Wednesday, February 14, 2018

170. දුක දැනෙන රෑ || shooting stars






පුපුරා හැලෙන සිත
එකතු කරගමි දෝතින් ,
ඉරිතැලෙන දෙනෙත් අග
බින්දු තවරමි පින්නෙන්,
ගෙවෙන මොහොතක සිතමි
රෑ කුරිරුයිද මෙලෙසින්!


දුරින් හෝ හිද ඇතිද?
ලං ලංව  නොම සිටිද?
බිසවුන්ට සෙලවිනිද?
පතිදමින් සිරවිනිද?


රුහිරු විසිරී ගලයි
හිස හැරුනු අතම යයි
නොදෙන්නෙමි ඔබ මගෙයි
ලය පැලෙයි - නිදි නොඑයි



~~~~ මන්ජි

4 comments:

  1. සැලෙන කැළඹෙන
    පිනි කිණිති මත..
    හාදු තවරා ආදරෙන්..
    විඳිමි සැනසෙමි
    සදා සුරකිමි..
    මිරිර ඔබමය මා බිසව්..

    පට්ට! :D

    ReplyDelete
    Replies
    1. ඒකනම් බොහොම ප්‍රේමනීය තත්වයක්! බෝම සන්තෝසයි.. ;-)

      කවියට බොහොම ස්තුතියි.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...