Sunday, January 29, 2017

58. කුමාරිහාමි 'මය'!





පිච්ච අතුරපු වියන් ඇඳ මත
තාම සුවඳයි එදා මෙන් ගත
වෙච්ච දේවල් හිතින් පිරිමැද
පෑම පමණයි හසරැල්ල හද

වීර විකුමන් කලද රජුනට
නෑර සෙනෙහෙන් පිදුම් ලැබුමට
ඝෝර රැවුලෙකි ඇඳපු පිරුවට
සාර සබ මැද නිරිඳු කළුවට

සිඳුණු සියොමැලි පුංචි ගෙලවට
තාම පංචායුද පැලඳුවට
තැලුණු කිරිකැටි ලපටි සිරුරට
වංගෙඩිය පල නොවේ කරුමෙට

සදාකල්හිම සෙනවි විරුණට
ලැබිද පැසසුම් , දුකද කම්පිත
මෙදා පින්බිම නොවේ පිහිටට
සිඳිද නුවරුන් ම'හෙලු වැව මත



4 comments:

  1. අපූරුයි
    අවසාන කොටසෙ දෙවනි පදේ ළගින් තාලෙ බිදෙනවද මංද
    නමුත් අපූරු අදහසක් දුන්න කවියක්
    ජය

    ReplyDelete
    Replies
    1. //ලැබිද පැසසුම් , දුකද කම්පිත//
      කොටසද? ඒකෙ ලැබීද වෙනුවට ලැබිද කියලා ලිව්වා. හරි ගියාද මන්ද

      Delete
  2. මැරෙන්න කලිං කියන්න ගොඩක් දේවල් හිතේ තියෙන්නැති..

    ReplyDelete
    Replies
    1. කවුරුත් කවදාවත් අහන එකකුත් නෑ... ජිවත් උනානම් කාටවත් කියන එකකුත් නෑ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...