Wednesday, November 23, 2016

45. සිනමාපටය


Mahnoor Shah Tutt'Art





මේ සිනමාපටය
ඔබ - මා සමඟ රඟන ,
තිරපිටපත නිතර අළුත්වන
පරණ කතාවම ආයෙත් කියන....

සටන් ජවනිකා අතරතුර,
මනබඳින ගීත වාදනයවන.
සහය නළුවන්ම වටා කැරකෙන,
දර්ශනතලය පසෙක මා බලාහිඳින...

එකම දර්ශනය
සියවතාවක් රූගත කරන,
ක්‍ෂුද්‍ර මම ශේෂව
හෙළකින් පහළට වැටෙන,
නැවත පිටපතේ
යහතින් සිටියයුතු වෙන?




9 comments:

  1. http://changingminds.org/explanations/models/life_scripts.htm

    ReplyDelete
    Replies
    1. හි හි හි.... ඕකනේ බැරි ප්‍රාජේ එක්ක!

      Delete
  2. අලුත් කතාවක් කියන්න බැරිත් නැහැ නේද?මේ ජීවිතය තුලම.

    ReplyDelete
    Replies
    1. ආයෙමත් කියනකොට එකම කතාව නැතුව වෙන කතාවක් කියවෙනවා නම් කොතරම් හොඳද?

      Delete
    2. ඩිරෙක්ටර් කරන්නේ කොලේ ලියල තියෙන දේ කරන්න කියන එකනේ. ඕකට කරන්න ඕනේ 'කොලේ' මාරු කරන එක! අර ස්ක්‍රිප්ට් එක ලියල තියෙන කොලේ!! ඒ කොලේ මේ කොලේ නොවේ.....!!!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...