Sunday, July 25, 2021

265: සුහදිනියේ - 56 | අවසාන කොටස

 

කලින් කොටසට


 

ඇතුලතින් පිච්චෙමින් උන් මම, දුරකථන ඇමතුමෙන් පසුව උන්මන්තකව ගියාක් මෙනි. 

මම කල මෝඩකමක මහත ! 

මධුලිකා එසේ ගුවන්තොටුපොළේ දමා ඒම මම කල වරදයි. රේගු නිලධාරිනිය මා අමතා පැවසුවේ මධුලිකා මිට සුළු මොහොතකට පෙර ගුවන් තොටුපළෙන් එළියට පැමිණි බවයි. 

වහා මධුලිකාගේ අංකය ඇමතුවද, කිසිදු ප්‍රතිචාරක් නොමැත. කුමක් කරන්නදැයි මට සිතාගත නොහැකිව මම වාකිෂ්ඨ මහතා ඇමතුවේ උමතුවෙන් මෙනි.

"අංකල්... අනේ අන්කල්.... මධු එනවා කිව්වද?"

"මිසිස් මධු.............? ඇයි මොකද වෙලා තියෙන්නේ? මට එයාපෝට් එකේ ඉඳල පැයකට විතර කලින්නේ මට කෝල් කලේ? මෙහෙ කොහේ එන්නද?"

"අනේ අන්කල්.. මම මධුව ඩ්‍රොප් කරලා ආපහු ආවා.. එයා එතනින් ඇවිල්ල... අනේ අන්කල් කෝල් කලොත් ඉන්න තැනක් මට කියන්න... "

"පුතා මේ අර...."

ඔහු කියන්නට ආ කුමක් හෝ කරුණ මම නොතකා ඇමතුම විසන්ධි කලෙමි.

'මේ පිස්සි මොකක් කරන්න හදනවද?'

මම කාමරයෙන් එලියට පැමිණ බැල්කනියට වැදුනේ පිස්සෙකු මෙනි. කොතරම් ඇමතුම් ගත්තද මධුලිකාගේ දුරකථනය පිළිතුරු නොදෙයි. ඇය මේ යන්නේ කොහිද? 

'මධු... මගෙත් එක්ක තියෙන තරහට මෝඩ වැඩක් කරන්න එපා.. මම ඔයාව ඔච්චර ආරක්ෂා කළා... අනේ මධු.... ෆෝන් එකට ආන්සර් කරන්න..'

මම වොයිස් පණිවිඩයක් යැව්වෙමි. එය යැවු සැනින් 'seen' ලෙස සටහන් වුනි. මම වහා whatsapp ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැත. මධුලිකා කුමන අනතුරකද?

Monday, July 19, 2021

264: සුහදිනියේ - 55 | සිල්ලම සිදුවෙමින් - විසඳෙමින්

ලින් කොටසට


 

මද වෙලාවකින් පසුව නානකාමරයට යන්තම් එබුනු  මම දුටුවේ දෙපා දිගුකොට බිම වාඩිවී උන් මධුලිකාය. ඇඟ සොදාගන්නට කියා නානකාමරයට තල්ලු කලද ඇය තාමත් මෙතනය.මට ආවේ කේන්තිය මුසු සිනාවකි.

"වොෂ් එකක් දාගන්නවා අයිසේ.... ! "

"මට ඉන්න දීපන් නපුරා...හ් "

මෙතෙක් ඈතින් සිටියද, මම වේගයෙන් අඩි තබා නාන කාමරයට පැමිණ ඈ කෙලින්කොට අල්ලා එලෙසම නාන කැබින් එකෙහි වතුර මල ඇරියෙමි.

".. අල්ලන්න එපාහහ් මාව........ අම්මොහ්.. සීතලයි....!"

Sunday, July 18, 2021

263: සුහදිනියේ - 54 | සිත් රිදවීමක් සහ දබරයක්

 කලින් කොටසට 

 


 මට දෙන්නට පිළිතුරක් නොවුනි. නමුත් යම් පිළිතුරක් ලබාදිය යුතු නිසා ඊට සුසුදු පිළිතුරක් සොයන අතරතුර නැන්දා සුසුම්ලනු මට දැනේ.

 "..... මේ මහත්තයල කැමති නම් මගේ අකමැත්තක් නැහැ මහත්තය. මේ ඔක්කොම මට  හරි කරුණාවයි.  යන්න කලින් පුංචි නෝනගේ මුණ බලන්න තිබ්බනම්..."

මහා බර සුසුමක් දුරකථනය ඔස්සේ හෙලුනි. මධුලිකාගේ තනියට කියා මම ගෙනා සේවිකාව මේ වනවිටත් සිටියේ තුවාන් අය්යාගේ ඩිස්පෙන්සරියේය. 

ඇගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවුනද මෙතෙක් ;  විශේෂයෙන්ම මට; විස්වාසවන්තව කටයුතුකළ ඇය පිළිබඳව සාධාරණයක් කිරීම මගේ යුතුකමකි. මධුලිකා තබා යන්නට විශ්වාසවන්ත අයෙක් නොමැති මොහොතකදී ඇය වරක් හෝ නොදුටු මගේ පිහිටට පැමිණියේ පුදුම ආකාරයටය. 

තුවාන් අය්යාට කතාකල මට දැනගන්නට ලැබුනේ ඇයව සිය නිවසට ගන්නට ඔහු කැමති බවයි. එය මට පහසුවක් විය. නමුත් මධුලිකා නැවත විදෙස්ගත වනවා කියූ සැනින් නැන්දා කම්පනයට පත්වුවාය. අපගේ  සැබෑ තත්වය කිව නොහැකිව මම ඇයට පැවසුවේ අප දෙදෙනාම එසේ යන බවයි.

 "... පර්ල් නෝනා මගේ ඇහැක් වගේ මම හැදුවේ... මේ අත්දෙකින් ! පුංචි නෝනා ඉපදුනාම වෙනිවැල්ගැට තම්බලා නෑව්වේත් මම.... අනේ මල් කුමාරියක් වගේ පිං කඳක්.. මගේ නෝනට රත්නත්තරේ සරණයි "

ගැහැණියගේ අවිහිංසක ලැදියාව ගැන මට මහා දුකක් දැනුනි.

"බයවෙන්න දෙයක් නැහැ නැන්දා... එයා හොඳින්"

Thursday, July 15, 2021

262: සුහදිනියේ - 53 | තීක්ෂණ සිතුවිලි අතර සරමින්

 මෙතෙක් කතාව 

 


නොනවත්වා නාදවෙන දුරකථනය සිහිනයෙන් ඇසී මම අපහසුවෙන් දෑස හැරියෙමි. කතාකරන්නේ කවුද නොබලා එය ඉබේම මට පිළිතුරු සැපයීමට ගත්තෙමි.

"හෙලෝව් ?"

"මොකද අනේ වෙලා තියෙන්නේ.. තව ඩින්ගෙන් අපි පොලිසියට කියනවා"

මහා හෙනයක් වැටුනාක් මෙන් මම උඩගොස් බිම වැටුනෙමි. දුරකථනය කනෙන් මෑත්කොට මම බැලුවේ මේ මකර කට කාගේද කියාය. ඒ මධුලිකාය.

"ම.. අම.."

"කීයද වෙලාව? උදේට කන්න එන්නේ නැද්ද? දැන් බුෆේ එකත් වහනව.. අපි මේ බයවෙලා  මරල හංගලද කියල!"

Tuesday, July 13, 2021

261: සුහදිනියේ - 52 | එක දිනෙක නිමාව සනිටුහන් කරමින්

කලින් කොටසට


 

 අපගේ කතාබහ ඇසුණු සැනින් මධුලිකා එකවරම තිගැස්සී ගියද කිසිවක් නොකියා මුව තදින් පියාගන්නවා පෙනුනි. මම ඔවුන්ට කාමරවල යතුරු ගන්නට ඉඩදී , ලොබියේ වූ පුටුවකට බරවිමි. මේ මොහොතේ තීක්ෂණ නම් තරුණයාට වී ඇත්තේ කුමක්ද කියා මටද වැටහීමක් නැත්තාක් මෙනි.

'මධුලිකාව නිරුපද්‍රිතව ලංකාවෙන් පිටත්වෙනකල්, එයාගේ වගකීම තියෙන්නේ මගේ අතේ' 

මා තුල උන් තීක්ෂණ කියයි.

'ඒ උනාට උඹෙන් ඩිවෝස් වෙන්න ඕනේ කියන කෙල්ලගේ වගකීමක් මොකටද යකෝ උඹ ගන්නේ?'

මා තුල සිටින වෙනත් කෙනෙක් අසයි. මම ඔහුගේ කටට ප්ලාස්ටරයක් අලවා විසිකොට දැමුවෙමි.

 උදානි මා දෙස හොරැහින් බලමින් සිනාසෙනු දැකීම මගේ අභිමානයට එතරම් ප්‍රිය නොවූ බැවින් මම බොරු කාර්යබහුලත්වයකින් දුරකතනයට එබී කිසිම වැදගැම්මකට නොමැති දෙයක් සොයමින් මුහුනුපොතේ සැරිසරමින් උන්නෙමි.

 මධුලිකාත් උදානිත් සිය කාමරයේ යතුර ගෙන ලොබි එකෙන් පිටව හෝටලය තුලට ඇවිද ගියහ. මම තවත් විනාඩි දහයක් පමණ බොරුවට කල්මැරීමෙන් පසුව සුදම් ඇමතුවෙමි.

"මචන් කිසි අවුලක් නැහැ නේද?"

"නෑ... ඩඩාව බලාගන්න නර්ස් ආයෙත් හෙට එනවා කියල ගියා. එයා ගොඩක් හොඳයි. කිසි අවුලක් නැහැ.. උඹ කොහෙද ඉන්නේ?"

මම පිළිතුරක් නොදී මාතෘකාව වෙනස් කලෙමි.

Sunday, July 11, 2021

260: සුහදිනියේ - 51 | අවිනිශ්චිත අනාගතයක් කරා

 කලින් කොටසට 

 වැටෙන්නට ගිය  සුසුම මම පපු කුහරය තුල රඳවා ගත්තෙමි. මගේ වම් අත මිට මෙලවන්නට ඇත්තේ එබැවින් වන්නට ඇත.

මධුලිකාගේ ගුවන් ටිකට්පත සුදානම්ය. ඇත්තේ මගේ  දික්කසාදය පිළිබඳ කඩදාසියේ අත්සන පමණි!


 

තාරුක අයියාට හෝ මධුලිකා ගැන පෙරදින දැනගත් කාරනා මම නොපැවසුවේ ඒ වනවිටත් ඔහු  මධුලිකා ගැන නොපහන් බවක් තිබුණු බැවිනි. ඇය ගැන අනවශ්‍ය තරහක්  මේ වෙන්වයාමෙන් තැබීමේ පලක් නැත.

ඒ ආරංචියෙන් මද වෙලාවකට පසුව මම තාරුක අයියා අතින් , වාකිෂ්ඨ මහතා විසින් එවනලද ලියවිලි සහිත ෆයිල් කරවයද අතැතිව ජීප් රථයට නැගුනෙමි. හදවත සෝදාපාළුවට ලක්වූ ඉඩමක් පරිද්දෙන් මුසල බවක් උසුලයි. තාරුක අයියා හමුවන්නට පෙර මධුලිකා සතු මහල් නිවාසයේ භාණ්ඩ ඇයට බාරදීමට කියා අස්කරන්නට ගියද, තත්පරයක් පාසා මතුව එන වේදනාව ඉවසාගත නොහී මම එය පසෙක තබා මධුලිකාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

'මහල් නිවාසයේ තියෙන ඔයාගේ බඩු ටික ඇවිත් ගන්න'

Thursday, July 8, 2021

259: සුහදිනියේ - 50 | හැරයාමක් ගැන හෝඩුවාවක්

 කලින් කොටසට 


 

මම ජීප් රථය නවත්වාගෙන සිටියදී  පුම්බාගත් මුවින් යුතුව මධුලිකා පිටුපස ආසනයට නැගුනේ මා දෙසවත් නොබලාය. අවසන් මොහොතේ තාරුක අයියා මධුලිකාවත් ගමනට එක්කාගෙන එන ලෙස පැවසුවේ ඇයිදැයි නොදත්තත්, ඒ ලෙස හෝ මධුලිකා දකින්න ලැබීම මට සහනයක් විය. ඈ වෙනදා මෙන් පිළිවෙලට හැඳ පැළඳ සිටියේ නැත. ඇස කොනෙන් දුටු ඇගේ කොට කලිසම මා කෝපවත් කලද මම නිහඬව සිටියෙමි.

'කෙහෙල්මල් කකුල් පේන්න අඳින්නේ මාව තරහ  ගස්සන්න වෙන්නැති '

අවු කණ්නාඩි යුවල දමාගත් මම රථය පදවාගෙන ගියා විනා තාරුක අයියාගේ නිවසේ නතර කරන තෙක් අප දෙදෙනාගේ අතර කිසිදු කතාබහක් නොවුනි. මගින් මගට මධුලිකාට දුරකථන ඇමතුම් පැමිණියාට ඈ ඒවාට පිලිතුරු නොදී විසන්ධි කරනවා ඇසුණු අතර මම වැරදීමකින් දෙවතාවක් පමණ කණ්නාඩියෙන් ඈ දෙස බලද්දී, වරකදී පමණක්  අපේ ඇස්  හමුවිය.

ඒ ඇස් ! ඒ බැල්ම!! සැතකින් පපුව කපා හරින්නාක් මෙනි.

Tuesday, July 6, 2021

258: සුහදිනියේ - 49 | සටන නොනවත්වා ඉදිරියට

 කලින් කොටසට 


 

"අඩෝ... නැගිටපන්.... අඩෝ..."

තලා දැම්මාක් මෙන්  සිරුර සොලවමින් ඇසුණු හඬ නෑසුනා සේ මම අනෙක් පසට පෙරලුනෙමි; පෙරලුනා නොව විසිවී ගියාක් මෙනි.

"... දැන් උඹ කීවෙනි පාරටද ඔය ඇඳෙන් වැටුනේ.... දැන් නැගිටලා මේ බෙහෙත් බීපන්"

ඒ ඇසෙන්නේ තාරුක අයියාගේ හඬයි. මට අතපය සොලවාගන්නට නොහැකි තරමකි. ඉබේටම මට කෙඳිරි ගෑවුණි. අතපය වාරු නැත්තා සේ දැනෙන්නේ ඇයි. තොලකට සියල්ල වියලි ගොසිනි.

".. තීක්ෂණ.. උඹට සිහිය තියෙනවද?"

මා ඇඳේ උඩු අතට පෙරළු හඬ කියද්දී, ඒ තාරුක අයියා බව මට වැටහුණි. මගේ මුවට වචන පැමිණියේ නැත. ඔහු මා කෙලින් කොට ගත්තේය.

"... මේ බෙහෙත් ටික බීපන්.. උඹට උණ "

තාරුක අයියා මගේ කටට මොනවාදෝ දමා වතුර බෝතලය ලං කළේය. මට ඉබේටම එය පෙවුනේ වතුර පිට උගුරේ යමිනි.

නැවත මම ඇඳ මතට කඩා වැටුනා මතකය.

Sunday, July 4, 2021

257 : සුහදිනියේ - 48 | සියල්ල වෙනස්වන ලකුණු

 කලින් කොටසට 


 

කිසිදු ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට මධුලිකාගෙන් පිළිතුරක් ලැබුනේ නැත. මම උන්මන්තකයෙකු සේ මේ අත දුවමින් සිටියේ කුමක් කරන්නද කියාය.කුඩා දරුවකු අතින් බිඳුණු සිය ප්‍රියතම සෙල්ලම් බඩුවක් දෙස බලා හඬමින් ගතකරන්නාක් මෙන් මම බොළඳ ලෙස කම්පාවට පත්ව උන්නෙමි. 

ටාෂා අමතා මම සියල්ල පැවසුවේ මේ අවස්ථාවේ ක්‍රියාකලයුතු අනෙක් පාර්ශවය ඇය බැවිනි.

"දෙවියනේ... ඔය ආන්ටි ඔහොම්මමයි... මම එන්නම් දවල් වෙනකොට"

ටාෂා විසින් පවා මධුලිකා ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවුණු අතර මධුලිකා කාමරයට වී දොරගුළු ලාගෙන  සිටියාය. අම්මා සිය යෙහෙළියගේ ආගමනයෙන් සහ තාත්තාගේ යහපත් තත්වය නිසා මධුලිකාගේ හැසිරීම නොදකින්නට ඇත. 

Thursday, July 1, 2021

256 : සුහදිනියේ - 47 | ඉරණම් දිනයක්

 කලින් කොටසට 


 

උදෑසන කෑම මේසයේ මධුලිකා වෙනදාට වඩා වෙනස් ස්වභාවයක් ගත්තාය. මා දෙස නිතර බැලුම් හෙලනු මට පෙනුනි. තාත්තාගේ සැත්කම නිසා මම සිටියේ තරමක කලබල ස්වභාවයෙන් වුවද මට ඒ නෙත්සර මගහැරී ගියේ නැත. ඇගේ සුළු වෙනසක් මට ක්ෂණිකවම ග්‍රහණය වෙයි.

එකම බය අම්මාගේ හෝ ටාශාගේ මවගේ ඇස කවර හෝ මොහොතක මෙය අල්ලාගනු ඇතැයි සිතන විටදීය. හිත කිතිකැවෙන්නේ අමුතුවටය.

'එක අතකට මම මොකටද බය වෙන්නේ. අහු උනොත් කෙලින්ම කියනවා මේ මගේ කෙල්ල කියල'

මගේ සිත ප්‍රීතියෙන් ඔදවැඩි ඇති සෙයකි. මධුලිකාගේ අමනාපය අතුරුදහන්ව ගොස්ද? අම්මා මධුලිකා ගැන පමණක උනන්දුවක් දක්වනු මට පෙනුනේ ඇයත් මධුලිකාත් ටාශාගේ මව සමඟ මිදුලේ ඇවිදිමින් සිටිනු මම දැක ඇති නිසාය. පෙරදින ටාශාගේ කතාබහෙන් පසුව මට හැඟී ගියේ ටාෂා සිය උපරිමයෙන් මගෙත් මධුලිකාගේත් එක්වීම පතනු ඇතැයි කියා මෙන්ම හැකි සැම විටකම මධුලිකා සමාගමයේ සිටිමින් එයට උපකාර කරනවා ඇතැයි යන්නයි. 

සියල්ල යහපත් වේද?

Related Posts Plugin for WordPress, Blogger...