Monday, November 28, 2016

46. වයින් එක්ක පොල්සම්බෝල


සමහර වෙලාවට ලියන්නේ මොනවද කියල හරියටම හිතාගන්න බැරිවෙන්නේ පුංචි සිදුරකින් රිංගන්න පොරකන සබන් බුබුළු තොගයක් වගේ ලියන්න ජාති ගොඩාරියක් ඔලුවේ හිරවෙන නිසා වෙන්න ඇති. ඉතින් සමහර සබන්බුබුලු සාර්ථක වෙච්ච සබන් බුබුළු වලට තෙරපිලා බිඳිලා යනවා වගේ සමහර අදහස් ඒ මොහොතේ නොලිව්ව නම් ආයෙමත් නොඑන්නම බිඳිලා යනවා. ලියන මානසික තත්වය, වෙලාව ලැබුනහම බලනකොට ආයෙමත් ගන්න බැරි තැනකට ඒ අදහස තල්ලු වෙලා ගිහින්.

බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද කියල මම මිට මාස ගානකට කලින් හොඳ 'ලෙච්චර්' එකකට සම්මුඛ වෙන්න උනා. ඒ උන්නාන්සේ කිව්වේ ටෙක්නිකල් දේවල්, කවි, සාහිත්‍ය වගේ දේවල් තමයි ලියවෙන්න ඕනේ කියල. මම ඉතින් විරිත්තපු මුණක් දාගෙන අහගෙන හිටිය, මොකද ඒ වෙනකොට මම බබෙක්. ( ඒ බබා ඒ වෙනකොටත් සෑහෙන කවි, කතන්දර, සාහිත්‍ය විචාර විතරක් නෙවෙයි, පණ්ඩිත කතාත් තොගයක් බ්ලොග් ගත කරලා ඉවරයි)

බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද? හැබෑටම මොනවා ලිව්වොත්ද හොඳ? හිට් වෙන්නේ? ( මේ දෙක පැහැදිලිවම දෙකක් හොඳේ?? ලියන්න හොඳ සහ හොඳටම හිට් වෙනවා කියන එක !) සමහරු කැමති හිට් වෙන දේවල් ලියන්න. තවත් සමහරු කැමති තමන්ට ඕනේ බහුබූත ලියන්න. හිට්වන බහුබූත ලියන අයත් ඉන්නවා.

ඒ අතරින් දේශපාලනය ගැන ලිවිම තියෙන්නේ උඩින්ම. මොකද දේශපාලනය කියන්නෙම බහුබුතයක්! ඒවා මිනිස්සු කියෝනව, සහ මොකද්දෝ කාලකන්නි සතුටකට අපි ඒවා 'හොට් නිවුස්' ලෙස සලකනවා. මමත් දේශපාලන ලිපි කියවනවා, මොකද මටත් දේශපාලනය ගැන මගේම මතවාදයක් තියෙන නිසා. නමුත් දේශපාලන ලිපි කියන්නේ අද බහුතරයක් දෙනා ලියන විගඩම් නෙවෙයි. මම නම් දකින හොඳම දේශපාලන ලිපි තිබ්බේ/මම කියෙව්වේ බ්ලොග් එකක . එහි සමබර ගතියක් දැනෙනවා, රචනා ශෛලිය උනත් උචිතයි. අපහාස අඩුයි සහ තාර්කිකයි.

මම දැකලා තියෙනවා තමන්ට තියෙන දේශපාලන මතවාදය ලියන්න ගිහින්, ඒ ලිපිය කෙලිම්ම මඩගොහොරුවක් කරලා, ඌරන්ට නිදහසේ සෙල්ලම් කරන්නට, නරින්ට හූ කියන්නට විවෘත කරලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ එක පාටකින් තමන්ගේ රුධිරය පාටකරගත්ත, සදාකාලික දේශපාලන සතුරෝ/මිතුරෝ ඇතිය කියලා මනෝ විකාරයකින් ජීවත්වෙන මිනිස්සු. මේකට පොතේ-පතේ, උපාධියෙන් ලැබුණු උගත්කම බලපාන්නේ නැහැ. සමාජයේ උගත් කියල හිතෙන අයත්, නුගත් කියල හිතනම තලයත් කියන දෙකොටසම මේ වැඩේ කිසිම ලැජ්ජාවක් නැතුව කරගෙන යනවා.

ඇත්තටම වැඩක් තියෙනවද?

ඒ වගේ ලිපි වලින් කරන්නේ ද්වේශය ඇති කරන එක. කියවන්නා තුල ගැටුමක් නිර්මාණය කිරීමෙන් වෙන්නේ මොකද්ද? කවදාවත් ලිපියක් කියෝලා එකවරම හෝ නොබෝ කලකින් සිය දේශපාලන දර්ශනය වෙනස් වෙලා තියෙනවද? ( එහෙම වෙලා තියෙනවා නම් ඔහුට කොහොමත්ම දේශපාලන දර්ශනයක් තිබිලම නැහැ, මොකද එහෙම දර්ශනයක තාර්කික බවක් ඇත්තේ නැහැ.) මේ පාර අපි දුන්නේ අහවලාට, ගිය පාර අපි දුන්නේ අහවලාට, ඇද්ද උඹලට වශයෙන් වහසිබස් දොඩමින් ඉඳීම ඇත්තටම මට නම් පෙනෙන්නේ තමන්ගේ ටොෆි කොළ එකතුව ගැන වහසිබස් දොඩන මොන්ටිසෝරි ළමයෙක් වගේ.

මේක ලිව්වේ එහෙම ලියන්න එපා කියන්න නෙවෙයි. ලියන කෙනා මම නෙවෙයි කවුරු කිව්වත් ලියනවා. මම මේ සටහන තිබ්බේ වැඩිහිටියෝ 'වගේ පේන' මේ මිනිස්සු නේද කතිරේ කොටලා අපිට මේ තත්වේ උදාකරල දීල තියෙන්නේ කියල මට වැටහුණු නිසයි.

කලාකාරයෝ නලාකාරයෝ වෙලා කියල බනිනවා. ඇයි හත්වලාමේ නුඹලාටත් වෙලා තිබෙන්නේ එයම නේද? ඔය දේශපාලන කුණු මාළු කෑල්ල අතහැරලා ලියනවකෝ වෙනත් දෙයක්! පරණ ශ්‍රී විභූතිය පලු අරින්නේ, කරනවකෝ තමුන්ම යමක්! අඩුම තරමේ මොන්ටිසෝරි යන එකෙක්ට පන්තියේදී හදන්න පුළුවන් නව නිර්මාණයක් කරනවකෝ!!


නම් කරන්නත් හිතෙනවා.. එක්කෝ ඕනේ නැහැනේ නේද? මොලයක් තියෙනවා නම් ඒ උන්දලාම කියෝලා බලයිනේ මේ පාලු බ්ලොග් එකට ඇවිත් !



ප.ලි. මාතෘකාව ගැන හිතන්න එපා. ඒක දැම්මේ වයින් කිව්වහම පොල්සම්බෝල වයින් එක්ක කනවද, කලින් කනවද කියල හිතන අයත් ඉන්න නිසා.



30 comments:

  1. //ලියන කෙනා මම නෙවෙයි කවුරු කිව්වත් ලියනවා//

    I agree

    ReplyDelete
  2. දේශපාලන ලිපි ලියන එක ගැන සමහරු ලියනවා. දේශපාලනය යනු මට කුමක්ද එයින් ලැබෙන්නේ කියන පදනමේ සිට දේශපාලනය තේරුම් ගන්න අය ඉන්නවා කියන එක ඒ ලියන අයට පෙනෙනේ නැහැ නැත්නම් දකින්නේ නැහැ. වාරෙන් වාරෙට වෙනස් වන හෝ හෝ තමන්ට ලැබෙන දේවල් ගැන නොව රටේ උන්නතිය බලාපොරොත්තු වෙන අයත් ඉන්න පුළුවන් කියන එක ඒ අයට පේන්නෙත් නැහැ. ලියන්න දෙයක් නැතිවුණාම ඔහේ කාට හරි වදින්න කියල දමල අරින එකත් බ්ලොග් ලිවීම නම් අන්ධව තමන්ගේ පැත්තට අනුගමනය කරන අයටවත් ඔවුන් සහයෝගය දෙන පැත්ත හරි කියන වැටහීමක් ඇතිකිරීමට දේශපාලන පෝස්ට් ලිවීමත් බ්ලොග් ලිවීමක් තමයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ලිවිම කියන්නේ එකක්. තමන්ගේ දේශපාලන මතය නෙවෙයි දේශපාලන අන්තගාමිත්වය උලටයි පිලටයි ආදී වශයෙන් යොදාගන්න ගියාම ලිවිම පවා නොදැනුවත්වම මොට්ට වෙනවා. කාලාන්තරයක් තිස්සේ එහෙම ලියපු ( දේශපාලන මඩ ගොහොරු) අයගේ පෝස්ටු දිහා බලාගෙන ඉන්නකොට එය පැහැදිලිවෙනවා. අඩුම තරමේ ලිවීමේ වාග් සංවරයවත් පවත්වාගන්න බැරි ඒවා අපහාසය, උපහාසය පමණක් පදනම් කරගෙන ලියන නිසා. දේශපාලන ප්‍රහසන කියන්නේ බොහොම ලස්සනට කරන්න පුළුවන් දේවල් උනත් නොදන්නා කරුමාන්තෙමනේ ගොඩක් අය කරන්න යන්නේ. කවි ලියනවා, කෙටි කතා ලියනවා වගේ දේශපානය ගැන ලිවීමත් එක කලාවක්. එයට හැකියාවක් තියෙන්නත් ඕනේ. මම කියන්නේ ඒකයි. ඇත්තටම වෙන අංශවල හැකියාවක් තිබියදී දේශපාලනය ගැන ලිවීමෙන් හැකියාව මොට්ට වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ ඔක්කොටම වඩා ලංකාවේ දේශපාලනය කියන්නෙම 'ඔවෑක්කා'!
      p.s. ඔන්න අර Pinch Point ලියන ඒවා නම් නියමයි

      Delete
    2. දේශපාලන පෝස්ට් ලිවීමත් බ්ලොග් ලිවීමක් තමයි.
      එකගයි
      බ්ලොග් ගැන නොදන්නා කෙනෙකුට මේ ගැන පැහැදිලි කරනකොට මම මේක උදාහරනෙකට අරගෙන තියනවා

      Delete
    3. අන් අය හැසිරිය යුත්තේ, ජීවත් විය යුත්තේ, ලිවිය යුත්තේ ඔවුන් සිතන පතන ආකාරයට පමණයි කියා සිතන සුළු පිරිසක් ඕනම සමාජයක ඉන්නවා. එවන් අදහසක් ඔබ වැන්නකුගෙන් අසන්නට ලැබීම මටනම් අරුමයක්.

      Delete
    4. කවි ලියනවා, කෙටි කතා ලියනවා වගේ දේශපානය ගැන ලිවීමත් එක කලාවක්. එයට හැකියාවක් තියෙන්නත් ඕනේ.
      ටිකක් නෙමෙයි ලොකු හැකියාවක් තියෙන්නේ ඕනේ ..
      වෙන අංශවල හැකියාවක් තිබියදී දේශපාලනය ගැන ලිවීමෙන් ඒ අංශවල හැකියාව වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ.

      Delete
    5. මෙන්ඩා : මම කිව්වේ ලියන්න එපා කියලා නෙවෙයි. රෝගයක් තරමට නිදහස විඳීමත් උත්සන්න වෙලා නිසා මගේ අදහස කිව්වේ. අනිත් දේ තමයි නලාවක් උනත් පිඹින කලාවක් තියෙනවනේ.

      Delete
    6. ඉයන්: මම වගේ කෙනෙක් එහෙම කියන්න හේතුව තමයි දේශපාලන ලිපි කියාගන්න ලිපි දිහා බැලුවම පෙනෙන තත්වය. ඒවා කැලෑපත්තර වලට වඩා ඒ කාර්ය ඉටු කරනවා නේද? කැලෑපත්තර වලින් නියම පින්තුරයක් කවදාවත් ලැබෙනවද? මම කියන්නේ සමබර වෙන්න 'උත්සහ' කිරීම වගේම ලිපියක කොලිටිය තියෙන්න ඕනේ කියල. නැත්තම් මේ තුලින් දේශපාලනය කියවීමට පටන්ගනිමක් වෙන්නත් පුළුවන්. ඉතින් අඳුරෙන්-අඳුරට යන්න වෙන්නේ.

      Delete
    7. කැලෑපත්තර කියන්නේ හොද සංනිවේදන ක්‍රමයක් සුරංගගේ යන් හෑල්ල කියවන්න

      Delete
  3. http://www.pluswine.com/food/wine-pairing-for-coconut/

    ReplyDelete
    Replies
    1. පොල්සම්බෝල නැහැනේ...
      මොකද ප්‍රා යන හැමතැනම ලින්ක්ම දාන්නේ....??? අමුතු දේශපාලන ප්‍රයෝගයක්ද?

      Delete
    2. දේසපාලයොත් ලියන්න කම්මැලි සත්තු ජාතියක්ද?

      Delete
  4. මගේ මතය නම් ඔබ ලියන දේ ඔබට වින්දනය කල හැකි නම් එතනින් ඔබ්බට කිසිවක් හරි හෝ වැරදි නැත.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් නම් තමයි. නමුත් තැනක් නොතැනක්, රැයක් දවාලක් නැතුව උලටයි පිලටයි තමන්ගේ දේශපාලන අන්තගාමිත්වයම ගාවගෙන නටනවා දැක්කහම වැටහෙනවා පත්කරලා තියෙන්නේ කාගේ කතිරද කියල.

      Delete
    2. තමන් කැමති දේවල් ලියන්න කථාකරන්න කාගෙන්වත් කැමැත්ත විමසන්න නොවන රටක තමයි අපි ඉන්නෙ. අනික ලියන ඒවා කියවන්න කියල කාටවත් කවුරුවත් බලකරනව මමනම් දැකල නැහැ.

      Delete
    3. ඉයන්: ලියන්න එපා කිව්වේ කවුද? ලියන්න ලියන්න, නමුත් එකම 'තැටියක්' ගැහීම කියන්නේ විශ්ලේෂණ හැකියාවක් නොමැතිකම. එහෙම අය කරන්නේ තමන්ගේ වටිනා කාලය වැයකරමින් බහුබූත ලිවිම. මම කලිනුත් කිව්වේ, මට වලක්වන්න ඕනේ නැහැ. මම කිව්වේ මගේ අදහස. මට පෙනුන දෙයක් තමයි හොඳට එක එක වර්ගයේ ලිපි ලියමින් හිටපු සමහරු දේශපාලනය කියල දෙයක් ලියන්න ගත්ත ගමන් බාඳුරා ගොට්ටට වැටිලා ! මම යෝජනා කරන්නේ ඒ නිර්මානශිලිකම පවත්වාගෙන යන්න කියල.

      Delete
    4. චෙෆාකි :
      ඔව් අනේ.... ළිඳේ ඉන්න ගෙම්බියක්

      Delete
  5. බෝල්ට් ඇනයි කඩලයි
    හාල් චීස්
    ගූ තක්කාලි
    කොහමද ගැලපිල්ල

    ReplyDelete
    Replies
    1. මල් පිපෙයි - පිට කසයි

      Delete
    2. හොදයි අකුරු කැතයි
      ලස්සනයි නාන්නේ නැහැ
      එවන්නද ගැරඩ්යා ඇද යට පොළගා

      Delete
    3. පැමිණීම හොඳයි - හැසිරීම නරකයි

      Delete
  6. බොහෝ දුරට එකඟවිය හැකි කතාවක්.
    මේ බ්ලොග්කරුවන්ගේ දේශපාලනේ දැන් නිකම් අප්‍රියාවෙන් ඔක්කාරෙටත් ඇවිත් ඉවරයි. තවමත් කියවන්න පුළුවන් යමක් දේශපාලනේ ලියන දෙන්නෙක් තුන්දෙනෙක් හරි අහම්බෙන් මුණගැහෙනවා ඒකත් ලොකු සතුටක්නෙව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,
      මම කියන්නෙත් බොහෝදුරට සමාන කතාවක්. ලියන එකේ කිසි වාරණයක් නැහැ. කියවන්න අකමැති කෙනා නොකියව ඉඳියි. මම කියන්නේ ඔතරම් හොඳට යමක් ලියමින් සිටි අයත් දේශපාලන පෝස්ට් ලියන්න ගිහින් විනාස වෙන එක. ඒකත් හරියට වාදනයේ ස්කිල් එකක් නැති ගණිත මහාචාර්යවරයෙක් වයලින් ගහන්න හදනවා වගේ.

      මේ වෙලාවේ මට මතක් වෙනවනේ 'වැඩබැරිදාස සංගීත කාරයෙක් උන හැටි' කියන පොත! අන්න නියමෙටම කැපෙනවා ඒක නම්!! මොකද ඒ කර්කශ සංගීතේ අහගෙන ඉන්න බැරුව කට්ටිය එලෝගන්නකොට වැඩබැරිදාස කියනවා 'උඹල සංගීත රසය වත් දන්නේ නැහැ' කියල..

      Delete
  7. මේ බ්ලොග් එක හැක් කරලද

    ReplyDelete
    Replies
    1. එහෙම කරලද? ඔක්කොම කොළ ටික ගිනිතියන්න ඕනේ එහෙනම්..... පෙට්‍රල් දාන්න ඕනේ වෙන එකක් නැහැ නේද ගින්නට?

      Delete
  8. මමත් දේශපාලන ලිපිවලට කැමති නෑ. තොරතුරු දැනගන්න හොඳ වුනත්, හැම එක්කෙනාම එකම දේ ලියලා තියෙනකොට එපාවෙනවා.

    ඔයාගේ ලියවිල්ල ලස්සනයි. ඇයි ලියන එක නවත්තලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම දේශපාලන ලිපි වලට අකමැත්තක් නැහැ මෙඩුසා. මම අකමැති ද්වේශසහගත සහ සම්පුර්ණයෙන් ඒකපාර්ශවික මඩ ලියවිලි වලට. ඒවා දේශපාලන ලිපි කියන කැටගරියේ සැලකීමත් විහිළුවක්. එහෙම ලියාගන්න බැරි අය ඒවා නොලියා ඉන්න එකම සමාජ සේවාවක්! ඇත්තමයි.
      ස්තුතියි. එහෙමටම අමුත්තු දෙයක් නැහැ. මම කම්මැලියෙක්. හිතෙන වේගෙට ඉබේම ලියවෙන යන්තරයක් ලැබුන දවසට වේගෙන් ලියයි. දැනට මේ ලිවීමත් මටම කලකිරීමක් දක්වාම ගිහින්. මම සෙල්ෆ් මෝටිවේටට් උනාට සමහර තීරණ වලදී පුංචි හේතුවක් ඇති මට පුපුරලා යන්න

      Delete
  9. නිදහස් අවකාශයක් නේ. තමන් කැමති දෙයක් ලියන්න.

    මගේ බ්ලොගයේ ආදර්ශ පාඨය මෙහෙමයි.

    "මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
    Whatever I see fit."

    ReplyDelete
    Replies
    1. මගේ නම් ඉතින් 'සියල්ල කඩදාසියේ ලිවිය නොහැකිය' කියන එකයි. සියල්ල ලියන්න බැහැනේ.... ඒවා කොතනින් හරි ෆිල්ටර් වෙනවා.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...