Thursday, July 5, 2018

184. කුමරු සපුමල් || Hero





සරත් සමයට කුරිරු ලෙස හිඳි නුබගැබේ සැඩ කිරණ වලකා
සුරත් යුග එසවුණු දියඹ බැඳි රළ අතර සැඩ පහර සලකා
මරත් කත මැණිකක් ලෙසින් සැදි සිලිටි පෙති පනසේම සුරැකා
බලත් තුටුකොට පහන් එළියේ පිපෙන කොඳ මල සේම තිලකා

තුඩ'ග පහසට ඇහැරි ඇහැරී සුළු මැදුම් දෙතිතෙන් උදුල්
විහඟ ගීයක තැවරි තැවරී රිදුම් පිරිමදිමින් විපුල්
සිතැ'ඟ ඉවසා මිහිරි මිහිරී කොපුල් රත්පැහැ කර තෙපුල්
මුවග දරනෙමි මුමුණ මුමුණා මියෙන තෙක් මා කුමරු සපුමල්





~~~මන්ජි

11 comments:

  1. රතඟ සැදි මල් මිණි පැමිණි ලෙද ස්නේහයේ සුනරුත් වදන්,
    සසඟ කුමටද සිත් යහන් මත ඔබ ළයෙහි තුරුළුව ඉඳින්,
    සමග පෙර අත්බැව්හි විඳි සුව මතක පොත ලියනුව ඉතින්,
    විහඟ ගීතය අසනු ලෙද එනු මැන සොඳුර සිත් සන්තොසින්,

    බොහොම අපූරුයි නෝනා මහත්මයා බොහොම අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      මේ කවි දැක්කහම තව තව කවි ලියන්න හිතෙනවා.

      Delete
  2. උදුල සඳවත සුවය තැවරී කැළඹෙනා මහ රැය හොඳින්
    වදුල සිරසෙහි රෑන විහඟුන් මුමුනවයි සිය පෙම නදින්
    දිදුල තරු මිණි අසිරි දෙද්දී සුව විඳින්නට තව තදින්
    කඳුල මසිතෙන් පහව යයි දැන් පෙමට ඉඩ දෙන්නට හදින්.....

    අපූරුයි ලිඛිතා... ඔබේ කවිකම් තරම් මගෙ කවිය අනගි නොවුනත් කවියක් ලියන්නම පෙළඹීමක් ඇතිවූ බැවින් ලිව්වෙමි.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලදී ඔබ තරම් කවියෙන් හරඹ කරගන්නට නොහැකි මම මේ අමාරුවෙන් ලියාගත්ත කවිය තුල යම් දෙයක් ඔබ දුටුවානම් නිහතමානිව සතුටු වෙමි.

      බොහොම ස්තුතියි පිළිතුරට

      Delete
  3. සපුමල් කුමාරයා....අපෙ සෙම්බගප්පෙරුමාල් කුමාරයා...ලිඛිතා මැඩම් කෝට්ටෙද නල්ලූර් වලද හිටියේ ඒ කාලේ?

    ReplyDelete
  4. ලස්සනයි ලිකිතා.

    ReplyDelete
  5. හරි අපුරුයි ලිඛිතා....

    ReplyDelete
  6. අපූරුයි

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...