Thursday, November 17, 2016

44. සිසිල් උණුහුම් හැඟුම්




ඔබේ මුදු සුළඟිල්ල වටා මා වෙලී උන්
ඉබේ ටම පියෙන නෙත නුඹේ උරහිසක වන්
තිබේ පෙර සසරකම හුරු පුරුදු ආදරෙන්
නුඹේ උණුසුම විඳිමි මුදුව තුරුලට අරන් 



වින්දාට නෙත පිනන මේ උයන මල් රටා
දම්පාට මම අඳින ලා සඳේ රූ වටා
මැව්වාට මිරිඟුවට යනුය නොහැකිය ඉටා
පෙම්පාට හිත තාම දැවටෙන්නේ නුඹ වටා 

10 comments:

  1. අගේ වූ අතීතෙක සොඳුරු සෙවනැලි වෙලා
    දඟේ පෑ මා අසළ හිටියෙ නුඹ හිනැහිලා
    මගේ හිත තාම ඒ මුවැත්තියටම වෙන්වෙලා
    නගේ පෙම උණුහුමයි සුළං හීතල පරදලා......

    ලස්සන කවි ටිකක් ලිඛිතා.

    ජයවවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ කවි
      ඉබේ එන මැවී
      ලැබේ නම් සවි
      තිබේ රස කිවි

      කවි උත්තර වලට මම බොහොම මනාපයි

      Delete
  2. ම්.......... කියෙව්ව තේරුනේනම් නෑ

    ReplyDelete
    Replies
    1. ආපු අය ගොඩක් ඔය ටික නොකියා ආපහු ගියා කියන එක රහසක් නෙවෙයි මද්දෝ. වැඩේ කියන්නේ මෙහෙමවත් ලියල යන්න ඔබට ආපු සිතුවිල්ල වැදගත්

      Delete
    2. අව්ලක් නෑ ඉතිං මද්ද පොර+පේෂනල් පොරක් නෙමෙයිනෙ. ඉතින් තේරෙන්නෙ නෑ කියන්න ලැජ්ජාවක් නෑ. (කොහොමත් මද්ද ලැජ්ජ නහරෙ කපපු එකෙක්නෙ.)

      Delete
  3. Hot and chilled
    Hot and Sweet
    Hot and Sour
    Cold and Stale

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...