Monday, January 27, 2020
235. සුහදිනියේ : මෙතෙක් කතාව.....
මෙතෙක් කතාව..................
තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.
විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින් මධුලිකා ඈ විවාහ කරගන්නා ලෙස තීක්ෂණගෙන් ඉල්ලන්නිය.
මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.
අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර මින් පසුව තීක්ෂණ කවර ආකාරයේ පියවරක් ගනීද?
පළමුවෙනි කොටසට
Wednesday, January 1, 2020
234. සුහදිනියේ - 29 | මධුලිකාගේ සිත තීක්ෂණ කෙරෙහි වෙනස්වේද?
කලින් කොටසට
විස්තරය ඇසීමෙන් පසුව රිසිවර අන්තයේ තත්පර කිහිපයක නිහැඬියාවෙන් පෙනී ගියේ මා මෙන්ම තාරුක අයියාද යම් පමණකට කැළඹී ඇති බවයි.
"...උඹ දන්නවනේ... ඩඩා එක්ක මට ගේමක් නම් ගහන්න බැරි විත්තිය. අනිත් එක.. මම කැමති නැහැ මේ සීන් එක එලියට අදින්න. උඹට කලිනුත් මම කිව්වේ.... ගෙදර ගියපු ආගියුමන්ට් එක ගැන?"
"..............."
"මට මේක කියන්න උඹ ඇරෙන්න වෙන එකෙක් නැහැ. විරංග උනත් දන්නේ නැහැ මේ සීන් එක ; ඩඩාගේ"
"හරි... කලබල වෙලා බැහැ. අංකල්ට මොකක්හරි බලපෑමක් තියෙන එක දැන් ෂුවර්. එක්කෝ ඒ ගෑනිගෙන් මොකක් හරි තර්ජනයක් තියෙනවා. නැතිනම්...... "
තාරුක අයියා නොකියා කියූ දෙය මට නොවැටහුනා නොවේ. ඔහු පවා විශ්වාස කරන්නට අපහසු වූ ඒ කාරණය අවසාන නිගමනය නොවේවා කියා මගේ සිත මුරගෑවේය.
ආවරණ කලාපයේ නොවූ නිසා මම නගරයට පැමිණ පළමු ඇමතුමත්, දෙවන ඇමතුමත් නිමවීමෙන් පසුව තාරුක අයියා ඇමතුවේ සියල්ල පවසනවාට වඩා මගේ හිත හදාගන්නට මෙනි.

Monday, December 16, 2019
233. සුහදිනියේ - 28 | විසඳුම් අතර නොවිසඳෙන ප්‍රශ්න. තීක්ෂණගේ තීරණය කුමක්ද?
කලින් කොටසට
වාකිෂ්ඨ මහතා 'හොහ් හොහ්' හඬින් සිනාසෙන්නට විය. මධුලිකාද ඔහු හා එක්ව සීනු හඬින් සිනාසුනාය.මගේ මුහුණේ වූ ස්වාභාවය නිසා සුන්දර් සිනහව එකවරම නවත්වා ගත්තේය.
"පුතා... උඹ හරිම බය-නැති කොල්ලෙක්.. මම උඹේ ආසම උනේ ඒකට!"
මගේ බෙරිවුනු මුහුණ නිසා සිනහව අතරතුර වාකිෂ්ඨ මගේ පිටට තට්ටුවක් දැමුවේය.
"..... මාව ඉව වැටුන බව තේරුණ නිසා මම ආයේ උඹ පස්සෙන් ආවේ නැහැ කොල්ලෝ. මොකද ඒ වෙනකොට උඹ හරි පාරට වැටිලා. මේකා මට ඔක්කොම තොරතුරු කිව්වා."
ඔහු සුන්දර් දෙසට හැරෙද්දී සුන්දර් බියෙන් මෙන් මා දෙස බලා බයාදු සිනහවක් පෑවේය. සැලසුමේ අග මුල එලෙස විසඳුනි.
මේ සියලු සැලසුම් ඇරඹෙන්නේ සුන්දර් මෙම වතු යායේ සේවයට පැමිණෙන අතරතුරය. සුන්දර් යනු මධුලිකාගේ පියාගේ වතුයායේ කලින් විශ්වාසවන්ත සේවකයෙකුව සිට අභිරහස් ලෙස ඝාතනය කෙරුණු සෙල්වම්ගේ කණිටු පුත්‍රයාය. ඒ වනවිට වාකිෂ්ඨ මධුලිකාගේ ආරක්ෂාව පිණිස පිලියමක් ලෙස කන්‍යාරාමය තෝරා ගත්තා පමණි.

Sunday, November 17, 2019
232. සුහදිනියේ - 27 | සිහිනයෙන් බැස මහපොළවට , වැදගත් හමුවක්
කලින් කොටසට
කුමක්දෝ අමුත්තක් නිසා මම තිගැස්සී අවදිවීමි. මුළු සිරුරම එකවරම සලිත කරමින් මට දහදිය දමන්නට විය.
සිදුවුයේ කුමක්ද?
යන්තම් අඳුරට හුරුවූ ඇස විසින් මා සිටින්නේ මගේ කාමරයේ ජනේලයට මුහුණලා හිඳගත් සෝෆාවේ බව පසක් වූ අතර , කාමරයේ බැල්කනිය දෙසට ඇති උස් ජනේලය තුලින් සිසිල් සුළඟ ශරීරය වසා නැගුනු දහදිය වහ වහා පිස දමන්නට මෙන් හමා යන්නට විය.
මේ රාත්‍රියේ එය හැරදමා ඇත්තේ කවුරුන්ද? එකවරම යමක් සිහියට ආ මම යහනෙන් බිමට බැස්සා නොව පැන්නුනි.
මධුලිකා කාමරයේ සිටින බවට කිසිදු සාක්ෂියක් නොවුනි!
වහා ජනේලයෙන් එබුනු මට, රාත්‍රී අහසේ අන්ධකාරය අතුරෙන් පෙරී එන සඳ එළිය තුලින්, බැල්කනියේ එතනම කුඩා ගුලියක් සේ බිම හිඳගෙන සිටින මධුලිකා ඇස ගැටෙද්දී යන්තම් හුස්මක් වැටුණි.
ඊළඟ මොහොතේ මගේ කල්පනාව නැවතත් අවුල්ව දැනුනි. කුමක්ද සිදුවුයේ? මධුලිකා මෙතැනට පැමිණියේ කෙසේද?

Wednesday, November 13, 2019
231. වැළඳගනු මැනවි මා..
වැළඳගනු පැමිණ මා
නොඑනු ඇත මේ රාත්‍රිය ,
යලිදු කිසි දිනයෙක
මුණ නොගැසෙනු ඇත
අප මේ දිවිය තුල...
දෛවයේ අපුර්වත්වයකට
ලැබුවෙමු මේ මොහොත,
හදවතින්ම වඩා ලංව
බලනු මැන මා දෙස,
නොලබනු ඇතිය නැවතත්
මෙවන් මොහොතක්
නැවත මේ දිවිය තුල...
ලංව සිටිනු මැන මට
යලි යලිත් නොඑනු ඇති මා
මින් පසුව ,
ප්‍රේමයේ මියුරු කඳුළැල්
නොගලනු ඇතිය නැවතත්
මේ දෙඇසින් යලි..
වැළඳගනු මැනවි මා..
නොඑනු ඇත මේ රාත්‍රිය ,
යලිදු කිසි දිනයෙක
මුණ නොගැසෙනු ඇත
අප මේ දිවිය තුල...
දෛවයේ අපුර්වත්වයකට
ලැබුවෙමු මේ මොහොත,
හදවතින්ම වඩා ලංව
බලනු මැන මා දෙස,
නොලබනු ඇතිය නැවතත්
මෙවන් මොහොතක්
නැවත මේ දිවිය තුල...
ලංව සිටිනු මැන මට
යලි යලිත් නොඑනු ඇති මා
මින් පසුව ,
ප්‍රේමයේ මියුරු කඳුළැල්
නොගලනු ඇතිය නැවතත්
මේ දෙඇසින් යලි..
වැළඳගනු මැනවි මා..
Monday, September 30, 2019
230. සුපෙම් කොත මත
හමන මදනල අතර බිහිවුන සුසුම් නිම්නය විසිරුවා
බිඳෙන ඉපදෙන වලාකුළු ඇත නුබ පුරා සිතුවම් මවා
මැවෙන මිරිඟුව ඈත සිට ඇත මා නමින් කෙම්බිම දවා
යදින අයදින දෝත ගෙන මම සිඹිමි තොල්පෙති වෙව්ලවා
පියුම් නොපිපෙත රැළිති විල'දර කුමුදු මල්පෙති කලතමින්
සිතුම් කිසිදින නොහැර යනු ඇත සුසුම් මෙන් මා ප්‍රාණයෙන්
රිදුම් තවරන ඔබේ රුවමයි මැවෙන්නේ සිත කකියමින්
සුපෙම් නොලබා සොහොන්කොත මත තබා යන්නෙමි ප්‍රේමයෙන්
Inspired by:https://dumimda.blogspot.com/2019/04/116.html
229. කරදරකාර සුළඟ ~~
අනේ පලයන් යන්න සුළඟ!
ඇහුවෙත් නෑ මම උඹෙන් වගතුග,
නලව නලවා අතන පොඩි සීනුව
දුකෙන් වග ඈ , මට කියන්නේ කුමට?
ජර්බරාස් මල් ; මම අදත් දුටුව
මොකට ගෙනියන්නේද උඹ ඒ සුවඳ?
නිකන් හිටපන් විකාර නොකර!
ඈ උනත් කැමති ඇති දැන් - මේ නුහුර
වැඩක් නම් තියෙනවා මිතුර
උඹ කරනවා නම් ඉතින් නියම!
වෙලාවක පුළුවන් උනොතින් එහෙම
ඈ යවන සරුංගල
ගෙනත් දෙනවද හොරකම්කර??
----
Subscribe to:
Posts (Atom)