දඟකාර පොට්ටනිය උඹ
තත්පර දෙක තුනක්වත්
එකතැන නොරඳන හැටි!
උදේට බැරිනම් රෑට
රෑට බැරි උනොත් දවල්ට
වෙලාවක් නැතිම නම් හිතූ වෙලාවට..
කටු අත්ත වගේමයි
පැටලෙන්නේ - මා එක්ක!
ඔරෝගෙන ඔය සුදු මූන
තාර හොට හදාගෙන
කොණ්ඩ ගස් කටෙන් හප හප
විස්සෝප වෙනකොට
ඉන්න බෑ මටත් එතකොට
ලොකුකම ඉබේම කුණු කුඩේට!
ඒ පෙනුම තියෙද්දි කොහොමද ලොකුකම පෙන්නන්නෙ.
ReplyDeleteජයවේවා!!!
ඒකනේ.... ඔයාට තේරුනා
Deleteඔරෝගෙන සුදු මූණ.. තාර හොට හදාගෙන.. අපේ ඒකිට කියන්න ඕනි ගිහිං.. :D :D ලිඛිත ආන්ටි කියුවයි කියල..
ReplyDeleteමොකක් ලිඛිතා ආච්චි?
Deleteමං කිව්වාය කියල කිව්වොත් නම් විස්වාස කරයි. නැතුව ඉතින් සේෆ්ටියා ඔහොම කොහොම කියන්නද
Deleteතට්ටයා: ආච්චිලාගෙන් තමයි ආදරේ ඉගෙනගන්න වෙලා තියෙන්නේ
Deleteආච්චිලාත් අහක බලන කාලයක් මේක!
Delete
ReplyDeleteසියපතක් ලෙසින් නුඹ
දෝතින්ම නෙලාගෙන;
බුදු පුදට රැගෙන යන
ලෙසින් රැක බලාගෙන......!
නිදි නැතිව ඉදිකිරන
ගෙවී ගිය දින ගනන.....!
උඹේ පතුල සිඹ මදිව
දිවෙන් එහි රස බැලුව.....!
හිතේ ගිනි මත ඉදුන
හබුං කට බත් දෙමිට;
කවන්නට කිව් නුඹට
මහ පුදුම කතන්දර......!
රෑ මැදියමේ නැගිට
කරද්දී රැහැයි හඩ;
නිදන තුරු දෙපා මත
ගැයූ ගී කවි මිහිර........!
පාසැලේ පලමු දින
දමා ආ විට තනිව;
තෙත් උනේ මගෙ දෙනෙත
පලමුවයි උඹෙ නෙතට.......!
විදින්නේ හැම ගැහැට
පුදන්නයි උඹ ලොවට;
නොවේ කර අග රැජින
වෙයන් දුවකට මවක.......!
සංවේදී කවියක්. දුවෙක් ගැන තාත්තලා ලියන්නේ මල් පියලි කවි. කරන්නේ යකඩ වැඩනේ...
Deleteමෙවන් කවි දකින විට
ReplyDeleteදැනේවිද දරුවනට
දෙමාපිය ආදරේ
කොතරම්ද යන වග??????
ඒ පරතරය තුල තමයි මේ සුන්දර ගැටුම
Deleteදගකාර පොට්ටනිය
ReplyDeleteඒ යෙදුම ලස්සනයි
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නේ
Deleteමොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ..
මේ සිංදුව තුල කොච්චර එහෙම උපමා තියෙනවද...
ස්තුතියි