Tuesday, November 15, 2016

42. පබවත සහ වත්මන






ඉතිහාසය අමුතුයි. ඇත්තටම මට ඒක ගොඩක්ම අමුතුයි. මොකද ඉතිහාසයේ සමහර දේවල් ගැන අපි අද කල්පනා කරන විදිය ගැන අනාගතේදී හිතල බැලුවොත් හොඳින්ම වැටහෙන කාරනාවක් තමයි, හැමෝම ඉතිහාසෙට වඳිනවා මිසක්, නැවත නැවතත් එකම වලක් ඇතුලේ දෝනා කපනවා නේද කියල.. එහෙම නෙවෙයිද?

යශෝධරාවත කියන්නේ මම ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන් කියවපු, නැවත නැවත පරිශීලනය කරන්නට තරම් ප්‍රිය උපදවන කොටසක්. එහි තිබෙන්නේ සංකල්පමය වශයෙන් විචිත්‍ර රසයක්. ඒ කියන්නේ එහි ආනන්දය වගේම , ක්‍රෝධය, ශෝකය, ආදරය, සෙනෙහස, ප්‍රේමය, රාගය , කරුණාව විතරක් නෙවෙයි වෛරය , ජුගුබ්සාව පවා එකලෙස එකතු වෙලා තියෙන නෙල්ලි ගෙඩියක් වගේ. මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි කියල මටම කියාගන්න සුදානමක් නැති උනත් ගොඩක් වෙලාවට මම ඒ වගේ චරිත කතා කියවන්නේ ආගමික මුහුණුවරක් හිතින් අයින් කරලා. සිද්ධාර්ථ චරිතය ගැනත් මට පොඩි කාලේ ඉඳලාම ගොඩක් ප්‍රශ්න තියෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. (  දැන් නම් ඒවා විසඳිලා සදාකාලික විදියටම. ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමෙන්ම තමයි ඒවා විසඳුනේ.)

යශෝධරාව කියන්නේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය කරා යන ගමනේදී බෝධිසත්ව අවධි වලදී හිටපු සහකාරිය. මම මේකෙදි සරල උපකල්පනයක් කරනවා ඒ බොහෝ උප්පත්ති වලදී බෝධිසත්වයන්ගේ බිරිඳ ලෙස යශෝධරාව ඉන්නට ඇතිය කියලා. එතැනදී බොහෝ කියන එකෙන් අදහස් කලේ අති දීර්ඝ සසර ගමනේදී අනේක වාරයක් බෝධිසත්වයෝ අවිවාහකව ඉන්නට ඇති, අනේක වාරයක් වෙනත් බිරිඳක් හා ගෙවන්නටද ඇති. ඒවා විය හැකි දේවල්.

මේ සසර ගමනේදී ඇගෙන් ලැබුණු සහය ගැන බුදුරජානන් වහන්සේ විසින් වෙනම දීර්ඝව ගුණකතනයක් ලෙස පැහැදිලි කළා, පළමුව උන්වහන්සේගේ ගිහිකල පියා බලන්නට පැමිණි අවස්ථාවේදී. එනම් යශෝධරාව කියන්නේ බුදුරජානන් වහන්සේ පවා වර්ණනාවට ලක්කරනලද චරිතයක්!

එක භවයකදී ඈ ඉතාම බුද්ධිමත් අමරා දේවිය ලෙසත්, තවත් භවයකදී රජවූ බෝධිසත්වයින්ට අග බිසව ලෙසත් වගේම කුස කුමාරයාට පබාවතී ලෙසත් පදුමුත්තර කුමාරයාට බිසව ලෙසත් වශයෙන් විවිධ භූමිකාවන් වලට පනපොවනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව සම්පුර්ණ බිරිඳක් ලෙස පැසසුම් ලබන යශෝධාරා ගැන අප කතාකරද්දී පබාවතී සහ පදුමුත්තර කුමාරයාගේ බිසව අපට සර්ව සම්පුර්ණ ලෙස අමතකවීම කොතරම් පුදුමයක්ද?

පබාවතී කියන්නේ කුස කුමාරයාට නොසෑහෙන්න අවමන් කරමින් කුස කුමාරයාගේ ඛන්ති පාරමිතාව ( පාරමිතාව, උප පාරමිතාව සහ පරමත්ත පාරමිතාව වශයෙන්) සම්පුර්ණ කිරීමට බෝධිසත්වයින්ට ලැබුණු එක්තරා භාවයක සිටි 'වධක බිරියක්' නොවේද? පදුමුත්තර කුමාරයා විසින් පූරණය කරන්නට යෙදුනු යම් පාරමිතාවක්/පාරමිතා සඳහා එන බිසවගෙන් සහයක් ලැබුනේ නැහැ කියන්නෙම කෙසේද? පබාවතී එසේ නොකලානම්, කුසට පූර්ණය කරන්නට පාරමිතාවක් ඉතුරුවේද? පදුමුත්තර කුමාරයා බෝධිසත්වයෙක් වන්නට නම් දුෂ්ටයෙක් සිටිය යුතුමයි නොවේද?

බිරින්දෑවරුන් ගැන, සැමියන් තුල තිබෙන්නේ ගොඩක් වෙලාවට කර්කශ ආකල්ප. එහෙම නොවෙන්නේ බොහොම කලාතුරකින්. ඔබේ බිරිඳ පබාවතී නම් ඒ ඉන්නේ අනාගතයේ යශෝධරාවක් ලෙස බලන්නට හැකි වෙයිද? බුදුවන්නට අවශ්‍ය නැහැ, නමුත් ඔබේ ආකල්පය වෙනස් වන්නට පුළුවනි.

කිවයුතු තවත් කාරණයක් තිබෙනවා, ථේරී ගාථා වලදී, යශෝධරාව විසින් බුදුරජානන් වහන්සේ ගේ දෙපා නමදිමින් සසර පුරාම විවිධ භාවයන් තුලදී කරනලද සියලු නපුරුකම්, ද්‍රෝහිකම් ගැන සමාව පවා ඉල්ලනවා. ( එයින් අදහස් කරන්නේ නැහැ ශෝකයෙන් එහෙම කරනවා කියල. මොකද ඒ වෙනකොට යශෝධරාව කියන්නේ රහත් මෙහෙණියක්) එතැනදී විශේෂයෙන් පබාවතී ලෙස දුන්නු දුක් ගැහැට ගැන සඳහන් වෙනවා.

අතීතය තුලින් අප ඇත්තටම මවන්නේ කවර ප්‍රතිරුපයක්ද? වර්තමානයේ බිරිඳ ගැන ඇතිවන වෛරී හැඟීම කියන්නේ අනාගතේ බැලුවහම පුස්සක් නොවේද? සමහර වෙලාවට අපේ ගුණාංග වර්ධනයට ඒ හැසිරීම් පාදක වෙනවා නොවේද?

සමාව දෙන්න බැරි වරදවල් කොහෙද තියෙන්නේ?


ප.ලි. මේක ටැබූ සබ්ජෙක්ට් එකක්ද කියන්න මම දන්නේ නැහැ. එසේ වෙයි නම් ප්‍රවේසමෙන් කොමෙන්ටු කොටන්න. මට නම් කිසිම ගානක් නැත 



9 comments:

  1. එතකොට අපිත් කලින් ආත්ම වල හම්බෙලා තියෙනවාද???? මං ඇහුවේ අපේ උන්දෙලා අපි එහෙම...

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ? අනන්ත වාරයක්.... ඒකනේ කියන්නේ විවාහයක්/සහකාරියක්/සහකාරියක් කියන්නේ බොහෝදුරට 'චොයිස්' එකක් කියල!

      Delete
    2. or "වයිස්" එකක්?

      Delete
  2. පරසිදු මෙමිහි තල
    මදු රට පුරෙහි සාගල
    මදු රදුට බෝ බල
    දුවක් ඇත පබවත නමින් දුල

    ReplyDelete
    Replies
    1. රජෙක්ට අයිති දුවක්!

      Delete
  3. ආශා හිතුනා කියවලා ඒ ලිපිය... අපිට වද දෙනව නම් කරුනාව වඩන්න අවැසි...ලස්සන අදහස් ඔයාට තියෙන්නේ ලිඛිතා...

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...