Tuesday, September 5, 2017

134. අතරතුර - පසුව || after meanwhile






උඩු ගුවන් තලයක
පැරෂුට් නැතුව
බිම වැටෙන අතරතුර....

මේ දැනෙන හිස්කම
ඔබේ සෝඩා බෝතල්
ආදරයට පසුව...
මීවිතේ මතට ගැලපුණු
බයිට් එක
වීමෙන් පසුව....



27 comments:

  1. //ඔබේ සෝඩා බෝතල්
    ආදරයට පසුව...//
    ඒකත් මරු නේ.....සෝඩ බෝතල් ලව් එක

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ බෙබේලා එක්ක නිකමට සෝඩා කිව්වත් ඇති, මුඩිය පෑගෙනවා

      Delete
  2. තනි මම
    නිතරම
    වින්දම
    හිස්කම....

    අනේ මන්දා....

    ජයවේවා!!!

    ReplyDelete
  3. Replies
    1. දැනෙන්නේ ඒ විදියටනේ... ඇත්ත ලිව්ව නිසා වෙන්න ඇති

      Delete
  4. සෝඩා බෝතල් ආදරයකට.. ගැලපෙන බයිට් එකක් එක්ක මීලඟ මීවිතට.. කියාපු කාලගුණය මේ වැස්ස.. අහ්.. ෂා.. මරු කවි පොඩ්ඩ.. රොකට් එකක් නැතුව හඳට ගිහින් පැරෂුට් එකක් නැතුව බැස්සා වගේ.. :))

    ReplyDelete
    Replies
    1. ආ.. මේ ඉන්නේ අනිත් අනුපානේ! සෝඩා කිව්වත් ඇති!!!

      ඉස්කෝතුයි

      Delete
    2. මේක මහා ට්‍රිබල් එක්ස් වලත්ත කවියක් නේ බොල.. රවිගේ යට පෙළ අරුත පෝස්ට් එක කියෙව්වම තමයි ආපහු ඇවිත් යටිපෙළ කියවන්න හිතුනේ.. 'අතරමැද හා පසුව' කියුවට මන් එච්චර ගැඹුරට හිතුවේ නෑ.. කොහෙද සෝඩා බෝතල් ආදරේ පැත්තක තියෙද්දී සෝඩා ටිකක් විතරනේ ගත්තේ.. :)))

      Delete
    3. අතරමැද? මොන අතරමැදක් ගැනද මේ කියවන්නේ?

      හරියට කියවහන් මුලින්ම!!!!!!, ආව මෙතන යටිපෙළ හොයන්න!

      Delete
    4. අන්නේකයි කළණේ.... මේ පට්ට කුණුහබ්බයක් නොවැ ලියල තියෙන්නේ... හොඳ වෙලාවට රවියගේ යටිපෙළ අරුත පෝස්ට් එක කියවලා ආවේ. නැත්නං අපිත් මේක හෙණ අහිංසක කවියක් හැටියට නොවැ දකින්නේ... හැක්

      Delete
    5. දුහපියව් කිව්වේ... ආව මෙතැන යටිපෙළ හොයන්ට...

      අම්මප රවියා ඉතින් .. මට ඉතින්... මතක් වෙන එව්වායේත් තියෙනවා යටිපෙලක්

      Delete
  5. සමහර වෙලාවට හීනෙන් දකිනව...කොහේදෝ උඩක ඉදන් බිමට වැටෙන හැටි...පාවෙලා ඇවිත් බිමට වැටෙන කොටම.. දඩස්!! ගාල ඇහැරෙනව...ඇත්තටම කොහෙන් හරි වැටුන වගේ තමා දැනෙන්නෙ..ඒත්..මම හිතන්නෙ..ඒක හීනයක් බව දැනගන්න නම් පහළට වැටෙන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. පහලට වැටුණු ගමන් අපිට හීනය හීනයක් කියල මතක් වෙනවනේ.. එතැනදී තමයි මේ හිස්කම දැනෙන්නේ.... හරියට අතේ තිබ්බ සෙල්ලම් බඩුව එකපාරටම අතුරුදහන් උනහම මාස නවයක දරුවෙක්ට දැනෙන දේ වගේ..

      Delete
    2. අපි පොඩි දවස් වල එහෙමයි. අපි ආස කරන සෙල්ලම් බඩුවක් එකපාරට කැඩිලගියාම නැත්නම් නැති වුණාම ඒක හිතෙන් අතඇරගන්න බෑ. ලැබෙන්නෙ නැති බව දන්නව හොදටම ඒත් ඒකමයි ඉල්ලන්නෙ. ඒක හොදටම දැනුන මේ ලගකදි මට වුණ සිද්ධියකින්. තරමට වටිනා පැලයක් හිටවල තිබ්බ මම. බොහොම ආසාවෙන් වතුර දමමින් සාත්තුකර කර තියාගත්ත මේ පැලේ දවසක් බලද්දි දෙකට මැද්දෙන් කැඩිල. කොහොමද කියල මට හිතා ගන්නත් බෑ. ඒ කම්පනය සෑහෙන්න දවසක් යනකම් මට දැනුණ. ඒත් කාලයක් යද්දි ඒ දේවල් හරියනව. ඒ කියන්නෙ හිස් බව එක්ක ජීවත් වෙන්න අපි හුරු වෙනව..නැත්නම් වෙනත් ආදේශකයක් එතනට එනව...ඒව එහෙම තමා....

      Delete
    3. මගෙත් ඔය පැල එක්ක බද්ධ වෙච්ච ලොකු ලොකු සම්බන්ධකම් තියෙනවා. පුදුමයි.... නේද?


      ඒ හිස්බවට තමයි ගොඩක් වෙලාවට අපි උත්තර හොයන්නේ, මොනවා හරි ඒ හිස්බවට පුරවන්න හදන්නේ. ඇත්ත... ඒක සාධාරණ වැඩක් තමයි. නමුත් ඒ හිස්බව නිසා ඇතිවෙච්ච සැහැල්ලුව තමයි මහා බරක් ගෙනෙන්නේ කියල අපිට වැටහෙන්නේම නැහැ.

      මේ කවියේ ප්‍රස්තුතය ඔබ මගේ කටින්ම ගන්නවද මන්ද

      Delete
    4. ඔව් ඒත් අපිට නිර්මාණශීළි වෙන්න පුළුවන්..මේ වගේ ඉඩකඩක් තියෙන්නෙ ඒකට.. අඩු ගාණෙ කියවන කෙනෙකුට හරි ඒකෙන් යම් ආලෝකයක් ලබන්න පුළුවන් නෙ..ඒත් ඒ හිස් කම තමා ඒ තරම් දුරකට අපිව අරන් එන්නෙ...එක අතකට..ජීවිතේ දිහා හරි අපි අලුත් විදිහකට බලන්න යොමු වෙන්නෙ ඒ හින්ද...හිතන්නකො මේක එකම තනි පීල්ල උඩ යන කොච්චියක් වගේ උනානනම් සමහර විට එපා වේවි...ඒකාකාරී වේවි..ඉදල හිටල ලබන මේ වගේ කම්පනයකින් තමා අඩුවශයෙන් මේ දේවල් කොයි තරම් අස්ථීරද කියල අපි තේරුම් ගන්නෙ...අනිත් එක ඒව අපි කාට වුණත් සිද්ධ වෙන්න පුළුවන් පොදු අත් දැකීම් නෙ.. :)

      Delete
    5. වැඩේ කියන්නේ සමහර අතිශය සියුම් සහ රෝමාන්තික අදහස් ලිව්වහම ( කවි විතරක් නෙවෙයි පරිකල්පනත්) ඒවා පුද්ගලිකවම අරගෙන කියෝන අයත් ඉන්නවා ( එහෙම අය මෙතන කමෙන්ට් කරලා නැහැ , මම කියන්නේ ඉන්නවා කියල )

      මම ඒවා ගණන් ගන්නේ නැහැ තමයි. නමුත් සිත් රිදවීම් ආදියට ලක්වෙලා තියෙනවා අනන්ත.

      කවියෙක්ට තමයි හැබෑවටම ඒක වැටහෙන්නේ.

      කවියකට පිළිතුරු කවි ලියන එක මම ආසම දෙයක්. හැබැයි ඒ වෙලාව අනුව ප්‍රතිචාරේ වෙනස් වෙන හින්දා ආයෙමත් ඇවිත් මගේම උත්තරේ බැලුවම මමම නිරුත්තර වෙනවා.
      හෂාන් ලියන කවි වලට මම හරි මනාපයි. අබින් වගේ

      Delete
    6. බොහොම ස්තූතියි ලිඛිතා...ඒ වගේමයි ඔයත්..අබිං ගැන නම් මම දන්නෙ නෑ...මෙහෙම කියන්නම් ඒව හරි හුරුබුහුටියි :) මට ඒව රහයි... හද දිහා පෙන්නුවම ඇගිල්ල දිහා බලල වැඩක් නෑ නේ...වැදගත් වෙන්නෙ ..මොකකද? කියන එක මිසක් කවුද? කියන එක නෙමේ...සේකරත් කියල තියනව නේ මගේ කවියේ මා නොසොයන් කියල...තමාවම තමා ඒකෙන් දකින්න ඕන..ඉතින් මේක තේරුම් ගන්න බැරි අයට අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්න ද..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සෝඩා බෝතල් ප්‍රේමය
    ඒකත් මරු හිටං.. :-D :-D

    ReplyDelete
    Replies
    1. ඒක මරු නැහැ මහේෂ්.... උනදාට තේරෙයි...

      වෙන්න නම් එපා

      Delete
  8. සෝඩා බෝතලේ ආදරේ
    ඇත්තටම ආදරේ නෙවෙයි ඒ කෑදරේ...

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...