Friday, December 1, 2017

161. ඔබ අසල - ඇය | Not without her







ඉදින් ඇය ,
නුඹ අසල හිඳ
විටෙක ඔබ අත
ඉල්වනු ඇත....
විටෙක ඔබ උරතල
ලබාගනු ඇත....
විටෙක ඔබ මුදු
බැලුම් විඳිනු ඇත....

පහුරු ගානා හදවතින්
සිනාසෙමි මම;

මගේ අබලන් හදවතින්
පිරිමදිමි මම;

අයිතියද ,
අයිති කරුවාද ,
මුවාකර ඇති
තිරෙන් පසුපස
හඬාවැටෙමින්!
හිනා තලමින්!!


~~~~ මන්ජි

19 comments:

  1. Replies
    1. ආන්න ආන්න සහෝදරී.. සම්පුර්ණයෙන් වැරදිලා...
      පලවෙනි කාරණේ - මම රැල්ලට නොලියමි
      දෙවැන්න - ප්‍රස්තුතය දන්නෝ දනිති ( ඒ නිසා රැල්ලට කොහෙත්ම අදාළ නැත)
      තුන්වැන්න - ඔය කියන්නේ මොන රැල්ල ගැනද?

      ස්තුතියි

      Delete
    2. අනේ අනේ සහෝදරී ඔයත් ඉතින් පටලෝගෙනනෙ..පලවෙනි දෙවෙනි තුන්වැනි සියලු කාරණා මට අදාලම නැත. මම මේ කිව්වෙ බ්ලොගයට ආමී පෝස්ටුව කියෙව්වෙමී කියන එකට මේ දවස්වල ගහන මේ වැටවල් රැල්ල ගැන නෙ අනේ.

      Delete
    3. :-)

      රැලි ගැන නොදන්නා රැල්ලක් අනේ මේ මම!

      Delete
  2. මං හිතන්නෙ මේකත් ඔයවගේම අත්දැකීමක්

    https://hashanrandika.blogspot.com/2017/08/blog-post_78.html

    ReplyDelete
    Replies
    1. මම ඒ කවිය කියෝලා අර්ථ කිහිපයකට පෙරළුවා. ඇත්ත, එතන එක චැප්ටර් එකක් මෙහෙම එකක් තමයි. තවමත් පෙම්වතුන්ගේ එක්වීම ගැන හිතාගත නොහැකි විශ්මයාර්ථයක්! ගැලරිය තාමත් තෘෂ්නිම්භුතව

      Delete
    2. Plot twist එකක් හැම තිස්සෙම විමතියක් ඉතිරිකරනව. එතකොට එතන ගැටලුව තියෙන්න අපිට අවශ්‍ය විදිහට කතාවක අවසානය ගැන තීරණ වලට එන අපි අතේද...නැත්තම් හරි බයානක විදිහට කතාව twist කරන අනික් characters අතේද.....එතන ගැටලුවක් තියනව......

      Delete
    3. සමහර වෙලාවට පෙම්වතුන් දෙදෙනාගේ පොදු සතුරා නසමින් ඔවුන් එකතුවීම කියන එකම විශ්මයාර්ථයක්. මොකද ඊට වඩා ඒ පෙම්වතියට/පෙම්වතාට බැඳුනු කෙනෙක් ගැලරිගේ කොනක ඉන්න නිසා. මට ඕක හිතිලා තිබ්බේ මනමේ බලද්දී. අර වැද්දගෙන් ප්‍රතික්ෂේප වෙච්ච මනමේ කුමාරි ගැන මම දුක් උනා. ( හරි හරි ඉතින් මනමේ කුමාරි ලස්සනයි තමයි.. කොල්ලෝ උනත් එහෙම හිතනවා ඇති, ඉතින් මම වැරද්දක්ද කිව්වේ?)

      ඒ මොකද්ද ඒ කරපු අවලන් වැඩේ? ( කටට ඉතින් මැස්සොත් යන සයිස්)

      තිරය වහද්දි ඒ වගේ ප්‍රේක්ෂකයෙක් උනහම සැබෑවටම ඌය්යා

      Delete
    4. ම්ම් ඇත්ත...බලන එක අමාරුයි එක අතකට...විශේෂයෙන් තමනුත් ඒකෙම කොටසක් නම්..ඒත් රගපාන අයට ඉඩදීල පැත්තකට වෙලා බලන් ඉන්නව ඇරෙන්න වෙන මොනවා කරන්නද?

      Delete
    5. මා දන්නා බරම සිංහල වචනය ඇතාගල ය! මේ කොමෙන්ටු රිප්ල්යිවල එහා මෙහා විසි වෙන්නේ ඊටත් එහා බර පතල වචනය!

      ප්‍රේමය සරළව විදගමු!

      ඒකාලෙ ඔය දස්කොන් ලා එහෙම මේ තරම් බරපතල විඥ්ඥානයකින් තොරව ආදරය කලේ ඉවෙන්ද?

      Delete
    6. මම කැමති නෑ මෝබිඩික් අවසානයට! මම් කැමති නෑ ධවළ තල්මසා දිනනවට!
      මම කැමති නෑ ඇලන් ක්වාටර්මෙන් පොතේ එයා මැරෙණවට!
      මම කැමති නෑ වැලිකතරෙ ගෝරිං මුදළාලි මැරෙණවට!
      වන සරණෙ අවසානයට!
      බැද්දේගමේ අවසානයට කවුද කැමති?
      සිංහබාහු නාට්ටියේ අවසානය ඇයි අර තාත්තව පුතා මැරුවෙ?
      එතකොට එහෙම නොවුනානම් කොහොමද අවසානය වෙන්න තිවුනේ?
      ඔක්කොම ටික නගරයට ඇවිත් තාත්තාව සූ එකට භාරදෙන්නද තිබුනේ? නෑ ඒක තමයි සිදුවිය යුතු අවසානය අපි කැමති උනත් නැති උනත්!
      ගමරාළ අලියගෙ වල්ගෙ එල්ලිලා දිවිය ලෝකෙ ගිය කතාව ගත්තත් එහෙමම තමයි!
      නමුත් ඒක තමයි ඒවායෙ අවසානය!
      අපි හිතන අවසානය ; අප බලාපොරොත්තු වන අපේ මනසට ගෝචර නොවන අවසානය නොවුනාම ඒක Plot Twist ද?

      Delete
    7. @Thattayage Kolama: අපි නම් පිදුරුතලාගල දන්නෙමු!!! (අම්මේ ඇති යන්තම් තට්ටයා දන්නවට වඩා බර වචන මම දන්නවා !! හුරේ!!)

      (ටක ටක ටක ටක - දනිස් පොල්කටු වදින සද්දේ..)
      මගේ අම්මෝ ඔය කියාපු එව්වයින් බාගයක්වත් මම දන්නේ නැහැනේ... මම නිර්දොශියි ස්වාමිනි!

      Delete
    8. තට්ටයා මචං, උඹ ඔය ලියපු බොහෝ කතාවල අවසානය තමයි ඇත්තටම ඒ කතාව.. ඒ අවසානය නොවුනානම් ඒක 'කතාවක්' වෙන්නේ නෑ.. හෙවත් ඒක තමයි ඔරිමජිනල් 'ප්ලොට්' එක නේද?

      Delete
    9. ඕන්න ඇවිත් අනික් අඩුපාඩුව! ඔව් ඉතින් දීකිරට අර කවුදත් 'කදව් කදව්' ගානවලුනේ

      Delete
    10. අපේ ගෙදර නම් ඉන්නේ ඥාව්! ඥාව්!! ගාන ලෝකල් පූසෙක්!

      Delete
  3. ලස්සන චිත්‍රයක්!

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් කරනවද මම අහන්නේ!! පැතුමා............ ගර්ර්.....

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...