Monday, March 19, 2018

175. දුර්ගා




සොවින වැලපෙන නෙතුද සඟවන පතිනියක දැක සීරුවෙන්
දියෙන ඇවිදින කන කොකෙකු මෙන කැනෙහිලෙකු සතු සහජයෙන්
දැවෙන කතරක කෙම්බිමක සිට සපැමිනෙන රකුසෙකු ලෙසින්
දරන සිහිලැල් පෙමින් බැනවූ තෙපුලයක මලපුඩු එලන්


පුවත් මවමින පෙමින් ආතුර ලියන් ගැන වහසිම දොඩා
දුවත් මවකුත් වෙනස නොමකර බවුන් වඩනා ලෙස කඩා
රුවත් කිත්ගොස ඇතිය එ'ළඳට මෙවුන් දම් කරලෙමි වඩා
කියත් සබයේ තමන් වනචර රා කලය වට මී බඩා


ලොවක් තනවා සදුන් තවරා සැදුණු අවිහින්සක පැලක්
විලක් කරවා කඳුළු රුහිරෙන් ගැලූ සුසුමන් කප්පරක්
තෙරක් නොපෙනෙන විලෙක ගිල්වා පන රැගෙන ගිය පතිනියක්
හොඳක්  නොමවේ උගේ ගෙදරට ඇගේ සුසුමෙන් ගිනිහලක්


සෝ සුසුම් මැද ගෙවුනු දුක්බර එවන් හැම තත්පර පවා
ලෝ දියෙන් කල්පයක් පිච්චී ඌ දැවී පන නොනැසෙවා
තෝමරෙන් තැලුමෙන් හඬා ගත අයැදුමෙන් කන නෑසෙවා
බෝ ඉහද පනුවන් වැසී අසරණ ලෙසින් ඌ මියැදෙවා


9 comments:

  1. පුදුම ලස්සන පරිපුර්ණ නිර්මාණය ක් ලිඛිතා. ආඩම්බරයි ඔබේ නිර්මාණශීලී බව ගැන.

    ReplyDelete
  2. හිතක දුක දැන අහිංසක හිත වෙතම පිහිටක් ලබාදී
    කොනක මතකයෙ මගෙත් තිබුනා දුර්ග දේවිය ගැන රැඳී
    කවක මේ ලෙස පදම ගළපා අරුත සුන්වෙන්නට නොදී
    රසක මහිමය ගලනවා මෙහි සිහල බස හොඳටම බැඳී.....

    ලස්සන නිර්මාණයක්.
    ජයවේවා!!!

    ReplyDelete
  3. පුදුම ලස්සනක් ලිඛිතා

    ReplyDelete
  4. මේකෙ ලොකු වරදක් නෑ ලිඛිතා...ඒත් මට නං සමහර තැන් වල බලෙන් වචන ඔබ්බවපු කෘතිම ගතියක් දැනෙනව....ඒක මගෙ අවුලක් වෙන්න ඇති....

    ReplyDelete
  5. කොමෙන්ටු දැමූ සියල්ලන්ටම ස්තුතියි

    ReplyDelete
  6. //සෝ සුසුම් මැද ගෙවුනු දුක්බර එවන් හැම තත්පර පවා
    ලෝ දියෙන් කල්පයක් පිච්චී ඌ දැවී පන නොනැසෙවා
    තෝමරෙන් තැලුමෙන් හඬා ගත අයැදුමෙන් කන නෑසෙවා
    බෝ ඉහද පනුවන් වැසී අසරණ ලෙසින් ඌ මියැදෙවා//

    හම්මෝ ඒකෙ සැර හිතක් පපුවක් නැද්ද දෙයියනෙ ඔච්චර වස් දෙන්නෙ. කොහොමත් අදහසට එකගයි. කෙටි කාලයක්දි කෙල්ලෙක් ආශ්‍රය කරලා නවත්තන එකෙක් මන් දකින්නෙ ලිංගික උවමනාවක් තියෙන පාලනයක් නැති එකෙක් විදියට. දිගු කාලයක් තිස්සෙ කෙල්ලෙක්ව රවට්ටමින් දැන දැනම මොකෙක් හරි එකෙක් එහෙම කරනවනම් ඔහු හෝ ඇය ඔබේ වස් කවියටම සුදුසු තිරිසනෙක්.....

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...