සිනාසෙනු ඇසුනි. මධුලිකා පුපුරමින් ඉවත බලාගෙනය.

"ඇති ඇති දෙන්නා පැටලුනා... තීක්ෂණ මට යන ගමන් පොඩ්ඩක් යාලුවෙක්ගෙ ගෙදර යන්නත් ඕනේ.. මම නිගම්බෝ ටවුන් ඒරියා එකේදී කියන්නම්කො"

උදානි අන් කවරදාටත් වඩා මට හිතවත්ව ඇති ලෙසකි. මම නිහඬව හිස සැලුවෙමි. අධිවේගී මාර්ගයට ඇතුළුකොට, ඒ ඔස්සේ වාහනය ඇදී යනතුරුම අප අතර කතාබහක් නොවුනි.

මම ගුවන්විදුලි ක්‍රියාත්මක කර වාහනය තුල උෂ්ණත්වය තරමක් අඩු කලෙමි. වේගය නිසා මගේ සුපුරුදු ගෝල්ඩ් FM පැහැදිලි නොවිය. මම වෙනත් චැනලයක් සුසර කලෙමි.

මදු මල ලෙස මුදු
මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර
ඔබට ලියන එක
මට ඇති එක සතුටයි

අපමන සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැම දේ
පරවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

හිත ගොලුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන විට
නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැම දේ
පරවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි

මහා වේදනාවක් නොපෙන්නා සිටින්නට මට හැකි විය. චැනලය වෙනස නොකර සිටියේ වෑයමකිනි.

මධුලිකාට ඒ අතරේ ඇමතුම් කිහිපයක්ම පැමිණි අතර ඉන් එකක් පෙරදා ඇය ඇමතු මාරියා නම් තරුණියගෙන් බව මට යන්තමට පෙනුනි. මධුලිකා එම ඇමතුම නොගෙන විසන්ධි කලේ මා දෙස හොරෙන් මෙන් බලමිනි. ඉන් පසුව ඇය යුහුසුළුව කෙටි පණිවිඩ හුවමාරු කරගන්නට වුවාය.

මධුලිකාගේ අතැඟිලි දුරකතනයේ ගමන් කරනවා මිස ලියන්නක් මට නොපෙනේ. එහෙත් මා දුන් මුදුව නොමැති ඒ අතැඟිලි දෙස වරින්වර මා බලා සිටියේ පිටට නොපෙනෙන සුසුමක් සලමිනි.

මිගමුව නගරය පසුවී මද දුරක් ගිය පසුව මම උදානිගේ යහළුවාගේ නිවස අසල නතර කලෙමි. ඇය බැසගිය නිසා මම ජීප් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත කර , පසුපසට බර වෙමින් අසුනේ හරිබරි ගැසී සුසුමක් හෙලුවෙමි.

"සොරි"

"අඃ "

ඇසුන දේ ගැන විශ්වාසයක් නොමැතිව මට නැගුනේ විමතියකි. කවුළුවෙන් එපිට මුහුණ තබාගෙන උන් මධුලිකා අපහසුවෙන් නගාගත් සිනහවකින් මා දෙස බැලුවාය.

"සොරි... මම තරහට නෙවෙයි බැන්නේ... "

"ආ.."

"ඔයාට කරදර කරන්න හොඳ නෑනේ.. මම හිතුවේ අපිට යන්න පුළුවන් කියල"

"ඒකට කමක් නැහැ"

මගේ දුරකතනයට පැමිණි ඇමතුම මම විසන්ධි කලෙමි. ඇමතුම තරුක අය්යාගෙනි.

"ආන්සර් කරන්න"

"නෑ දැන් ඕනේ නැහැ, වැදගත් එකක් නෙවෙයි"

"හ්ම්ම්"

"මොකද අච්චර ග්‍රෑන්ඩ් ගුඩ්බායි එකක් කට්ටිය දුන්නේ?"

මම සිනාසෙන්නට යත්න දරමින් කිව්වෙමි.

"ආ....."

මධුලිකා සිනාසුනාය..

".. ඒ ඉතින් ආයේ එන්න වෙන්නේ නැහැනේ.. ඒකයි "

මම කලබලව ගියෙමි. මධුලිකාට එය වැටහෙන්නට ඇත.

"..ෆ්ලයිට් එක තියෙන්නේ පහලව රෑ.. අපි මෙහෙ දාහතර වෙනකල් ඉන්නවනේ "

මගේ හිස බමන්නා සේ දැනුනි.

"මේ ඔක්කොමද මේ එහෙනම්? ඔයාගේ ලගේජ්?"

"ටිකක් ඇඳුම් ගත්ත. ඊයේ උදේ ඕඩර් කරපුව අද දවල් ආවනේ. ආයේ මොනවාහරි ඕනේ උනොත් මෙහෙන් ගන්න පුළුවන්නේ... එහෙම මොනවත් ඕනේ නෑනේ"

මධුලිකා අහිංසකව සිනාසුනාය. මගේ පපුවේ කොටසක් නාය ගියාක් මෙන් දැනුනි. එහෙත් එය සිනාවකින් වසාගන්නට මේ තික්ෂනට දැන් පුළුවන.

"..ඔයාට ගොඩක් ස්තුතියි තීක්ෂණ මේ හැමදේටම. ටාෂි හරිම හොඳ කෙල්ලෙක්. මට පුදුම විදියට උදව් කළා. ඔයාගේ හොඳම තමයි කියවන්නේ. ඔයාට මැචින් , මගේ තරහක් නැහැ"

ඊට පිළිතුරක් දෙන්නට මම මුවවිවර කරන්නට උත්සහ කරනවිටම, උදානි ගේට්ටුව විවෘත කරමින් පැමිණියේ සතුටින් කා සමඟදෝ කියවිමිනි. හේ තරුණයෙකි.

"උදේශ්.... මේ ඉන්නේ මධු..... මම ඔයාට කිව්වේ.... මගේ බෙස්ට් බඩියා ...... මේ තීක්ෂණ... මේ මම කිව්වේ "

"හලෝ ..මචන්... මොනාද දන්නෙත් නැහැ මම ගැන නම් කියලා තියෙන්නේ.. මොකක් කිව්වත් ඒ ඔක්කොම ඇත්ත වෙන්න ඇති.."

මම සැහැල්ලුවට කියා දැමුවෙමි.

"එහෙනම් ඔයාට මම කෝල් එකක් .දෙන්නම්.. එන්නකෝ හරිද?"

එසේ කියා උදානි දැමු බැල්ම අනුව නම් ඒ තරුණයා නිකන්ම නිකන් අයෙකු විය නොහැකි බව මට වැටහුණි.

එතනින් සමුදී අප හෝටලයට යන ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන්නට වීමු.

********************මතු සම්බන්ධයි **************************
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com5tag:blogger.com,1999:blog-4632197388452093715.post-4996109322782977962021-07-08T17:30:00.004-10:002021-09-07T06:26:17.787-10:00259: සුහදිනියේ - 50 | හැරයාමක් ගැන හෝඩුවාවක්
කලින් කොටසට

මම ජීප් රථය නවත්වාගෙන සිටියදී පුම්බාගත් මුවින් යුතුව මධුලිකා පිටුපස ආසනයට නැගුනේ මා දෙසවත් නොබලාය. අවසන් මොහොතේ තාරුක අයියා මධුලිකාවත් ගමනට එක්කාගෙන එන ලෙස පැවසුවේ ඇයිදැයි නොදත්තත්, ඒ ලෙස හෝ මධුලිකා දකින්න ලැබීම මට සහනයක් විය. ඈ වෙනදා මෙන් පිළිවෙලට හැඳ පැළඳ සිටියේ නැත. ඇස කොනෙන් දුටු ඇගේ කොට කලිසම මා කෝපවත් කලද මම නිහඬව සිටියෙමි.

'කෙහෙල්මල් කකුල් පේන්න අඳින්නේ මාව තරහ ගස්සන්න වෙන්නැති '

අවු කණ්නාඩි යුවල දමාගත් මම රථය පදවාගෙන ගියා විනා තාරුක අයියාගේ නිවසේ නතර කරන තෙක් අප දෙදෙනාගේ අතර කිසිදු කතාබහක් නොවුනි. මගින් මගට මධුලිකාට දුරකථන ඇමතුම් පැමිණියාට ඈ ඒවාට පිලිතුරු නොදී විසන්ධි කරනවා ඇසුණු අතර මම වැරදීමකින් දෙවතාවක් පමණ කණ්නාඩියෙන් ඈ දෙස බලද්දී, වරකදී පමණක් අපේ ඇස් හමුවිය.

ඒ ඇස් ! ඒ බැල්ම!! සැතකින් පපුව කපා හරින්නාක් මෙනි.

රථය නතරකොට මම තරමක් කල් මැරුවද මධුලිකා වහා බිමට බැස්සාය. තාරුක අයියා නිවසේ සිට එලියට පැමිණි අතර මධුලිකාට කතාකරනු මට පෙනුනි. ඒ සියල්ලට වඩා ඒ කෙහෙල්මල් කොට කලිසම මට වදයක්ව පැවතුනි. මා රිදවන්නටම සිතාගෙන ඈ එලෙස ඇන්දාද? ඊටත් වඩා ඔෆ් ශෝල්ඩර් ලෙස වැටුණු ඇගේ කමිසය , ඇගේ ලපයක්වත් නොමැති ටෑන් උරහිස පෙන්වමිනි.

මම නිවසේ පිවිසුමට එද්දී වාකිෂ්ඨ මහතා කොරිඩෝවේ පසෙක සිට අප වෙත ඇවිද ආවේය. මම දෑතම කොට කලිසම තුල දමාගෙන අපහසුවෙන් මෙන් ඔහුට සිනාසුනෙමි. වාකිෂ්ඨ මහතා මට හෙළුවේ පියෙකුගේ බැල්මකි.

"එන්න මිස්ටර් වාසලමුදලි.. අතන ටේබල් එකට"

මුලින්ම තාරුක අයියා සමඟ මධුලිකාත්, ඉන්පසුව වාකිෂ්ඨ මහතාත් , අනතුරුව මමත් ලෙස අප ගමන්ගෙන අවසන් උනේමධ්යම ප්‍රමාණයේ බුරුත ලි මේසයකිනි.

"ගුණසිරි.... අපිට තේ හතරක් ගේන්න "

තාරුක අයියා සිය සේවකයාට පවසද්දී, මධුලිකා තමන්ට පෙන්වූ අසුනට බර වුයේ මට ඉදිරියෙනි. ඊට ඉඳුරා අනෙක්පස මමත් තාරුක අයියාත් හිඳගත්තෙමු.

හ්ම්ම්ම්... දැන් එකිනෙකාට විරුද්ධව අපි! මම හැඟීම් විරහිත බැල්මක් ආරුඪ කරගත්තෙමි.

වාකිෂ්ඨ මහතා සිය ලිපිගොනුවක් විවෘතකොට කොලයක් අතට ගත්තේය. හිස නොඋස්සා බලන මට ඇස කොනෙන් මධුලිකා බිම බලාගෙන සිටිනු පෙනේ.

"මිස්ටර් සෙනේෂ් ට කොහොමද පුතා?"

"හ්ම්... ම්ම්ම් හොඳයි"

"පුතාට මේ ටිකම රෙස්ට් එකක් නැහැ කියලා මට සුන්දර් කිව්වා..."

මම මෝඩයෙක් සේ සිනාවක් පෑවෙමි.

"මිස්ට වාසලමුදලි... මම කෙලින්ම කාරණේට බහින්නම්. මම මිසිස් මධුලිකාගේ ලීගල් අඩ්වයිසර් විදියට මේක කතාකරන්න කැමති. දැන් මිසිස් මධුලිකා ඩිවෝස් පැමිණිලි පාර්ශවය විදියට දාන නිසා..."

මගේ කන් අගුල් වැටෙන්නා සේ වුවද පැරණි හිතක් නැති තික්ෂනගේ ආනුභාවයෙන් හිස කෙලින් කරගෙන උන්නෙමි.

".. මේ නඩුව අපි සාකච්ජා මාර්ගයෙන් කරන්නයි බැලුවේ. එතකොට හියරින් සේෂන්ස් ගොඩක් යන්නෙත් නැහැ. ඉක්මනින් ඉවරත් වෙනවා. මිස් මධුලිකා රට යන්නත් ඉන්න නිසා ඒ විදිය හොඳයි කියලා මම හිතුවා. මිස්ටර් වාසලමුදලි මොකද හිතන්නේ?"

මම ඔරවා සිටියෙමි.

".... කන්ටෙස්ට් කරනවා නම් එහෙමයි.. නොකර ඉන්නවා නම් එහෙමයි. ඒක කැමති දෙයක්"

මම නොසන්සුන් බැවින් ඒ මේ අත බැලුවේ වේදනාවෙනි. තාරුක අයියා මගේ පිටට තට්ටුවක් දැමුවේය.

"....මම මේක දෙනවා මගේ ඇසිස්ටන්ට්ට .මිස්ටර් වාසලමුදලි එතකොට.."

"මට ලෝයර් කෙනෙක් ඕනේ නැහැ ! කන්ටෙස්ට් කරන්නෙත් නැහැ !!"

මම සැරෙන් මෙන් කියා දැමුවෙමි.

"හරි... නමුත් මේක ඒ ලීගල් කොටසට එහා ගියපු දෙයක්. පුතාගේ අනික් ලීගල් මැටර්ස් බලන්නේ මිස්ටර් දුනුවිල නිසා මේක මම කලින්ම කියලා එකඟතාවයකට එන්න කැමති උනා. "

වාකිෂ්ඨ මහතා හුස්මක් ඇල්ලුවේය.

".... මේක .මෙහෙමයි... මිසිස් මධුලිකා එයාගේ පයිලින් කම්පැනි එකේ අධ්‍යක්ෂක ධුරයක් දෙන්න කැමතියි පුතාට. නඩුවේ කවුරු දිනුවත් මේක දෙනවා"

මම කම්පනයෙන් හිස ඔසවා මධුලිකා දෙස බලද්දී, ඈ සිටියේ ඉවත බලාගෙනය.

"ඒ... ඒ... ඒ මොකටද?"

වාකිෂ්ඨ මහතා අපහසුවෙන් , සෙමෙන් නමුත් පැහැපත් සිනාවක් පෑවේය.

"මිසිස් මධුලිකා කැමතියි... පුතා මෙච්චර කාලයක් කරපු උදව් වලට තෑග්ගක්..."

මම එකවරම ගල්වී ගොස් මධුලිකාගේ මුහුණ බැලුණි. මගේ හුස්ම වේගයෙන් ඉහල පහල ගිය අතර තාරුක අයියා පුටුවත් පෙරලාගෙන නැගී සිටියේය.

"ඒ මොන %% කතාවක්ද මිස්ට වාකිෂ්ඨ!"

මගේ හදවත පුපුරා ගියාක් මෙන් විය. වේදනාව වැඩි කමට මට කිසිදු වේදනාවක් නොදැනෙන්නට ඇත.

"....ඕකටද එන්න කිව්වේ?"

"මට මුකුත් ඕනේ නැහැ... !"

මම සිනහවක් නගා පුටුවෙන් නැගිට, තාරුක අයියාටද තට්ටුවක් දමා රථය වෙත පියමන්නෙමි. ආපසු හැරුනේ තාරුක අයියා බලන්නටය.

"මේ මොන හිතක් පපුවක් නැති කතාවක්ද? තීක්ෂණ මේවා කලේ තෑගී බලාගෙන නෙවෙයි... "

අනතුරුව විදුලියක් මෙන් හැරී මධුලිකා දෙසට සිය දබර ඇඟිල්ල දිගුකළේය.

"...... මිසිස් මධුලිකා මේ! .... මනුස්සයෙකුට අපහාස කරන එකෙත් සීමාවක් ...තියෙනවා"

තවත් මොනවාදෝ කියමින් තාරුක අයියා මධුලිකාට බනිනු ඇසෙද්දී මම නෑසුණු කන් ඇතිව රථයට නැංගෙමි. සුක්කානමට හිස තබාගත් මගේ හිතට දැනෙන්නේ මහා වේදනාවකි. මධුලිකා මෙතරම් මම රැකගත්තේ ඇගේ මුදල් නිසා නොවේ.

'මට ඕන ඇති කෙහෙල්මලක් නෑ! මම ඔය නඩුවට එන්නෙත් නැහැ... මට ඕනේ චෝදනාවක් දාලා නඩුවත් දිනාගන්නවා... මගේ බල්ලාටවත් ඕනේ නැහැ ඔය කෙහෙල්මල්!' මම මගේ සිතට කියාගත්තෙමි.

තාරුක අයියාගේ පියවර හඬ මට ඇසුනද මම සුක්කානමේ හිස තබාගෙන ඒ අයුරින්ම උන්නෙමි.

"මචන්.. උඹ පලයන්... හිතන්න එපා මේ ගැන... මම මේ යක්සිනිව ගෙනත් දාන්නම් පස්සේ"

"මධුට බනින්න එපා"

"බනින්න? බනින්න නෙවෙයි තියෙන්නේ හොම්බට අනින්න... අම්මප මෙහෙම ගුණමකු කමක්! උඹ ඔච්චර කරලා ඒකට මරු අගයක් දීලා තියෙන්නේ "

"මධුව එවපන්.. ඔය බැන්නා ඇති... මධුව තියන්න බැහැ තනියෙන් කොහෙවත්..."

මම එකහෙලා කිව්වෙමි. තාරුක අයියාගේ මුහුණේ ඇඳුනේ මා ගැන අනුකම්පාසහගත සිනාවකි.

අනතුරුව මම අනුලාගේ හමුවත්, සිදුවූ සියල්ලත් ඔහු වෙත කියා දැම්මෙමි. මදක් කල්පනාවේ ගිලි සිටි නමුත් ඔහු ඒ සැනින් ගොස් මධුලිකාට සැරෙන් මෙන් මොනවා හෝ කියා වාහනයට එවූ අතර වාහනයට නැගී දොර වැසූ සැනින් මධුලිකා මහා හඬින් හඬන්නට වුවාය. මගේ සිතද වේදනාවෙන් කෙඳිරිගාන්නා සේය. ඒ ආවේගයෙන්ම මම වාහනය පදවාගෙන තාරුක අයියාගේ නිවස නොපෙනෙන මානය තෙක් පැමිණියේ මහත් වේගයෙනි.

නොපෙනෙන මානයට ආ පසු මම කණ්නාඩියෙන් දුටුවේ ආසනය මත ගුලිවී හඬන මධුලිකාය. හදවත උණුවී ගියෙන්, මම රථයේ වේගය බාල කොට කණ්ණාඩියෙන් බලා මධුලිකා ඇමතුවෙමි.

"දැන් අඬන්න එපා.."

මගේ උගුරද බැරැන්ඩි වී ගොසිනි. අනතුරුව වාහනය පසෙකට කොට නතර කර නැවතත් මධුලිකා දෙස බැලුවේ දොරට වැලමිට තබා ආපසු හැරෙමිනි. මධුලිකා නාසය පිසිමින් මා දෙස වරක් බල බිම බලාගත්තාය.

"ම.. මම.... මම එහෙම.. ඔයාව ඔෆෙන්ඩ් කරන්න කියල හිතාගෙන එහෙම..."

මධුලිකාගේ හඬ බිඳෙයි. සියල්ල එක්ව ගත්කල මට ඇගේ ඒ වැකිය වැටහුනේ එපරිද්දෙනි.

හුස්මක් ඇල්ලු මම වාහනයෙන් බැස රියදුරු අසුනට විරුද්ධ පැත්තේ රථයට පිටදී සිටගත්තේ හුස්මක් අල්ලමින් අහස දෙස බලමිනි. මගේ සිත කැළඹී ගොස්ය. පිටුපස අසුන ඇති පැත්තෙන් දොර විවර කර මධුලිකා බිමට බැස්සේ ඊට තත්පර කිහිපයකට පසුවය. මට හිස හරවා බැලිය නොහැකිය.

"මගේ... මගේ ජිවිතේ අවුල් වෙලා තීක්ෂණ.."

මටත් එලෙසම බව කියන්නට නොහැකිය. මට මධුලිකා ගැන අනුකම්පාවක් දැනුනි. වෙනදා මෙන් මධුලිකා වෙත කඩාපනින්නට මට නොසිතේ.

"අපි තරහෙන් ඉන්න ඕනේ නැහැ මධු"

මම හිස හරවා මධුලිකා දෙස බැලුවෙමි.

".. මගෙන් ඔයාට වරදක් උනා නම් ඒවත්, ඔයාගෙන් මට වරදක් උනත් ඒවත් .. මේ ඔක්කොම දැන් ඉවරයි.. ඔයා අලුත් ජිවිතයකට යන්න ඕනේ. මගේ අර ඉල්ලීම විතරක් තිබ්බම ඇති.. "

මම මධුලිකා අනවසරයෙන්ම මා තදින් වැළඳ ගත්තාය. දෑතම නිදහසේ තබාගෙන ඈට රිසිසේ මගේ පපුව පුරා දැවටෙන්නටත් , ඇතුලතින් සූරා පොඩිපට්ටම් කරන්නටත් ඉඩදී මම නිර්වින්දිතව බලා උන්නෙමි.

"තැනක් යූ තීක්ෂණ.. ඔයා විතරයි මාව තේරුම් ගන්නේ!"

'මධු.. ඔයා තමයි මාව තේරුම් නොගත්තේ' මගේ සිත මිස මුව එවදන් පැවසුවේ නැත.

තාත්තා නිවසට රැගෙන එන්නට පෙරදා රාත්‍රියේ මම ටාශාගේ නිවසේ roof top එකට වී තනිවම සිතල බියර් පානයක් රසවිඳිමින් උන්නෙමි. දුකෙන් සිටිනා විට බීර මත මා තරමක මත කරන බව මම දනිමි. අවසිහිය නොවුවද ඒ නිර්වින්දනය මට අවශ්‍යව තිබිණ.

පෙරදිනයක වූ කෑම මේසයේ සිදුවීමෙන් පසුව මම හැමවිටෙකම කෑම ගත්තේ තනිවම, මගේ කාමරයේය. ඊට අමතරව හැකි සැමවිටම අම්මාටත්, ටාෂාගේ මවටත් මුහුණ නොදී ඉන්නට උත්සහ කලෙමි. ටාෂා මගේ කාමරයේ සිට දුටු මොහොත ඈ පාවිච්චි කල මොහොත ගැන මට දොසක් කියන්නට නොමැති වුවත් මගේ සිත ඉන් අමනාපයකට පත්ව තිබිණ.

මම සිටියේ වත්තේ වැඩ සහ අනෙකුත් වැඩවලින් දවල් දවස පුරවාගෙනය. එබැවින් සවස වනවිට කාටත් හොරා නිහඬවම මෙතැනට එන්නට මට අවකාශ ලැබිණ.

තාරුක අයියා පැවසුවේ මධුලිකාගේ විදේශගතවීම ස්ථිරවී ඇති බැවින් ඊට පෙර දික්කසාද කොළ සඳහා අත්සන් තබන ලෙසය. එදා මෙන් දොස් නොකිව්වද කලින් සිදුවීම නිසා මධුලිකා ගැන ඔහු සිටියේ අමනාපයෙනි.

මම ඔහුගේ නොමනාපය නිවැරදි කරන්නට උත්සහ නොකලෙමි. මා විඳින දුක ඔහු දන්නා නිසා මා සනසන්නට ඇයට බනිනවාදෝ සිතෙන තරමට ඔහු මධුලිකාට දොස් කිව්වේය. කෙසේ වුවත් ඇත්තටම මම උන්නේ නිර්වින්දිත තත්වයෙනි. සිදුවන කිසිවක වේදනාවක් නොදැනෙන තරමට මම හැඟීම් විරහිතව බලා උන්නා වියහැකිය.

පුංචි පහේ පිහිනුමකින් පසුව මම පිහිනුම් තටාකයේ පසෙක තිබුණු සුදුපාට හාන්සි පුටු පේලියේ එකක දිගෑදුනෙමි. එය තිබුනේ තටාකයේ පසෙක අඳුරු මුල්ලකය. සීතල සුළඟ ගෘන්ගාරය දනවයි. හාත්පස ඇති මන්ද ආලෝකය මා මත්කරන ලෙසක් දැනේ. මධුලිකා සිහි නොවන්නට තරම් මම උපාසකයෙකු නොවේ. ඉබේටම මට මගේ පපුව අතගෑවුනේත් මහත් බරැති සුසුමක් නැගුනෙත් ඒ මොහොතේය.

තාත්තා හෙට දිනයේදී නිවසට රැගෙන යා යුතුය. නිවස තුල ආරක්ෂාව පිළිබඳව මම වගකියන්නට බැඳී සිටිමි. තවදුරටත් මෙහි රැඳීම යහපත් නොවූ නිසාත්, ටාෂාගේ පවුලට තවත් බරක් විය නොහැකි නිසාත් තාත්තාගේ බර අප දැන් තනිවම දරාගත යුතුබව මට වැටහුණි.

එසේ උවද ටාෂාගේ මිතුරියක් ලෙස හඳුන්වා දුන් මධුලිකා මා සමඟ යාම අභව්‍ය වාගේම ඈ මෙහි තබා යාමත් කළහැක්කක් නොවේ. මට බර සුසුමක් හෙලුනේ ඉබේටම වන්නට ඇත.

".. අනේ... ප්ලීස් උදානි.. දැන් ඔය බනින එක නතර කරන්නකෝ"

ඉහල මාලයට එන පඩිපෙළ ඔස්සේ ලං ලංව ඇසෙන හඬට මගේ අවධානය යොමු වුයේ නිතැතිනි. ඒ කවරෙකුවත් නොවේ, මධුලිකාය. මම එතෙක් පුටුවේ දමා සිටි කමිසය ගෙන ඇඳගත්තේ මධුලිකාගේ ඇස ගැටෙවී යයි කියාය.

'ඇත්තටම මොන බම්බුවකට එහෙම කලාද?'

මධුලිකා පඩිපෙළ තරණය කොට පැමිණෙද්දී මගේ පපුව ගැහෙන්නට විය. වාසනාවට ඈ මා සිටින දෙසට නොව ඊට ප්‍රතිවිරුද්ධ දිහාවට ගියේ මට පිටුපාමිනි. ඇගේ කනෙහි ජංගම දුරකතනයයි.

අඩ අඳුරේ මට ඈ නොපෙනුනද හුරුබුහුටි බඳ ලෙලවමින් ඈ ගොස් නැවතුනේ බැල්කනි බිත්තියට සිය බඳ තබා හේත්තු වෙමිනි. ඇගේ වරලස ඉහලට කොට ගැටගසා නොතිබුණු බැවින් සුළඟ විසින් විසිරුවනු මට පෙනුනි.

"... අනේ එහෙම නැහැ උදානි.. ..ඉහි ඉහි. අනේ පොඩ්ඩක් තේරුම් ගන්නකො.... ඊයෙත් මම යනකොට ඔයා කෙළවරක් නැතුව කෝල් කරනවා. මම හිටියේ එතනට යන ගමන් හින්දා ආන්සර් කලේ නැහැ.... අනේ.... එහෙම.... චික්!"

මධුලිකා කෝපයෙන් මෙන් දුරකථනය විසන්ධි කොට බැල්කනියෙන් පහල බලාගෙන ඉකිබිඳිනු මට පෙනුනි. සොරෙක් මෙන් මම නිශ්ශබ්දව උන්නෙමි.

එසේ නම් එදින මා සමඟ යද්දී මධුලිකාට අමතා ඇත්තේ උදානිය. ඔවුන් දෙදෙනා රෝහලෙන් පැමිණි දා සිට යම් යම් දේවල් ගැන දබරවනු මට දැනී තිබුනද, මධුලිකා ඒ ගැන මට කිසිවිට කියා නැත.

මධුලිකා හෙලන සුසුම් නිශ්ශබ්ද වාතලය ඔස්සේ මා වෙත ගලාගෙන ආවේ නිතැතිනි.

මද වෙලාවකින් මධුලිකා ජල තටාකය දෙසට ඇවිද එනු දුටු මගේ හුස්ම නැවතුණි. මම රහසේ ඇගේ කතා අසා සිටිනවා ඈ දුටුවොත් මෙතන අඩව්වක් අල්ලනු ඇත.

මම හුස්ම අල්ලාගෙන පුටුවේ පසුපසට වී ගුලිවීමි.

ඈ මා නොදැක ජාල තටාකය වෙත ඇවිද එද්දී තටාකයේ පත්ලේ තිබුණු බල්බ වලින් විහිදුනු මලානික එළියෙන් ඇගේ බුහුටි ශරීරය අන් සියල්ලෙන්ම වෙන්කොට දක්වන්නාක් මෙන් විය. මම දෑස වසාගත්තෙමි, නමුත් එක ඇහැක් විවරව ගියේ මගේ තුරුණු සිත නිසා වන්නට ඇත.

'මම ඉතින් රහත් වෙලා නෑනේ දෙවියනේ!'

මධුලිකාගේ දුක්බර මුහුණ පුරා කඳුළු වැල් වියලි ගොස් ආලෝකයට රිදීවන්ව දිළිසුනේය. මේ සිටින්නේ මගේ ප්‍රාණසම ප්‍රේමය නොවේද? ටෑන් පාට සමක් තිබුනද මගේ ජීවිතය තුල දුටු ගිනිසිළුව ඈ නොවේද? විටෙක මා ප්‍රේමයෙන්ද , තවත් විටෙක ගිනියම්වන තුරුණු හැඟීමෙන්ද උමතුකරවන්නේ ඈ නොවේද?

ඈ අතහරින්නට තරම් මම මුග්ධ වන්නේ කෙලෙසද?

'උඹ නම් මහා ගොන් වස්සෙක් බන්' මට තාරුක අයියාගේ හඬ මා අසලින්ම ඇසුනි.

තටාකය වෙත පැමිණි මධුලිකා සිය කකුල් හකුලවා සිය විලුඹට බරදී හිඳගෙන තටාකයේ සීතල ජලයේ සිය වම අත යැව්වේය.

මගේ පපුව නතරවන්නට ආසන්නය.

තටාකය වටා ඇති ආලෝකයේ ආනුභාවයෙන් මා සිටින අඳුරු මුල්ල ඇගේ ඇස ගැටෙන්නේ නැති බව මට වැටහෙද්දී යම් සහනයක් දැනුනද මම සිටියේ ඉහලට ඇදගත් හුස්ම පවා අල්ලාගෙනය. අනතුරුව ඈ මට පිටුපස හරවා තිබුණු සුදුපාට පූල් පුටුවේ වැතිරුනාය. ඇගේ බුහුටි සිරුර එම පුටුවෙන් ඔබ්බට නොගියද, ඉහලට ඔසවා නිදහසේ යැවු ඇගේ වමත පුටුවෙන් පිටුපසට වැටී මට පෙනේ.

ඇය කාට හෝ නැවත ඇමතුමක් ගන්නා හඬක් ඇසේ. අතරින් පතර මිස මට දිගටම ඇගේ කතාබහ ඇසෙන්නේ නැත.

".. ඔව් මරියා.... අනේ ඉතින් හදිස්සියක්..... ඔව් ඔව්"

මධුලිකා ඉංග්‍රීසියෙන් අමතන්නේ විදෙස් තරුණියකට වන්නට ඇත. මම අලි කන් ඇතිව අසා සිටියෙමි.

ටිකට් එක ඔක්කොම මේ සතියේ හරි. මම... ..හ්ම්ම්.. ඔව් මරියා... ඒක තමයි
ප්‍රශ්නේ... මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියල... ස්ටීව් මට කිව්වේ...
මමා.... ඔව්.... ඔව් ඒ ගෙවල් ඔක්කොම විකිණුවා. මගේ ලෝයර් ඒවා බැලුව.
හ්ම්ම්... නෑ තාම නෑ .. හ්ම්ම්... ඒ ගැන කතාකරන්න මම කැමති නැහැ මරී....
හ්ම්ම්... ගොඩක් ස්තුතියි මේ කරන දේවල් වලට... ඔව්... තව සතියක් නෑ ...
ඔව්.... අනේ මන්ද... හ්ම්ම් හ්ම්ම්ම්...."

අනෙක්පස කතාකරන්නියගේ හඬ
නෑසෙන බැවින් සැබෑවටම කතාබහ වුයේ කුමක්ද කියා නොදනිතත්, මධුලිකා සිය ගුවන්
ටිකට් පත ගැන පැවසු බැවින් මගේ සිත ඔද්දල්වී ගියේය.

"... ඔව් තමයි..... ඔව් මාරී.. හ්ම්ම්... මගේ යාලුවා මට බනිනවා..ඉහි ඉහි.... මම මොකක්
කරන්නද මාරි.... මගේ ඔලුව අවුල්වෙලා.... ඉහි ඉහි...... "

එතැන් සිට මධුලිකා හැඬුවා මිස කියන කිසිවක් පැහැදිලි උනේ නැත.

"... ආ එහෙමද? ඇයි ඒ මෝඩයා කලින් මට කිව්වේ නැත්තේ? හ්ම්ම් .. හ්ම්ම්.... හ්ම්ම්ම්.. බලමුකෝ.... මම දන්නේ නැහැ මාරි මාව ආයේ එනී කොහොම පිළිගනිද කියල... ඒක.. ඒක ලොකු බැඳීමක්.. මම දන්නේ නැහැ... මට එයා කිව්වේ නැහැනේ.."

මේ කියන්නේ කවුරුන් ගැනද? මම ගැනද? එනී ???

".. ඒ හැමදේම දැනගන්න මට ඇවිල්ල පුළුවන්... මටවත් තේරිලා තිබ්බේ නැහැ ඒ ආදරේ කියල... "

මගේ කන්දෙක නෑසී යන්නට ආසන්න බවකි. මේ කියන්නේ මධුලිකාගේ පෙම්වතෙක් ගැන නොවේද?ඈ ආපසු යාමෙන් පසුව සුවපත්වන බිඳුණු පෙමක් ගැන?

"... ඔව් මාරි.. ආවාම ඔක්කොම හරියයි කියලා මට හිතෙනවා. මම ලංකාවට ආවේ තාත්තාගේ ඉල්ලීමක් නිසා... දැන්... හ්ම්ම්.. හ්ම්ම්.. අපි දෙන්නටම ඕනේ කලේ කාලය.... ඔව්... නෑ ඔයා කතාකරන්න ඕනේ නැහැ.... ඔව් මමා හිටියා නම් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ"

මධුලිකා මේ කියන්නේ ඈ පිටරටක හැරදා පැමිණි පෙම්වතෙක් ගැන නොවේද?

පපුව හුරාගෙන ගියාක් මෙන් මම අජිවිව ගියෙමි. මධුලිකා මට ප්‍රථම පෙම්වතෙක් සිටි බවක් මම කිසිදින කල්පනා නොකලෙමි. ඇත්තම මම ඇගේ පෙම්වතාව සිටියාද? ඈ මට සිය ප්‍රේමය ප්‍රකාශ කල බව සැබෑවකි. එය ඇත්තක්ද?

මගේ ඊර්ෂ්‍යාව මහා ගින්නක් සේ සර්වාංගයම දවා හළු කරන්නා සේ දැනුනි. ඈට මිට පෙර පෙම්වතෙක් සිටි බවක් කිසිවිටෙක නොදැනුනේ ඔහු පිට රටක සිටි නිසා ද? එසේ නොමැතිනම් මම නැසූ නිසාද? නිරන්තරයෙන් මගෙන් ඈත්ව මගේ ස්පර්ශයන්, පෙම්වත් ඇරයුම් හමුවේ නිර්වින්දිතව උන්නේ ඒ සිත්ගත් ප්‍රේමය මම නොවන නිසා නොවේද? අනවරත ඊර්ෂ්‍යාව විසින් මා රකුසෙකු සේ වෙලාගන්නවා මට දැනුනද ඒ සමඟම මා කෙරෙහිම වූ ආත්මානුකම්පාවක් හිස ඔසවාගෙන ආවේය.

මධුලිකා මගෙන් දික්කසාදය පතන සැබෑ කාරණය මට දැන් පැහැදිලිය. ඈ මගේ ප්‍රේමය කෙසේ වෙතත් ආරක්ෂාව පතා මා වෙතම උන්නා මිස සිත තුල රැඳී ප්‍රේමය අන් අයෙකු වෙනුවෙනි. මට දැනුන ආත්ම පරාජය මෙතෙකැයි කිව නොහැකි තරමකි.

"මධු...? මධු...?? ඔයා කොහෙද? ඔතනද?"

ටාෂා මට ඒ මොහොතේ දැනුනේ මගේ හුස්ම බේරාදුන් දෙව්දුවක් මෙනි! පියගැට නැග ආ ටාෂා පියගැට මුදුනේ සිට මධුලිකා අමතද්දී මධුලිකා නැගිට හිස හරවා බැලුවාය.

".. මම අරෙහෙ හොයනවා.. යමු ෆිල්ම් එක පටන්ගන්න හදන්නේ... ඔයා එනකල් අනිත් උන් මට බනිනවා"

මේ මොන පුදුමයක්ද? ටාෂා මධුලිකා මිතුරු කරගත්තේ කෙලෙසද?

".. කෝල් එක ආපු ගමන් ආවා.. අපි අරෙහෙ බලාගෙන ඉන්නව "

මධුලිකා සමඟ ටාෂා නැවතත් පහලට යනු මම බලා සිටියා පමණකි

********************මතු සම්බන්ධයි **************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com4tag:blogger.com,1999:blog-4632197388452093715.post-56916220333673099672021-07-06T17:30:00.004-10:002021-09-01T21:36:38.663-10:00258: සුහදිනියේ - 49 | සටන නොනවත්වා ඉදිරියට
කලින් කොටසට

"අඩෝ... නැගිටපන්.... අඩෝ..."

තලා දැම්මාක් මෙන් සිරුර සොලවමින් ඇසුණු හඬ නෑසුනා සේ මම අනෙක් පසට පෙරලුනෙමි; පෙරලුනා නොව විසිවී ගියාක් මෙනි.

"... දැන් උඹ කීවෙනි පාරටද ඔය ඇඳෙන් වැටුනේ.... දැන් නැගිටලා මේ බෙහෙත් බීපන්"

ඒ ඇසෙන්නේ තාරුක අයියාගේ හඬයි. මට අතපය සොලවාගන්නට නොහැකි තරමකි. ඉබේටම මට කෙඳිරි ගෑවුණි. අතපය වාරු නැත්තා සේ දැනෙන්නේ ඇයි. තොලකට සියල්ල වියලි ගොසිනි.

".. තීක්ෂණ.. උඹට සිහිය තියෙනවද?"

මා ඇඳේ උඩු අතට පෙරළු හඬ කියද්දී, ඒ තාරුක අයියා බව මට වැටහුණි. මගේ මුවට වචන පැමිණියේ නැත. ඔහු මා කෙලින් කොට ගත්තේය.

"... මේ බෙහෙත් ටික බීපන්.. උඹට උණ "

තාරුක අයියා මගේ කටට මොනවාදෝ දමා වතුර බෝතලය ලං කළේය. මට ඉබේටම එය පෙවුනේ වතුර පිට උගුරේ යමිනි.

නැවත මම ඇඳ මතට කඩා වැටුනා මතකය.

මම ඉන්පසුව කොයි මොහොතක හෝ නැවත අවදි වනවිට කිසිවකුත් මා අසල සිටියේ නැත. ඇඟට යම් පණක් නොමැති වුවද ඇඟ රිදුම අඩුව ගොස් තිබිණ. මම සිටින්නේ මහල් නිවාසයේ බව යන්තම් මට හඳුනාගත හැකිවිය.

මම සිටියේ මධුලිකාගේ කාමරයේය. මම සෙමෙන් දොර හැරගෙන සාලයට ගියෙමි. සාලයේ සෝෆාව මත තාරුක අයියාට නින්දගොස් තිබිණ. ඔහු මා සමඟ මෙහි රාත්‍රිය ගතකරන්නට ඇත.

මම ආපසු හරි මුළුතැන්ගෙය දෙසට ගියෙමි. අඩක් නිමකළ ආහාර පැකට්ටුවක් සහ විවෘත නොකළ කෑම පැකට්ටුවක් එහි තිබිණ. මම ශිතකරණය විවෘත කලද බොන්නට එහි කිසිවක් තිබුනේ නැත.

"ආ.. උඹ ඇහැරුනාද?"

තාරුක අයියා විසිත්ත කාමරයේ සිට කියනු ඇසුනි. මම වීදුරුවකට අයිස්කැට දමාගෙන මගේ කාමරයට යන අතර තාරුක අයියා නින්දෙන් ඇඟමැලි කඩනු දුටුවෙමි. කාමරයේ මා තිබු තැන ජින් බෝතලය නොවීය. මම ඒ අසල කබඩ් එක ඇද්දෙමි.

"මොනවද උඹ හොයන්නේ?"

ඒ තාරුක අයියා මගේ පසුපසින් සිටගෙනය.

"නෑ මුකුත් නෑ"

"යකෝ උඹට ඊයේ රෑ උණ තිබ්බ, අයිස් බොන්නේ මොකෙක් වැහිලද?"

"තිබහයි"

"උඹ හොයන්නේ ජින් නම් ඒ බෝතලේ ඔතන නැහැ. පිස්සු කෙලින්නේ නැතුව අර දවල් බත් එක කාපන්... උදේට කාලත් නෑනේ."

මම කිසිවක් නොකොට නැවත ඇඳේ පෙරලුනෙමි. මධුලිකාගේ සයනයේ සුවඳ මට නොදැනුනත් මේ දැන් මධුලිකා දොරෙන් ඇතුළු වී සිනාසී එන්නා සේ දැනුනි.

".. උඹ පව් මචන්.... මට සිරාවටම උඹ ගැන දුකයි... හ්ම්ම්ම්"

"මට අද හවස වෙඩින් එකක් තියෙනවා. යමන් මම උඹව ගෙදරින් දාගෙන යන්නම්"

මම නිවසේ වහලය දෙස බලාගෙන ඔහේ උන්නා අරුණුවිට පිළිතුරක් දෙන්නට නොගියෙමි. මේ පෙලීම මහා නිර්වින්දනයකට මා ගෙනයන්නාක් මෙනි. ලය පැලී ලේ වහනය වන්නාක් මෙන් දැනෙන්නේ ඇයි ?

".........උඹට තාම උණද ?"

"වෙච්ච දේවල් එක්ක බැලුවාම.. මධු වැරදි නැහැ මචං "

මම සෙමෙන් මිමිණුවෙමි.

"උඹට ඉතින් ඒකි මොකක් කලත් හොඳයි. උඹගේ බෙල්ල කපල ගියත් ආයෙත් පස්සෙන් යනවා. "

"නෑ නිකමට හිතපන්.... අම්මත් නෑ , තාත්තත් නෑ , ආච්චිත් නෑ .. නෑයෝ ඔක්කොම දේපල වලට තමුන්ව බිලිගන්න බලාගෙන... ඉන්න තැනක් නැහැ.. කීදෙනෙක් වලිකනවද ? මාව විස්වාස කරලා ආවේ...මම... මම කෙල්ලට බොරුවක් කළා කියලා දැනුනම"

"ඒක තමයි බං ආදරේ කියන්නේ. දාලා යන්න බැරිකම.. දැන් බලපන් ඒකි උඹට කොච්චර ගණන් ඉස්සුවත් , කොච්චර ලොකුකම තිබ්බත් උඹ ගාවට වෙලා තමයි සද්ද ඔක්කොම.. "

මගේ සිතේ ඒ වචන ටික ගලේ කෙටුවා මෙන් සටහන් විනි.

"සිරාවටම ඒ උනාට ඒකිව දැක්කහම මට ඉන්නම බෑනේ... අල්ලලා ඇදලා අරගෙන... හ්ම්ම්ම්.. හ්ම්ම්ම්"

තාරුක අයියා සිටිනවා කියා හෝ ගණනක් නොමැතිව මම කියා දැමුවෙමි. තාරුක අයියා සිනාසෙයි.

"හරි හරි... මම නොදන්නවෑ ! දැන් ඇඳගනින්.. ආන්ටි දැන් කීප පාරක්ම කෝල් කළා. මම බැලන්ස් කරලා තියෙන්නේ. උඹේ පාස්පෝට් එක කොහෙද?"

"ඔතන වෝද්රොබ් එකේ පහල ලාච්චුවේ ඇත්තේ."

"ආ.. හරි හම්බුනා.."

"මම ඒ කෙල්ලට ඒකිගේ ගමන යන්න දෙනවා බන්.. පව්... මට ඔය කෙහෙල්මල් ඩිවෝස් එකක් තියාගෙන අහවල් දෙයක් කරන්නද?"

"මචන්!"

තාරුක අයියා මගේ උරහිසට අත තබා මා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

"....මට පුදුමයි බන් දැන් උඹ හිතන හැටි ගැන. "

මම ඊට නිහඬවම සිනාසුනෙමි, එහි වේදනාව තිබෙන්නට ඇත.

".... මොනවා උනත් උඹ ඒ කෙල්ලට පන දෙනවා කියලා මම දන්නවා. මට හිතාගන්න බැහැ බන් උඹගේ මේ වෙනස්විල්ල"

මට මහා බරැති සුසුමක් පිටවිය. දෑසට නැගුනු තෙත් ගතිය මම යන්තමට පිසගෙන නැගී සිටියේ පැරණි තීක්ෂණ වන්නට ඇත.

"යමන් ගෙදර... ලෝකේ අපි වෙනුවෙන් නතරවෙලා තියෙන්නේ නැහැනේ"

තාරුක අයියා සමඟ මම ටාශාගේ නිවසට එනවිට එහි මහා කලබලයකි. අම්මා මා නොමැතිව විස්සෝපව උන්නාය. තාරුක අයියා කුමක් හෝ බොරුවක් කියා මා රැකගෙන තිබින.

සැත්කමෙන් පසුව තාත්තාගේ තත්වය සතුටුදායක වූ අතර මම ඒ ගැන එළඹී සිහියෙන් සිටිය යුතු විය. නමුත් මධුලිකා දෑස මානයේ නොමැති වීම සිතට වද දෙද්දී ටාෂා ඉඳහිට පෙනෙන්නට ආවාය. පෙනුමෙන් ඇගේ තත්වය එතරම් යහපත් නොවීය.

ටාෂාට සමඟ දුරකතනයෙන් හෝ කතා කරන්නට මට ඉස්පාසුවක් නොවුනේ තාත්තා නැවත ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍යතා සියල්ලම සම්පාදනය කරන්නට මට සිදුවීම නිසායි. අම්මා ඇතුළු සියලු දෙනා මගේ තීරණ මත්තෙම යැපීම නිසා සියල්ලටම මගේ දායකත්වය අවශ්‍යව තිබිණ. ඔහු නිවසට රැගෙන යාම පිණිස සියල්ල සුදානම් කල මම හෙද සේවාවකට කතාකොට මම හෙදියක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාගත්තෙමි. ඊට අමතරව නිවසේ කැමරා පද්ධතියට අලුතෙන් කැමරා එකතුකොට ගේට්ටුවේ සිට නිවසට ඇමතිය හැකි ඩෝ බෙල් එකක් සවිකලෙමි.

උදෑසන මගහැරී ගිය දුරකථන ඇමතුම්, වත්තේ නොයෙකුත් කතන්දර සහ නිවසේ යුතුකම් කර වටක් තිබුණු නිසා මට මධුලිකා දකින්නට ලැබුනේ නැත. ඈ මා මගහැර සිටියා විනා නිවසින් පිටව ගියා වන්නට නොහැක. එසේ ගියානම් ටාෂා මට දැනුම් දෙනවා ඇත.

වඩාත් පුදුමය වුයේ ඇමතුම් කිහිපයක් හැර ටාෂාගෙන් පවා කිසිදු කෙටි පණිවිඩයක් හෝ නොතිබීමයි.

මධුලිකා අමතන්නට හෝ ඇයට පණිවිඩයක් යවන්නට තරම් මම සන්සුන් නොවුනේ කුමක් යවන්නද කියා සිතාගත නොහැකි නිසාය.

එදින රාත්‍රිය මහා දීර්ඝ විය. මම එය තාත්තා අසල ගෙවන්නට තීරණය කලේ වෙනත් හේතුවක් නිසා වුවද , වඩාත්ම මගේ මානසික සහනය පතාය. මධුලිකාට මුහුණ දෙන්නට නොහැකි කමක් මගේ සිත තුල ඇතිකර තිබුනේ සුළු පීඩාවක් නොවේ. පාසලේ ඔට්ටුවෙන් පසුව ඈ සිත තුල වූ තුවාලය සුවපත් කරගෙන සිටිනවා සේ දැනී ගතවුයේ හෝරා කිහිපයක් පමණකි. ටාෂා ගැන මධුලිකා දෙවරක්ම විමසද්දී මම නොකියා සිටි වරද මෙතරම් දරුණුවට මා වෙත එල්ලවේයයි මම සිහිනෙන්වත් නොසිතුවෙමි.

සුසුම්ලමින් ගෙවූ ඒ රාත්‍රිය පුරා යන්තමට හෝ පියවුණු දෑස් වහා මධුලිකාගේ සිනහවෙන් විවෘතව ගියේය.

තාත්තා ගැන අවධියෙන් සිටි මම වරින්වර ඔහු අසලට ගොස් ඔහු දෙස බලා සිටියෙමි.

තාත්තාට සිහිය තිබුනද කතා කිරීමට තරම් ශක්තියක් තිබුනේ නැත. ඔහු මා දෙස වතාවල් දෙකකදීම බලාගෙන සිට දෑස පුරා කඳුළු පුරවාගෙන සිටියේ මාද පුදුමයට පත්කරමිනි.

"ල... ලොකු..."

ගුලිවී සිටි තැනින් මම ගැස්සී ඇහැරුනෙමි. අමතරව තිබුණු සයනයේ පාන්දර වනවිට මට ඉබේටම දෑස පියවි තිබිණ. ඒ තාත්තාය.

"ඇයි ඩඩා ?"

නිදාසිටි ඉරියව්වෙන් බිමට පැන්න මට තාත්තා කතාකිරීම මගේ නොමද ප්‍රීතියට හේතු විය. උදෑසන ලෙඩුන් බල වෙලාවට තවමත් වෙලාව තිබිණ.

මට ඉබේටම ඔහුගේ වමත ග්‍රහණය විය. මම වහා ඔහුගේ තොල වතුරෙන් තෙමුවේ මට හෙදිය එසේ කරන්නට ලබාදී තිබුණු උපදෙස් නිසාය.

තාත්තා මා දෙස මොහොතක් බලා සිටියේය.

"තෑන්ක් යූ පුතා.... "

මම වහා තාත්තාගේ හිස බදාගත්තෙමි.

"ඩඩා ඉක්මනින් සනීප වෙන්න... බයවෙන්න එපා.. ඔක්කොම මම බලාගන්නවා"

කාමරයේ දොර අගුල කැරකි ගියේ ඒ මොහොතේය. මම හිස හරවා බලනවිට විවෘතව පැවතී දොර වසා ඇතුලට ආවේ අන් කවරෙකුවත් නොවේ, අනුලා අලස්ය!

පෙරදී පින්තුර කිහිප විටක් දැක ඇති නිසා, දුටුවනම හඳුනාගත් මම වහා තාත්තා හරස්කොට සිටගත්තේ ඈ සිටියේ අපට පසෙකට වන්නට නිසාය. හිස හැරවූ තාත්තාට ඈ මොහොතකට පෙනෙන්නට ඇත.

"මොකටද මෙහෙ ආවේ?"

මගේ කෝපය නැංගේ අහස උසටය, අත මිට මෙලවී ගියේය. මගේ හඬ බොහෝ රළු වන්නට ඇත. තාත්තා මගේ එක අතක් අල්ලා ගනු මට දැනුන මුත් අනුලා වෙත යොමුවුනු රුදුරු බැල්මෙන් මම ඒ ලෙසම උන්නෙමි. ගැහැණිය මා දෙස හෙළුවේ නොපහන් බැල්මකි.

"මම සෙනේගේ යාලුවෙ..."

"මගේ ඩඩාට ඉන්න යාළුවො මම දන්නවා. කරුණාකරලා මෙතනින් පිට උනොත් තමයි හොඳ!"

මම ගුගුරා හැලුනෙමි. ගැහැණිය තරමක් ගැස්සුණු බවක් පෙනුනද මවාගත් මුහුණකින් සිනාසුණාය.

"හැබෑට? එහෙනම් මම කවුද කියල කියලත් නැතුව ඇති"

"තමුන් කවුද කියලා මව වැඩක් නැහැ, මම කවුද කියලා දන්නවා නම් ඔය දොරෙන් ඇතුලට එන්නේ නැහැ. යන්න නේද කිව්වේ"

"ලොකු..."

තාත්තා යන්තමට මට ඇමතුවේය. මම ඔහු දෙසද රවා බැලුවෙමි.

අඩියට දෙකට දොර වෙත ගිය මම දොර විවර කර රවා නැවතත් ගැහැණිය දෙස බැලුවෙමි. ඈ සාවඤ සිනාවක් පෑවාය. එකවරම ඇගේ උරහිසෙන් ඇද දොරෙන් එලියට තල්ලුකල මගේ අතේ ගැහැණිය කුඩල්ලෙකු මෙන් එල්ලුනාය.

ඈ අත තිබුණු අත්බෑගය බිම වැටි ගිය නිසා තරමක හඬක් නැගුනෙන් ඒ වනවිට අවට සිටි සියලුදෙනා අප වෙත බලා සිටියේ භ්රාන්තවය.

"තමුසේ ආයේ මගේ ඇස්දෙකට පේන්න ආවොත්....."

මගේ දැඩි බැල්මට ඈ බියවෙන්නට ඇත. නමුත් මුහුණේ තිබුනේ නොදැමුණු නපුරු පෙනුමකි.

"මම ගාව තියන ඒවා මම දෙනවා පත්තරේට!"

මගේ අත ගසා දැමු ගැහැණිය දත්මිටි කෑවාය.

තාත්තා දෙස එකවරක් බැල්මක් හෙලු මම ඈ තල්ලු කරගෙන දොර වසා එලියට ආවෙමි. කිහිප දෙනෙක් අප දෙස බලමින් යති.

"මම ගාව තියෙන ඒවා දුන්නොත් තොපි ඔක්කොම යන්නේ එල්ලුම් ගස්! උඹ දන්නවද , උඹල කුලියට ගත්ත කෙල්ල ඉන්නෙත් මගේ අත්අඩංගුවේ කියල... "

ගැහැණිය ත්‍රස්තව ගියාය. මම මගේ දබර ඇඟිල්ල ඇයගේ මුහුණ ඉදිරියේ ලෙලවමින් දත්මිටි කෑවෙමි.

ඇය මධුලිකා වෙනුවට වෙනත් තරුණියක් එවන්නේ මම ගැන නොදැන බව මට විශ්වාසය. තාත්තා උගුලක හෙලා ඈ කරන මේ නොසන්ඩාල ක්‍රියාව මා කෝපයට පත්කොට තිබිණ.

"... මගේ ඩඩාව බ්ලැක් මේල් කරන්ඩ තමුසේ කවුද? සල්ලි වලට ඕනේ කුපාඩිකමක් කරන උඹේ මිනිහටත් කියපන් , මිස්ටර් ජයවර්ධනව මිසින් කළා වගේ වෙන්නේ නැහැ කියල මම ඉන්නකල්... "

ගැහැනියගේ දෑස විශාලව ගියේය.

"... තොපි ඔක්කොම හුරගෙන කන ඒ සල්ලිවල අයිතිකාරි තාමත් පණපිටින් ඉන්නවා. හදපු හොර සහතික ටිකත් මගේ ගාව තියෙනවා.. "

විශ්මය, කෝපය මිශ්‍ර වූ ඇගේ මුහුණ කළුවා හැකිලී ගියේ මොහොතිනි.

"..... පුළුවන් නම් ඉතින් පලයන් පොලිසි! කියල බලපන් මිඩියා වලට!! උඹට දැනට නැති උනේ පුතණ්ඩියා විතරයි , උගෙන් ඇහුවා නම් කියයි මම කවුද කියල!!!"

මගේ හඬේ තිබුණු තර්ජනය ගැහැණිය බියපත් කරන්නට හොඳටම ප්‍රමාණවත් විය. බිම තිබුණු ඇගේ අත්බෑගයට මම ගැසූ පයින් පහරට එය ඈතට විසිව ගියේය. ලැජ්ජාවටත් වඩා පරාජෙයේ ලකුණු මොනවට පෙනුණු ඇගේ දෑස තුල පෙනුණු බියපත්බවින් සෑහීමකට පත්වූ මම නැවත කාමරයට වැද දොර වසාගත්තෙමි. අගුල වැටුනේ ක්ෂණයෙනි.

මගේ පපුව වේගයෙන් රිදුම් දෙයි. කාමරයේ ෆිල්ටරයෙන් වතුර විදුරු දෙකක්ම එක හුස්මට පානය කල මම තාත්තා දෙසවත් නොබලා ජනේලයෙන් පිටත බලාගෙන ජයනෙත්ති මහතා ඇමතුවෙමි.

තීක්ෂණ යනු කවරෙක්දැයි අනුලාට දැනගන්නට සැලැස්වීම ගැන මට යම් සතුටක් විය. ලොකු හුස්මක් ඉහලට ඇද්දේ සන්සුන් වන්නටය.

"අංකල්?"

"ඔව් පුතා.. ? තාත්තාගේ ඔපරේෂන් එක හොඳට කෙරුනා කියලා මම ඊයේ මාලිට කතා කරපු වෙලේ කිව්වා... ලොකු දෙයක්"

"ඔව් අංකල්.. ඒ ඔක්කොම හරි... මම කිව්වා වගේ අර ගෑනු ළමයාගේ ෆෝන් එක ගත්ත නේද?"

"ඔව් පුතා.. ඒ කිව්ව දවසෙම තමයි ෆෝන් එක ගත්තේ.. ඒ ළමයා ආයේ ඒක ඉල්ලුවෙත් නැහැ. "

"හරි අන්කල්.. ඒ ළමයට පොඩ්ඩක් මට කතාකරන්න පුළුවන්ද ?"

"ආ හරි පුතා.. ඩිංගක් ඉන්ටකො"

මද වෙලාවකින් අනෙක් පසින් තරුණියගේ හඬ ඇසුනි.

"හෙලෝ?"

"තේජානි.. මම කියන දේ හොඳට අහගන්න... මම එදා තැපෑලට දාලා තිබ්බ දේවල් බැලුවද?"

මද නිහඩතාවයකින් පසුව සුසුම් අතරින් මෙන් තරුණිය කතා කළාය.

"හ්ම්ම්.. ඔව් අය්යා..."

"ඒ ටික බැලුවා නම් තේරෙනවා නේ වාසුල ඔයාට කරලා තියෙන වැරැද්ද මොකක්ද කියල? දැන් වාසුල නැහැ. වාසුලගේ අම්මට , තාත්තට ඕනේ ඔයාව මරලා දාන්න විතරයි. මට ඔයත් එක්ක තරහක් නැහැ තේජානි. මට ඒ වගේම කිසිම ලාභ ප්‍රයෝජනයකුත් නැහැ. "

"මට තේරෙනවා"

ඈ යන්තම් ඉකිබිඳින හඬක් ඇසුනි. මම මද වෙලාවක් ඈට හඬන්නට ඉඩ දුන්නෙමි.

"මම ඔයාට ඔෆර් කරන්නේ සල්ලි නෙවෙයි. අලුත් ජිවිතයක් !"

"හ්ම්ම්"

"තේජානිට මම රස්සාවක් දෙනවා. ඉන්න ගේකුත් එක්ක. ඔයාගේ අම්මත් එක්ක එතන ඉන්න පුළුවන්. රස්සාව ගැන මම විස්තර එවන්නම් හෙට උදේ වෙනකොට. දැන්ම නෙවෙයි, හෙට හවස හරි අනිද්දා උදේ වෙනකොට මට උත්තරයක් කියන්න "

"හරි අය්යා.."

"මොකද මේ වෙලාවේ ඔයාගේ ජිවිතේ ගැන මම වගකියනවා. ඔයා කැමති නැතිනම්, වෙන තීරණයක් ගන්න පුළුවන්. මම දන්නවා තේජානිගේ අම්මත් අසනීපෙන් නිසානේ ඔය ජොබ් එකට ගියේ"

"අය්යා දෙවියෙක්"

එහි තිබුනේ හිතවත්බවක් බව මට නොදැනුනා නොවේ. අනුලා අලස්ට අල්ලන්නට හෙරක් දැන් එතන නැත!

ඇමතුම නිම කලේ ඇයට පසුව අමතන්නට හෝ පණිවිඩයක් ලබාදෙන්නට ඉඩ තබමිනි.

හොර සහතික සාදාගත් ස්ථානයෙන් ලබාගත් ඊමේල් ලිපිනය අනුලාගේ බව අනුමානයෙන් සිතු මම, ඇගේ ඊමේල් ලිපිනය 'හැක්' කලේ වාකිෂ්ඨ මහතා මට මේ ආරංචිය දුන් දිනයේදිමය. ඒ ඔස්සේ මම වාසුලගේ ඊමේල් ලිපිනයද 'හැක්' කලෙමි. එහිදී අනුලා විදෙස්ගතව සිටියදී එවූ ලිපිවල තේජානි ගැන සඳහන්ව තිබුණු කරුනුත්, වාසුලගේ ලිපි අතර තිබුණු කරුනුත් තුලින් මම තේජානිගේ තොරතුරු සොයාගත්තෙමි.

මධුලිකාගේ පියාගෙන් කොල්ලකාගත් ඇඟලුම් කම්හලක දුප්පත් අසරණ තරුණියක් වන තේජානි ඒ වනවිටත් වාසුලගේ ගොදුරක්ව සිටියාය. ඒ වනවිටත් අනාගතයක් නැති ප්‍රේම සම්බන්ධයක උන් ඈ විවාහ පොරොන්දු ප්‍රකාරව ඈ මෙම අපරාධයට පොළඹවා ගන්නට වාසුලට හැකි වන්නට ඇත.

සැබෑ මධුලිකාට ඇල්ලු ඉව වැරදි ගිය තැන අනුලාටත්, වාසුලගේ පියාටත් අවශ්‍යව තිබුනේ මධුලිකා ලෙස පෙනී සිටින තරුණියක් පමණි. ඉන් පසුව ඈ මෙම සමීකරණයෙන් අතුගා දමන්නට වූ සැලසුම සඳහා වූ කතාබහ පිලිබඳ ලිඛිත සාක්ෂි , මම මුද්‍රිත මාධ්‍යයෙන් තේජානි වෙත යැව්වේ දින කිහිපයකට පෙරයි.

තේජානි මෙම නිවසට ගිය මොහොතේම ඇගෙන් දුරකථනය ඉල්ලාගන්නට මම කියා යැව්වේ කපටි අනුලා ඈ නැවතත් රවටාගනු ඇතැයි සිතු නිසාය. ඈ සිටියේ වසුලගේ ඝාතනයෙන් වූ කැළඹීමෙනි.

මධුලිකාගේත් මගෙත් සිත් රිදවීම වුයේ එදිනයි.

මාධ්‍ය ඔස්සේ තරමක අවධානයක් දිනාගෙන සිටි වාසුල ඝාතනය නිසා රුපවාහිනියේ නිතර පෙනෙන්නට සිටි අනුලාගේ ඊළඟ ඉලක්කය තාත්තා බව දත් මම ඇගේ මේ පැමිණීම බලාපොරොත්තුව සිටියෙමි. ඈ පසුගිය දින තුල රෝහලේ ඇවිදිනු දක්නට ලැබුණු බව සුන්දර් මට කියා එවා තිබුණු බැවින් මම සිටියේ සුදානමෙනි. මේ මොහොතේ අම්මා මෙහි නොසිටීම වාසනාවකි.

මද වෙලාවකින් අම්මාත් අනෙකුත් පිරිසත් පැමිණි නිසා තාත්තා සමඟ සිදුවූ කිසිවක් ගැන ගැන කතාබහ කිරීම මගහැරී ගියේය. එය මට සහනයක් විය. තාත්තා සමඟ එවන් කතාවකට මගේ සිත සුදානම් නොවුනි. තාත්තා රිදවන්නට මට නොහැකි වීමත් මේ සම්බන්ධයෙන් මට විවෘතව ඔහු සමඟ සංවාදයකට නොහැකිවීමත් යන කාරනා බලපාන්නට ඇත.

"තිකා"

තාත්තා වටා සිටින පිරිසෙන් මට අස්වැසිල්ලක් ලැබුණු අවස්ථාවේ සුදම් මට රහසින් මෙන් ඇමතුවේය.

"මොකද?"

"මොකද්ද බන් අර කසාද කුණුහරපෙ? කවුද ඒ?"

"මම දන්නේ නැහැ බන්.... කොහෙන් ආපු පිස්සු ගෑනියෙක්ද මන්ද"

"අරයට කතා කලාද?"

මම හිස දෙපසට වනා නැහැ කිව්වෙමි. අරයා කියන්නේ මධුලිකා බව මම දනිමි.

"මගෙන් මොනවද කෙරෙන්න ඕනේ තිකා?"

මට ඉබේටම සුදම් දෙස බැලුණි.

"හ්ම්ම් මොනවත් නැහැ බන්..."

මම ඔහුගේ පිටට තට්ටුවක් දමා අපහසුවෙන් සිනාසීමි.

සුදම් මේ ගැන කතාකරන්නට ගොස් මධුලිකාගෙන් හොම්බ තලාගන්නවා ඇත. මෙය බොහෝ ප්‍රවේශමෙන් කතා කලයුතු දෙයක් වන්නේ මේ වනවිට මම මධුලිකාගේ විශ්වාසය පමණක සෙලවීමක් කර ඇති නිසාය.

අම්මාත් සමඟ වෛද්‍යවරයා හමුවීමට ගිය මට තාත්තා තව දින දෙකකින් නිවසට රැගෙන යාමට හැකිවන බව අසන්නට ලැබුණි. එය එක්තරා අතකට සැනසීමේ සුසුමක් වූවත් මගේ සිතට මහා බරක් එක් කළේය.

නිවසේ ඇති ආරක්ෂාව එක් පසකිනි. අනෙක මධුලිකාය. ටාෂා අමනාපයෙන් සිටියදී , ඈ ටාෂාගේ නිවස තුල තබා මට හැර යා නොහැකිය. ටාෂාගේ හැසිරීමේ වෙනසක් මට දැනෙන්නේ ඇයි?

'මචං , වාකිෂ්ඨ උඹව හම්බෙන්න ඕනේ කිව්වා දවල් කෑමට අපේ ගෙදර වරෙන්'

තාරුක අයියාගෙන් ඒ කෙටි පණිවිඩය ලැබුනේ අම්මාත් සමඟ ගොස් ටාෂාගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුල්වද්දීමය.

********************මතු සම්බන්ධයි **************************
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com4tag:blogger.com,1999:blog-4632197388452093715.post-71844157808716512762021-07-04T18:00:00.002-10:002021-07-04T23:00:40.312-10:00257 : සුහදිනියේ - 48 | සියල්ල වෙනස්වන ලකුණු
කලින් කොටසට

කිසිදු ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට මධුලිකාගෙන් පිළිතුරක් ලැබුනේ නැත. මම උන්මන්තකයෙකු සේ මේ අත දුවමින් සිටියේ කුමක් කරන්නද කියාය.කුඩා දරුවකු අතින් බිඳුණු සිය ප්‍රියතම සෙල්ලම් බඩුවක් දෙස බලා හඬමින් ගතකරන්නාක් මෙන් මම බොළඳ ලෙස කම්පාවට පත්ව උන්නෙමි.

ටාෂා අමතා මම සියල්ල පැවසුවේ මේ අවස්ථාවේ ක්රියාකලයුතු අනෙක් පාර්ශවය ඇය බැවිනි.

"දෙවියනේ... ඔය ආන්ටි ඔහොම්මමයි... මම එන්නම් දවල් වෙනකොට"

ටාෂා විසින් පවා මධුලිකා ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවුණු අතර මධුලිකා කාමරයට වී දොරගුළු ලාගෙන සිටියාය. අම්මා සිය යෙහෙළියගේ ආගමනයෙන් සහ තාත්තාගේ යහපත් තත්වය නිසා මධුලිකාගේ හැසිරීම නොදකින්නට ඇත.

එයට මට කළහැකි අන් යමක් නොවුනේ එය නොදන්නා සේ සිටිනවා හැර අම්මාගේත් ටාෂාගේ මවගේත් සැකයට බඳුන් වීම මේ මොහොතේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා අනින්නාක් මෙන් වියහැකි නිසාය. තාරුක අයියා ඇමතුවද දුරකථනය ක්‍රියා විරහිත වුයෙන් මම කෙටියෙන් පණිවිඩයක් ඔහුට කියා යැව්වෙමි.

මගේ හදවත කෑලි වලට කැඩී ගියාක් වැන්න. මධුලිකාට මම මේ විවාහ යෝජනාව ගැන නොකිව්වේ කිසිදිනෙක මෙය කරලියට එන්නට අවකාශයක් නොමැති නිසාමය. ඊටත් අම්මා හෝ තාත්තා කිසිදිනෙක මා සමඟ එවැන්නක් ගැන කතාවක් කියා තිබුනේද නැත. පෙරදින රාත්‍රියක ටාෂා මගේ කාමරයේ සිට හසුවීමෙන් එය අලුත් උනාද? ගැලවුම ඇත්තේ ටාෂා අත වන්නට පුළුවන. මේ මොහොතේ මට වෙනත් විකල්පයක් පෙනුනේ නැත.

සවස නිවසේ සියලු දෙනාම තාත්තා බැලීමට රැගෙන යන්නට මට සිදුවිය. හදවත වේදනාවෙන් මොරදෙද්දී මම රථය පදවාගෙන ගියේ බොඳවූ දෑසිනි.

අම්මා වරින්වර මා දෙස බලනු දුටුවද ඇගේ මුහුණ බැරෑරුම් ස්වභාවක් තිබීමත් මධුලිකා ගැන විමසාවි යන බියත් නිසා මම ඈ මගහැර සිටියෙමි. මධුලිකා කාගේ කවුරුන්ද කියා හෙලිකරනවාට වඩා අප දෙදෙනාගේ විවාහ පටලැවිල්ල මේ මොහොතේ ඈ තදින් කම්පනය කරනු ඇත. මට තාත්තා හැරුණුවිට තවත් රෝගියෙක් අවශ්‍යව සිටියේ නැත.

වෙනදා මෙන් මට තරවටු කරන ස්වභාවයක් අම්මාගේ නොවුනේ මේ සතියට මම පවුලේ වගකීම් දරමින් යම් වෙනස් වගකීම් සහගත චරිතයකට පණපොවමින් උන් නිසා වන්නට ඇත. සුදම් පවා මට කතාකරන්නට බියෙන් මෙන් හැසිරුණේය.

තාත්තාට සිහිය එනවිට අප සියල්ලෝම ඔහු අසල සිටින්නට හැකිවීම කාගේත් නොමද ප්‍රීතියට හේතුවී තිබිණ. සියල්ල යහපත්ව සිදුවුවද මගේ ලෝකය කෑලි කැඩී බිඳී ගොස් තිබිණ. පතුලක් නැති ළිඳකට වැටෙමින් සිටිනාක් මෙන් මම උන්නේ සිහිනයක මෙනි.

අත පොවන මානයක සිටි මධුලිකා කිසිදා ළඟාවිය නොහැකි තරමක අනන්තයට ගියාක් මෙන් මට හැඟෙන්නට ඇත. මට නිවසින් යෝජිත විවාහයක් තිබේද කියා ඈ මගෙන් ඇසුවා මතකය. වරක් නොව කිහිප වරක් ඇසුවාත් එයට මම පිට පිටම නැත කියා පිළිතුරු දුන්නාත් මට අමතකව නැත. මම ඇයට බොරුවක් කීවා නොවේ.ඒ මොහොතේ මුහුද හත්ගව්වක් තිබියදී , එවැන්නක් ගැන මධුලිකාට පවසා සංකීර්ණ කරන්නට මට අවශ්‍යව තිබුනේ නැත.

රාත්‍රිය වනවිට සියලු බලාපොරොත්තු අතහැර මම තදින් ඉච්ජාභංගයට පත්ව ගියාක් මෙන් දැනුනේ කෙතරම් කල්පනා කලද විසඳුමක් මා වෙත දකින්නට නොවූ නිසාය.

'ගෙදර තත්වේ අනුව මේ වෙලාවේ ඔය කතාව අදින්න එපා. ටිකක් ඉවසමු. මටත් අම්මට මේ වෙලාවේ කියන්න දෙයක් නැහැ '

ටාෂා ලියා එවා තිබිණ.

'මම දන්නේ නැහැ මොනවා කරන්නද කියල'

මම පිළිතුරු යැව්වේ බොඳවූ දෑසිනි.

'මම මධුලිකාට කතාකරන්නද?'

'එපා'

මධුලිකා ටාෂාට කුමක් කියයිද , එයින් ටාෂාගේත් මගෙත් සිද්ධිය තවත් ඔඩුදුවන්නට ඉඩ ඇත.

රාත්‍රියේ රෝහලේ නොසිට මම නැවත ටාෂාගේ නිවසට ගියේ දෙගිඩියාවෙනි.

වාහනය රථගාලේ නතරකොට මම ඇවිද ආවේ ලාදුරු රෝගියෙකු පරිද්දෙනි. සාලයේ කිසිවකුත් සිටියේ නැත. මම එසැනින් මධුලිකාගේ කාමරය දෙසට ගියේ බර අඩි තබමින් හදිස්සියෙනි.

දොර අසල සිටගත් මට දොරට තට්ටු කරන්නට ධෛර්යයක් නැතුවා සේ මදක් ඒ මේ අත ඇවිද්ද අතර කාමරයෙන් මධුලිකා හෝ වෙනත් අයෙකු කතා කරන අපැහැදිලි හඬක් ඇසුනි. මදක් පැකිලුනද මම යන්තම් අත ඔසවාගෙන දොරට තට්ටු කරන්නට සමත්වීමි.

ඇතුලතින් ඇසුණු කතාබහ නතරව ,කාමරයේ විදුලි පහන් නිවී ගියේය. මගේ හදවත දඩි බිඩි හඬින් ගැහෙන්නට වන්නේය. තත්පර කිහිපය කල්පයක් සේ දැනුනි.කාමරය තුල කවුරුන් හෝ 'දිඩි දිඩි' හඬින් දුවන හඬක් ඇසුනි. නැවත තට්ටු කරන්නට අත ඔසවනවිටම දොර හැරුණු අතර සිටගෙන උන්නේ උදානිය.

ඇගේ මුහුණ කළුවී තිබිණ. මා දුටුවනම ඈ මා ගිලින්නට මෙන් බැලුවාය.

"තීක්ෂණ?"

මම ඉනට අත් දෙක තබාගෙන සුසුමක් හෙලුවෙමි.

"මධු.."

"ආ ඔය ඇවිත් ඉන්නේ... එනකල් තමයි බලාගෙන හිටියේ"

කාමරය තුලින් ඇසුනේ මධුලිකාගේ කෝපවත් හඬයි. දොර අඩවල් කර , උදානි එය හරස්කර සිටගත්තාය.

"කියන්න තීක්ෂණ"

ඇගේ මුහුණේද තිබුනේ අමනාපය මුසු තර්ජනයකි. මට කතාකරන්න ලැබුනේ නැත, වහා දොර වඩාත් ඇර මධුලිකා සිටගත්තාය. ඇගේ පෙනුම මේ දැන් සුළි සුළඟක් මැදින් ඇවිද ආවාක් මෙනි.

"මොනවත් අහන්න දෙයක් නැහැ මිස්ටර් වාසලමුදලි. මම විස්වාසය තිබ්බේ ආයෙත් ඒ unfaithful මිනිහටම තමයි. මගේ ලෝයර් තමුන්ට දැනටමත් කතාකරලානේ ඇත්තේ. පේපර්ස් ටික අද එවලා ඇති මිස්ටර් දුනුවිලට "

උදානි මධුලිකා වහා කාමරය තුලට ඇදගත්තාය.

".... මට ඩිවෝස් එක දීල තමුසේ ඕනේ නාඩගමක් නටාගන්නවා.. ඇයි මොකද? මම එහෙම කියන්නේ නැතුව මට කියන්නේ නලවන්න කියලද? අනේ මේ උදානි.. ඔයත් මෙතන එනවා පව් පව් ගගා... බඳින්න ඉන්න රාජකුමාරි ලව්වා මාව නලවන්නත් ආව... ටා..............ෂි.......... ගාගන වලිගෙ වගේ පස්සෙන්! ලජ්ජා නැතුව මෙතන රිංගගෙන ඉන්න බැහැ මට .. ඈ මොකටද මම කට වහගන්නේ...මම යනවා යන්න මෙහෙන්.. මේ දැන්ම!"

මධුලිකා උදානි සමඟ දබර කරගනු ඇසේ. මේ අව් අස්සේ මට නැගුනේ සිනහවකි. අම්මෝ මෙහෙම කොච්චි කරලක්!

මම දොර හැර ඇතුලට අඩියක් තැබුවෙමි. කාමරය අඳුරුය.අඳුරේ වුවද මධුලිකාගේ සුවඳ මට හඳුනාගත හැකිය. දෙදෙනාගේ රණ්ඩුව නතරව ගියාක් මෙන් නිහඬ බවක් විය. විදුලි බල්බය දැල්වුණි. එය කරන්නට ඇත්තේ උදානි වන්නට හැකිය. කාමරය පුරාම බඩු ඒ මේ අත විසිරගොස් තිබිණ.

ඇඳ මත රෙදි පිරුණු බෑගයකි. ඒ අවට ඒ මේ අත විසිරුණු ඇඳුම්ය. සෙරෙප්පු බිම පුරාම තිබුණු අතර මධුලිකා ඒ මධ්‍යයේ මට ඔරවාගෙනය. පුදුමය නම්, අගේ ඇස්වල ඒ කෝපය තිබුනේ නැත!

"get out ! get out from my room "

මධුලිකා දෝතින්ම පපුවට දෑත් ගසා මා තල්ලුකර දැම්මාය. පසුපසට විසිවනවා වෙනුවට මම ඇගේ දෑතම එක අතකින් කිටි කිටියේ අල්ලාගත්තෙමි. ඇගේ බුහුටි අත් කුඩා බැවින් මගේ ශක්තිමත් අතට එය පහසුවෙන් හසුවිය.

"බඳින්න 'ඉන්න' ඇති රාජකුමාරියෙක් නැහැ.. මම දැනටමත් බැඳලානෙ ඉන්නේ!"

මධුලිකා බිත්තියට තදකොට මම කීවේ ඈ දෙසම යොමුවුනු දෑසින් දත්මිටි කනවාක් වැනි හඬිනි.. මධුලිකාගේ සරාගී දෙතොල් සැලිනි.

"... මේ ගෙදරින් එළියට අඩියක්වත් තියලා මම නරක මිනිහා කියන්න එපා... "

මධුලිකා විසිකරන්නාක් මෙන් අතහැර දමා මම ආපසු හැරුනේ කඩදාසියක ඇවිලියන ගින්නක පරිද්දෙනි.

ඉක්මන් අඩිය තබා ගියද මධුලිකාගේ හැඩීම මට නෑසුනා නොවේ.

තාරුක අයියා මා දෙස බැලුවේ කල්පනාකාරීවය.

"උඹ ඇයි මේවා කලින් නොකළේ කියන්න මම දන්නේ නැහැ... මචන්.. සමහර වෙලාවට උඹට මේ වෙච්ච දේවල් මට උනා නම් මට ඔයිට වඩා පිස්සු හැදෙනවා. ඒ හින්දා උඹව අවතක්සේරු කරා කියලා හිතන්න එපා... ඒ උනාට උඹ වගේ ගොන් වස්සෙක් මම මේ දැක්කමයි!"

මට එයට සිනහ නැගුණි. එය වේදනාත්මක වන්නට ඇත.

මධුලිකාගේ ස්වීඩන් ශිෂ්‍යත්වයට යහපත් ප්‍රතිචාර ලැබී තිබුනේ ඇගේ යෙහෙළියගේත් උපකාර නිසා බව තාරුක අයියා මට කියද්දී මට දැනුනේ මහා හිස්කමකි. මධුලිකා මට රඳවාගත නොහැකි බව මම දැන් තේරුම් ගත යුතුව තිබේ.

".. මට පේපර්ස් ටික එවලා තිබ්බා අද දවල්. වැඩ අස්සේ මට ඕක කියන්න මතක නැතුව තිබ්බේ, අද උසාවි දවසනේ"

තාරුක අයියා මුමුනන්නා සේ කිව්වේය.

මම බීර වීදුරුව වටා ඇති සීතල ජලවාෂ්ප ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරමින් උන්නෙමි.

"මධුට කරදරයක් වෙන්න හොඳ නෑ බන්.. දුලිප් ඉව අල්ලනවා ඇති මෙලහටත්"

තාරුක අයියා මගේ උරහිසට අත තබා සිටියේ මා සනසන්නට මෙනි. මට ඉබේටම සුසුමක් හෙලුනි.

"මිස්ටර් වාකිෂ්ඨ උඹේ පාස්පෝට් එක ඉල්ලුව."

"ඒ මොකටද?"

"ඩිවෝස් එක දානකොට උඹට රටෙන් පිටවෙන්න බැහැ"

වචන ටික මගේ පපුව හුරාගෙන බිමට වැටුනා වැනිය. මම වහා බීර උගුරු දෙකක් හුස්මට බිව්වේ වහා සහනයක් දැනෙතයි වාගෙය.

"... මම වෙන ලෝයර් කෙනෙක් හොයල දෙන්නම් උඹට, හොඳ එකෙක්"

"මට ඕනේ ඇති ලෝයර් කෙනෙක් නැහැ!"

මම කෝපයෙන් කිව්වෙමි.

"මොකද බන් ඇත්තටම උනේ? ඊයේ උඹ කිව්වේ අවුලක් නැහැ කියල"

මම සුසුමක් හෙලුවෙමි.

"මම කිව්වේ බන්.... අර කොහෙන්ද ආපු ගෑනියෙක් මෙතන මගුල් ජෝඩු කලානේ.."

"ඉතින් යකෝ ඒකට හරිනම් බයවෙන්න ඕනේ ටාෂා නේ ! තොපි දෙන්න කසාදත් බැඳලා ඉන්නේ"

"නෑ මචං මේකයි සීන් එක... මම මධු ගැන තාත්තාට නොකිව්ව එකට මධු අවුලෙන් හිටියේ. මගෙන් දෙතුන් පාරක් ඇහුවා ගෙදරින් මොනවත් එකක් තියෙනවද කියල, මම නෑ කිව්වා.. කවුද බන් දන්නේ මේ කෙහෙල්මල අතේ පත්තුවෙයි කියල. .. අනික... මට එහෙම එකක් අම්මලා කියලා තිබ්බෙත් නැහැ"

අග කොටසේදී මගේ උගුර සිරවී ගියේය. මා අග්නි පරික්ෂාවේදී අසමර්තවන බව දන්නා නිසා වන්නට ඇත.

".. ඩඩාගේ ලෙඩෙත් එහෙන් , දුලිප් මධුලිකාව හන්ට් කරනවා ඒ අස්සේ. මට ටාෂාගේ ගෙදර ඉන්න අම්මවයි මධුවයි තියන්න ලැබුන එකත් ලොකු දෙයක්. අම්මා එතන ටිකක් හොඳට ඉන්නවා.. එහෙ ගිය නිසා තමයි ඕක ඇදුනේ"

තාරුක අයියා දුම්වැටියක් දල්වා ගත්තේය. ඔහු දුම් බොනවා මම මිට පෙර දැක නැත්තෙමි.

"කෙල්ල බයයි... උඹ ගැන වෙන මිනිස්සු කියන ඒවාට වෙන්න ඇති. රටේ ලෝකේ මිනිස්සු කියන ඔක්කොම ඔය ගෑනු ඔලුවේ තියාගන්නවා. අනික... උඹත් බෝසතා නෙවෙයිනේ.. මම දන්නවනේ... ඒ මොකක් උනත්... උඹ ඔයතරම් කෙල්ලෙක්ට මැරෙන්න හැදුවමයි ඔය!"

මට කට කොනකට සිනහවක් නැගුණි. ප්‍රේමය කියා දැනෙන යමක් මම අත්වින්දේ මධුලිකාගෙන් වන්නට ඇත.

"දැන් ගියදේ ගියා... මගේ පරණ පුරුදු විදිය හොඳයි බන් මට!"

"උඹව උඹේ ගෙදර අය ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. අංකල් උනත්. ඒ හින්දා ගොන් වැඩ මුකුත් කරන්න එපා "

මම නිහඬව හිස දෝතින්ම අතාගගත්තෙමි. ජින් බෝතලය දෙස බැලු මම එයින් ගෙන මධුවිත සකසා ගත්තේ ඇසිපිය වේගයෙන් සලමිනි.

"මට ඔය ලව් ඉලව් හරියන්නේ නැහැ බන්... මට අද බොන්න දීපන්... මම අද ගෙදර යන්නෙත් නැහැ.. මට අද වද දෙන්න එපා බන්...මාව දාපන් ෆ්ලැට් එකෙන්!"

මම ස්ථිරව පැවසුවෙමි. තාරුක අයියා වැඩි යමක් පවසන්නට නොගියේ මා ගැන අනුකම්පාවෙන් බව වැටහුනද මට ඒ මොහොතේ අභිමානයක් අවශ්‍යව නොතිබිණ. මධුලිකාගේ ප්‍රේමයෙන් මත්වී උන් මට මධුවිතේ මත්වීම හැර වෙනත් යමක් ගැන මේ සිතන්නටවත් නොහැකිය. ප්‍රේමය බිඳීගිය තැන මිනිසුන් මධුවිත සොයන්නේ ඇයිද කියා හෝ ඒවායේ ආදීනව ගැන මට තර්කයක් අවශ්‍ය නැත. කඳුලක් හෙලන්නට හෝ එය හදවත දියවී ගලන තත්වයකට පත්වන්නට නම් මධුවිත අවැසි බව පමණක් දන්නෙමි.

එදින මම කොහි ගියාදැයි මටම නිනව්වක් තිබුනේ නැත. අවසානයට මතක තිබුනේ මම තාරුක අයියා බදාගන්නවා පමණි

********************මතු සම්බන්ධයි **************************
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com14tag:blogger.com,1999:blog-4632197388452093715.post-5667142933236467242021-07-01T18:30:00.007-10:002021-09-06T02:03:33.541-10:00256 : සුහදිනියේ - 47 | ඉරණම් දිනයක්
කලින් කොටසට

උදෑසන කෑම මේසයේ මධුලිකා වෙනදාට වඩා වෙනස් ස්වභාවයක් ගත්තාය. මා දෙස නිතර බැලුම් හෙලනු මට පෙනුනි. තාත්තාගේ සැත්කම නිසා මම සිටියේ තරමක කලබල ස්වභාවයෙන් වුවද මට ඒ නෙත්සර මගහැරී ගියේ නැත. ඇගේ සුළු වෙනසක් මට ක්ෂණිකවම ග්‍රහණය වෙයි.

එකම බය අම්මාගේ හෝ ටාශාගේ මවගේ ඇස කවර හෝ මොහොතක මෙය අල්ලාගනු ඇතැයි සිතන විටදීය. හිත කිතිකැවෙන්නේ අමුතුවටය.

'එක අතකට මම මොකටද බය වෙන්නේ. අහු උනොත් කෙලින්ම කියනවා මේ මගේ කෙල්ල කියල'

මගේ සිත ප්‍රීතියෙන් ඔදවැඩි ඇති සෙයකි. මධුලිකාගේ අමනාපය අතුරුදහන්ව ගොස්ද? අම්මා මධුලිකා ගැන පමණක උනන්දුවක් දක්වනු මට පෙනුනේ ඇයත් මධුලිකාත් ටාශාගේ මව සමඟ මිදුලේ ඇවිදිමින් සිටිනු මම දැක ඇති නිසාය. පෙරදින ටාශාගේ කතාබහෙන් පසුව මට හැඟී ගියේ ටාෂා සිය උපරිමයෙන් මගෙත් මධුලිකාගේත් එක්වීම පතනු ඇතැයි කියා මෙන්ම හැකි සැම විටකම මධුලිකා සමාගමයේ සිටිමින් එයට උපකාර කරනවා ඇතැයි යන්නයි.

සියල්ල යහපත් වේද?

මධුලිකාගේත් මගෙත් වචනයෙන් විස්තර කල නොහැකි ; එකිනෙකාගෙන් වෙන්කළ නොහැකි රසායනයක් තිබෙන බව මම අදහමි. කෙතරම් මා පිළිකුල් කරන මොහොතකදී පවා මධුලිකා මා හැරදා නොයා මා වෙතම බැඳී සිටියා නොවේද?

සැත්කම සඳහා අවශ්‍ය මුදල්ද, අනෙකුත් දේවල්ද සමඟ මම අම්මා පිටත්කර හැරියේ තාත්තාගේ ලොකු අය්යා සමඟය. සුදම්ද ඒ පස්සෙන් වැටුනේය. වත්තට ගතයුතු දුරකථන ඇමතුම් කිහිපයක් සහ නිවසේ කටයුතු කිහිපයක් එකලාසයක් කරන්නට මම පමා වී සිටියෙමි. උදෑසන සිට පැමිණි ව්‍යාපාරික , බැංකු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙමින් මම කාමරයේ පසෙක තිබුණු බැල්කනි කොටසේ පුටුවක් තබාගෙන උන්නෙමි. දොරට තට්ටුවක් ඇසුනේ සෙමිනි.

මම නැගිට දොර අසලට පැමිණ දොර විවර කරද්දී ආපසු යමින් වාගේ උන් මධුලිකා එකවරම නතරවී ආපසු හැරුණාය. වහාම මගේ ඇස නතර වුයේ සැහැල්ලු ගවුමට පෙනෙන ඇගේ සිරුරේ හැඩතල වෙතයි. මගේ ජාගර සිත!

".. අහ් .... මම.... හිතුවා.... නෑ ... යන්න කියල...ගියේ.. "

වැකිය අපැහැදිලිය. මධුලිකා මහත් කැළඹීමෙනි. මගේ බැල්ම අමුතු වන්නට ඇත.

".. දෙතුන් පාරක්... තට්ටු.. නෑ කියල..."

මට කට කොනට සිනහවක් ගියේය. දෑස සිහින්කොට මම බැලුවේ ඈ අඩපන කරන බැල්මකි. ඔව්! හිතාමතාම එය කලෙමි. මධුලිකා ගොත ගසනු ඇසීමත් සතුටකි. ඇය දෙතුන් පාරක් තට්ටු කරන්නට ඇත. මට එය ඇසුනේ නැතුවා වන්නට ඇත.

"ම.. මට ඇහුනේ නැහැ... සොරි"

මම මෘදු තාලයකට කියමින් දකුණතේ වැලමිට ඉහලින් දොර උළුවස්සට තබා බලා සිටියෙමි. අප දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙනය. පෙරදා රාත්‍රියේ නොකී යමක් තිබේද? මධුලිකා යටිතොල තදින් විකාගෙනය ; එය ඉතාම විනාශකාරීය.

".....ම්ම්ම්ම්ම්...... ඇතුලට එනවද?"

මම දොර මදක් විවර කර මධුලිකා දෙස බලාගත්වනම උන්නෙමි. අප දෙදෙනාම එකිනෙකා දෙස යොමාගෙන ඉන්නේ මරණිය බැල්මකි. එය මා සැමදා අඩපන කරන බැල්මයි.

"නෑ මම මේ.. ආවේ... මේ... ඊයේ..."

මධුලිකා අතපය වනමින් අමුතු අභිනයක් පෑවාය. මට නැවතත් සිනහවක් නැගුණි. මගේ මුහුණේ වලගැසෙන තැන ඇගේ ඇස්ය , මගේ ඇස් තිබුනේ ඇගේ නාසයට පහලිනි.

"... ඔව් ඊයේ? මගේ බියර් එක හලපු එකද?"

"ඔව්!... නෑ... ඒක නෙවෙයි.. ඒකත් එකක් තමයි... ආ.. ඔව් ඒකට සොරි"

මම එක ඇහිබමක් ඔසවා විමතිය පෑවෙමි. 'ඈ !! ඒක කියන්නද ආවේ?'

"... නෑ ඒකටමත් නෙවෙයි... ඊයේ අර.... බෙන්ච් එකට උඩින්..."

මධුලිකාට ඊට වඩා කියන්නට නොහැකිව හුස්ම හිර උනා සේ විය. මට සිනාවක් පැන්නේය.

"එන්න.... එන්න ඇතුලට"

මධුලිකා කාමරයට එන්නට පය තබා නමුත් නතර වුවාය. මට අඩි තුන හතරක් ඈතිනි.මම සෙමෙන් දොර වසා දොරකඩ සිටගත්තේ දෑතම ලය මත ගැටගසා ගනිමිනි.

".. හරි.. යමුකෝ එහෙනම් බෙන්ච් එකට"

මම කට කොනට සිනාවක් නගාගෙන ඉස්සර වුයෙමි. මධුලිකා මා පසුපසින් එද්දී මම පෙරදා රාත්‍රියේ සිටි බංකුව වෙත ගියෙමි. උදෑසන වනවිට එතැන තිබුණු හිස් කෑන් එක ඉවත්කොට පිරිසිඳු කරන්නට ඇත්තේ සේවිකාව විය යුතුය. කලින්ම ගොස් මම කලින් දවසේ හිඳ උන් ස්ථානයේම හිඳගෙන මධුලිකා දෙස බැලුවෙමි. ඇය හිස හරවා ඉහළ පෙන්නුවාය.

"..සු.. සුදම්ගේ කාමරේ.."

මට වැටහුනේ නැත.

".. ඊයේ.. සුදම් හිටියා බැල්කනි එකේ"

මට සිනා නොවී සිටිය නොහැකිය. යකෙක් අල්ලන්නට එනවා සේ ඈ එසේ නම් දිවගියේ ඒ නිසාද? මධුලිකාටද යම් සිනාවක් ආවද ඈ එය වසාගෙන මුව තදකර ගත්තාය.

"එතකොට...."

"උදානි කාමරේ හිටිය"

මට සැබෑවටම මහා හිනාවක් ගියේය.

"මම අහන්න ගියේ ඒක නෙවෙයි... "

මම අඩවන් දෙනෙතින් තත්පර තුනක් බලා සිටියෙමි.

"...ඇයි ඇඩුවේ ?"

මධුලිකා ඇසිපිය වේගයෙන් සැලුවාය. පිළිතුරක් නොදුන් ඈ බිම බලාගත්තාය.

"... මේ කෙල්ලෝ මට තේරෙන්නේ නැහැ අප්පා.."

මම අතපය විහිදා හිරි අරිමින් සැහැල්ලුවට මධුලිකා දෙස බැලුවේ අතකට හිස බරකරගෙනය. මධුලිකා සිමෙන්ති බංකුවේ කොනේ හිඳගත්තාය.

"කොල්ලොත් තේරුම් ගන්නෙක ලේසි දෙයක් නෙවෙයි"

මම එක එල්ලේ හෙලන බැල්මට මධුලිකා ඉවත බලාගත්තාය.

"අර.. එදා අන්තිමට අහන්නේ නැතුව තිබ්බ ප්‍රශ්නේ අද අහන්න පුලුවන්ද?"

මධුලිකා ප්‍රශ්නාර්ථයෙන් මෙන් මා දෙස බැලුවාය.

".. ප්‍රශ්න පහෙන් මම ඇහුවේ හතරයි!"

මධුලිකා දෙතොල් විහිදා සිනාසුනාය. ඇත්තටම ඇගේ සිනහව කෙතරම් ලස්සනද? ඇගේ ඇස්වල කාන්තිය එයින් පෙනේ. සිය හිස ඉහල පහල යවා ඇය අනුමැතිය දුන්නාය.

"මොනදේ උනත්, මාව අමතක කරන්නේ නැහැ කියල පොරොන්දු වෙන්න පුලුවන්ද?"

මධුලිකා බිරාන්තව මගේ දෙස බැලුවාය.

මගේ දුරකථනය නාදවුයේ ඒ මොහොතේය. ඒ අම්මා බැවින් මට පිළිතුරු දෙන්නටම විය.

"ලොකු.... එන්නේ කීයටද.. අනේ මට බයයි ඉක්මනින් එන්නකෝ"

මම කලබලව ගියෙමි.

"හරි අම්මා.. මම පැය බාගෙන් එනවා"

මම දුරකථනය විසන්ධි කොට මධුලිකා දෙසට හැරුනේ නිමේශයෙනි.

".... මට දැන් යන්න වෙලා "

යන්තම් මධුලිකාගේ දාස දෙස බැල්මක් හෙලා වේගයෙන් මගේ කාමරය වෙත ඇවිද ගියෙමි. මා පසුපසින්ම මධුලිකා එනු දැනුනත් මට එය එතරම් ගණනක් නොවුනේ කලබලය නිසාය. තාත්තාගේ ශල්‍යකර්මය මගේ සිත තුල හොල්මන් කරන්නට විය. මගේ කාමරයේ දොරෙන් ඇතුළුව මම වහා නානකාමරයට වැද ඇඟ සෝදාගත්තෙමි.

නාන කාමරයෙන් එලියට එද්දී මගේ මේසය අසල උන් මධුලිකා දැක මම ගල් ගැසී ගියෙමි. ඈ මා සමඟම පසුපසින් එන්නට ඇත. සිහිය එලවාගත් මම ඈ නොමැත්තා සේ නෑමෙන් පසු යොදන විලවුන් මුහුණේ සහ උරහිසේ තවරාගනිද්දී , මට පිටුපසින් කණ්නාඩියෙන් පසෙක සිටින මධුලිකාගේ නෙත්සර ඇති පිළිබිඹුව දුටුවෙමි.

"මොකද ?"

මම බොරු අමනාපයක් පෑවෙමි. දෑස සිහින් වුයේ ඉබේටමය.

"මොකද?"

මධුලිකා එයම ප්රතිරාව කළාය. ඈ මට අභියෝග කරනවාද ? මම ඇයට ඔරවා බෑගයෙන් ගත් කමිසය අතැතිව දොර අසලට ඇවිද ගියෙමි. මධුලිකා උන්නේ දොර මුල්ලට සහ කුඩා මේසයට අතර ඇති හිඩැස අතරය. මා දෙසම ඒ නෙත් රැඳී තිබිණ.

"මම කැමති නැහැ ගෑනු ළමයි ඉන්නකොට ඇඳුම් අඳින්න"

මධුලිකා පසුපසට තිබුණු අඩියෙන් 'දඩස්' හඬින් දොර වැසෙද්දී, ක්ෂණයෙන් ඈගේ ඉඟටියෙන් ග්‍රහණය කරගත් මම ඈ දොරට තදකොට මුහුණට එබුනෙමි. මධුලිකා රත්වූ තැටියක් මෙනි. ඇගේ දෑස මගේ මුහුණ පුරා විදුලියක් මෙන් පනිමින් ගමන්කොට, අවසානයේ දෑස මත රැඳුනි.

ම'තුළ සිටි සරාගී තරුණයාට නිනව්වක් නැතිව ගියේය. ඇගේ මුළු සිරුරම මට තදකොට බඳෙන් අල්ලාගෙන තෙරපාගෙන උන්නේ මොහොතකවත් ඇසිල්ලක් ලබා නොදෙන්නටය. හුස්ම සිර වීමෙන් මගේ දෙවුරෙන් අල්ලා පසුපසට තල්ලු කරන තුරුම මම මධුලිකාගේ දෙතොල් තදින් අල්ලාගෙන සිපගත්තෙමි.

බිත්තියට තදවූ ඇගේ සිරුර මටතෙරෙපී , දෑත් මගේ නිරුවත් පිට නියපොතු පහර සිටින තරමට මිරිකී ගියද, මට එය දැනුනේ නැත. මගේ දෑත මධුලිකාගේ ඉනෙහි සිට ඇගේ සිරුර පුරා ඉහල පහළ ගියේ වේගයෙනි. ඈ විසින් තල්ලුකල මම සිටියේ හති හරිමිනි. දෑස අඩවන්ව ගොස්ය. ඈගේ ස්පර්ශය පුදුමාකාර මෘදුය.

".....හො-ස්පි-ටල්....."

මධුලිකා හති අරිමින් කිව්වාය. මම ඇගේ හිස් මෘදුව සිඹින විට ඇගේ මුහුණ බිමට බරවුණි. මම නැවත ඇගේ ගෙලට පහත් වත්ම ඈ මා නැවතත් මා පිටුපසට තල්ලු කර දැමුවාය. මම සිටියේ මත්වූ මීමැස්සෙකු ගුම් නද දෙන සිතකිනි.

ඒ දෑසේ තිබුනේ අභියෝගයකි. සුන්දර අභියෝගයකි!

"ඒ ගමන .... "

ක්ෂණයෙන් මධුලිකා මගේ අත බිමට තල්ලුකොට , දොරෙන් එලියට පැන්නාය.

පැය දොළහක ශල්‍යකර්මයකින් පසුව තාත්තා ගැන පැවසු අතිශය ප්‍රීතිදායක ආරංචිය නිසා සියලු දෙනාම සැනසුම් සුසුම් හෙළුවෙමු.

බලාසිටි ඒ පැය ගණන පුරාම මම මධුලිකාගේ whatsapp පණිවිඩ රැසක් යැව්වද,යවන සැනින් ඒවා කියවනවා මිස මධුලිකා පිළිතුරක් එවා තිබුනේ නැත.

ඒ මගේ ආඩම්බරකාර මධුලිකාය!

මගේ සිත ප්‍රීතියෙන් උමතුවන්නට ආසන්නව පැවතුනි. එක තැනක හිඳගෙන සිටින්නට නොහැකිය, මිනිත්තුවකට දහ දොළොස් වතාවක් දුරකථනය බලමින් මම සිටියේ පාවෙමින් වැනි තත්වයකය. කිසිදා තරුණියක සිපගෙන නැති පරිද්දෙන් මම තනිවම සිනාසෙන බව මට වැටහුණි.

මහත් නොඉවසිල්ලකින් කොයි මොහොතේ රෝහලින් යන්නද කියා සිතුවද අම්මාත් මල්ලීත් හැරදමා ඒම පහසුවක් නොවුනේ ඔවුන් සියල්ලෝම මගේ නියෝජනය තදින් බලාපොරොත්තුව සිටි බැවිනි.

"මොකෝ තිකා උඹ ඇඹරෙන්නේ ?"

සුදම් අන් අයට නෑසෙන සේ මට කීවේ අප සියල්ලෝම අවසන් වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයා විසින් පැහැදිලිකොට දී ඒ ඒ පුටු වලට බරදිගත් පසුය. අනෙක් හිතවතුන් ඒ මොහොතේ අම්මා වටකොට ඈ සමඟ සාමිච්චියේ යෙදී සිටියහ. මට නැගුනේ මනමාල හිනාවක්ද?

"මොකක්ද? උඹට පිස්සුද?"

මම නොදන්නා සේ දුරකතනයට එබුනෙමි.

"මොකද්ද මොකද්ද වෙනවා නේද මේ දවස්වල?"

සුදම් ඊයේ අප දෙදෙනා දකින්නට ඇති බව මම ස්ථිර වශයෙන්ම දැනගත්තෙමි. ඒ නැතත් මධුලිකා දකින වාරයක් පාසා මගේ බැල්ම වෙනස්වන අයුරු ඔහුට හසුවුවාදැයි මම නොදනිමි.

"හ්ම්ම් හ්ම්ම්ම්.. වෙන්න පුළුවන්"

මම දුරකතනයට හිස ඔබාගෙනම ගොරවමින් කිව්වෙමි. සුදම් මට විහිළු කරනවාට මගේ කැමැත්තක් තිබුනේ නැත.

"උඹ ඔය බැල්කනියෙන් මිට පස්සේ මහා රෑ හොම්බ දාල තිබ්බොත් උඹේ හොම්බ තලනවා"

මම එලෙස කියා නැගී සිටියේ අම්මා මා හට කතාකල නිසාය.

තාත්තාගේ තත්වය යහපත් වූ බැවින් අම්මා සැනසීමට පත්ව උන්නාය. තාරුක අයියාත් නිතර කතාකොට සැමගේ සුවදුක් විමසුවේය. මධුලිකා ගැන අසද්දී මම සිනාසුන ආකාරයෙන්ම ඔහු ප්‍රීතියට පත්ව මොරදුන්නේය.

" ඇත්ත කියපන් උඹ මොකක්ද කරපු කුපාඩි වැඩේ?"

"ඔන්න ඔන්න.. මට රෝන් ටෝක් දානවා... මම එහෙම මුකුත් කලේ නැහැ බං..."

"යකෝ.. කසාදත් බැඳලා, අර ෆ්ලැට් එකට වෙලා ඉඳලත් උඹ ඔහොම ඉඳි කියල නම් හිතුවේ නැහැ පුතා! හා හා.. හරි එහෙම තමයි බන් ඉන්න ඕනේ..."

"අඩෝ මේ.... මම කිව්වාය කියල හිතාගනින්"

"උඹ ඉතින් වැඩකාරයානේ.. මම දන්නේ නැද්ද.... මම කිව්වේ කතාකරන්න කියල.!. ගොන් වස්සා!! තව ටිකෙන් උඹ ඔය රටක් වටිනා කෙල්ලව නැතිකරගන්නවා.."

"හ්ම්ම්ම්...."

තවත් කරුණු කිහිපයක් කතාකල මම දුරකථනය විසන්ධි කොට ලැස්ති වුයේ ටාෂාගේ නිවසට යාමටයි. පෙර දිනයේදී පවා අප නිවස අවට කිහිප දෙනෙකු සරි සැරූ බව ආරංචි වූ නිසා තවමත් නිවස සුරක්ෂිත බවිත් තොර බව මම තේරුම්ගෙන සිටියෙමි. නමුත් මේ ගැන දැනගෙන උන්නේ අප කිහිප දෙනෙක් පමණක් නිසා අම්මාගේ මානසික සුවය පතා මම මෙහි රැඳීම තෝරා ගත්තෙමි.

ඒ සියල්ලටම වඩා මට මධුලිකා හැර යාමට නොහැකිය!

නැවත පොපියන සිතින් නැවත නිවසට එනවිට මධුලිකා පෙනෙන්නට නොසිටියාය. ඇගේ කටහඬ ටාෂාගේ සමඟ ඇගේ කාමරයේ ඇසුන බැවින් මම නිහඬව සිටියෙමි. මධුලිකාට යැවූ කෙටි පණිවිඩය ඈ බලනතුරු සිටියද ටාෂා හා ඇගේ කතාව නිසා ඈ නොබලා සිටියාද? ඈ දකිනතුරු මගේ සිත පොපියයි.

පැය ගණනාවක් රෝහලේ පුටු මත වාඩිවී හිඳී මහන්සිය සහ කලබලය නිසා මම කාමරයට වැද සැනින් නින්දට වැටුනෙමි. නින්දේ වෛවර්ණ සිහින අතරේ උන්නේ මධුලිකා පමණකි. මහා රාත්‍රියේ මගේ දුරකතනයට ආ whatsapp පණිවිඩයක් නිසා අහම්බෙන් මෙන් මම අවදිවුයෙමි.

'අදත් ඇහැරගෙනද ?'

ඒ මධුලිකාය. මගේ සිත උණුසුම්ව ගියේය.

'ඔව් ඇයි ?'

මම වහා පිළිතුරු යැව්වෙමි.

'තාත්තාගේ ඔපරේෂන් එක සාර්ථක උන එක ගැන ගොඩක් සතුටුයි. ඔයාගේ තාත්තා වගේ හොඳ කෙනෙක්ට කරදරයක් වෙන්න විදියක් නැහැ'

'ඕක කියන්න තිබ්බේ හවසනේ. මොකද මේ රෑ ඒ ගැන කියන්නේ?'

බොහෝ වෙලාවක් ඈ ලියන බව සටහන් වුවද පිළිතුරක් ආවේ නැත. මට සිනහවක් නැගුණි.

'බංකුවට එනවද?' මම ලියා යැව්වෙමි.

පිළිතුර මදක් පමා වී ලැබුනේය.

'බෑ'

'එහෙනම් කොහේටද එන්නේ?'

'කොහේටවත් නැහැ. දැන් නිදාගන්න, සුබ රාත්‍රියක්'

මේ කෙල්ලෝ නම්!

දුරකථනය ඇඳේ කොනකට විසිකළ මම නොඉවසිල්ලෙන් ඒ මේ අත පෙරලුනෙමි. නැවත දුරකථනය අතටගත් මම යුහුසුළුව පණිවිඩයක් ලිව්වෙමි.

'එහෙනම් මොකටද මගේ කාමරේට ආවේ?'

'ආ.. හරි වැඩක්, මම ආවේ අංකල්ගේ ඔපරේෂන් එකට විශ් කරන්න'

'හැබෑට? ඒක කරන්නේ දොස්තර. මම හදවත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ. ලස්සන කෙල්ලන්ට නම් ප්‍රතිකාර කරනවා. '

'ආ.. හිතාගෙන ඇති... "

'ඊටත් එහෙම එකක් කිව්වේ නෑනේ මම ඇහුවට '

'අහන්නේ කොහෙද?'

'ඇයි ? මම මොකද කියල ඇහුවේ '

පිළිතුරක් පැමිණියේ නැත. මට තනිවම සිනාවක් නැගුණි. මගේ පිරිමි සිත පුරා සිය උල් පාවහන්වලින් ඇවිද සැමතැනම සිදුරු කරමින් මට සරදම් කරන මධුලිකා!

දිනාගැනීමට අපහසු යයි කියන තරුණියන් දැපනේ දමාගන්නට හැකි මට මධුලිකා විෂයෙහි ඒ හැකියාව අමතකව ගියේ ඈ සතු ඒ අමුතු ඉන්ද්රජාලයයි. රූපයට වඩා එය ඇගේ පෞර්ෂය වන්නට හැක. මගේ කිලිටි සිත මධුලිකා රිදවුවත් , ඈ මගේ සිතැඟි තේරුම් ගන්නට ඇත.

කෙතරම් අවස්ථා පැමිණියද මධුලිකා වෙතින් ප්‍රේමය පරයා රාගය උදුරාගන්නට මම නොගියේ එබැවින් වන්නට ඇත. නමුත් මගේ තරුණ සිත අකීකරුය, මම එතරම්ම අසරණ කරවන්නේ ඇයි මධුලිකා?

මහත් වෙලාවක් බලාසිටියද පිළිතුරක් නැති නිසා දුරකථනය අතැතිවම මට ඉබේටම නින්ද ගොස් තිබුණි.

උදෑසන නිවස කලබලකාරී තත්වයක් තිබිණ. මදක් දහවල් වී අවදි වූ මම ඈනුම් අරිමින් එද්දී සුදම් සහ මධුලිකා සාලයේ කොනකට වී සිනාසෙමින් සිටියෝය. මධුලිකා මා දැක බොරුවට ඔරවා සිටියාය.

සුදම් මා දැක යන්තම් සිනාසී ලිස්සා ගියේ මට ඇති බය නිසාය. එනමුත් මගේ සිත ඉපිලෙමිනි. කොහේ කොතැනක සිටියත් මධුලිකා ළඟට ඇද මිරිකා දමා මගේ තුරුණු හැඟීම් ඈ මත මුදාහරින්නට තරම් ආවේගයක් මට දැනෙන්නේ ඇයි ? එය උමතුවක්ද?

"ටාශි කෝ?"

මම සේවිකාවගෙන් ඇසුවේ මේසය මත තිබුණු ඇපල් ගෙඩියක කොටසක් කමින් මධුලිකා දෙස යටසින් බලමිනි. මගේ සිත වනසා, මගේ නින්ද නැතිකොට ඈ ඉන්නා අපූරුව ?

"ටා.....ෂි...."

මධුලිකා තාලයට මෙන් එසේ කියා ඔලොක්කුවට සිනාවීගෙන මා පසුකොට ගියාය.

"සුදු නෝනා අද උදෙන්ම ගියා."

සේවිකාව සිනාසෙමින් කීවාය. ඈ මට විශේෂ ලෙස සලකන්නිය. ඒ ඇයිදැයි මට නොතේරුණත් සැමවිටම මගේ ඕනෑ එපාකම් විශේෂයෙන් සොයා බලන්නේ ඇයයි. ඉඳහිට අමුතු කෑමක් , බිමක්, මම ඉල්ලන විටෙක යමක් ගෙනෙන්නට ඇය යුහුසුළු වන්නීය.

එකෙනෙහිම ටාෂාගේ මව තවත් ගැහැණු කෙනෙකුන් සමඟ සාලය දෙසට එනු දුටු මම සෙමෙන් මධුලිකා ගිය දෙසට ඇවිද ගියේ ටාෂාගේ මවට එතරම් මුහුණ නොදෙන්නටය. එසේ කලේ ඇගේ මා කෙරෙහි ඇති වර්ණනා මට අපහසුවක් දනවන නිසාය.

නමුත් මධුලිකා ගිය දිසාවක් සොයාගත නොහැකිය.

සියලු බලාපොරොත්තු කීතු කරමින්, එකෙනෙහිම මගේ දුරකථනය නද දෙන්නට වුයේ වත්තේ දවසේ රාජකාරී ඇරඹෙන බව සනිටුහන් කරමිනි. මගේ උදෑසන කෑම කාමරයට ගෙන එන්නට කියූ මම නැවත කාමරයට ගියේ මධුලිකා දෑසින් සොයමිනි.

'ආයෙත් අල්ලගන්න තියෙනවා නම්...'

එක දිගට දුරකථන සංවාද, නොයෙකුත් තීරණ අතරේ තෙරපෙමින් දවසේ ව්‍යාපාර වැඩ වලට සිරවී සිටි මම නැවතත් එලියට එන විට දහවල් ආහාරයට මේසය සුදානම්ව තිබිණ.

අම්මා දහවල් කෑමට රෝහලේ සිට කැඳවාගෙන ආ බව මම නොදැන සිටියෙමි. ඊයේ මා සමඟ එන්නට ඈ නොකැමැති වුවද අද කවුරුන් හෝ ඈ රැගෙන එන්නට ඇත්තේ මානසික සහනය නිසා වන්නට ඇත. සියල්ලෝම එකා වන්ව අප වටා රැකවරණය ලබාදීම නිසා මගේ බර තරමකට සැහැල්ලු වී ඇත.

අප සියලු දෙනාම කෑම මේසයට වාඩි වූ අතර ටාෂාගේ මවත්, අපේ අම්මාත් මැදිකොට අලුත් කාන්තාව හිඳගෙන සිටියාය. ඈ පෙනුනේ මොවුන්ගේ සමීප මිතුරියක් බවයි. මධුලිකා මට ඉඳුරා අනෙක් පස වාඩිවී සිට මා වෙත විදුලි කොටන්නා සේ බලමිනි. මම සුපුරුදු පරිදි ඈ දෙස ඇස සිහින්කොට බලා කට කොනකින් සිනාසුනෙමි.

සුදම් ඈ අසල සිටි බැවින් මම පුළුවන් උපරිමයෙන් සංවර බැල්මක් පවත්වාගෙන යන්නට උත්සහ කලද, මම කලේ මේසයට යටින් මධුලිකාගේ පාදය යන්තම් පාගා අල්ලාගැනීමයි. මධුලිකාගේ ඇස් ලොකුවී ගිය අතර සුදම් ඈ දෙස බලා විමසනු දැක මම නොදැක්කා සේ සිටියෙමි. ඒ සරාගී පාද අතිශය මෘදුය. මගේ දෑස අඩවන්ව ගියේ ඉබේටමය.

මධුලිකා සිය කකුල උදුරා ගත්තී මගේ කලවය කොටසට පයින් අනිමිනි. කිසිවක් නොවන්නා සේ ඈ රඟපාන ආකාරය මට විනෝදයක් විය. මම ක්ෂණයෙන් ඇගේ බුහුටි දෙපා වල ඉහල කොටසට කකුල ගෑවෙන්නට හැරියෙමි. ඈ දත්මිටි කාගෙන සිටියද මධුලිකා මා දෙස බැලුවේවත් නැත. මම තනියෙන් සිනාසුනෙමි.

'හොඳ වැඩේ මට කරදර කලාට'

කෑම මේසයේ කිචිබිචිය අම්මාගේ කණ්ඩායම විසින් උදුරාගෙන ගොසිනි. මට ඒ වගක්වත් නොමැත. මම එහාට - මෙහාට වෙන්න උත්සහ කරන මධුලිකාගේ කකුල් සෙමෙන් අල්ලමිනි.

"... ආ... මෙයාද ඉලන්දාරියා..... හම්මේ මාලි... සෙනේ වගේමයි.... සෙනෙත් ඒ කාලේ හරි හැන්ඩ්සම්..."

එකවරම අවධානය මා වෙත දෙමින් ඔවුන් තරුනියන් මෙන් සිනාසෙමිනි. මේ කියන්නේ මොනවාදැයි නොදැන මම මෝඩ ලෙස සිනාවක් පෑවෙමි.

"..... පුතා එහෙනම් බිස්නස් ඔක්කොම දැන්...බලනවාලු නේද... අනේ කොච්චර එකක්ද.. කොහොම හිටපු පොඩි එකාද... "

ගැහැණිය මගේ දෙස බලමින් ඇස නටවමින් කතාකරයි. ඈ පියකරු තාරුණ්‍යක සලකුණු තවමත් දරාගෙනය. මට ඈ සමඟ කතා කරන්නට අවශ්‍ය නැත. අවධානය තිබුනේ වෙන අතකය.

"..... බලන්න අනේ... කාලය යන ඉක්මන... ඉතින් බලන්න මම පොඩිකාලේ දැක්කට පස්සේ දැක්කමනේ.. "

නැවතත් හඬනගා සිනාසෙමිනි. මේ වැඩිමල් ගැහැණුන්ගේ සිනාවිම පසුපස ඇති තර්කය මට නොතේරේ. මම මගේ පාඩුවේ කෑම කන ගමන් මධුලිකා සමඟ කකුල් සෙල්ලමේ යෙදුනෙමි. අවසානයේ මම ඇගේ මෘදු කකුලක් තරයේ මගේ දෙපා වලට සිර කරගත්තෙමි. මට දත්මිටි කැවුනේ හිනාවක් අතරිනි.

"....කොහෙද මේ වෙරෝනිකා වගේ පිනක් කොහෙද....? දුවෙක්වත් නෑනේ! හිකි හිකි..... ආ... ඒකනේ වැඩේ.. දැන් මගුලුත් තීන්දු වෙලා තියෙන එකේ.... "

මම වහලයේ වදින්නට තිගැස්සී උඩ විසි වී ගියෙමි. තුන් දෙනා සිනාසෙද්දී කකුලද ඉබේම බුරුල්ව මම අන්ද මන්දව බැලුනේ ඉබේටමය.

"... ටාෂිත් බෝනික්කි වගේ ඔය ඉන්නේ.. "

මගේ කන් දෙකෙන් දුන් පනින්නට ඇත.

"..... මාලිත් ඒ කාලේ බෝනික්කි වගේ ලස්සන.. නැද්ද... වෙරෝනිකා.... ?? ටාෂි, තීක්ෂණ පුතාට හරියටම හරි යනවා.. ඔන්න මාලි මගේ ගානේ හනිමුන් ටුවර් එකට ටිකට්! එන්නම ඕනේ ඕස්ට්‍රේලියා.. ඔක්කොම වියදම් මගේ ගානේ"

එකවර අකුණු දහසක් පුපුරා ගියාක් මෙන් මගේ හිස විකාර වී ගියේය. 'සලාන්' ගා මධුලිකා අතින් ගෑරුප්පුව අත හැරුණු අතර ඈට කෑම පිට උගුරේ ගියෙන් සුදම් වහා ඇගේ පිටට ගැසුවේය. මගේ කෑම පිට උගුරේ නොගියේ වාසනාවටය.

"අනේ ඔය දරුවට මොකද...? නීලා... නීලා වතුර එකක් ගේන්න තව..."

මධුලිකාගේ මුහුණ වෙනස්ව ගියේ ක්ෂනයෙනි. මට දෙකොන ගිනිගත්තා සේ වික්ෂිප්ත වුයෙමි.

"සමාවෙන්න"

මධුලිකා කෑම මේසයෙන් ක්ෂණයෙන් නැගිට ඇගේ කාමරය දෙසට ගියා නොව දිව්වාය. පාත් වූ හෙනය උසුලාගත නොහැකිව මම කරකුට්ටන් වී අම්මා දෙස බැලුවෙමි.

"අනේ තේජා.. ඒවා තාම කතාකරලා නැහැ හරියට.. සෙනේ හොඳ උනාම බැරිය ඒවා බලන්න... "

ඒ අම්මා කියා සිහිනෙන් මෙන් ඇසුනි. මගේ හිස බමන්නට විය.

"ඒකනම් ඇත්ත, ඒත් තික්ෂණ පුතා නම් අකමැත්තක් නැහැ ටාශිට "

මහා හෙනයක් හිසට පහත්වුවා සේ මට එය ඇසුනේ සිහිනෙන් මෙනි. ටාෂාගේ මව එසේ කිවේ ඇයිදැයි නොරහසකි. අප දෙදෙනා පෙර දිනයකදී මගේ කාමරයේදී ඇගේ අතටම හසුවිය. නමුත් ඒ කතාව සත්‍ය දන්නේ මමත් ටාශාත් පමණි.

මෙතරම් උපකාරන් කරන ටාෂාගේ මවට ඒ මොහොතේ කඩාපනින්නට තරම් මට හැකියාවක් තිබුනේ නැත. නමුත් ආ ආවේගයට මම 'දඩාන්' ගා පුටුව පසුපසට කොට කිසිදු ගරුසරුවක් නොමැතිව මේසයෙන් පලා ගියෙමි.

********************මතු සම්බන්ධයි **************************
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com4tag:blogger.com,1999:blog-4632197388452093715.post-49949744564636016712021-06-29T18:00:00.164-10:002021-08-31T02:50:49.505-10:00255: සුහදිනියේ - 46 | අවිනිශ්චිත අනාගතයක පෙර ලකුණු
කලින් කොටසට

තාත්තාගේ හෘද සැත්කම ඉක්මන් කලයුතු බව වෛද්‍යවරු දැන්වුයෙන් මම ඒ දේවල් සියල්ලටම දුවපැන ඇවිද්දේ උමතු වුවෙකු පරිද්දෙනි. අම්මාත් මල්ලිත් යන දෙදෙනාම මා උරහිසේ, මගේ සරණ පතාගෙන සිටින බැවින් මට දුර්වල වන්නට අවස්තාවක් නොවිය.

අම්මාටත් සුදම්ටත් අඩුපාඩුවක් නොවන ලෙසත් , ඔවුන්ගේ සිත සනහාලන වටපිටාවකුත් ටාෂාගේ නිවසේ තිබීම මට මහත් රුකුලක් විය. තාත්තාගේ අසනීප තත්වය කිසිවකුට නොකී බැවින් වැඩිදෙනා නොපැමිණියද, ඔහුට සිටි විස්වාසවන්ත මිත්රයින් සැම දෙනාම මහා පවුරක් වී වටා රොක්ව සිටියෝය.

තාත්තා මුදල් වලට වඩා උපයා ඇත්තේ මිනිසුන් බව අතිශෝක්තියක් නොවේ. අනුලා සම්බන්ධයෙන්ද තාත්තාගේ යම් අසරණකමක් නොවේ නම් අම්මාට ද්‍රෝහී වන්නට තරම් තාත්තා චපල නොවන බව මම වඩ වඩාත් අදහන්නට වීමි.

අසනීප වූ දින සිටම මගේ භාරයේ තිබුණු තාත්තාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ මමයි. ඇමතුම් අතර දුලිප් නොසිටියද , කිහිප වරක්ම අනුලා අලස් යයි මම සැකකල කාන්තාවක් ඇමතු බව මම සැලකිල්ලෙන් තබාගෙන සිටියෙමි. එම අංකය මගේ යහළුවෙකු ලවා අයිතිකරුවා සොයාබැලුවද ඒ නම අනුලා නොවිණි. තාත්තාගේ එන ඇමතුම් වලට පිළිතුරු සපයමින්, මම වත්තේ සියල්ලම නිසිලෙස කළමනාකරණය කරගත්තේ සුන්දර්ගේ සහයෝගය මට නොමදව ලැබුණු බැවිනි. අනෙකුත් ව්‍යාපාර සඳහා ඒ ඒ කළමනාකාරවරුන් අමතා ඔවුන්ට අවශ්‍යකරන දේවල් යම් තරමකට ඉෂ්ටකරදීමට මට හැකිවිය.

දිනකට වරක් ලෙස මට වාකිෂ්ඨ මහතා ඇමතු අතර, ඒ සියල්ලම වත්තේ කාරණා සහ මධුලිකාගේ වර්තමාන තීරණ සඳහා විය. මධුලිකා සිය විභාගයේදී දැක්වූ දක්ෂතා නිසා ඇයට පහසුවෙන්ම ශිෂ්‍යත්වයක් ලබාගත හැකි බවත් ඒ සඳහා වූ වැඩකටයුතු වල ලියකියවිලි සියල්ලම මේ වනවිටත් යවා ඇති බවත් වාකිෂ්ඨ මහතා කියද්දී මධුලිකා සම්බන්දයෙන් වූ වියෝ දුක මගේ පපුව හුරාගෙන යන්නාක් මෙන් දැනුණි.

ඇය මට අයිති නැත. ඇය ඇගේ ගමන යා යුතුය. මගෙන් පමණක් නොවේ, රටෙන්ද වෙන්වියාම ඇගේ අභිප්‍රාය නම්, මට කල හැක්කේ කුමක්ද? හදවත පැලී රුධිරය වහනය වන්නාක් මෙනි.

"පුතා... එතකොට ඩිවෝස් පේපර්ස් ?"

අවසානයේ වාකිෂ්ඨ මහතා සෙමෙන් ඇසුවේය. ඔහු සැමවිටම මට කරුණාවන්තව සැලකුවේය. වත්තේ සියලු කටයුතු ඔහු සමඟ සිදුකරන නිසාත්, මගේ අනෙක්පස තත්වය දන්නා නිසාත් ඔහු මට වඩා සමීප විය.

මම නිශ්ශබ්දව සිටියෙමි.

".... මිස්ටර් මීගහතැන්න සල්ලි එපා කිව්ව හින්දා , බෝඩ් එකටවත් ආරංචිය ගියේ නැහැ. නමුත් මිනිස්සු ටික ටික හොයනවා. මිසිස් මධුලිකාගේ ආරක්ෂාව මේ වෙලාවේ හැටියට වටිනවා "

වාකිෂ්ඨ මහතා මාතෘකාව වෙනස්කොට දැමුවේය.

පපුවේ ඇනුණු කටුවේ වේදනාව නිසා මට තවමත් කතාකරගත නොහැක.

"...පුතා... මම පේපර්ස් ටික මිස්ටර් දුනුවිලට හෙට යවනවා"

"හරි"

මම ඇමතුම විසන්ධි කොට දුරකථනය හිසින් ඉහලට , පසුපසට විසිකොට දැමුවෙමි. එය බිම වැදී විසිවනු මට ඇසුනි.

"මොකද මේ ෆෝන් විසික් කරන්නේ?"

මම තිගැස්සී හැරුනෙමි. ටාෂා මා පිටුපසින් සිටගෙන සිටියාය. එදා සිදුවීමෙන් පසුව කිසි දිනෙක මගේ කාමරයට පැමිණියේ නැති මුත් , ටාෂා මා වෙත බැලුම් හෙලීම නම් අඩුකර තිබුනේ මධුලිකා විෂයෙහි මගේ සිත යම් තරමකට හඳුනාගෙන වන්නට ඇත.

ඈ කෙරෙහි වූ මගේ ප්‍රතිපත්තිය නිසා , ඈ හැදී වැඩුණු පරිසරයට අනුව ඇය මට සැබෑ මිතුරියක් වුවාය.

මුලදී කිසිදු සුහදත්වයක් නොතිබුණද , දිනක් පමණ අවෑමෙන් මධුලිකා ටාෂාගේ සමාගමට එක්ව ඈ හා සුහද වුයේ ටාෂාගේ ඒ ප්‍රීතිමත් භාවය මධුලිකා සතු ස්වභාවික ගුණය හා බද්ධව ගිය නිසා වන්නට ඇත. පාසලේ මධුලිකා ගිනිසිළුවක්ව උන්නේ ඇගේ තිබුණු ඒ දිදුලන තාරුණ්‍ය නිසා නොවේද?

වෙනත් පාසල්වල කොල්ලන්ට ඈ 'black beauty' වුයේ එබැවිනි.

ඔවුන් දෙදෙනාගේ සිනා හඬ ඇසෙද්දී සුදම් මා දෙස හොරැහින් බලන්නේ තදකරගත් සිනාවක් සහිතවය. එය නොදැක්කා සේ සිටින්නට මම උත්සහ කලේ සුදම්ගේ මුවින් යමක් ගිලිහේ යයි යන බියෙනි.

අම්මා පවා මධුලිකාට වැඩි ආදරයක් දක්වනවා යයි සිතීම මගේ සිතළුවක් වන්නට ඇත. අම්මාට කොහොමත් ඇත්තේ තදබල ' දුවලා' පිස්සුවකි.

මම කොරිඩෝවේ ආපසු හැරී බැලුවේ නිකමට මෙනි.

"වීඩියෝ කෝල් එකක්.... මම ආවා ඒ හින්ද"

ටාෂා කිවේ මධුලිකා ගැන බව මට වැටහුණි.

"ආ..."

මම නිකමට හිස සැලුවෙමි. මධුලිකා ඇගේ ස්වීඩන් යෙහෙළිය සමඟ ශිෂ්‍යත්වයක් පිළිබඳව සාකච්ජා කරන බව ටාෂා මට පෙර කියා තිබිණ.

මේ නිවසට පැමිණි දා පටන්, කෑම මේසයේදී හැරුනුකොට මධුලිකා මගේ මුහුණ බැලු මොහොතක් නැති තරමකි. එයට හේතුව මම තාත්තා සම්බන්ධයෙන් සහ වත්තේ වැඩ සම්බන්ධයෙන් අතිශය කාර්යබහුල නිසාත් , මධුලිකා මා මගහැර සිටීමට උත්සහ කල නිසාත් යන කාරනා දෙකම නිසා වන්නට ඇත. අතරින් පතර අහම්බෙන් මෙන් දකින ඇගේ ඔරවන නෙත්සර පපුව හරහා කැපුමක් සේ ගමන් කලද මම ඒ වේදනාව නිහඬව විඳගත්තෙමි. ඈ අහිමිවන බව දැන දැනම මේ දැක්ම සිත පාරවන දෙයක් උවද,මගේ දෑස මානයෙන් ඈ නොවීම ඊට වඩා හදවත පාරවයි.

අප දෙදෙනාගේ ප්‍රේමනීය මොහොතවල් මගේ සැප නින්ද සොරාගෙන තිබිණ. ලැබෙන සැම මොහොතකදීම මම කාර්යබහුල වන්නට කැමති වුයේ ඒ පීඩාවෙන් මිදෙන්නට මෙනි.

"මොකද වෙන්නේ තිකු?"

"මොකද වෙන්නේ කියන්නේ?"

"මධු එක්ක කතාකලාද?"

මම හිස දෙපසට සලා 'නැහැ' කියුවෙමි.

"එයා ඔයා ගැන කතාකරන්න වැඩිය කැමති නැහැනේ. මම නම් කියන්නේ ඔයා වෙලාවක කතාකරන්න තිකු... කතාකරලා කියන්නකෝ ඔයාගේ හිත... දෙන්නා කතාකලා නම් හරි, ඔයාගේ මේ මහලොකු ආඩම්බරකම පැත්තක තියල..."

මම යන්තම් සිනාසුනෙමි.

මධුලිකාගේත් මගෙත් විවාහයක් හෝ මේ මහා විරසකයට හේතුවක් ටාෂා නොදන්නීය. එය කියන්නට මගේද සුදානමක් තිබුනේ නැත.

".....ඔයා හොඳ කෙනෙක් තිකු.... ඇත්තටම හොඳම කොල්ලෙක් !"

මම අපහසුවෙන් සිනාසෙන්නට උත්සහ කලෙමි.

".... මම ප්‍රෙග්නන්ට් කතාවක් කිව්වේ... ඔයාගේ හැසිරීම බලන්න... ඇත්තටම ඔයා මට ඒ වෙලාවේ සැලකුව විදියටම මගේ හිත හැදුනා."

මම විමතියෙන් ටාෂා දෙස බැලුවෙමි.

".. ඔයා මට අබෝෂන් එකක් ගැනවත් කිවේ නැහැ.. ඔයා මට බැන්නේ නැහැ.. මාව පිළිකුල් කලේ නැහැ.. මගෑරියේ නැහැ... ඒ ගැන හිතුවාම... ආදරේ හිතුනා තමයි. ඒත් ඔයාගේ හිත මගේ ගාව නෙවෙයි කියලා දුන හින්දා මට ඔයාව මධුගෙන් උදුරගන්න ඕනෙකමක් හිතුනෙම නැහැ..."

"මගේ මෙහෙම ප්‍රෙග්නන්ට් වෙච්ච යාලුවෙක්ට උනේ, වැරදිටික එයාගේ ඇඟේ ගහලා කොල්ලා පැනල දුවපු එක.. ඊටත් ඉංග්ලන්ඩ් වල හිටපු ලංකාවේ කොල්ලෙක්... ඒ යාළුවා අන්තිමේ මානසික වෛද්‍යවරයෙක් ගාවට ගියත් අන්තිමේ ජීවිතේ නැතිකරගත්තා... ඔයා.. ඔයා මට එහෙම කලේ නැහැ... "

කුමක්ම කියන්නදැයි මට සිතුනේ නැත.

"අනිත් එක.. ඔයා කවදාවත් මට හිත රිදෙන්නවත් වචනයක් කිව්වේ නැහැ.... අදටත් ඔයා "

".. මට හරිදුකයි තිකු... මම හින්දා ඔයාත් එක්ක මධු තරහ වෙලා ඉන්නෙක ගැන..."

මම මගේ සුදුපිරියම් කරන චරිතය දෙස බැලුවේ සෝපහාසයෙනි. මම ඔය කියන තරමේ සුදු චරිතයක් නොවේ.

"ඔයත් මං ගැන අම්මලාට කියලා නෑනේ... එහෙම තමයි ටාෂා... අපි... අපි සමහර දේවල් වලදී සාධාරණ වෙන්න ඕනේ..."

මම ඈත බලාගෙන කිව්වෙමි.

"ඔයා මධුට ආදරේ කරන තරම් මධු දන්නේ නැහැ, මට හිතෙන්නේ එහෙම... මධු කියන්නේ... ඇත්තටම මාර හොඳ කෙල්ලෙක්... ඒ උනාට හරි සෙන්සිටිව්... "

මධුලිකා සිහිවී මගේ සිත බරවන්නට විය. ටාෂා කියන්නේ සත්‍යකි. මධුලිකා ප්‍රේමයේදී අධි සංවේදීය. මම තරමටම ඊර්ෂ්‍යාකාරය. විනෝදයට ඈ නතුකරගෙන එය පාසලේ කොල්ලන්ගේ විනෝදය පිණිස පැතිරවීම බරපතල දෙයක් බව මම එකල තේරුම් නොගෙන තිබිණි.

"ලොකු...... අපි යනවා.."

ඒ අම්මාගේ කටහඬයි. තාත්තාගේ රෝහල්ගතවිමෙන් සෑම දිනකම අම්මා බෝධිපුජාවක් සඳහා සවසට යන්නේ ටාෂාගේ මව සමඟය. තම සැමියා වෙනුවෙන් ඒ සා කැපවීමක් දකින මගේ සිත මධුලිකා මා වෙනුවෙන් කල වතාවත් වලින් පෑරී යාම වැලැක්විය නොහැකිය.

"අපි යමු රූෆ් ටොප් එකට... ? අද අහසේ තරුත් තියෙනවා... ඉන්න මම සුදම්ටත් එන්න කියන්න"

බරපතල සාකච්ජාව වහා වෙනස්කල ටාෂා මගේ අවසරයක් නොමැතිවම පිටව ගියාය.

ඉන් මද වෙලාවකට පසුව මමත්, මල්ලි සුදම් සමඟ රූෆ් ටොප් එකට ගියෙමු. එහි කුඩා පුද්ගලික ජාල තටාකයක් බද්ධව සමර් හට් ආකාරයට තැනු නවීන විවේක අංගනයක් තිබිණ. ලා කහපාට විදුලි බල්බ වලින් ආලෝකමත් වූ එය යම් පමණකට රෝමාන්තික බවකින් යුක්තවිය.

"මෙන්න.. අද නම් තිකු සින්දුවක් කියන්නම ඕනේ.."

ටාෂා එලෙස කියමින් මගේ ගිටාරය මගේ අතට බලෙන් මෙන් දුන්නාය. මම සුදම් දෙස බැලුවෙමි.

".. ඔව් ඔව්... සුදම් තමයි කිව්වේ ඔයා හොඳ ගායකයෙක් කියල... මෙන්න අනිත් දේවල්!"

ටාෂා වයින් සහ බියර් කිහිපයක් එතන කෝපි මේසය මත තැබුවේ ප්‍රිතියෙනි. එකෙනෙහිම ඈට පිටුපසින් කවුදෝ සිටිනු දැක මම ඇස හරවා ; හිස ඔසවා බැලුවෙමි. ඒ මධුලිකාය!

ඈ කහපාට දණහිස් දක්වා වන ගවුමක් ඇඳගෙන සිටියාය. වරලස ඉහලට කොට ගැටගසා තිබුණු අතර එයින් කෙස් ගස් කිහිපයක් අවුල්ව මුහුණට වැටී තිබිණ. මගේ සිත කඩාගෙන ගියාක් මෙන් විය. කටේ කෙල සිඳී ගියාද? මම ඉවත බලාගෙන ගිටාරයේ තත් සුසර කරන්නට වීමි.

"මරේ මරු! ටාෂා අක්කි ඔයා නම් දේවතාවියක්!!"

සුදම් ටාෂා වැළඳගත්තේය. මධුලිකා මා දෙස හොරැහින් බැලුවාය. ඒ බැල්මේ තිබුනේ අමුත්තකි. මනස අවුල්ව ගියාක් මෙනි. ටාෂා අත තිබුණු ජංගම දුරකථනය නාද විය.

"ආ.... එන්න උදානි.. ඔහොම්මම වම් පැත්තේ තියෙන පඩිපෙළ දිගේ එන්න අපි ඉන්නේ රූෆ් ටොප් එකේ.."

ඇමතුමෙන් පසුව ටාෂා සිනාසෙමින් පුටුවේ හිඳගත්තාය. මධුලිකාගේ ගවුම සුළඟට ලෙලදෙයි. ඇය එක අතකින් ගවුම අල්ලාගෙන හිඳගන්නට මෙන් පුටුවක් සෙව්වාය.

"අක්ක එන්න මෙතනට"

සුදම් මා අසලින් නැගිට වහා වෙනත් පුටුවකට ගිය නමුත් මධුලිකා නොවේ මා අසල පුටුවට පැමිණියේ. මට සුසුමක් නැගුණි. එතරම් කෝපයක් ඈ මා කෙරෙහි තබාගෙන සිටීද?

මොහොතකින් උදානි පැමිණියේ සිනාසීගෙනය.

"ශා.. නියමයිනේ.... අද මෙතන පාටියක් වගේ.... මොකද කෝ ආන්ටිලා නැද්ද?"

"එයාල පන්සල් ගිහින්.... "

"හැමදාම මෙහෙම බුම්මගෙන ඉන්න බෑනේ. අද තිකු අපිට සින්දු කියනවා"

උදානි ප්‍රීතියෙන් සහ උද්යෝගයෙන් ටාෂා දෙස බලා,මධුලිකා දෙසට ඉඟිමැරූ අතර මධුලිකා ඈ දෙස රවා බැලූ බැවින් මට සිනාවක් නැගුණි.

'නපුරිච්චි'

සේවකයෙකු විසින් තවත් සිතල බියර් කෑන් කිහිපයක් ගෙනත් තැබුවේය. සිතල බියර් දුටුවිට මගේ සිත පිබිදුනේ ඉබේටමය. ලොකු සුසුමකින් ලය ඉබේටම සැහැල්ලු වුවා සේ දැනුනි.

"ෂා.. මරුනේ.... පාටි එකක් තියෙනවා නම් ඉතින් තීක්ෂණගේ සින්දුවක් නැතුව කොහෙද?"

උදානි ප්‍රීතියෙන් කියා මේසය මත තිබුණු බියර් කෑනයක් ගෙන විවෘත කලාය. සුදම්ද ඇය අනුගමනය කලේ ප්‍රිතියෙනි. ටාෂා මධුලිකාට දුන් බීර කෑන් එක මධුලිකා හිස දෙපසට වනා ප්‍රතික්ෂේප කළාය. ටාෂා එබැවින් ඇයට වයින් වීදුරුවක් වත්කොට දෙනු දුටු මමද බීර කෑනයක් විවෘත කරගත්තෙමි.

"චියර්ස්... තීක්ෂණගේ සුපර් ඩුපර් ජීවිතේට!"

ටාෂා සවුදිය පිරුවාය.

සියල්ලෝම කෑ ගසමින් සිනාසුනහ. මධුලිකා හොරෙන් මා දෙස බලයි. එය සෑහෙන උත්තේජනයකි. මගේ සිත අතිශය උණුසුමින් පිරි දෑස නොපෙනන තරමට උන්මන්තක ගතියක් දැනුනි.

"ඔන්න පලවෙනි ගීත ඉල්ලීම මගෙන්... තිකු... අනේ.. ඔන්න බැහැ කියන්න බෑ "

ටාෂා බීර කෑනය මා දෙසට උලුක් කරමින් කීවාය. ඇගේ කෙටි සාය තිබුනේ කලවා වලටත් ඉහලින්ද මන්දා.

".... මට ඕනේ Enrique ගේ සින්දුවක්"

මට සිනහ නැගුණි. මධුලිකා බලා සිටින්නේ මගේ සිනහව දෙස බව මට එකවරම හසුවිය. මම ඇගේ ඇස් මගහැරියෙමි.

"හරි හරි.... මොකක්ද ඕනේ.. මට සමහර ඒවායේ lyrics මතක නෑනේ"

"හුරේ..........!"

සියල්ලෝම ප්‍රීතිඝෝෂා කළහ.

මම සෙමෙන් ගිටාරය වයන්නට පටන් ගත්තෙමි.

Monday night and I feel so low
I count the hours but they go so slow
I know the sound of your voice
Can save my soul

City lights, streets of gold
Look out my window to the world below
Moves so fast and it feels so cold
And I'm all alone

Don't let me die
I'm losing my mind

Baby just give me a sign

And now that you're gone
I just wanna be with you
And I can't go on

I wanna be with you

I can't sleep, I'm up all night
Through these tears I try to smile
I know the touch of your hand
Can save my life

Don't let me down
Come to me now
I got to be with you somehow

And now that you're gone
I just wanna be with you
And I can't go on
I wanna be with you
Wanna be with you

"හම්මෝ තීක්ෂණ.... ඔයා මාව මරන්නද හදන්නේ..."

උදානි කෑගසා කිවේ ගීතය අවසාන වන මොහොතේය. හිස ඔසවා බැලූ මම දුටුවේ ටාෂා සිය පපුවට අත තබාගෙන බලාසිටිනුත්, මධුලිකා යටිතොල විකාගෙන බිම බලාගෙන සිටිනුත්ය.

මගේ පපුව සිරවන බවක් දැනුනෙන් මම සිනාසෙමින් ගිටාරය පසෙක තැබුවෙමි.

"ඒකෙ අදහස මම එතරම්ම නරක ගායකයෙක් කියලද?"

"..පිස්සු. පිකදු....... මොනාද හලෝ මේ කියන්නේ ? , මාර ලස්සනයි... තමුසෙට එන්රිකේ කියන්නේ එහෙනම් විහිලුවටත් නෙවෙයි... "

සුදම් මගේ කකුලට තට්ටුවක් දමමින් කිවේය. මට විරංග සිහිවිය. මගේ ගායන සියල්ලම දුටුවේ ඔහුය. මා සමඟ තට්ටු නිවාසයේ අනන්ත වාරයක් බීර බොමින් ගිටාර් ගසන්නේ ඔහු සමඟය. මා ඒ නමින් බෞස්තීම කලේ විරංගයි.

"ආ... දැන් මධුගේ ඉල්ලීමක් තමයි ඕනේ"

උදානි ඇස කොණින් ඉඟිමරමින් කි අතර සියල්ලෝම ප්‍රීතියෙන් මොරදුන්හ. මධුලිකා රවා බැලුවද ඇගේ මුහුණේ නපුරුකමක් මම දුටුවේ නැත. සියල්ලම පරයා ඇගේ දෙතොල් මගේ සිත කළඹමිනි.

"පිස්සුද.. මගේ එහෙම ඉල්ලීමක් නැහැ..."

කෙතරම් වදකලද මධුලිකා ගීතයක් ඉල්ලුවේ නැත.

"මොනාද මධු... ඔයා ඔහොම පුම්බගෙන ඉන්නේ..."

උදානි කෝපයෙන් කීවාය. ඇය සැබෑවටම කෝපයෙන් බව දුටු මම පුදුම වූ නමුත් මධුලිකාට වද නොදෙන ලෙස ඇයට ඇසෙන් කීවෙමි.

ටාෂා වහා ගොස් යාබද කාමරයක තිබී කොන්ගෝ බෙර යුගලයක් රැගෙන සේවකයෙක් සමග පැමිණියාය. සුදම් පැන එයට අයිතිය කීවේය.

අප බීර තොල ගාමින් මෘදු සංගීතය වින්දෙමු. සිංහල, ඉංග්‍රීසි සින්දු දෙවර්ගම කියමින් අප කොපමණ වෙලාවක් එහි සිටියාදැයි මට තේරුමක් නැත.

රාත්‍රිය දිගු විය.

තාත්තාගේ සැත්කම ඇත්තේ දහවල් වන්නටය. මගේ සිත කැළඹී ඇත. සියලු වගකීම් දැරීම වෙහෙසකර බවක් මට මිට පෙර දැනී නැත. තාත්තා ඒවා කෙසේ කරන්නට ඇතිද?

මම කාමරයේ ඒ මේ අත ඇවිද්දේ මහන්සිය නිසා අවැසිව තිබෙන නින්ද මට නොලැබීමේ අපහසුවෙනි.

ඉතුරුව තිබුණු බීර කෑනයද අතින් ගෙන මම කාමරයෙන් පිටතට පැමිණ සෙමෙන් අඩි තබමින් කොරිඩෝවෙන් විවෘත වන කුඩා මිදුලට පිවිසෙන්නට ආවේ අඩ අඳුරේය. ටාෂාගේ නිවස හෝටලයක් මෙන් විශාලය ; සුඛෝපබෝගීය.

අඩ අඳුරේ උන් ගුලියක් දැක මම තිගැස්සුනේ මිදුලට බසින පඩිපෙළ අසලදීය. අනපේක්ෂිත වූ බැවින් මම ඇවිද ආ වේගයට ඒ ගුලියේ වැදී බිමට වැටුණි.

"..ඌ....."

"..ස්...........වට් ද ..."

මධුලිකා මා සමඟ බිම වැටී සිටි අතර සිහින් හඬින් කෑගැසුවාය. මම වහා කෙලින් වී බිම ඉඳගත්තෙමි.

"මොකද මේ මහා රෑ කරුවලේ.. කරන්නේ.. ඒ මදිවට..."

මම ඇසුවේ හඬක් නොනැගෙනසේ සැර කරමිනි. වචන නතර වුයේ ඇගේ ඒ විකාර ඇඳුම නිසාය.

'අම්මෝ මිනීමරු කොට ඇඳුමක් නේද?'

"එතකොට 'තමුසේ' මොනාද කරන්නේ මේ රෑ? "

මධුලිකා කෙලින් වී නැගිට්ටේ එලෙසම දත්කුරු කමිනි. මට සිනාවක් ගියේ නිතැතිනි. සුපුරුදු නපුරිච්චිය! 'පුළුන් කොට්ටයක හැප්පුනා වගේ'

අඩ අඳුරේ පුංචි ඇඳුම් කොටයක් ඇඳගෙන ඈ මා පිස්සෙකු කරයි

මම පසෙක වැටුණු බීර කෑන් එක අහුලාගෙන එහි කිසිවක් ඉතුරුව තිබේදැයි බැලුවෙමි. එහි කිසිවක් තිබුනේ නැත. සියල්ලම හැලී ගොසිනි.

මම නැගිට අසල වූ සිමෙන්ති බංකුවේ කොනක හිඳගත්තේ මධුලිකා ගණනකට නොගන්නා සේ මුත් මගේ ඇතුලාන්තය සෑහෙන්නට යුද්ධයක නිරතවෙමින් සිටී. මධුලිකා මට වම්පස ඈතින්, ඈ සිටි ස්ථානයේම නැවතත් සිටගෙන උන්නාය.

ඇගේ මුහුණ අඳුර තුල ගිලි ගොස් ඇති නිසා මට නොපෙනේ. ආලෝකය වැටී ඇති ඉනෙන් පහල දෙපා පමණක් මම ඇස කොනෙන් දුටුවෙමි.

'මේ කෙහෙල්මල් කකුල් '

මම සුසුමක් හෙළ ලය සැහැල්ලු කරගෙන දෑස වසාගෙන මුහුණ උඩට හරවාගෙන තත්පර කිහිපයක් ගෙවා ගත්තෙමි. එකවරම ඒ සුවඳ සෙමෙන් මා අසලින් මතුව ආයේය. මගේ මනස මට මවන්නේ අමුතුම චිත්රයකි.

සිතල සුළඟ මා ඇඳසිටි තුනී කමිසය විනිවිද මගේ සිරුර පුරා රටා මවමිනි.

"තීක්ෂණ"

හඬ නැගුනේ මා අසලිනි, මම ගැස්සී ඇස් දෙක විවර කරනවිට මධුලිකා සිය කෙටි ඇඳුමට උඩින් දමාගෙන උන් කබාය තරකොට වසා දෑතම එයින් පොරවාගෙන මා අසල උන්නාය.

"... අද ලස්සනට ඔයා සින්ග් කළා...."

මට උගුර සිරව ගියේය.

"... and I am sorry about your Dada "

" it's OK "

මම ඉබේටම කිව්වෙමි. මගේ නෙත් තිබුනේ එහි නොවේ. මගේ හිත තිබුනේද මෙහි නොවේ.

"ඩඩාගේ දේවල් වලට ගොඩක් මහන්සි වෙනවා නේද?"

මම සිනාසෙන්නට උත්සහ කලෙමි.

"... ඔයාගේ මල්ලි.. සුදම්... ඔයාට ඔච්චර බය මොකද?"

මධුලිකා ඈතට වෙමින් කීවේ මගේ බැල්ම නිසාද? සිමෙන්ති බංකුවේ එහාපස අන්තයේ කොනටම වන්නට හිඳගත් ඈ නියපොතු විකනවාක් මෙන් මට පෙනුනි. මගේ නෙත් ඈ හා තනිකරම ඇලී ගොසිනි. සිත පෙරලි කරමිනි. මධුලිකා ඉහල පහල බලමිනි.

"....ම... මම යනවා... මට නිදිමතයි"

එකවරම යමක් සිහිවුවක් මෙන් මධුලිකා වහා නැගිට ඇවිද ගියේ ගිනිගන්නා නිවසකින් පැනයන නිවැසියෙකු පරිද්දෙනි.

'මෙහෙමත් මූඩ් වෙනස් කරන කෙල්ලෙක්!'

ඇය කෙලින්ම යන්නට ඇත්තේ ඇගේ කාමරයට විය හැකිය. එය පිහිටා තිබුනේ මගේ කාමරයට පෙර තිබුණු කොටසකය. මේ රාත්‍රියේ මගේ හිත නොසන්සුන්ය.

මගේ අකීකරු සිත විසින් ඈ එලවාගත්තාද? මගේ බැල්මේ ඒ අසංවරකම තිබෙන්නට ඇත. මගේ සිත කඩාගෙන ගියාක් මෙනි. අනාරාධිතව මම ඉබේටම මෙන් නැගිට මධුලිකා පසුපස ගියෙමි. එය සිදුවන්නට ඇත්තේ ඉබේම වාගේය.

මද වෙලාවකින් මම මධුලිකාගේ කාමරය අසලට යද්දී අඩවන් කොට ඇති දොරෙන් ඇගේ සිහින් ඉකිබිඳුමක් මට ඇසී සිත වේදනාවට පත්විය. මම දොර අසලට ආවද තට්ටු කරන්නට සිත හදාගන්නට නොහැකිය. ඉහලට එසවුණු අත පහලට දමා පමා වුයෙමි.

"මධු... මොකද? ඇයි මොකද උනේ?"

කාමරේ උන් උදානි නින්දෙන් අවදිව අසනු මට ඇසුණු බැවින් මම දොර අසල නිසොල්මනේ හුස්ම පවා අල්ලාගෙන මෙන් සිටියෙමි. අපගේ ගීත සාදය නිම වුයේ ප්‍රමාදවී බැවින් , උදානි නැවත නිවසට නොගොස් මෙහි නතර වුවාය.

මධුලිකා උදානිට දුන් පිළිතුර හෝ ඈ ඊට පිළිතුරක් දුන්නාද කියා මට ඇසුනේ නැත.

දොරට තට්ටු කරන්නද එපාද සිතමින් උන් මට එකවරම මධුලිකා දොර අසලින් මතුව සිටියදී හුස්ම ඉහලට ඇල්ලුනි. ඈ එන්නට ඇත්තේ දොර වසන්නට විය හැකිය.

අප දෙදෙනාගේ දෑස් යාවි ගියේය. මගේ ශරීරයේ රුධිරය අතිශය වේගයෙන් දුවන්නා සේ දැනුනි. මධුලිකාගේ දෙතොල් සැලෙනු මට පෙනේ. කම්මුල් පුරා කඳුළු පහරවල් දෙකකි.

"ම...ධු.."

මම සෙමෙන් මෙන් මිමිනුවා මතකය. මධුලිකා සෙමෙන් දොර වසා දමා ඇතුලතින් අගුලු දමනු මට ඇසුනි.

********************මතු සම්බන්ධයි **************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com5tag:blogger.com,1999:blog-4632197388452093715.post-45473153772927062602021-06-27T18:30:00.006-10:002021-08-30T06:47:24.116-10:00254: සුහදිනියේ - 45 | විරසක සුසුම් සමඟ
කලින් කොටසට

තාත්තාගේ තත්වය බරපතල බව වෛද්‍යවරුන් පැවසුවද මම මහත් ශෝකයෙන් වැලපෙන අම්මාට හෝ සුදම්ට එවැන්නක් නොකීවෙමි. හදිසියේ ඇතිවූ හෘදයාබාධය නිසා ඔහුව අප රැගෙන ගියේ ආසන්නයේම තිබුණු පෞද්ගලික රෝහලට වූ අතර ඔහුගේ වෛද්‍යවරයා ඊට පැයකට පසුව එහි ළඟාවනවිටත් අප සියලුදෙනා කම්පනයෙන් ඒ මේ අත බලමින් කොරිඩෝවේ තැන තැන වැටී උන්නෙමු.

"ඇයි මේ බෙහෙත් ටික වෙලාවට මාරු කලේ නැත්තේ?"

මට හෙදියට දෙන්නට පිළිතුරක් නොවුනි. මෝඩයෙකු සේ මම ඔහේ බලාගෙන උන්නෙමි. පතාක යෝධයෙකු වන තාත්තා අසනීපයෙන් සිටීමම මට සිහිනයක් මෙනි. ඔහු පසුගිය දිනවල සිය පපුවේ කැක්කුම ගැන කියා ඇතත් වෛද්‍යවරයෙකු වෙත යාම ප්‍රතික්ෂේප කල බව අම්මා කියූ බව මට මතකය.

මේ මොහොතේ සිත අවුල් කරගතයුතු නැත. හිස් කෙලින් තබාගෙන සිටීම වඩා වැදගත්ය. රාත්‍රිය මෝරනවිට අම්මගෙත්, තාත්තාගේ හිතවතුන් සහ සහෝදරයින් කිහිප දෙනෙක් අපගේ දුක බෙදාගැනීමට පැමිණි අතර බලාසිටිනවා හැර කළහැකි යමක් නොවුනි.

"පුතාල යන්න ගෙදර.... දැන් බයවෙන්න දෙයක් නැහැ මල්ලි ඉන්නේ ඩොක්ටර්ස්ලා ගාවනේ"

සියවෙනි වතාවට අනෙකුත් අය විසින් කියන ලද වැකිය ලොකු තාත්තා කියන්නට ඇත. මම අම්මා ගැනත් සුදම් ගැනත් සිතිය යුතුය. මේ මොහොතේ වඩාත් සිහියෙන් කටයුතු කලයුත්තේ මම බව මට නොවැටහුනා නොවේ.

"පුතා යමු .අපේ ගෙදර... .. මාලි.. ... ඔයා දුක් වෙන්න එපා.. රෙජිත් මෙතන ඉන්නවා, ඔක්කොම බලාගනී"

අම්මගේ උරහිසට අත තබා කතා කලේ ටාශාගේ මවයි.අම්මා මා දෙස බැලුවේ මගෙන් අවසරයක් පතන්නාක් මෙනි. ඇයට ඇගේ හොඳම මිතුරියගේ සෙවන සැනසීමක් ලෙස දැනෙනවා ඇත.

"නංගි එහෙ ගියාට කමක් නැහැ... අපිට පුළුවන් මේ දේවල් ඔක්කොම බලාගන්න"

තාත්තාගේ ලොකුම අයියා පැවසුවේය. ඔහුගේ බිරිඳ මියගොස් , දරුවන් සියලුදෙනා සිටියේ විදේශගතවය. ඔහුට අප එහි ගෙනයාම කල නොහැකිය.

"ඔව් අම්මා.... අම්ම එහෙ යන්න... මම ඇඳුම් ඔක්කොම එවන්නම්"

"බෑ බෑ බෑ .....මට ඔයාලා එක්ක ඉන්න ඕනේ"

අම්මා මගේ වමත බදාගත්තේ කුඩා දැරියක පරිද්දෙනි. ඈ මෙතරම් දුර්වලව මම දැක තිබුනේ නැත. මගේ සිත සැලී ගියේය.

"සුදම් එක්ක යන්න..."

"ලොකු.....?"

"හරි මමත් එන්නම්"

අප සියලුදෙනාම පැමිණෙන බවට කියූ පසුව අම්මා යෝජනාවට එකඟ වුවාය. පාන්දර දෙක පමණ වනවිට නිවසට ගොස්, මම ඔවුන්ගේ ඇඳුම් හැකි පමණ රැගෙන ටාශාගේ නිවසට යද්දී , සාලයේ මධ්‍යයේ ටාශාගේ මවත් ටාශාත් යන දෙදෙනාම සිටියේ මා පිළිගන්නට මෙනි. මම ඇඳුම බෑග දෙක පසෙකින් තබා ටාශාගේ මව දෙස පහන් බැල්මක් හෙලුවෙමි.

"මම මාලිව නිදාගන්න යැව්වා පුතා. එයා සෑහෙන්න අප්සෙට් එකේ ඉන්නේ. පුතාගේ මල්ලි ඉන්න කාමරේ තියෙන්නේ උඩ.. එයත් නිදාගන්න ගියා... "

"තැන්ක්ස් ආන්ටි මේ කරන උදව් වලට.."

ටාෂා පැමිණ එක ඇඳුම් බෑගයෙක් රැගෙන, එය බිම දිගේ ඇදගෙන මෙන් ආපසු හැරුණාය. ඒ සමඟම පැමිණි සේවිකාව ඈ අතින් එය ගෙන පඩිපෙළ කරා ගෙනියනු මට පෙනුනි.

"අපෝ ඕව මොනාද මට මාලි කරලා තියෙන උදව් එක්ක බැලුවම... අම්මෝ මාලි තමයි මගේ ජිවිතේ හම්බවෙලා තියෙන හොඳම හිත තියෙන කෙල්ල... මටයි රෙජිටයි සෑහෙන්න ඒ කාලෙත් උදව් කළා..."

මම යන්තම් සිනාසුනෙමි. අම්මා මෙන්ම තාත්තාද මනුස්සකම් වලින් පිරිණු පුද්ගලයින් බව මම සැමදාම අත්දකින කාරණයකි. තාත්තා අසනීපවීම යනු ඒ මහා රූස්ස ගස පසෙකට ඇලවී ගියාක් මෙනි. ඉබේම සුසුමක් මගේ මුවින් පිටවිය.

"යමු පුතා.. පුතාගේ කාමරේ පහල... මහන්සිත් ඇතිනේ... හොඳට වොෂ් එකක් දාලා දැන්වත් ටිකක් නිදාගන්න"

මම ටාශාගේ මවගේ පසුපසින් වැටුනෙමි. මම යන දෙස ටාෂා බලා සිටියාය. මගේ පපුව ගැහෙන්නට විය. ඇය හා මා කතාකලයුතු නොවේද? නැතිනම් එය නොපනත්කමකි. මම ඇයට හිසින් එන්නට කියා කිව්වේ එබැවිනි.

එය අමුත්තන් සඳහා ඇති වෙනමම නිවෙස් කොටසක් මෙනි. අතිශය සුඛෝපබෝගී කමක් මේ සියල්ලේ තැවරී තිබිණ. කාමරය විශාලය,සැප පහසුය. එයට ඇතුල් වූ සැනින් මගේ සිත මධුලිකා වෙනුවෙන් නැවත පෑරී ගියේ ඇයිදැයි මම නොදනිමි. මම බෑගය තුලින් මගේ ඇඳුමක් ගෙන නානකාමරයට වැදුනේ වේදනාවට පත් සිත තුරුල් කරගනිමිනි. උණුසුම් ජලයෙන් සේදුනු ගතට යම් සහනයක් ලැබුණු නිසා පහසුවක් දැනුනද ටාෂා පිලිබඳ ඇති තැතිගැන්ම එලෙසමය.

මම නාන කාමරයෙන් එලියට එද්දී කාමරයේ දොර විවරව තිබිණ. මම දොර වසන්නට යද්දී කාමරයේ මධ්‍යයේ තිබුණු කුඩා බුහුටි මේසය මත දුම් දමන කෝපි කෝප්පයක් සහ සුප් බඳුනක් විය. මම දොර අසල නතරව එය වසා දමන්නට අත තබද්දී බරාදයේ සිටගෙන උන් ටාෂා පෙනුනි. ඈ මා දෙස බලාගෙනය. මම අපහසුවෙන් සිනාසුනෙමි.

"මම එන්නද?"

"හ්ම්ම්.. මේක ඔයාගේ ගෙදරනේ"

මම අපහසුවෙන් කියා කෘතීම සිනහවක් පෑවෙමි. ටාෂා මා දෙස බලා දෑසම එක බැල්මකින් ඉවතට ගත්තාය. ඈ මගේ කාමරයට පැමිණ ඇයට පසුපසින් දොර වැසුවාය. ඉතා කෙටි සුදුපාට තුනී ඇඳුමක් ඇඳ සිටි ඇය දැක මගේ සිත ගැස්සුනේ නැතත්, යම් කැළඹීමකට පත්විය.

"මට කණගාටුයි ඔයාගේ තාත්තගේ තත්වය ගැන...."

"හ්ම්ම්ම්... ස්තුතියි"

මම කෝපි කෝප්පය අතට ගෙන මේසයේ ඇති පුටුවක වාඩි වුයේ ටාෂාගෙන් දෑස් ඉවත් කරගනිමිනි.

"...හ්ම්ම්ම්... කොහොමද ඉතින්? මට සමාවෙන්න කතාකරන්න ඉස්පාසුවක් තිබ්බේ නැහැ"

ටාෂා මා අසල පුටුවක් ඇද හිඳගත්තාය. ඇගේ ඇස් රැඳී තිබුනේ මම නිරුවත්වූ උඩුකයේ බව මට පෙනුනෙන් මම වහා හැරි, සෝෆාව මත තිබුණු ටී කමිසය ඇඟලා ගත්තෙමි. මම සිටියේ ටාෂා දෙස නොබැලීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමිනි. මේසය මත තිබුණු මගේ අත ටාෂා යන්තම් ස්පර්ශ කළාය.

"මම දන්නවා... තිකුගේ හිත මට නෙවෙයි කියල..."

මම කිසිවක් නොකියා ඇගේ අතෙන් සෙමෙන් ලිස්සාහැර මගේ අත මුදා ගත්තෙමි.

"... මට කියන්නකො ඉතින් කවුද ඒ වාසනාවන්ති කියල?"

මගේ පපුව සිරවෙන්නට ආ බව නිසා කෝපි කෝප්පය වටා මගේ දෑතම තබා ගත්තෙමි. මගේ පපුව සිරවෙයි, වචනයක්වත් කතාකරගත නොහැකිව මම ලතැවුනෙමි. මධුලිකාගේත් මගෙත් සම්බන්ධය ඈට පවසන්නේ කෙසේද?

"ඒක නෙවෙයි ටාෂා... මට කියන්න අපි දැන් මොකද කරන්නේ... ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? "

"අම්මලා දන්නවද? මම හිතන්නේ නැහැ දන්නවා කියල... දන්නවා නම් මාව මේ ගෙදරට මෙහෙම පිළිගන්නේ නැහැ කියල මම දන්නවා"

මම වචන පැටලෙමින් ඇසුවෙමි.ටාෂා සිය නියපොත්තෙන් මේසය කොනහමින් සිටියා මිස කිසිවක් කිවේ නැත. අවුරුදු දහනවයක හිරිමල් තරුණයෙකු වූ මම දරුවෙක් ලැබෙන තරුණියකට වගකීමක් ගන්නට තරම් සුදානමක් වන්නේ කෙසේද?

"මට ඔයාගේ ආදරේ කරන කෙල්ල කවුද කියන්නකෝ..."

මට තරමක කෝපයක් නැගුණි. මම උත්සහ කරන්නේ මෙය යම් බරපතලකමකින් සිතන්නටය. මෙවන් දෙයකට මුහුණදෙන්නට තරම් මගේ සිත ශක්තිමත් නැති බව මම ඉඳුරා දනිමි. මැයට මෙය විහිලුවක්ද?

"ටාෂා... පිස්සු නටන්නේ නැතුව මට කියන්නකෝ මොනාද කරන්න ඕනේ කියල... ඔයාට මාව අයිති කරගන්න ඕනේ නැති උනාට , මෙහෙම තත්වයක් යටතේ මට එහෙම ඔයාව පැත්තකට දාල ඉන්න බැහැනේ... ඇත්ත.. මම "

මට කතාකරගන්නට නොහැකි විය. ටාෂා එකවරම පැන මා සිපගත්තාය. මට සිතාගන්නටවත් කාලයක් තිබුනේ නැත. කලබලයට මම පුටුවත් පෙරලාගෙන බිමට වැටුනේ ඈ සමඟය.

"පිස්සුද?"

මම ඈ පෙරලාගෙන මෙන් නැගී සිටියේ ඒ මොහොතේමය.ටාෂා එලෙසම බිම , බිම බදාගෙන සිටියාය.

"මට පිස්සු වෙන්න ඇති තිකු... ...ඇත්තටම ඔව්...... "

මගේ හිස අවුල්ව ගියේය.

"ඔයා දැන් යන්න.. අපි හෙට කතාකරමු..."

මම ඈට පසුපස හරවා හිටගෙන දෑතින්ම මුහුණ පිසගත්තෙමි. මගේ හිස අවුල්වේගන එන්නාක් මෙනි.

"මට ආදරේ නැති උනාට කමක් නැහැ තීක්ෂණ... මට කියන්නකෝ කවුද ඒ කෙල්ල කියල... මම ඔය දෙන්නට ඕනේ උදව්වක් කරන්නම්... එයාගේ නම මධු නේද?"

මම හිස ඉහල පහල සොලවා 'ඔව්' ලෙස පැවසුවෙමි.

"... ඔයා වගේ කෙනෙක් ලබන්න ඒ කෙල්ල සෑහෙන ලකී.... ඒ කෙල්ල ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා හිතාගන්න බෑ මට.... ඔච්චරම ඔයාගේ හිත ඇතුලේ ඉන්න තරම්..... "

මගේ හදවත වේදනාවෙන් තෙරෙපි උගුරෙන් එලියට එන්නාක් මෙන් දැනුනි.

"ඒක... ඒක නතර උනා ටාෂා.... "

මගේ මුවින් ඒ වචන ගිලිහුනේ කෙලෙසකදැයි මම නොසිතුවෙමි.

".... ඔයාගේ සීන් එහා අහපු ගමන්..... ඔයාට ඔහොම දෙයක් වෙනකොට , මම හිතන්නේ නැහැ එයාට අවංකවම මං ගැන.."

මගේ උගුර සිරවිය. ටාෂා මහා ශබ්දයෙන් හුස්මක් ඉහලට ඇද්දාය.

"මොනවා??????? මම ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන ඒ සම්බන්ධය කැඩුනා??????"

ටාෂා මගේ පසුපසින් පැමිණ මා තදකොට බදාගත්තාය.

".... අනේ තිකු......... අනේ තිකු....... මම හිතලා නෙවෙයි... අනේ.... "

මම ආපසු හැරි ටාෂා දෙස බැලුවෙමි. ඇය මේ පවසන්නේ මොනවාද කියා මට වැටහුනේ නැත. ටාෂා මා තදින් බදාගෙන සිටියදී මම ඇගෙන් මදක් ගැලවුනෙමි. ඈ හඬයි.

".. අනේ බබා... මම මම... ඔයා මොනාද කියන්න බලන්නනේ කිව්වේ"

"මොකක්? මොනාද කිව්වේ?"

ටාෂා ඉතා අසරණ බැල්මක් මා දෙස හෙලුවාය.

"මම ප්‍රෙග්නට් කියලා කිව්වේ බොරුවට"

"මොකක්?!!"

මට තරු දහසක් හිස මතින් විසිවන්නා සේ දැනුනි. සර්වාංගයම කෝපයෙන් වෙව්ලා ගියේය.

" We will fix this OK ?"

මට ආ කෝපය කෙතරම්දැයි මම නොදන්නා තරමකි. මේසය මත තිබුණු කොපි කෝප්පය අතටගෙන මම පොලවේ ගැසුවෙමි. කෝපි මුළු පලාතම පුරා විසිවී , කෝප්පයේ කැබලි සීසීකඩ විසිර ගියේය. මගේ දෑසේ නැගුනු කෝපය දැක ටාෂා බියවී පසුපසට පැන්නාය.

"මට සමාවෙන්න තීක්ෂණ.... මම හිතුවේ නැහැ... මම..."

"පලයන් යන්න ^%%$&^* මගේ දෑහට නොපෙනී!!!!"

මම දත්කුරු කෑවෙමි. එකවරම දොරට තට්ටු කරන හඬක් ඇසුනි.

"මොකක්ද ඒ සද්දේ..... තීක්ෂණ පුතා....?"

දොර අසලින් ආවේ ඇගේ මවගේ කටහඬයි. මම ගල්ගැසී ගියෙමි.

"............ ටාශී.................... ඔයා ඇතුළෙද? "

මම නිහඬවම අසා සිටියෙමි. කියන්නට යමක් නැත.

තාත්තාගේ තත්වය යහපත් අතට හැරී තිබේ. අම්මාත් මල්ලීත් සුරක්ෂිත බව සනාථ කරගෙන මම මධුලිකා සිටින රෝහලට ඇතුල් වුයේ මහත් කලබලයෙනි. මගේ නින්ද නොමැතිකම නිසා හිසේ වේදනාව උග්‍රව පැවතුනි. මම එහි පිවිසෙනවිටත් මධුලිකාගේ ටිකට් කපන්නට සුදානම්ව පැවතුනි.

තාරුක අයියා සිටියේ උදෑසන වැඩට යන්නට සුදානම්වූ ඇඳුමින් සැරසීය. මා දුටුවනම වහා මා වෙත දිව ආවේය.මධුලිකා පෙනෙන්නට සිටියේ නැත.

"මචන්, කොහොමද අංකල් ?"

"අවුලක් නැහැ.. උදේ ICU එකෙන් අයින් කරලා තිබ්බා. ඔපරේෂන් එකකට යන්න වෙයි, අද රිපෝට් බලලා තමයි කියනවා කිව්වේ "

එකවරම කොහේ හෝ සිට උදානි පෙනී සිටියාය.

"අංකල්ට කොහොමද තීක්ෂණ?"

මම තාරුක අයියා දෙස බැලුවෙමි. උදානිට එක තොරතුර ඔහු කියන්නට ඇත.

"අවුලක් නැහැ"

මම අපහසුවෙන් මෙන් සිනහවක් නගාගෙන පිළිතුරු දුන්නෙමි. මම වටපිට බැලුවේ මධුලිකා සොයමින් බව කාටත් වැටහෙන්නට ඇත. ඈ නොදැක මගේ සිත සැනසෙන්නේ නැත.

උදානිට මුවාවී මෙන් මධුලිකා සිටියේ ඉවත බලාගෙනය. ඈ දුටුවනම මගේ සිතේ වූ පීඩනය කොහේ හෝ පාවී ගියා සේය. ඇගේ ඇති මේ ආශ්චර්යමත් ඉන්ද්‍රජාලය කුමක්ද? මට ඉබේමට නැගුනු මන්දහාසය මම ඇගෙන් වසන්කොට තාරුක අයියා දෙස බැලුවෙමි.

තාරුක අයියා මට ඇසෙන් ඉඟිමරා කිවේ මට මධුලිකාට කතාකරන්නට කියා බව මට පෙනුනි.උදානි මධුලිකා කොනිත්තා මා පෙන්වනු මට පෙනුනි.

මධුලිකා වරක් මා දෙස බලා නැවත ඉවත බලාගත්තාය. එහෙත් ඒ ඇස් කොන මා වෙත තිබේ. අමනාපයෙන් සිටින ඇගේ කකුල නැවතත් වෙලා තිබෙන බව ඒ නිමේෂයේ මට පෙනුනි. ඈ මදක් කෙට්ටු වී ඇති හැඩක් ඇති මුත් , මගේ ඇස් නතරවූ ඒ දෙතොල් වලින් මට නෙත ඉවත ගැනීමට නොහැකිය.

මේ මා සතු ප්‍රේමය නොවේද?

මගේ හදවත මොරදෙද්දී මම ඒ පෙම්වතා ගෙන දියෙහි ඔබා දැමුවේ හඬ නෑසෙන පරිද්දෙනි.

"අද ටිකට් කපනවා නම්... යන්න පුළුවන් වෙයි නේද?"

තාරුක අයියා මගේ උරහිසට අත තබාගත්තේය.

"තියෙන තත්වය යටතේ.... පරෙස්සම් වෙන්න වෙනවා.... මධුලිකා.. !මේ වෙලාවේ කිසිම විදියක මෝඩ වැඩක් කරන්න එපා.. තේරුනාද?"

ඒ හඬේ තිබුණු ස්ථාවර බැරෑරුම්කම නිසා මධුලිකා කීකරුව හිස වැනුවේ එකඟගතාවයටයි.

".. තීක්ෂණ... මිස්ට වාකිෂ්ඨ තාම උත්තරයක් දුන්නේ නැහැනේ. මධුව ඔයා එක්කගෙන යන්න"

මධුලිකා එකවරම ගැස්සී මෙන් හැරී බැලුවේ තාරුක අයියා දෙසය. ඈ සිටින්නේ ඔරවාගෙනය.

"මිස්ට... දුනු.."

"නෑ නෑ ! වෙන කොහෙද යන්නේ? ඔයාගේ ආරක්ෂාව ගැන කවුද වගකියන්නේ? මේ වෙලාවේ වටින්නේ ආරක්ෂාව. ඔයා මගෙත් සේවාදායකයෙක්. මගේ රෙකමන්ඩේෂන් එක අනුව වැඩ කරන්න මිසිස් මධුලිකා.."

මධුලිකා පුම්බාගත්තාය. උදානි ඇයගේ අතින් ඇල්ලුවද ඈ ගසා දැමුවාය. උදානි යමක් ඇගේ කනට කර පැවසුවද මධුලිකා එයට හිස වනා 'බැහැ' යයි කීවාය. උදානි තවත් යමක් කීවද මධුලිකා එය තරහින් මෙන් නෑසුන කන්ව සිටියාය.

මම මදක් මෑත්ව අම්මා අමතා ඇගේ සැප දුක සොයා බැලුවෙමි. තාත්තා අසලින් බොහෝ වෑයමින් මෑත්කොට ටාශාගේ නිවසින් ගෙනා දහවල් ආහාරයට සුදානම් වෙමිනි. ටාශාගේ නිවසේ ඈ සෑහෙන සැනසීමකින් සිටින බවක් පෙනුනි. ඇගේත් සුදම්ගේත් ආරක්ෂාව පතා ඔවුන් නිවසින් රැගෙන ඒම ගැන මම සතුටු වුයේ , ඊයේ රාත්‍රියේ නාඳුනන කිහිප දෙනෙකු නිවාස වටා සැරිසැරූ බව ආරක්ෂක නිලධාරියා විසින් මට පැවසු බැවිනි.

ඒ කිසිවක් ගැන මම තාරුක අයියාට හැරුණුවිට වෙනත් කිසිවකුට නොපැවසුවෙමි.

අවශ්‍ය කටයුතු හමාර කල පසුව තාරුක අයියා උසාවියට යන්නට ඇති බව කියුවත් , මට සෑහෙන කරුණු කිවේ සිත හදන්නට උපදෙස් ලබාදෙමිනි. සත්‍යවශයෙන්ම දැන් ඔහු නිතිඥයෙකුට එහා ගිය මිතුරෙකි.

මධුලිකාත් උදානිත් ජීප් රථයේ පසුපසට නගින්නට කියා වාහනය මම නතර කලද, උදානිට වාරුවී කොරගසමින් පැමිණි මධුලිකාව ජීප් රථයේ පසුපසට නංවාගැනීමට තරම් හැකියාවක් තිබුනේ නැත. මම වහාම රියදුරු අසුනින් බැස, දුව විත් ඉනෙන් අල්ලා මධුලිකා ඔසවා තැබුවෙමි.

වාහනයේ තැබූ සැනින්, මධුලිකා මගේ අත ගසා දැමුවාය. මගේ පෙම්වතා වේදනාවෙන් මොරදුන්නද,මම හැඟීමක් නොමැති මුහුණෙන් වේදනාව යටපත් කරගත්තෙමි.

මධුලිකා එතරම්ම මා පිළිකුල් කරයිද?

වාහනය ගමනාන්තයට ගොස් නතර කරනා තුරු අප අතර කිසිදු වචනයක් හුවමාරු වුයේ නැත. මම උවමනාවෙන්ම කණ්නාඩියෙන් ඈ දෙස නොබලා සිටියද උදානිත් මධුලිකාත් අතර යම් පමණක දබරයක් දැනුනේ ඔවුන්ගේ හඬ ඉඳහිට නොපැහැදිලි කසුකුසුවක්ව ඇසුණු බැවිනි. උදානි මට දොස් කියනවා ඇත. ඔවුන් යන්නට වෙනත් තැනක් සිතනවා විය හැකිය.

මම සිටියේ නිර්වින්දනයට ලක්වී ඇති අයුරිනි. රථය මිදුලේ නවත්වත්ම ටාෂා දිව ආවේ කොහේ සිටදැයි මම නොදනිමි.

"මේ ඉන්නේ ටාෂා, මම අම්මලට කියලා තියෙන්නේ ඔයාලා මේ ටාෂාගේ යාළුවො කියලා ... මේ එයාගේ ගෙදර..."

මට කියන්නට ලැබුනේ එපමණකි.

" කොහේ උනත් ටික දවසනේ... වෙනසක් නැහැ"

මධුලිකා කාල බෝම්බයක් ගසන්නාක් මෙන් කියා දැමුවාය. උදානි රැව්වේ මටද? මධුලිකාටද?

ටාෂා සහ ඇගේ මව අපව උණුසුම් ලෙස පිළිගත්තෝය.

එකවරම මධුලිකා දුටුවනම ඇගේ මුහුණ රතුවී ගොස් වෙනස් වුවද, මද වෙලාවකින් ඇගේ සාමාන්‍ය තත්වයෙන් මධුලිකා සිඹ පිලිගද්දී, මම මගේ පාඩුවේ මිදුලට වී තාවර වුයෙමි. මධුලිකා දෙස ඈ බලන්නේ කවර අදහසකින්දැයි මට වැටහෙන්නේ නැත.

මෙරදා රාත්‍රී සිදුවීමෙන් පසුව, මගෙත් මධුලිකාගේත් සම්බන්ධයට ඈ විසින් කල බලපෑමට සමාවක් ලෙස මෙය යතා තත්වයට පත්කරන්නට උපකාර කරන්නටත් , මධුලිකා සඳහා නැවත ස්ථානයක් සොයාගන්නතුරු ඈ රඳවාගන්නටත් ඈ මට පොරොන්දු වුවාය. මධුලිකාගේත් මගෙත් බිඳුණු සම්බන්ධය යථාතත්වයට පත්වීම කෙසේ වෙතත් මේ තත්වය යටතේ මධුලිකා මගේ ඇස මානයෙන් ඉවත් කරන්නට නොහැකිය.

කවර මොහොතක දුලිප්ගේ මැරයින් මධුලිකාගේ ජිවිතයට හානියක් කරනු ඇතැයි කිව නොහැක. මගේ නිවසේ හෝ තට්ටු නිවාසයේ හෝ ආරක්ෂාවක් නොමැත. ටාෂා සිය වරද වටහාගෙන සිටි නිසා මධුලිකාගේ අනෙකුත් තොරතුරු නොපවසා උවද කොන්දේසි විරහිතව මා කියන දෙයකට එකඟවීම මට පහසුවක් විය.

මද වෙලාවකින් මම සාලයට පිවිසුනේ මධුලිකා දෙස වැඩි අවධානයක් නොදක්වමිනි.

"මම ඔයාලාට උඩ කාමරේ ලෑස්ති කලා.. මගේ කාමරේ.... මම පහලට ආව"

මගේ සර්වාංගයම සීතලව ගියේය.

' මේ මොට්ටි කල්පනා කරන්නේ නැද්ද උඩ තට්ටුවේ අපේ අම්මා ඉන්නවා කියල'.

ටාෂා මගේ විසල් වූ දෑස දැක යමක් අවුල් වී ඇති බව තේරුම් ගත්තාය. එකෙනෙහිම ටාෂාගේ මවත් අපේ අම්මාත් සාලයේ පසෙකින් මතු වුහ. මධුලිකා අන්ද මන්දව ගොස්ය.

"අම්මා... මේ මගේ යාලුවෙක්.... මම කිව්වේ... මේ ම... දම්සිරිණි.. "

මධුලිකා තිගැස්සී බැලුවේ මගේ මුහුණයි. මම ඇස් වලින් කලබල නොවන ලෙස පැවසුවෙමි.

ඇගේ ඒ දෙවැනි නම ඈ කිසිවිටෙක භාවිතාකරනු මම දැක නැත. මධුලිකා යන නම අපේ නිවසට තරමක නොගැලපෙන බැවින් මම ටාෂාට කීවේ ඒ නම භාවිතා කරන ලෙසයි. අම්මලා දෙදෙනාම මධුලිකාත් උදානිත් දෙස බලා සිටි අතර අම්මා උදානි දෙස දෙවරක් බලා, මධුලිකා දෙස බලා සිටිනු දුටු මගේ හදවත පිටතට ඇසෙන තරමට ශබ්දයකින් ගැහෙනු දැනුනි.

අම්මාට ඇත්තේ පුදුමාකාර ඉවකි.

අම්මලා දෙදෙනා සුහදව සිනාසී, මධුලිකා සමඟ වචන කිහිපයක් කතා කලෝය. අම්මාගේ මැලවුනු මුහුණ දුටු මට මහත් දුකක් ඇතිවිය.

"එයාගේ කකුල තුවාල වෙලා නේද ටාෂි.. මේ.. පල්ලෙහා කාමරයක් හොඳයි"

මට 'ටාෂි' කියද්දී මධුලිකා මා අමුවෙන් පුච්චාගෙන කන තරමේ බැල්මකින් බලා සිටියාය.

'හම්මෝ එහෙම බැලිල්ලක්! උඹව මරාගෙන කයි පුළුවන් නම්'

අම්මාගේත් සුදම්ගේත් මරු කටේ මධුලිකා තබන්නට තරම් මම මෝඩයෙකු නොවේ. එකවරම සිහියට ආවේ උදානි වරක් අපේ නිවසට පැමිණ ඇති නිසා අම්මා එකවරම ඈ හඳුනාගනිවී යන බියයි. වාසනාවට අම්මාට එය එතරම් ගණනකට ගිය වගක් නොපෙනුණි. අම්මා සිටින කැළඹිලි තත්වය නිසා එසේ වන්නට ඇත, ඒ නොමැති නම් ඇයට ඇත්තේ පුදුමාකාර පොලිස් ඉවකි.

"ආ.. හරි... ඉන්නකෝ"

ටාෂා යුහුසුළුව නැගිට ගිය අතර සේවිකාවෝ දෙදෙනෙක් බෑග් පොදි රැගෙන ඈ පසුපසින් වැටුනෝය. මම උදානිටත්, මධුලිකාටත් එතන ඉන්නට කියා සන්කරමින්, අම්මා මගහැර මගේ කාමරය පැත්තට යද්දී දුටුවේ ටාෂා සහ සේවිකාවන් මගේ කාමරය අසල කුමක් හෝ කතාකරන බවකි.

ආපසු එන මගේ මුහුණට සුදම් හමුවිය.

"අඩෝ.. මේ අර..."

මම සුදම්ගේ කට වහා වසා ඔහු අල්ලා බිත්තියට හේත්තු කලෙමි.

"ඔව් යකෝ...... කෑගහන්ඩ එපා..."

සුදම් හිසින් එකට එකඟ වූ පසු මම මුව වසා තිබි අත ඉවත් කලෙමි.

"පට්ට hot කෑල්ලක්නෙ !"

මට තරු විසි උනි. නමුත් නැගුනේ නොසන්ඩාල සිනාවකි.

"... සොරි .. සො .. සොරි තිකා මට කිය උනා"

සුදම් වෙව්ලමින් කියද්දී මට ඇතුලතින් සිනහවක් නැගුණි. සුදම් මට ඇති බය නිසා ඔහුගේ මුවින් එවැන්නක් පිටවෙන්නට ඇත්තේ ඉබේම බව මට නොතේරුනා නොවේ.

"උඹකවදද එයාව දැක්කේ?"

සුදම් බයෙන් වෙව්ලා ගිය බව මට පෙනුනි. නමුත් මගේ මුහුණේ තිබුනේ එතරම් දරුණු පෙනුමක් නොවේ.

********************මතු සම්බන්ධයි **************************
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com4tag:blogger.com,1999:blog-4632197388452093715.post-44985562359019379282021-06-22T18:00:00.003-10:002021-08-30T06:20:38.877-10:00253: සුහදිනියේ - 44 | අනතුරක පෙරමග සලකුණු සමඟ
කලින් කොටසට

"මොකක්?"

මට එකවරම ඇසුනේ කම්පනයක් මෙනි. නැවතත් තාරුක අයියා ඔහු කියූ දෙයම ප්රතිරාවය කළේය.

"ඔව් මචන් ඔව්.... වාසුල තමයි... නිව්ස් බලපන් රෑ නවයට... ඒකෙ පෙන්නයි. වාහනෙත් එක්කම ගිනි තියලා.. "

"කවුද?"

"උඹට හිතාගන්න බැරිද ඔච්චරම....?"

මට සැකයක් තබන්නට නොහැකිය. ඒ දුලිප් සතරසිංහ හැර වෙන අයෙකු වන්නට නොහැකිය. සිය පුත්‍රයාට සමාජ ශාලාවකදී බෝතලයකින් ගසා තුවාල කලවිට ඔහුගෙන් මේ කැනහිල් ප්‍රහාරය වාසුල බලාපොරොත්තු විය යුතුය.

වාසුල ජයවර්ධන කොළඹ පාලු පාරකදී සිය රථයේ අනතුරකින් පසුව ඇතිවූ ගින්නකින් , සිය රිය ඇතුලේදීම දැවී මියගොස්ය. සිදුවීම වී ඇත්තේ අදදින පාන්දරට වන්නටය. මුලික පරීක්ෂණ වලින් පසුව , මේ වනවිට ඒ සිටින්නේ වාසුල බව වාසුල බව ඔහුගේ දෙමවුපියන් විසින් හඳුනාගෙන තහවුරු වී ඇති බව තාරුක අයියා කියයි.

සැනින් දුරකතනයට ඔහු විසින් එවූ පින්තුර පැමිණි අතර, මම ඒවා දෙස බැලුවේ මහත් කම්පනයකිනි. වාසුල සතු පැරණි ජීප් රථය ගසක හැපී චප්පවී තිබුණු අතර ඒ තුල සුක්කානමට සිය හිස ගසාගෙන ඔහුගේ සිරුර දැවී , අළුවී තිබිණ. මෙය ස්වභාවික අනතුරක් යයි කීම විහිළුවකි. ජීප් රථයක මෙවන් මිනිසෙකු මැරෙන්නේ කෙලෙසකද?

මට මහා බියක් දැනුනි. මිට හෝරාවකට ප්‍රථම තාත්තා මට වත්තේ සියලු නව තොරතුරු
කියා වගකීම් මගේ පිට පවරන්නට හේතුව මට දැන් සිතාගත හැකිය. නිවසට මා පැමිණි වහාම වත්තේ කටයුතු වල වාර්තා සපයමින් මා දැනුවත්කළ තාත්තා සුන්දර් හා සැරසෙන්නේ කුමකටද කියා මට ස්ථිර අදහසක් නැතත්, දුලිප්
සතරසිංහගෙන් මගේ පියාගේ ජිවිතයට තර්ජනයක් වනු ඇති බව මට වැටහුණි. මෑතකදී ඔහු හිමිකම් කීවේ රටේ ජාතික ආරක්ෂාව සඳහා වන ප්‍රභල අමාත්යාංශයකටයි.

දෙවැන්න වෙන කිසිවක් නොවේ, මධුලිකාය! පෙරදී ඔහුට එළිපිට මිනීමැරීම් මෙතරම් පහසු වුයේ නැත.

මම ආඩම්බරකම්, වේදනාව සියල්ල පසෙක තබා මධුලිකාට ඇමතුමක් ගත්තෙමි. ඇය ඊට පිළිතුරක් නොදුන්නාය. තුන් වරක් උත්සහ කලද ඈ පිලිතුරක් නොදුන් බැවින් මම උදානිගේ දුරකතනයට ඇමතුමක් ගත්තෙමි.

දෙවරක් නාදවනවිටම එයට පිළිතුරු ලැබුණි.

"ඇයි තීක්ෂණ?"

උදානි දහවල් තිබුණු අමනාපයේ ලකුණක් හෝ නොමැතිව කතාකිරීම මට හඳුනාගත හැකි වුවද, මම එය ගණනකට නොගත්තෙමි.

"උදානි කොහෙද ඉන්නේ?"

"මම ?... මම ... මම ඉන්නේ මධු ගාව... ඇයි ?"

"මධු නිදිද? ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ?"

උදානි මුව තුල වචන සිරවුවා සේය. මම පිළිතුරක් අපේක්ෂා නොකර කතාකරගන ගියෙමි.

"... උදානි මම මේ කියන දේ හොඳට අහගන්න. වාසුලව මරලා...! ඔය දෙන්නා හොඳට දොර ලොක් කරගන්න... දන්නේ නැති කිසි කෙනෙක්ට එන්න දෙන්න එපා මධුගේ කාමරේට... මම හෙට එනකල්වත් ටිකක් බලාගන්න පරෙස්සමෙන්... මගේ මධුව පරෙස්සමින් බලාගන්න උදානි!"

මගේ උගුර සිරවී ගියේය.

"වාසුල මරලා?.. කවුද?"

"ෂ්... මධුට කියන්න එපා.. එයා බයවෙයි... ඔයා ටිකක් පරෙස්සමෙන් ඉන්න.. මම හෙට වෙනකොට මොකක් හරි ඇරෙන්ජ්මන්ට් එකක් දාන්නම්... එතකල් ඉන්නකෝ"

උදානි කිසිවක් මට එරෙහිව නොකියා මා කියන්නකට එකඟ වුවාය. තවත් උපදෙස් කිහිපයක් ලබාදුන් මම ඇමතුම විසන්ධි කරනවිට දැනුනේ සවස උරණව සිටි උදානි මෙතරම් මෙලෙක් ලෙස මට අවනත වුයේ මන්දැයි කියාය.

මගේ රෝමාන්තික පෙම්වතාට වඩා අරමුණට සිත යොමු කරන තීක්ෂණ උත්සන්නව ආයෙන් මම පහල මාලයට ගියෙමි.

"ඩඩා කෝ?"

මම මැණිකාගෙන් අසන විටම අම්මා සාලයට ආවාය.

"ලොකු... ඇයි මොකක්ද? "

"මුකුත් නෑ අම්මා... ඩඩා කෝ?"

"ඔෆිස් කාමරේ... ස්ටේට් මැනේජර් එක්ක.."

මම කෙලින්ම ඒ දෙසට ඇවිද ගියෙමි. දොර වසා ඇත. දොර අගුල්දා නැතත් එය විවර කිරීමට මගේ සිත නැමුණේ නැති බැවින් මදක් කල්පනාකොට තට්ටුවක් දැමුවේ සෙමිනි.

"කවුද?"

තාත්තා සැරෙන් මෙන් ඇසුවේය.

"මම ඩඩා"

මගේ හඬද ස්ථිරසාර වන්නට ඇත.

තත්පර කිහිපයක් ගතවිය. දොර විවර වූ අතර ඒ මධ්‍යයේ සුන්දර් සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණ සෑහෙන්නට වෙනස්ව ගොස්ය. මම එය නොතකා කන්තෝරු කාමරයට යද්දී වෙනදාට ඉතා පිළිවෙලට තබා ඇති මේසය තාත්තා ලිපිගොනු මිටි වලින් පිරවුනු අපිළිවෙල පෙනුමක් ලබාදී තිබිණ. මම කලබලයක් නොමැතිව ඒ අසල නතර වුයෙමි.

"මම මේ..... අර පරණ බිල්ඩින් එකේ ප්ලෑන් එක හොයනවා."

තාත්තා එසේ කියමින් කාඩ්බෝඩ් ෆයිල් කිහිපයක් මේසය මතට දැම්මේය. මම හොරැහින් සුන්දර් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ අසරණ පෙනුමක් ගෙන තිබිණ.

"ඩ.. ඩා... මට පොඩ්ඩක්..."

තාත්තා හිස ඔසවා ඔහුගේ ලිපිගොනුවෙන් සිය ඇස මා වෙත යොමු කළේය. ඒ ඇස්වල තිබුනේ විඩාපත් බවකි. තාත්තා කෙරෙහි මගේ සිත උණුව ගියේය.

මම තතනන්නේ සුන්දර් නිසා බව ඔහු දනිතත් සුසුමක් හෙලා සිය ලිපි ගොනුව මේසය මත තැබූ තාත්තා වමතින් සිය නිකට අතගාන්නට විය. එසේ ඔහු කරන්නේ සෑහෙන බැරෑරුම් මොහොතකය.

"ලොකු.... මම වෙනුවෙන්.... වත්ත බලාගන්න ඕනේ"

මම හිස් බැල්මෙන් ඔහු දෙස බලාගෙන සිටියෙමි. සුන්දර් සෙමෙන් ඇවිද කන්තෝරු කාරමයෙන් පිටව යන්නට දොර අසලට ගියේය.

"... සුන්දර් විස්වාසවන්තයි.. මටත් වඩා ලොකුට ගරු කරනවා. වත්තේ මිනිස්සු අපි බලාගන්න ඕනේ.. ඒ මිනිස්සු පව්.. සුන්දර් , උඹ මට වගේම පොඩි මහත්තයටත් ඕනේ විදියට වත්ත බලාගන්න ඕනේ.."

"හරි සර්.."

සුන්දර කෙඳිරුවේය.

මට තාත්තා වැළඳගන්නට අවශ්‍ය විය. නමුත් මම ගල්ගැසී බලාගෙන සිටියෙමි. මෙය සමුගැනීමක් ලෙසමට දැනෙන්නේ ඇයි ? එකවරම මගේ සිතට ආවේගයක් පැමිණියේය. පරාජයක් කියා දෙයක් මම නොදනිමි.

"ඩඩා... ! කොහෙවත් යන්න එපා අද... "

තාත්තා මා දෙස බැලුවේ මවාගත් සිනහවකින් යුතු බැල්මකි.

රාත්‍රී නවයේ කණිසම වදිනවා ඇසුනේ මිට සුළු මොහොතකට කලිනි. මම කාමරයෙන් එලියට ආවේ අවුල්වී ගිය මනස නිසා වූ වේගයෙනි. ඒ වනවිටත් අම්මා රුපවාහිනියේ ප්රවෘත්ති විකාශය දමාගෙන තිබිණ.

"....සෙනේ..!!!!!"

අම්මාගේ කෑගැසීමට අපි සියල්ලෝම බියට පත්වුහ. මැණිකා සාලයේ ඇරඹුම තෙක් දුව ආ අතර, විමලාද කොහේ හෝ සිට සාලයට මුහුණ පොවා බැලුවාය. සුදම් ඉහල මාලයේ සිට දිවගෙන එන හඬ ඇසුනි.සාලයේ සෝෆාව මත බිරාන්තව උන් අම්මාගෙන් දුරස්ථ පාලකය උදුරාගත් මම වහාම රුපවාහිනිය නිවා දැමුවෙමි.

එහි විකාශය වෙමින් පැවතුනේ අනතුරක් ලෙසින් හඳුන්වන , මිනීමැරුමේ දර්ශනයි. මම දකින මොහොතේ වාර්තාකරුවන්ගේ කැමරාවට මහා හඬින් සාප කරමින් ඉන්නා අනුලා අලස් අල්ලාගෙන රථයකට බලෙන් මෙන් ඇතුල්කරගන්නා මොහොතයි.

"..... මේක දුලිප් තමයි කලේ.. මගේ පුතාව මැරුවේ දුලිප්.. මේක මිනීමැරුමක්..... තොපි ඔක්කොම මිනීමරුවෝ.... කාලකන්නි බල්ලෝ......!!"

හැරී බැලු මට කන්තෝරු කාමරයෙන් එලියට ආ සුන්දර් හැරුනුකොට තාත්තා පෙනෙන්නට නොවීය.

තරුණිය වෙව්ලන්නට වුවාය. මම ඇගේ ගෙලින් අත මදක් බුරුල්කොට වුවද ග්‍රහණය ඉවත් නොකලෙමි.

"මට කියන්න ඕනේ නැහැ... මම ඔක්කොම දන්නවා.. දෙනෙත් , වාසුල එක්ක එකතුවෙලා කරන්න හදපු වැඩේ මම දන්නවා... තමුසෙගෙ ජිවිතේ අනතුරේ වෙන්න පුළුවන්. ඒ හින්දා මම කියන දේ කරන්න වෙනවා. නැතිනම්.... අදම මෙහෙත් ගියාට මගේ කිසි අව්ලක් නැහැ"

තරුණිය හඬන්නට වුවාය. විරංග ඈ දන්නේ දෙනෙත් ලෙසටය. එදින අප නිවසට පැමිණි විරංග තරුණියගේ දෑසට හසු නොවන්නට මම සුක්ෂම වුයේ නිවසට පැමිණෙන පිරිස ඈ සිටි කොටසින් දකින්නට නොහැකි බැවිනි.

"වාසුල අයියා..... අනේ......!"

මම ඈට ඉකිබිඳින්නට ඉඩදී මදකට පසෙකට උනෙමි.

මධුලිකා ලෙස පෙනීසිටි තරුණිය වෙත මම පැමිණියේ වාසුලගේ මරණයෙන් පසුව උද්ගතවන තත්වය යටතේ ඇගේ සැබෑ ස්වරුපය එළිකර ගැනීමට වඩා ඇගේ ආරක්ෂාව සලසා දීමට වුවත් , ඈ වෙත පැමිණි මට පහරදෙන්නට තැත් කල නිසා මට ඈ මෙල්ල කරගන්නට සිදුවිය.

වාසුල ඈ හා පෙම් සබඳතාවයක් කුමක් අරඹයා පැවත්වුවාදැයි මම නොදනිමි. නමුත් ඈ විවාහ කරගන්නා සැලසුමක් නම් ඈ වෙත කියා තිබුණු නිසා මධුලිකා වැනි තරුණියක ප්‍රතික්ෂේප කර ඈ වැනි තරුණියක් විවාහ කරගන්නට නම් එවැන්නක් තිබිය යුතුමය. ඒ නැතත් ඔහු සල්ලාලයක් බව සැමදෙනාම දන්නා කරුණක්ව පැවතියේය.

බාගවිට මධුලිකා එවැන්නකට නම්මාගැනීම අපහසු හෝ නොකරහැක්කක් යයි සිතුනු නිසා එලෙස කළා වන්නට පුළුවන්. මද වෙලාවකින් සන්සුන් වූ ඈ වෙත මගේ යෝජනාව ඉදිරිපත්කොට ඈට සිතන්නට දී තාරුක අයියාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

"හරි අය්යා....මම අයියා කියන දේකට කැමතියි..."

මේ තරුණිය මට අයියා කියන්නේ නොදැනද?

මම මගේ සැලසුම ඇයට ඉදිරිපත්කල අතර ඇය එයට එකඟ වුවාය. එය එතරම අපහසු නොවුයේ මම කියූ කරනු වලට අයට දෙන්නට පිළිතුරු නැති වීමත්, සත්‍ය කීමෙන් මම ඈට ඉදිරියෙන් සිටීමත් නිසා වන්නට ඇත.

මැය කාගේ කවුරුන්දැයි මට අදාළ නොවුනද ඇයට අනතුරක් නොවන්නට මම වගකිව යුතුය. මධුලිකා සම්බන්දවද මම ක්‍රියා කලේ එලෙස නොවේද?

නැත! මධුලිකා සම්බන්ධයෙන් එය මිට වඩා තීව්ර විය. කුඩුවෙන් බිමට වැටුණු ලේන් පැටියකු පරිද්දෙන් ඈ අනාරක්ෂිතව සිටියදී වහා පැන ලේන් පැටියා සිය ලයට තුරුල් කරගන්නේ යම් සේද , එවන හැඟීමකින් මම ඈ සුරැකියෙමි. වෙනත් අයෙකුගේ ගොදුරක් වන්නට ඉඩක් නොදී ආ මගේ ලයට තදකර තබාගත්තේ, අවසානයේ ඒ ලේන් පැටියා මගේ ආරක්ෂාවේ අධික බවින්ම මියගියාද?

ඒ මොහොතේ ඈ මා සොයමින් සිටි ගොදුර බවත්, මම ලේන් පැටවුන් දඩයමේ යෙදී උන් බිලාලයෙකු බවත් අමතකව ගියා නොවේද? මගේ සිත වේදනාවෙන් පුපුරු ගසන්නට විය.

කම්පනයට පත්වසිටි අම්මා මම කියන දෙයක් මිස කිසි සිහියකින් සිටියේ නැත. කුමක් හෝ ඉවක් විසින් මා කියන්නාක් කරන්නට තාත්තාද පෙළඹී සිටියේය. මේ සියල්ලේ නුල්පොටවල් ගැන මට තිබු අවබෝධය ඔහු අනුමාන කලාද? මම ඒ ගැන ඒ මොහොතේ කල්පනා නොකළේ, හස්තියාට හසුව කුඩුපට්ටම් වන මොහොතක කුමක් කල්පනා කරන්නද කියා සිතමිනි.

ඒ වනවිට තරුණියද සම්පුර්ණයෙන්ම මම කියන්නක් කිරීමට තරම් විශ්වාස කටයුතුව උන්නාය. ඈ උන්නේ ජිවිත අවදානමට වූ කම්පනයෙනි. මම උපදස් දුන්නේ වාසුලගේ නිවසින් එන කිසිදු ඇමතුමකට පිළිතුරු නොදෙන ලෙසයි. එයට පිළිතුරු සැපයිමම ඈ අනතුරේ හෙලන්නට ප්‍රමාණවත් වනු ඇත.

රාත්‍රී දහය පමණ වනවිට ,රියදුරු අත තරුණිය වහාම පිටත්කර හැරුනේ තාත්තාගේ අතිශය සමීප මිතුරෙකු වන ජයනෙත්තිගේ නිවසටයි. මෑතකදී ඔහුට ඇතිවූ අසනීප තත්වය හමුවේ අම්මාත් තාත්තාත් ඔහුට නොමද උපකාර කර තිබුණු බැවින් ඔවුන් මේ උපකාරය කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන්නට එකඟ වුහ.

වාහනය ගේට්ටුවෙන් පිටත්වූ පසු මම මුරකරුට වඩාත් ආරක්ෂක විධි පිළිබඳව යම් තරමක අවවාදයක් දුන්නේ වැඩි ආරක්ෂාව පතාය.

ඇගේ පිටත්වීමෙන් පසුව නිවසේ තත්වය සමනය වනතුරු සිට , කාමරයට වැදී මම විරංග ඇමතුවෙමි.

"මචන්... කෙල්ලව මම යැව්වා සේෆ් තැනකට... වාසුලගේ ගෙදරින් කතාකලොත් ඇරුනාම වෙන ට්‍රේස් කරන්න බෑ "

"උඹට කොහොම ස්තුති කරන්නද මන්ද.. එතකොට ම.."

ඔහු අසන්නේ මධුලිකා ගැන බව මම දනිමි. ඔහුගේ ප්‍රේමය මට වඩා පිරිසිඳු බවින් යුක්තය. මම මධුලිකා ගැන සිතිය යුත්තේ මගේ සීමාව තුලයි. නමුත් මරණිය කැපුමක් මගේ පපුව මාධ්‍යයෙන් කරගෙන යද්දී මම වේදනාව පරයා හඬ සාමාන්‍ය කරන්නට උත්සහ කලෙමි.

"ඒවා ඔක්කොම හරි..."

ඇමතුම විසන්ධි කොට , මම පෙම්වතාගේ ගෙල මුලින් අල්ලා කොනකට කොට ලේ පෙරෙන සැත්කම් කටුවකින් ඇන දමා අඩපන කලෙමි.

ඇමතුමෙන් පසුව මම කාමරයේ මේසය මත තිබුණු වතුර වීදුරුව එක හුස්මට බිව්වෙමි. කාමරය පුරා මධුලිකාගේ සුවඳය. එය එසේ වන්නේ කෙසේද? ඇය මෙහි උන්නේ මිට දවස් ගනනකට පෙරය. මෙය මගේ හිතළුවකි.

මට ඉබේටම සුසුමක් හෙලුනි. ශරියට එකවරම ඇඳමතට කඩා වැටෙද්දී , මධුලිකාගේ මෘදු ස්පර්ශය මගේ මුරු සර්වාංගය ගමන්කරන්නාක් මෙන් දැනුනි.

"ලොකූ...................................!"

අම්මාගේ විලාපය නිවස දෙවනත්කොට ඇසුනේ ඒ මොහොතේය.

********************මතු සම්බන්ධයි **************************
ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com9tag:blogger.com,1999:blog-4632197388452093715.post-1388424973201082922021-06-21T17:30:00.004-10:002021-08-30T06:09:02.724-10:00252: සුහදිනියේ - 43 | විරංග සහ තීක්ෂණ යහළුකම පිලිබඳ ප්‍රශ්නයක
කලින් කොටසට

විරංගගේ මුහුණ සැහෙන වෙනස්කමකට පත්ව තිබිණ. මම දෑතම පපුව ඉදිරියෙන් ගැටගසාගෙන බලා සිටියෙමි.

"මට සමාවෙයන් මචන්.."

අවසන්වරට විරංග හමුවූ මොහොතේ මා සිටි වියවුල් ස්වභාවය තාරුක අයියා විසින් කියූ කරනු එක්ව පමණක සංයමයකින් ඔහු හා කතාකරන්නට ශක්තියක් මා වෙත ලබාදී තිබිණ. අම්මලා සාලයේ කතාබහේ යෙදී සිටියදී, මම විරංගත් සමඟ මිදුලේ ඈත කෙළවරකට ගියේ ඔත්තුකාරියට නෑසෙන ලෙසයි.

"කමක් නැහැ බන්.. උඹ කලේ උඹට ඒ වෙලාවේ කරන්න තිබ්බ..."

"නෑ මචන්.. මට උඹට කියන්න තිබ්බ. උඹ මගේ අතිජාත මිත්‍රයා... උඹ කවදාවත් මට පිටුපාලා නැහැ.... බාප්පාට අහු උනා මම මධුලිකා එක්ක කතාකරනවා... අම්මට කරදරයක් කරයි කියලා තිබ්බ බයට මම ඔක්කොම කිව්වා... ඊටත්..."

මම ඉතිරි කොටස යම් තරමකට අනුමාන කලෙමි.

"උඹ... මධුලිකාට ලව් නේ?"

විරංග අපහසුවෙන් ඒ මේ අත බැලුවේය. මම ඔහු දෙස එක එල්ලේ බලා සිටියෙමි.

"... කමක් නැහැ මචන්.... කෙල්ල උඹට සල්ලි දෙනවා... ලක්ෂ දෙසීයක් දෙන්න කියල දැනටමත් ලැස්ති කරලා තියෙන්නේ"

විරංග තිගැස්සී මා දෙස බැලුවේය.

"දේ.. දෙසීයක්?"

"ඔව්... පන්සියම දෙනවා කියලද කිව්වේ?"

විරංග හිස මත දෑත තබාගෙන මදක් ඒ මේ අත ඇවිද්දේය. ඒ ඔහුගේ කලබලකාරී හැසිරීමයි.

"මට සල්ලි එපා බන්... ඌ හිරේ ගියාවේ"

"උඹේ අම්මා පව්..."

"රිසල්ට්ස් ඇවිල්ල තියෙන්නේ.. මට අර ෂිපින් ජොබ් එකක් ඔෆර් කළා මේගන් ගේ තාත්තා. ඒ රිසල්ට්ස් ඇති ඒකට! අම්මාට පුළුවන් නැන්දා ඉන්න දිහාට යන්න.. සිංගප්පූර්... මම එයාට කතාකරන්නම්"

"එතකොට මෙහෙ අම්මගේ බිස්නස්?"

"අම්මා කැමතිවෙන එකක් නැහැ මේ තියෙන තත්වෙට අනුව ඒක කරගෙන යන්නත්. ඒවත් ගොඩක් ණය වලට හිරවෙලා බාප්පා කාරයා හින්දා "

බාප්පා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. වංචාකල මුදලේ ප්‍රමාණය අධික වීමත්, පොලිසියෙන් වසන්ව සිටීමත්, වින්දිතයින් අතර සිටින කවුරුන්හෝ බලවතෙකුගේ බලපෑම නිසාත් ඔහුට ඇප ගැනීම අපහසු කරුණක්ව ඇත.

"උඹට ෂුවර්ද?"

"ඔව්... මට ඒක බලාගන්න පුළුවන්..."

මම විරංගගේ උරහිසට අත තැබුවෙමි. ඔහු මා දෙස මහත් අසරණ බවකින් බලා සිටියේය.

".... උඹ හොඳ යාලුවෙක්.. උඹ තාමත් මගේ හොඳම යාළුවා තමයි"

මම ඔහු වැළඳ ගත්තේ සැබෑ සහෝදරකමකිනි. විරංග ඉකිබිඳින්නට විය.

"මට සමාවෙයන් බන්.. මට උඹට කලේ ^% වැඩක්"

"කමක් නැහැ මචන්... අමතක කරන්න ඒවා"

විරංග ඉන් තත්පර කිහිපයකට පසුව සන්සුන්ව සිය මුහුණ කමිස අතින් පිසගත්තේය.

"මධූ කෝ? අමාරුවක් නැහැ නේද?"

මම ඉක්මනින් පිළිතුරක් දෙන්නට උත්සුක නොවුනෙමි.

"උඹ මේකට ආයේ පැටලෙන්න එපා. මම මේක බලාගන්නම් "

විරංග මා දෙස බැලුවේ ආයාචනාත්මක බැල්මකි.

"... නෑ මචන් .. මගේ හිතේ තරහක් නැහැ... මම කිව්වේ... ආයෙත් උඹ මගේ මේ නරා වලේ වැටෙන්න එපා"

"ඇත්තටම කිව්වොත්.... මෙතන ඔක්කොටම වඩා බලු වැඩේ කලේ මම... එක්කෝ බලු වැඩක් කරන්න ගියේ මම "

විරංග තෘෂ්නිම්භුතව බලා සිටියේය.

"පිස්සුද යකෝ...? "

"ඒ මොකක් උනත්... මධු එහෙම තරහ ගත්ත එක ගැන උනත් මගේ හිතේ තරහක් නැහැ, උන් කිව්වේ බොරුත් නෙවෙයිනේ "

"උඹ ඔය කියන්නේ එදා චේතන් කියපු ඔට්ටුවේ සීන් එකනේ? මට ආරංචි උනා ඊයේ වෙච්ච වලිය "

"දැන් ඕක හිතින් අමතක කරපන්... මොනවා උනත් උන් කිව්වේ බොරු නෙවෙයි... මධුට මට ඒ අපි කලින් හිතපු දේවල් ගැන මුකුත්ම කියාගන්න බැරි උනා. මධුට අප්සෙට් යන එක අහන්න දෙයකුත් නෙවෙයි... "

ඔහු තරමක බර සුසුමක් හෙලනු පෙනුනි.

"... ඒක නෙවෙයි.. උඹ කොහොමද ආවේ? බාප්පා කොහොමද ආවේ "

"සිරාවට මචන්... මම කිඩ්නැප් කරයි කියලා හිතුවේ නැහැ.... ඌ ගාව මගේ ෆෝන් එකයි ඔක්කොම... ඌ මේගන් ගෙන් දැනගෙන මධුලිකා එන බව... මාව පාටි එකට යැව්වේ මධුලිකාට කතාකරන්න කියල... "

විරංග හුස්ම ඇල්ලුවේය.

".... මම ආවේ ඒ වෙලාවෙමයි.. බහිනකොට මට කිව්වා මධුව අරගෙන කතාකරන්න කා පාක් එකට එන්න කියල , මම බෑ කියලා බැස්සා.... සල්ලි දෙනවා කියලා තියෙද්දිත් ආයේ කරදර කරන්න මට ඕනෙකමක් තිබ්බේ නැහැ..මට හිතාගන්න බැහැ වෙච්ච දේ.... "

"මාස්ක් එකක් දාගෙනනේ ආවේ, කවුද කියලා මම දැක්කේ නැහැ... උඹට ගහපු ගමන් මම උගේ හොකී ස්ටික් එකේ එල්ලුනා... එතකොට උගේ දාගෙන හිටපු මාස්ක් එක ගැලවිලා අඳුරගත්ත... ෂොක් එකට මට ඒ වෙලාවේ මුකුත් කරගන්න හිතාගන්න බැරි උනා.... "

ඔහු කියන්නේ බොරුවක් කියා සිතන්නට නොහැකිය.

මදක් කල්පනා කල මම, ඉදිරියට විත් ,මගේ දුරකථනය උඩ සාක්කුවෙන් ගෙන, එහි පටිගතකල හඬ පටයේ අවශ්‍ය කොටසේ අවසන් පටිගතකිරීම ධාවනය කලෙමි. එය මමත් මධුලිකා වන තරුණියත් මිට මොහොතකට පෙර කතාකරමින් සිටි අවස්ථාවයි. මගේ කමිසයේ උඩු සාක්කුවේ කුඩා සිදුරකින් ජංගම දුරකථනය සිය කැමරා කාචයෙන් අපගේ කතාබහ පටිගත කරගෙන තිබුණි.

"මචන්... මේ කවුද කියලා අඳුරනවද?"

විරංග ගේ ඇස් බිරාන්තව ගොස් මුහුණ සුදුමැලිව ගියේය.

මම සෘජුව සහ ස්ථිරසාරව විරංග දෙස බැලුවෙමි. එය ඔහු බියපත් කරනබව මම දැන සිටියෙමි. නමුත් විරංග මම සිතු පරිදි පැන දිව්වේ නැත.

"..... උඹේ ගේම් එක මම දන්නවා මචන්... උඹ කෑම්පින් කියලා ගියේ වාසුලගේ ගෙදර කියලාත් මම දන්නවා..."

විරංගට කතාකරගත නොහැකිව තත්පර කිහිපයක් ගතවිය. මම ඔහුගේ උරහිසෙන් අල්ලා තට්ටුවක් දැමුයේ සිහිය ලබාගැනීමට සිතාය.

"ම.. මම .. ම-ම... මම ඒක කලේ මධුලිකාට ආරක්ෂාවට.."

මම එක එල්ලේ විරංග දෙස බැලුවෙමි. විරංගගේ මුව වෙව්ලයි.

" මධු වෙනුවට මේ කෙල්ලව ගෙනත්, වාසුලට ඒකි බඳින්න දීලා , මධුලිකාව ගලවගන්නද හිතුවේ? උඹ කිව්ව විදියට මධුලිකා තමන්ගේ අයිඩෙන්ටිටි එකත් එක්කම දේපල අතාරින්න කැමැති උනත්, උඹව බඳින්න කැමති උනේ නැහැ නේද?"

විරංගගේ දෙතොල් සැලෙනු මට පෙනුනත් ඔහු නිරුත්තරව සිටින්නේ මේ සියල්ල මම දැනගත් ආකාරය නිසා වන්නට ඇත.

"... මධු උන්ට මරන්න නොදී, මෙහෙම එකකට එකඟ කරගත්ත එකට මම උඹට ස්තුතිවන්ත වෙනවා මචන්. හොර උප්පැන්න, හොර මරණ සහතික , හොර පාස්පෝට් එක හදන එකත් උන් කරලානේ තිබ්බේ."

විරංග ගල්භිතව උන්නේය. මම ඔහුගේ මුහුණට වඩාත් ලංව පැවසුවේ එක හුස්මයට.

"... උඹ ගියපු වාහනේ කැමරා එකක් , සෙන්සර් එකක් හරිකරලා තිබ්බේ මමත් නෙවෙයි, මධුගේ ලෝයර්!"

විරංග හිස දෝතින්ම බදාගෙන බිම හිඳගත්තේ කම්පනය නිසා වන්නට ඇත. ඒ සියල්ල මට වාකිෂ්ඨ මහතා පැවසුවේ මමද විශ්මයට පත්කරමින් බව සැබෑය. වෙඩිපහර කෑ මා රැගෙන ඒමට ආ විරංග සිටි වාහනයට ජාවා මොහාරිස් සුරුට්ටුව පැමිණියේ ඒ ආකාරයෙන් බව මම ඒ මොහොතේ ගලපාගත්තෙමි. වාකිෂ්ඨ මහතාට ඇත්තේ අතිශය සියුම් තොරතුරු ජාලයකි.

"...උඹ මධුව බඳින්න හිතාගෙන එනකොට, කෙල්ල මාව බැඳලා... උඹේ සහතික වලට කලින් මගේ එක රෙජිස්ටර් වෙලා... "

"මචන්...."

"මම කියන්නේ බොරු නෙවෙයි නේද?"

"මචන්..... මම උඹට කියන්න හිටියේ..."

"ඔව් මචන්... වෙන්න පුළුවන්.. උඹට ඕනේ කලේ මගෙන් මධුලිකාව ගලවගන්න වෙන්න ඇති. ඒකට කමක් නැහැ.. උඹ මම ගැන දන්නා එකානේ"

"නෑ මචන් එහෙම නරකක් මම කවදාවත් මධුට කියල නැහැ... කිව්වේ නැහැ...! උඹ කියපුවා ඇත්ත.. ඒත් මම උඹට ද්‍රෝහී උනේ නැහැ බන්... මම ... මම....."

"මම දන්නවා උඹ කෙල්ලට ආදරෙයි..."

විරංග අසල තිබුණු ගසට හිස ගසාගෙන මොහොතක් ඉකිබින්දේය.

"මම යනවා බන්... මම ආයේ උඹට කරදරයක් වෙන්න එන්නේ නැහැ.... මම අර ජොබ් එක අරගෙන ෂිපින් ලයින් එකට යනවා... මම දැන් ඒ තීරණය අරගෙන තියෙන්නේ... අර මිනිහා යකාට ගියාවේ"

මම නිහඬව අසා සිටියෙමි.

"....ඊට කලින් මම උඹට මේ අවුල ලෙහන්න උදව් කරනවා.... මගෙන් වෙච්ච වැරදිවලට සමාවෙයන් බන්... මම ඒවාට උඹට ණයගැතියි.... "

"හ්ම්ම්ම්"

මම පිළිතුරක් දෙන්නට ඉක්මන් වුයේ නැත.

විස කැවුණු ඊතලයක් හදවත පසාරු කරගෙන යද්දී ඒ වේදනාව නොපෙන්වා සිනාසෙන්නට මම කෙලෙසක ඉගෙනගත්තාදැයි මම නොදනිමි. මම වෙනසක් නොපෙන්වා සිටියදී මධුලිකා වරක් දෙවරක් මගේ මුහුණ දෙස බැලුවා මතකය. මම ඒ සියලු බැලුම් නොපෙනුනා සේ සිටියේ හදවත වේදනාවෙන් මොරදෙද්දීය.

උදානි මා දැක මට රැව්වා මතකය. මධුලිකාගේ ඇඳ පසෙක තිබුණු මේසය මතින් මම රැගෙන ගිය කුඩා රතු රෝස පොකුර තබා , ඒ සමඟම පසෙකින් පිටතින් ගෙන්වන්නට තිබුණු බෙහෙත් කිහිපය තබා මම හිස නොඋස්සාම දුරකථනය අතට ගත්තෙමි.

මධුලිකා මා දෙස දැඩි බැල්මෙන් බලා සිටිනු මට පෙනේ. මම ඇයට පසුපස හරවා පියවර දෙකක් ගමන් කලෙමි. තාරුක අයියාට ඇමතුමක් ගත් මම හුස්මක් නොගෙනම පිළිතුරු දුන්නෙමි.

"තාරුක අයියා... හෙට උදේට ටිකට් කපයි වගේ... "

තාරුක අයියා එකවරම කිසිවක් නොකීවේය. මම කතා කරගෙන ගියෙමි.

".. බෙහෙත් ටිකත් ගෙනල්ල තිබ්බා... ඩොක්ටර් ටත් කතා කලා... කලින් තුවාල වෙච්ච කකුල ටිකක් ආයෙත් කෙටිලා වගේ නිසා තමයි .අමාරු.."

තාරුක අයියා කිසිවක්ම නොකිව්වේය.

".... ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න මචන්.. මම එහෙනම් යනවා"

"මචන්.... මොකක්ද උඹ ඔය කරන්නේ?"

තාරුක අයියා තදින් මට කතාකළේය. මම එහෙත් දුරකථනය විසන්ධි කොට සාක්කුවේ හුවාගත්තෙමි.

"උදානි මම ගිහින් එන්නම්"

මම ඒ සමඟම දොර විවර කරගෙන පිටතට පැමිණියෙමි. තාරුක අයියා නැවත අමතයි. මම එය ගණනකට නොගෙන ගියෙමි. කොරිඩෝව අවසානයේ පියගැට බසිමින් සිට මගදී පිළිතුරු සැපයුවෙමි.

"... ගොන් වස්සා... උඹ කතාකරපන් මධුට.... කියපන් උඹේ හිතේ තියෙන දේවල්"

පියගැට එතරම් කාර්යබහුල නොවූ බැවින් මම එතන නතර වුයෙමි.

"වැඩක් නැහැ මචන්"

"මොකක්ද වැඩක් නැහැ කියන්නේ...?"

මම වේදනාවෙන් දෑස පියාගත්තා මතකය.

"මධු.. මධු පව්... මට එයාට ප්‍රෙෂර් කරන්න බැහැ.... මධු... පව්... මම මධුට ආදරෙයි මචන්... මට එයාගේ කඳුළු බලන්න බැහැ ආයෙත්!"

මම ආපසු හැරුනේ කවුරුන් හෝ පසුපස සිටිනවා වාගේ දැනුන බැවිනි. කිහිප දෙනෙක් මා පසුකොට යනවා පෙනුනද දන්නා කිසිවෙකු නොසිටියේය.

"බුරුවා.... උඹ කෙල්ලට ආදරේ නම් ඔහොම කරන්නේ නැහැ.. "

"උඹ දන්නවනේ මම ගැන මචන්..... මම මගේ ජිවිතේ කාටවත් මෙච්චර ආදරේ කරලා නැහැ කියල.. උඹට තේරෙන්නේ නැහැ.... "

මම ඇමතුම විසන්ධි කොට නළල බිත්තියට තබාගත්තෙමි. තාරුක අයියා නැවත ඇමතුවද මම ඊට පිළිතුරක් නොදුන්නෙමි. දුරකතනයේ ටාෂා විසින් එවූ පනිවිඩයක් දුටුවේ ඒ මොහොතේදීය. මගේ සිත ඔද්දල් වී ගියේය. මම එම පණිවිඩය කියවුයේ වෙව්ලන හදවතිනි.

' මට ඔයාව හම්බෙන්න පුලුවන්ද තීක්ෂණ?'

ටාෂා ඈ හමුවූ අවසන් මොහොතේ හැසිරුණු ආකාරය ඈ කෙරෙහි මගේ පැහැදීමක් ඇතිකලාය. ඒ හමුවෙන් පසුව ඈ මා වෙත ඉතිරිකල මතකයන් දෙකකි. එනම්, ඈ මට ප්‍රේම කරන බව සත්‍යකි ; ඇගේ අයිති කරගැනීමේ උවමනාව අසත්‍යකි.

මගේ පව් සමාකර මධුලිකා මා නැවතත් පිළිගැනිම පිළිබඳව සියලු බලාපොරොත්තු මා තුලින් ගිලිහි ගියේ ඇගේ ඒ මහත්මා හැසිරීමෙනි. ඈ ඉතාමත් දුර්ලභ ගනයේ තරුණියක් වන නමුත් ඇගේ වාසනාවට හෝ අවාසනාවට ඈ කෙරෙහි ප්‍රේමයක් මා තුල හටගන්නේ නැත.

'මම කියනම්'

මම එලෙස ලියා යැව්වේ ඇගේ හිත රිදවීම අයහපත් නිසාය. ක්ෂණයෙන් පිළිතුරු ලැබුණි.

'ස්තුතියි තීක්ෂණ. ඔයා හොඳ පිරිමි ළමයෙක්'

මම දුරකථනය සාක්කුවේ රුවාගෙන පඩිපෙළ බැසගෙන ආවෙමි. නැවතත් දුරකථනය නාදවෙයි. මම එයට පිළිතුර සැපයුවේ කලබලයෙනි.

"ඩඩා ?"

"මම මග මේ එන ගමන්... කොහෙද ඉන්නේ?"

"ෆ්ලැට් එකට ආව ඩඩා... මමත් ගෙදර එන්න හදන්නේ... මුකුත් ප්‍රශ්නයක් එහෙම නැහැ නේද?"

මට තාත්තාගේ හඬ සෑහෙන තරමක වෙනසක් දැනුනි.

"මම සුන්දර් එක්ක වාහනේ යවනවා. ෆ්ලැට් එකට එන්නම් මම"

මගේ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට තාත්තා ඔහුගේ තීරණය කීවේය. මට තරු විසි උනි. මහල් නිවාසයට තාත්තා ඒම අනතුරු දායකය.

"ගෙදර එන්න ඩඩා... මම මේ යන්නත් පිටත් උනා..."

"මම මේ දැන් ඉන්නේ ගෙදර... ඉක්මනට එන්න!"

මට දැනුනේ අනතුරක සේයාවකි.

********************මතු සම්බන්ධයි **************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com2tag:blogger.com,1999:blog-4632197388452093715.post-81018897025696928602021-06-20T18:00:00.006-10:002021-08-30T04:27:35.440-10:00251: සුහදිනියේ - 42 | තෝරාගැනීමක් සහ වේදනාවක්
කලින් කොටසට

තාරුක අයියා කෙතරම් ඇවිටිලි කලද මට නිවසට යන්නට තරම් මානසික තත්වයක් තිබුනේ නැත. ඒ වෙනුවට මම මහල් නිවාසයට ඇරලවාගත්තද තාරුක අයියා මා හැර නොයා මගේ පසුපසින්ම එහි පැමිණියේය. මගේ මානසික වියවුල ඔහුට නොපෙනෙන්නට නොහැකිය. එතරම්ම මම කඩා වැටී සිටියෙමි.

නිවාසයට ඇතුල්වත්ම මධුලිකාගේ සුවඳ මගේ සිත තවත් පාරවා දැමුවේය. මම කෙලින්ම ගොස් මගේ කාමරයේ පැති අල්මාරියේ තිබුණු ජින් බෝතලය ගත්තෙමි. එහි අඩක් ඉතුරුව තිබිණ. මා පසුපසින්ම පමණි තාරුක අයියා ක්ෂණයෙන් එය උදුරා ගත්තේය.

"තවත් ගොන්කන් නොකර ඉඳින්..!"

"මට දැන් බොන්න ඕනේ... මට බොන්න දීපන්..."

"බොන්න ? උඹට මොකෙක් වැහිලද කියපන් මුලින්ම? මම අහන්නේ නැහැ අර කෙල්ල කවුද කියල... මම අහන්නේ නැහැ මධුලිකා එක්ක උඹ ගියපු රණ්ඩුව මොකක්ද කියල.... ඒ දෙක එකක් වෙන්නත් පුළුවන්... හැබැයි බුරුවෙක් වගේ හැසිරිලා ඔක්කොම කරපු දේවල් වතුරේ යවන්න එපා!"

මම කාමරයෙන් එලියට විත් සෝෆාවට කඩා වැටුනෙමි. තාරුක අයියා මා සමඟ විත් මට ඉදිරියෙහි වූ පුටුවේ හිඳගෙන එක එල්ලේ මා දෙස බැලුවේය.

"මට ඇත්ත කියන්න කියල උඹට බලකරන්නේ නැහැ බං.... ඒ උනත් උඹට මොනවා හරි කියන්න තියෙනවා නම් ඒක අහගෙන ඉන්න මම ලෑස්තියි."

මගේ ඇස් බොඳවී ගොස්ය.

තත්පර කිහිපයක් ගතව ගියේය. මම වහලය දෙස බලාගෙන ඔහේ උන්නෙමි. මධුලිකාගේත් මගෙත් ඉමිහිරි මතක මෙම නිවාස පුරාම ඇත. ඔව්... ටාෂා ගේ මතකය නොවෙතත් එහි කැළලක්ද මෙහි ඇත.

"මධු මාව බැන්දේ....."

මගේ කටහඬ බිඳෙයි.

".... මාව බැන්දේ... එයාට ආරක්ෂාව ඕනේ නිසා තමයි. ඒ උනත්... අපි දෙන්නා අපේ ආදරේ හිතේ හිරකරගන හිටියා... විරංග මට කලින් ඌව බඳින්න කියලා ඉල්ලලා තියෙද්දිත්, මධු කැමති උනේ මාව බඳින්න..."

"ඔව් මචන්... ඒ කෙල්ල උඹව තෝරගත්ත"

"ඒ උනත්... දැන් මධුලිකාට ඕනේ මගෙන් වෙන්වෙන්න... ඒක ........ වෙලාවට... වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති... මේ මැරේජ් එකට කොහොමත් ආයුෂ තිබ්බේ නැහැ..."

තාරුක අයියා කතාබහක් නොමැතිව අසා සිටියේය. මගේ හිස නැවත රිදුම් දෙන්නාක් මෙනි. කටහඬ බල්ලන් කෑවා සේ බැරැන්ඩිව ගොස්ය.

".. එයාට ඕනේ... එහෙමනම්... ඒක එහෙම උනාවේ...."

තාරුක අයියා පුටුවෙන් නැගිට ඒ මේ අත ඇවිද්දේ කල්පනාබරිතවය.

ටාෂාගේ මම පුවතෙන් පසුව මධුලිකා යනු මට ළඟාකරගත නොහැකි තරමට ඈතක ඇති ඉලක්කයක් බව මට වැටහෙමින් පැවතුනි. මධුලිකාට මගේ තත්වය කියන්නේ කෙලෙසකද? ඇයට කල වංචාව ගැන මම මටම සාප කරගත්තද ඒවා සියල්ල දැන් ආපසු හැරවිය නොහැකිය. මා එදා සිටි පීඩනය කවර ආකාරයෙන්වත් පැහැදිලි කල නොහැකිය. එය අසාධාරණ වන්නට ඇත.

දෑස් වලින් අනායාසයෙන්ම මගේ කඳුළු කඩා හැලුනි. එය නවත්වන්නට මට අවශ්‍ය නොවීය. තත්පර කිහිපයක් මම ඉකිබින්දේ තාරුක අයියාගේ කිසිදු බාධාවක් ඇති නොවූ නිසාත්, එයින් මගේ හිත යම් තරමක සුවයක් ලැබෙනු ඇතැයි සිතුනු නිසාත්ය.

"මම මධුට කතාකරන්නද?"

තරමක් මගේ ඉකිබිඳුම සමනය වනවිටදී තාරුක අයියා ඇසුවේ මෘදු හඩිනි. මම හිස දෙපසට වැනුවේ වැලමිටෙන් නැවු අතින් දෑස වසා ගනිමිනි.ඒ එපා කියන්නටය.

"අපේ රිසල්ට්ස් අවුට් වෙලා , මම දැක්කා මේල් එකක් ඇවිත් තියෙනවා.... "

"මධුව ආරක්ෂා සහිත තැනකට බාරදෙනකල් මම වගකීම දරනවා. "

තාරුක අයියා කතා කලේ නැත. මම දිගටම කියවාගෙන ගියෙමි.

".....මධු කොහොමත් එයාගේ ස්ටෙප් ෆාදර් දන්නා තැනකට යන්න ඕනේ කියලා මගෙත් එක්ක කලින් කියලනේ තිබ්බේ. පාස්පෝට් ටිකත් හරිනේ දැන්.. එයාට රට යනකල් ඕනේ ටික මම කරලා දෙනවා... "

"... උඹ..."

"නෑ මචන්.. සමහර වෙලාවට.... ඒක තමයි දැන් කරන්න තියෙන හොඳම දේ. මට මධුව බලෙන් තියාගන්න ඕනේ නැහැ. එයා මිස්ටර් වාකිෂ්ඨට කියලා පාස්පෝට් වල වැඩ ටිකත් බලන්න කියලා.... "

"උඹ එක පාරක් කතාකරපන් හදිස්සි නොවී"

මම සෝෆාවේ කෙලින් වී හිඳගෙන කෙලින්ම තාරුක අයියා දෙස බැලුවෙමි.

"... උඹ.... උඹට මට කියන්න බැරි දෙයක් කියලා මත තේරෙනවා කොල්ලෝ.. ඒ උනාට... මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒවාට සමාව දීලා ඉදිරියට යනවා මිසක්.. මධු ඒවායේ එල්ලී එල්ලී ඉන්න කෙනෙක් කියලා මට හිතෙන්නේ නැහැ"

"කිසි හදිස්සියක් නැහැ මචන්... මම ඒ කෙල්ලට දීපු වද ඇති. විරංගත් මාත් ඒකිට පුදුම ප්‍රෙෂර් එකක් දුන්නේ.. ඒකයි මාව බැන්දෙත්... සමහරවිට ඒක කලෙත් නිකන් අපිට කරන හෙල්ප් එකක් විදියට වගේ නේද?"

තාරුක අයියා දෑතම ඉදිරියට බැඳගෙන මා දෙස බලා සිටියේය.

"... දැන් කරන්න තියෙන හොඳම දේ මිසක්, හරි දේ කියල දෙයක් නැහැ... ඩඩාවත් මේ උගුලෙන් ගලවගන්න ඕනේ.. මොනවා උනත් මම හින්දා එයා අමාරුවේ වැටෙන්න දෙන්න බැහැ... මම ගත්ත රිස්කි තීරණයක් හින්දා මුළු පවුලම දැනටමත් කරදරේ වැටිලා ඉන්නේ..."

මගේ හඬ ස්ථිරසාර විය. තාරුක අයියා කිසිවක් නොකීවේය.

මම නැගිට ගොස් මගේ කාමරයේ ඇඳුම් මාරු කරන කොටසේ බිත්තියට අල්ලා ඇති සුවිසල් අල්මාරියේ වම්පස ලොකු පියන හැරියෙමි.එහි මෙතෙක් දවසක් මම සුරැකිව තබාගෙන සිටි අප දෙදෙනාගේ රාමුකල මංගල ජායාරුපයත්, ඒ සමඟම සුරූපී මධුලිකාගේ අනගිභවනීය බැල්ම සටහන්වූ පින්තුරයත් දෙස අවසන් වරට බලා , ඒ දෙකම සාලයට රැගෙන ආවෙමි.

"මිස්ටර් වාකිෂ්ඨ කිව්වා වීසා ගහනකොට මධුලිකා මැරිඩ් කියලා දැනගන්න මේ පින්තුරයත් ඕනේ වෙනවා කියලා. මේවා එයාට දෙන්න "

තාරුක අයියා මා දෙස බලාසිටී.

".... අමතර යතුරක් තියෙනවා මධු ගාව... එයාට ඕනේ ඇඳුම් මෙහෙ ඇති.. ඒවා ඕනේ වෙලාවට ගෙනිහින් දෙන්න."

අවසානයේ මම තාරුක අයියා දෙස බැලුවෙමි.

"අපි මේ වැඩේ ඉවරයක් කරමු මචන්....උඹ මේ වෙනකල් උදව් කළා වගේම... "

තාරුක අයියා ඉදිරියට පැන මා වැළඳ ගත්තේ සැබෑ සහෝදරකමකිනි. හැඩිම නිසා ඒ මොහොතේ පීඩනය තරමක් තුරල් වන්නට ඇත.

නමුත් ටොන් ගානක බරක් පපුව මැද්දේ ගොඩගසා තිබිණ.

මම නිවසට ඇතුළුවන මොහොතේ සිටියේ ඇවිදින මළමිනියක් ලෙසටය. තාරුක අයියාට සියල්ල කියන්නට යාමෙන් පලක් නැත. මේ සියල්ල මගේ වරදේ ප්‍රතිපලයි. දුරදිග නොසිතන මම කරනා මුග්ධ ක්‍රියාවන්ගෙන් පඹ ගාලක පැටලී යයි. එකින් එක මිස සියල්ලම එක භාජනයේ දමාගතයුතු බිත්තර නොවේ.
රෝමාන්තික ආදරවන්තයා වෙනුවට පරණ පුරුදු තීක්ෂණ නැවත පැමිණ තිබේ.

නිවසට විත් සාලයට පය තබත්ම සාලයේ හිඳගෙන උන් මධුලිකා යයි කියන තරුණිය මා දෙස බැලුවාය. ඇය සිටියේ සුදම් සමඟ වීඩියෝ ක්‍රීඩා කරමිනි. එය යම් සහනයකි. මා දෙස වරක් බැලු ඇගේ මුහුණේ කුමක් හෝ වෙනසක් මම දුටුවෙමි. අම්මා එවිටම ඇතුළු වුයේ තාත්තාගේ කන්තෝරු කාමරය දෙසිනි.

"ලොකු... මේ ළමයට ඇඳුම් වගයක් ගන්න යන්න ඕනෙය කිව්වේ"

අම්මා කිව්වේ මධුලිකා නොවන මධුලිකා ගැනය. දෙදෙනා සෑහෙන මිතුරු බවක් මට පෙනුනි. අනෙක් සැමවිටකම මධුලිකා මෙන් වන්නට වරලස සිය දිගුබව සඟවමින් හිස් මුදුනට කොට ගැටගසා තිබූනද, දැන් ඈ වරලස මුදාගෙන සිටියාය.

'අර අම්මණ්ඩි වගේම කපටි කෙල්ලෙක්'

මගේ සිත මටම මුරගෑවේය. මට ආවේ ගණදෙවි නුවණකි.

"ආ.. හරි හවසට යන්න පුළුවන්"

මම වැඩි ගණනකට නොගන්නා පරිද්දෙන් කියා ඉහල මාලයට යන්නට පිටත් වුයෙමි. තරුණියගේ දෙනෙත් මා සමඟ ගමන් කරන බව මට වැටහුනත් මම හිස ඔසවා නොබැලුවෙමි.

"..ලොකු.. අනේ ඩඩාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැනේ.. මම මේ උදේ ඉඳන් ගන්නවා.."

මම තරමක් තිගැස්සුනෙමි. තාත්තා වත්තේ බව සුන්දර් තහවුරු කල බව සැබෑවකි. මම සැනින් සුන්දර් ඇමතුවෙමි.

"සර්?"

"සුන්දර්.. , කෝ ඩඩා ?"

"ඇයි සර්?"

"උදේ ආවට පස්සේ ඇයි ෆෝන් එක වැඩ නැහැ කියන්නේ?"

සුන්දර් තත්පරයක් පමණ නිහඬව සිටියේ ඇයිද?

"උදේ ඉඳල අර... අර.... "

"කියපං ඉක්මනට මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ෆැක්ටරි එකේ මැෂින් වගයක් ඕඩර් එකක් ගෙනත් දාලා ගියා. ආයේ දවල් වෙලා යනවා කිව්වට.. අර ඇමතිතුමා..."

"කවුද? දුලිප්ද? ඒ මිනිහා ආවද?"

මම කලබලයෙන් ඇසුවෙමි. මහා අනතුරක සේයාවක් මට දැනුනි.

"ඔව් සර්.. දැන් පැයකට වඩා කතාව. අර මිස්... අර.."

මේ කියන්නේ මධුලිකා ගැනද?

"කවුද?"

මම සිටි ස්ථානය අනුව මධුලිකාගේ නම කියන්නට නොහැකිය. මම ඉක්මනින් අඩියට දෙකට කාමරයට පැනගත්තෙමි.

"... ඇයි උඹ මට නොකිව්වේ?"

"එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල හිතුනේ නැහැ. මම මේ දැන් අකවුන්ටන්ට් ගාවට යන ගමන් ඒ ගැන කියන්න. සර්... මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ"

සුන්දර් කතාකරන්නේ දුරකතනයට මුව තබා පුළුවන් උපරිම වශයෙන් මුමුණන ලෙසිනි.

"නැතිනම් මධුලිකා ගැන කියන්නේ?"

"ඒ මිස්ගේ නම ඇහුනා දෙතුන් පාරක්. ලොකු මහත්තයා ටිකක් කලබලෙන් වගේ "

"මොනාද එයාල කතා උනේ?"

"අනේ සර්.. අහගෙන ඉන්න අමාරුයි. මට ඇහුනේ ටිකයි. ඒ ඇහුන ටික ගැන මට ලොකුවට තේරුනේ නැහැ. "

මම එකවරම පිළිතුරක් දෙන්නට ගියේ නැත.

"... මොකද මම කරන්න ඕනේ සර් ?"

"තමුසේ මිස්ටර් වාකිෂ්ඨට එක්ක විස්තරේ කියනවකො. පුළුවන් නම් ලොකු මහත්තයා එක්ක මෙහෙ එනවා. මොනවාහරි සැකයක් තිබ්බොත් මට ඉක්මනට පණිවිඩයක් දෙනවා.. එහෙම උනොත් මම එනවා පැයකින්!"

එසේ කියා මම මගේ සැලසුමක් වහ වහා ඇඳගතිමි.

හොඳින් ඇඟ සෝදාගෙන ඇඳ පැළඳ පහල මාලයට එන්නට මම තව හෝරාවක් පමණ ගතකරන්නට ඇත. ඒ වනවිට දහවල් කෑම මේසය ලැහැස්ති වී තිබිණ.

"ආ... මම මේ කතාකරන්න හිටියේ"

අම්මා මා දැක කීවාය. මගේ සිත රිදී තුබුණු ප්‍රමාණයට වඩා පිටතින් මම ශක්තිවන්තව පෙනෙන්නට ඇත. මධුලිකා නොමැති මම මට දැනෙන්නේ ජීවයක් නොමැති ලෙසකටය.

කෑම මේසයේදී මම මධුලිකා කියන මධුලිකා සමඟ කුළුපඟව කතා කලෙමි. ඈ සෑහෙන උනන්දුවෙන් මා දෙස බලමින් සිටින බව මම තේරුම්ගෙන සිටියෙමි. එය, මම ඇගේ මිතුරියක ලෙස හඳුන්වා දීම නිසා බව මට වැටහුනද , ඈ යම් ප්‍රමාණයක අවධානය බලාපොරොත්තුවෙන් සිටි බවද මම සැක කලෙමි.

"ඩඩා අර මැෂින් වගයක් දාන්න ගිහින් අම්මා. මම කෝල් කරලා බැලුවා. බයවෙන්න දෙයක් නැහැ. හවස් වෙනකොට එයි"

"ආ.. මම කෝල් කලාට ගත්තේ නැති නිසා මේ බයෙන් හිටියේ. ඩඩා එහෙම ගියපු ගමන් මට කෝල් එකක් දෙනවා වෙනදට.. හරි හරි.. ලොකූ බැලුවා නම් බයවෙන්න දෙයක් නැහැ.."

සුදම් මගේ දෙස බලා යන්තම් සිනාසුනේය.

"අන්න මිසිස් පෙරේරා කෝල් එකක් දුන්න රිසල්ට්ස් ඇවිල්ල කියන ආරංචියට. ඊ මේල් බැලුවේ නැද්ද ලොකු?"

මට තරු විසිවුණි. අපගේ අවසන් විභාගයේ ප්‍රතිපල පැමිණ ඇති බව මම දන්නා මුත් එම ඊ මේල් පණිවිඩය මම බැලුවේ නැත. මම එහෙනෙහිම සුදම් මා දෙස බලා හඬනගා සිනාසෙන්නට පටන් ගත්තේය.

"ඒක තමයි අම්මා මුන් ටික ඊයෙටම පාටිය දාල තියෙන්නේ."

මම සුදම්ට සිනාසී පිළිතුරක් දුන්නෙමි. මගේ හිසේ වැඩ කලේ වෙනත් දෙයකි.

දහවල් ආහාරයෙන් පසුව මම ඇඳුම් මිලට ගැනීමට තරුණිය රැගෙන යාමට කතාකලද ඇගේ වැඩි උනන්දුවක් තිබුනේ නැත. ඇය වරින්වර සිය ජංගම දුරකථනය පිරික්සන බව මගේ උගුසු ඇසට නිරීක්ෂණය විය.

'හවස මධුලිකා බලන්න යනවා මම'

මම තරුක අයියාට ලියා යැව්වෙමි.

'මම උඹ දීපු ඇඳුම් ටිකක් යැව්වා. හැබැයි හෙට උදේට වගේ ටිකට් කපයි'

තාරුක අයියාගේ පිළිතුර සැනින් ලැබිණ. මගේ සිත පෙළමින් නැවත නැවතත් මධුලිකා විසින් මා එලවාගත් ආකාරය මැවී පෙනෙන්නට විය. නිවසේ සිටිය නොහැකි තරමට සිත වේදනාවෙන් මොරදෙයි.

වෙලාවේ හැටියට මම වඩාත් හොඳ දේ කල යුතුය. මම සෙමෙන් තරුණිය සිටින කොටසට ඇවිද ගියෙමි. ඈ දිවා ආහාරයෙන් පසුව පසෙකින් තිබෙන ඇගේ කොටසේ වූ කුඩා සාලයේ පුටුවකට බරදී දුරකථනය ඔබමින් උන්නාය. මම දැක ඈ වහා සිය බැරෑරුම් මුහුණ වෙනස් කරගෙන මා හා සුහද සිනාවක් පෑ අතර මම ඈට ඉදිරියෙන් වූ පුටුව දෙස බැලුවෙමි.

"මම වාඩි උනාට කමක් නැද්ද?"

"අනේ කමක් නැහැ"

ඈ හැඳ සිටි කෙටි සාය ඔස්සේ පෙනෙන ඇගේ දෙකලවා වලින් පුටුව ඉවතට හරවා මම හිඳගත්තේ මධුලිකා සිය බර අඩි තබමින් මගේ හිතේ සක්මන් කරන විටදීය. මධුලිකා තරම් දැනෙන තරුණියක්? මේ තරුණිය මධුලිකා වන්නේ කෙසේද? මගේ මධුලිකා අසලටවත් මැයට එන්නට නොහැකිය.

"හෙලෝ අය්යා..."

"ඇත්තටම සොරි මට හරියට කතාකරන්නවත් බැරි උනානේ. ඩඩා ඔයාව එක්කගෙන එන වෙලාවෙත් විස්තර වැඩිය කිව්වෙත් නැහැ. අපේ අම්මාට නම් ඔයාව හොඳට හිතට අල්ලලා වගේ"

"ආ.. හ... හ...හ් .... ඔව්.. ආන්ටි හරි හොඳයි තමයි."

"ඩඩා මම කිව්වා නිසා තමයි අපේ ගෙදර තියාගන්න කැමතිත් උනේ... නංගිගේ නම මොකක්ද කිව්වේ?"

"ම - මධුලිකා ජයවර්ධන.."

"ආ අර මිස්ටර් ජයවර්ධනගේ දුව.. එයාට දුවෙක් ? එතකොට ඔයාගේ අයියා?"

තරුණිය පිළිතුරක් නොදී ඇසිපිය වේගයෙන් හෙළුවාය.

"... වාසුල නේද නම?"

"ආ.. ඒ මගේ කසින් නේ... "

"ආ....."

තරුණිය තැතිගත් බවක් පෙනුන නිසා මම වෙනත් මාතෘකාව වෙනස්කොට දැමුයෙමි. විනාඩි කිහිපයකින් පසුව ඈ චකිතයකින් තොරව මා සමඟ නොයෙකුත් දේ ගැන දොඩමලු වන්නට වුයේ ,ඈ කියන සියල්ලම මම විස්වාස කරන බවට ඒත්තු ගැන්වූ නිසාය. ඇය හිතේ හැටියට බේගල් ඇදබාමින් සිටි අතර මම එය මගේ වාසියට හරවා ගත්තෙමි.

වාහනයක් එනු ඇසුනේ ගේට්ටුවේ ශබ්දයෙනි. තාත්තා? පැමිණි රථය ගේට්ටුවෙන් ඇතුලට නොපැමිණි බව, එහි ඇරුණු දොරවල්වල ශබ්දයෙන් මට කියවාගත හැකිය. මම කන සංවේදීව අසා සිටියෙමි. එක් අයෙක් හෝ දෙදෙනෙක්... නෑ අනිවාර්යයෙන් දෙදෙනෙක්, ඒ අතර කාන්තාවක්ද ඇවිද එන ශබ්දය මට හඳුනාගත හැකිවිය.

"ආනේ.. විරංග පුතා. සෑහෙන කාලෙකින්... අම්මෝ.... සුධිරා.... ගොඩ කාලෙකින් මේ පැත්තේ...."

අම්මාගේ පිළිගැනීමෙන් ඒ පැමිණ ඇත්තේ කවුරුන්දැයි මට හොඳහැටි තේරුම්ගත හැකිව තිබිණ.

".. . ඉතින් වාඩිවෙන්න... ලොකු ගේ යාලුවෙක් ඇවිත් මේ දවස්වල් මෙහෙ... පුතාත් දන්නවා ඇතිනේ... ආ.................. ඇයි සුධීරා.. ඇයි මේ අඬන්නේ.... ලොකූ......... අනේ පොඩ්ඩක් එන්නකෝ.. ඇයි සුධිරා මොකක් හරි කරදරයක්ද?"

අම්මාගේ මොරගෑමේ හඬින් මම මධුලිකා යයි කියන තරුණිය දෙස නොබලාම නැගී සිටියෙමි.

********************මතු සම්බන්ධයි **************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com3tag:blogger.com,1999:blog-4632197388452093715.post-47786591908498125472021-06-16T21:40:00.001-10:002021-08-29T09:55:07.116-10:00250: සුහදිනියේ - 41 | තීක්ෂණ වියවුලක
කලින් කොටසට

මම කෙලෙස ඒ ආකාරයෙන් රඟපෑවා දැයි මටම සිහියට නගාගත නොහැක.

තාරුක අය්යාගේ විමතිය වැඩි ගණනකට නොගත්තා සේ මම ඔහු දෙස සිනහවෙන් බැලුවෙමි.

"මම කිව්වේ... පොඩි රණ්ඩුවක් ගියා බන්... තරහ ගියාම හරි වසයි. ඔහොම කිව්වට තරහ නිවෙනවා...කලබල වෙන්න එපා "

මම අපහසුවෙන් සිනහවක් නගාගත්තෙමි.
තාරුක අයියා මා විස්වාස කල බවක් නොපෙන්නුවද ඊට වඩා විස්තර ඇසීමෙන් වැලකි සිටීම යම් සහනයක් ලබා දුන්නේය.

අනතුරුව අප දෙදෙනා කතාබහ කලේ මධුලිකාගේ සිද්ධිය සිදුවන්නට ඇති ආකාරය ගැනයි. කම්පනය නිසා කිසිදු ලෙසකින් මානසිකත්වය නිරෝගී නොවුනද , මම එය නොපෙන්නා සිටීමට වෙර දැරුවෙමි.

තාරුක
අයියාගේත් , මධුලිකා විසින් ඔහුට පවසා ඇති දේත් එක්ව ගත්විට මධුලිකා
ගමන්කළ වාහනය අනතුරට ලක්වී ඇත්තේ අතිශය අවදානමක් මධුලිකා විසින් ගෙන සිදුකර
ඇති ක්‍රියාවක් නිසා බව දැනගත් මගේ මවිල් කෙලින් වූයේ නිතැතිනි.

ඇය
විසින් විරංගගේ බාප්පාගේ අතත්, උරහිසත් දරුණු ලෙස කපා ඇත. එම දබරයේදී
වාහනයේ පාලනය සියතින් ගිලිහිගිය බැවින්, බාප්පා විසින් එය මාර්ගයෙන් ඉවතට
හැරවීමේදී පල්ලමට පෙරලි ගියද, බෑවුම එතරම් නොවූ නිසාත්, අසල ගසක රැඳීමෙන්
ඔවුන් දෙදෙනාම වාහනයෙන් ඉවතට විසිවී ගොස් තිබිණ. මධුලිකා මුල් කොටසේදීම
වාහනයෙන් ඉවතට විසිවීමෙන් අඩු තුවාල සහිත වුවද, බාප්පා යම් පමණක තුවාල
සහිතව සිට ඇත.

වාහන අනතුරෙන් ඇතිවූ කැළැල් අතරට මධුලිකා විසින්
ඇතිකළ කැපුම් තුවාලද එක් කරන්නට තාරුක අයියා සමත් වී තිබුනේ තත්වය පාලනය
කිරීමට ඔහු සතු මනා හැකියාව නිසාය. ඔහුගේ මිත්‍ර වෛද්‍යවරයා විසින් එය
කිසිදු වෙනසක් නොදැනෙන සේ සිදුකර තිබුණු අතර විරංගගේ බාප්පා සිය පැහැරගැනීම
ගැන නොකියා සිටි බැවින් කැපුම ගැනද නිරුත්තර වී සිටියේය.

මට ආ
ගැටලුව මධුලිකාට එවන් පිහියක් කෙසේ ලැබුනාද කියාය. සාදයේ අප නර්තනය යෙදෙන
අතරේ ඇති වූ බහින්බස්විමේදී මා තදින් බදාගත් මධුලිකාට මගේ ඉනෙහි තිබුණු එම
පිහිය හසුවී ඇති අතර, ඇය මම ඉන් අනතුරක් කරනු බවට ඇතිවූ සිතුවිල්ලෙන් ඒ
මොහොතේ ඈ එය මගේ ඉනෙන් සොරකම්කරගෙන තිබීම පුදුමාකාර අහම්බයකි.

එම පිහිය මම
වැටුණු තැනදී සෙව්වා මතක නමුත් එහි නොවුයේ මධුලිකා එය ගත් නිසා කියා මම
හාන්කවිස්සියක් දැනගෙන සිටියේ නැත. ඇය ඒ පිහිය නොගත්තා නම් මෙවන් ගැලවුමක්
ලැබෙන්නේ නැති වුවද ඒ දබරයේදී ඇයට ඊට වඩා කරදරයක් වන්නට ඉඩක් තිබිණ. ඒ
කෙසේ නමුත් මධුලිකා මෝඩ තරුණියක හෝ බියගුල්ලියක නොවේ.

මා සිත තුල
තිබුණු කලබල ගතිය නිසාත්, ඇඟට දැනෙන තෙහෙට්ටුව නිසාත් නැවත නිවසට යා යුතු
වුවත් මමත් තාරුක අයියාත් රෝහලෙන් පිටත්ව මුහුදු සුළඟ විඳිමින් වාහනයට වී සිටියේ සුපුරුදු
කබානා අවන්හල ඉදිරිපිටය.

නිවසට පැමිණි මධුලිකා නොවන මධුලිකා යන තරුණිය
ගැනත් සෑහෙන පමණක මන්ත්‍රණයක යෙදුනද , මටත් තාරුක අයියාටත් එහි මුලක් පාදා
ගන්නට නොහැකි විය. තරමක පෙරැත්තයකින් පසුව විරංග පිළිබඳව නැවත කතා නොකරන්නට
තාරුක අයියා එකඟ කරවාගන්නට හැකිවුයේ ඒ වනවිට ඔහුගේ බාප්පාගෙන් වන තර්ජනය
නතර වූ බැවිනි. විරංග මධුලිකා මුදවාගැනීමේදී තාරුක අයියාට නොමද සහයෝගයක් ලබා දුන්නද, මම ඔහු කෙරෙහි උන්නේ කෝපයෙනි.

අපගේ කතා බහ යන අතරතුරදී වාකිෂ්ඨ මහතා මා අමතනු
පෙනුනි. මම තාරුක අයියාට නොපෙනෙන්නට එම ඇමතුමට පිළිතුරු දුන්නේ වාහනයෙන්
බැස ,ඈතකට ඇවිද යාමෙන් පසුවයි.

"හලෝ?"

"පුතා මොකක්ද මේ වෙලා තියෙන්නේ?"

මධුලිකා
ඔහු ඇමතු බව මම දනිමි. නමුත් කොයි අන්තයෙන් පටන්ගන්නද කියා මට එකවරම
සිතුනේ නැත. එබැවින් මගේ මුවින් පිටවුයේ කෙඳිරියක් වන්නට ඇත.

".... මිසිස් මධුලිකා තරහෙන් කතාකරපු බව මට තේරුණා. පුතා... මොකක්ද උනේ කියලා මුලින්ම කියන්න!"

"මේ.. පොඩි ප්‍රශ්නයක් උනා මිස්ටර් වාකිෂ්ඨ... තරහ අඩු උනාම හරියයි.. ගණන් ගන්න එපා"

"ගණන්
ගන්නේ නෑ මමත් ඒක මේ විදියට නොකිව්වා නම්... අර පුතාගේ යාලුවා.. මොකක්ද
එයාගේ නම කිව්වේ.. මම කිව්වේ අර මිස්ටර් මීගහතැන්න ගේ නමට චෙක් එකක්
ලියන්නලු එච්චර ගානක.... මට එච්චර ගානම් රිලීස් කරන්න නම්, බෝඩ් එකට උත්තර දෙන්න වෙනවා... "

එය මා වේදනාවට පත්කළේ අන් කිසිවක් නිසා නොවේ, මේ මොහොතේ ඈ මගෙන් එය පලිගැනීමක් ලෙස ඉටුකරන බවක් මට දැනුනු නිසාය.

"කීයක්ද අංකල්?"

"ටූ හන්ඩ්‍රඩ් ලැක්ස්.. ලක්ෂ දෙසීයක්..!"

මම ගොළුව ගියෙමි.

අපි අනිද්දා හවස බෝඩ් මීටින් එකට යන්න ඕනේ එහෙනම් ඒක හදාගන්න. ප්‍රොෆිට්
එක හරි සල්ලි හරි ගන්න පුළුවන් මිසිස් මධුලිකාට විතරයි... එහෙම උනොත් මට එයාලට කියන්න
වෙනවාමධුලිකා ඇවිත් ඉන්නේ කියල. ඒක මේ වෙලාවේ හැටියට රිස්ක් එකක්. ඕක මිඩියා
යන්නත් කලින් අර සතරසිංහ මහත්තය පනිනවා ඕක මැද්දට"

ඔහු කියන්නේ සත්‍යකි. මධුලිකාගේ අනන්‍යතාවය මේ මොහොතේ හෙළිකිරීමෙන් ඇගේ ආරක්ෂාව අනතුරේ වැටෙනු ඇත.

"මම.... මම කතාකරලා බලන්නම් මධු එක්ක"

"ඒ අස්සේ මට ඩිවෝස් පේපර්ස් හදන්න කිව්වේ?"

මගේ පපුව සිරවනවා සේ මට දැනුනි.

"දන්නේ නැද්ද තරහ ගිහින්.. පොඩි ප්‍රශ්නයක් උනා. ඒකයි.."

වාකිෂ්ඨ මහතා යම් තරමක නිශ්ශබ්ද බවකින් සිටියේ මගෙන් තව තොරතුරු බලාපොරොත්තුවෙනි. මට ඊට වඩා කියන්නට යමක් නොවුනි.

"පුතා... මගෙත් එක්කත් දැන් තරහ වෙයි මිසිස් මධුලිකා. උනේ මොකක්ද කියල මට දැනගන්න ඕනේ නැහැ. නමුත් පොඩ්ඩක් පරෙස්සමෙන් වැඩකරන්න"

අනතුරුව
යම් පමණකට වෙනත් දේ ගැන කතාබහෙන් පසුව වාකිෂ්ඨ මහතා ඇමතුම හමාර කරද්දීම
නැවත දුකකතනයට ඇමතුමක් පැමිණියේය. එවර මා ඇමතුවේ ටාෂාය. මම ඇමතුම විසන්ධි කලෙමි. එය ඉබේම
සිදුවුවා වන්නට ඇත. හිස් ඔසවද්දී මගේ ඉදිරියේ ටාෂා සිටගෙන සිටියේ සිය
දුරකථනය අතේ තබාගෙනය.

"තීක්ෂණ?"

"ඔහ.. ටාෂා.. මම දැක්කේ..."

"දකින්නේ කොහෙද ලොකු කතාවක්නේ... මගේ කෝල් එකත් කට් කළා"

ටාෂාගේ
හඬ තුල වේදනාවක් තිබුණු බව මට වැටහුනද මම සිටියේ ඇගේ වේදනාව හඳුනාගන්න
මානසිකත්වයක නොවේ.

මට නැගුනේ මෝඩ පහේ සිනාවක් වන්නට ඇත.

ඇඟටම තදවුනු තද නිල්පාට ඩෙනිම් කලිසමකට
සුදුපාට කොට බ්ලව්ස් එකක් ඇඳගෙන උන් ඇගේ සුරූපී බඩ ප්‍රදේශය පෙනෙන සේ බ්ලව්ස්
එකෙහි ඉදිරියෙන් ගැටයක් ගසා තිබිණ. ඈ ලෙලදෙන සිළුවක් වැනිය.

"... ඔලුවට මොකද උනේ... මම අහගෙන ඔයාලගේ අම්මා අපේ මමීට කියනවා පාටි එකේදී තුවාල උනා කියල... බීලා ගහගත්තද? "

අම්මා එවැන්නක් ඔවුන්ට කිව්වේ කවර කරුණක් නිසාද? මට අමනාපයක් දැනුනද එය නොපෙන්නා හිස හරවා ඒ මේ අත වැනුවෙමි.

"ඒ වගේ තමයි..."

"එතකොට අර එක්කගෙන ඇවිත් ඉන්න කෙල්ලද ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්?"

මට සිනහවක් ගියේය. ටාෂා මා දෙස බලා ඇස් කැරකුවාය. ඇයට අවශ්‍යව තිබුනේ මා ගැන සියලු තොරතුරු ඈ දන්නා බව මම අඟවන්නද?

"මේ බලන්න.. ටාෂා.... මේ මම මේ කියන්නේ...."

මම වචන අහුලන්නට වීමි. ටාෂා මට තවත් ලංව සිටගත්තේ ; මට ඇගේ විලවුන් සුවඳ දැනෙන පරිද්දෙනි. එය නිකන්ම උඩු සුළඟට පාවී ගියායයි මට සිතේ.

"හ්ම්ම්ම්??"
ඒ හ්ම්ම් ශබ්දය අතිශය සරාගීය.

"මම
කියන්නේ.. එදා එහෙම වෙච්ච එක ගැන වැඩිය හිතන්න එපා... ඒක එක අහම්බයක්...
සමහරවිට... වැරැද්දක්... හරිද? වැඩිය සංකීර්ණ කරගන්න එපා... "

ටාෂාගේ එක ඇහිබැමක් ඉහල ගියේය. ඇය යමක් පවසන්නට මෙන් මුව ඇර , වහා නතර කරගත්තාය.

"... අපි මේ ඉන්න විදිය හොඳයි... ඒක අමතක කරන්න... අපි අපේ සාමාන්‍ය ජිවිත වලට යමු."

"හ්ම්ම්ම්"

ටාෂා
සිය උඩුතොල විකමිනි. මම සන්සුන් වන්නට උත්සහ කලෙමි. යන්තම් ටාශාගේ හිසට
ඉහලින් ඇස් එසවූ මට වාහනයෙන් බැස මා දෙස යන්තම් බලා ඉවත බලාගත් තාරුක අයියා
පෙනුනි.

".... මට උත්තර නොදුන්නේ ඒකද ?"

ටාෂා සන්සුන් හඬින් ඇසුවාය. ඈ දුකට පත්ව ඇති බවක් මට වැටහුණි.

"ටාෂා... මගේ වැරැද්ද වෙන්න පුළුවන්.. ඒ උනාට ඒක තනිකරම මගේ වැරැද්ද නෙවෙයි... මේ.."

ටාෂා මගේ වචන නවතා දැමුවේ සිය අත ඉහලට ඔසවා සන් කරමිනි.

"මම
ඇහුවේ... මට උත්තර නොදුන්නේ ඒකද කියල... එදා සිද්දිය .. ඔව්.. මට
තේරෙනවා.. ඇත්තට මට එදා තේරුනා තමයි... ඒ සම්බන්ධය එදා රෑට වඩා එහාට යන
එකක් නෙවෙයි කියල.... ඔව්.. මට තේරුනා තමයි"

ඈ වේදනාවෙන් කීවද සන්සුන් හඬකි. මම පමණක අසරණ බවකට පත්වූයෙමි.

හ්ම්ම්ම්... ඒ උනාට මට මේ ටික ඔයාට කියන්න ඕනේ තීක්ෂණ... දන්නේ නැහැ කොහොම
උනාද කියල. නමුත් ඔයාව දැකපු මොහොතේම මම ඔයාට ආදරේ කරන්න ගත්ත..."

මම
ඈ කියන්නක් අසා සිටියේ වටපිට බලමිනි. ඇගේ මුහුණ බලන්නට මට නොහැකිය. ඇගේ
හඬ වෙනස් වුයේ නහයේ ඇතිවූ වෙනස්කම නිසාය. ඇය හඬන්නට බව මම දනිමි. හිතක්
පපුවක් නැති තීක්ෂණ දැන් අවශ්‍යම මොහොතයි.

".... අපේ මමී ලා ඔයා ගැන කියපු හැමදේම ඇත්තම තමයි කියලා ඔයා දැකපු දවසෙම මම හිතුවා... "

"දැන් ඔය දේවල් අමතක කරන්න ටාෂා.. ඔයාට මට වඩා..."

"ඔයාට වඩා කෙනෙක් මට වැඩක් නැහැ... "

ඇගේ කටහඬේ කිසිදු කෝපයක් තිබුනේ නැති බැවින් මගේ වරදකාරී බව ඉස්මතු වන්නට ඇත.

"අමතක කරන්න ටාෂා.. ඒක හොඳයි හැමෝටම... ඔයා නරක කෙනෙක් නෙවෙයි.. You are such a sweet girl.... But You cant keep me anyway"

"What if I want to keep you?"

"It won't happen"

"What if you could not leave me?"

"It won't happen"

මම සිනාසෙන්නට උත්සහ කලෙමි.

"What if I'm pregnant?"

කන් අසල හෙනයක් පුපුරා ගියාක් මෙන් මම ටාෂා දෙස බැලුවේ ඇස්ගෙඩි දල්වාගෙන වන්නට ඇත.

********************මතු සම්බන්ධයි **************************

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com6tag:blogger.com,1999:blog-4632197388452093715.post-35868929057092069662021-06-15T22:09:00.000-10:002021-06-15T22:09:01.221-10:00TOP UREGNT!!

අනේ උදව් කරන්න.....

මගේ සුහදිනියේ 40 පෝස්ට් එක 41 න් replace උනානේ ! කවුරුහරි කෙනෙක් ඉන්නවද මගේ පෝස්ට් වල feed burn දාල තියෙන කෙනෙක්? එහෙම ඉන්නවා නම් කරුණාකර 40 කොටස එවන්න. මම ඒක කොහෙවත් save කරලා තිබ්බේ නැති නිසා ඒ කොටස නැත්තටම නැති උනා!

මේකේ කමෙන්ට් එකක් ලෙස හෝ දානවා නම් වටිනවා. ආයේ ලියන්නත් බෑනේ!

ලිඛිතාhttp://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com1