Mahnoor Shah Tutt'Art |
මේ සිනමාපටය
ඔබ - මා සමඟ රඟන ,
තිරපිටපත නිතර අළුත්වන
පරණ කතාවම ආයෙත් කියන....
සටන් ජවනිකා අතරතුර,
මනබඳින ගීත වාදනයවන.
සහය නළුවන්ම වටා කැරකෙන,
දර්ශනතලය පසෙක මා බලාහිඳින...
එකම දර්ශනය
සියවතාවක් රූගත කරන,
ක්‍ෂුද්‍ර මම ශේෂව
හෙළකින් පහළට වැටෙන,
නැවත පිටපතේ
යහතින් සිටියයුතු වෙන?
http://changingminds.org/explanations/models/life_scripts.htm
ReplyDeleteහි හි හි.... ඕකනේ බැරි ප්‍රාජේ එක්ක!
Deleteඑළ
ReplyDeleteස්තුතියි
Deleteඅලුත් කතාවක් කියන්න බැරිත් නැහැ නේද?මේ ජීවිතය තුලම.
ReplyDeleteආයෙමත් කියනකොට එකම කතාව නැතුව වෙන කතාවක් කියවෙනවා නම් කොතරම් හොඳද?
Deleteඩිරෙක්ටර් කරන්නේ කොලේ ලියල තියෙන දේ කරන්න කියන එකනේ. ඕකට කරන්න ඕනේ 'කොලේ' මාරු කරන එක! අර ස්ක්‍රිප්ට් එක ලියල තියෙන කොලේ!! ඒ කොලේ මේ කොලේ නොවේ.....!!!
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි
Delete