Monday, December 16, 2019

233. සුහදිනියේ - 28 | විසඳුම් අතර නොවිසඳෙන ප්‍රශ්න. තීක්ෂණගේ තීරණය කුමක්ද?

කලින් කොටසට 



 වාකිෂ්ඨ මහතා 'හොහ් හොහ්' හඬින් සිනාසෙන්නට විය. මධුලිකාද ඔහු හා එක්ව  සීනු හඬින් සිනාසුනාය.මගේ මුහුණේ වූ ස්වාභාවය නිසා සුන්දර් සිනහව එකවරම නවත්වා ගත්තේය.

"පුතා... උඹ හරිම බය-නැති කොල්ලෙක්.. මම උඹේ ආසම උනේ ඒකට!"

මගේ බෙරිවුනු මුහුණ නිසා සිනහව අතරතුර වාකිෂ්ඨ මගේ පිටට තට්ටුවක් දැමුවේය.

"..... මාව ඉව වැටුන බව තේරුණ නිසා මම ආයේ උඹ පස්සෙන් ආවේ නැහැ කොල්ලෝ. මොකද ඒ වෙනකොට උඹ හරි පාරට වැටිලා. මේකා මට ඔක්කොම තොරතුරු කිව්වා."

ඔහු සුන්දර් දෙසට හැරෙද්දී සුන්දර් බියෙන් මෙන් මා දෙස බලා බයාදු සිනහවක් පෑවේය. සැලසුමේ අග මුල එලෙස විසඳුනි.

මේ සියලු සැලසුම් ඇරඹෙන්නේ සුන්දර් මෙම වතු යායේ සේවයට පැමිණෙන අතරතුරය. සුන්දර් යනු මධුලිකාගේ පියාගේ වතුයායේ කලින් විශ්වාසවන්ත සේවකයෙකුව සිට අභිරහස් ලෙස ඝාතනය කෙරුණු සෙල්වම්ගේ කණිටු පුත්‍රයාය. ඒ වනවිට වාකිෂ්ඨ මධුලිකාගේ ආරක්ෂාව පිණිස පිලියමක් ලෙස කන්‍යාරාමය තෝරා ගත්තා පමණි.

Related Posts Plugin for WordPress, Blogger...