Tuesday, July 17, 2018

185. ආපසු || turn back










යම් දිනයක ඔබ ,
හදිසියෙන් මෙන් පැමිණ
මට කියාගන්නට
බැරුව සිටි බොහෝදේ
ලියා තබා යනු ඇත...

එදිනට
වීදුරුව බරුව යට ඇති
ඔබ ලියු කොලය
තබා යන්නට ප්‍රථම,
දැනටමත් එහි ඇති
පඬු පැහැ කුඩා සටහන
කියවාම යනු මැන...

කියවීමෙන් පසුව
හමුවීම උගහටය,
පුංචි කවුළුවක් හෝ
විවර නැත
එතැන - එදිනට!


~~මම

16 comments:

  1. මොන තරම් පොරොන්දු උනත් නිතර බ්ලොග් පැත්තේ එවෙන්නේ නැ. එත් ඒ එනදාට නොවරදවාම ඔබව බලන්න එනවා. හැමදාම වගේ හරි ලස්සන ලිවීමක් ලිඛිතා

    ReplyDelete
  2. හ්ම්ම්ම්...
    කියවීමෙන් පසුව, කොමෙන්ට් කිරීම උගහට ය...

    නියමයි ලිඛිතා...

    ReplyDelete
    Replies
    1. නොකියවිය යුත්ත කියවීමේ විපාක !

      Delete
  3. හමු වීම උගහට නම් නොකියවන තරමට හොඳය..

    ReplyDelete
  4. හොඳයි.... එයත් කියවා බලන්නම්...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම ප්‍රගතිශීලි වෙන්නකෝ

      Delete
  5. ආපසු යන්නට පාර කියනවද... :/

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ බැරි.... මේවා වන්වේ

      Delete
  6. Replies
    1. ලිඛිතාට කවිතා කියා කීම එක්තරා බුහුමනක්. ස්තුතියි

      Delete
  7. මුහුණ දිහා බලාගෙන කියන්න බැරි නිසානේ ලියලා තියන්නේ. ඒ නිසා කියවන්නම වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. මුහුණෙන් කියවෙන දේවල් කියවන්නේ එතකොට?

      Delete
  8. ලියන්නට කම්මැලි කෙනෙක් නම් විනාසයි. කියවන්නට කම්මැලි කෙනෙක් නම්....

    ReplyDelete
    Replies
    1. ලියන්නට කම්මැලි උදවිය කියවන්නට කම්මැලි නැත. එහි විලෝමය කොහෙත්ම නැත

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...