Thursday, March 15, 2018

174. සඳ කිඳුරු වැලපුම






කුමුදු සුපිපෙන අදර විල්තෙර - නොමැති ඔබ විමසන වෙලේ
අවිදු අදුරට තනිව ලන්කර - පැවති ඔබ සුවඳම වෙලේ
දෙවිඳු අමතා දෝත එක්කර - කියති මා අයදුම් සැලේ
කිසිදු අන'දර නොවී පින්කර - එවති මගෙ දෙවියන් පැලේ



~~~මන්ජි

14 comments:

  1. සද කිදුරු දා නළුවෙ
    කිදුරු චරිතය නැතිව
    කිදුරියගේ විලාපය ඇහෙනවා

    ReplyDelete
    Replies
    1. කිඳුරියගේ විලාපය
      නෑසෙන්න තරමටම
      රැහැය්යෝ රෑ පුරා අඬනවා.....

      Delete
  2. Replies
    1. වැටවල් නම් ගහලා මදි වගේ නේද?

      ලියමුකෝ පිලිතුරු කවියක්

      Delete
  3. තව කවි දෙක තුනකුත් එක් කළා නම් - ලස්සනයි ලිඛිතා..!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. නමුත් විලාපයක් උනත් දිගට යනකොට වාතයක් වෙයිදෝ හිතුනා

      Delete
  4. අපූරු නිර්මාණයක් ලිඛිතා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !

      කවියක් ලියන්න තරම් නොවේ කියලවත් හිතුනද?

      Delete
    2. අඳුරු නැති දුක් හදවතක් ළඟ - වැළපුමක් ඇහෙනා වෙලේ
      කිඳුරු සුසුමන් කඳුළු අතරෙම - පොරබදා නලියන වෙලේ
      සොඳුරු නුඹෙ පද තාල ගැළපී - කවිපෙළක් ඉපදුණු වෙලේ
      කිඳුරු කවි දැක මගේ කවිකම - සැඟවුනා කියවූ වෙලේ.....

      ජයවේවා!!!

      Delete
    3. ශා නියමයි......

      බොහොම ස්තුතියි

      Delete
  5. මේත් තව ලස්සන නිර්මාණයක් ලිඛිතා. ඇත්තටම කවි පන්තියක් ලියවුනා නම් කියලා මටත් හිතුනා

    ReplyDelete
  6. කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ
    කිඳුරී ලගින්නේ උගේ තුරුල්ලේ
    දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
    කිඳුරා ගොසින් වැටුනයි පුර මඬුල්ලේ

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...