Monday, February 26, 2018

172. කැටපත || Mirror mirror on the wall....





දෙන්න ඔය කැටපත,
මොහොතකට...
ඉර එළිය හරව හරවා දල්වන
ගිනි මොහොතකට
එලෙසින්ම තබන්න...
බලන්න
ඔබගේම මුහුණත
කැටපතෙන් ලංකර...

හඳුනාගතොත්
ඔබව
ලියා නොඑවන්න කිසිවක්
ඉපැරණි මතක සිහිකර....





17 comments:

  1. ගිනිවදින ඉර එලිය සිසිලසයි .....
    වටහා දෙන්නට
    කැටපත වත් නොදන්නා නිසා .....
    ඒ ඉපැරණි මතක සුවඳ
    නොලියා නොසිටින්නේ කෙලෙසදැයි ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.....

      කවිය බොහොම හැඩයි

      Delete
  2. අහෝ ඇයි කැඩපත යොමු කරේ මුහුණටම..
    මුලා උනිදෝ ගිනිකණ වැටි යලි යලිත්..
    නැහැ එහෙම වුනා වෙන්න බැහැ..
    දැන් ලියන්නේ කොහොමද කිසිවක්..
    හඳුනා ගත් බැවින් ටක්කෙටම..
    ඔබ මා.. අපි අපිව..

    ReplyDelete
    Replies
    1. හඳුනාගත්තොත් ඔබ මා????

      Delete
  3. ඉපැරණිම දුහුවිලි
    ඉරිතැලුම් මැද වුවද
    තවමත් බලා හිදින
    කැඩපත ඔබය...

    ReplyDelete
    Replies
    1. එවන් කැඩපත
      තොල් සායම් සිත්තම
      ඇන්දේ ඇය !

      Delete
  4. හදවතේ තිබෙන වේදනාව කැඩපතින් පෙනෙයි මට .

    ReplyDelete
    Replies
    1. බොහෝවිට කැටපතට පිටුපසින් හදවත !

      Delete
  5. මම ආසයි තරුත් එක්ක කථා කරන්න ......
    තරු සිතියම දිගේ තරු වලට යන පාර හොයන්න .......
    තරු එලිය දෙනකම් බලන් ඉන්න .....

    ඒත් , හද එලිය වැඩි දාට හදට මොකවත් ම නොකිය ඉන්න

    ReplyDelete
    Replies
    1. එසේ කීමෙන්
      මා උන්මන්තක බව
      ඔවුන් කියනු ඇත....

      Delete
  6. හරිම ලස්සනයි ගැලපුම.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      P.S. පොඩි යෝජනාවක් විදියට මගේ බ්ලොග් එකේ දකුණුපැත්තේ තියෙන පෝරම කොලේ (ගල්, මල් එවන්න කොටස) පුරවලා එවනවද? මට ඔබෙන් උදව්වක් ඕනේ.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...