Monday, September 30, 2019

229. කරදරකාර සුළඟ ~~








අනේ පලයන් යන්න සුළඟ!
ඇහුවෙත් නෑ මම උඹෙන් වගතුග,
නලව නලවා අතන පොඩි සීනුව
දුකෙන් වග ඈ , මට කියන්නේ කුමට?

ජර්බරාස් මල් ; මම අදත් දුටුව
මොකට ගෙනියන්නේද උඹ ඒ සුවඳ?
නිකන් හිටපන් විකාර නොකර!
ඈ උනත් කැමති ඇති දැන් - මේ නුහුර

 වැඩක් නම් තියෙනවා මිතුර
උඹ කරනවා නම් ඉතින් නියම!
වෙලාවක පුළුවන් උනොතින් එහෙම
ඈ යවන සරුංගල
ගෙනත් දෙනවද හොරකම්කර??



----

No comments:

Post a Comment

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...