Monday, August 7, 2017

128. අසාධ්‍ය නොවන මෙව්වා එක

ළමායි.....
ඔන්න බලන්න ළමායි...

මම මේ කියන්න යන්නේ බොහොම ආදර්ශමත් කතාවක්! ඔන්න බලන්න ලමයි ඒක මෙහෙම තමයි පටන් ගන්නේ...

එකෝමත් එක රටක ( හෑ ඔව් නේන්නම්.. එක රටක් කියල කියන්න දැන් අමාරුයි. මොකද ඒ රටේ ලොකු ලොකු තැන ඔක්කොම අයිති එක්කෝ චීනෙට, නැත්තම් ඉන්දියාවට. ඒ හින්ද මේක රටක් උනාට ඒ වගේ චුට්ටක් විතර අච්චාරු රටක් ඈ... ආ චී චී දේසපාලනේ නෑ ඔන්න!) හිටියා ළමයෙක්.



ඒ ළමයා අනිත් ළමයි වගේ...ම තමයි.

ඒ උනාට පොඩියට විතර.. ඩින්ගිත්තක් විතර සර්කිට් අවුලක් වගේ තිබ්බ උනත් ඒවා එතරම් බලපෑවේ නැහැ. මොකද ඒ අවුල වගේ එක පොඩි කාලේ ඉඳලම තිබ්බ නිසා ඒ ළමයාගේ අම්ම හිතාන උන්නේ ඒක එහෙම්මම හදපු මොඩල් එකක්ය, ආයෙත් බයවෙන්න දෙයක් නැතිය, දෙය්යන්නාන්සේගේ ළඟ තිබ්බ ඒ අච්චුව කැඩිලා හින්දා ඒ ජාතියෙන් තවත් එකක් එන්නේ නැතිය කියල විතරයි.



මේ මොකක් උනත් අවුරුදු දෙක තුනක් යනකල් හැබෑටම අම්මට උනත් මේ ළමයාගේ මේ අබග්ග ගතිය එතරම් තේරුනේ නැහැ. දොඩන්ගෙඩි දෙකක් විතරට හිටපු මේ කෙලි පැටික්කිගේ මේ සර්කිට් අවුල මුලිම්ම අහු උනේ කවද්ද කියන්ට මෙලෝ දෙය්යෙක්ට මතක නැහැලු. ඒ ගැන හොයන්න පත්කරපු කොමිටිය දැන් මේ දවස්වල රවී අය්යට වැඩලු.

හැබැයි ඒ අහිංසක අම්ම විසින් මේ ලියවිල්ල ගැන හාන්කවිසියක් දන්නේ නැති නිසා මම මේ ලියන්නේ අර ළමය එක්ක ගතකරනකොට ඒ මනුස්සදෝනිට මතක් වෙලා මරු කියෝපු සිද්ධි කීපයක් විතරයි ඔන්න. ඒ හන්දා මේවා ගැන ආයේ ඉතින් ගණන් මුනුම් තියාගෙන වැඩක් නෑ , කියපුවාට වඩා නොකියපුවා ඉසේ කෙස් ගානට ඇති! මම නොදන්නවය ඒ ළමයාගේ ඉතිහාසේ-භුගොලේ!!

මේ ළමයට තිබුනලුනේ අමුතු මෙව්වා එකක්.

මෙව්වා එකක් කියන්නේ වෙන මොනවත් මෙව්වා එකක් නෙවෙයි.. අසාධ්‍ය වෙන්න ඕමනාවක් !

කොටිම්ම මෙන්න මේකයි.

එකෝමාත් එක කාලේ ; ඒ කියන්නේ ඒ වෙනකොට මේ ළමයව මොන්ටිසෝරි යන වයසේ කියමුකෝ; මේ ළමයාගේ අල්ලපු ගෙදරක ළමයෙක් ; ළමයෙක්ය කිව්වට මෙයාට වඩා අවුරුදු දහයක් විතර වැදීමක් පිරිමි දරුවෙක් ; ඔන්න ඔහේ කොහෙන්දෝ වැටිලා අත කඩාගෙන. මොකද්දෝ හේතුවකට එදා හවස් යාමේ මේ දොඩමිච්චිගේ ගෙදර නිලාකුරු පත්තු කරන්න කට්ටිය ඉතින් එලියට බැහැලා ඉන්නකොට.. ඔන්න අර අත කඩාගත්ත ළමයා අතත් ප්ලාස්ටර් එකක් දාගෙන එනවලු මේ කට්ටිය පැත්තට. අන්න ඉතින් මේ දොඩමිච්චි දැක්කා කියමුකෝ මේ අමුතු අතේ තොරණ! කැඩිච්ච අතක් එහෙම බෙල්ල හරහට එල්ලගෙන ඉන්නෙක තරම් අන්තිම 'ජොලි' වැඩක් වෙන ලෝකේ කොහෙන්ද දෙය්යනේ!!

"අම්මේ... අම්මේ..."

"................"

"අම්මේ... අම්මේ...!!" ඒ පාර සද්දෙත් වැඩියි කටේ..

"මොකද චුටි දුවේ?"

"අනේ අම්මේ.. මටත් එකක්!"

".............?"

"මටත් එකක් දෙන්නකෝ"

"මොකද්ද?"

"අර වගේ එකක්.. කරේ එල්ලගන්න?"

අම්මට ඉස්මොල්ලේ යන්න ගියාට මුකුත් උනේ නැහැ. අම්ම ගණන් ගත්තේ නැහැ කියල මේ දොඩමිච්චි ගණන් ගනීද? නෑ නෑ .. ඊළඟ කොටස වෙනකල් ඉන්න ඕනේ නැහැ... එතරම් ඉවසීමක් තියෙනවද ඒ කෙල්ලට.. ඔන්න එතකොටම දෙය්යෝ විසින් මේ ළමයාගේ මුණ බැලුවා වගේ නිලාකුරු වලින් විසිවෙච්ච පුංචිම පුංචි.. නෑ නෑ මොන පචද.. ඒක හරියට පිඟානක් සයිස් ලොකු කොටිම්ම කියනවා නම්.. ගිනිපුපුරක් විසි උනානේ අර සුකොමල පුංචි ඒකිගේ දකුණු අතේ පිටි අල්ලට!

ඇත්තම කියනවා නම් ඒ මොහොතේ මේ ළමයා ඒක දැක්කේ නැති උනාට කඩියෙක් කනවා වගේ පොඩියට දැවිල්ලක් දැනිල බලනකොට තමයි මේ නිධානෙ දැක්කේ.. ආයෙත් අහලා... ප්ලාස්ටර් හතක් දාලා, මැහුම් හතළිහක් දාලා, සතියක් අයි.සි.යූ දාන්න වටින අමාරුවක්නේ ඉතින්...

ආයේ අහන්න දෙයක්ද? මේවා මේ වැඩිහිටියන්ට කිව්වට තේරෙන එකක්ද? ඒ කාලෙත් වැඩිහිටියෝ ඔහොම්මමයි. කිව්වට කිව්වට කිසි කෙනෙක් ගානක් ගත්තේ නැතිකොට කූර ලෝකේ කියන්නේ ලෝකයා විසින් නොසලකා හැරපු අසාධ්‍ය ලෙඩෙක් වෙච්චි මේ ළමයා බොහොම අමාරුවෙන් උනත් ගේ ඇතුලට ගිහිලා , අක්කගේ ලේස් එකක් අරගෙන බොහොම දුකසේ එල්ලගත්තනේ උරමාවක් - වගේ එකක්!

ඔය තියෙන්නේ යසට!! හැබැයි ඉතින් වැඩේ ටිකක් විතර කොස්සක් ආවේ එලියට ආවහම.. අන්න එතැනදී තමයි අම්මට උනත් මේ ළමයාගේ අසාධ්‍ය වෙන්න තියෙන ඕනෑකම ගැන තේරුම් ගන්න තිබ්බ අවස්ථාව..

කොහෙද... ඒ අම්මට එහෙම එකක් එකපාරටම හිතුනේ නැහැ නොවැ.. දරුවෙක්නේ ඉතින් මොකෙක් උනත්?

ඉතින් මේ උරමාව හින්දා දොඩමිච්චි ගෙදර ජෝකර් වගේ කෙනෙක් උනාට මේ කෙල්ල එහෙම අතාරිද මිත්‍රවරුනි? කොහොමත්ම නැහැ! දකුණු අත වෙච්චි.. ඒ මදිවට පිච්චුනු එකක් වෙච්චි... ලේසියෙන් අරින්න බැහැනේ.

ඔන්න ඉතින් මේ ළමයා දන්නා රඟපෑම් ; ඒ කියන්නේ ගරු රඟපෑම්, ළමා රඟපෑම්, ආරාධිත රඟපෑම් ආදිය ; පුළුවන් හැටියෙන් යොදෝගෙන වැඩේ ඇදගෙන ගියානේ දවස එලි වෙනකල්. අනේ ඉතින් අර අහිංසක අම්මා රෑට කැව්වාලු! පහුවදා උදේ තමයි පොඩි පහේ ඇබැද්දියක් උනේ. මොන්ටිසෝරි යන වයසේ හිටියට , මොන්ටිසෝරියට ගියේ නැති නිසා දවල් වෙලා ඇහැරිලා බලනකොට මේ ළමයාගේ අක්කා විසින් එයාගේ 'උරමාව' සපත්තුවේ ලේස් එක විදියට පරිවර්තනේ කරලා දාගෙන ගොහින්! අනේ ඉතින් ලෙඩෙක් වෙන්න ආම්පන්න නැතුව එදා ඒ ළමයා උදේ පටන් ගත්තේ. හැබැයි ඉතින් දවල් සෙල්ලමට වැටුනම මතක බැරි උන හින්දා හොඳයි. ( ආ.. කියන්න බැරි උනානේ.. ඔය මතක බැරි වෙන එක ඒකාලේ ඉඳන්ම තිබ්බලු මේ ළමයට!)

ඔන්න ඉතින් කතාවේ එක සංධිස්ථානයක් අහවරයි කියමුකෝ.. තාම බැරි උනාද ලෙඩේ හොයාගන්න??



ඔන්න එහෙනම් තවත් කියෝගෙන යන්ටකෝ..

ඔන්න ඔහොම කාලය ගතවෙලා මේ ළමයා තවත් ටිකක් ලොකු උනාලු. එහෙමයි කිව්වට උසින් නම් එතරම් නෙවෙයි කියමුකෝ. මේ ළමයලාගේ ගෙදර මිදුලේ අවුරුද්ද පුරාම කෙසෙල් පලදාව දෙන කෙහෙල් ගස් පඳුරක් එක මුල්ලක වවලා තිබුනලු.

ඔයාටල කියන්න මෙයා මේ කෙහෙල් පඳුරු , මේ දරුවා උහුලපු දුක් කන්දරාව දන්නවා නම් ඉතින්......! ඒවා මෙතැන මොකටද ...?

කියමුකෝ ඔහොම දුක් කන්දරාවක් එක්ක කෙහෙල් කැනක් දරාගෙන උන්නු කෙහෙල් ගහක් ඉතින් 'හම්මේ මට බැරිය බොලේ' කියලා ඔන්න මිදුල පැත්තට නැමිලා ඉන්නවා දැකලා අර ළමයාගේ මාමා කෙනෙක් විසින් ඔන්න පොඩි සප් එකක් විදියට මුක්කුවක් තියලා තිබ්බලු.

දැන් ඉතින් තණකොළ ගොල්ලේ සෙල්ලම් ක්‍රම පොඩි ඈයෝ ඔක්කොම ඉතින් පොඩ්ඩක් විතර මේ ආධාරකේ එක්ක නොරොක් වගේ උන්නේ ඒක සෙල්ලම් පිටියට ආපු හෙනයක් වගේ හින්දා. ඔන්න එකෝමත් එක දවසක ආවනේ මාරම ආරචියක්.

ඒ තමයි අර ළමයාගේ අක්කාගේ ඇඟට ඒ කියන මුක්කුව කඩන් වැටිලා කියන එක. හැබෑටම?? ඊට පස්සේ උනේ මහාම මහා එපාම කරපු සිද්ධියක්! ඒ කියන්නේ මෙන්න අර ජාතියේ උරමාවක් එක්ක ප්ලාස්ටර් කරපු අතක් එක්ක ඒ ළමයාගේ අක්කා පෙනී හිටිනවා දෙය්යනේ?

ළමයෙක් විදියට හැබෑටම කොහොමද එහෙම එකක් ඉවසන්නේ? නෑ නෑ මම මේ කිව්වේ ඒ ළමයාගේ අක්කාගේ අතේ ඇටයක් පුපුරපු එක ගැන නෙවෙයි මම මේ කියන්නේ. මම කිව්වේ අර ළමයා තමන්ට එහෙම 'අසාධ්‍ය එකක්' උනේ නැත්තේ ඇයි කියලා කොච්චර නම් විස්සෝප උනාද?

කොටින්ම ආයෙමත් මුක්කුවක් තියෙනකල් බලාගෙන ඉඳලා ඕක පෙරලගන්න කොච්චර නම් වලි කෑවද ? ඒකත් හරියට අර දොස්තර හොඳහිතගෙන් සත්තුත් එක්ක කතාකරන රහස දැනගන්න දඟ දාපු දියරකුස් වගේ. කූර ලෝකේ කියන්නේ කිසිම දෙය්යෙක් මුණ බැලුවෙම නැහැ කියලා ඒ ළමයා මට ඇඩූ කඳුලෙන් කිව්වම මගේ බඩේ බත් පවා පත්තු උනානේ!

එදා පටන් මේ ළමයා බොහොම උනන්දුවෙන්, කැපවීමෙන් තමයි අනතුරු හොය හොයා ගියේ. ඒ උනාට පින්වතුනි ඒ කිසි වෙලාවක මෙලෝ අනතුරක් සිද්ද උනෙම නැහැනේ! ඔන්න බලන්න කරුමේ කියන්නේ...

ඔහොම ගතවෙලා දැන් ඉතින් මේ ළමයා ඉස්කෝලෙකට දාගත්තා කියමුකෝ. ඉස්කෝලේ නිවාඩු දෙනකොට පුරවාගෙන එන්න තිබ්බ රෙකෝඩ් පොතේ අන්න මේ ළමයාට මහඟු අවස්තාවක් තියෙනවා බොලේ!

රිපෝට් එකේ මෙන්න මෙහෙම තැනක් පුරවන්න තියෙනවා..

අදාළ නොවන කොටස කපා හරින්න.

'නිවාඩු කාලය තුල මගේ දරුවා බෝවන රෝගයකට ගොදුරු විය/නොවීය '

යන්තම අකුරක් දෙකක් කියෝගන්න පුළුවන් කාලේ වෙනකොට අම්මාට මේ කොටස පුරවන්න නොදී හංගගන්න මේ ළමයා සමත් වෙනවා. අන්න බලන්න පින්වතුනි... කොච්චර හුරුබුහුටිකමක්ද කියලා. ලකුණු ටික බලලා අම්මා අත්සන ගහපු ගමන්ම රිපෝට් එකත් උස්සගෙන ගිහින් මෙන්න මේ විදියට හදනවා.

'නිවාඩු කාලය තුල මගේ දරුවා බෝවන රෝගයකට ගොදුරු විය/නොවීය '

ඊට පස්සේ ඉතින් බොහෝම සන්තෝසෙන් ඉස්කෝලේ ගිහින් රිපෝට් එක අතට දෙනකොට දැනෙන ජොලිය නම් ඉතින් වෙන මොකකින්වත් ලැබෙන්නේ නැහැ කියලා මේ ළමයා හිතුවට කරපු වැඩේ පොරොතිපලේ පත්තු වෙනකොට ජොලිය දෙපිටින් යනවා.

ඉස්කෝලෙන් සෙනිකවම ලැබෙන පනිවිඩේන් පස්සේ අම්මා මතක් කරලා පෑනෙන් සලකුණු කරලා යවන්නේ පැන්සලෙන් සලකුණු කරලා යැව්වහම ළමයාත්, ඉස්කෝලෙත් අතරමගදී නොදන්නා බලවේගයක්/ඩයස්පෝරාවක් විසින් උත්තරේ වෙනස් කරලා කියලා මාට්ටු වෙන නිසා. ඒත් ඉතින් ළමයාට හැමවෙලාවේම උනන්දුව තියෙන හින්දා බ්ලේඩ් වලින් ගානට හුරලා කාබන් පෑනක සලකුණක් අයින් කරන්න පුළුවන් කියලා ඉගෙනගන්න, හැබෑටම උගන්නන්නේ නැද්ද? අන්න එහෙමයි කැපවීම.

ඒ වගේම, තමුන්ටත් ඒ ජාතියේ 'බෝවෙන රෝගයක්' කොයි මොහොතක හරි හැදේවා කියලා කන්නලව් කරමින් හිටියේ හරියට බැඳුම්කරේ හොරු අහුවෙවා කියා ප්‍රර්ථනා කරනවා වගේ කියා තේරුම් ගන්නකොට ඒ ළමයා ගොඩක් ලොකු වෙලාලු.

අදටත්, කැඩිච්ච කකුලක්, ඔතපු ලොකු තුවාලයක්  එක්ක සැපට ඇඳට වෙලා ඉන්න එකෙක් දැක්කහම දැනෙන ඉරිසියාව හින්දම වෙන්න ඇති අතක් පයක් නොකඩා හදපු අම්මට පින්සිද්ද වෙන්න තාම අඬු කඩාගන්න අවස්තාවක් ආවේ නැහැනේ!!

ඔන්න ඒ ළමයාගේ කතා වත්තුව!







ප.ලි. මේ සිද්ධි වලට අදාළ නම් ගම් විතරක් නෙවෙයි..... මේ ළමයා ගැන තියෙන සියල්ලම මනඃකල්පිත  කරුණාවෙන් සලකන්න. ජිවිතව සිටින කිසිවෙකුට සම්බන්ධයක් නැත





36 comments:

  1. මට මේක තාම තේරුණේ නෑ නේ :(

    ReplyDelete
    Replies
    1. හි හි හි හි......

      දැන් නම් මට කෝච්චියට පනින්න හිතෙනවා අම්මප

      Delete
  2. මෙව්වා එක කියවලා මගේ ඔලුවත් මෙව්වා වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙව්වා, ඔයාව මෙව්වා කරගන්න හිතලා ලිව්වා හෙම නෙවෙයි

      Delete
    2. කෝ මූකළං බස්සො කවිය???

      Delete
    3. මෙව්ව කියෙව්වේ සතුටින් හිනාවෙවී
      මෙව්ව නිසා දැන් ඔලුවත් අවුල්වෙවී
      එව්ව මෙව්ව ගළපන්නට වචන නොවී
      ඔව්ව හින්ද කවි හිත දැන් යාවි දැවී....

      මේ කීවෙනි නමදැ රවී තුමනී. ...:)

      Delete
    4. කවියට ස්තුතියි දුමී..

      ඒකෙත් හැටි බලමුකෝ... කවියෙන් උත්තර දෙන්නත් ඕනේ, මුන්ගෙන් බැනුම් අහන්නත් ඕනේ.. නැද්ද?

      Delete
    5. නුඹ නාඩන් ලිඛිතෝ. අපේ දෙමව්පියෝත් අපිට බනින්නේ ආදරේ වැඩිකමටනේ....😊

      Delete
  3. හක හක හක... මමනම් මේ කියන කෙනාගේ සම්පූර්ණ අනිත් පැත්ත පොඩි කාලේ ඉදන්ම මට බොහොම ජයට තිබුනා දොස්තර භීතිකාව සහ ඉස්පිරිතාල භීතිකාව ඉතින් ඒ නිසා මමනම් තුවාලයක් උනත් හංගගෙන ඉන්න තමා ට්‍රයි කලේ.

    ReplyDelete
    Replies
    1. සොසාට කියන්න සොසා ඇත්තටම කියනවා නම්....... අසාධ්‍ය වෙච්ච වෙලාවල් වලදී ඒ ළමයා නටපු නරිනාටක දන්නවා නම්! මොකටද මගේ කට ඉතින්!!

      Delete
  4. මෙව්වා එව්වා කරලා වැඩි නිසා මගේ මෙව්වා එකට අහු උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. අපොයි දෙය්යනේ.......

      මේ ළමයාට තියෙන්නේ අසාධ්‍ය වෙන්න තියෙන ආසාව බොලව්!!

      Delete
  5. අපරාදේ හැබැයි, තඩි කොස් ගහක් කඩාගන වැටිලා ඒකේ තියන කොස් ගෙඩියක් විසික් වෙලා උදැල්ලේ වැදිලා කොස් ගෙඩිය දෙකට කැපිලා ඒකෙන් විසික්වෙන කොස් ඇටයක් ඔලුවට වැදිලා ඒ වැදෙන පාරට ළමයව බිම වැටිලා බිම වැටෙනකොට බිම තිබුන කූඹි ගුලක් ඇවිස්සිලා කූඹි හතර පස් දෙනෙක් වැටෙනවා වගේ විජ්ජුම්බරයක් වෙන්නයි තිබුනේ.

    කොහොමත් ඒ ළමයා එච්චරම වාසනාවන්ත නෑ. ඒකට අපි.... මාසෙකට පාරක් මැහුම් දාන තුවාලයක් වෙනවමයි . ඒක නැවතුනේ කකුල කැඩිලා අවුරුදු එකහමාරක් විතර කිහිලිකරුවලින් යන්න සෙට් වුනාට පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. අර කිව්වා විස්තරේ බලලා මම රුපසටහනක් ඇඳලා එහෙම සුදානම් උනා.. කෝ හලෝ දැන් එතන නෑනේ අර ළමයා???

      හැබෑටම? එහෙනම් හෙන හැපනින් ඇති නේ?

      Delete
  6. /ඒ ගැන හොයන්න පත්කරපු කොමිටිය දැන් මේ දවස්වල රවී අය්යට වැඩලු./

    Which Ravi? Me or RK?

    ReplyDelete
    Replies
    1. ඕන්න බලාපල්ලා මෙච්චර වැදගත් විස්තරයක් කියෝලා මේ යෝදයා අල්ලාගෙන තියෙන කොටස! ඒ රවියත් ඉතින් මේ රවියට හපන්.... මතක නැති ලෙඩේ එහෙන්. ( ඇයි ඔබතුමා එකම කතාවක් ලියාගෙන ලියාගෙන ලියාගෙන ගොහින් එකපාරටම මෙන්න වෙන මොනාදෝ කියෝනවා! දැන් බලන්න අර අනන්‍යා කියන ළමයා.... දැන් අර කිරිස් කාරයා කල්පයක් බලන් ඉන්නද ඒ දැරිවිව මුණගැහෙන්න??? )
      මෙතැන නම් ඉතින් කිව්වේ RK ගැන. හෑ බොලේ ඔබතුමාටත් දැන් වැඩට කට්ටිය හෙම ඉන්නවද බොලේ??

      Delete
    2. ඔය අනන්‍යා-ක්‍රිශ් ගැනනම් කියලා කියලා මටත් ඇතිවෙලා.

      Delete
  7. ඔය කියන ළමයයි , මේක ලියන ළමයයි එක්කෙනෙක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අන්න අන්න....... මට මතක නැති එව්වා අහනවා

      Delete
  8. අනතුරක් උනත් වෙන්නේ ඒකට සුදුසු සරීරයක් තියෙන උන්ට.. වහිනකොට වැහි බිඳු අතරින් නොතෙමී ඇවිදින්න පුලුවන් කෙට්ටු සරීර ඇති උන්ට, රේස් දුවල අන්තිමට අල්ලන පටිය යටිනුත් ආ වේගෙන්ම දුවගෙන යන්න පුලුවං දොඩං බට්ටොංට එහෙම සොබාවෙන්ම අනතුරු වෙන්නේ නෑ.. :))

    ReplyDelete
    Replies
    1. හැබෑට?
      එක අතකට මම එක පිලිගන්නම්කො. එතකොට බඩ තඩි, කළු, මහත උන්ට අනතුරු වැඩි නම්, උන්ව අනුන්ගේ සේෆ්ටිය බලන්න දාන්නේ මොකද කියලා මට නම් තේරෙන්නේ නැහැ අප්පා...

      Delete
    2. ඇක්ස්පීරියන්ස් වට් මැටර්ස් කියන්නේ ඒකට බොල.. වලේ වැටිච්චි එකා තමයි වලේ ගැඹුර දන්නෙත්, වලෙං ගොඩ එන විදිය දන්නෙත්, වලේ නොවැටි ඉන්න දන්නෙත්.. හැක් හැක් හැක් ..

      Delete
    3. මට හිතුනේ අර.... අහස ගොරෝනකොට ගෙදර තියෙන යකඩ ටික මිදුලට විසික්කා කරන එකත් එක්ක සම්බන්දයක් හෙම නැහැනේ නේ? නැහැනේ? ආ එහෙනම් ඉතින් මක් වෙනවද... කෙස් හැලිච්ච එකයි, බඩ තඩි වෙන එකයිත් දැන් සුදුසුකමක් කියනවනේ... හාකෝ ඉතින්

      Delete
    4. හම්මේ ඒක හිනාවෙලා බඩ යනවා

      Delete
  9. https://en.wikipedia.org/wiki/Break_a_leg

    ReplyDelete
    Replies
    1. අඬු කැඩෙයි තමයි!

      Delete
  10. කියවනකොට නිකන් මොකද්ද මොකද්ද එකක් උනත්,,,ස්ටයිල් එක පට්ට ඈ.....

    ReplyDelete
    Replies
    1. මොකක් උනා කිව්වා??
      මේක මගේ ස්ටයිල් එක වෙලා තිබ්බා කාලයක්... කාලෙකට පස්සේ ලිව්ව නිසා මම හිතුවේ අවුල් වගේ ඇති කියල.

      Thanks

      Delete
  11. ඔන්න ආව මේ පැත්තට. කතාව නම් එල කොහොමත් පිස්සු කොර වෙනව

    ReplyDelete
  12. තරග ගන්නකාරි නැහැ ඕං, කතාවේ මුලක් මදක් අගක් තේරුනේ නැහැ නොවැ කියෙව්වට :(

    ReplyDelete
    Replies
    1. අපොයි දෙය්යනේ.......

      මේ ළමයාට තියෙන්නේ අසාධ්‍ය වෙන්න තියෙන ආසාව බොලව්!!

      Delete
  13. මරු මරු . දෙයියනේ කියලා එහෙම ආසාවක් තිබුණෙ නෑ . නැත්නම් ඉතිං...

    ReplyDelete
    Replies
    1. හි හි හි ඒවා කියන්න බැහැනේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...