කලින් කොටසට
සේවිකාවගේ තත්වය බරපතල නොවුනත්, තුවාන් අයියා විසින් ගමන් බිමන් සඳහා අනුමැතියක් ලබා දුන්නේ නැත. මධුලිකා කාමරයේ හිඳිද්දී මම විරංග හමුවීමට ගියේ කඩෙන් ගත් කෑම පාර්සලයක්ද සහිතවය. මා දුටු විරංග වැඩි කතාවක් නොමැතිවම මම ගෙනා පාර්සලය නිවසේ තබා , මම සමඟම පිටතට පැමිණීමට සුදානම් විය.
විරංග රැගත් මෝටර් රථය පදවාගෙන මම නිහඬවම අප දෙදෙනාගේ සුපුරුදු මුහුද අසබඩ කබානා අවන්හලට පැමිණියෙමි. වාහනය රථගාලේ කෙළවරක නැවැත්වූ මම විරංග දෙස නොබලාම රථයෙන් බිමට බැස්සෙමි. විරංග මා දෙස බලා සිටිනු මට දැනුනි.
කලින් කතාබහ කරගෙන තිබුණු බැවින් මම කෙලින්ම පිවිසියේ කළමනාකාරවරයාගේ කොටසටයි. ඒ වනවිටත් මගේ මිතුරා මා එන බව දැන සුදානම්ව සිටියේය.
"මේ තියෙන්නේ බඩු... !"
ඔහුගේ මේස ලාච්චුවෙන් ගත් ජංගම දුරකථනය මේසය මත තබමින් මා මිත්‍ර කළමනාකාරවරයා ; සමන් ; පැවසීය.
"මේක ටෙස්ට් කරන්න ඕනේ !"
මම දුරකථනය අතට ගෙන ඔහු ලවා එය විවෘත කරගතිමි. අනතුරුව ඔහු දෙස සුහද සිනහවක් පෑ මම දුරකතනයේ තිරයේ මගේ අංකය සඳහන්කර ඇමතුමක් ගතිමි. මගේ දුරකතනයට එයින් ඇමතුමක් එද්දී එහි අංකයක් දිස් වුයේ නැත. ඒ වෙනුවට පුද්ගලික අංකයක් බව පමණක් සඳහන් විය. එසේ නම් එය නිවැරදිය.
මට පිටුපසින් විරංග පැමිණ සිටගන්නවා යන්තමට පෙනුන මුත් මම ඊට එකවරම ප්‍රතිචාර දැක්වුයේ නැත. සමන් ඔහු හා ආචාර කරනු පමණක් පෙනුනි.
"උඹ මේ වගේ සම්බ්ජෙක්ට් කරනවා කියලා දන්නෙත් නැහැනේ.."
සමන්ගේ කතාවට මට සිනහවක් නැගුණි.
"එහෙම එකක් නෙවෙයි බන්... මම මේ දන්නා එකෙක්ට පොඩි පාට් එකක් දාලා මුන්.. එකපාරක් මම කිව්වා පැහැදිලි කරලා. ඒ උනාට උන් ආයෙමත් මොනවාහරි කරන්න කලින් ටිකක් කන්ට්‍රෝල් කරලා තියාගන්න ඕනේ. නැතිනම් මම ඔය මදාවි වැඩ වලට නෑනේ බං"
එසේ කියා මම ඔහුගෙන් දුරකතනයද රැගෙන කබානා වලින් ඈත පිවිසි ගොඩනැගිලි අතරේ හුදකලා පෙදෙසකට ඇවිද ගියෙමි. විරංග මා පසුපස ආ බවක් මට දැනුනේ නැත. ඔහු සමන් හා කතාවට වැටෙන්නට ඇත.
අංකය ඔබා මම දුරකථනය කනෙහි තබාගතිමි. දුරකතනයේ කතාකරන කොටසට මෙතෙක් වෙලා සාක්කුවේ තබාගෙන සිටි කුඩා ඊයම් කොළ කැබැල්ල තබා, යන්තමට හුස්ම පිඹ එය අවශ්‍ය පමණට සකසා ගත්තෙමි. කිහිප වරක් නාදවිමෙන් පසුව දුරකතනයට පිළිතුරු දුන්නේ ගැහැණු කටහඬකි.
"හලෝ?"
"වාසුල ඉන්නවද?"
"ආ... කව්ද කතාකරන්නේ?"
"කතාකරන්නේද? ඒක මම වාසුලටම කියන්න.. එයාටම දෙනවද?"
"මොකක්?"
ගැහැණියට කෝපයක් ඇතිවූ බව පෙනුනද මම එය අපේක්ෂා කලෙමි.
"මොකටද කතාකරන්න ඕනේ?"
"ඒකත් මම එයාටම කියන්නම්... කරුණාකරලා වාසුලට දෙනවද ෆෝන් එක"
"එහෙම බැහැ.."
"කවුද නීටා??" පසුබිමෙන් ඇසුනි. මම වඩාත් තීව්‍රව සවන් දෙන්නට පටන් ගතිමි. වාසුල පැමිණ යම් තර්කයකින් පසුව දුරකථනය උදුරා ගන්නවා වැනි ශබ්දයක් ඇසුනි.
"තමුසේ කවුද?"
ඒ වාසුල බව මට ස්ථිරය.
"වාසුල මහත්තය.. මම මේ හදිස්සි පණිවිඩයක් කියන්න කතාකලේ"
"තමුසේ කවුද කියනවා.."
"කවුද කියන එක එතරම් වැදගත් නැහැනේ මහත්තය.. කාරණේ මේකයි... "
"..................?"
"ආරංචියි මහත්තය හොයන අර ළමයා කසාද බැඳලා කියල... "
"මොන ළමයද? මොනවද මේ කියවන්නේ?"
"ඇයි අර මැරිච්ච ජයවර්ධන මහත්තයාගේ ළමය.."
"මෝ.. මොන... ක කවුද තමුසේ ?"
"එතකොට දැන් දේපල අයිතිවෙන්නේ නෑනේ"
"තමුසේ කවුද කතාකරන්නේ??"
වාසුලගේ ගිගිරිම මෑතක සිටියා නම් ගල් බෝරයක් සේ දැනුන තරමට ඔහු කෑගැසුවේය. ඉන්පසු හති හලනු ඇසුණු අතර පසුබිමෙන් ගැහැණිය මොන මොනවාදෝ කියනවා ඇසුනි.
"වාසුල මහත්තය.. මම මේ කතාකලේ ඔහේගේ බැනුම් අහන්න නෙවෙයි. වැදගත් පණිවිඩේ කියන්න. ඔහොමනම් කතාකරන්නේ....."
"හරි හරි.. තමුසේ කියනවකො බලන්න... කාවද ඒ කෙල්ල බැන්දේ කියල"
"ඇයි අර දුලිප් සතරසිංහ මන්ත්‍රීතුමාගේ පුතාවනේ!"
ඒ සමඟම මම දුරකථනය විසන්ධි කලෙමි.
දැන් මගේ කොටස හමාරය. දුලිප් සතරසිංහත් ; වාසුලත් දැන් ප්‍රශ්නය විසඳාගත යුතුය. මම දුරකතනයේ සඳහන් අංකය මකාදමා, පැමිණ විරංග සමඟ කතා කරමින් උන් සමන් අත එය තැබුවෙමි.
"මේවට ගෙවන්න වෙයි ඔන්න.. උන් සී අයි ඩී ගියොත්?"
සමන් සිනාවෙමින් පැවසීය.
"උඹ දන්නවනේ මචන්.. මම ගැරඬි මරන්නේ නැහැ. උඹට ඉතින් අමුතුවෙන් ගෙවන්න ඕනෙද, අපි මෙතන බිපුවාගෙන් තමයි උඹ ඉතින් අර අලුත් ගේ හැදුවේ.. නැද්ද විරංගයෝ...?"
විරංග යන්තම් සිනහවක් පෑවේය.
".. මචන් අපිට කූල් බියර් එවපන්.. වෙනද එව්වම... අතනට"
එසේ කියමින් මම සෙවන ඇති මේසයක් දැක්වීමි.
"මට බොන්න බෑ බන්.."
විරංග පැවසුවේ පහත් හඬිනි. මම ඔහු දෙස බලා කරට අත දමා ඔහු ලංකර ගතිමි.
"අද වෙරි වෙන්න බොන්න බැහැ. ඒ උනාට බොන්න වෙනවා බන්... "
විරංග මා දෙස එක එල්ලේ බලා සිටින්නට විය. ඔහුගේ ඇස්වල තිබුනේ සෑහෙන මිලාන පෙනුමකි. මම ඔහු උරයට දමාගත් අතින් යුතුවම මේසය කරා ඇවිද ගියෙමි. අප දෙදෙනාට අවැසි පුද්ගලිකත්වය එම මේසයේ පැවති අතර, කුෂන් කරනලද පුටුවේ එල් හැඩති මුල්ලේ හිඳගත් මම විරංග දෙස සැහැල්ලුවෙන් බැලුවෙමි.
".... මම දන්නවා මචන්..! උඹ මට කියන්න ඕනේ නැහැ"
විරංග මා දෙස හිස් බැල්මෙන් බලා සිටියේය.
".. මම ආවේ ඒවා ගැන කියවන්න නෙවෙයි බන්... උඹට මම එදත් කිව්වේ.. උඹ මතක තියාගනින්, උඹ තමයි මගේ හොඳම යාළුවා.. මොකක් උනත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔතනින් වාඩි වෙයන්... අද බියර් විතරයි බන්... ජින් බොන්න බෑ"
මට මධුලිකා සිහිවිය. සිනහවක් ඇතුලතින් ආවද කුමක්දෝ බියක් ඒ තුල විය.
ජින් මතින් මම කලේ කුමක්දැයි තවමත් මම නොදනිමි. සිතුවිලි රැස ගඟක් වන්නට පෙර මම විරංග දෙස බලා සිටියදී ඔහු යන්තම් හිස දෙපසට වනා මට තරමක් සම්මුඛව හිඳගත්තේය. මම ඈතින් පෙනෙන මුහුද දෙස දෑස් යොමුකළේ සිතෙහි වූ වික්ෂිප්තභාවය යම් තරමකට සමනය කරගැනීමටය. විරංග හා අද මේ සිදුවන කතාබහ සෑහෙන ප්‍රවේශමෙන් කළයුත්තකි.
"උඹ නොදන්නා දෙයක් තියෙන්නත් පුළුවන්"
විරංග එලෙස කියන්නට ඇත්තේ මම පුදුම කිරීමට විය යුතුය. මම රහස් පරීක්ෂක වරයෙකු හෝ දාමරිකයෙකු හෝ නොවේ. විරංග ඒ බව දනී.
"ඔව්.. පුළුවන්.."
මද වෙලාවකින් මම මෑත සිටි විරංග දෙස සැහැල්ලු බැල්මක් හෙලුවෙමි.
"... මචන්... උඹ ඉන්නේ අවුලෙන්.. ඒ අවුලට මුල මමද කියන්න දන්නේ නැති උනාට.. මමත් ඒ කොනක ඉන්නවා.. එහෙම නේද?"
විරංගගේ මුහුණ අඳුරු විය. ඔහු ඉදිරියට නැවි, දනිස් මත වැලමිට තබා එයට වාරුවිය.
"................"
ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිටවුනේ නැත.
"උඹට මට කියන්න බැරි දෙයක් තියෙන්න පුළුවන්. ඒත් ඒ කිසි දෙයක් අපි දෙන්නාගේ යාළුකමට බාධාවක් නෙවෙයි. ඒක මතක තියාගනින්"
"ඇයි උඹ මධුලිකාව හැංගුවේ?"
විරංග එකවරම ඇසුවේ, තරමක පහත හඬකිනි. මම එකවරම ඒ ප්‍රශ්නය තේරුම් ගැනීමට උත්සහ කලෙමි.
"මම හැංගුව? උඹ හෙව්වද?"
"ඔව්.. මම හෙව්වා"
මම විරංග අසලට ලංවීමි.
"ඔව්... මම හැංගුවා තමයි. ඒ හැංගුවේ උඹෙන් නෙවෙයි. ඒ වෙලාවේ හැටියට මට හංගන්න ඕනේ උනේ උඹෙන් නෙවෙයි. මධුලිකා ගැන වෙන කවුරුහරි ඇහැ ගහගෙන ඉන්නවා. ඇරුන්ම වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ජයවර්ධනගේ වෙන කවුරුහරි වෙන්නත් පුළුවන්"
විරංග කල්පනාවට වැටුණු බවක් පෙනුණි.
"ඒ කියන්නේ... වෙන වෙලාවක මධුලිකාව මගෙන් හංගන්න උඹට ඕනේ කලාද?"
විරංග කිසි දිනෙක එවන් තීව්‍ර ප්‍රශ්නයක් මා වෙත එල්ල නොකරන්නට ඇත. මම එවන් ප්‍රහාරයක් බලාපොරොත්තුව සිටි නිසා එය තදින් බලපෑවේ නැති වුවද, යම් පමණකට කම්පනය වීමි.
"මචන්... උඹ මට අවංක උනේ නැතුවට කමක් නැහැ.. උඹ උඹට අවංක වෙයන්"
බීර විදුරු ඒ වනවිට අප වෙත එමින් පැවතුනි. මම කල්පනාවට වැඩි කාලයක් වැය කලෙමි. සැමවිටම මාතෘකාවේ තබාගතයුතු සංවාදයක් මට අවැසි වී තිබිණි.
"... උඹ බොරුකාරයෙක් නෙවෙයි. නමුත් මේ කාරණයේදී.. උඹ මිට වඩා අවංක උනා නම්, මම හිතනවා හොඳයි කියලා"
බීර වීදුරුවේ සීතල බින්දු වීදුරුවේ පිටත පෘෂ්ඨයේ සිට බිමට රූරා වැටෙනු දකිමින් මම පැවසුවෙමි. විරංග වඩා වේගයෙන් හුස්ම අල්ලන බවක් මට පෙනුනි.
"හරි.. අපි කෙලින් කතා කරමු"
මම ඔහුට ඉඩහසර ලබාදෙනු වස් ඉදිරියට නැමී මේසය මත තිබුණු බීර වීදුරුව අතට ගෙන ඉන් උගුරක් බිව්වෙමි. අයිස් මෙන් සීතල බීර මගේ ගත සිසිල් කරමින් මුව තුලින් සිරුර පුරා අමුතු ආනන්දයක් ඇතිකරනවා මෙන් මට දැනුනි.
"මේ කලබල ඉවර උනහම.... "
".......?"
"මම මධුලිකාට කියනවා මගේ අදහස. "
"................!"
"උඹට කොහොමත් ඒ කෙල්ල බඳින්න අදහසක් තිබ්බේ නැහැනේ. මොන තත්වෙක හිටියත් මම මධුලිකාව බාරගන්න කැමතියි"
"නෑ මචන්.. මට දැනගන්න ඕනේ ඒක නෙවෙයි"
විරංග මා දෙස එකවරම බලා , ඒ සමඟම ඉවත බලාගත්තේය.
".. මට දැනගන්න ඕනේ, උඹ ලක්ෂ පන්සීයක සල්ලියක් මධුලිකාගෙන් ගන්න හිතාගෙන ඉන්නේ කොහොමද කියල"
විරංග විදුලියක් මෙන් සෘජුව නැගී සිටියේය.
"ප... පන්සියක්? පි පිස්සුද? මම පන්සීයක් ඉල්ලුවේ නෑ"
"පන්සියක්නේ කොහොමත් ඔක්කොම ගෙවන්න තියෙන්නේ?"
ඔහුගේ හිස වසා තිබුණු ඔහුගේ තොප්පිය ගෙන මහත් ආවේගයෙන් එය බිම ගසා කෑගැසුවේය.
"ඒ බැල්ලි ඒකත් කිව්වද?"
මම නිහඬව බලා සිටියෙමි. විරංග මට පිටුපස හරවා කලබලයෙන් සිය හිස බදාගෙන ඈත බලාගෙන සිටියේය.
"ඒක මෙතනට අදාළ නැහැ මචන්.. උඹ එක්ක මගේ අවුලක් නැහැ. උඹ දන්නවනේ, මම කවදාවත් උඹට බොරුවක් කරලා නැහැ.. උඹත් මට බොරු කරලා නැහැ. අපි ඕනේ දේ කතාකරමු.... උඹට ඕනේ සල්ලි නම්, ඒක ගන්න විදිය කතාකරමු. උඹට ඕන කෙල්ල නම්... එතන අවුලක් තියෙනවා. කෙල්ලයි, සල්ලියි දෙකම මට දෙන්න විදියක් නැහැ"
විරංග ආපසු හැරි මා දෙස විමතියෙන් බැලුවේය.
"....මේකට උඹව පටලව ගත්තේ මම. ඒ හින්දා ලෙහන්නෙත් උඹත් එක්කම තමයි"
විරංග බීර වීදුරුවෙන් උගුරු කිහිපයක්ම බිව්වේය. අනතුරුව සෝෆාව මත කඩාවැටී දෑස පියාගෙන යම් කාලයක් ගතකළේය. මම සංයමයෙන් බලා උන්නෙමි. මධුලිකා ගැන මට විරංගගේ මුවින් පිටවූ වදන් මා සෑහෙන වේදනාවට පත්කර තිබිණි.
මගේ අනුමානයේ යම් යම් කරුණු මේ වනවිට තහවුරු වී හමාරය. මුදල ගැන මා තුල වූ සැකය සාධාරණ විය. විරංග සියල්ල පිළිගැනීම එක අතෙකින් සෑහෙන ගැටළු රාශිකයට පිළිතුරු සැපයීමක් වැනිය. තවදුරටත් මට සඟවා කලයුතු දෙයක් ඔහුට නොවීම, මට වාසි සහගතය.
විරංග කෙරෙහි මට කෝපයක් නොනැගුනත් , යම් පමණකට කලකිරීමක් ඇතිවිය. ඔහු අත වරදක් නැති බව සිතන්නට මට නොහැකිය. කුමක් වුවත් ඔහුට මට අවංක වීමට තිබුනා නොවේද?
දැන් කාඩ්පත් සෙල්ලම්කල යුත්තේ මට වාසි සහගත තුරුම්පු ඉතුරුවන පරිද්දෙනි. මේ සෙල්ලමෙහි ප්‍රධාන රැජින ; මධුලිකා ; වෙතින් ලෙහාගතයුතු ප්‍රශ්න කිහිපයකි. ඒ ප්‍රශ්න සඳහා යම් පමණක පිළිතුරක් ලැබීම, හෙටදින මම විරංග සමඟ දියත්කරන්නට යන මෙහෙයුමට පිටුවහලක් වනු ඇත.
*********************************************
තාත්තා පැමිණ ආපසු ගොස් ඇති බවට සලකුණු තිබිණ. එබැවින් මම මත්කුඩු සොයන සුනඛයෙකු සේ නිවසේ ඒ මේ අත ගමන්කොට ඔවුන්ගේ නිදන කාමරය අවට ඉවකරමින් තාවර උනෙමි. මැණිකා පැවසු පරිදි අම්මා බෝධිපුජාවකට ගොස්ය. මම ඒ පමාවෙන් ඉහල මාලයට ගියෙමි.
සුදම් තවමත් පැමිණ නැත. ඔහුට අද දින යහළුවන් සමඟ සාදයක් ඇති බව මැණිකා පැවසුවා මතකයට නැගුණි. මම කාමරයේ දොර අසල හිඳ දොරට කන තබා සවන් දුන්නෙමි. කිසිදු ශබ්දයක් නොමැත. මම චකිතයෙන් වුවද හඬක් නොනැගෙන පරිදි කාමරයේ යතුරෙන් විවෘතකොට සෙමෙන් දොර විවර කලෙමි.
කාමරය තිබුනේ අඳුරේය.
මෑත්වූ ජනෙල් තිර අතරින් අඳුරට හුරුවූ මට, ජනෙල් ආසන්නයේ තබා තිබුණු සෝෆාවේ නින්දට වැටි සිටි මධුලිකා වෙන්කර හඳුනා ගතහැකි විය. දුරකතනයද, පසෙක පොතක්ද අතැතිව ඈ නිදන විලාසය දුටු මගේ අනුරාගී සිත උණුසුම්ව නැගී ආවේය.
හඬක් නොනැගෙන්නට දොර අගුළු ලෑ මම මේසය මත වූ ලාම්පුව දල්වා, ඈ ඉදිරියෙන්ම වූ සෝෆාවේ තනි පුටුවට බර වුයෙමි. හුස්ම හිරවන්නට මෙන් ආ බැවින් මගේ පපුව වේගයෙන් ඉහල පහල ගියේය. ඇය පුබුදන්නට ඇතිවූ ලෝබකමක්ද , ඈ දෙස බලා සිටින්නට ඇති අවස්තාවක් අතහැර නොගන්නට අවශ්‍යතාවක්ද යන දෙකම විසින් මගේ පොළඹවාලුයේය. නින්දේ සිටින ඈ ස්පර්ශ කරන්නට මගේ තරුණ සිත මුරගාමිනි.
'මධුලිකා සැබෑවටම මධු විතකි '
විරංග තබා, කිසිවෙකුටවත් ලබාදිය නොහැකි ලෙස මම ඈ කෙරෙහි බැඳී සිටිමි. ප්‍රේමය යනු කවර ආකාරයේ සියුම් තතකින් වැයෙන මාධුර්ය ගිතයක්දැයි නොදැන පවා , ස්පර්ශ කරන්නට බිය ගින්දරක් වැනි ඈ සමඟම මගේ සිත බැඳී ඇති අයුරු පුදුමය.
විරංග පවසන අයුරෙන් නම්, ඔහුට වඩා වැදගත් වනුයේ මුදල් විය හැකිය. නමුත්, මධුලිකා වැනි ආකර්ශනීය තරුණියක ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු මෝඩයෙකු නොවනු ඇත. ඇය තුල ඇති පොපියන තරුණකම සහ ප්‍රේමනීය බව ඔහු නොදැක්කා කියා සිතිය නොහැක.
මෙතරම් අවස්තාවන් ලැබුනද, ඒවා මම ගිලිහෙන්නට ඉඩහරිමින් මධුලිකා වෙත ලඟාවීම කෙරෙහි වෙනස් ආකාරයක පිවිසුමක් සෙව්වාද ? මේතරම් පහසු අවස්තාවන් තිබියදී , මහන්සියෙන් තරුණියක් නෙලාගන්නට මම කිසිදිනෙක උත්සහ කර තිබුනේ නැත.
ප්‍රේමය යන බාධකය නොසිටින්නට, මේ වනවිටත් මා සතු ඈ නතුකරගන්නට මට නොහැකි යයි මට කිව නොහැකිය. මගෙන් ගිලිහි ගොස් වෙන කිසිවකුට අයිති වුවද, මා සතුවූ බවට සලකුණු තබන්නට සිතා මම ඈ සිපගත් වාර ගණන කොපමණද? ඒවා සියල්ලම කොතරම් බොළඳද?
ප්‍රේමය යනු , නිදැල්ලේ හිඳිම ; සිටින්නට ඉඩදීම යයි තර්කනයෙන් සිතා වඩාත් එවන් නිදහස් ප්‍රේමයක් කෙරෙහි මම කෙතරම් පෙම්වතියන් මාරු කරන්නට ඇතිද? මම සෙව්වේ ප්‍රේමයද? අනුරාගය තුලින් මම මේ ගමන් කරන්නේ ප්‍රේමය කරාද?
ඒත් මධුලිකා ?? ඈට රිසිසේ ඉන්නට , කතාබහ කරන්නට , යන්නට - එන්නට ඉඩක් නොදෙන්නට තරමටමගේ සිත කෙතරම් ඈ අල්ලාගෙනද? එසේ වුයේ ඈගේ ආරක්ෂාව පතාමද?
ඈ ආරක්ෂා කොට හොදින් සිටින්නට නිදහස් කරන්නටද? සත්‍ය වශයෙන්ම ඈ තවත් අයෙකුට ලබාදීමට මම සුදානම්ද?
'නැත... මධුලිකා මගේය!'
මගේ සිත මුරගෑවේය.
'විරංග , වාසුල නෙවෙයි.... ඩඩාට උනත් කියන්න තියෙන්නේ එච්චරයි!'
මා තුල උන් වෘකයාගේ ඝර්ජනාව ඇසුනා මෙන්, මධුලිකා එකවරම ගැස්සී අවදි වුවාය. අනතුරුව නින්දෙන් කාමරයේ මේස ලාම්පුවත්, ඒ සමඟම ඈ දෙස බලා සිටින මමත් දුටු මධුලිකාට බියෙන් මෙන් මා දෙස බලාගෙන සිටියේ සිය විනිවිද පෙනෙන බැල්මෙනි. මගේ සිතුවිලි සමඟ මුහුණ වෙනස්ව තිබෙන්නට ඇත. ඇස්වල කෑදරකම තිබුනාද?
මම නිරායාසයෙන් ඈ දෙස බලා සිටියා වන්නට ඇත. මධුලිකා ඉන් අපහසුතාවයට පත්වුවා විය හැකිය. මධුලිකා නැගිට බිත්තියේ වූ ස්විචය වෙත අත ගෙනගියද , මම වහා නැගිට ඈගේ මග අහුරා සිටගතිමි.
"වාඩිවෙන්න.. "
ඈගේ සිරුරෙන් විහිදෙන සියුම් උණුසුමත්, අසලින් නිතරම නැගෙන විලවුන් සුවඳත් විසින් මා මත්කොට තිබේ. එය ජින් මතට වඩා දරුණුය. පා පහරකින් විසිරි යන අළු ගොඩක් වැනිය. මධුලිකා මගේ සිරුරේ ගෑවී නොගෑවී ආපස්සට අඩියක් තැබුවාය. මම මධුලිකාගේ වමතේ ඉහලින් අල්වා ඈ සිටි සෝෆාවේ මෑතින් පහතට ඇද ඉන්දවුයෙමි. ඒ තීව්‍ර ඇස් කැළඹීමෙන් මෙන් ඒ මේ අත නොයා මා වෙතම රැඳුනි. හුස්ම යන්තමින් ගනිමින් මම හදවතට රුධිරය පොම්ප කලෙමි.
මධුලිකා සියඅත මගේ ග්‍රහණයෙන් මුදවා ගත්තාය. එය එක අතකට යහපතකි. එම මෘදු ස්පර්ශය මහා මත්විමකි.
"මෝ... මොනවද?"
මම සාමාන්‍ය වන්නට උත්සහ කලෙමි. කාමරය ආලෝකමත් උනා නම් හොඳය. එසේ නොඋනා නම් ඊටත් හොඳය.
"කාරණා දෙකක්... එකක් තමයි.. මට ඇත්ත කියන්න... විරංග ගැන"
මගේ කටහඬේ මම බලාපොරොත්තු වුනු ඝර්ජනාව තිබුනේ නැත. දැන් නම් තත්වය බරපතලය. මම මධුලිකා වෙතින් නෙත් ඉවත්කොටගෙන , සිටි අයුරින්ම මධුලිකා අසලවූ සෝෆාවේ හිඳගත්තෙමි.
"විරංග ගැන අහිතක් හිතන්න එපා. එයාට සල්ලි වගයක් ඕනේ. ඒක නිසා.."
"මම දන්නවා ඒ සල්ලි ගැන. ඒ ගැන මම හොයාගත්තා"
"මට විස්තරේ කියන්න"
"......................."
"ඌට සල්ලි ඕනේ කියලා මම කලින් දැනගෙන හිටියා නම්... ඔයාට මෙහෙම වෙන්නේ නැහැ. බයවෙන්න එපා... මම දැන් ඉන්නවනේ"
"මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න"
මධුලිකා මා තරයේ වැළඳ ගත්තාය. පපුවට සිරවූ ඇගේ මෘදු ශරීරය නිසා පිරි ඉතිරි යාමට ආසන්න බඳුනක් මෙන් මම හුස්ම අල්වාගෙන උන්නෙමි.
මට කතාකරගන්නට හඬක් පිටවුයේ නැත. මම මධුලිකාගේ ගෙලෙහි වම්පස සෙමෙන් සිප ගත්තෙමි. එය වුයේ කෙලෙසකද කියා මට තේරුම් කරන්නට අදටත් නොහැකිය. මධුලිකා වහා මා තල්ලුකොට දැමුවාය.
මට මොන යක්ෂයා ආවේශ වුවාදැයි මම නොදනිමි. එකවරම අල්ලා මා අසලට ඇදගත් මධුලිකා මම තදින් සිපගත්තේ ඒ නිමේශයේය! තත්පර වලින් කෙතරම්ද නොදන්නා කල්ප ගණනාවක් ඔස්සේ මම තාරුකා ද්වාරයකින් ගමන්කරන්නාක් මෙන් දැනුනා නම් මතකය.
බලහත්කාරයෙන් උදුරාගත් ඒ දීර්ඝ හාදුවෙන් මන්මත්ව උන් මගෙන් මිදෙන්නට දැඟලු මධුලිකා මම තදකොට මිරිකා අල්ලාගත්තෙමි.
"මධු.... ඔයා මගේ!"
ඒ ඇස්වල තරම් කාන්තියක් මම දියමන්තියකවත් දැක නොතිබෙන්නට ඇත. මද අඳුර තුලින් දිලිසුනු ඒ ඇස්වල තිබුනේ මම සිහි විකල් කරවන ආකර්ෂණයකි. සත්‍ය වශයෙන්ම මම විකල් වන්නට ඇත.
"...... ආයෙත් ගැහුවොත්... ආයෙත් කිස් කරනවා!"
මම තදබල ලෙස කීවෙමි.
"අන්න එහෙම කියන්න එපැයි... මෝඩයා!"
ඈ ආරක්ෂා කොට හොදින් සිටින්නට නිදහස් කරන්නටද? සත්‍ය වශයෙන්ම ඈ තවත් අයෙකුට ලබාදීමට මම සුදානම්ද?
'නැත... මධුලිකා මගේය!'
මගේ සිත මුරගෑවේය.
'විරංග , වාසුල නෙවෙයි.... ඩඩාට උනත් කියන්න තියෙන්නේ එච්චරයි!'
මා තුල උන් වෘකයාගේ ඝර්ජනාව ඇසුනා මෙන්, මධුලිකා එකවරම ගැස්සී අවදි වුවාය. අනතුරුව නින්දෙන් කාමරයේ මේස ලාම්පුවත්, ඒ සමඟම ඈ දෙස බලා සිටින මමත් දුටු මධුලිකාට බියෙන් මෙන් මා දෙස බලාගෙන සිටියේ සිය විනිවිද පෙනෙන බැල්මෙනි. මගේ සිතුවිලි සමඟ මුහුණ වෙනස්ව තිබෙන්නට ඇත. ඇස්වල කෑදරකම තිබුනාද?
මම නිරායාසයෙන් ඈ දෙස බලා සිටියා වන්නට ඇත. මධුලිකා ඉන් අපහසුතාවයට පත්වුවා විය හැකිය. මධුලිකා නැගිට බිත්තියේ වූ ස්විචය වෙත අත ගෙනගියද , මම වහා නැගිට ඈගේ මග අහුරා සිටගතිමි.
"වාඩිවෙන්න.. "
ඈගේ සිරුරෙන් විහිදෙන සියුම් උණුසුමත්, අසලින් නිතරම නැගෙන විලවුන් සුවඳත් විසින් මා මත්කොට තිබේ. එය ජින් මතට වඩා දරුණුය. පා පහරකින් විසිරි යන අළු ගොඩක් වැනිය. මධුලිකා මගේ සිරුරේ ගෑවී නොගෑවී ආපස්සට අඩියක් තැබුවාය. මම මධුලිකාගේ වමතේ ඉහලින් අල්වා ඈ සිටි සෝෆාවේ මෑතින් පහතට ඇද ඉන්දවුයෙමි. ඒ තීව්‍ර ඇස් කැළඹීමෙන් මෙන් ඒ මේ අත නොයා මා වෙතම රැඳුනි. හුස්ම යන්තමින් ගනිමින් මම හදවතට රුධිරය පොම්ප කලෙමි.
මධුලිකා සියඅත මගේ ග්‍රහණයෙන් මුදවා ගත්තාය. එය එක අතකට යහපතකි. එම මෘදු ස්පර්ශය මහා මත්විමකි.
"මෝ... මොනවද?"
මම සාමාන්‍ය වන්නට උත්සහ කලෙමි. කාමරය ආලෝකමත් උනා නම් හොඳය. එසේ නොඋනා නම් ඊටත් හොඳය.
"කාරණා දෙකක්... එකක් තමයි.. මට ඇත්ත කියන්න... විරංග ගැන"
මගේ කටහඬේ මම බලාපොරොත්තු වුනු ඝර්ජනාව තිබුනේ නැත. දැන් නම් තත්වය බරපතලය. මම මධුලිකා වෙතින් නෙත් ඉවත්කොටගෙන , සිටි අයුරින්ම මධුලිකා අසලවූ සෝෆාවේ හිඳගත්තෙමි.
"මම දන්නවා ඒ සල්ලි ගැන. ඒ ගැන මම හොයාගත්තා"
"මට විස්තරේ කියන්න"
"......................."
"ඌට සල්ලි ඕනේ කියලා මම කලින් දැනගෙන හිටියා නම්... ඔයාට මෙහෙම වෙන්නේ නැහැ. බයවෙන්න එපා... මම දැන් ඉන්නවනේ"
"මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න"
මධුලිකා මා තරයේ වැළඳ ගත්තාය. පපුවට සිරවූ ඇගේ මෘදු ශරීරය නිසා පිරි ඉතිරි යාමට ආසන්න බඳුනක් මෙන් මම හුස්ම අල්වාගෙන උන්නෙමි.
මට කතාකරගන්නට හඬක් පිටවුයේ නැත. මම මධුලිකාගේ ගෙලෙහි වම්පස සෙමෙන් සිප ගත්තෙමි. එය වුයේ කෙලෙසකද කියා මට තේරුම් කරන්නට අදටත් නොහැකිය. මධුලිකා වහා මා තල්ලුකොට දැමුවාය.
මට මොන යක්ෂයා ආවේශ වුවාදැයි මම නොදනිමි. එකවරම අල්ලා මා අසලට ඇදගත් මධුලිකා මම තදින් සිපගත්තේ ඒ නිමේශයේය! තත්පර වලින් කෙතරම්ද නොදන්නා කල්ප ගණනාවක් ඔස්සේ මම තාරුකා ද්වාරයකින් ගමන්කරන්නාක් මෙන් දැනුනා නම් මතකය.
බලහත්කාරයෙන් උදුරාගත් ඒ දීර්ඝ හාදුවෙන් මන්මත්ව උන් මගෙන් මිදෙන්නට දැඟලු මධුලිකා මම තදකොට මිරිකා අල්ලාගත්තෙමි.
"මධු.... ඔයා මගේ!"
ඒ ඇස්වල තරම් කාන්තියක් මම දියමන්තියකවත් දැක නොතිබෙන්නට ඇත. මද අඳුර තුලින් දිලිසුනු ඒ ඇස්වල තිබුනේ මම සිහි විකල් කරවන ආකර්ෂණයකි. සත්‍ය වශයෙන්ම මම විකල් වන්නට ඇත.
"...... ආයෙත් ගැහුවොත්... ආයෙත් කිස් කරනවා!"
මම තදබල ලෙස කීවෙමි.
"අන්න එහෙම කියන්න එපැයි... මෝඩයා!"
කුමක් හෝ සිදුවූ බවක් පමණක් මිස හරිහැටි මතකයක් නොවුවත් අතරින් පතර ඇගේ ඒ දීප්තිමත් දෑස දිලිසෙනවා මතකය.
සුහදිනියේ සඟවන් - සෘජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කල ප්‍රතිමා සේ දිලෙනා
සඳමිනියේ නුඹ නම් සැණකෙලියයි මගේ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
සිහිනෙන් රෑ ලංවූ සුවඳක් සේ ළඟ උන්
සංවරියේ රන්සිත කෝ මා පිනනා
වාත්තු කර ඇති දේහ ලතාවට
හේත්තු වෙන්නද සෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හී දැල්වේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනවිය නුඹ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ
වීනා බඳවට කැරකෙන වරලස
අණදෙන හර්දස්පන්ධනයෙන්
සුසුමේ රිද්මයටම රඟදෙයි නුඹ
මගේ පෘතක්ජන සිතුවිල්ලේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන නුඹ මගේ හිත අවතැන්කල එකම ලඳයි මෙලොවේ
*************************************
සුහදිනියේ සඟවන් - සෘජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කල ප්‍රතිමා සේ දිලෙනා
සඳමිනියේ නුඹ නම් සැණකෙලියයි මගේ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
සිහිනෙන් රෑ ලංවූ සුවඳක් සේ ළඟ උන්
සංවරියේ රන්සිත කෝ මා පිනනා
වාත්තු කර ඇති දේහ ලතාවට
හේත්තු වෙන්නද සෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හී දැල්වේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනවිය නුඹ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ
වීනා බඳවට කැරකෙන වරලස
අණදෙන හර්දස්පන්ධනයෙන්
සුසුමේ රිද්මයටම රඟදෙයි නුඹ
මගේ පෘතක්ජන සිතුවිල්ලේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන නුඹ මගේ හිත අවතැන්කල එකම ලඳයි මෙලොවේ
********** මතු සම්බන්ධයි ***********
තේමා ගීතයකුත් ලියල... හරි ෂෝයි...
ReplyDeleteවිරංග ගැනත් බලන්න ඒ වුනාට.... චාපා ළමය කැමති වෙන එකක් නැද්ද
බොහොම ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට. මේක මම ලියපු එකක් නෙවෙයි. කැලුම් ශ්‍රීමාල් විසින් ලියලා , අමරසිරි පිරිස් ගායනා කරන එකක්. ඇත්තටම කිව්වොත්, මේ සින්දුව තමයි මේ කතාව ලියන්න, මේකේ ඉන්න චරිත දෙක (මධුලිකා සහ තීක්ෂණ) ගොඩගන්න පාදක උනෙත්. දැන් මට පිස්සුය කියල එහෙම හිතන්න එපා.. ඒ හැටි!
Deleteවිරංග? ඔව් ඔව්.. එයා ගැන බලන්න වෙනවා. බලමුකෝ එයාගේ වැඩ එකින් එක එකියට එන හැටි ඉදිරියේදී
Well done Likhi! :D
ReplyDeleteඒ මොකටද අනේ ඒ? මුන් දෙන්නව යාලු කලාටද? මට නම් තීක්ෂණ ගුටිකෑවා මදි මදි වගේ... මොකද කියනේ.. ගුටියක් දෙකක් දෙමුද?
Deleteස්තුතියි කාලෙකින් කමෙන්ට් එකක් දැම්මට. මම හිතුවා කියෝන එක අතැරලා කියල
අප විසින් ගඟක් දිගේ කරණා ගමනකදී හෝ ගං ඉවුරක ගත කරණ රාත්‍රියකදී ගමන් සගයන් කිහිප දෙනා සමග කෙරෙණ සුන්දර කතා බහට උත්තේජනයක් ලෙස තොල සප්පායම් වන මධුවිත පිළිබඳවද; තීක්ෂණ හා විරංග තොලගාන සීතල බීර වීදුරුව පිළිබඳව දක්වන සම මෙතම දක්වන්නේද? "අයිස් මෙන් සීතල බීර මගේ ගත සිසිල් කරමින් මුව තුලින් සිරුර පුරා අමුතු ආනන්දයක් ඇතිකරනවා මෙන් මට දැනුනි."
ReplyDeleteදිනයේ අවසන සියළු ගැහැට අමතකව දියව යන්නට තීක්ෂණ පනය කරණ බීර වීදුරුව ගැන ඔබ ලියා ඇති වර්ණනාව තුල ඔබ ඒ පිළිඹඳව මනා පරිචයකින් සමන් විත බව පෙනේ? එය එසේද?
මෙතරම් කාලයක් ඉක්බිතිව හෝ තීක්ෂණගෙන් උනුසුම් හාදුවක් ඉල්ලාගත් මධුළිකාට හද පිරි ස්තූතිය. මම ඒත් බැලුවා තීක්ෂණ මෙතරම්ම මෝඩයෙක් දැයි කියා!?
රහමෙර පානය කරන, ජිවිතේ බරක් පතලක් ගැන මෙලෝ විචාරයක් නැති කොල්ලෙක් විදියට ලියන කතාවකදී, ගහෙන් ගෙඩි එන්නා වගේ ලිව්වහැකිද රහමෙරේ තියෙන බරබරේ? මෙයත් ඉතින් විසිල් ගහගෙන දුවගෙන එන්න ඇති! හුහ්..
Deleteගඟේ පැත්තක ඉඳල හැලි අරක්කු බොන උන්ට මම නම් කියන්නේ කිඹුලම කන්ටය කියල!
මෙච්චර මටගාන්න උනේ ඉතින් ඒ ළමයාගේ තිබ්බ ආදරේ හින්දනේ! තමන් ඉතසිතින් ආදරේ කරන කෙනෙකුගේ ඇඟිල්ලෙන් අල්ලන්නත් සෑහෙන වලියක් දාන්න වෙනවා හිතත් එක්ක. කුකුල්ලු කන්න හිවල්ලු කඩාගෙන පනිනවා වාගේ නෙවෙයිනේ. තීක්ෂණ ඇත්තටම මෝඩද?
මා අගින්ම පටන් ගන්නම්!
Deleteතික්ෂණ කියන චරිතය ඔබ ගොඩ නගා තිබෙන ආකාරය තුල ඔහු තුල කිසියම් විනෝද කාමී බවක් පෙන්නුම් කෙරෙණවා. මෙහිදී මම ඔහුව හැඳින්වීමට "සල්ලාළ" කියන වචනය තෝරා නොගැනීමට ප්‍රවේශම් වෙනවා.
ඔහු ස්ත්‍රී ලෝලියකු විනා සල්ලළයෙකුසේ ඔබ ගොඩ නගා නැත.ප්‍රේමය, ආදරය නමැති කුල්ලට මුවාවී ස්ත්‍රී සේවනයේ යෙදීම ඔහු විසින් කල බවක් මෙහි ගම්‍ය නොවේ.
ඔහුගේ සිත තුල මධුළිකා මුද්‍රා තබා ඇත්තේ ගෞරවණීයත්වයක්.
එම ගෞරවණීයත්වයට හේතු භූතවන කාරණා කිහිපයක් ඔබ විසින් ලියා දක්වා ඇත.
ඇගේ මනා රූ සපුව තුලින් මතුවන පෞර්ෂය, ආඩම්බරකාරී හැසිරීම, ඇය පිළිබඳව තීක්ෂණ ඇතුළු අනෙකුත් සමකාලීනයන් තුල ඇතිවී තිබුණු උනන්දුව හා ඉල්ලුම වැනි කරුණු ගෙන හැර දැක්විය හැක.
"ලෝකයෙ සිටින සියළුම ගැහැණුන් උපතින්ම රූමත්ය! බොහෝවිට සිටින්නේ තම රූ සපුව පවත්වා ගැනීමට නොදන්නා අයය!" කියා කියමණක් ඇත. මෙහි යම් සත්‍යතාවයක් පවතී. එනිසාම නොවේද සෑම ගැහැණියකම තම සහකාරිය, පෙම්වතිය, බිරිඳ ලෙස තෝරා ගැනීමට පිරිමියක මෙලොව කොයි දීපංකරේ හෝ වසන්නේ?
උපතින් කාන්තාවක් ලබන රූසපුව සාපේක්ෂ ගුණාංගයක් ලෙස පිළිගත්තද: කලින් කල එහි නිරපේක්ෂ ඒකක තිබී ඇත. යුරෝපයේ "මරිය තුමී", "බ්‍රිතාන්‍යයේ රජ පෙළපතේ චරිත" කලින් කලට නිරපේක්ෂ ඒකකය ලෙස තෝරාගෙන ඇති බව මීට පෙරද මා ලියා ඇත.කලකට පෙර මෙරට හය හතර නොතේරෙණ ළපැටියාගේ සිට ආච්චි, ආත්තම්මලා පවා "ඩයනා කට්" කපන්නට ඇත්තේ ඩයනා නිරපේක්ෂ ඒකකය යැයි ගත් නිසා නොවන්නේද? අපරටේ වුවද "රුක්මණී දේවි", "මාලණී ෆොන්සේකා" කලින් කල එසේ තෝරාගත් නිරපේක්ෂ ඒකකයන්ය. (කඩවසම් බවට ගාමිණී, විජය තරාදි පඩියට ගත් බව මාහටද මතකය!)
මෙසේ ලබන හෝ ලබා ගන්නා හෝ මැණෙන රූසපුව යලිදු වර්ගී කරණයකට භාජනයවේ. "අහිංසක ලස්සන", "සරාගී සුරූපී බව" ආදී වශයෙන් වෙන් වෙන් වන්නේ එම වර්ගී කරණයය.
මෙහිදී තවත් අල්පයක් වන කාන්තාවන් සුරූපී වන අතර ඔවුන් කෙරෙණ් දිස්වන්නාවූ පෞර්ෂයක් පිළිඹිබුවේ. මේ පිළිබඳව කෙස් පැලෙන තර්ක දහසක් ඉදිරිපත් කල හැකි වුවත් එවන් පිළිඹිබුවක් කාන්තාවන් කෙරෙණ් මා දැක ඇත. කටහඬ තුළින්ද මා එය අසා ඇත!
අපගේ කතා නායිකාව මධුළිකා තුලින්ද දැක්වුණු සුරූපී බව එවන් පෞර්ෂයක් හා මිශ්‍රිත එකක් නම් තීක්ෂණ පසු බැසීමට හේතුවක් විය හැක.
අනෙක් අතට ඕණෑම පිරිමියකු තම සිතෙඟි ඉටුකර ගැනීමට පෙර "මුට්ටිය" දමා බලයි. එම මුට්ටිය දැමීමට තරම් සිදුරක් නොවුන හොත් ඔහු සිදුර ඇති වන තෙක් කල් බලයි!
මධුළිකා තම චරිතය තුල එවන් සිදුරක් ඇති නොවීමට සියළු කල්හිම උත්සුක වේ. එය කාන්තාවක් තුළින් දිස් විය යුතු ගුණාංගයක් සේ; මා පෞද්ගලිකව දකිමි!
තමා කෙතරම් අසීරු අවස්ථාවකට පත්ව සිටියද ඇය තම පුද්ගලිකත්වය සිදුරු නොවීමටත්, කිසිවෙකුට සිදුරු කිරීමටත් ඉඩ නොතැබිය හැකිලෙසත් හැසිරීමක යෙදී සිටියාය.
එතැන් සිට . . . . . . . . . . !
Deleteමෙවන් චරිත පියදාස සිරිසේණයන්ගේ පොත්වල සිට කරුණාසේණ ජයලත්ගේ නවකතා දක්වාම අප කියවා ඇත.
පියදාස සිරිසේණයන්ගේ රොසලින් මෙන්ම ගොළු හදවතේ ධම්මි, ගැහැණු ලමයි හී කාන්ති (මට මතක ලෙසට) එවන් පරමාදර්ශී චරිතයන් වූහ.
නව ඩිජිටල් ලිවීම තුල එවන් පරමා දර්ශී චරිත දොරමුල්ලට අතුගෑවී ගොස් ඇත.
ඔබගේ ලිවීම් හා කාව්‍ය තුලින් ද මා එය දැක ඇත.
"අනේ මා සිප ගන්න!" "අනෙ මාගේ ඇඳුම උනන්න!" කියා ලිවීම "නිදහස් ලිවීම" යැයි බොහෝ දෙනා සිතති. එය එසේ නොවන වගට මාගෙන් කිසිවෙකු උදාහරණයක් දක්වන ලෙස ඉල්ලා සිටිය හොත් "නිදීගේ පංචතන්ත්‍රයේ" සිට ලියාගෙන යාහැකි අත ලොස්සක් වෙයි.
මෙවන්; අවකාශය තුල ලියැවෙන ඩිජිටල් ලිවීම තුල ලියමින් පරමාදර්ශී චරිතයක් ගොඩ නැංවීම තම ලිවීම නොකර ගනිමින්; එහෙත් සිදුරු නොවූ මෙන්ම සිදුරු කල නොහැකි චරිතයක් ජීවත් කරවීම අසීරු කටයුත්තකි! ඔබ එය ජයගෙන ඇත!
එය හුදෙක් මනෝමූල චරිතයක් නොවී විශ්වසණීයත්වයකින් යුතුව වැළඳ ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබ සමත් වී ඇත.
"දැන් නම් ෂුවර් එකටම සියල්ල ඇරඹෙණු ඇත!" යැයි; ජාගර සිතකට කුමනහෝ ලෙසකින් නොසිතෙන "කබර හමක්" ඔබ මධුළිකා වෙතට ලබාදී ඇත.
හිතුවාට වඩා ලියැවුනා!
මධුළිකා සතු ආඩම්බරකම පිළිඹඳව මා කතා නොකරමි!
තරුණයකු විසින් තම සිත් ගත් තරුණිය දඩයම් කර ගැනිමට විවිධ විවිධ වූ උපාය මාර්ඝ උපයෝගී කරගනු ලබයි. ඉන් එක් "ඇමකි"; විනීත බව!
තීක්ෂණ පලමුව වඩත් විණීත වන්නට ඇත්තේ 'ඇමක්' ලෙස විය යුතුය. එසේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන් ඔබ්බට ගත හැකි ක්‍රියා මාර්ගයක් මධුළිකාගේ 'කබර හම' ඉදිරියේ මා මෙන්ම තීක්ෂණද නොදකින්නට ඇත.
එසේම නුවණැහි පිරිමින් "බාගෙන කන්නට ඇති වල; ඉහගෙන කන්නට නොයති!"
කුමණ හෝ ලෙසකින් මධුළිකා; තීක්ෂණගේ හදවතේ කෝමළ ස්වරයන් නින්නාද කරවීමට සමත්වී ඇත.
එය යම් ලෙසකින් බලාපොරොත්තුවකි!
ඉතින් මොකටද ඉහගෙන කන්නේ?
මන්ද ඉහගෙන කෑම - ඉල්ලං කෑමක් බව මධුළිකා ඉදිරියේ තීක්ෂණට වැටහී තිබිය යුතුමය!
ඔබගේ බීර කතාවට මා කවියකින් පිළිතුරු දෙන්නම්!
"සුරාවේ අගයත් - එහි ඇති මනා රසයත්
බොන උතුමෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්"
මේ තරම් බරසාර කොමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුතියි...
Deleteතීක්ෂණගේ චරිත ස්වභාවය මම තරමක වෑයමකින් ගොඩනගපු චරිතයක්. ස්ත්‍රීලොල් චරිත කොහොමත් සුදුවට ගොඩනගන්න බැහැ; ඊටත් වඩා අළුපාට චරිතවල අවංකකම කියන්නේ අන්ධ බිංදුව වගේ. වරෙකදී අතිශය අවංක ලෙස ඉටුකරන කාර්යයක්, තවත් වරෙකදී හුදු වන්කත්වය ; චපලත්වය ; රෝස් පරොස්බව කියන කාරනා වලින් සම්මිශ්‍රණය වුනු කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ චරිතයක් බොහොම ත්‍රිමානයි. පැතලි නැහැ. ලියන කෙනා කෙසේ වෙතත්, කියවන්නා තුල ඇතිකරන්නේ වෙහෙසක්. ඒ නිසා වෙන්න ඕනේ වරෙක පැතුම් කියලා තිබ්බේ මේ මනුස්සයාගේ මධුලිකා ගැන දෙගිඩියාව විකාරයක් වගෙත් දැනෙනවා කියල. ඒ චරිතය කොහොමද මන්දා ඔබ ඔතරම් පැහැදිලිව දකින්නේ? ඒක සෑහෙන සැකයට තුඩුදෙන වැඩක්!!
මධුලිකා ගැන මට ඇතිකරන්න අවශ්‍ය උනෙත් , ඔබ ඔය කියන ස්වභාවය වෙන්න ඇති. ස්වභාවයෙන්ම සංකීර්ණ චරිත වුනත්, යුවතියක වශයෙන් ඈ තුල ඒ ඒ අවස්ථා වලදී ඇතිවෙන කැළඹීම් මට හරියට ඉදිරිපත් කරන්න බැරි උනාද මන්ද. අහලා ඇතිනේ සරසවි කල්කේ? අන්න ඒ වගෙයි මම මධුලිකාගේ චරිතය ගොතාගෙන යන්න උත්සහ කලේ. මේ දෙන්නා ඔබ දන්නා දෙන්නේක්දෝ කියලා සැකයක් සිතෙනවා! එක්කෝ ඔය කදු කිනිසි පතුරොම් අස්සෙම ඉඳල ඉවට වගේ දැනෙනවත් ඇති මම මේ දත කාගෙන ලියන්න හදන දේවල්. උත්සහ කරනවා, අගයක් ලැබුනත් නොලැබුනත්!
විනීත කමේ ඇම ! ඔව් ඒක තමයි නියම වචනේ... තීක්ෂණ ඒ අතින් හොඳ දඩයම්කරුවෙක් නෙවෙයි නේද? නැතිනම්, (මතකද මන්දා) මුලින්ම මධුලිකාගෙන් කන පලාගන්න හදන්නේ නැහැනේ!
මොකක් උනත්, සුරාවේ තරම පෙනුනේ නැති එකනේ අරුමේ! උන්දා එදා ජින් බීලා උන්නේ නැතිනම්, අරෙහෙම දෙයක් කරන්නේ නෑනේ!! ( තීක්ෂණ බය වෙලා ඉන්නේ ඒ කාරණාවට... පොඩි උනත් සතා භයානකයිනේ.. නැද්ද?)
'නොබොන අනුවන දනෝ' දනෝ නේන්නම්!
Kauru kaurut kohma kohma htyath avasthawa awama avasthawadee wenwa
ReplyDeleteඔව්.. ඒ අවස්ථාවාදී කම රැඳිලා පවතින්නේ අවස්තාවක් ලැබීමේ පමාව තෙක් පමණයි! ගොඩක් සුද්දවන්තයින්ගේ කතාව ඕක තමයි. එහෙමත් දෙනෙක් තමයි අවස්තාව ලැබිලත්, ඒක නොගන්නේ.
Deleteකිසිම සත්‍ය ලෝකයේ චරිතයක් තනිකර සුදු හෝ තනිකර කළු නැහැ. ගොඩක්ම අළු!
This comment has been removed by the author.
Deletehow about posting the next episode? I read the whole story last week, taking one entire evening and looking forward for the next episode ever since..... It's really nice
ReplyDeleteI'm not so sure if you are new to my blog as you have not ever commented me before.
DeleteThank you very much for reading. Appreciate your encouraging comment as well. Well... Let's see how it's gonna be written..
Yes, I'm new to your blog, found this accidentally.... fan ever since!!!
DeleteWarmly welcome! & thanks
Delete