Thursday, September 28, 2017

143. ශාකුන්තලය | Just been forgotten






වනරොදක බැඳී
ගසට වැල සේ වෙලී
තුඟු සියපතින් - (සු)සැදි
තඹර පෙති - නුඹ සිඹි !

ඩැහැගෙන ගියෙද කොහි
මසුන්  - මා අත දැරූ මුදුවද
දුෂ්මන්ත නුඹමද?
අමතකව ගිය
සකුන්තල මා නොවද?


15 comments:

  1. මමනම් සකුන්තලා නෙවෙයි ඒත් දුෂ්මන්තනම් අපේ ගෙදර ඉන්නො

    ReplyDelete
    Replies
    1. හෑ !!

      එහෙනම් සකුන්තලාට බූට් එක තියලා ආපු දුෂ්මන්තව අල්ලාගත්තේ ඔබතුමිද? හත්වලාමේ

      Delete
  2. සකුන්තලා.... ඔයා ලිකිතා නේ

    ReplyDelete
  3. පළවෙනි පේළි හතර වඩා සුන්දරයි...

    ..තුඟු සියපතින් - සැදි .... කියල ආවනම් තව හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. 'සැදී' කියලා තමයි මුලින්ම ලිව්වේ.. වඩාත් තීව්‍ර කරන්න ගිහින් අනාගෙන වගේ.. හරි මම හදන්නම්.

      මට ඕනේ දේ මේ කවියෙන් කිය උනේ නැහැ අය්යෝ.... වෙන වෙලාවක වෙනම ලියන්න ඕනේ.

      ස්තුතියි !!

      Delete
    2. Just been fogotten - මම හිතනව මේක සම්බන්ධයි කියල කියන්න හදන දේ ට.....

      Delete
    3. නිල ඇල්ලීම නම් නියමයි. :-)

      කවිය ඇතුලේ එය නොලීම තමයි මගේ නොහැකියාව!!

      Delete
    4. අන්තිම පේළි දෙකෙන් ඒක නේද කියල තියෙන්නෙ?
      මට හිතෙන්නෙ කියන්න හදන දේ කියවිල තියනව කියල....

      Delete
    5. දුෂ්මන්ත - සකුන්තලා කියන්නේ නියම ප්‍රේම වෘතාන්තයක් වගේනේ මම/ඔබ අහලා තියෙන්නේ.

      මට අනුව නම් එය එකම අසාධාරණ දුර්ගාන්ත කතාවක්. සකුන්තලාව අමතක කරවන්නට මාළුවෙකු පවා දුෂ්මන්තට උදව් කරනවා. ඒ අසරණිය තමන්ගේ අයිතිය ඉල්ලමින් එන්නේ 'දුෂ්ඨ' පෙම්වතා ළඟට. ඒක හදවත කිරිගස්සන දුකක් නේද? නමුත් දුෂ්මන්ත ගැන කොඛේවත් දොසක් මම දැක්කේ නැහැ. ඒ දොස සොබාදහමෙන් බාරගෙන!

      අසාධාරණයි නේද?

      (මේක මට හිතුනේ එකපාරක් මම ඉන්දියාවේ ශිල්පින් විසින් ඉදිරිපත් කරපු ශාකුන්තලය ඉඟි නළුව බැලුවට පස්සේ. - එතකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති. මට ඒ කතාව අසාධාරණයි කියලයි හිතුනේ. මම දන්නේ නැහැ.. මට තාමත් හිතෙන්නේ එහෙමයි)

      Delete
    6. දුෂ්මන්තට යම් ශාපයක් නිසා ඇයව අමතකවෙන බව තමා මම අහල තියෙන්නෙ..කතාව විස්තරාත්මකව දන්නෙ නැහැ... දුෂ්මන්තට තිබුණා හමු වුණු මොහොතේම තමාත් එක්ක සකුන්තලාව මාළිගයට ගෙනියන්න. ඒත් එහෙම වුණේ නෑ.. been fogotten කියන කාරණේ එක්ක මේක ගැලපෙනව .. මෙතන මුළු කතාවම විස්තර නොවුණත් පේළි දෙක තුනකින් ඒක කියල තියනව කියල මට හිතෙන්නෙ...තවත් කතාව විස්තර ඇතුව ලියවිය යුතුයි කියල හිතනව නම් ආයෙ ලියන්න උත්සහයක් ගන්න...මොනව උණත් අන්තිමට ඒක අපේම ඒ මොහොතේ අත්දැකීමට සමපාත වෙනවනම් තමා ඒක නියම විදිහට අහුවෙන්නෙ කියල තමා මම විශ්වාසකරන්නෙ....

      Delete
    7. ඔව්... දුෂ්මන්ත අවංක නැතිබව අපි සොබාදහමෙන් වහන්න යනවා සාපයක් කියලා. සකුන්තලා දැන් කාලේ හැටියට කොහොම වෙන්න ඕනෙද?
      been forgotten කියලා පාවිච්චි කලේ ඒකයි...

      මට ශබ්දකෝෂයේ අවුලක් තියෙනවා. වචන හිඟයි.

      Delete
  4. මටත් ඒක එහෙමයි....කවියට වචන මහගොඩක් ඕන නෑ කියල මම හිතන්නෙ...පරිස්සමෙන් තෝරගත්ත වචන කීපයකිනුත් පුලුවන් දැනෙන්න යමක් ලියන්න...කියවන්නටත් පුලුවන් වේන්නෝන නිර්මාණාත්මකව හිතන්න.....දීර්ඝ කවි නොලියවිය යුතුයි කියනව නෙමේ..තමන්ගෙ අත්දැකීම් පරාසය අනුව ඒක තීරණය වෙන්නෙ....සකුන්තලා වැනි අය මම දැක තියනව..නොලැබෙන යමක් වෙනුවෙන් බලා ඉන්න..මේ කවියේ අත්දැකීම ඒකත් එක්ක සමපාත කරාම කියනන් බැරි මොකක්ද හැගීමකින් හදවත් බර වෙන බව තමයි දැනෙන්නෙ...

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...