නිමිත්ත: දඩයක්කරුවෙකු නොවුවද තමන් දඩයක්කරුවෙකු වීම මැනවයි සිතූ අයෙක් අහසට දුනු දියෙන් අදිනලද සිය එකම හීය මුදාහරී.
පොතේ ගුරු:
"බලන්න මිත්‍රවරුනි ඔහුගෙන් අසා.. ඔහුගේ ඉලක්කය කුමක්දැයි"
ප්‍රේක්ෂකයෝ:
"අසිරිමත් පුරුෂය... ඔබ කුමන ආකාරයක දඩයක්කරුවෙක්ද? ඔබේ ඉලක්කය කුමක් වීද ?"
දුනු විදින්නා:
අවිනිශ්චිත බවින් දෙපස බලමින් මදක් නිහඬව පසුවෙයි. පසුව හිස කෙලින් කොට නිකට ඔසවා
"මම දඩයක්කරුවෙක්මි. මගේ ඉලක්කය....."
මද නිහැඬියාවක්..... සියල්ලන්ගේම කන් ඔහු දෙසටත්, විවරවූ දෙනෙත් ඔහුගේ මුවටත් යොමුවේ.
".....මගේ ඉලක්කය වුයේ අහසයි"
'ආඃ !'
සියල්ලෝම හුස්ම ඉහලට ඇදගත්හ, දඩයක්කරුවාද ඇතුළුව.
පොතේ ගුරු:
"ආහ් බලන්න ප්‍රේක්ෂකයිනි. ඔහුගේ විශිෂ්ඨ දඩයම් විලාශය."
සභාවේ මුනුමුනුවක් ඇසේ. දුනු විදින්නා එකවරම ගැස්සී පොතේ ගුරු දෙස බලයි. ඔහුගේ නළලත යන්තම් දහදිය දිලිසෙනු ආලෝකයට පෙනේ. නැවත ඔහු නිකට ඔසවා අභිමානවත් සිනහවක් නගයි.
"බලන්න ප්‍රේක්ෂකයිනි.. ඔහුගේ දඩයමෙහි ඇති විශිෂ්ඨ ස්වභාවය. ඔහු ඉලක්ක කරන්නේ අහසයි. කිසිවෙකුත්, කිසිම දඩයක්කරුවෙකු මෙලෙස මිට ප්‍රථම අහස ඉලක්කකර තිබෙනවාද?
විශිෂ්ඨයි දඩයක්කරුවාණෙනි ඇති විශිෂ්ඨයි.. එපමණක්ද එය ඔහු සතු එකම හීයයි එයින් අදහස් වන්නේ කුමක්ද? එනම් ඔහු ඔහුගේ එකම හීය ඉතාම වටිනා අරමුණක් කරා ඉතාමත්ම වෙහෙසකින් සියුම් අත්හදාබැලීම් රැසකින් පසු මුදාහරින්නට සිතූ බව නොවේද? නැතිනම් තම එකම හීය එසේ අපතේ හරින්නට කිසිදු දඩයම්කරුවෙකු පසුබට වනවා නේද? බලන්න ප්‍රේක්ෂකයිනි මේ ඔබේ විශිෂ්ඨ දඩයම්කරු දෙස! ඔහු තමයි මා දුටු සහ ඔබ දකින එකම සහ අවසාන අතිවිශිෂ්ඨ දඩයක්රුවන්ගේ පරම්පරාව. ඔබේ ගැලවුම්කරුවා. ඔව් ප්‍රේක්ෂකයිනි.. ඔහු තරම් විෂය පරිචය ඤාණයක් වෙනත් කිසිදු දඩයක්කරුවෙකු තුලින් මම මෙතෙක් දැක නැත්තෙමි. එය එතරම්ම කැපකිරීමකි."
කෙමෙන් සිය නිකට එසවෙන ප්‍රමාණයෙන් දුනු විදුම්කරුට පහල ප්‍රේක්ෂකයින්ගේ විශ්මය නොපෙනී යයි.
මුළු ප්‍රේක්ෂකාගාරයම මීයට පිම්බාසේ නිහඬ වනවිට එක කොනක සිටි පුංචි හැඩයක් ඇති පැටියෙකු උගුර පාදයි.
".. මේ... ඔබ මීටපෙර කවුරුන්වි සිටි අයෙක්ද?"
සියලු ඇස් ඔහු දෙසට එල්ලවන්නේ පිහි රැසක් මෙනි. හැකිලුනු දෙබැමවල් ඒ අතර වූ බැවින් පොඩි පැටියා ඉතිරි වචන ගිලගත්තේය.
පොතේ ගුරු:
"එවන් බාධා අපමණ ජයගෙන ඔබ වෙනුවෙන් දඩයම් කරන්නට ඔබේ මේ අද්විතීය දඩයක්කරු සුදානම් වනු ඇත. කරුණාකර ඔහුට බැසයන්නට ප්‍රේක්ෂකාගාරයේ මැදින් දෙපසට වී ඉඩ ලබාදෙන්න.!!!"
ප.ලි. :
මේ සටහන මට හමු උනේ පරණ පොත් අදිද්දී. මිට අවුරුදු දහයකට විතර පෙර ලියපු එකක්. මම හිතුවා බ්ලොග් එකේ දාන්න
දරුනු තේරුම තේරුම් ගන්න මං පොඩි වැඩි වගේ...
ReplyDeleteස්තුතියි කොමෙන්ටුවට!
Deleteසමහර වෙලාවට මගේ ලියවිල්ලේ අවුලක්මද දන්නෙත් නෑ. මම මේ සරුංගලයක සැකිල්ල විතරයි දුන්නේ, පාට කොළ ඇති හැකි ආකාරයට අලවගන්න පුලුවනිද මන්ද?
වැරැද්දක් නැහැ. සරුංගලේ කොල මං පාට් අටින් අලවනවා.. ආයේ කියෝලා, කලින් කොල ගලවලා ආයේ අලවනවා.. ඒත් මට හරිම පාට මොකද්ද කියලා තෙරුම් ගන්න බැරුව අතරමං වෙනවා. එතකොට මං හිතනවා මං තාම පොඩි වැඩි නිසා මේක තේරුම් ගන්න බැහැ කියලා.. අනික් අතට මං ලියන ඒවත් එහෙමයිනේ.. හී හී...
Deleteවටිනා පොයින්ට් එකක්!
Deleteමටත් ඕනේ කලේ එහෙම එකක් තමයි. ඒ කියන්නේ... මුල්ම අදහස ගම්‍ය උනාට පස්සේ ටිකකින් හිතෙනවා එතන වෙනත් අදහසක් ඇතිය කියලා. ආපහු මුල ඉඳන් හිතන්න අරගෙන වෙන අදහසක් ලියනවා. ඒකත් වෙනස් කරලා ආයෙමත් හිතනවා.. ඉතින් එහෙම කරන්නනේ ඉතින් මම සැකිල්ල හදලා දුන්නේ..
ස්තුතියි
ඔබේ ප්‍රථිභාව ගැන නොලියමි.
ReplyDeleteමේ ඔබ වෙතින් බිහිවූ විශිෂ්ඨතම නිර්මාණයද ?
සියුම් දුකකි! ඇයි මාවෙතින් මෙය නොලිය වුනෙ!?
පිළිගන්න; හද පිරි සතුට!
ස්තුතියි කොමෙන්ටුවට!
Deleteදුනු විදින්නෙක් තරම් දක්ෂ නැති උනත් ලියවිල්ලෙන් යමක් උකහාගන්නට පුළුවන් සටහනක් ලෙස දුටුවාට තවත් ස්තුතියි. සියුම් සතුටකි... මොකද තට්ටයාට පෙර මම ඒ බව ලියු බැවිනි.
ඔබේ කෝණයෙන් මේ සැකිල්ලට යමක් එකතුකරන්න කැමතිද?
සයිමන් නවගත්තේගමගේ සංසාරාරන්‍යෙයේ දඩයක්කාරයා කියවල ඉවර වුණා විතරයි..තවත් දඩයක්කාරයෙක්!!
ReplyDeleteදඩයක්කාරයන් එමට සිටී. සයිමන්ට අහුවෙන්නේ එකෙකි. මගේ කොලේ පැටලෙන්නේ අනිකෙකි. සයිමන් දුටු කෙනාට වඩා මෙහි දුනුවිදින්නා වෙනකොට ගත හැකිද?
Deleteපෙනෙනා ලෙස පැහැදිලිවම වෙනස්ය.. ඒ දඩයක්කාරයා සැරිසරන්නේ සතා සීපාවා ගැවසෙන වනන්තරේය මේ දඩයක්කාරයා සැරීසරනු ඇත්තේ මනුස්ස වනන්තරේය...ඒ දඩයක්කාරයා ඉලක්ක කරන්නේ කැලේ සතා සතුන්ය ගඩා ගෙඩිය මේ දඩයක්කාරයා ඉලක්කකරන්නේ හදවත් විය යුතුය..ඒ දඩයක්කාරයා තුවක්කුවෙන් වෙඩි තබන්නේය දුනුදිය අදින්නේය මේ දඩයක්කාරයා දුනු දිය අදිනුයේ වචනෙන් විය යුතුය...
Deleteඒ වෙනස බොහෝ සමානය !
Deleteහ්ම්ම් .. තේරුණේ නැද්ද මන්ද.. කොහොම උනත් කවි වලට බ්‍රේක් වැදිච්ච එක ගැන මට සතුටුයි.. අර බාගෙට ලියපු කතා ටික ඔහොමම ලියල ඉවරයක් කරලා දැම්ම නම් මොකද
ReplyDeleteතේරුනේ නැති බවත් තේරුම් ගන්න වෙනවා එහෙනම්. කවි වලට බ්‍රේක් ඇත්තෙම නැත. සාක්ෂි එමට !
Deleteපොතේ ගුරා ලා තමයි 'චරිත' හදන්නෙත් විනාශ කරන්නෙත්.. ඒ වගේම ඒවා ප්‍රශ්ණ කරන්න කෙනෙක් හිටියොත් ඒ පොඩි එකෙක් විතරයි.. :) කාගේ උනත් අපූරු කෙටි කියවීමක්. ස්තුතියි බෙදා ගත්තට..
ReplyDeleteඒ වගේමයි කමියා.. සමහරු පොතේ ගුරා නැතිනම් කළුවරේ වැටුණු මැණික් ගල් වගේ වෙනවා. සමහර පොඩි උන්, කියන තරම්ම පොඩිත් නැහැ... මතවාදය වශයෙන් ලොකුයි.
Deleteකාගෙහරි තැනකින් ඉස්සුවේ නැහැ ස්වාමිනි... මමම තමයි ලිව්වේ
හා කිව්වේ පොතේ ගුරාටද?
ReplyDeleteඔව් තරුණිය.. ඔබගේ මේ ප්‍රකාශනයට මා කැමතියි.. සඳහන් කල යුතුම දේ තමයි තරුණිය..... ඔබ මේ වචන තුලින් මතු කෙරෙන්නාවූ අදහස.. එය මගේ සිත් ගත්තා..
ReplyDeleteජයවේවා..!!
දඩයක්කරුවන් අතර ගොදුරු සැරිසැරිය යුත්තේ එසේ බව මමද අදහමි
Deleteබොහොම ස්තුතියි...
මා කල සේවය පමණ නොවේද මිතුරනි
ReplyDeleteඔබට සෙවන දුන් වළාකුළු දරා සිටියේ මමය...
ඔබට වැස්ස දුන් වැස්ස වලාහක දෙවිඳුන්
පිය නැගුවේ මා පපුතුරෙහිය..
ඔබේ මවට මෙන්ම මටද නිවනක් නැති බව
මා නොදැන නොසිටියෙමි.
එහෙත්
හීයකින් මා ලය සිදුරු කෙරුමට තරම්
අනුකම්පා විරහිත වීද
ඔබ හද
කියනු මැන
මෝඝ පුරුෂය
මුරුගසන් වරුසාව වස්සා
ඔබ වනසා දැමීමට පෙර.......
විදුනු හීයද,
Deleteහීයේ හිමිකරුද
අරමුණද මිස
වින්දිත අහස ගැන
ඔබේ සහකම්පනය
අපූරුය...
මම බලාගෙන හිටියේ උඩට විදපු ඊතලේ විදපු එකාගේ ඔළුවට කඩාපාත් වෙනකල්, කොහෙද...
ReplyDeleteසමහර ඊතල පහලට වැටෙන්නේ ඉහල බලා නොසිටින විටදීය.
Deleteමම දුටුවා ඔබ මට ආරාධනාවක් කොට ඇතිවග මාගේ අදහස එක් කරණලෙස කල. ස්තූතියි ඔබට! සංචාරකයෙකු විනා නොවෙමි මා විචාරකයෙකු. එහෙත් හැකිය විඳිනට රසවත් බව කලා කෘථියක. එය සම්මත හොඳ එකක් හෝ නරක එකක් දැයි මා නොදනිමි. එහෙත් හොඳ යැයි සම්මත බොහෝ දේ මමද විඳින්නෙමි. ඒ මගෙ රස නහර වලට ගැලපෙන්නේ නම්‍ය. එහෙත් එය නිර්මාපකයාගේ චින්තනයට ඉඳුරාම වෙනස්ව ගිය අදහසක් විය හැක. උදාහරණයක් ලෙසට “මෝනාලීසා” යනු මාහට තවත් එක ගැහැනු රුවකි සිරුරේ කිසිදු හැඩයක් නැති ! කලා ලෝකේ කෙළි කාරයින් එයට මේතරම් මැරෙණ්නට යන්නේ මන්දැයි මාහට සිතාගත නොහැක. ගුප්ත සිනහව! මෙවැනි රූප වෙන නැත්තේම නැත්ද? එය ඇන්ඳ අය හෝ ඇඳිනලද කාලය අමතක කල හොත් එය ගැන මට ඇති විෂේශත්වය ගැන කියන්නට දෙයක් නොමැත.
ReplyDeleteA4 කොලයක් ගෙන හොම්රන් පැස් කූරු දෙක තුනකින් ඒ මත අක්‍රමවත්ව අඳින ලද කුරුටු ගෑමක්; හොදින් ඝන ලෑල්ලකින් රාමු කරවා ; ප්‍රදර්ශනයකදී “ “අඳ ගොවියාගේ සිතුවිළි” නොඑසේනම් “වර්ණ !” වැනි නමක් යොදා මාර්කට් කල හැක. ප්‍රදර්ශන වලදී දින ගනන් උඩුයටිකුරු කොට එල්වා තැබූ චිත්‍ර ගැන අප අසා ඇත.
ප්‍රියාගේ “හෙට දවසේ අප දෙදෙනා …..” ගීතය පිළිබඳව විවරණයක් ලියන්නට විචාරකයෙකුට ආරාධනා කලහොත් මොන මොන දේ ලියයිද? එහෙත් එය ඇරඹෙන්නේ හුදෙක් ගල් බෝතලයකින් බව ප්‍රියා කියනා තුරු අප දැන නොසිටියෙමු.
කලා කරුවන් රැවුල් කොණ්ඩා වවා ඒවා නොපීරා සිටිය යුතු යැයි මතය සමාජ ගත වූයේ විප්ලවකාරයින් ද සිටිය යුත්තේද එසේයැයි මතය ඇතිවන්නට පෙරද පසුද යැයි මාහට සිතා ගත නොහැක. පත්තර කාරයින් සුරා සොඬුන් විය යුතුද ? බ්ලොග් ලියන්නන් දෙපිට කැපෙන කුණුහරුප ලිවිය යුතු යැයි මතයක් තිබේද?
ගීත වල යටි අදහස නැතිනම් යටි පෙල ; නව අර්ථකථන සැපයීමද නොඅඩුව දක්නට ලැබේ. “හිත මිතුරු සුළඟ ලඟ එන වැහි වළාවට කියන් …” එසේම “සඳකඩ පහනක …..” වැනි ගීතවලට නව අර්ථ කඨ්හන සපයා ඇති අයුරු පෙනෙන්නට තිබුනි. මේවා සමහරක් කියවා රස විඳිය හැකි හා කිසියම් තාර්කික බවක් ගැබ්වී තිබුනද බොහෝ ඒවා හුදෙක් පලහෑළිම විය !
ඇත්තෙන්ම මෙය නව ප්‍රවන තාවයක් නොවන්නේය.
මන්ද ; “අම්බලමේ පිනා - වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා - ඒකට මට හිනා ”
කවියද මීට බොහෝ කලකට පෙර මෙසේ නව අර්ථ කථන යාන්ත්‍රනයට හසුවී ගිය එකකි. “පුහුදුන් සත්වයා සංසාරය පුරා කර පින්නාගෙන ආ කෙලෙස ගෞතම නායිකයින් විසින් සුණු විසුනු කල සේක !” මේ එය අර්ථ කථනය කල අයුරුයි. මා එය දකින්නේ හැඩට හැදුනු ගසක් ලී මෝලකදී සෙලෙක් ගසා පිට පලු ඇර හත්‍රැස් කොට ලෑලි ඉරණ්නා සේය ! මෙහි වඩාත්ම කථාව වන්නේ “ගොනා” කියා ඇත්තේ ගෞතම නායක යන්නෙහි හැකුළුම Abbreviation ලෙස දැක්වීමය! ඇයි ඩෝල්ටන් අල්විස් (මතකය හරි නොවෙද ?) ලියන ලද “එගොඩහ යන්නෝ …….” ගීතයද මෙලෙස යන්ත්‍රානු සාරයෙන් බුදු ගුණ ගීයක් කල තවත් එක් අවාසනවන්ත අහිංසක නිර්මාණයකි!
cont....
Deleteසමහර විටෙක නිරමාපකයා මෙහිදී කිසිදු හැල හොල්මනක් නොමැතිව (ඇත්තෙන්ම මෙයට හරියටම ගැල පෙන වචනය වන්නේ “නොකර සද්ද!” යන්නය ) සද්දෙ වසා තම නිර්මාණයට ලැබී ඇති සුපිරි අර්ථකථන දෙස බලා සිටියි. එසේ මෙසේ පෘථග්ජන්යෙකු එළියට ඇවිත් “අනේ පිස්සුද බං ! මං එච්චර දෙයක් හිතාගෙන ලියපු මගුලක් නොවේ ඕක !” කියා කියන්නට එන්නේ නැත! එය හරියට ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණයට ඉල්ලද්දී “නව සමසමජ පක්ෂයෙන් ” ගැසූ පෝස්ටරය වාගේය! එහි ; එවකට මියගොස් සිටි විජය කුමාරතුංග විසින් කියන ලද්දක් සේ උපුටා දක්වා සිටි “ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තය හෝ අමෙරිකාවේ 51 වෙනි ජනපදය හෝ වීමට මා ඉඩ නොදෙමි ….!” යනුවෙන් වූ කයිවාරුව කිසිදා ඔහු ගේ කියමනක් නොවීය ! එය එය හුදෙක් වික්‍රමබාහු කරුණාරත්නගේ වචනය! අදහස්‍ය! ඔහුගේ මෙහෙයවීමෙන් මුද්‍රණය වූවකි! එහෙත් කිසිදු විජයගේ අනුගාමිකයෙකු “මෙහෙම දෙයක් අපේ විජේ මහත්තයා කියලනම් නෑ!” කියා කිව්වේ නැත! මන්ද ඔවුන්ද කැමති වූයේ විජය; “ටොන් 15 වේ ගල් රෝලක්” එවන් හරබර වැනි කථා කියනු ඇසීමටය!
මමද වරක් මෙවන්ම වූ සාහසික ක්‍රියාවක් සිදුකොට ඈත්තෙමි . දිනෙක එයලියා තබන්නම්.
මේ නිසාම නිර්මාණයක් වරගැන්විමේදී නො එසේනම් අර්ථකථන සැපයීමේදී තරමක් නොව බොහෝසෙයින් පරිස්සම් වියයුතුය.
එසේ නම් හරඹමු කියැවීම!
අප ඉපැදුනු දින සිට මියෙන දින දක්වාම කිසියම් දඩයමක යෙදෙමින් වන්නෙමු. එක් එක් ආකාරයේ දඩයම් පසුපස අප ලුහු බඳිමින් වන්නෙමු. ප්‍රේමයද එක් තරා දඩයමකි. ඇස ගැටේ. ලුහු බඳියි! ප්‍රයෝග යොදයි! වසන් වෙයි! සොයා ගනියි! ඉලක්කය ගනියි! ක්‍රියාත්මක වෙයි! පල නෙලයි! ඉන් සතුටු වෙයි! නො එසේ නම් දුක්වෙයි! තව කොයිතරම් ගැලපීම්ද?
තමා කල දඩයම නෝසේ නම් නෙලා ගත් ඵලය කොතරම් තමාට ගැලපේද? ඉන් තෘප්තිමත්ද?
ජීවිතයේ වරක් දෙවරක් තම සීමිතවූ ඊතල මෙහෙයවූ අයෙකු අවසනදී තම ප්‍රේමය අවකාශයට මුදාහරියි. එයට නියමිත ඉලක්කයක් නොමැත. අත්තේ අවස්ථාවක් පමණි. එය සැමගේ අවධානයට යොමු වූවද නොවූවද අවකාශය තුල එය සැරි සරයි. එහෙත් එහි වටිනාකමක් කිසිවෙකු නොගනී. මන්ද ඉලක්කයක් මත පතිතවන හීය හා කොපුවතුල ඇති හීය හැරුණු කොටගෙන අන් හී වලට කිසිවෙකු කවර කලෙකවත් වටිනාකමක් දී ඇතිද?
එහෙත් එහි වටිනාකම හඳුනාගන්නෙකු ලොව කොතැන හෝ සිටිනු ඇත. ඔහු එය ග්‍රහනය කොට ගනු ඇත කිසිදා එය බිම පතිත නොවන පරිදි!
බොහෝ දෙනෙකු තෘෂ්නිම්භූතව බලා සිටිද්දී මෙහි අරුමය දකින කිසිවෙකු ප්‍රශ්න කරණු ඇත!
"මෙයට පෙර ඉලක්කගත් ප්‍රේමයනට කුමක්වීද?
වෙදහාමිනේ - 'මායා...' කවුරු ලිව්වාද/ලිව්වාද නොදනිමි
Deleteහත්වලාමේ.. මේක මගහැරිලා. සමාවෙන්ට තට්ටයෝ..
මම ලියපු පුංචි දේට මෙහෙම අර්ථකතනයක් ලැබීම ගැන ඇත්තේ සියුම් ආඩම්බරයක් සහිත සතුටකි. මැණිකක් උනත් ආලෝකයක් වැටුනාම තමයි දිදුලන්නේ. ආලෝකය ඊට වඩා ප්‍රභල උනත් අපිට පෙනෙන්නේ මැණික විය හැකියි. ඔබ හොඳ ලියුම්කරුවෙක් බවට අවිවාදයෙන් පිලිගන්නම ඇති නේද මේ කොමෙන්ටුව!
Hats off Thattaya... ( ආ.. එහෙම කලාම තට්ටේ පේනවනේ!)
ඇත්තටම හරි අපුරුයි.... ඔබ කිව්වා වගේ මමත් වඩාත් කැමති සැකිලි නිර්මාණය කරන්න , ඔබ වගේ දක්ෂ නොවුනාට. එයින් හරි අපුරූ සිතුවිළි රසකට ඉඩ ලැබෙනවා.
ReplyDelete